"ආදරය යනු කෙනෙකු (තමන්) සතුව නොමැති යම් දෙයක් එය අවශ්‍ය නොකරන කෙනෙකුට දීමට සිදු වී තිබීම යි."

ඉහත ප්‍රකාශය ලකාන්ගේය. එහෙත් එම ප්‍රකාශය කිය වූ පමණින් එහි අර්ථය වටහා ගත නොහැක. නමුත් තමන් ට අවශ්‍ය අර්ථකතනයක් ලබා දිය හැකි ය. අද දවසේ බොහෝ දෙනකු කරමින් සිටිනුයේ ලකාන් හට එවැනි අර්ථකතන ලබා දී තමන්ගේ විපරීත ක්‍රියාවන් හෝ තමන් කැමති එවැනි දේ සාධාරණිකරණය කරගැනීම යි.

ලකාන්ගේ සම්මන්ත්‍රණ තුල ආදරය පිළිබඳව කතා කිරීම සඳහා වැඩි කාලයක් වෙන්කොට තිබීම හේතුවෙන් ලකාන් සුජීව ප්‍රසන්න්නආරච්චි බව ට පත් නොවේ. දෙදෙනාගේ ස්ථාවරයන් වෙනස් ය.

ආදරය ලැකාන්4

ලැකාන් තර්ක කොට සිටිනුයේ ආදරය ගැන සාරාර්ථ හෝ සංවේදී කිසිවක් පැවසිය නොහැකි බවයි. ඔහු තවදුරටත් තහවුරු කොට සිටිනුයේ ඇත්ත වශයෙන්ම, යමෙකු ආදරය ගැන කතා කිරීමට පටන් ගත් මොහොතේම, එම කෙනා ගුණාත්මක වශයෙන් ඉතාමත්ම මෝඩ තත්වයකට ඇද වැටෙන බවය. මෙම ප්‍රකාශයන් අනුව බලන කල, ලැකාන් විසින්ම ඔහුගේ සම්මන්ත්‍රණයන් විශාල ප්‍රමාණයක ආදරය ගැන කතා කිරීමට කැප කිරීම පුදුමයක් ලෙස පෙනෙනු ඇත. කෙසේ වෙතත්, එසේ කිරීමෙන්, ලැකාන් මනෝවිශ්ලේෂණ ප්‍රතිකාරයේදී විශ්ලේෂණ ක්‍රියාවලියට භාජනය වන්නා කරන්නේ කුමක්ද යන්න හුදෙක් නිරූපනය කරයි. ලකාන් ඒ පිළිබඳව මෙසේ ප්‍රකාශය කරයි "විශ්ලේෂණ කතිකාවේදී' අප කරන එකම දෙය වන්නේ ආදරය පිළිබඳව කතා කිරීමය." ඒ අනුව ලකාන් විසින් තම සම්මන්ත්‍රණයන් තුල වැඩි වශයෙන් ආදරය පිළිබඳව කතා කරමින් සිටියේ ඒ සඳහාය.

යම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙකු විසින් තම පෙම්වතාට හෝ පෙම්වතියට ආදරය කරන්නේ මන්දැයි යමෙක් විසින් විමසා සිටින්නේ නම්, ඔහු හෝ ඇය ආදරය කරන කෙනා වෙතට ඔහු හෝ ඇය විසින් ආරෝපණය කරන "ගුණාංග" ලැයිස්තුවක් සමඟ පිළිතුරු දෙන්නේ නම්, ඔහු හෝ ඇය විසින් ආදරය උල්ලංඝනය කර, අනෙක් පුද්ගලයා වාස්තවික කොට, එමගින් ඔහුට හෝ ඇයට ආදරය කිරීමට නොදන්නා බව එම 'ආදරවන්තයා' (ඔහු හෝ ඇය) වෙතින් පාපොච්ඡාරණය කෙරෙනු ඇත. එනම් එම තැනැත්තා හෝ තැනැත්තිය (ආදර වස්තුව) ධනවාදය තුල වටිනාකම් වලට අදාළ වාස්තවිකත්වයක් බවට පත්ව ඇත යන්නයි.

