මම විශ්වාස කරන දෙයක් තමයි, X කණ්ඩායම ගෙන ගිය චින්තන විප්ලවය දිගටම ගෙන ගියා නම්, මේ රට මීට වඩා ගොඩාක් වෙනස් වෙන්න පුලුවන් කියන දේ.

නගරයේ උසස් පාසලකට ගියපු සමාජයේ හැම තරාතිරකම උන් එක්ක මුහුන් වෙච්චි අප තුල කොහොමත් තිබුන චින්තනයට හඬක් ආවේ, X කණ්ඩායමේ ආගමනයත් එක්ක.

නමුත් ඒ කණ්ඩායම තුල වුන් ගෝත්‍රික ඇකඩමික් උගත්තු, උන්ගේ හීනමානය නිසා ඒක දාලා ගියාම ඒක සමාජයට අහිමි වුනා.

භාතිය සන්තුෂ් තරුණ ග්‍රාමිය පරපුර භාහිර පෙනුමින් වෙනස් කරන විප්ලවය ජයගත්තත් (කෙල්ලොත් ඩෙනිම් ගහන එක. මම මේකට කියන්නේ B&S ජීන්ස් විප්ලවය කියලා) ඔවුන් චින්තනයෙන් වෙනස් කරන විප්ලවය ඔවුන්ට හමු වුනේ නෑ.

එහෙම වෙනස් වෙන්න කැමති එකෙක් ඉන්නවා නම්, දැන් ආයෙත් ඔයාලට දීප්තිව කියවගන්න චාන්ස් එකක් සුදර්ශණ ගුණවර්ධන නයි ටී ඇන් එක හරහා සති අන්තයේ උදේ වරුවේ සලසලා දීලා තියෙනවා.

මෙහෙම ආරම්බයක් ගත්තේ... ජිප්සීස් සුනිල් අයියා සින්දුවකින්ම කියලා තියෙන විදියටම, නොරට ඉන්න උනුත්, ජීවිතේට නොරටක නොගියපු උනුත් හැම තිස්සෙම මතුරන, ලංකාවේ එහෙම උනත්, එංගලන්තේ එහෙම වෙන්නේ නෑ අනේ කියලා... දේශපාලුවන් හා රාජ්‍යය කින්ඩියට ලක් කරාට... ජනතාවත් ඊට එහා පොරවල් බව පෙන්නන්න ඕන නිසා.

ඒකට හේතුව අද උසස් පෙලට විෂ් කරපු එක මාතලන් විවේචනය කරන්නේ ඇයි, මොකක්ද ඒකේ වරද කියලා කීප දෙනෙක්ම අහපු නිසා. මම මේ මතයේ ඉන්නේ අද ඊයේ නෙමේ. ඒත් මගේ මේ මතය දියුණු රටවල පිලිගත් සම්මතයක් කියලා දැනගත්තේ මෑතක. ඒකට මට තියෙන්නේ ආඩම්බරයක්.

ඒ පසුගිය සතියේ පුවත්පත් මණ්ඩලය මෙහෙයවපු zoom forum එකකදි අදහස් දක්වපු මෙල්බර්න් විශ්ව විද්‍යාලයේ චරිත දිසානායකගෙ අදහස් දැක්වීමෙන් පස්සේ.

ඔහු කියන විදියට ඔස්ට්‍රේලියාවේ දෙමව්පියන්, දරුවෝ වැඩිහිටියෝ වෙනකන් දරුවන්ගේ ඡායාරූපයක්වත් දෙමව්පියන්ගේ සමාජ මාධ්‍ය ගිණුම්වල දාන්නේ නෑ. ඉතින් දරුවන්ගේ විභාග හා ඇචීව්මන්ට්ස් වැනි පෞද්ගලික දේ කොහොමත්ම දාන්නේ නෑ. ඒක ළමා අයිතිවාසිකම් වලට කරන ගරු කිරීමක්.

