ලක් දූපත්වාසීන්ගෙන් බහුතරයක් ජනයා 2022 වසරේ අරගලයක් යැයි කියාගත් එකකට සහභාගී වුණේ ඇයි?

 1917තේ රුසියාවවේදී වගේ හෝ, 1947තේ උතුරු කොරියාවේදී වගේ හෝ, 1949යේ චීනයේදී වගේ හෝ, 1957තේ ඉන්දීය කොමියුනිස්ට් පක්ෂය චන්දයෙන් ආසන 60ක බහුතරයක් අරගත් කේරලයේදී වගේ හෝ, 1959යේ කියුබාවෙදී වගේ හෝ, දෙවන ලෝක යුද්ධය මුවාවෙන් නැගෙනහිර යුරෝපයේ රටවලදී වගේ හෝ, 1976යේ වියට්නාමයේදී වගේ හෝ, 2022දී මේ ලක් කොදෙව්ව තුළදීත් සමාජවාදය බිහිකරගන්න ද මේ දූපත්වාසීන් පාරට බැස්සේ?

seda1

නැහැ!

2022දී මේ ලක්-ජන-රොක්වීම තුළ තිබුණේ එබඳු ජනතා සංවිධානගතවීමක් හෝ අභිලාශයක් ද?

නැහැ! 

ඔය අරගලයට සහභාගී වෙච්ච සහ මෙහෙයවීම් කරපු බොහෝ උදවිය යට කියපු විදිහේ නූතන සමාජවාදී අරගල බොහොමයක් ලෝකේ සිද්ධවෙලා තිබුණ ද කියලවත් දන්නේ නැහැ. 

මොකද, මේ අය දූපත් වැසියෝ. 

මෙයාලා වෙනත් සංවර්ධිත රටක දියුණු දැනුම් පද්ධතිවලට ඇතුළුවෙන්න අවශ්‍ය වන විදේශ භාෂා දැනුමක් නැති හෝ අවම වූ දූපත් වැසියෝ. භාෂා දැනුම ඉල්ලන්නවත් දන්නැති දූපත් වැසියෝ. මහරගම ගුරු අභ්‍යාස විද්‍යාලයේ විදේශ භාෂා අංශය වහලදාල ගොඩක් කල්ගිහිං කියලවත් දන්නේ නැති, ඒය ඊට වඩා වර්ධනාත්මක අයුරකින් නැවත සථාපිත කරන්නැයි කියා සටන් පාඨයක්ව හදාගන්න මතකනැති දූපත් ජන ජාතියක් ඔහෙලා.  

සාක්ෂරතාවෙන් වැඩියි කියල කොච්චර පැම්බෑවත්, භෞමික දේශසීමා තියෙන වෙනත් රටවලට සාපේක්ෂව අපි මුහදෙන් වටවුණූ ලිඳක ලිං ගෙම්බෝ. 

ඒක මුළුමනින් ම ජනයාගේ වරදක් නෙවෙනවා වුණත්, ඒක තමයි යථාර්තය. භෞමික දේශසීමා තියෙන පිටරටවල ජීවත්වන්නට ගිය අපේ රටේ උදවියට මං මේ කියනදේ හොඳට ම තේරෙනව.

ඉතිං මේ පාරට බැහැල ඉන්න අපේ අසරණ දූපත් වැසියෝ, අරගලයකදී ඒ අරගලය පිළිබඳ හදාරන්න හෝ සංවර්ධනය කරන්න අවශ්‍ය දැනුම උපුටාගන්න තරම් ඥාන ලෙන්ගතුකම්, ඥාන රාග, ඥාන ඉරිසියා, හෝ අඩුම තරමේ ඥාන කොන්තර වගේ දේවල්වත් දන්නේ නැති උදවිය. ඒ නිසා මේ දූපත් වැසියෝ බහුතරයක් ඥානය ආයුධයක් හැටියට අරගලයකට යොදාගන්නා භාවිත-ඥාන අභ්‍යාස-ඉතිහාසයක් අපුටා නොගත් උදවිය.

seda2

ඒ නිසා “අරගලයේ” අවිය ලෙස ප්‍රචන්ඩත්වය යොදාගන්නට හෝ ඊට අහුවෙන්නට අවදානම් ඉඩක් හැමවිට ම 2022 ලක්-ජන-රොක්වීම තුළ පැවතුනා. මේ ලක්-ජන-රොක්වීම “සාමකාමී අරගලය”, “ආදරයේ අරගලය” සහ “නිර්පාක්ෂික අරගලය” වගේ නම්වලින් හඳුන්වපු එංගලන්තයේ ඉඳන් අරගලය මෙහෙයවපු පළමු අරගල නායකයාගේ ශිෂ්ටකම නිසා කෙරුණු නම් කිරීමක්. නමුත් නම් කිරීමක් සිදුවූ පමණින් ජනයාගේ පොදුහරය එකපාරට වෙනස් වෙන්නේ නැහැ. මේ නම් කිරීම නිසා යටපත්කරගෙන ඉන්න සිද්ධ වුණත්, අරගලයේ සමහර අසීරු අවස්ථාවලදී අර කියපු ප්‍රචන්ඩත්වය දොට්ට පනින අයුරු ලක් රටේ සහ පිටරටවල කවුරුත් දක්කා. ඒ නිසා තවමත් මහත්මා ගාන්ධිගෙන් ඉගෙන ගන්න තියෙනව.   

ඒ නිසා 2022දී මුලින් ම අප දූපත්වාසීන් පාරට බැස්සේ මෙතෙක් ලොව අරගලකරුවන් හඳුනාගත්තු පරිදි යම් විධිමත් මතයකින් සන්නද්ධ පිරිසක් විදිහට නෙවෙයි. මේ අය බහුතරයකට අරගලකරුවන් කියනවටත් වඩා, නිකම්ම නිකං අසරණ වූ මිනිස්සු කියල කිව්වොත් හරියට ම හරි. අරගලකරුවන් කියන්නේ, යම්කිසි අරගල මතවාදයක නායකත්වයකින් පාරට බහින පිරිසක්. අවම තරමින් 2022කේ මේ ලක්-ජන-රොක්වීම පටන් ගනිද්දී, ඒකේ ප්‍රාදේශකි මෙහෙයුම්කරුවන්ටවත්, සයිබර් කැඳවුම්කරුවන්ටවත් එහෙම දේශපාලනාර්ථික අදහසක් තිබුණේ නැති බව දන්නෝ දනිති. 

තිබුණ නම්, ඒ මතවාදයෙන් සහ දැනුමින් සන්නද්ධ කරල එපැයි මිනිසුන්ව පාරට බස්වන්න? 

“ගෝටා ගෝ හෝම්” කියන සටන් පාඨය හැරුණුකොට එම සටන්පාඨය ජයග්‍රහණයකින් කෙලවර කරගන්නේ කොහොමද කියනා ආසන්නතම ඉලක්කයක්වත් මේ පිරිසට තිබුණේ නැහැ!

ඒ නිසා පීඩනයට පත්වී යන එනමං නැති වෙලා ඉන්න වෙලාවක, මේ දූපත් වැසියෝ අරගලයකටයි කියල ලක්-ජන-රොක්වීමක් විදිහට පාරට බැහැපු නිකං ම නිකං මිනිස්සු ටිකක් කියල අපි තේරුම්ගන්න ඕන. මේ සියළු දෙනා එකිනෙකා නොහ≈ඳුනන මිනිස්සු ටිකක්. ප්‍රමාණයනේ විශාල බවින් ටීවී හෝ අයිෆෝන් කැමරාවට අහුවුණ නිසා ඒ රූපවලින් මත්වුණු හැමෝම හිතුවෙ “මෙදා පාර නම්, ආණ්ඩුවට ලේසි වෙන එකක් නෑ,” කියල. 

ඒත් එහෙම වුණේ, මේ ජනයින්ගේ දෑස් ටීවී සහ සෝෂියල් මීඩියාවල දසුනට  හසුවී ඇබ්බැහි වී තිබුණ නිසයි.  ටීවී කැමරාව හෝ අයිෆෝන් කැමරාව ඇමෙ-යුරෝ කලාපයෙන් බිහිවූ තොරතුරු-නිෂ්පාදන-උපකරණමිස අපි හොයාගත්තු ඒව නෙවෙයි කියන එක මේ දූපත් වැසියන්ට හාන්කවිසියක් මතක් වුණේ නැහැ. උපකරණයකින් මවන දසුනට හසුවීම අධ්‍යයනයකින් ලබන ප්‍රඥාව නොවේ. ඒ දසුන පවතින්නේ තාවකාලික මායාමතික ඇබ්බැහියක් විදිහට විතරයි. සැබෑ යථාව දෙපාමුලට ඇවිත් කකුලෙ වද්දල ඇහැරවන තෙක් මේ මායා නිෂ්පාදන ඩ්‍රෝනරය දසුන් මවමින් හාත්පස හැසිරුණා.

ඉතින් ඉතින් දසුන දකින්නේ කෙතරම් ද, රොක්වීමත් එතරම් ම වැඩි වුණා. රොක්වීමට ඇති ඇබ්බැහියත් එතරම් ම වැඩිවුණා. මේ රොක්වුණු මිලියන ගණන් මිනිස්සු එකිනෙකාව හඳුනන්නේ නැහැ. මෙතන මිනිසුන්ගේ පොදු එකඟතාවක් තිබුණේ නැහැ. රොක්වූ විශාල කොටසක් මිනිසුන් අතර එකිනෙකා අදහස් අතින් හඳුනාගැනීම සිදුවූණේ නැහැ. රොක්වීම දසුනට දපනෙ වැටීම නිසා සිදුවුණු දෙයක්. ඒ නිසා තමයි උදේට අරගලයට රැස්වුණු මේ නාඳුනන මිනිසුන් ම හවසට තෙල් පෝලිම්වල ගහ-මරා ගත්තේ.  ඒ අරුතින් ගත්තහම මේ ලක්-ජන-රොක්වීමට “මායාවේ අරගලය” කිව්ව නම් වඩා ගැලපෙනව.

seda3   

හරියට කිව්වොත් “ජනේලෙන් එළිය බලනකොට පාරෙ මිනස්සු පෝලිම් ගැහිල ඉන්නව අරගලේ කියල තමන්වත් නොදන්න එකකට. ඉතිං ගිහිං පපෝලිමට එකතු වුණා,” වගේ හැඟීමක් තමයි ඔය අරගලය කියල කියන ලක්-ජන-රැස්කෑම ඇතුලෙ සාමාජිකයින් බහුතරයකට අදටත් තියෙන්නේ.