 

ආදරය ලැකාන්5

 

1956-7 සම්මන්ත්‍රණයේ දී, ලැකාන් විසින් තර්ක කර සිටිනුයේ මිනිස් ළදරුවාගේ හැඬීම මගින් මවට කරන ඇමතුම යනු හුදු සහජමය සංඥාවක් නොවන අතර එම හැඬීමේ ලෝකය සංකේත පද්ධතියක් තුල සමකාලික හැඩීම් ලෝකයක් තුල (හැඩීම මව සහ ළදරුවා අතර සංකේතීය-ව්‍යුහාත්මක සම්බන්ධයකි) ඇතුලත් වී ඇත යන්නයි. වෙනත් වචන වලින් ප්‍රකාශ කරන්නේ නම්, දරුවාට හඳුනාගත හැකි වචන උච්ඡාරණය කිරීමට බොහෝ කලකට පෙර ළදරුවාගේ කෑගැසීම් භාෂාමය ව්‍යූහයක් තුළ සංවිධානය වී තිබේය යන්නයි.

'අවශ්‍යතාවය', 'ඉල්ලුම' සහ 'ආශාව' අතර වෙනස සම්බන්ධයෙන් ලැකාන් 1958 දී හඳුන්වා දුන් ලැකාන්ගේ 'ඉල්ලුම' පිළිබඳ සංකල්පයේ කර්නලය ආකෘතිගත කරන ළදරුවාගේ කෑගැසීමේ සංකේතාත්මක ස්වභාවය එයයි. ලකාන් තර්ක කරන්නේ ළදරුවාට තම "ජෛව"(biological) අවශ්‍යතා සපුරාලන නිශ්චිත ක්‍රියාවන් සිදු කිරීමට නොහැකි බැවින්, එම අවශ්‍යතා වාචික ආකාරයෙන් (ඉල්ලීම්) ප්‍රකාශ කළ (මුලදී හැඬීමේ ආකාර වන අතර දරුවා වර්ධනය වීමේදී වෙනත් අර්ථවත් ශබ්ධ සහ පසුව වචන බවට පත් වේ) යුතු අතර, ඒ වෙනුවෙන් වෙනත් කෙනෙකු (මව) විසින් නිශ්චිතව ඊට අදාලව ක්‍රියාව සිදු කරනු ඇති බවයි. එවැනි "ජෛව" අවශ්‍යතාවයක මූලික උදාහරණය වන්නේ කුසගින්නයි. එය දරුවා කෑගැසීමකින් (ඉල්ලුමකින්) ප්‍රකාශ කරන අතර එබැවින් මව ළදරුවා හට කිරි හෝ ආහාර ලබා දෙයි. කෙසේ වෙතත්, දරුවාගේ අවශ්‍යතාවය තෘප්තිමත් කරන වස්තුව වෙනත් අයෙකු (මව හෝ වෙනත් අයෙකු) විසින් සපයනු ලබන බැවින්, එය අනෙකාගේ ආදරය පිළිබඳ සාක්ෂියක් වීමේ අමතර එකතු කරන ලද අර්ථාන්විතභාවයක් ගනී.

 

