චම්පිකගේ වරිග කතිකාව කුඩුසංසාර වී
රනිල්ගේ ගෝලීය ඇල්ගෝ-රිදමික කතිකාව හිස එසවීම ...

21ව ශතවර්ෂයේ නව-නූතන ලකේ දේශපාලනාර්ථික ප්‍රකාශනය - 02වන කොටස

(පසුගිය සතියක් හා බැඳේ)
 

ඔයාල දන්නවද, දැනට වසර 10,000ට කලින් මේ මුළු පෘථිවි ගෝලයේ බහුතරයක් මනුස්ස-සත්තු හිටියේ කොහොමද කියල?

ඔවුන් හිටියේ මහා ගංගාවලට ආශ්‍රිත වෙලා. ඔවුන් හිටියේ එකිනෙකා අතර පවතින අනවරත ආවේග, හැඟීම්, කුළුපගකම්, සංවේදන සහිත සමූහ සවිඥානක්ත්වයකින් සහ-සම්බන්ධ වෙලා.

ඒ හින්ද එකිනෙකා අතර වෙන්කරගත්තු රහස් ඒ උදවියට තිබුණේ නැහැ. තිබුණ නම් ඒවා නොසැලකිය යුතු තරම් අවම යි.
 


ඒ මානව ජීවිතයට බලපෑමක් කළ හැකි කිසිදු රහසක් තිබුණේ නැහැ. ඒ නිසා අවිඥානය කියල දෙයක් තිබුණේ ම නැති තරම්. හැමෝම හැමෝවම දන්නා නිසාත්, ඒ දවස්වල මූලික අවශ්‍යතා වූ අහාර, දෛනික ක්‍රීඩකත්වය සහ ලිංගික මෙථුන්‍ය නිරායාසීව සැපිරිලා තිබුණ නිසාත්, සිතීමේ භාෂා-ව්‍යුහ වචන කිහිපයකට සීමා වූ ඉතා ඇබිති ඒවා වූ නිසාත්, පුද්ගලිකත්වය අභ්‍යාසයට නොගත් සහ නොදත්තා වූ දෙයක් නිසාත් මෙවන් කුඩා ජන-කණ්ඩායම් වල සිටි මානවයින්ගේ ඇතුළාන්තයේ අවිඥානයක් ගොඩනැගෙන්නට අවශ්‍ය කිසිදු ඓන්ද්‍රීය වාස්තවික තත්වයක් සැපිරිලා තිබුණේ ම නැහැ.

කොටින්ම කියතොත් සිග්මන් ෆ්‍රොයිඩ්, ජීන් පියගෙට් (Jean Piaget) ඇල්බට් බන්දුරා (Albert Bandura), ලියොන් ෆෙස්ටින්ජර් (Leon Festinger), විල්යම් ජේම්ස් (William James), අයිවන් පාව්ලොව් (Ivan Pavlov), කාල් රොජර්ස් (Carl Rogers) වැනි නූතන මනෝ-විද්‍යා විෂයවේදීන් හෝ, නව ෆොයිඩ්වාදීන් වූ කාල් ජුන්ග් (Carl Jung) සහ ඇල්ෆ්‍රඩ් ඇඩ්ලර් (Alfred Adler) වැනි නූතන වර්ධනීය මනෝවිශ්ලේෂී මනෝ-විෂයවේදීන් හෝ, නිකොලස් ඒබ්‍රහම් (Nicolas Abraham), සැල්මන් අක්තාර් (Salman Akhtar), ෆ්‍රාන්ස් ඇලෙක්සැන්ඩර් (Franz Alexander), ලුයී අන්ද්‍රේ සැලොමේ (Lou Andreas-Salomé), ඩිඩර් අන්සියු ( Didier Anzieu), මිචෙල් බැලින්ට් (Michael Balint) වැනිවූ විකල්ප නූතන මනෝවිශ්ලේෂනවේදීන් හෝ, මෙලනි ක්ලේන් (Melanie Klein), ඩී.ඩබ්ලිව් වින්නිකොට් (D. W. Winnicott), ජකූස් ලකොන් (Jacques Émile Lacan), ජුලීයා ක්‍රිස්තෙවා (Julia Kristeva) වගේ නව-නූතන ලෝකයඨ අදාළ කරගෙන ඇති මූලික මනෝ-විශ්ලේෂනවේදීන් හෝ මේ වසර 10,000ට පෙර යුගයේ හිටියා නම්, ඔවුන්ට කරන්නට ජොබ් එකක් නැත.