ඇත්තට ම ගෝල්ෆේස් එකේ හිටපු ලක්-ජන-රොත්ත මේ ෆන්-අරගල-මායාවෙන් ඇහැරෙව්වේ 09වෙනිදා දිනක රොක්වීමට පහර දුන් මහින්දගේ මැරයෝ.

එතනින් එහාට මේ ලක්-ජන-රොක්වීම ඕනෑ ම දේශපාලුවෙකුට සූදු කෙලිය හැකි හොඳ ගොදුරුබිමක් බවට පත් වුණා. 

ඒ හින්ද දේශපාලනාර්ථිකයේ සහ වෙනත් ඓතිහාසික විෂය පද්ධතිවල න්‍යායික හෝ ප්‍රයෝගික දැනුමක් හෝ භාවිතයක් නැති මේ වගේ අසරණ දූපත් ජනකායක් මත, ඔවුන් පාරට බැස්සවපු සරල හේතූන් නොවන වෙනත් ඕන ම හේතුවක් ඇත්ත හේතුව ලෙස උපායිකව පැටෙව්වොත්, “එක එහෙම නෙවෙයි” කියල තර්ක කරන්න විෂයානුබද්ධ ඥනායක් ඔය අරගලයේ මුල්-කැඳවුම්කරුවන්ටවත් තිබුණේ නැහැ.

තිබුණා නම්, ඔය ලක්-ජන-රොක්වීම සිදුවෙන අස්සේ ජනයා ඒ ඥානයෙන් සන්නද්ධ කරන්න එපැයි. පසුව මේ ලක්-ජන-රොක්වීම තුළට ෂේප් එකේ බින්න බැහැපු පෙරටුගාමීන් හෝ ප්‍රහාරයෙන් පසුව ආධාර ලබා දෙන්නට පැමිණි ජවිපෙ හෝ වෙනත් සංවිධාන මේ ලක්-ජන-රොක්වීම තුළට පෙනි පෙනී වැද්දගැනීමේදී, ඔවුන් එක්ක මතවාදී සන්හිඳියාවකට ගිහිං නෙවෙයි ඒව සිද්ධ වුණේ. එහෙම සාකච්චාවකට යන පෙර-පුහුණුවවත් මේ ලක්-ජන-රොත්තට හෝ එහි මෙහෙයුම්කරුවන්ට තිබුණේ නැහැ. 

තමන් මෙහෙයවන අරගලය ඇතුළට වදින දේශපාලන කණ්ඩායම් එක්ක කතිකාමය සංවාදයකට යන්නට අවශ්‍ය දේශපාලනාර්ථික දැනුමක් ඔය අරගලයේ මුලින් සුක්කානම අල්ලන් හිටපු අයට තිබුණේ නැහැ.

ඇයි?

 seda5

අරගලයයි කියන ඔය ලක්-ජන-රොක්වීම නිකං ඕන කෙනෙකුට ඇවිත් ලෙහෙසෙියෙන් නිදිවදින්න පුළුවන් වේසමඩමක්, ගංජ පොට් එකක්, මධුවිත ආතල් දෙන සැනකෙලි ෆන් බිමක්, හවසට වෙසක් බලන්න යනව ගේ ආතල් ඊවිනිං පාක් එකක්, මියුසිකල් නයිට් එකක් විදිහට තමයි පැවතුණේ. කලාකාරයෝ සහ බුද්ධිමතුන් යැයි කියාගත්තු දේශකයෝ හිතූ හිතූ දේවල් කියා චින්තනමය කබරයා දාන පොට් එකක් විදිහටත් මේක පැවතුණා. ඒ කියන දේවල් වලින් දියුණු අරගලකාරී සටන්කාමීන් බිහි වුණේ නැහැ. තමන්ට සුපුරුදු ගෝරි දාගන්න දන්නා දූපත් වැසියො ටිකක් තමයි හිටියේ. මේ අය සටන් සහ ගෝරි අතර වෙනස දැනං හිටියෙවත් නැහැ.   

ඊට අමතරව කලාකාරයෝ, කාලය ඉකුත් වුණු පරණ ඒන්ජීඕකාර බුද්ධිමතුන් ඇවිත් සපෝට් එකට එක එක අදේශපාලනික විගඩම් ටොක් දුන්නා. අරගලකරුවෝ කියාගත් ලක්-ජන-රොත්ත මේ අය වටා රොක්වෙලා හුරේ දැම්මේ, දේශපාලන දැනුමක් අත්කරගන්න කියන අදහසින් නෙවෙයි. මේ අතරින් බොහෝ අයව කලින් මීඩියාවලින් දැකල තිබුණ නිසා, ඇත්තට ම දැකගන්න ලැබීමේ නැරඹුම්කාමී ආශාවෙන් ලෙඩවී හිටපු නිසයි ඒ. ඉතිං අර විගඩම්කාරයෝත් තම ප්‍රදර්ශනකාමය වපුරල තමන්ගේ මීඩියා ප්‍රොෆයිල් වයිරල් කරගත්තා.     

මෙවන්  ලක්-ජන-රොක්වීමකට ඇතුළුවන්න, බින්න බහින්න හෝ වඳබහින්න හදන ඕනෑ ම දේශපාලන කණ්ඩායමක් හෝ සංවිධානයක් දෙවරක් සිතිය යුතු දෙයක් තියෙනව.

මේ ජනයාට අවංක ආදරවන්ත නායකයෝ යයි පෙන්වමින් තම කණ්ඩායමේ හෝ සංවිධානයේ හෝ පක්ෂයේ මතය ඔවුන්ගේ කරේ එලන්න යන එක කෘතිම සහ අදේශපාලනික බව ඔවුන් දැන සිටිය යුතුයි. ඒක නිකං අනියම් බ්ලැක්මේල් කිරීමක් වගේ වැඩක්. ඒක හරියට අර ජපුර සරසවියේදී අනේක රැග් වධ හිංසා දීල අන්තරේ දේශපාලනයට සිසුන් සම්බන්ධකරගන්නා ගෝත්‍රික සෙල්ල ම වගේ මානව-විරෝධී වැඩක්. 

ඒ නිසා එක්කෝ මේ අනියම් බ්ලැක්මේල් වැඩේ ලක්ජන රොත්තට කරනවද, නැතිනම් ඔවුන්ට සැබෑ දැනුම්වත් කිරීම් ලබාදීම හරහා ස්වකැමැත්තෙන් ප්‍රජාත්න්ත්‍රවාදී ලෙස තම මතයට හැරෙන්නැයි ආරාධනා කරනවද කියන එක ගැන දෙවරක් හිතන්න ම ඕනි. අන්තරේ දේශපාලන ඉතිහාසය තුළ එවැනි ප්‍රජාතන්ත්‍රවාදී සංස්කෘතියක් තබුණද කියල මේක කියවන අය හොඳට හොයල බලන්නකො.

දෙවෙනි වතාවටත් අසාර්ථකත්වයට පත්වුණු මේ ලක්-ජන-රැස්කෑමේ හිටපු අරගලකරුවන් කියන අයගේ පැත්තෙන් ගත්තහම ඔවුන්ගේ පසුබිම ඔය වගේ එකක්. (අරගලය අසාර්ථක වෙන්න ආණ්ඩුව සහ අනික් අයකරපු දේවල පසුබිම මේ ලිපයේ පහළ තියෙනව.) 

seda6

 

ඒ නිසා ආර්ථික වශයෙන් නන්නත්තාර වූ, සැබෑ සමාජ අරගලය ගැන තවමත් අවිඥානික වූ මේ දූපත් මිනිසුන්ගේ අසරණ මෝඩකම නිසාත්, කෝල්ලො කුරුට්ටන්-කෙල්ලන්ගේ අයාලකාමය නිසාත් තම ජීවන පීඩනය පිටකරගන්න ඔවුන් ම අටවගත්තු අරගලය මැද්දට පැනල, ඒක නිවැරදි කරනවා වෙනුවට වෙනත් දෙයක් සිද්ධකරන්නට යන බවට ඉඟි පලකරන, “ව්‍යවස්ථාව කොල කෑල්ලක් විතරයි කියන තරමේ” බැරෑරුම් අරගලයකට නිවැරදි ඓතිහාසික මොහොත එනකං ඉවසන්න බැරි නිසා සංකීර්ණ මිලිටරි සංවිධානගතවීමක්වත් නැතුව ම සන්නද්ධ අරගලයක් තරම්වන එකක් ගැන උටෝපියන් සිහින දකින, වඳ ගෑනිට බබ්බු හම්බකරල දෙන්න හදනව වගේ ගොංපාට් නෙයියාගමක් නටන්න හදන, 88-89දී වගේ කිසි ම දෙයක් ලබන්නේ නැතුව ම මෙදාපාර ලක්ෂ 05ක් විතර ඝාතනය වෙන්නට පාර කපන්න යන විචදිහේ  ලදරුවලිප්පු මාධ්‍ය ටොක් දෙන පෙරටුගාමීන්ටයි මේ කියන්නේ. 

තමුන්නැහැලෑ එහෙම දෙයක් නොකරනවා නම් භාග-ටොක් නොදා දැන් ම ඒක ජනතාවට කියන්න. එහෙම නැතුව එංගලන්තකයින් හදල දීල ගිය නූතනවාදී ත්‍රිවිධ හමුදාවක් ඉදිරියේ භාෂා ඥානයෙන් සහ දේශපලනාර්ථික ඥානයෙන් වැඩි විජේවීරටත් ගැස්සිලා ගිය සන්නද්ධ අරගලය, දේශපලන සෙල්ලම් ගෙවල් හදාගෙන කරන්න ගිහිං, ඒකෙන් මිනිස්සු බිල්ලට ගොස් නිකරුණේ මහා ජන-ඝාතන සිද්ධ වුණොත්, මෙදාපාර මිනිස්සු ආණුඩුව පැත්තක තියල අරගලය මෙහෙයවන සන්නද්ධ බලකාමී පාර්ශවයන්ගේ බොකු කැවුතු කාල තමයි පස්ස බලන්නේ. 