ආදරය ලැකාන්8

ඒ අනුව ඊට දෙමාපිය පන්ති ස්වභාවය බලපෑම් සහගත වේ. මේ තත්වය දරුවාට ලැබෙන දේවල් වල විවිධත්වය, දක්නට ලැබෙන දේවල්, දෙමාපිය සහ ආශ්‍රිත වැඩිහිටියන්ගේ ස්වභාවය, මව රැකියාවක් කරන්නියක නම් දරුවා රැක බලාගන්නේ නැනී කෙනෙකු හෝ මෙහෙකාරියක් නම් (මව නොමැති වීම තුල දරුවාගේ 'ඉල්ලුම' සඳහා ප්‍රතිචාර දැක්වීම සහ වස්තුවට අදාළ තත්වයන් වෙනස් වේ), යන සියල්ල මත විශාල විවිධත්වයක් අත්කර ගනී. ඒ අනුව, අනුකූලවශයෙන් 'ඉල්ලුම' ද ද්විත්ව කාර්යයක් අත්පත් කර ගනී. එනම්, අවශ්‍යතාවයක් ප්‍රකාශ කිරීමට අමතරව, එය ආදරය සඳහා 'ඉල්ලුමක්' ද වේ. ආදරයේ සාක්ෂියක් ලෙස වස්තුවේ සංකේතාත්මක ක්‍රියාකාරිත්වය විසින් අවශ්‍යතාවයක් තෘප්තිමත් කරන එහි සැබෑ ක්‍රියාකාරිත්වය යටපත් කරන්නා සේම, 'ඉල්ලුමේ' සංකේතාත්මක මානය (ආදරය සඳහා ඉල්ලුමක් ලෙස) එහි සැබෑ ක්‍රියාකාරිත්වය (අවශ්‍යතාවය ප්‍රකාශ කිරීමක් ලෙස) අඳුරේ හෙලයි. එය තවත් පැහැදිලි කරන්නේ නම්, ආදරය තහවුරු කරන සාක්ෂිය වන්නේ දරුවාගේ ඉල්ලුමට ප්‍රතිචාර ලෙස ලැබෙන දෙයට (වස්තුව) අදාළ සංකේතාත්මක වටිනා කම සහ මානය විසිනි. එනම් වස්තුව හැඟවුම්කාරකයක් ලෙස සංකේත රටාවට දක්වන සම්බන්ධය තුලය. අධ්‍යතන සමාජ සංකීර්ණත්ව සන්ධර්භයේ මෙය අති විශාල බහු විධ ආකාර සංකරන-සංයෝජන සංකීර්ණත්වයක් තුල ක්‍රියාත්මක වන බැවින් මව සහ දරුවා අතර සම්බන්ධයේ සමාජීය පොදු බව එන්න එන්නම අඩු වී ගෙන යන අතර එය විශාල විවිධත්වයක් තුල සංවිධානය වේ.

ආදරය ලැකාන්1

 

'ආශාව' (desire-තෘෂ්ණාව) උපදවන්නේ මෙම ද්විත්ව ක්‍රියාව විසිනි. මක්නිසාද යත්, 'ඉල්ලුම' විසින් ප්‍රකාශ කරන අවශ්‍යතා තෘප්තිමත් කළ හැකි වුවද, ආදරය සඳහා ඇති තෘෂ්ණාව කොන්දේසි විරහිත හා තෘප්තිමත් නොවන අතර, එබැවින් අවශ්‍යතා තෘප්තිමත් කෙරී ඇති වූ පසුව වුවද ආදරය සඳහා ඇති තෘෂ්ණාවේ ඉතිරියක් පවතී. මෙම ඉතිරිය දිගින් දිගටම ආශාව සංස්ථාපනය කිරීම වෙනුවෙන් ඉදිරිපත් වේ. 'ඉල්ලුම' මිනිස් ආත්මයේ ආරම්භක අසරණ භාවයට මේ අනුව සමීපව සම්බන්ධ වේ.

 

ඒ අනුව ආදරය ධනවාදය තුල අති උත්කර්ශවත් රංගනයක් බවට පත්ව ඇති ආකාරය මින් පැහැදිලි කොට ගත හැකිය.

එනම් යම් තැනැත්තෙකු හෝ තැනැත්තියක විසින් යම් තැනැත්තියකට තැනැත්තෙකුට ආදරය කරන්නේ නම්, අනෙක් පුද්ගලයා වස්තුවක් (object) බවට පරිවර්තනය කිරීමෙන් ආදරය කරන්නා විසින් ඔහුව හෝ ඇයව ආත්මයක් (subject) ලෙස භාරගැනීමේ ස්ථානයෙන් ඉවත් කර ඇත. එනම් ඕනෑම අයෙකුට යමෙකු හට ආදරය කළ හැක්කේ ඔහු හෝ ඇය නොවන දෙයට පමණි (ආදරය කරන්නේ නම් ආදරය කරන්නා සහ ලබන්නා අතර සම්බන්ධය වන්නේ වස්තුකරණය වූ සම්බන්ධයකි. ඔහුට හෝ ඇයට අවසානයේ විය හැකි දේ එයයි).

