රනිල් වික්‍රමසිංහ අගමැති තනතුර බාරගන්නකොට, එහෙමත් නැතිනම් සමහරු කියන විදිහට බලෙන්ම වගේ බාරදෙනකොට හුගක් දෙනා හිතුව ඔින්න දැන් ආර්ථික අර්බූධයට ජාත්‍යන්තරයෙන් හරි උදව් අරගෙන රනිල් මේක විසඳයි කියල.

ඒක බලාපොරොත්තුවක් නෙවෙයි ගොඩක් පක්ෂ විපක්ෂ බහුතරයකගෙ විශ්වාසය උනා. ජාත්‍යන්තර සබඳතා රනිල්ට තියෙන්නත් පුළුවන්, ඔය කියන විදිහට තව මාස කිහිපයකින් කොහොම හරි IMF එකෙන් ණයක් අනුමත කරගන්නත් පුළුවන්. ඒත් අර්බූධය විසඳගන්න අනික් අයට වගේම රනිල්ටත් බෑ. මොකද අර්බූධයක් විසඳගන්න නම් අර්බූධය හඳුනගන්න අවශ්‍යයි. මේ තරම් ඉන්ධන අර්බූධය ව්‍යසනයක් වෙමින් යද්දි ප්‍රවාහන අවශ්‍යතා කළමණාකරනය කිරීමේ මූලික අවබෝධයවත් රනිල්ට නොතිබීම බොහෝ අයගේ හාස්‍යයට ලක්ව ඇත. එහෙමත් නැත්නම් රනිල් වික්‍රමසිංහ ප්‍රභූ පන්තියේ ගමනාගමනයට අකුල් හෙලන්නට සූදානම් නැත.

රාජපක්ෂලාගේ හොරා කාපුව ගැනම විතරක් දෙස් තිය තියා ඉන්න ජවිපෙ පෙසපෙ වගේම සජබය, එජාපය, ශ්‍රිලනිපයත් අර්බූධය මතුපිටින් අතගාමින් ඉන්නෙ. එහෙම නොවුනානම් මේ මොහොත විප්ලවයකින්වත් කළ නොහැකි සිස්ටම් චේන්ජ් එකක්ට අවස්ථාවක් බව නොහිතෙන්නේම මේ තියෙන ආතල් තමන්ට වඩා වැදගත් බැවින් කෙසේ හෝ ඒ අවශ්‍යතා යළි ලබාගැනීමේ උවමනාව මත පමණි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් දෙන ණයත් ඉන්ධන නැව් වලට පූජ කරල ඒ ඉන්ධන ටික පුච්චනව ඇරෙන්න වෙනත් ක්‍රමවේදයක් ඔවුන්ට නැහැ.

චම්පික රණවක මේ අර්බූධයෙ මූලයන් හඳුනාගත්තත් බල දේශපාලනය නැමැති ගොහොරුවෙ එරී සිටින දේශපාලකයෙක් ලෙස නම් ඔහුටත් මේ වෙනුවෙන් කරන්නට කිසිම දෙයක් නැහැ.

පාටලී පසුගියදා කිව්ව,

“ඉන්ධන අර්බුදය ඉතාම උග්‍රයි. ඉන්ධන නැහැ. කෙටි කාලීනව, එතනින් මෙතනින් ඩොලර් මිලියන පන්සීයක, දෙසීයක තෙල් අරගෙන යන්න පුළුවන් ගමනක් නෙමෙයි. රටේ ලියාපදිංචි වාහන පනස් හතර ලක්ෂයක් තිබෙනවා. මේවායින් අත්‍යවශ්‍ය සේවා ඉටුකරන වාහන තියෙනවා. ගොවිබිමේ ට්‍රැක්ටරයට ඉන්ධන නැහැ. සමහර ප්‍රදේශවල ගොයම් කපනවා, ඉන්ධන නැහැ.  එළවළු ටික ගෙනියන්න ලොරියට ඩීසල් නෑ. පොල් ටික ගෙනියන්න, ඩීසල් ටික නෑ. වී ටික ගෙනියන්න ක්‍රමයක් නෑ. ධීවරයාට මාළු ටික අල්ලන්න ඩීසල් නෑ. නිෂ්පාදනයට අතිශයින්ම බලපාන ආහාර නිෂ්පාදනයට අතිශයින්ම බලපාන ක්ෂේත්‍ර අකර්මණ්‍ය වෙලා තියෙනවා. ඊළඟට අනිත් පැත්තෙන් කර්මාන්ත, රටට අත්‍යවශ්‍යම  ඩොලර් උපයන කර්මාන්ත පවා ඉන්ධන අර්බුදය නිසා ඇණ හිටලා තියෙනවා” කියල.