ඒ නිසා පුබුදු ජාගොඩ සහ රන්ජිත්තම්ලා මේ ගෙවෙන මොහොතේ පාරට බැහැල ඉන්න ජනයාගේ සැබෑ වාස්තවික තත්වයන් අඳුනගෙන, ගෝලීය දේශපාලනාර්ථික දැනුමෙන් සන්නද්ධ ත්‍රීවිධ හදුමදාවටත් වඩා විශාල රතුහමුදාවකුත් හදාගෙන, ඊලඟ අරගල අවස්ථාව කළ යුත්තේ කොහොමද කියන තීන්දුව ගතතොත් තමයි හොඳ. එහෙම බැරිනම් රටේ ඒ මැරෙන්න ඉලක්ක වී තිබෙන ඒ ලක්ස 05 මැරෙන්නට නොදී අනතුර ආපස්සට හරවගන්න උදව් කරන්න.    

 ඒ හින්ද හොඳ වගකීමෙන් හිතල බලන්න!

seda8

 

බලන්න, අවම තරමින් මේ මිනිස්සු පාරට බරස්සේ, සන්නද්ධ අරගල තියා සමාජ ප්‍රතිසංස්කරණ ඇති කරගන්නවත් නෙවෙයි. මේ ජනයා හිටියේ ඝෝටා යවල 225 ම ඉවත් කළොත් තමන්ගේ පීඩනය ඉවත් වෙයි කියන බොළඳ දේශපාලන මතයේ. 

සමාජවාදය පැත්තකින් තියමුකෝ. 

මේ මිනිස්සු පාරට බැස්සේ 19වැනි සංශෝධනය ගෙනත් ජනාධිපති බලතල අහෝසි කරන්නද? රටේ පාස්කු ප්‍රහාරයට නීතියේ සාධාරණයක් ඉශ්ඨ කරගන්නද? රාජපක්ෂලා ඇතුළු කවුරුන් හෝ කරපු දූෂණවලට නීතිමය ක්‍රියාමාර්ග ගන්නද? දෙමල ජනයාට උතුරේ අහිමි වූ ඉඩම් අරන් දෙන්නද? නැත්තං මහා ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණයක් සිද්ධ කරගන්නද? ඩොලර් අර්බුදයක් කියන්නේ මොකක්ද කියල දැනගෙනද? එහෙමත් නැත්තං අයිඑම්එෆ් එක හරහා ණයක් අරන් දීහං කියල බලකරන්නද? නැත්තං ගෝලීය ආර්ථික පද්ධතියෙන් ඵල නෙලාගත හැකි ආකාරයේ සංයුක්ත ආර්ථික සංවර්ධන න්‍යායපත්‍රයක් රටට අවශ්‍යයි කියල කියන්නද? අඩුම තරමින් ගෝඨා පැන්නුවට පස්සේ ඊළඟට රටේ නායකත්වය ගන්න ඕනේ කවුද කියන අදහසක්වත් ඇතිවද?

නැහැ!

එවකට හිටපු අගමැති මහින්ද මේ ලක්-ජන- රොත්තට සාකච්චාවකට අඬගහද්දීත්, “අපිට සාකච්චා එපා ගෝටා සහ උඹල ගෙදරපලයල්ලා” කියන බොළඳ පාඨ කියනව ඇරෙන්න මේ ජන-රැස්කෑම මෙහෙයවපු සයිබර් රාලලාටවත් මොකක්ද ඊළඟ මොහොතේ කරන්න ඕනේ කියල සංයුක්ත අදහසක් තිබුණෙ නැහැ. ව්‍යවස්ථාව අනුව ජනාධිපති කෙනෙක් ඉවත් කරගන්නේ කොහොමද කියල අදහසක් තිබුණෙත් නැහැ. ඒකෙන් ජනතාව එක අරමුකට සංවිධානය කරල, පියවරෙන් පියවර වර්ධිත ඉලක්ක කරා යන යොමුවක් තිබුනෙ ම නැහැ. අරගලය කියන එකට සහභාගී වුණු බොහෝ දෙනා ඇත්තටම දැනං හිටියෙ ඒ අරගලයට ආපු තමන් අවට හිටපු සුළු හිතවත් පිරිසක් විතරයි. 

අරගලයට ඇතුළුවීම නිකං බාබර්ගේ දොරපියන වගේ දෙපැත්තට ම ඇරිලයි තිබුණේ. ඕන කෙනෙක් එනව යනව. හරියට කාලනිවල් එකක් වගේ. හතුරට වුණත් ඇවිත් අරගලයේ සංවිධානමය දුර්වලතා නිරීක්ෂණය කරල යන්න පුළුවන් තරමට අරගලයේ රෙද්ද පලල් වෙලයි තිබුණේ. මට දැනගන්න ලැබුණ විදිහට යෝෂිතගෙ සෙට් එකක් ඔතනට බැහැල 09වෙනිද ප්‍රහාරයට කලින් අරගලකරුවන් එක්ක කෑ ගහන ගමං, අරගලයේ ඉම් පෙදෙස් ලකුණු කරගෙන ගියා කියල තමයි ආරංචිය.      

seda7

 

මේ ලක්-ජන-රොත්තට මුලින් ම තිබුණේ ගෝටා ස්වේච්චාවෙන් අස්වෙලා යනව දකින සිහිනයක්. එහෙම දෙයක් කවදාවත් වෙන්නේ නැතය, ඔය පුටුවේ ඉඳගත්තු කෙනෙක් තමන්ට ව්‍යවස්ථාවේ පූර්ණ රැකවරණය තියෙද්දී කොහොමටවත් දාල යන්නේ නැතය කියන අදහස ඔය ජන-රැස්-කෑමට හෝ ඒක මෙහෙයවපු අයට තිබුණේ නැහැ. මුලදී තමන්ට ආවරණයක් සපයාගතහැකි ජනතා විමුක්ති පෙරමුණ වගේ බලවේග ඊට කැමැත්තෙන් වෙනම අරගලය ඇතුළට එන්න හදනකොට පවා ඒකට ඉඩ දුන්නෙත් නැහැ. 

“අපිට 225ම එපා” කියල කියන ඊළඟ මායා මතයේ තමයි එයාලා එල්බිලා හිටියෙ.

හරියට පාර්ලිමේන්තුවට 225ක් පත්කළේ සහ ගෝටාට 69ලක්සයක් චන්දෙ දුන්නෙ ලංකාවෙ මිනිස්සු නෙවෙයි කොහෙ හරි පිටරටක ඈයෝය, මේ අරගලයෙ ඇතුළෙ ඉන්නෙ ඒ වගේ කිසි ම කැත වැඩකට ඉතිහාසය පුරා සහභාගී නොවෙච්ච මාර පිවිතුරු ඈයෝය, අපි මාර නිර්පාක්ෂිකයෝ ය වැනි පසුබිම් අදහසකින් ඩෝප් වෙලා තමයි එයාල හිටියෙ. මෙතෙක් දූෂණයකට හවුල් බවට ඔප්පු වී හෝ ප්‍රසිද්ධ වී නැති ජවිපෙ වගේ බලවේග තමන්ලාට හිතවාදී බව දැනගෙන පවා එයාලව මුලදී වැද්දගත්තේ නැත්තේ මෙන්න මේ හින්ද යි.. 

එක්තරා අවාසනාවන්ත 09වෙනිදාවක මහින්දගේ නිල නොලත් මැරයෝ ඇවිත් තමයි එයාලව මේ ඩෝප් එකෙන් ගලවල, එහෙම තනියම උතෝපියානු අරගල කරන්න බෑ කියන එක එයාලට ඔප්පු කරල, මේ ලක්-ජන රොත්ත පියවිසිහියට ගෙනාවෙ. ඉතිං සාමාන්‍ය මිනිස්සුන්ව ස්වයං-අරගලකාමී ඩෝප් එකෙන් පියවි සිහියට පත් කළේ මහින්දගේ මැරයො.

එතකොට ඇත්තට ම ඇයි මේ උදවිය අරගලය කියන නම දාගෙන මිනිස්-රැස්කෑමක් විදිහට පොදි ගැහුණේ?

පැහැදිලිවම එයාල මුලින්ම පොදි ගැහුණේ දේශපාලනාර්ථික අරගල අරමුණු-සැලැස්මක් ඇතුව නෙවෙයි.

ලක් දූපත්වාසීන් බහුතරයක් 2022 වසරේ අරගලයක් යැයි කියූ මිනිස්-රැස්කෑමකට සහභාගී වුණේ, දේශපාලනාර්ථික මතවාදයක් තියා කුමන මතවාදයක්වත් ජයග්‍රහණය කරවන්න දැනගෙන නෙවෙයි.

ලක් දූපත්වාසීන් මේ අරගලයට සහභාගී වුණේ සහ මෙහෙයවුණේ දේශපාලනාර්ථික මතයක් නැතුව හිස් හැඟීමෙන් හිත් පුරෝගෙන. එයාල “ගෝටා ගෝ හොම්” සටන් පාඨය එක දිටග කිව්වහම හෝ ජප කලහම ඉබේ ම ඒක යථාර්තයක් වේවි කියල හිතන් හිටපු දුක් විඳින බොළඳුන්. 

ඒයාල එකතුවුණේ ප්‍රතික්‍රියක ජන-පොදිගැසීමක් විදිහට විතරයි.

මොනවටද එයාල ප්‍රතික්‍රියා දැක්වූවේ?

