ගෝඨාභය රාජපක්ෂ දේශපාලනඥයෙක් නොවී රටේ නායකයා වී අවසානයේ

දශක ගණනාවක් පුරා වර්ධනය වූ අර්බූධයේ අවසාන චූදිතයා ලෙස අභිෂේක ලබා රටිනුත් පැන යන්නට වූ තත්ත්වයටම පත්විය. දැන් ඔහු යලිත් මෙරටට පැමිණ ඇති අතර ඔහුගේ ඉදිරි පැතුමන් ගැන අපි අනුමානයන් නොකියන්නෙමු.

මේ කියැවෙන්නේ එවැන්නක් ගැන නොවේ. ගෝඨාභය රාජපක්ෂ රාජ්‍ය නායකයා වූ පසු වෙනස්කම් කිරීමට බලාපොරොත්තු වූ ක්ෂේත්‍ර අතර එකක් වන්නේ පරිසර හිතකාමී සංවර්ධනයයි (ඒ සඳහා ඔහු විසින් 2020 වසරේදී ජේ.සී.බී., බුල්ඩෝසර්, ලෝඩර්, ප්‍රෝඩර්, ටිපර් වැනි ඉදි කිරීම් ක්ෂේත්‍රයට අදාළ වාහන සහ උපකරණ වල බදු ඉවත් කිරීම ද සිදුකළේය) එය ගෝලීය මට්ටමිනුත් දැනට ක්‍රියාත්මක තලයේ පවතින තිරසර සංවර්ධනය නැමැති නොඑසේනම් සුනිල් විජේසිරිවර්ධන, විජයානන්ද ජයවීර වැන්නන් මහත් අතිශයෝක්තියෙන් හඩ නගන ධරණීය සංවර්ධනය නැමැති පරිකල්පනීය විකල්පයන් ගෙන් වෙනස් නොවේ. වර්තමානයේ රනිල් වික්‍රමසිංහ ඇතුළු ඔහු වටා සිටින සංවර්ධන න්‍යායාචාර්යවරුන් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන්නේ මීට වඩා වෙනස් පරිසර හිතකාමී සංවර්ධනයක් ද? මහාචාර්ය රොහාන් සමරජීව, ආචාර්ය සමරතුංග වැන්නන්ගේ අදහස වන්නේත් එයම නොවේද? පහත පළවන්නේ ගෝඨාභය රාජපක්ෂ බලාපොරොත්තු වූ පරිසර හිතකාමී සංවර්ධනය පිළිබඳව ස්පාටකස් සාමුහිකය ලියන ලද ලිපියකි. සංවාදාත්මක ඔබේ පිළිතුරුවලට අපගේ වෙබ් අඩවියේ ඉඩකඩ විවෘතය.

------------------------------------------------------------------------

වන

 

ගෝඨා සර් බලාපොරොත්තු වන "පරිසර හිතකාමී" සංවර්ධනයේ එක් පැතිකඩකට අදාළ ඡායාරූප කිහිපයක් පහතින් දක්වා ඇත. ඇත්තටම තකතීරු සහ මෝඩ වාමාංශික යන දෙකොට්ඨාශයටම හෝ සිංහල බෞද්ධ ජාතික රාජ්‍යය ෆැන්ටසියේ පසුවන්නන්ට (නලින් ද සිල්වාගේ දේශපාලන පදනම් වන සිංහල බෞද්ධ ප්‍රජාව) මේවාට විරුද්ධ විය හැකිද? එසේම පරිසරවාදීන්ට මේවට විරුද්ධ විය හැකිද?

උදාහරණයක් ලෙස කැලෑ ආරක්ෂා කරගනිමින් "පරිසර හිතකාමීව" එනම් පරිසරවාදීව", "පරිසර විද්‍යාව" තුල "සංවර්ධනයේ" මුදුන් මල් කඩ වන මාර්ග පද්ධතිය ඉදි කරන්නේ කෙසේද යන්න වෙත වන "විද්‍යාත්මක" උදාහරණ එමට සැපයෙමින් තිබේ. මෙම විද්‍යාත්මක උදාහරණය විසින් කියා සිටින්නේ ලොව "දියුණු" යයි සම්මත රටවල් වල කරන්නේ කෙසේ දැයි සොයා බලා ඒවා අනුගමනය කල යුතුය යන්නයි. බොහෝ දෙනෙකුට අනුව වනය යනු ගස්ය. එම අදහස පැහැදිලිවම විද්‍යාත්මක ලෝක දැක්මකට අදාළ අදහසකි. තවත් අයෙකුට ඊට වන ජීවීන්ද, ඔක්සිජන්,වැස්ස වැනි විද්‍යාත්මක අර්ථකතනයන් සහ ඊටත් එහාට ගොස් කෘමීන්, ක්ෂුද්‍ර ජීවීන්, ආවේනික ශාක සහ ආවේනික ජීවීන් වැනි අර්ථකතනයන් ද එක් කල හැකිය. වනය උදාහරණයක් ලෙස ගතහොත් ඒ වනයට අදාළ විද්‍යාත්මක අර්ථකතනයේ කොටසක් පමණි.