 

ඒකට හේතුව මෙකී සහ නොකී සියළු මනෝවේදීන් හැදෑරූ වස්තුව (Object) වූ “අවිඥානය” (Unconscious) එකල නොතිබූ නිසා යි. ඉතින් අවිඥානය වස්තුව කරගෙන ගොඩනැගුනු කිසි ම විෂයක් (Subject) මේ පුර්වතම යුගයේ මිනිස් ජීවිතයට අදාළව වුණේ නැහැ. එයින් මනින්නට යෑමෙන් ඵලක් වෙන්නේත් නැහැ.

නැති දෙයක් අදාළ කරගන්නට උවමනා නැහැනේ.

ඉතිං පූර්වතම යුගයේ සනීප කරන්න මානසික ලෙඩ්ඩු හිටියෙ නැහැ. මොකද මානසික ලෙඩ හදා දෙන අවිඥානයක් සමාජයට තිබුණේ නැහැ. ඒ නිසා මානසික රෝග කියන දේවල් එකී කාල-අවකාශය තුළ නො-යතාර්ථයක්, එනිසා ම නො-දත්තක්.



ඒ නිසා යටකී මනෝ-විශ්ලේෂනික සදාචාර රීති අනුගමනය කරන වෘත්තීය මනෝ-විෂයවේදීන්ගෙන් අයෙක් වසර 10,000ට පෙර පැවති යථාවකට ආසන්නත ම යථාවක ජීවත්වන ජන කණ්ඩායමක් වනාන්තර ඇසුරෙන් හෝ සොයාගනු ලැබුවහොත්, එම වෘත්තීයවේදීන් පළමුවෙන් ම කරන්නේ තමන්ගේ විෂයට හසු නොවන මේ ජන ඉම් පෙදෙස ප්‍රති-ගවේශනයක් කිරීම මිස, තමන් මනෝ-විශ්ලේෂනය විෂය උඩදාන්න ගිහින් මේ ප්‍රාථිමික මානවයින් සම්බන්ධයෙන් සංදර්භ විරෝධීව හැසිරීම නොවේ.

ඒ නිසා මනෝ-විශ්ලේෂන න්‍යාය භාවිතය යනු එකී විෂය යොදාගත හැකි ඉම් පෙදෙසක පමණක් සිදුකළ යුතු වීම විනයකි.

එලෙස ම මනෝ-විශ්ලේෂනයට භාජනය කල හැකි ඉම්-පෙදෙසක වෙසෙන මිනිසුන් සම්බන්ධයෙන් වුව ද සායනයක් තුළ පමණක් සිදුකළ යුතු ප්‍රායෝගික හෙළිදරව් කිරීම්, පොදු ජන මාධ්‍යයකින් හෙලිදරව් කිරීම හෝ, විශ්ලේෂණය කිරීම හෝ ප්‍රතිකාර කිරීම හෝ අදාළ මනෝවේදී විෂයට සහ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිර්මිත කළ මනෝ-විශ්ලේෂන විනය නීති රීතිවලට පටහැනි වේ.

ඒ නිසා අනුවර්ත නාමයකින් පෙනී සිට හෝ වින්දිතයාගේ නම ද වක්‍රව භාවිතා කොට රොහාන් පෙරේරා නැමැත්තා විසින් සිරිමල් විජේසිංහගේ පුද්ගලික මනෝ-විශ්ලේෂනික තත්වයකට අදාළ ජීවන තොරතුරු අර්ධ මනෝ-විශ්ලේෂනයකට බඳුන් කළ ලිපියක් මාතොට සඟරාව තුළින් පොදු සමාජයට හෙළිදරව් කිරීම විෂය-විරෝධී සහ මානව-විරෝධී වේ. එලෙස ම අන්තර්ජාතික මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් වේ.


ඒ 1946න් පසුව ඉහළ යහපත් සෞඛ්‍යය යන්න මානව හිමිකමක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය පිළිගෙන ඇති නිසාවෙනි. මානව හිමිකමක් දැරීමට මනුෂ්‍යයෙකුට ඇති එක ම සුදුසුකම ඔහු හෝ ඇය මානවයෙකු ලෙස ඉපදීම පමණි.