එයාල ප්‍රතික්‍රියා දැක්වූවේ තමන්ගේ පංච ඉන්ද්‍රීය සංවේදනවලට දැනෙන ලඟ-පේන අනුභූතික පීඩන කිහිපයකට.  එයාල ප්‍රතික්‍රියා දැක්වූවේ ආහාර හිඟය සහ මිල ඉහලයාම, බෙහෙත් හිඟය සහ මිල ඉහළ යෑම, තෙල් හිඟය සහ මිල ඉහළ යෑම, ගෑස් හිඟය සහ මිල ඉහළ යෑම, විදුලිය කැපීම අනවරතව සිදුවීම, රසායනික පොහොර නැතිවීම සහ මිලදී ගැනීම් උපයන මුදලින් කරගැනීමට අසීරුවීම වගේ තමංගෙ පංච-ඉන්ද්‍රියන්ට-ළඟ-දැනුන සංවේදනමය(අනුසෝතගාමී) හේතු ටිකක් නිසා විතරයි.

එතකොට අර කියපු 19වන ව්‍යවස්ථා සංශෝධනය, පාස්කු ප්‍රහාරයට උත්තර, දූෂණයට නඩු වගේ ලොකු අරමුණු?

ඒවා පස්සේ වෙනත් සංවිධාන විසින් මේ සාමාන්‍ය මිනිස්සු මත පටවපු ඒවා. 

ඒ කියන්නේ අර සුළු උවමනා ටික ලැබුණ ගමන් මේ මහා අරගල භූමිය මිනිස්සු නැතුව වේලෙන්න පටන්ගන්නව කියන එකනේ.

ඇයි එහෙම වෙන්නේ?

පංච ඉන්ද්‍රියේ-හුදු-සංවේදන-ඉක්මවා-ගිය දේශපාලනාර්ථික සංජානන(පටිසෝතගාමී) බුද්ධියක් ඇතුව හෝ එවැනි නායකත්වයකට යටත්ව නෙවෙයි, සාමාන්‍ය මිනිස්සු මේ අරගලයට සහභාගී වුණේ.

දූපත් වාසී සාමාන්‍ය-මිනිස්සු(ක්‍දපපදබැරිලා) අදටත් තවමත් දේශපාලනාර්ථික සංජානනයන්ගෙන් බොළඳයි.

ඒ හින්දයි තරමක දේශපාලන නායකත්වයක් ලැබුණට පස්සෙත්, රටේ ප්‍රධාන පාලනාධිකාරී මර්මස්තාන වන ජනපති මන්දිරය, අගමැති කාර්යාලය වැනි ස්ථාන අල්ලාගෙනත් විනයක් නැතුව ස්විමින්ග් පූල්වල නාන, පෝලිමේ ඉඳන් ජිම් ව්‍යායාම මැෂිම්වල දුවන, හවසට ගංජා ගහන, ඩෝප දාන, අයිස් ගහන, ජනාධිපති විසින් රැස්වීම් මෙහෙයවපු මේසය වටේ ඉඳගෙන දේශපාකයින්ගේ චරිත විකට අයුරින් රඟපා පෙන්වන, සමහර පොදු දේපවලට හානි කිරීම වගේ කොළඹ සන්නිය ටයිප් දේවල් තමයි සිද්ධ කෙරුණේ. 

seda10

ඒක මුළුමනින් ම ඒ මිනිස්සුංගේ වරදක් නෙවයි. 

එයාල නිකං ම නිකං අනුසෝතගාමී සාමාන්‍ය මිනිස්සු. ඒ මදිවට දූපත් වැසියෝ. 

ඉතිං කවුරුහරි ප්‍රශ්නයක් අහන්න පුළුවන්, ඉතිං ඒකෙ වරදක් තියෙනවද කියල?

ඒකෙ කිසි වරදක් නැති වෙන්න පුළුවන්. ඒක එක මිනිසුන්ගේ බුද්ධි මට්ටමනෙ. 

ඒත් එහෙම ඒව සංයුක්ත ප්‍රායෝගික අරගල වෙන්නේ නැහැ. එහෙම ඒව අරගල කියල නම් කරන්නේ එක්කෝ මොඩකමට, නැත්තං මේ ලක්-ජන-රෙක්වීමෙන් අනිසි ඵල නොලගන්න අවැසි සටකපට කමට.

ඉතිං කවුරුහරි ගංජ මල්ලි කෙනෙක්ට හො හුජ්ජ කොලූ හෝ කෙලී කෙනෙක් අහන්න පුළුවන්, “අපිට සංයුක්ත දේශපාලනාර්ථික නායකත්වයකට යටත් අරගලයක් ඕන නෑ ඕයි, තමුසෙගෙ ඔය ගැඹුරු අදහස් පුකේ ගහගෙන අරගලයට ඇවිත් අපිට ඕන විදිහට කෑ ගහ ගහ ඉන්නව ඕයි” වගේ ඒව කියල.

ඔව් එහෙම කරගන්නත් පුළුවන්. 

හැබැයි ඒකෙන් වෙන්නේ, අර සංයුක්ත කුමන්ත්‍රණ ඥානයක් තියෙන, තම ඔළු ගෙඩියට ඉංග්‍රීසියෙන් ගෝලීය ධනවාදී දැනුම එකතු කරගන්න පුළුවන්කම සහ වරප්‍රසාදය ලබපු, දමාගිය ගෝටාටත් වඩා නූල්-සූත්තර පාලකයෙක්  අරගලයේ ඇවෑමෙන් බලයට පත්වීම.

ඒක සිද්ධ වුණා නේද? 

ඔහොම තමයි අරගලයේ පළවෙනි අදියරෙන් පසුව නව අගමැතිවරයෙක් පත් වුණෙත්, දෙවනි මහා අදියරෙන් පසුව එයා නව-ජනපති කෙනෙක් වුණෙත්. ඊට පස්සේ අරගලවාදීන්ගේ ගොංකම නිසා කෝච්චිය ගියාට පස්සේ සමාජ මාධ්‍යවලින් කුණුහරුප කියමින් පාලකයට බනින සාමාන්‍ය මිනිස්සු, මධ්‍ය සාකච්චා කැඳවමින්, නොලැබෙන බව දැන දැනත් ඒ පාලකයාගේ සාදාචාරවත්කම හෝ හෘදසාක්ෂියක් නැතිකම ගැන ජනයා ඉදිරියේ කන් කෙඳිරි ගාමින් ඉන්න දේශපාලකයෝ කල එළි බැස්සා. එහෙම ඉඳල වැඩක් නැහැ කියන එක තේරෙන්නෙ නැතිකම තමයි ඊළඟ මොහොතේ විනාශය හදල දෙන්නේ. රටට ඕන ජනයා ඉදිරියේ නාහෙන් අඬන දේශපාලකයෝ නෙවෙයි. පසුබෑමකින් පස්සේ ජනයාට ඊළඟට තියෙන සමාජ ඉලක්කය(බී ප්ලෑන් එක) වහාම ක්‍රියාත්මක කරන්න පුළුවන් යොමුගත(Focused) දැක්මක් තියෙන නායකයින් තමයි රටට ඕන.

seda12

එතකොට පහුගිය 09 වෙනිදා මේ අරගලය කියන රොක්වීම කෙරුණේ සහ පවත්වාගෙන ගියේ සමාජවාදය හෝ සන්නද්ධ අරගලය හෝ ඉල්ලා නෙවෙන බව කාටත් පැහැදිලි වෙන්න ඕන. 

අනික රනිල්ට රට ගිය එක මහ පුදුම වෙන්න දෙයක්ද?

පුදුම වෙන්න දෙයක් නැහැ. 

ඒක තමයි මේ දූපත් වැසියෝ 1953නේ ඉඳන් ම කරගත්තේ. 

දශක ගාණක් තිස්සේ තමන්ට හරි හුරුපුරුදු දෙයක් දන්නෑ වගේ පුදුම වෙන්නේ කුහකයෝ.   

බලන්න!

1953 අරගලේ පැරදීමේ බලය අරන් 1956 බණ්ඩාරනායක අගමැති වුණා. 1971කේ කැරැල්ල පැරදීමේ බලය අරන් ජේ ආර් අගමැතිවෙලා ජනපති වුණා. 80වැඩවර්ජනය පැරදීමේ බලය අරන් ජේ.ආර් ආයෙමත් ජනපති වුණා. 88-89 කැරැල්ල පැරදීමේ බලය අරන් චන්ද්‍රිකා දෙපාරක් ජනපති වුණා. උතුරු-නැගෙනහිර ත්‍රස්ත කැරලිකාරයන් මුදලින් රවටා බලය අරන් මහින්ද ජනපති වුණා. ෆොන්සේකා උතුරු නැගෙනහිර කරලිකරුවන් පැරදීමේ බලය අරන් මහින්ද දෙවෙනි පාරටත් ජනපති වුණා. 2022 අරගලකරුවන්ගේ පැරදීමේ බලය අරන් රනිල් අගමැති වුණා සහ ජනපති වුණා. 

මේක “දෙවරක් දෙක හතරයි” වගේ සරල සාමාන්‍ය හුරුපුරුදු සූත්‍රයක් හෝ සමීකරණයක් විදිහට ඉතිහාසය බලාපොරොත්තු ඉලක්කයෙන් පිටතට පොලාපැනීමක් විදිහටයි තේරුම්ගන්න ඕන.

ඉතින් මේ හැම පරාජයකින් පස්සේ ම අරගලවල හිටපු පැරදුන නායකයෝ ජනතාවට කෙස් පැලෙන තර්ක ඉදිරිපත්කරමින් අර පත්වුණු පාලකයව පතුරුගහන්න හදනව මිසක්, වැරදුනේ කොහෙද කියල හොයල බැලුවෙ නැහැ. 

ඉතහාසයේ එකම කෙලවීමේ සෙල්ලම දෙවෙනි පාර වෙද්දි ජොක් වෙනව, තුන්වෙනි පාර වෙත්දි ව්‍යසනයක් වෙනව කියල තමයි ලෙනින් කිව්වේ. මේක ලෙනින්ටත් තේරුම් ගන්නත් බැරි තරමේ මාර උමතු විගඩං තත්වයක්. දැනට අවම තරමින් අපි මේ ගෙවමින් ඉන්න කෙලවා ගැනීමේ 05වෙනි අදියර.