පහත ඡායාරූප වල සඳහන් කොට ඇති විද්‍යාත්මක සංවර්ධනය පැමිණෙන්නේ ඉහත අර්ථකථනය සහ අනෙකුත් සියලු දේ පිළිබඳව එවැනි අර්ථකතනයන් (ලෝක දැක්මවල් හෝ දර්ශනය ) තුලය.

 

eco4

eco3

 eco4කෙටියෙන් කියතොත්, “විද්‍යාවම” මුලින්ම මතුවන්නේ දාහතර වන සියවසේදී නූතන භෞතික විද්‍යාවේ උපතත් සමඟය. එය එසේම කාටිෂියානු කොගිටෝවේ මොහොත ද වේ. මෙම සිදුවීම් දෙක හුදෙක් කාලයට අදාලව, කාලය පිළිබඳව කිසියම් හදිසි අනතුරකින් සම්බන්ධ වීමක් නොවේ. ඒ අනුව ලැකාන් තර්ක කොට සිටිනුයේ කාටිසියානු ආත්මය යනු "විද්‍යාත්මක විධි ක්‍රමයේ"(සැබවින්ම එවැන්නක් නොපවතී ) ප්‍රත්‍යක්ෂ න්‍යාය මගින් ප්‍රතීයමාන වන "විද්‍යාවේ ආත්මයම" මිස අන් කිසිවක් නොව යන්නයි.

නැවතත් වනයට අදාළව කිවහොත්, ඒ අනුව සංවර්ධනය මෙන්ම සංවර්ධනයට අදාළ ප්‍රශ්න වලදී වනාන්තර පිළිබඳව සියලු විසඳුම් පැමිණෙන්නේම වනය පිළිබඳව කාටිසියානු සිතීම තුලය. එබැවින් ප්‍රශ්න මෙන්ම ප්‍රශ්න වලට විසඳුම්ද පැමිණෙන සීමාව වන්නේ ඊට අදාළ අර්ථකතනීය සීමාවයි. එවිට කැලය යනු ප්‍රධාන වශයෙන්ම ගස්, වැල්, පැලෑටි, ඊට අදාළ හඳුනාගත් සත්ව ප්‍රජාව, ඔක්සිජන් වැනි හැඟවුම්කාරක කිහිපයක් වන්නේ එබැවිනි. ඉහත සඳහන් කල හැඟවුම්කාරක "විද්‍යාත්මක විධි ක්‍රමයේ"ප්‍රත්‍යක්ෂ න්‍යායන් මගින් දෘෂ්ටිවාදය තුල සුසන්ධීකරණය වන අකාරය තුල පරිකල්පනීය විසඳුම් සහ විකල්ප ක්‍රියාත්මක වේ. එය තුල කටයුතු කිරීම මගින් දිගින් දිගටම සිදු වන්නේ තත්වය දිගින් දිගටම බරපතල වීමය.

eco5

 

නැවතත් තවත් ආකාරයකින් ප්‍රකාශ කරන්නේ නම්, එවිට වන විනාශය නැවැත්වීම හෝ ඊට වෙනත් විකල්ප(පරිකල්පනීය) පිළියම් සෙවීමට අදාළ පරිකල්පනීය සිතීම සලකුණු වන්නේ එම හැඟවුම්කාරක සුසන්ධීකරණය තුලය. එය නමින් විද්‍යාත්මක ලෝක දැක්මය. ඒ අනුව ඒ සඳහා අමුතුවෙන් දර්ශනයන් නිපදවිය යුතු නැත. ඒ විද්‍යාවේ ආත්මය ලොව පුරා සංස්ථාපනය වී ඇති බැවිනි. ඕනෑම දර්ශනයක් තවදුරටත් අවශ්‍ය වන්නේ යථාර්ථයේ හිඩැස් තවදුරටත් වසා දැමීම සඳහාය.

eco9eco10eco11eco12eco14eco15

   
   

නවතම ලිපි