 

ආදරය ලැකාන්7

 

එනම් ආදරයට අදාළ වන්නේ මිනිස් නොවන වස්තුමය තත්වයකි (නාසා විද්යාඥයා, වෛද්‍යවරයා, ඉංජිනේරුවා, ව්‍යාපාරිකයා වැනි ලෙස...) උගත් කම සහ පන්ති ස්වභාවය තුල පාර්භෝගික භාණ්ඩ අර්චනකාමය තුල ආදරය තීරණය වේ. විවිධාකාර සෞන්දර්යාත්මක නිවාස, වාහන, ඇඳුම් පැළඳුම්, අභරණ, රූප ලාවන්‍ය ක්ෂේත්‍රය සහ ඊට අදාළ සෞඛ්‍ය-වෛද්‍ය විද්‍යාත්මක ක්ෂේත්‍රය, විදේශ සංචාර, වැනි දේ පමණක් නොව රෝග සහ ප්‍රතිකාර සහ සම්බන්ධ ප්‍රතිපක්ෂය පවා ක්‍රියා කරන්නේ ආදරයේ සාක්ෂියක් ලෙස වස්තුවේ සංකේතාත්මක ක්‍රියාකාරිත්වයේ තහවුරුව තුලය. ධනවාදය විසින් අසීමාන්තිකව අවශ්‍යතා නිර්මාණය කරන අතර ඒ තුල අවශ්‍යතාවයක් තෘප්තිමත් කිරීම, ත්‍යාග ලෙස පිරි නැමීම, හෝ අත්‍යවශ්‍ය කාරණයක් වෙනුවෙන් ඉදිරිපත් වීම යනු ඒ දේවලට අමතරව, එය ආදරය සඳහා 'ඉල්ලුමක්' සහ සැපයුමක් ලෙස ක්‍රියා කරයි.

එවිට එම තත්වය සඳහා වෙස්මුහුණක් වන්නේ, එනම් එම ප්‍රශ්නයට ඇති එකම වලංගු පිළිතුර වනුයේ, මෙවැනි ප්‍රකාශයන්ය.

"මම ඔබට ආදරය කරන්නේ මන්දැයි මම නොදනිමි"... "ඔබටම වඩා වැඩි යමක් ඔබ තුළ ඇති අතර එය ඔබ කරන සෑම දෙයකටම අනන්‍ය වූ ප්‍රභාවක්, විශේෂ දීප්තියක් ඇති අතර ඔබ කරන සෑම දෙයක්‌ම අද්විතීයයි..." "එසේම ඔබේ ගුණාංගවලට, සහ ඔබේ අඩුපාඩු වලට පවා (සමහරවිට ඔබේ අඩුපාඩු වලට වඩාත්ම) මම ආදරය කරයි"...

ඊට අනුව නම් ආදරය ලබන පුද්ගලයාගේ "ගුණාංග" තීරණය කරන සියලුම ධනාත්මක විශේෂ ගති ලක්ෂණ අතුරුදහන් වූවා වුවද ආදරය තවමත් පවතිනු ඇත යන්න ප්‍රකාශ වේ. නමුත් ආදරය යනු එවැන්නක්ද?

 

ආදරය ලැකාන් 3

 

ප්‍රේමකරන්නා යනු සත්‍ය වශයෙන්ම අගාධ ස්ථානයක් වන අතර ඔහුගේ සියලු ගුණාංග, ඔහුගේ ධනාත්මක ගතිලක්ෂණ, ඔහුගේ විශේෂ ගතිලක්ෂණ, වැනි දේ ඔවුන්ගේ එම අනන්‍ය දීප්තිය ලබා දෙන "හිස්කමකින්" පරිවර්තන වී ඇති බව පෙනේ. අවසානයේ ආදරණීයයාගේ සියලු ගුණාංග මෙම හිස් බව ධනාත්මක කිරීමට වඩා අන් කිසිවක් නොවේ. මෙම "කිසිවක් නැති", මෙම නොදන්නා සාධකය, මෙම අවිනිශ්චිත යම, ලැකාන් විසින් 'ආශාවේ වස්තු හේතුව' ('object petit a') ලෙස නම් කරයි. (ලකාන් විසින් ප්‍රකාශ කොට සිටියේ 'objet petit a' යන ප්‍රංශ යෙදුම කිසිසේත්ම වෙනත් භාෂාවන්ට පරිවර්තනය නොකොට එසේම භාවිතා කල යුතුය යන්නයි. ඒ පිළිබඳව ඔහුගේ ස්ථාවරය එය විය. එනම් එම යෙදුම සඳහා අර්ථයක් යම් භාෂාවක් තුලින් ජනය නොවී තිබිය යුතුය යන්නයි. ඒ එසේ අර්ථවත් වීමේදී එය එම භාෂාවට අදාළ යම් දෙයක් ලෙස අර්ථවත් වන බැවින් එය අවබෝධ කොට ගැනීම සඳහා එසේ ඉතිරිව පැවතිය යුතු බවය