එලෙස ම රොහාන් පෙරේරාගේ සමස්ත සමාජමය ජීවිතය පිටුපස ඇති සායනික මනෝ-විශ්ලේෂන විනය තුළ විසඳිය යුතු පුද්ගල මනෝ-ලිංගික මානසික සංකීර්ණතාවකට අදාළ ජීවන තොරතුරු ලන්ඩන් සඟරාව හරහා දීප්ති කුමාර විසින් නිර්දය ලෙස හෙළිදරව් කිරීම ද විෂය-විරෝධී සහ මානව-විරෝධී වේ.

එලෙස ම එය අන්තර්ජාතික මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් ද වේ.

ඒ 1946න් පසුව ඉහළ යහපත් සෞඛ්‍යය යන්න මානව හිමිකමක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය පිළිගෙන ඇති නිසාවෙනි. මානව හිමිකමක් දැරීමට මනුෂ්‍යයෙකුට ඇති එක ම සුදුසුකම ඔහු හෝ ඇය මානවයෙකු ලෙස ඉපදීම පමණි.

කාටහරි මේ කියන කාරණාව ගැන කුකුසක් හෝ විචිකිච්චාවක් ඇත්නම් වහාම ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියාට හෝ එහි මනෝ-විෂයවේදී ආයතනාංශයට කෝල් එකක් දී වෙරිෆයි කර ගන්නවා මිස මේ සෑබෑ තොරතුර තමංගෙ හිත ඇතුළෙ එඩිට් කරගෙන නොවුනා සේ සිටීම හොඳ නැත. මන්ද සත්‍ය විෂය භාවිතයන් අවභාවිතයේ යෙදවීම නොදැක්කා සේ ඉඳීම ද එතරම් ම මානව-විරෝධී කටයුත්තක් වන නිසා ය.

මේ වින්දිතයින් දෙදෙනාම අදාළ විෂය අවභාවිතයේ යෙදවීමට ගොදුරුවීමෙන් පසුව ගෙවූ මානසික ජීවිතය නිරීක්ෂණය කළහොත් සිදුව ඇත්තේ කුමක්දැයි තෙරුම් ගැනීමට නිවැරදි කියවන්නකුට හැකි වෙනවා ඇත. දැන් ඊට වගකියන්නට පාර්ෂවයක් නැත.

සායනික නොවූ ඩැමේජ් මනෝවිශ්ලේෂන ක්‍රමවේදය හෙවත් මේ පාතාල මනෝවිශ්ලේෂන කළ පාර්ෂවයන් දැන් අඥාත ය. අත පිහදාගෙන ය.

ඔය ලක් කෙදෙව්වේ සිද්ධ වූ සහ සිද්ධවෙමින් පවතින අවභාවිත ලැයිස්තුවෙන් උදාහරණ 02ක් පමණි.  

ලොව පාලනය කරන අකාබනික ඇල්ගෝ-රිදමයන් පවා මානුෂ්‍යයා ප්‍රසිද්ධියේ මනෝ-විශ්ලේෂණය නොකිරීම සහ සායනික තොරතුරු හෙළිදරව් නොකිරීම යන විනයට යටත් වෙයි.

අනෙක් පැත්තෙන් අතිශය සායනික නොවූ සමාජ-මනෝවිද්‍යාත්මක විශ්ලේෂනයකට පවා තොරතුරු එළිදරව් කිරීමට ඒ වින්දිතයාගෙන් අවසර ගත යුතු ය. එලෙස ම සාමාන්‍ය ජන ජීවිතයක් තුළ ජීවත් වෙන පුරවැසියන් ගත් කළ, මනෝ-විශ්ලේෂන ප්‍රතිකාර ලබාගන්නවාද නැතිද කියා තීරණය කිරීමේ අයිතිය ඇත්තේ ද රෝගයට පත්ව ඇති පාර්ශවයට පමණි.

මෙසේ මනෝවේදී විෂය අවභාවිතා කළ නායකයින් සිටින මොන සමාජ කණ්ඩාමක සාමාජිකයෙකුටවත් ඊළඟට සිද්ධ වන විනාශය ගැන මෙතෙක් කවුරුත් වගකියා නැත. ඉදිරියට එසේ නොකරනවාය කියා සහතිකයක් ද නැත.