රනිල් කොහෙන් හෝ සොයාගන්නා ණය මුදලෙන්  අර්බූධය තවත් උග්‍ර වෙනවා හැරෙන්නට පිලියමක් තියෙනවාද?

බොහෝ දෙනා දේසනා කරන්නට සහ විරෝධය පාන්නට ඉදිරිපත් වූවාට අර්බූධය පෙන්වා දෙන්නට ඉදිරිපත් වන්නේ නැත. එය බල දේශපාලනය නිසා පමණක් නොව ඇත්ත වශයෙන්ම ඒ, අවුල තේරුම් ගැනීමට යන්නේ අවුල තුළම ගැටගැසෙමින් වන නිසාය.

මේ අතර ස්පාර්ටකස් සාමූහිකය කියන්නේ මේ අවස්ථාවෙන් ලංකාව ප්‍රයෝජනය ගත යුතු බවයි. ඒනම් ලංකාව යම් ආකාරයක reset කිරීමක් කරන්නට මීට වඩා අවස්ථාවක් තවත් නොලැබෙන නිසාය.

පහත ලිපිය ඒ වෙනුවෙනි.

අර්බුධය තව උග්‍ර විය යුතුයි - ස්පාර්ටකස් ලිපි

ලංකාවේ නියම මෝඩ පක්ෂ දෙකක් තියනවා. ඒ තමයි ජවිපෙ සහ පෙසප. ඒ අයගේ කාර්යභාරය තමයි ජන දුක වෙනුවෙන් ශෝක වීම සහ ජන දුක නිවීම සඳහා උද්ගෝෂණ පැවැත්වීම. ඒ කියන්නේ 'ජනතාවාදය'. ඔවුන් හිතන්නේ UNP, පොහොට්ටුව, SLFP වගේ පක්ෂ ජනතාවාදී නැහැ කියල. ඇත්තටම ඔවුනුත් උපරිමෙන්ම ජනතාවාදීයි. මෑතක හිටිය හොඳම ජනතාවාදියා තමයි බැසිල් රාජපක්ෂ. ඔහු සමුගනිමින් දුකෙන් කිව්වේ ඇත්ත. ඒ තමයි ආර්ථිකයට ඔහු කල සේවය ඇගයීමට ලක්වෙලා නැහැ කියන එක. ජනතාවට ෆුල්ම අතල් එකක් දුන්නේ බැසිල්. ලංකාව ලියා පදිංචි වාහන 8100000ක් දක්වා සීග්‍රයෙන් ගමන් කලේ, හැමෝම හොඳ ගෙවල් හදා ගත්තේ බැසිල් ගොඩ නගපු ආර්ථිකය තුලින්. වඩු, මේසන්, කුලී කම්කරු වැනි ක්ෂේස්ත්රයන් තුල වැටුප් පරිමාවන් අතිශය ඉහල ගියේ 2009න් පස්සේ. ඒ ගැන සවිස්තරාත්මකව කලින් ලියල තියනවා.

හිතාමතාම නොකරනවා උනත් රනිල් වික්‍රමසිංහ මේ කරගෙන යන වැඩපිළිවෙල හොඳයි. පොදු ප්‍රවාහනය, අහාර-පාන ප්‍රවාහනය සහ නිෂ්පාදනය, නිෂ්පාදන සහ කර්මාන්ත සහ අත්‍යාවශ්‍ය සේවා වලට පමණක් ඉන්ධන නිකුත් කළා නම් මේ අර්බුධය උග්‍ර වීම නවතිනවා. දැන් මේ යන විදියෙන් වෙන්නේ එකී සියල්ල අර්බුධයට යාම. විදුලි කප්පාදුව තව වැඩි කරන්න වෙවී. මොකද නඩත්තුව සඳහා ඩොලර් නැහැ. ඩොලර් යෙදවෙන්නේ වාහන දුවන්න තෙල් ගෙන්වන්න. මේ වෙනකොට තේ කර්මාන්ත ශාලා වහන්න වෙලා. තව ටික දවසකින් අනෙකුත් අපනයන නිෂ්පාදනත් නවතීවි. ආයෝජකයෝ නම් මේ රට දිහා බලන්නෙවත් නැහැ. තවත් නය ගන්නත් බැරි වෙනවා. එතකොට අර්බුධය උග්‍රම වෙනවා. එහෙම වෙන එක හොඳයි.