නමුත් පසු කලෙක මෙය 'object cause of desire' ලෙස ඉංග්‍රීසි භාෂාවට නැගුණි. එවිට සිංහලෙන් නම් එය 'ආශාවේ වස්තු හේතුවයි').

 

ආදරය ලැකාන් 9

 

ලකානියානු මනොවිශ්ලේෂණයට අනුව 'ආශාවේ වස්තු හේතුව' යන්න අප්‍රාප්‍ය වේ. ආශා කරමින් සිටිනා ආත්මය ඔහුගේ ආශාවේ වස්තුව වෙත ලඟාවෙනවාද ඉන් ඉවතට පැන දුවනවාද යන්න ලකාන් සඳහා කාරණයක් නොවන්නේ මෙම වස්තුව සැමවිටම පවතින සේ පෙනෙන්නේ 'ඔහු' වෙත වන සමාන දුරකින් වීම නිසාය. ආශාවේ වස්තුව සහ 'ආශාවේ වස්තු හේතුව' ('objet petit a') අතර වන වෙනස වන්නේ, එනම් 'ආශාවේ වස්තුව' කරා ලං වන කෙනා එයට කොතරම් ආසන්න වනවාද යන්න අදාළ නොවන්නේ එහි හේතුව ('ආශාවේ වස්තුවේ හේතුව') සැමවිටම ලඟාවන්නා වෙත වන පරතරයකින් පැවතීම සහ කිසිවිටකත් අල්ලාගත නොහැකිවීමය. 'ආශාවේ වස්තු හේතුව' වෙත ලඟා වුවද ඉන් ඉවතට පැන දිව්වද එය සැමවිටම පවතින්නේ ආත්මයට නියත දුරකිනි. එනම් ආශා කරමින් සිටිනා ආත්මය ඔහුගේ ආශාවේ වස්තුව වෙත ලඟාවනවා හෝ එය වෙතින් ඉවතට පැන දුවනවා ද යන්න සහ ඒ තුල 'ආශාවේ වස්තු හේතුවේ' ස්ථායි වේගය සහ ආත්මය වෙත ඇති පරතරය පවතින්නේ ආශාවේ වක්‍රය තුල වීමය. 'ආශාවේ වස්තු හේතුව' යනු මෙම වක්‍ර වීමේ නියෝජිතයාය. ආශාවේ වස්තුව අප හට මුණගැසේනා විට 'ආශාවේ වස්තු හේතුවෙහි' අගාධය කොතරම්ද යන්න ගණනය කල නොහැකිය.

 

ආදරය ලබන්නාට ඇති අන්තරාය නම්, ආදරය ලැබීමට සුදුස්සෙකු බවට පත් කරන, 'එය' සමග 'ඇය' (ඔහු හෝ ඇය) තමාවම හඳුනා ගන්නා සහ එමඟින් ඔහුට නීතියෙන් (ආශාවේ) ගැලවීමට ඉඩ සලසන විස්තර කළ නොහැකි ගැඹුරු යමක් තමා තුළ ඇති බව සිතීමයි.