ඒ හින්දා, ඉහිහාසයක් විනාශය දෙසට නිර්මාණය වීමේදී පාලකයින් කරපු අත්තනෝමතික ක්‍රියා සමස්තය වගේ ම, විපක්ෂය, සටන්කරුවන්, අරගලකරුවන්, වම හෝ පාලක විරෝධය ඇති කරපු අයගේ අත්තනෝමතික වූ උපාය-මාර්ග-ක්‍රියා සමස්තය ද වගකියන්න ඕනි. 

ඉදිරියේ දී හොඳ ප්‍රගතිගාමී දේශපලනාර්ථික අක්ෂයක් නිර්මාණ වන්නේ, එහෙම සමබරව සහ බහුමානිකව මේ දිහා බැලුවොත් විතරයි.

ඉතිං ඉතිහාසයේ ප්‍රගතිය හෝ විනාශය හදන්නේ මේ දෙගොල්ලෝම.

ඉතිං මේ ගෙවෙන මොහොතේ මේ රටට ගෝලීය පිළිගැනීමක් තියෙන ධනේෂ්වර පාලකයෙක් උවමනා ඇයි?

seda14

එකක් අපි මේ මුහුණ දෙමින් ඉන්නේ ගොලීය ආර්ථික පද්ධතිය ඇතුළේ නියාම ධර්ම අධ්‍යයනය නොකර කටයතු කරන්න යෑමෙන් ජාතික ආර්ථිකය අර්බුදයක් ඇතිවී, එයත් ව්‍යසනය කරා යමින් සිටින අභියෝගකාරී දේශපාලනාර්ථික මොහොකට.

දෙවැන්න, මේ අපිට ගණු දෙනු කරන්න වෙලා තියෙන්නේ ගෝලීයකරණයත් එක්ක ඇතිවුණ නව-නූතන-ධනවාදය සමඟ.

දැන් මේ ගෝලීයකරණය විදිහට එන නව-නූතන-ධනවාදය කුමන්ත්‍රණයක්ද?

නැත්තම් භෞතික ක්‍රියාවලියක අනිවාර්ය ප්‍රතිඵලයක්ද?

මේ නව-නූතන ගෝලීය ධනවාදය කුමන්ත්‍රණයක් නම්, කාර්මික විප්ලවයත් කුමන්ත්‍රණයක් වෙන්න ඕනි. කාර්මික විප්ලවය නිසා ඇතිවූ නූතන-ධනවාදයත් කුමන්ත්‍රණයක් වෙන්න ඕනි.

ලෝකයක් ඊළඟ සංවර්ධන අවදියකට පත්වන්නේ ජාතිය, කුලය, දේශපාලනය, සංස්කෘතිය, කලාව, නීතිය, ආගම, ආණ්ඩුව, රජය, සාහිත්‍යය, ලිංගිකත්වය වැනි මිනිස්සු භාෂාවෙන් තම හිත් තුළ ගොඩනගාගත්තු ව්‍යූහ නිසා නෙවෙයි. මේවා ඇත්තටම මිනිස්සුංගෙ හිත් තුළ ගොඩනංවපු ව්‍යූහ. 

ඒවා මිනිස්සුංගෙ හිත්වල තියෙන තාක් කල්, මිනිස්සු ඒ භාෂා-ව්‍යුහවලින් ශීක්ෂණය කෙරී, ඒවායින් ලබා දුන් සිතිවිලි පරිදි දිවි ගෙවන තාක් කල්, මේ ව්‍යූහවලට භෞතික පදනමක් තියෙනව. නමුත් මිනිස්සු මේ ව්‍යූහ සිතින් අත්හැරියොත්, මේ ව්‍යූහවලට භෞතික පදනමක් නැහැ. ඒවා අහසේ පාවෙනව. 

ආර්ථික අර්බුදයක් හෝ ව්‍යසනයක් ඇතිවන ඕනෑම සමාජ තත්වයකදී මිනිස්සු මේ මානසික ව්‍යුහයන් කෙමෙන් අතහරිනව. 

ලෝකයක් ඊළඟ සංවර්ධන අවදියකට පත්වන්නේ වෙනත් භෞතික හේතුවකට.

මොකක්ද මේ භෞතිකය?

මේ භෞතිකය තමයි ප්‍රාග්ධනය කියන්නේ. 

ප්‍රාග්ධනය කියන්නේ සල්ලිවලටද?

නෑ!

ප්‍රාග්ධනය කියන්නේ මිනිස්සුත් එක්ක ම මේ පෘථිවියට.

එතකොට සල්ලි කියන්නේ?

සල්ලි කියන්නේ මේ පෘථිවිය කියන සැබෑ භෞතික ස්වභාවික ප්‍රාග්ධනයට මිනිසුන් මොළයෙන් ආර්ථිකය කියන භාෂා පද්ධතියට යොදාගෙන සිතා මතා, ඒ අනුව නිෂ්පාදන උපකරණ(Means of Productions) තනා, ඒවායින් හදන භෞතික නිෂ්පාදන වෙළඳපොලට යවා ගණු දෙනු කරගන්නට හදාගෙන දීල තියෙන සංකේත-සංඤා සිතුම් පද්ධතියක්. 

එතකොට සල්ලි (finance Capital) නෝට්ටු හෝ කාසි විදිහට නැතත්, ඉලක්කම් විදිහට බැන්කු කාඩ් එකකින් අයිති කරගන්න පුළුවන් කාලයක තමයි අපි මේ පහුකරමින් ඉන්නේ. 

ඉතින් ලෝකයක් සහ එහි සමාජයක් ඊළඟ සංවර්ධන අවදිය කරා වෙන්ස් වෙන්නේ මොන භෞතිකයෙන් ද?

එක වෙන්නේ නිෂ්පාදන උපකරණවලින්. මෙය ප්‍රාග්ධනයේ විශාල කොටසක්. 

කාර්මික විප්ලවය දිහා බැලුවොත් කාර්මික විප්ලවයේ නව-විද්‍යාත්මක සොයාගැනීම් නිසා සංවර්ධණය වුණේ මොනවාද?

නිෂ්පාදන උපකරණයි.

ගොඩක් කියන්න ඉඩ මදි නිසා, එක උපකරණයක උදාහරණයක් කියන්නම්. 

කාර්මික විප්ලවය සිද්ධ වුණ එංගලන්තයේ, ඒ කාර්මික විප්ලවයට කලින් තිබුණෙ අතින් කකුලින් තල්ලූ කරල රෙදි වියන යන්ත්‍ර හෙවත් නිෂ්පාදන උපකරණ. නමුත් කාර්මික විප්ලවයේ නව-විද්‍යාත්මක සොයාගැනීම් නිසා, අතින් සහ කකුලින් තල්ලු කරපු වැඩවසම් නිෂ්පාදන උපකරණය වෙනස් වුණා. ඒක ස්වයංක්‍රියව චලනය වෙන කාර්මික උපකරණයක් බවට පත් වුණා. ඒකෙන් නිෂ්පාදනයේ ගුණාත්මක බව ඉසියුම් වුණා විතරක් නෙවෙයි, නිෂ්පාදනය කරන ප්‍රමාණයද වැඩි වුණා. ඉතින් ඒ අනුව ශ්‍රමිකයාගේ ස්වභාවය, නිෂ්පාදන උපකරණය අයිතිකරුගේ ස්වභාවය, මේ නිෂ්පාදන විකුණන සහ මිලදී ගන්නා වෙළඳපොලේ ස්වභාවය වෙනස් වූ අලුත් සංවර්ධන අවදියකට ඇතුළු වුණා. රටේ බහුතරයක් නිෂ්පාදන උපකරණවලට මෙහෙන වෙනකොට මොකද වෙන්නේ?  

එංගලන්තයේ සමාජ-ක්‍රම-පද්ධතිය ම වෙනස් වුණා. පූර්ව-නූතන(Pre-Modern) අවදියක ඉඳන් නූතන (Modern) අවදියකට වෙනස් වුණා. වෙනත් විදිහකින් කිව්වොත්, නිෂ්පාදන උපකරණ අලුත් වීම නිසා වැඩවසම් සමාජ ක්‍රමය ධනේෂ්වර සමාජ ක්‍රමයක් බවට පත් වුණා. ඒක අර වැඩවසම් සමාජයට සාපේක්ෂව සංවර්ධිත සමාජයක්. 

ඒ හින්ද එංගලන්තයේ නූතන ධනවාදය ඇතිවීම කාගෙවත් දේශපාලන හෝ වෙනයම් චෛතසිකව කළ කුමන්ත්‍රණයක් නෙවෙයි. 

එංගලන්තයේ නූතන ධනවාදය කියන සංවර්ධිත අවදිය ඇතිවුණේ, කාර්මික විප්ලවය නිසා බිහිවූ නූතන-කාර්මික-නිෂ්පාදන-උපකරණ නිසයි.

අන්න එක් තමයි භෞතික හේතුව.

එතකොට ගොලීයකරණයට යාදෙන නව-නූනන ධනවාදය ඇති වුණේ කොහොමද?

කාර්මික විප්ලවයෙන් දශක ගණනකට පසුව පරිගනකය, සැටලයිට් තාක්ශණය, අයිෆෝන් තාක්ෂණය සහ රො බෝටික් තාක්ෂණය ඇතුළු නව-තාක්ෂණ-විද්‍යා විප්ලවයක් ලොවපුරා ඇතිවුණා. 

ඒකෙන් මොකද වුණේ?

පළමුවෙන් ම ඒකෙන් අර කාර්මික නිෂ්පාදන උපකරණ ම තාක්ෂණික අවදියකට පිවිසුණා. ඒ කියන්නේ ඒ කාර්මික උපකරණ කම්පියුටරයිස් වුණා.

