මුදලට සහ සිරුරුට මලපෙරේත මහින්දයිනි, බැසිලයිනි, චමලයිනි, නාමලයිනි, ඝෝඨාවෙනි, සියළු මැදමුලනයිනි සහ ජනතාවෙනි,

ලක් රටේ බොහෝ වැදගත් උදවිය දන්නව, ජේ.ආර් ජයවර්ධන කියන්නේ දකුණු ආසියාවට හිටපු දියුණු ම රාජ්‍යතාන්ත්‍රිකයෙක් කියල. ඒත් එයාට රවී ජයවර්ධන කියල පුතෙක් හිටිය බව මේ දූපතේ බාගෙකට වැඩිය දන්නේ නැහැ.

“රවි ජයවර්ධන කවුද?”

මේකට බහුතරයකගෙ උත්තරය “දන්නෑ!” යන්නයි.

දැනට ඒ ජේ.ආර් සහ රවි කියන ඒ තාත්තයි පුතයි දෙන්න ම මැරිල. එයාලව දැනං හිටුපු බොහෝ උදවියටත් ඒ ගැන වගක් නෑ. එක හේතුවක් තමයි, ලෝකය අනවරතව ඇතිවී, පැවතී, නැතිවී, ආයෙමත් ඇතිවීම කියන ලෝ දහමට යටවීම.

අනික තමයි “ඒක මේ රටේ හැටි!”

මේ රටේ සිංහල, දෙමල, මුස්ලිම් කාටත් තියෙන්නේ “ඕන එකක් රුපියලයි” මානසිකත්වය. එවැනි අයට රටට බිහිවුණු කවුරු වුණත් ටික කලෙකින් වහා ම අමතක වෙනව. කොයි දේ යන්නෙත් එක ම කුණු කාණුවට.

ඇයි?

ra1

 

යේසුස්වහන්සේ ගේ —my name is I am˜ හරහා එන වර්තමානිකතාව අනුගමනය කරලද ඒ? නැත්තං, සතිපට්ඨාන සූත්‍රයේ එන “ගෙවෙන මොහොතේ සිටීම” අනුගමනය කරලද ඒ? එහෙමත් නැත්තං අල් කුරානයේ එන “තමන්ට වැරදි කරපු අයගේ අතීතය අතහැර වර්තමානයේ ජීවත්වීමට” පුරුදු වෙලාද ඒ?

නැහැ!

වර්ග බේදයක් නැතුව රටේ ජනයාගේ පොදු-ගුණාකාරය “ඔහේ වැටිල ඉන්න” එක.

එතකොට කොයි දේත් ඩෝන්ට් කෙයා.

අනාගත අනතුරක් තිබුණත් අරාජික බව සාමාන්‍යකරණය වෙලා. රටේ පොදු කුසීත ආකල්පීය භාවිතාව ඒක.“ඔයා ඔච්චර සල්ලි ගෙවල ගෙයක් ගත්තේ මොකටද?” කියල කාගෙන්හරි ඇහුව ම, “වැටිල ඉන්න බන්!” කියල තමයි උත්තර දෙන්නේ.

අනාගතවාදී ලෞකික දැක්මකින් බැලුවහම, මේක අනතුරට විවෘතවීමක්. නාමල් රාජපක්ෂ ඇතුළු මැදමුලනය මෝඩයෝ කියල කවුරු මොනව කිව්වත්, අනික් කෘතහස්ත දේශපාලනඥයෝ නොදන්න එක රහසක් එයාල දැනං හිටිය. ඒ තමයි මිත්‍යා මත පදනම්වූ බහුතර ගැමි ජනයාගේ සහ නාගරික ලුම්පන් ජනයාගේ අරාජිකවාදී සහ සෘණාත්මකවාදී ලෞකික ජීවන භාවිතය.

ඒ හින්ද අපේ රටේ උදවියට අනුව, දේශපාලනය විතරක් නෙවෙයි අනික් මොන ක්ෂේත්‍රයකට වුණත්, කවුරු ඇවිත් කවුරු ගියත් අදාළ නැහැ. “ඕන එකක් රුපියලයි!” කියන සාමාන්‍යකරණය ඇතුළේ තමයි, රටේ මිනිස්සු ජීවත් වන්නේ. ඒක මොන සතුරු බලවේගයකට වුණත් වාසිදායක යි.    