ආදරය ලැකාන් 10

 

"ආදරය යනු කෙනෙකු (තමන්) සතුව නොමැති යම් දෙයක් එය අවශ්‍ය නොකරන කෙනෙකුට දීමට සිදු වී තිබීමයි" යනුවෙන් ලැකාන් පවසන්නේ මන්දැයි මෙයින් වටහා ගත හැකිය. එබැවින්, කාම තෘෂ්ණාව පිළිබඳව බල ප්‍රදේශයේ ආදරය කරන්නාගේ සහ ආදරය ලබන්නාගේ පිහිටීම සැමවි ටම පූර්ව අසමමිතික වේ. ආදරයට ලක්වන්නා (ආදරයේදී අනොන්‍ය වශයෙන්) හට හැඟී යන්නේ ප්‍රේමාකරන්නා විසින් තමාට වඩා යමක් 'ඇය' (ඔහු හෝ ඇය) තුළ දකින බවත් එය ඔහුගේ ආශාව අවුස්සන බවත්ය. ආදරය කරන්නාගේ 'බද්ධ දෘෂ්ටිය'('gaze') සඳහා පමණක් පවතින මෙම අතිරික්ත "දෙය" වස්තුවේ ඇති 'ආශාවේ වස්තු හේතුව' වන ප්‍රමාණයට එය වස්තුව තුල ආශාවේ අභිලේඛනයයි. එය ආදරය කරන්නා විසින් දකින්නේ අනෙකා තුළ අඩංගු තමාගේම නැතිවූ කොටස ලෙසය. තමාගේම මෙම අඩුව ('ආදරවන්තයා' විසින් අතිරික්තයක් ලෙස දකින) වෙතට ආදරයට ලක්වන්න කෙනාට ප්‍රතිචාර දැක්විය හැක්කේ තමාගේම අඩුවෙන් පමණක් වන අතර, තමාට නැති දෙයක් (එම කෙනාගේ අඩුව) එය අවශ්‍ය නොවන කෙනෙකුට ලබා දීම යනු මෙයයි. (සහ හොඳ හේතුවක් සඳහා...).

ආදරය විහිළු සහගත විකට හැඟීමක් බව ලැකාන් පවසන්නේද මේ නිසාය.

නමුත් ඉන් ආදරය උත්කෘෂ්ට වීම වළක්වන්නේ නැති අතර එය විසින් අඩුව ම උත්කෘෂ්ට කරනුයේ (සංස්කෘතික වශයෙන් ඉහළ හෝ සමාජීය වශයෙන් වඩාත් පිළිගත හැකි ක්‍රියාකාරකමකට හරවා යැවීම හෝ වෙනස් කිරීම) "යම් කිසි වරදක් තිබේ" යන්නෙහි න්‍යාය තුල හසුවී 'ආශාව' රඳවාගන්නා අතරතුරය යන අර්ථයෙනි. නමුත් "එය කිසිසේත්ම එසේ නොවේ" යනුවෙන් 'ආදරය' ඊට පටහැනිව පවසයි. එනම්, මම ඒ කෙනාට ආදරෙයි... ඒ කෙනාගේ වැරදි තිබියදී පවා ඒවා නොතකා සහ සමහර විට එම කෙනාගේ ඒ වැරදි නිසාම පවා මම ඒ කෙනාට ආදරෙයි... ඒ කෙනා ඉන්නේ මගේ අඩුව පිරිමැසීමට නොවේ...ඒ අනුව මගේ අඩුව සංස්ථාපක වන අතර කිසිම දෙයකට එය පිරිමැසිය නොහැකි බව සිතීම යනු එම තත්වයයි.

 