අර උදාරණයහ ම අරන් කිව්වොත්, අර අතින් රෙදිවියපු නිෂ්පාදන උපකරණය ස්වයංක්‍රීය කාර්මි නිෂ්පාදන නිෂපාදන උපකරණයක් වුනායින් පස්සේ, ඒ උපකරණය පරිගණකමය තාක්ෂණ උපකරණයක් බවට වැඩිදුර සංවර්ධනය වුනා. උවමනා නම් මේ රටේ රෙදි වියන යන්ත්‍රයක් සැටලයිටයක් හරහා වෙන රටක ඉඳන් මෙහෙයවන්නට, නරඹන්නට අවශ්‍ය තාක්ෂණය දපවා බිහිවුණා. 

එකේන් නිෂ්පාදනවල ඉසියුම් ගුණාත්මක බව කාර්මික විප්ලවයේදීටත් වඩා වැඩි වුණා. නිෂ්පාදන ප්‍රමාණය ද වැඩි වුණා. ඊට අමතරව නිෂ්පාදනය තවදුරටත් තිනි රටක ඉඳන් ම කරන දෙයත් වුණේ නැහැ. කලාපයක රටවල් හෝ ගෝලයේ ම රටවල් කිහිපයක් එකතුවී නිෂ්පාදනය කරන සහ එකට නරඹන දෙයක් බවට පත්වුණා.

නිෂ්පාදනය ජාතික සමාගම්වල සිට, බහු-ජාතික-සමාගම්(Multi-National-Comanies) දක්වාත්, කෙමෙන් මේ වන විට ජාතිය පහුකරගෙන යන පාර-ජාතික-සාමාගම් (Trans-national Comapanies) දක්වාත් පරිවර්තනය වුණා.

කලින් තිබුණ කාර්මික නූතන නගර වෙනුවට ඊටත් වඩා දියුණු තාක්ෂණික නව-නූතන නගර බිහි වුණා. වත්මනේ රටක් දියුණු වීම යනු, නූතන නගර පසුකර නව-තාක්ෂණ නගර නිර්මාණය කිරීම වෙතට යාම යි. ඒ නිසා මේ නව යථාර්තය තුළ සජිත් වගේ “ගම හදා රට හදන්නවත්”, අනුර වගේ “සංවර්ධනය ගමෙන් පටන්ගන්නවත්” බැහැ. නූතන නගරයන් වෙනුවට නව-නූතන තාක්ෂණ නගර හැදීමයි කළ යුත්තේ. නැත්තම් ලෝකය ඉදිරියේ අපි පරදිනව. දැන් අපි ඉන්නේ ලෝකය ඉදිරියේ කෙලවිලා. 

seda15

ඔය ගෝල්ෆේස් අරගල භූමියට ගෝටාගෝ-පුරය නොකියා ගෝටාගෝ-ගම කියා නම්කරනකොට ම අරගලය පටන්ගෙන ඇත්තේ යටකී ගෝලීය යථාව නොදැන බව මොනවට පැහැදිලි වෙනවා. ඒ නිසා අරගලයත් නව-නූතන ස්වභාව අත්කරගත යුතුව පවතිනව.    

ඒ කියන්නේ, මේ වෙනකොට, ප්‍රාග්ධනයේ මෙහෙයුම්කරණ ව්‍යුහය වන ආර්ථික ව්‍යූහය සහ ඊට අදාළ වාද-විෂයන්, පරිසරය කියන විෂය ක්ෂේත්‍රය, විද්‍යාත්මක සොයාගැනීම් කියන විෂය ක්ෂේත්‍රය යන කිසි විෂය ක්ෂේත්‍රයකට, ජාතික ව්‍යවස්ථාවක් විතරක් භාවිතා කර විසඳුම් සෙවීම කළ නොහැකි යි. එය අප්‍රායෝගිකයි. ඒවාට විසඳුම් තියෙන්නේ, ගෝලීය පද්ධතියක් ඇතුළේ. දේශපාලනය විතරක් තවම ජාතික පද්ධතිය ඇතුලේ සුනංගු වෙමින් ඉන්නවා. ඒකත් ගෝලීය පද්ධතියකට යටත්වීම කාලය පිළිබඳ ප්‍රශ්නයක් විතරයි.

බොම්බාය හිරුගේ ගිනිරස්නයෙන් රත්වෙලා මිනිස්සු මැරෙනකොට, ඒකට හේතුව පෘථිවියේ ඉහල කොටසේ ග්ලසියර් තට්ටුවට හානිවී දියවීම නම්, ඒ පරිසර ප්‍රශ්නය තවදුරටත් ඉන්දියාවේ ජාතික ව්‍යවස්ථාව තුළින් පමණක් විසඳාගත හැකි ප්‍රශ්නයක් නෙවෙයි. ඒ වගේ ම ආර්ථික ප්‍රශ්නත් ජාතික රාජ්‍ය ව්‍යවස්ථාවෙන් විතරක් විසඳගන්න කොහොමටවත් බැහැ. ඒකට ගෝළීය ව්‍යවස්ථාවක් උවමනයි.   

අපේ ආන්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රතිසංකරණය කරගත්තු පලියට, ගෝටා ගෙදර යවා දේශපාලනය වෙනස් කරගත්තු පලියට, රනිල් ජනපති වෙච්ච පලියට ආර්ථික ව්‍යසනයට විසඳුම් හම්බ වෙන්නේ නැහැ. රනිලව යවල දිනේෂ්ව ගෙනාවත් වෙනසක් නැහැ.

මල්වානේ වවන රඹුටන්, මල්වානෙ මිනිස්සු පාවිච්චි කරල වැඩි ටික ලෝකයට කෙසේ වෙතත් රට පුරා වෙළඳපලවල්වලට ප්‍රවාහනය කළ යුතුයි. බැලූ බැල්මට හරි සරලයි. ඒත් තෙල් නැතුව ඒක කරන්න බෑ. තෙල් ගන්න රටින් පිට පෘථිවි-ගෝලය එක්ක ගනු-දෙනු කළ යුතුයි. පෘථිවි-ගෝලයට දැන් තියෙන්නේ කලින් වගේ නූතන ගණු-දෙනු පද්ධතියක් නෙවෙයි. දැන් තියෙන්නේ නව-නූතන ගොලීය ගණූ-දෙනු පද්ධතියක්. ගෝලීය ආර්ථික නියාම ධර්ම උල්ලංඝනය කරල ගෝලීය ආර්ථික පද්ධතියට එරෙහිව ගිහින් ඒ ගණූ-දෙනු කරගත නොහැකියි. 

ගෝටාට කෙලවුණ මූලික සහ ප්‍රථමික තැන මෙතන යි. රාජපක්ෂලාගේ දූෂණ වැඩ ඊට අදාල වුණාට ඒක මීට ද්වීතීකයි.

ඒ නිසා ගෝටා නෙවෙයි, වෙන හොඳම පොරක් වන ලෙනින් ඇවිල්ල හරි ගෝලීය-ආර්ථික-නියාම-ධර්ම උල්ලංඝනය කළොත්, රට ඇතුළෙ අඹ ගෙඩියක් හෝ ගෝව ගෙඩියක්වත් ප්‍රවාහනය කරගන්න බැරි තත්වට පත්වෙලා බලූවෙලා ගෙදර යන්න වෙනව.

එතකොට අපිට වැදගත් නායකයද, නැතිනම් මෙන්න මේ භෞතික ක්‍රියාදාමයද?

අපි දුප්පත් මොනවයින්ද?

අපි දුප්පත් නිෂ්පාදන උපකරණවලින්(Means of Production).

අපේ ආහාර, ඇඳුම්, නිවාස, ප්‍රවාහනය කියන මේ කිසිම ප්‍රාථමික දේකටවත් අදාළ වෙළඳ භාණ්ඩ හෝ සේවා භාණ්ඩ නිෂ්පාදනය කළ හැකි නව-නූතන-නිෂ්පාදන-උපකරණ (Neo-Modern-Means of Productions) අපේ රටේ සොයාගෙන නැහැ.

එතකොට අපි පළමුව ගෝලීය වෙළඳපොලෙන් මේ නව-නූතන-නිෂ්පාදන-උපකරණ මිලදී ගන්න ඕනි. නැත්තං ණයට ගන්න ඕනි. අපේ රටේ භෞමිකත්වය සහ පිහිටීම පදනමිකව අපි මුලින් ම වැද්දාගත යුතු නව-නූතන-නිෂ්පාදන-උපරකණ මොනවාදැයි සමීක්ෂණය කර ඒවා ඇනවුම් කළ යුතුයි.  

කෘෂිකර්මය ගත්තොත්, අපි තවම ඉන්නේ, එංගලන්තයේ වැඩවසම් යුගටයත් කලින් පාවිච්චි කරපු කැත්තේ උදැල්ලේ හිරවෙලා. නැත්තං කාර්මික විප්ලවයේ නොදියුණුම කාර්මික උපකරණ අතලොස්සකට විතරක් හිරවෙලා. 

එක උදාහරණයක් කිව්වොත්, තක්කලි තැන් තැන්වල ඇබින්ද ඇබින්ද හිටවල රටේ තක්කලි හිඟය වලක්වන්න බැහැ. එහෙම කරල ගෝලීය මාකට් එකට තක්කලි යවන්න කොහොමටවත් බෑ. ඒක මහා පරිමාණයෙන් වේගයෙන් සහ කොලිටියට ම වගා කළ හැකි නව-නූතන ගෝලීය නිෂ්පාදන උපකරණවලින් වගා කර, රට තුළටත් ගෝලීය වෙළඳපොලටත් යවන්න පුළුවන් කරවන පර්යේෂණ උපකරණ සහ නිෂ්පාදන උපකරණ ගෙන්වා ගන්න ඕනි. නව-නූතන-නගර තනා ඒවායේ සිටගම්මාන මෙහෙයවන ව්‍යාපෘති හදන්න ඕනි.

ඒක කරන්න පුළුවන්ද ගෝලීය ආර්ථික නියාම ධර්ම උලලංඝනය කරල? 

බෑ!

“ගමේ ඉඳන් නගර මෙහෙයවමු” කියනකොට ම වෙන්නේ ගෝලීය ආර්ථික නියාම ධර්ම උල්ලංඝනය වීමක්.