ප්‍රංශයෙ ජනයා සහ එහි තරුණ තරුණියෝ 1905 උපත ලද ශෝන් පෝල් සාත්‍රේ කියන දාර්ශනිකය ගැන පවා තවම දන්නව. මොකද, අදටත් එයාලගෙ පෙළ පොත්වලින් ඔහුගේ දාර්ශනික හරයේ වටිනාකම් සහ සමාජ මැදිහත්වීම ගැන, සංක්ෂිප්ත අරුතක් ජනතාවට උගන්නනව. ඉතින් කාටහරි ඒ සංක්ෂිප්ත අරුතින් එහා ඉගෙන ගන්න ඕන නම්, අවශ්‍ය දොරටුව අධ්‍යාපන ක්‍රමය ඇතුළෙ ම ඇරල දීල තියෙනව. එහෙම ඕන්නැත්තං, වෙන විෂය-පථයක් තෝරගන්න පුළුවනි. වෙන විෂයකට ගියත්, එයාලට සාත්‍රේ ගැන මූලික දැනුමක් තියෙනව.

ප්‍රංශයේ මොන හාල්පාරුවටත් එයාලගෙ අතීත චරිත සහ සිද්ධි ගැන මේ මූලික දැනුම තියෙනව. සාත්‍රේට කැමති නැති වුණත් ඔහුව දන්නව. පුරවැසියන් කැමති දේවල් විතරක් ඉගැන්වීම ප්‍රංශ රජයේ(ආණුඩුවේ නෙවෙයි) ප්‍රතිපත්තිය නෙවෙයි. ඒ අධ්‍යාපන ක්‍රම-පද්ධතිය හැදිල තියෙන්නෙ ම සමීක්ෂණ හරහා කියාදෙන රටේ බුද්ධිමය ප්‍රජාවේ පොදු ප්‍රතිපත්තියකින් නිපදවන දැනුමකින්.

අතීතයේ දැනුම නොසිඳ ඒ රටේ අධ්‍යාපන පෙළපොත්වල හරය කාලානුරූපීව අප්ඩේට් වෙනව.  

මෙතනදී රවී ජයවර්ධන හෝ ජේ.ආර් ජයවර්ධන සාත්‍රේ වගේ දාර්ශනික අය කියල කියනව නෙවෙයි මම.

ra7

මේ රටේ මොනයම් වටිනාකම තිබුණු කෙනාගේ සමාජ මැදිහත්වීම, බහු-ජනයාගේ හිත්වල පවත්වාගෙන යන ලෞකික යාන්ත්‍රණයක් රජයේ අධ්‍යාපන ව්‍යුහයට නැහැ. ඇත්තටම කියනව නම්, අපට ස්වාධීන රාජ්‍ය යන්ත්‍රයක් නැහැ. ඒ ස්වාධීනත්වය නැති කරල තියෙන්නේ භාහිර රටවල්වලින් නෙවෙයි. අපේ ම ආණ්ඩු විසින්. ආන්ඩු විසින් රාජ්‍ය පාලනය කරන්න ගියහම මේ දේ වෙනව.

බටහිර රටවල අය, අවම තරමින් ඒ රටේ වෘත්තීය, බුද්ධිමය හෝ දාර්ශනික ජීවිත ගතකළ සමාජ දායකයන් ගැන දන්නේ ඒ හින්දයි. එයාලගේ රාජ්‍ය යන්ත්‍රයත් අපේ රටේ වගේ පිස්සු කෙලිය නම්, දැන් අපිට මේ වෙලා තියෙන දේට සමාන දෙයක් තමයි ප්‍රංශයට වුණත් වෙන්නෙ.