ඒ නිසා නිසා දැනුම කෑදරකම නිසා හෝ නව-වමක් හදාගන්න ඕන නිසා හෝ සමාජයට සේවය කරන්නට කියා හෝ ඔය කන්ඩායම්වලට සම්බන්ධ වන කිසිවෙකුට තමන්ට අනාගතයේ සිදුවන ඩැමේජ් වෙනුවෙන් වගකියන්නට කෙනෙක් ඇත්තේ නැත.

ඒ නිසා ප්‍රවේසමෙන්! මනෝ-විශ්ලේෂනවේදී ආයතන සහ රාජ්‍ය ආරකෂක පද්ධතිය සහසම්බන්ධ රටක් වන ප්‍රංශය වැනි රටකදී නම්, මෙය අවනීතික භාවිතයක් නිසා ඔවැනි නායකයින්ට නිදැල්ලේ හැසිරෙන්නට රාජ්‍යය ඉඩ දෙන්නේ නැත. 

 

ඒ නිසා සායනික විනයක් නැතුව කොළඹ නගරයේ සහ ඊට තදාසන්න පෙදෙස්වල තේකඩ, පෙට්ටිකඩ සහ හැම කාණුවක් බෝක්කුවක් ගානෙ ම සරන ජනයාගේ සහ නන්ත්තාර වූ මධ්‍යම පංතික නව-යොවුන්  ජනයාගේ නොදත්කම දඩමීමා කරගෙන, ආර්ථිකව සහ දාර්ශනිකව ඔවුන්ගේ බොටුව කන අතරේ, සායන-සදාචාරයට-විරෝධීව මනෝ-විශ්ලේෂනය කරන්නට තතනන්න ගිහින් නිරපරාදේ ඔවුන්ට ඩැමේජ් කරදමා තව තවත් රෝගී කරවපු සහ මේ වන විටත් කරවමින් සිටින ලංකා-මානව-විරෝධී අයාලකාමී බුද්ධි චෞරයන්ගෙන් කෙනෙකුව බැරිවෙලාවක්වත් ටයිම් ටනල් එකකින් වසර 10,000 පසුපසට අරන් ගියහොත්, මේ චෞරයන් කියන කරන දේවල් අර අව්‍යාජ මානවයන්ට නොතේරී, ඔවුන් මුළින් ම කරන්නේ බඩවැල් අල්ලාගෙන මුන්ට හිනාවීම ය.

ඉන්පසුවටත් තව කටගහගෙන එලෙස ම කියවනවා වැඩි නම්, “මූ මෙච්චර කියවන්නේ බඩගින්න නිසා” යැයි දුක සිතී තමන් නෙලාගත් ඵලවැල ටිකක් සහ දඩමස් ටිකක් වැඩිපුර කන්නට දෙනවා ද ඇත. ඒ කරලත් කයිය නවත්තන්නේ ම නැතිනම්, තමන්ලා අතර ඉන්න ඉතා හුරුබුහුටිම නෑම්බියක් දී ලිංගික රජස් චලනය කරගන්නට ද පහසුකම් සලසා දෙනවා ඇත.

මොකද ඒ කාලයේ මානවයින් තමන් අතර යම් අතෘප්තිකර එකෙක් ඉන්නවා නම්, ඊට හේතු වශයෙන් දුටුවේ, ආහාර, ස්ව-ක්‍රීඩකත්වය සහ ලිංගික මෙථුන්‍ය වගේ ප්‍රථමික දේවල් අහිමිවීම යි. ඒ කාලාවකාශයහි තව වසර දාහක් හෝ දෙදාහක් වර්තමානය දෙසට ආවොත්, හීනමානී හැඟීමෙහි න්‍යෂ්ටික ඇබිති පදනම බිහිවීමේ අවදිය හඳුනාගත හැකි ය.

එහිදී ඇඟ කෙට්ටුවීම හෝ වඩා-මහතවීම හෝ ප්‍රමාණයෙන් අසාමාන්‍ය ලෙස කුඩාවීම හෝ  අංගවිකලකම නිසා හෝ ආහාර, ස්ව-ක්‍රීඩකත්වය සහ මෛථුන්‍ය තනිවම කරගන්න බැරි නිසා හෝ ඒවා ඇරියස් වීම හරහා අති-සුළුතරයක් අතර “හීනමානීකම” කෙමෙන් පැතිරුණු බව දැකිය හැකි ය. නූතන යුගයේ දී දුප්පත් රාජ්‍යයන් ඇතුළේ මේ හීනමානීකමේ උපරිමය දැකිය හැකි ය.