මේ නව-නූතන-නිෂපාදන-උපකරණ සඳහා අපිට ආයෝජනය කරන්න තියා රට පවත්වාගෙන යන්නවත් ප්‍රාග්ධනයක් තවම නැහැ. ඒ නිසා රට ප්‍රාථමික තත්වයට හෝ ගෙන එනතෙක් ණය ගැනීම කළ යුතු වුවත් ඒය ප්‍රධාන විසඳුම නෙවෙයි.

අපි තෝරාගත් ගෝලීය බහුජාතික සමාගම් සහ පාර-ජාතික සමාගම් සමඟ ඒකාබද්ධ (Join-Venture) ව්‍යාපාර ආරම්භ කළ යුතුයි. ඒ ආයෝජකයින් සමඟ ක්‍රියාකර ලැබෙන ලාභයෙන් අපට සියයට 40 ඉක්මවූ ප්‍රමාණයක් ලැබෙන ගිවිසුම්වලට ක්‍රමයෙන් යා යුතුයි. එම ආයෝජන තෝරා ගැනීමේදී යටකී නව-නූතන-නිෂ්පාදන උපකරණ අපේ රටට ගෙන්වා ගැනීමට හැකිවන යොමුවකින් කම්හල් වැඩබිම් නිර්මාණ-සැලසුම් කළ යුතුයි. ඒ ගෙනෙන නව-නූතන-තාක්ෂණික-නීෂ්පාදන උපකරණවල තාක්ෂණි යන්ත්‍රණයන් අධ්‍යයන කරනන්නට අපේ වෘත්තිකයින් යොදවා, ඒවා දෙවෙනිවර මිලදී නොගෙන අපිම නිෂ්පාදනය කළ හැකි නව-නූතන-කම්හල් ඉදි කළ යුතුයි.

කොටින් ම කියනවා නම්, ගෝලීය-නව-නූතන-ධනවාදය (Global Neo-Modern Capitalism) රට තුළට කැන්දාගත යුතුයි. ඒ නිසා රටේ වැඩවසම් හෝ පූර්ව-වැඩවසම් ව්‍යූහ දේශපාලන දේශන හෝ මීඩියා ටොක් දමා විසුරුවාහැරිය නොහැකියි. එය කළ හැක්කේ නව-නූතන-ධනවාදයේ නිෂ්පාදන උපකරණ කැන්දාගෙන ඒමෙන් විතරයි. 

ඒ වගේම අන්තර්ජාලය හරහා පිටරටට වැඩකරන ශ්‍රමකඳවුරක් (Online Workers) සඳහා රටතුළ ආයතන සාදා ලොවුපුරා ඇති වෙනත් රටවලට වැඩකර රට තුළට ඩොලර් ගෙන්වා දෙන නව-වයාපෘති බිහිකළ යුතුයි. නිපුනතාවය තිබුණ ද, බණ්ඩාරණායකගේ සිංහල ඔන්ලි ප්‍රතිපත්තිය නිසා ඉංග්‍රීසි දැනුම අහිමිවූ දූපත් වැසියන්ට ඒ දැනම ලබාදීමට හැකි ප්‍රායොගිකව ඵල දරා පෙන්වන අංශයක් ඒ ආයතන රාමු තුළ බිහිකළ යුතුයි.

මහරගම ගුරු අභ්‍යාස විද්‍යාලයේ වසා දමා ඇති කොදෙව්වේ එක ම ඇබිති විදේශ භාෂා අංශය වෙනුවට, ඊට වඩා පුළුල් ජාතික-විදේශ-භාෂා-ආයතනයක් පිහිටුවිය යුතුයි.

භාෂා කිහිපයක් දන්නා පුරවැසියන් ප්‍රමාණය වැඩි කළ යුතුයි.                                             

ඉන්දියාව සහ චීනය ලෝකයේ ලොකුම ගෝලීය ශ්‍රම කඳවුරු දෙකට බවට පත්වෙලා තියෙන්නේ, මෙන්න මේ ගෝලීය ආර්ථික නියාම ධර්ම පිළිපැදල මිසක් පිටුදැකල නෙවෙයි. ගම හදල රට හදන්න ගිහිං නෙවෙයි. ගෝලීය ආර්ථියට වගකියන නව-නූතන-නගර හදල, ඒ නගර නායක්තවය යටතේ ගම් හදන ව්‍යාපෘති දියත්කරමින් සිටින නිසයි. ඒ නිසා තව දශකයකින් අපිට දකින්නට ලැබෙන්නේ වෙනම මුහුණුවරක ඉන්දියාවක් සහ චීනයක්.  

ඒ හින්දා ජාතික රාජ්‍ය ඇතුළෙ දේශීය හරයන් තුළ පිහිටා නිකං ම “රනිල් පලයං යකෝ” කිව්වට මේ ආර්ථික ප්‍රශ්නය විසඳගන්න බැහැ.

එකක් එයා යන්නේ නැහැ. අනික එයාගෙන් වැඩක් කරවගන්න තියෙන අවස්ථාවත් අහිමි වෙනව.

අරගලකාර පාර්ශවය රනිල්ට වඩා සටකපට නූල් සූත්තර ඥානයක් වගාකර නොගෙන, හැඟීම් ආවේගවලට මුල්තැන දුන්නොත්, හැමදාම නූල් සූත්තරවලට අහුවෙවී කෙලවගන්න ම තමයි වෙන්නේ.  

ඒ වෙනුවට කළ යුත්තේ කුමක්ද?

ජාතික ව්‍යවස්ථාව ඔහොම්ම තියෙද්දී, රනිල් හිරවෙන පරිදි රනිල්ට ගෝලීය ආර්ථික කොන්දේසි දැමීමයි කළ යුත්තේ. 

මොනවද මේ කොන්දේසි?

රටේ මේ වනතෙක් ක්‍රියාන්විත වූ සහ ඉදිරියේදී පිහුටුවාගත යුතු නිෂ්පාදන ක්‍රියාදාම ලකුණු කරගෙන, ඒවායින් ගෝලීය වෙළඳපළට යැවිය හැකි නිෂ්පාදනවලට ප්‍රමුඛත්වය ලැබෙන පරිදි අනුපිළිවෙලකට ලිස්ට් කරගත යුතුයි, අප කරන නිෂ්පාදනවලට ගෝළීය මට්ටමක නිමාවක් සහිත උස් සහ ඉසියුම් ගුණාත්මක බවක් කාවැද්දීමට ඇමෙරි-යුරෝ, සහ නැගෙනහිර ආසියානු වූ තාක්ශණිකරණීය වූ රටවලින් නව-නූතන නිෂ්පාදන උපකරණ ගෙන්වා දෙන ලෙස රනිල්ට බලකරන දේශපාලන ෆෝරමය හැදිය යුතුයි. ඒ වගේ ම, ඒ නිෂ්පාදන උපකරණවල තාක්ෂණය උපුටාගෙන, ඒවා අපිට දේශීයව නිෂ්පාදනය කරගත හැකි කම්හල් නිමවාගන්නටැයි කියා නිරන්තරව අරගලය මෙහෙයවගත යුතුයි. මේ නිෂ්පාදන සංවර්ධන නියාමක ව්‍යාපෘතියේ කේන්ද්‍රයේ යොදවා වැඩකරවාගත යුතු ජාතික චරිතය පාඨලී චම්පික රණවක. එයාට වගකීමක් තියෙනව අරගලය ගෝලීය නිෂ්පානාර්ථික ෆෝරමයකට යටත්ව දේශපාලනීකරණය කරවන්න. 

එතකොට තමන් වටේ ඉන්න පොහොට්ටුවේ දූෂිතයින්ට හෝ යූඇන්පියේ ඩීල්කාරයින්ට උවමනාවට අනුව ආයෝජකයින් කැඳවීම සිදුකරන්න රනිල්ට බැරිව යනවා. 

රනිල් එය සිදු නොකළෝත්, ඒක නිසා රනිල්ගේ ධනේෂවර සංවර්ධනවාදී ප්‍රතිරූපය මේ ගෙවන දෙවසර තුළ දේශපාලනිකව බිඳ වට්ටන්න පුළුවන් වාසිසහගත නව-බුද්ධිමත් දේශපාලන අවකාශයක් ඇති වෙනවා. ඒකෙන් රනිල්ට 2024 චන්දය ඉලක්ක සපුරාගන්න බැරි තැනට අරගලය මෙහෙයවිය හැකියි. ඒ වගේ පදනමක ඉඳන් අරගලය ක්‍රියාත්මක වෙද්දී, රනිල්ට ඒවා ගෙන්වා දෙන්නට නොහැකිවීම මත “රනිල්ගේ අන්තර්ජාතික ප්‍රතිරූපයෙන් වැඩක් නැහැ” කියන තැනට අරගල නියාමනය කරන්න පුළුවන් දේශපාලන ඉඩක් විවෘත වෙනවා. එහෙම නැතුව “ගෙදර පලයං” විතරක් කිව්වොත් ඔයාලට රනිල් හිනා වෙනවා. 

අරගලකරුවන් බහුතරය මේ නව-නූතන-නිෂ්පාදන-උපකරන (භැද-ඵදාැරබ ඵැ්බි දf ඡරදාමජඑසදබි) කියන්නේ මොනවාදැයි කියලවත් දන්නේ නැති බව රනිල් හොඳින් දන්නව. 

ඒ නිසා රනිල් හදන්නේ, අයඑම්එෆ් ආධාර ඇතුළු අනෙකුත් ගෝලීය ආධාර  ලබාගෙන, මිනිසුන්ගේ ආහාර,බෙහෙත්, තෙල්, ගෑස් හිඟය සහ අත්‍යාවශ්‍ය බඩුමිල ඉහළ යෑමත් අවම කර, විදුලිය කැපීම ද අවමකර හෝ නවතා, රසායනික පොහොර දී, උපයන මුදලින් යම්තරමක් කරගැනීමට වටපිටාව සාදා දී, මිනිස්සු ගෝටා ආණ්ඩුව එන්න කලින් තිබුණ අර්බුද තත්වය ගාණට රට පත්කරල, ඒ කියන්නේ රට ව්‍යසනයෙන් අර්බුදය දෙසට පසුපසට අරං ගිහිං “දැන් අපි ඔක්කොම විසඳුව” කියන හැඟීම බහුතර ජනයාට දෙන්න. එතනින් එහාට මොකක්වත් නොකර, රනිල් ක්‍රමයෙන් පොඩි සමනල සංධවනි රිදම් එකක් තියෙන ෆන් කලාපයකට ඇතුළු වේවි කියන එකයි මගේ පුද්ගලික හැඟීම. 