පරිඝනකය, සැටලයිට් තාක්ෂණය, අයිෆෝන් එක, අනෙකුත් පරිඝනකකරණය වූ කාර්මික උපකරණ සහ රොබෝවරු කියන නව-නූතන නිෂ්පාදන උපකරණ (Neo-modern Means of Production) නිසා ඇතිවී තිබෙන ධනවාදයේ දෙවන පිම්ම ඉදිරියේදී පවා, ඒ රටවල අධ්‍යාපන ක්‍රමය විසින් නූතන යුගයේ හිටපු වටිනා පුද්ගලයින්ගේ චරිත, බුද්ධිමය ජීවන භාවිතාවන්, දර්ශනයන් සහ පෞර්ෂයන් ඊළඟ පරම්පරාවලට යාම මගහැරෙන්න ඉඩදෙන්නෑ.

ඒ වගකීම දරන්නේ රජය (State). ඒ වගකීම දරන්න පුළුවන් වෙලා තියෙන්නේ ප්‍රංශය ස්වාධීන රාජ්‍ය ව්‍යුහයක් නිසා. කලින් කලට මාරුවෙන ආනුඩුවලට රාජ්‍ය වෙනස් කරන්න බැහැ. රාජ්‍ය ව්‍යවස්ථාවට අනුගතව වැඩ කරන්න විතරයි ඉඩ දීල තියෙන්නේ. ඒ රටවල නවක දරු දැරියෝ සහ තරුණ තරුණියො රටේ නූතන යුගයේ හැඟවුම්කරණීය පුද්ගලයින් සහ සිද්ධි ගැන පවා දන්නව.

ලක් රටට නූතන යුගයේ දී බිහිවූ වටිනා චරිත පවා, රටේ බහුතරයක් උදවිය දන්නෑ. පොර වෙන්න හදපු නැති චරිත හිටිය ද දන්නෙත් නැහැ. පොර නොවූ චරිත අධ්‍යාපන අමාත්‍යාංශයට හෝ උසස් අධ්‍යාපන අමාත්‍යාශයට පෙනිල ම නැහැ. රටේ ආයතන ව්‍යූහවලට නායකත්වය දෙන නිළධාරීන් පත් කරන්නේ ආණ්ඩුව. එ නිසා එයාල හැමවිට ම ආයතනයකට අලුත් උදවිය. ඒ කියන්නේ ආයතන ඉතිහාසය ගැන ඓන්ද්‍රීය දැනුමක් නැති උදවිය. බොහෝවිට ඇතුළත විෂය නැතුව හිස් බොල් පිළිම විදිහට ඉන්න පුම්බගත්තු පොරවල්. වතුරට දාපු පොරොප්ප වගේ කොච්චර යට යවන්න හැදුවත් උඩ එනව විතරයි කිසි ගැඹුරක් නැහැ. මෙයාලා විෂය සුදුසුකම අනුව රජයේ අධිකාරීත්වයෙන් පත්කෙරන උදවිය නෙවෙයි. ඒ හින්ද සුදුසුකම් තියෙන ආයතනයේ හිටපු උදවියට ඉන්නේ මේ බත් බැලයන්ට දෙවෙනි වෙලා කොඳු පෙලාගෙන රස්සාව කරන්න.

ra4

පත්කිරීම් කරන්නේ අලුතින් එන ඇමතියා. රජය යටතේ පැවතිය යුතු ආණුඩුක්‍රම ව්‍යවස්ථාවේ සහ ආයතන සංග්‍රහයේ නීති රෙගුලාසි අනුව රාජ්‍ය සේවයේ ජ්‍යෙශ්ටත්වය හෝ විෂය දැනුම සලකා නෙවෙයි පත් කිරීම් කරන්නේ. ඇමතිලා රාජ්‍ය ව්‍යවස්ථාවෙන් සහ ආයතන සංග්‍රහයේ නීති රෙගුලාසිවලට යටත්ව එවායින් හික්මිලා වැඩ කරනව නෙවෙයි මේ. ඇමතිට වාසි විදිහට ව්‍යවස්ථාව සහ ආයතන සංග්‍රහ නීති රෙගුලාසි අඹරා වෑල්ඩින් කරගෙන හිස්තැන්වලින් රිංගා තම දේශපාලන උදව්කරුවන්ට නිලතල දීමයි මේ. 

මේ අවභාවිතය නිසා, රටේ රජය පවතින්නේ ආණ්ඩුවට දෙවෙනි වෙලා.