 

මෙවන් හීනමානකාරයෙකුට හෝ හීනමානකාරියකට බුද්ධිමතුන් ලෙස පෙනීසිටිමට සමාජ අවකාශයක් දුප්පත් රාජ්‍යයන් ඇතුළේ තිබුනා වුණත්, වසර අට නවදාහකට කලින් අව්‍යාජ මානවයෝ මුන්ව දැක්කේ උදව් කළ යුතු අසරණයන් ලෙසට යි. එලෙස ම නව-නූතන සංවර්ධිත රාජ්‍යයන් ද මොවුන් ව දකින්නේ කවුන්සිලින් කර පුනරුත්ථාපනය කරගත යුතු පුරවැසියන් විදිහට ය.

 

අනික් පැත්තෙන් තම ජීවිතයට අයාකාලකාමී පාදඩකරණ ආරක් වැළඳගෙන සිටි මේ නූතන ලකේ සුළුතර උදවිය විරුද්ධ-ලිංගිකයා ඉදිරියේ චින්තනමය සෙවල පෙරාගෙන ගොස් අතරමගදි කෙලවාගෙන ලිංගිකව වියලි බවට හැරීමෙන් අපෙක්ෂාභංගත්වයට පත්වී,  රවුමේ ගොස් හිටපුතැනට ම නැවත ඒමේ තනිකම් චක්‍රයකට වරින් වර ගොදුරුවෙමින් ඇති බව ද පෙනේ.

ඒ චක්‍රය විමසා බැලුවහම පේන්නේ, මේ අවනීතිකයින් නොනිල මනෝ-විශ්ලේෂණ දැනුම කියන උපකරනයක එල්ලී ඇත්තේ ද සංකීර්ණ හේතුවකට නොවන බවයි. එනම් අරවැනි ම වූ ආහාර, ක්‍රීඩකත්වය සහ ලිංගික මෙථුන්‍ය අවස්ථා හෙවත් ප්‍රාථමික ජීව-විද්‍යාත්මක අවශ්‍යතා ඉටුකරගන්නට බැරිව ඇරියස්වී හුඟ කලක් පාරවල් ගාණේ බඩගින්නේ රස්තියාදු ගැසීමට වීමෙන් හටගත් මූල්‍ය සහ සංස්කෘතික දුප්පත්කම නිසාය ය.

ඒ නිසා, ලංකාවෙ 80 දශකයේ සාමාන්‍ය මිනිස්සුන්ට ප්‍රතිකාර දෙන්න කියා පැමිණි මේ චෞර මනෝ-විෂ්ලෙශකයින් හෙවත් අර්ධ-රෝගීන්, වසර 10,000ක් පස්සට යවල අතිපුරාණ කාලාවකාශයනට ඇත්තට ම  යැව්වොත්, එයාලට වෙන්නෙ මානවයින්ගෙන් ප්‍රතිකාර ගන්න. හරියට “කාස්ට් අවේ(Casat Away)” චිත්‍රපටියෙ කතානායකයට වුණා වගේ හුදෙකලාවක් තමයි එයාලට ඇතිවෙන්නෙ.


 

ඇත්තට ම දැන් දේශපාලන සුළු-කූඩාරම් අටවන් ඉන්න මේ කූට මනෝ-විශ්ලේෂන චෞරයින්ට කවුරුහරි අර කියපු ප්‍රාථමික උවමනා ටික උපරිමයෙන් සැපිරුව නම් ප්‍රශ්න ඔක්කොම ඉවරයි. මෙයාල භාෂාවෙන් මාර සංකීර්ණ මානවවාදී මිනිස්සු වගේ ලෝකෙට පරකාසෙ දැම්මට, හැබෑ ලෝකයේ අති පුරාතන මානවයින්ගේ තරම්වත් භාවිත මනුස්සකමක් නැති ප්‍රතිකාර ගතයුතු තරමේ බොළඳුන්.    