මේක ඇත්ත. මොකෝ පිටරටවල ඉන්න ගොඩාක් මිතුරන් තමන්ගේ දරුවන්ගේ ෆොටෝ පබ්ලිෂ් කරේ දරුවෝ වැඩිහිටියෝ වුනාට පස්සේ.

ඊට පස්සේ අන්තර්ජාලයෙන් මේ ගැන සොයා බැලුවම ගොඩාක් දියුණු රටවල තත්වයත් ඒකයි.

ඒත් ඉතින් මෙහේ දෙමව්පියන්ට තියෙන්නේ තමන්ට ලබා ගන්න බැරි වූ තත්වය දරුවන්ගෙන් හෝ ලබාගන්න උත්සාහ කරන තරඟයක්. එරියස් කවර් කිරීමක්.

මේ රටේ දෙමව්පියන් දරුවන්ට දෙන්නේ සුලුපටු ප්‍රෙෂර් එකක් නෙමෙයි. ඒක ශිෂ්‍යත්වය ලියලා එලියට එන දරුවන්ගේ මුහුණෙන්ම පේනවා. ඇත්තටම ඒ කුඩා මොළවලට දෙන ප්‍රෙෂර් එකට මාසයක්වත් නිවාඩු දෙන්න ඕන රජයෙන්.

පාසල් ළමුන් පවා අධි රුධිර පීඩනයෙන් මෙන්ම දියවැඩියාවෙන් පෙලෙන්නත්, මත්ද්‍රව්‍ය මත්පැන් වලට යොමු වෙන්නත්, සියදිවි නසාගැනිම් වැඩි වෙන්නත් හේතු මේවා. මේවා සමාජ විද්‍යාඥයින් පවා නොදකින දේ. එහෙම දකින්න තරම් බුද්ධිමත් විද්‍යාඥයෝ මේ රටේ ඇත්තෙත් නෑ.

නිකමට කල්පනා කරන්න මෙහෙම පෝස්ට් එකක් දරුවා දැක්කොත් දරුවට එන ප්‍රෙෂර් එක. අඩේ අම්මා තාත්තා මේක ජාත්‍යන්තරේටත් ගෙනිහින් ... පාස් නූනොත් විනාශයි කියන මානසික පීඩනයකින් දරුවා මුළු විභාගෙම ලියන්නේ. ඉතින් ඉහළින්ම පාස් වෙන දරුවත් දෙමාපියන් ඉල්ලපු ප්‍රතිපලේ නැත්නම් එල්ලිලා මැරෙනවා.

එක අතකින් චන්දෙ ඉල්ලන්න CV එක බුකියේ ප්‍රසිද්දියේ දාන නව පරපුරේ රෝන්ග් ජෙනරේෂන් එකක් සිස්ටම් වෙනස් කරන්න යද්දි, අර මිඩ්ල් ක්ලාස් ළිං මැඩි ගම් කබර දෙමව්පියන් ගන්න ආතල් එකේ වැරද්දකුත් නෑ..

මේ පීඩනය ගැන සෝමලතා සුභසිංහ මැතිනිය අපූරු වේදිකා නාට්ටියක් කලා අපි පොඩි කාලෙම. ඒකෙන් තමයි චාන්දනි සෙනවිරත්න නිල්මිනී සිගේරා ක්ෂේශ්ත්‍රයට එන්නේ. ඒකේ අන්තීමට නිල්මිනී සිගේරට පිස්සු හැදෙනවා. ඒකේ නම විකෘතී.

මේවා දෙමව්පියන්ට පෙන්නන්නම ඕන නාට්‍ය. ඒත් දැන් පෙන්නන්නේ අමු තිත්ත කුණුහබ්බ.

මේක සෑම අතින්ම බංකොලොත් රාජ්‍යයක් සාන්ත...

ස්වස්ථි සිද්ධම් ....!!!!!

 

@Priyantha Hewage Maathalan ෆේස්බුක් පිටුවෙන්.

 

සෝමලතා සුබසිංහගේ විකෘති නාට්‍යයේ ගීතයක්.. පහතින්. 

.

නවතම ලිපි