රටට කවදාවත් දීර්ඝකාලීන දැක්මක් හෝ සංවර්ධන සැලැස්මක් එන්න විදිහක් නැහැ. එබඳු උවමනාවක්වත් ඇතිවෙන්න විදිහක් නෑ. අවුරුදු 5කින් හෝ 10කින් කොහොමත් ගෙදර යන්න වෙන නිසා ඉන්න ටිකේ පුළුවන් තරමක් ගහගෙන, ඥාතිමිත්‍ර සේවනයෙන් ආතල් එකක් ගන්න එකයි කරන්නේ. පස්සෙ ඊළඟට එන අනික් කණ්ඩායමට හොර ගිවිසුමකින් රටබාර දෙනව. ඒ අයත් කලින් කරපු දේ ම වෙනිං ෆෝමැට් එකකට සහ ස්ටයිල් එකකට කරගෙන යනව. මහජන දේපල පිල්ලි යවනව. රාජ්‍යය බල්ලට යනව. බල්ලො රට යනව.  

90 දශකයේ දි විතර සමහර බටහිරවාදී එන්ජීඕ බුද්ධිමතුන් මැදිහත් වෙලා රාජ්‍යයි ආණ්ඩුවයි දෙකක් කියල කියනකං, රටේ අනික් ජාතික බුද්ධිමතුන් කටවල් ඇරියෙ නෑ. මොකද, එයාලත් මේ පක්ෂ දෙකට බෙදිල හිටියෙ. මහින්ද ආවහම එන්ජීඕ බුද්ධිමතුන් පවා පක්ෂ දෙකට බෙදුන. ඉතිං පාලකයන්ගේ භාවිතාව බලල, ජනයා හිතං හිටියේ රජයයි ආනුඩුවයි එකක් කියල. ඒ හින්ද ඒයාලත් රාජ්‍ය පටිපාටියක් අනුගමනය නොකර ගොට්ටක් අල්ලල, පස්ස දොරෙන් ගිහිල්ල වැඩේ කරවගන්න භාවිතයකට පුරුදු වුණා. පාලකයො සහ ආණ්ඩු කියන දෙගොල්ලො ම දෙවිදිහක දූෂිතයෝ බවට පත්වුණා. 

ra8

මහින්ද රාජපක්ෂ ආණ්ඩු කරන කාලෙ, දෙමල ජාතිවාදය යුධමය වශයෙනක් විතරක් තාවකාලිකව පැරදුනා. සිංහල ජාතිවාදියෝ මහින්දට “මහරජා” කියනකොට, කවුරුවත් විරුද්ධ වුණේ නැහැ. එයාල මහින්දට මහරාජා කියනකොට හිතුවෙ නාමල් රාජපක්ෂ රාජකුමාරයා කියල.

හරිනං ජනාධිපති විදිහට මහින්ද ම ඒකට විරුද්ධ වෙන්න එපැයි. තම විධායක තනතුරේ ස්වභාවය ජනයාට පැහැදිලි කරදෙන කතිකාවක් අරඹන්න එපැයි. ඒක ආණ්ඩුවට නෙවෙයි, රජයට පක්ෂ කතිකාවක්. ඒත් මහින්ද දැන දනැම ඒක කළේ නැහැ. එහෙම ශිෂ්ටත්වයක් මහින්දට තියා මුළු මැදමුලනයට ම නැහැ. මහින්ද කළේ “ආයුබෝවන් මහරජාණනි” ගීතය කියපු ලාබාල කණ්‍යාවී සහේලිව නවත්වන්නේ නැතුව, ඇයව තම ඔඩොක්කුවට අරන් රාජ්‍ය බලයෙන් වෙන වැඩක් කරල, පසුව ඇය මානසික ආතතියකට ලක්වූ ගැහැනියක් බවට පත්කරන එක. එයා රටින් පිටවෙලා ගියා. රජා වලත්තතයා වුණා.