ඉතින් වසර 10,000ට කලින් මේ ලොව මනුස්ස සතුන් හිටියේ මහා-ගෝත්‍රයන් තරමටවත් සංවිධානය නොවූ ඉතා ම පුංචි පූර්ව-ගෝත්‍රික නිදහස් කණ්ඩායම් විදිහට. නව-නූතන ජෛව-විද්‍යා සහ ජාන-ඉංජිනේරු-විද්‍යා සොයාගෙන ඇති පරිදි ද මනුස්ස සතෙකුට එක කාලවකුවානවකදී මතකයේ රඳවාගනිමින් නිරායාසීව ඇසුරු කළ හැකි උපරිම මිනිසුන් ප්‍රමාණය 150ස් දෙනෙකි. ඊට වඩා ඇසුරු කරනවා නම් වෙන්නේ, ආයාසයෙන් ඇසුරු කරන්නට යි.

ඒකෙන් වන්නේ වෙහෙසක්. ආයාසය හැමවිට ම වෙහෙසක්.

ලොව භාෂා-ව්‍යූහයන් ප්‍රමාණයෙන් වැඩී විසිරී ගිය පොකුරු ලෙස පැතිරී සංස්කෘතික පද්ධතීන් තනාගනිමින් වර්ධනය වූයේ මිනිසාට ජීවවිද්‍යාත්මකව ඇසුරු කළ හැකිවූ මේ 150ක ප්‍රමාණ වූ මිනිසුන් සීමාව ඉක්මවා ගොස් තවත් වැඩි මිනිසුන් ප්‍රමාණයක් හා සබඳකම් පැවැතිවීමට මිනිසා තුළ ඇතිවූ අභිලාෂය නිසයි.

ඉතිං අර පූර්ව-ගෝත්‍රික කාලාවකාශයේදී ලොව ජීවත් වූ මුළු ජනගහන ප්‍රමාණය මිලියන 6ත් 10ත් අතර ප්‍රමාණයකට වැඩිය වුණේ නැහැ. ඉතිං වර්ගකිලෝමීටර් 50ත් 500ත් අතර ප්‍රමාණයක හැම විටම වාගේ මානවයින් 100ක් හෝ ඊට අඩු ප්‍රමාණයකින් සැදුම්ලත් කුඩා මානව-රෑනක් හෙවත් රැලක්( යැරා) තමයි ජීවත් වුණේ.

දැනට සොයාගෙන ඇති පරිදි එවන් කණ්ඩායමක සාමාමිකයෙක් තවත් එවැනි ම කණ්ඩායම් අතර මිනිසුන් මුළුමනින් හඳුනාගෙන හිටියේ නැහැ. සමහරවිට ජීවිත කාලය පුරාවට ම එසේ හඳුනාගැනීමට උවමනාවක් ඇති වුණෙත් නැහැ. ඒත් මානව නිසඟයේ ධාරිතාව අනුව ඒ වකවානුවේදී “150ක් හෝ ඊට අඩු ප්‍රමාණයක් ඇසුරු කිරීමට” හුරුව හිටපු හින්දා, මෙවන් කණ්ඩායමක් ඇතුළේ හිටපු මනුසත්තු හැමෝම හැමෝවම දැනං හිටිය.

ඒ වගේ ම හැමෝ ම ජීවත් වුනේ අනෙක් මනුෂ්‍යයා කෙරෙහි වන අවිහිංසක සතුටකින්. ඒ කියන්නේ අනික් එකා සතුටින් තැබීම තුළ සතුටුවීමේ සතුටින්. ඉතිං හැමෝම සතුටින්.


ලක් කොදෙව් වැසි භාෂා වහරට අනුව කියනව නම්, ඒ උදවිය හිටියේ පුංචි වරිග රැලවල් විදිහට. ඒ කියන්නේ, අද කාලේ වගේ උඩින් ඩ්‍රෝනර් එකකින් පින්තූරයක් ගන්න පුළුවන්කම තිබුණ නම්, අපිට හසුකරගන්න පුළුවන් වෙන්නේ මේ වගේ තැනින් තැන විසිරී පවතින මේ පුංචි රැලවල් (Pre-Tribal Clan) (සුළු-කණ්ඩායම්) රාශියකින් සැඳුම් ලත් පූර්ව-ජාතියක් (Pre-Nation) හෙවත් මහ-වරිගයක ((Pre-Tribal Clan) තත්වයකටවත් පත් නොවූ තැනින් තැන වෙන වෙනම ජීවත් වන විසිරි ජනසන්නිපාතයකුයි.