අනික් පැත්තෙන්, රනිල්ට වැඩකරන්න වෙලා තියෙන්නේ, ධනේෂවර ආර්ථිකයට මුල් තැන දෙන ලාභ-ලෑබීම කියන තර්කයහි පිහිටපු නූතනවාදී යූඇනපීකාර කැබිනෙට්ටුවක් ඒක්කවත් නෙවෙයි. එහෙම කෙනෙකුට ඉන්නේ හරීන් ප්‍රනාන්දු එයාගෙ යාළුවා විතරයි. රනිල්ට ලැබිල තියෙන්නේ, එතනොල්කාරයො, කුඩුකාරයො, කොමිස්කාරයො, සිංහල වරිගවාදීන්, දෙමල වරිගවාදීන් ඇතුළු ආර්ථික-විද්‍යා දැනුම අතින් දුර්වල වූ, බහුතරය බණ්ඩාරනායකවාදීන් ඉන්න සොක්කන්ගේ කැබිනෙට්ටුවක්. ඒ නිසා රනිල්ටත් ව්‍යසනය අර්බුදය දක්වා පසුබස්වා දෙනවා හැරුණුකොට එතනින් එහාට දේශපාලනාර්ථික දැක්මක් නැහැ.

එහෙම තියෙනව නම්, එයා ධනේෂ්වර ලිබරල්වාදී දැනුමකින් හෙබි නායකයෙක් හැටියට ඉස්සෙල්ල ම  කරන්න ඕන මොනවද?

තමන්ගෙ ජනාධිපතිකමෙන් සහ අනෙක් යූඇන්පීකාරයින්ගේ ඇමතිකම් 2න් ලැබෙන නෛතික ප්‍රාග්ධන බලය පාවිච්චි කරල, මේ එළඹෙණ අවුරුදු දෙකේ, එක්සත් ජාතික පක්ෂය රටේ ඊළඟ නව-නූතන ධනේෂ්වර පක්ෂය හැටියට ප්‍රතිසංවිධානය කිරීම යි. ඒ කියන්නේ, එහිදී සමගි ජනබලවේගය දියකර එහි බුහුතරය නැවත එජාපයට ගැනීම, රුවන් විජේවර්ධන කියන නිදිමතයා දෙවෙනි නායක තානතුරෙන් ඉවත් කර,  දුවන්න පුළුවන් අශ්වයෙකු වූ රවී කරුනානායක වගේ දක්ෂ සංවිධායකයෙකුට දෙවෙනි නායකත්වයක් දී පොළව මට්ටමේ සංවිධාන කටයුතු ඇති කිරීම, පක්ෂය වේගයෙන් සංවිධානය වීමට නොදී බාධා ඇතිකරන රාජපක්ෂ හිතවාදී සාගල රත්නායක වගේ ගැමි වලව් බයියන්ව පරිවාරයට යැවීම කොන්දේසි විරහිතව සිදුකරී ම යි. 

ජේ.ආර්. ජයවර්ධන අද රනිල්ගේ තත්වයේ හිටියා නම්, එයා කරන්නේ ඔන්න ඔය ටික තමයි. ඒත් රනිල් එහෙම දෙයක් කරන පාටක් පේන්න නැහැ. ඒ නිසා රනිල් තමන්ගේ පක්ෂය හදාගත්තේ නැත්තං, මේ ගෙවෙන ඉදිරි අවුරුදු දෙකේදි බැද්දේගම නවකතාවේ කැලෑව විසින් ගම වහගන්නවා වගේ, පොහොට්ටුව විසින් රනිල්ව වහගැනීම සිදුවිය හැකියි. ඒක වෙන්නේ මම එහෙම කියන නිසා නෙවෙයි. රනිල් අර විදිහට කොන්ද කෙලින් තියාගෙන තම පක්ෂය සංවිධානය කරන්නට ව්‍යාපෘති දියත්කරන්නේ නැති නිසයි. එහෙම කරනව නම්, කරල පෙන්වන්න. දැන් ජනාධිපතිකමත් ලැබිල තියෙන එකේ රනිල්ට දේශපාලන අනාරක්ෂක ගතියක් දැනේන විදිහක් නැහැනේ. 

එහෙම නැතුව අඩුම තරමින් ආර්ථිකයේ මූලික පදනමවත් ගොඩනගන්න කලින් අරගලකාරයින්ට පහර දෙනව වගේ ගොංපාට් කරන්න ගියොත් ඔයාට වෙන්නේ හත්පොලේ ගාගන්න. ආර්ථිකයේ මූලික පදනම හදල අරගලය ස්වයං-විනාශයකට යවන උපායමාර්ගයේ ඉන්නව කියලයි සමහරු හිතන් හිටියේ. දැනටමත් තමන්ට අවාසිදායක වැරදි දෙකක් කරල ඉවරයි. එකක් අරගලයට පහරදීම. අනික සාගලව ප්‍රධාන උපදේශකයා කරගනීම.

රටට වෙන්නේ මොකක්ද?

රටට ගෝලීය ධනවාදයේ නිෂ්පාදන-උපකරණ ගෙනවිත් දීම වෙනුවෙන් ඒකාබද්ධ-ආයොජකයින් (Joint-Venture Investers) ගෙන්වා දීමේ හැකියාව සහ ගෝලීය පිළිගැනීම තියෙන අන්තිම ප්‍රභූ ඩොමීනියන් නායකයා වන රනිල්ට, වරිගවාදී පොහොට්ටුවට සහ සාගලගේ සමනලවාදී දහංගැටේට අහුවෙලා, හරියට අර බැද්දේගම නවකතාවේ කැලෑව විසින් ඊට වඩා දියුණු ගම්මානය වසාගෙන ගම කලෑවක් වුණා වගේ, බණ්ඩාරණායකවාදයේ බිහිසුසුන ම ග්‍රාම්‍ය කුටප්‍රාප්තිය වූ මැදමුලනේ රාජපක්ෂ ගම්මුලාදෑනීන්ගේ ගැමි ගෝත්‍රවාදයට සහ අගතිගාමීත්වයට යටවෙලා, නගරය ගමක් වී අතාර්කික වෙලා, රට ම ගමක් කරගන්නයි සිද්ධ වෙන්නේ. 

රනිල් වික්‍රමසිංහ නිවැරදි ගෝළීය ධනවාදය අනුව ක්‍රියාත්මක නොවුනොත්, එයාගේ ඉරණම දිසානුගතවෙලා තියෙන්නේ ඔන්න ඔය දිසාවට. තම අවුරුදු දෙකේ තාවකාලික ජනපතිකමෙන් ඩෝප්වෙලා නෙවෙයිනං ඉන්නේ, මං මේ කියන දේ දිහා මැදිහත්කමින් හිතල බලල ක්‍රියාත්මක වෙන්න රනිල් ට තවමත් කාලය තියෙනව. 

ණය අරන් මූලික ප්‍රශ්නය විතරක් විසඳා අත හොදගෙන ජයගන්න රනිල්ට බැහැ.

කෑමට මාළුවෙක් නැති මිනිසකුට මාළුවෙක් දුන්නා වගේ වැඩක් ඒක. එතකොට හැමදාම මාළුවා ගානේ ණයට දෙන්න වෙනව. ඊට වඩා හොඳයි කෑමට මාළුවෙක් නැති මිනිසකුට බිලී පිත්තක්(නිෂ්පාදන උපකරණයක්) අරන් දෙන එක. එතකොට මිනිස්සුන්ට එකවර වැඩ දෙකක් කරගන්න සිද්ධවෙනවා. එකක් බිලී පිත්තෙන් මාළු බාගෙන කන එක. දෙවෙනි දේ තමයි, බිලී පිත්ත හැමදාම එකම විදිහට තියෙන්නේ නැති නිසා ඒකේ තාක්ෂණය අල්ලගෙන බිලී පිති නිර්මාණය කරන කම්හලක් බිහි කිරීම. ම.

මේක නොකළොත් රනිල් 2024 චන්දය අම්බානක පරදිනව.

එයා එහෙම නොකළත්, මොළේ පාවිච්චි කරන් ජනයාට බී ප්ලෑන් එකක් තියෙනව.

ඒ තමයි අනුර කුමාරට එයාගෙ පක්ෂයේ උපරි-ව්‍යුහය භාෂා දැනුමින් පිරිපුන් නව-නූතන දේශපාලනාර්ථික මතවාදයකින් මෙහෙයවන්නට කියා බලකරන ව්‍යුහයක් අරගලය තුළ ම නිර්මාණය කිරීම. පක්ෂය නැවත නව-නූතන අක්ෂයකින් ප්‍රතිසංවිධානය කිරීම එයාගේ වත්මන් යුතුකම.

ඊට සමාන්තරව අනුර කුමාර නහුතයක් මාධ්‍ය හමු පැවැත්වීම අඩු කරල, ධනවාදීන් ඉස්සරහ මාර අවංක වෙන්න හදන්නෙ නැතුව, රනිල්ට වඩා නූල්සූත්තර ගේමක් ගහල සජිත්ව පන්නල මේ අවුරුදු දෙක ගෙවෙන්න කලින් විපක්ෂ නායකකම ගන්න. විජේවීර හිටියනං කරන්නෙ ඒක. එහෙම නොකළොත් පෙරටුගාමීන් අරගලය තුළ බලවත්වෙනව. ඔයා සජිත්ට පහර දෙන්න පසුබෑවොත් පෙරටුගාමීන් ඔයාට පහර දෙන්න පසුබාන්නේ නැහැ. 

 

@ අරවින්ද හෙට්ටිආරච්චි

     

නවතම ලිපි