ඇත්තෙන් ම බිස්කට් යනු හුදු ස්නැකයක පමණක නොව මා ප්‍රජාවක නියෝජනය කරන වගකීමෙන් යුතු නායකයෙකු බවට පත් කළප්‍රපංචයක බව කිව යුතු ය.
 
ඇදිහැස විස්කෝතු රට පුරා බෙදිණ විස්කෝතු සඳහා අවැසි ප්‍රධාන අමුද්‍රව්‍ය වන තිරිඟු පිටි ලැබුණේ ඇමෙරිකා එක්සත් ජනපද රජයෙනි. ඔවුන්ගේ ම වියදමෙන් මේ විස්කෝතු නිෂ්පාදනය කළේ දැන් මංචි ලෙස පරසිඳු සිලෝන් බිස්කට් ආයතනයෙනි.
ඇමෙරිකානු රාජ්‍ය ආධාර ලෝකය පුරා බෙදා හරින යාන්ත්‍රණය වන්නේ යූඑස්ඒඩ් (USAID) ය. ලෝකයේ රටවල් සියයක පමණ ක්‍රියාත්මක වන යූඑස්ඒඩ් ඒජන්සියේ උපත සිදුවුණේ 1961 ය. ඒ කෙනඩි ජනපතිගේ කාලයේ ය. එහෙත් මෙම ඒජන්සියේ හැඩ රුව නිමැවුණේ 'මාෂල් ප්ලෑන්' ලෙස පරසිඳු ජනපති හැරී ට්රුමන්ගේ කාලයේ ක්‍රියාත්මක වුණු දෙවන ලෝක සංග්‍රාමයෙන් බැට කෑ රටවල් යලි ගොඩනැගීමේ ව්‍යාපෘතියෙනි. ජෝර්ජ් මාෂල් නම් රාජ්‍ය ලේකම් ඒ ව්‍යාපෘතියේ මෙහෙයුම්කරු විය. ඉන් පසුව උදා වුනු, සීතල යුධය ලෙස හැඳින්වෙන, එනම් ධනවාදී හා කොමියුනිස්ට් ගැටුමේ, එක්සත් ජනපදය විසින් භාවිත එක්තරා සුමුදු අවියක වූයේ විදේශාධාර ය.
විදේශාධාර ඉතිහාසය දශක ගණනාවක පුරා පරිනාමය වූවකි. මුල් කාලයේ විදේශාධාර අනන්‍ය වුණේ ධනවත් දානපතීන්ගේ කරුණාවෙන් කෙරෙන අසරණ සරණ කර්තව්‍යක් ලෙස යි. පසු කාලීන ව මේ තත්ත්වය දැඩි විවේචනයට භාජනය විය. ආධාර ලබන්නාගේ විෂම තත්ත්වය නිර්මාණය වී ඇත්තේ, ඔහු (අදාළ රට) ලබා උපන් හැටි නිසා නොව, ක්‍රමික, ව්‍යුහාත්මක හා ඓතිහාසික සාධක මත බව විශේෂයෙන් ඉස්මතු කළේ ලතින් ඇමෙරිකානු චින්තකයින් ය. ඒ අනුව විදේශාධාර ක්‍රමය දෙන්නා-ලබන්නා යන බයිනරියෙන් මිදී පර්ට්න(ර්)ශිප් හෙවත් සහකාරත්වය යන සංකල්පය මත ප්‍රතිසංවිධානය කර ගති. එහි දී ගෞරවය හා අභිමානය යන්න අදාල ආධාරලාභී රට හෝ සංවිධානයට ලබා දිණි. මේ චින්තන වෙනස සිදුවුණේ අද ඊයේ නොවේ, දශක දෙක තුනකට පෙර ය. ඇමෙරිකානු තානාපතිණි උගත්තී කීර්තිමත් කැලිපෝනියානු (බී.ඒ, දේශපාලන විද්‍යාව) හා කොලම්බියා (ඇම්.ඒ, ජාත්‍යන්තර සබඳතා) සරසවිවලින් බව සැළ ය.
 
සමාජ විද්‍යා විෂය ක්ෂේත්‍රයේ ශිල්ප හදාරණ විට හෝ ඉන් අනතුරු ව තානාපති පුහුණුවේ ආධාර ප්‍රදානය කරන්නා විසින් ලබන්නා වෙත දිය යුතු අවම ගෞරව ය පිලිබඳ අබැටක් හෝ වැරදිලාවත් තානාපතිණිය උගෙන ගෙන නැති බව ඇගේ අතපල්ලෙන් වැටෙන සහල් මිට අපට යෝජනා කරයි.
 
@Udan Fernando - (My ඉඳහිට column for අනිද්දා this weekend : Oh, Julie (with apologies to Shakin' Stevens)

නවතම ලිපි