මෙවන් කුඩා කන්ඩායමක් අනෙක් වරිග කණ්ඩායම් සමඟ ලොකු සම්බන්ධයක් නැතුව හෝ අවම සම්බන්ධතා ඇතුව හෝ ගංගා නිම්න ආශ්‍රිතව ජීවත් වුණා.

මේ එක් කුඩා වරිග කණ්ඩායමක් හෙවත් රැලක් ඇතුළේ හිටියේ සාමාජිකයින් 100ක් හෝ ඊට අඩු බොහොම සුළු ප්‍රමාණයක් හින්ද හැමෝම හැමෝමව ම දන්නව. ඒ කියන්නේ දිනපතා නොවැරදී හමුවෙනව. ඒ හින්ද ඒ වරිග රැලක් ඇතුළේ පුද්ගල රහස් තිබුණේ ම නැති තරම්. එක්කෙනෙක්ට තවත් කෙනෙක්ට විරුද්ධව කේලමක් කියවුණෙත් නැති තරම්.

 

මේ උදවිය කතා කළේ සහ ඇහුම්කන් දුන්නේ තමන්ගේ එදිනෙදා ප්‍රායෝගික ජීවිතේ හා බැඳුණු වචන කිහිපයක ඇබිති භාෂා ව්‍යූහයක් හරහා විතරයි. එක රැලකින් අනික් රැලට භාෂා දෙකක් අතර ලොකු වෙනස්කම් තිබුණෙත් නැහැ. ඒ හින්ද මේ ගෙවෙන කාලය හා සැසැදුවහම වරිග වැසියෙකුගේ කටින් බොරුවක් කියන්නට ඉඩක් තිබුණෙ නැති තරම්.

 

මේ වරිග රැලවල්  විශාල වශයෙන් ජීවත් වුණේ දැවැන්ත ගංගා ආශ්‍රිත නිම්නවල. ඒ කියන්නේ ඉන්දු නිම්නය, නයිල් නිම්නය, යුෆ්‍රෙටිස් නිම්නය ඇතුළු තවත් මහා නිම්නවල. මේ ගංගාවන් සහ නිම්නයන් අතිවිශාල ඉම් පෙදෙස් හින්දා, ගඟේ සහ නිම්නයේ තරම අනුව තමයි වරිග රැලක ඇති වරිග-ගුණය සහ ප්‍රමාණය තීන්දු වුණේ.

ගඟක ප්‍රමාණය සහ ගුණය හසුකරගැනීමටත්, ඒ ගගඟට මුහුණ දීමටත් ඇති ප්‍රායෝගික හැකියාව වඩවාගැනීමට වැඩිපුර ඉඩ-අවකාශ ලැබුණේ අදාළ නිම්නයන්වල ගං ඉවුරට ආසන්නවම දිවිගෙවූ කණ්ඩායම්වලට යි. ඔවුන් නිතරම ගඟෙහි ඵල සහ සශ්‍රීකත්වය සේම ගඟෙන් එන අනතුරු ද පළමුව භුක්ති වින්ද අයයි.
 
ඒ නිසා එයින් තවත් වසර 5000ක් ගෙවී ජාතීන් ලෙස ගොණුවෙන්නට නියමිතව සිටි මේ මිනිස් කන්ඩායම් සමස්තයකින් හැදෙන ජාතියකට නායකත්වය දුන්නේ ගංඉවුරට ආසන්න අත්දැකීම භූක්තිවිඳීම සහ බැටකෑම සිදුකළ වරිග රැලවල්වල පාත්‍රවර්ගයා ය.

ලොව විශාල ගංගා ආශ්‍රිත නිම්නයන් නොතිබුණා වුවද සංචරණ සීමා නොපැවති පූර්ව ඓතිහාසික යුගයේ ලක් කොදෙව්ව විග්‍රහ කර ගැනීම තරමක් පොදු ලෝක විග්‍රයෙන් වෙනස් තත්වයක් නියෝජනය කරන බව නොරහසකි.

 

@ විසංකාරයා

-තව කොටසක් ලබන සතියේ-

නවතම ලිපි