ආදරය ලැකාන්6

ඒ අනුව ආදරය සංකේත රටාව (symbolic order) තුල බලපෑම් සහගත වුවද, ලැකාන් විසින් එය හුදු පරිකල්පනීය සංසිද්ධියක් ලෙස ස්ථානගත කර ඇත. ආදරය යන්න ස්වයංකාමුක (යම් කෙනෙකු ඔහුගේම ශරීරය පිළිබඳව උත්තේජනය ඇති කරගැනීම හෝ ෆැන්ටසිකරණය කිරීම මගින් ජනනය වන ලිංගික උද්දීපනය) වන අතර, මූලික වශයෙන් එය සතුවන්නේ නාසීස්ම ව්‍යුහයකි (තමන් ලස්සන නිසා හෝ තමන් සතු සුවිශේශිතාවයක් නිසා අනෙකා තමට ආදරය කරන බව). එසේ වන්නේ, ආදරයේදී කෙනෙකු ආදරය කරනවා යනු ඒ කෙනාගේම ඊගොව විසින් ආදරය කරන බැවින් සහ කෙනෙකුගේ ඊගොවම පරිකල්පනීය තලය මත තමන්ට අදාළ පරිකල්පනීය සැබෑව සාදා ගනු ලබන බැවිනි. මෙම ආදරයේ පරිකල්පනීය ස්වභාවය පිළිබඳව ලකාන්ගේ ඉදිපත් කිරීම මනෝවිශ්ලේෂණ ක්‍රියාවලිය තුල පරමාදර්ශයක් ලෙස ආදරය උපග්‍රහණය කරනා සියලුම අනෙක් විශ්ලේෂකයින්ට විරුද්ධ වීමට හේතු වී තිබේ. ඒ අනුව ආදරය පරිකල්පනීය අන්‍යෝන්‍ය භාවයක් සම්බන්ධ කරගනී. "ආදරය කිරීම යනු, අත්‍යවශ්‍යයෙන්ම ආදරයට ලක්වීමට ප්‍රාර්ථනා කිරීමයි" යනුවෙන් ලකාන් පවසන්නේ එබැවිනි. එබැවින් "ආදරය" කිරීම සහ "ආදරයට ලක්වීම" අතර මෙම අන්‍යෝන්‍ය බව ආදරයේ මායාව සංස්ථාපනය කරයි. ඒ අනුව ආදරයේ වස්තුවක් බවට පත්වීමට සහ ආදරවන්තයෙකු බවට පත් වීම යනු සංකීර්ණ දුෂ්කර ක්‍රියාවලියකි. ඒ අනුව ධාවකයන්ගේ රටාව (order of the drives) වෙතින් එය ප්‍රභේදනය කරනුයේ මෙය විසිනි. ධාවකයන්ගේ රටාව එම ප්‍රභේදනය තුල එම තත්වය සමග අන්‍යෝන්‍ය භාවයක් පවත්වාගන්නේ නොමැති අතර පවතින්නේ එහි සුපිරිසිදු ක්‍රියාකාරීත්වයක් පමණි. එම සුපිරිසිදු ක්‍රියාකාරීත්වයන් ධනවාදය තුල විවිධ විද්‍යාව සහ තාක්ෂනය තුලින් නිෂ්පාදන, නිෂ්පාදන බලවේග, නිෂ්පාදන සබඳතා සහ වෙළඳපොල පුළුල් කිරීම වෙත දිශානතව ඇත (විද්‍යාවේ සහ තාක්ෂණයේ දියුනුව). දැන් කෙනෙකුට පැවසිය හැක්කේ ලිංගික සබඳතා වලින් තොර ආචාරශීලි ආදර සබඳතා පවතින බවය. ආචාරශීලී ආදරය යනු "එයට බාධාවක් කරන්නේ අපම බව මවාපාමින් ලිංගික සම්බන්ධතා නොමැතිකම වෙනුවෙන් සම්පූර්ණයෙන් පිරිපහදු කොට වෙස් ගැන්වූ මාර්ගයකි" ("ප්‍රේමය නම් රාගයෙන් තොර. සඳ එළිය සේ අචින්ත්‍යයි. පාරිශුද්ධයි සුරම්‍යයි"). ආචාරශීලී ආදරය යනු ලබා ගත නොහැකි, කළ නොහැකි දෙයකට ආදරය කිරීම, ආදරය සදහටම බාධා කරන බාධකයට ඇති ආදරයයි. එනම් ලිංගික සම්බන්ධතා නොමැතිකම සමඟ කොන්දේසීන් වෙතට පැමිණීමේ අලංකාර ක්‍රමයකි. එවිට ආදරය යනු එහි ශුද්ධ වූ අර්ථයෙන් කිසිඳු ලිංගික සබඳතාවක් නොමැතිකම වෙනුවෙන් වෙස් ගන්වන්නා වූ ආදරවන්තයා හෝ ආදරවන්තිය සමඟ ඇලී සිටීමේ මායාන්විත ෆැන්ටසියකි. මෙය විශේෂයෙන්ම ආචාරශීලී ආදරය පිළිබඳ අලිංගික සංකල්පය තුළ පැහැදිලි වේ. ලකාන් මෙසේ පවසයි: "ආදරය රැවටිලිකාරයි. සමපේක්ෂණ මිරිඟුවක් ලෙස, ආදරය ප්‍රධාන වශයෙන්ම රැවටීමකි." තමාට නැති දෙය (එනම් පැල්ලසය) දීම එය වෙලා ගන්නා බැවින් එය රැවටිලිකාරය. ආදරය කිරීම යනු "යමෙකු සතුව නැති දේ දීමයි." ආදරය යොමු වන්නේ ආදර වස්තුවට ඇති දේ කෙරෙහි නොවන මුත් ඔහුට ඔබ්බෙන් කිසිවක් නැති, ඔහුට හිඟව පවතිනා දෙය වෙතටය, එම අඩුවේ ස්ථානයට පැමිණෙන තරමට වස්තුව අගයෙන් වැඩි වේ. කෙසේ වෙතත් ආදරය පරිකල්පන සංසිද්ධියක් ලෙස, එය ඊගොවේ ක්ෂේත්‍රයට අයත් වේ. ආදරය පැහැදිලිවම ආශාවට විරුද්ධ වන අතර, ආශාව සංකේත රටාව තුල අභිලේඛිත අතර ඒ අනෙකාගේ ක්ෂේත්‍රයයි (ආශාව යනු හැම විටම අනෙකාගේ ආශාවයි). එනම් ආශාවේ වස්තුව අත්පත් කරගන්නා විට එය අත්පත්කොට ගන්නා කෙනා වෙත නොලැබෙන දේ වන්නේ ඊට අදාලව ඔහු තුල තිබූ ෆැන්ටසියයි.