දැන් ඒ සහේලි සහ එයාගෙ දෙමව්පියෝ මොකද කළේ? යුධ ජයග්‍රහණයේ කතිකාමය ආධිපත්‍යය පාවිච්චි කරල යම්කිසි ප්‍රාග්ධනයක් තමන්ගේ පවුලට විතරක් හරවගන්න හැදුවෙ. එයාල හිතුව මහින්ද ඒක විතරක් කරයි කියල. මහින්ද ඊට වඩා දේවලුත් කරනකොට තමයි එයාලට දෙලොව රත් වුණේ.

 ra2

දැන් කෝ රාජ්‍යය?

ඒ කාලෙ ඒ ගායිකා දුවගේ දෙමාපියන්ට ජනපතිට විරුදධව පියවරක් ගන්න තරම් ස්වාධීන රාජ්‍ය ව්‍යුහයක් තිබුණේ නැහැ. එයාල නඩු දැම්මද? නෑ! අර වලව්කාර හාමුලගේ කාලෙ වගේ, “කළුගලේ ඔළුවගහගන්න බෑ අප්පා” කියල එයාලත් වෙච්ච අවනඩුවට සාප කරමින් සීරුවෙන් මාරු වුණා. දැරිවිගේ තාත්තා අවිඥානිකව පිම්පියා වුනා. දැන් රාජපක්ෂලාගේ ජනමතයට කෙලවෙලා හින්ද, ඒ දෙමව්පියන්ට සියුම් සතුටු කඳුලක් උනනව ඇති.

රටක ස්වාධීන රාජ්‍යයක් තිබුණ නම් මෙහෙම වෙනවද?

යුද්දෙ දිනපු කාලෙ රටේ බහුතරයක් කළේ “1505ට කලින් තිබුණ රජකාලේ ආයෙ ඇවිත්නෙ අප්පා” කියන මිත්‍යා මතයේ ගිලිල ටික කලක් මානසික ස්වයං-වින්දනයක යෙදෙන එක. රට ඇතුළේ බොහොම සුළුතරයක් හැරුනහම කවුරුවත් “ඒක කොහොමද එහෙම වෙන්නේ? අපි රජකාලෙ පහුකරල අවරුදු 500කුත් ගෙවල නිදහසකුත් ලබලනෙ හලෝ ඉන්නේ! නිදහසින් වසර 70කට පස්සේ බටහිර පන්නයේ ව්‍යවස්ථාදායකයක යටතෙනෙ මේ ඉන්නෙ?, ඇමෙරි පන්නයේ විධායකයක් යටතෙනෙ මේ ඉන්නේ?,” කියල කියන්න නිර්භීත වුණේ නැහැ. බොහෝ අය එහෙම අහන්න දැනං හිටියෙවත් නැහැ. අදටත් බහුතරය දන්නේ නැහැ.

එහෙම නොකිවවෙ, සුදුවෑන් එකක් ඒවි කියල හිතල ම නෙවෙයි. එහෙම සිහිය එලවගන්න තරම් මානසිකත්වයක නෙවෙයි බහුතරය හිටියෙ. එයාල හිටියෙ යුධ ජයග්‍රහණයෙන් ඩෝප්වෙලා. ඉතිං 1505නුත් පස්සට ගිහිං රජකාලෙ ගල්කනු අතර ෆැන්ටසියක ඉන්න අයට, රජය සහ ආණ්ඩුව වෙන්කරගන්න බුද්ධිය පහල වෙන්නේ නැහැ. 

මොකද ඊට පෙර ඉඳං ම අපි “රජයට ආණ්ඩුව කිව්වා. ආණ්ඩුවට රජය කිව්වා.” කවුරුහරි “ඒක වෙන්නෙ කොහොමද අයිසේ?” කියල ඇහුවොත් “යනව ඕයි යන්න, මේ දෙක ම එකයි!” කිව්වා.