අර මෝඩ පක්ෂ දෙක කරගෙන යන වැඩෙත් හොඳයි. තෙල් දියව්, සිමින්ති ලාභ කරපියව්, ඉදිකිරීම් ක්ෂේස්ත්‍රය කඩා වැටිලා, ආපහු ඒක ගොඩනගාපියව් (බැසිල්ට බැන බැන තමයි ජවිපෙ සහ පෙසප එහෙම කියන්නේ), අරක දියව්, මේක දියව් කියන කොට සීමා කරන්න හිතන් හිටියත් ආණ්ඩුව පසුබසිනවා. එකත් අර්බුධය උග්‍ර කිරීම සඳහා උත්ප්‍රේරකයක් වෙනවා.

ලක්ෂ 50ක පමණ රැකියා නිෂ්පාදනය කල ඉදිකිරීම් ආර්ථික බුබල සම්පූර්ණයෙන්ම කඩා වැටෙන එක හොඳයි. 2009න් පස්සේ ගොඩනැගී පොහොසත් උන ගල්, වැලි, පස්, ලී, මැටි ව්‍යාපාරික ප්‍රජාව සහ ඉදි කිරීම් ප්‍රජාව සම්පූර්ණයෙන්ම කඩා වැටිය යුතුයි.

දන්නා කෙනෙක් උදාහරණයට ගන්නම්. හාඩ්වෙයා එකක් තියනවා. ඒකෙ අයිතිකාරයා ඉතාම සුළුවෙන් ඒක පටන් ගත්තේ 2010දී. නමුත් අද වෙනකොට JCB 6ක්, රෝද 10යේ විශාල ටිපර් 26ක්, රෝද 8 ටිපර් 16ක් සාමාන්‍ය ට්‍රක් සහ පොඩි ටිපර් 12ක් තව ලෝඩර් කිහිපයකුත් තියනවා. ඔක්කොම වාහන 63ක් තියනවා. පඩි ගෙවන්නේ දවස ගානේ. දවසකට සේවක පඩි නඩි බේරන්න විතරක් ලක්ෂ 4ක් 5ක් යනවා. පහුගිය කාලේ ඔය වාහන සේරම හැමදාම වැඩ. ප්‍රධානතම ව්‍යාපාරය තමයි පස් කැපීම සහ ප්‍රවාහනය. වැඩිම ආදායමක් ඉපයෙව්වේ ඒකෙන්. පොලීසියේ සහාය ඇතිව තමයි කෙරුනේ. එච්චර වාහන තියන පුද්ගලයා ගමන් බිමන් යන්නේ ස්කූටරයකින්. මොකද වාහනයකින් යන්න යන වියදමත් ඉතුරු කරලා ආයෝජනය කරන්න ඕන නිසා.

එකී පන්නයේ ව්‍යාපාරිකයින් සහ ඊට වඩා මහා පරිමාන සහ සුළු පරිමාන ව්‍යාපාරිකයින් 2009යෙන් පස්සේ රට පුරා ගොඩනැගුනා.

විවිධ අකාරයේ සුවිසල් මන්දිර ගොඩනැගෙන්න පටන්ගත්තේ 2009න් පස්සේ. අලුතින් මාර්ග ඉදිවීම, මාර්ග සංවර්ධනය උපරිමයටම ගියා. සමහර රටවල එක එක්කෙනාට ඕන විදියට ගෙවල් හදන්න බැහැ. ඒ වගේම නිවාස වල ප්‍රමාණය සීමා කරනවා. නිවාසයක වියදම මත අති විශාල බද්දක් හෝ පැනෙව්වා නම් මේ විදියේ ගෙවල් හැදෙන්නේ නැහැ.

මේ යන විදිය තුල එවැනි ව්‍යාපාරිකයෝ සම්පූණයෙන්ම ඉවර වෙනවා. ඒක විය යුතු දෙයක්.

වාහනයක් නැතිව ගමන් බිමන් යන්න බැරි පුරුද්දක ඉන්න අය මාරාන්තික වෙන්න නියමිතයි.

අවශ්‍යතාවයක් තිබෙන කිසියම් දේශපාලන ව්‍යාපාරයක මැදිහත් වීමෙන් ඉටු කොටගත නොහැකි අනගිභාවනීය තත්වයක් උදා වෙලා තියනවා. ලංකාව යම් ආකාරයක reset කිරීමක් කරන්න මේක හොඳ අවස්තාවක් උනත් ඒක ගැන දේශපාලනයේ ඉන්න කිසිවෙකුට අවබෝධයක් නැහැ.

නවතම ලිපි