 

ආදරය ලැකාන් 11

ඒ අනුව 'ආශාවේ වස්තු හේතුව' කිසිදා අත්පත්කොට ගත නොහැකිය. එබැවින් වෙනත් වස්තුවක් වෙත මාරු වීම යනු (ආශා කිරීම) යනු ආදරයට එරෙහි වීමකි. එබැවින් ආදරය ආශාවට එරෙහිය. ආදරය රූපකයක් වන නමුත් ආශාව යනු උපමාවකි. ආදරය, ආදරය ලබන්නා සමඟ ෆැන්ටසියක ඒකීයභාවය මත පදනම් වන නිසාත්, ආශාව ඇති කරන වෙනස අහෝසි කරන නිසාත් ආදරය ආශාව නසන බව පවා පැවසිය හැකිය. එසේ වුවද අනෙක් අතට, ආදරය සහ ආශාව අතර ඇති මනා විරුද්ධත්වය අස්ථාවර කරන අංග වල පෙන්නුම් කිරීම් ලැකාන්ගේ කටයුතු වල දක්නට තිබේ. කවදා කිසි විටෙකත් දෙකින් කොයිකවත් (ආදරය සහ ආශාව) සෑහීමකට පත් විය නොහැකි බව අනුව ගතහොත් පළමුවෙන්ම එම දෙකම සමාන වේ. දෙවනුව, ආදරයේ ව්‍යුහය "ආදරය ලැබීමට ඇති කැමැත්ත" ලෙස ආශාවේ ව්‍යුහය වෙතට අනන්‍ය වේ. ඒ තුල අනෙකාගේ ආශාවේ වස්තුව බවට පත්වීම සඳහා ආත්මය ආශා කරයි. තෙවනුව, අවශ්‍යතාවය/ඉල්ලුම/ආශාව යන ත්‍රිත්වයේ දයලෙක්තිකය තුල ආශාව නිශ්චිත වශයෙන්ම උපදින්නේ ආදරය සඳහා වූ ඉල්ලුම වන ඉල්ලුමේ තෘප්තිමත් නොවන කොටසෙනි.

ඉහත පැහැදිලි කිරීමට අදාලව පවසන්නේ නම් ගෝල්ෆේස් අරගලය "ආදරයේ අරගලය" යනුවෙන් හැඳින්වීම ඊට හොඳින්ම උචිත වේ.

 

@Spartacus.lk

නවතම ලිපි