ඉන්දියාව ලොකයේ ප්‍රාග්ධනය ගෝලීයකරණය වීමේ ආර්ථිකය දෙසට මේ තරම් විවෘත වෙන්න කලින්, ඉන්දියාවේ දුෂ්කර ගම්මානවල බොහොමයක් උදවිය දැන හිටියෙ නැහැ, එයාල ජීවත් වෙන්නේ ඉන්දියාවෙ කියල. එයාල හිතං හිටියෙ එයාල ජීවත් වෙන්නේ, එයාලගෙ ගමේ කියල. ඉතිං එයාලගෙ මුළු ජීවිතයම ගමේ ම ජීවත් වෙලා ගමේ ම මැරිල ගියා. ගෝලීයකරණයට හොඳට ම රෙද්ද පලල් කරගෙන විවෘත වෙලත්, ලංකාවෙ සියයට 70ක් තවම දන්නේ නැහැ, එයාල ජීවත් වෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් යටතේ කියල.

බලන්න, මේ නාගරික අරගලකරුවන් දිහා.

ra9

එයාලගෙන් බහුතකරයක් රටේ නව-මධ්‍යම පංතිය. අරගලය පටන් ගන්න දවස්වල එයාල දන්න මලඉලව් ව්‍යවස්ථාවක් නැහැ. එයාලට තමන් ආණුඩුක්‍රම ව්‍යවස්ථාවක් යටතේ ඉන්නව කියල දැනුනෙත්, අරගලය කරගෙන යන අතරෙ. ඉල්ලන ප්‍රතිඵලය අරගලෙයෙන් නොලැබෙනකොට යි. එතකොට තමයි “මොකක්ද මේ?” කියල හිතන්න පෙළඹුණේ. එතකං එයාල හිතං හිටියෙ, “ඝෝඨාගේ මුරණුඩුකමට ඌ යන්නෑ බං” කියල. පස්සෙ තමයි දැනගගත්තේ මේක එයාලගෙත් ගොංකම කියල. ඉතිං ඈත ගම්වල ඉන්න බුහුතරය නියෝජනය කරන ගැමි වරිග සභාමය සංස්කෘතික ජානයෙන් පැවත එන උදවිය ගැන කවර කථාද?

ලංකාවෙ රාජ්‍ය ආයතනවලට ආණ්ඩුවේ ඇමතිගෙන් පත්වෙලා එන්නේ කවුද? පොරවෙන්න හදන අය විතරයි. පොරවන්දනාව ලංකා නිළධාරීන්ගේ මහා පොදු සාධකයක්. වෘත්තීය රාජ නිළධාරීන්ට වඩා, ටික කලෙකට පත්වෙන ආණ්ඩුවල ඇමතිලාගෙ බත් බැලයෝ තමයි රාජ්‍යය පවතින්න ඕන කොහොමද කියල තීරණය කෙරුවෙ.

ඉතින් මේ වගේ පද්ධතිය චොර වෙච්ච තැනකට නාමල් වගේ නූගතෙක් කොන තෙමාගෙන ආවහම මොකද වෙන්නේ?

රටේ නූතනවාදී යුගයේ බිහිවුණ සෘතියට ගයන ගායකයන්ගේ පුත්තු ඇවිත් තාත්තගෙ සින්දු සෘතියෙන් පිට කියද්දී, වාදකයො සද්ද නැතුව සංගීතය සපයල, ප්‍රසංගය ඉවරවෙලා යනගමං පාරෙදි මේ පුතාලගෙ අම්ම මතක් කරං තමයි ගෙදර ගියේ.

තාත්තගෙ පුතාල විදිහට දේශපාලනයට ආපු සජිත් සහ නාමල් යන දෙබෑයොම එකම කාසියේ දෙපැත්ත. දෙන්න ම අමු මීහරක්. 

ra10

උගන්ඩාවට රටේ මුදල් පැටෙව්වාය කියන පුවත මෑතකදී ප්‍රසිද්ධ වීමත් එක්ක, දැන් නාමල් රාජපක්ෂට “ඉතිං උගන්ඩාවේ ජනාධිපති වෙයංකො” කියල අරගලකරුවන් ජෝක් කරනව. අරගලකරුවන් දැනගතයුතු ව්‍යූහාත්මක ඇත්තක් තියෙනව.

ජනතාව තම අධ්‍යාපන ක්‍රම-පද්ධතිය හරහා රාජ්‍ය සහ ආණ්ඩුව අතර වෙනස දකින කල්, ඕන ගේම් කාරයෙකුට කැමති ගේමක් දීල යන්න පුළුවන් විදිහේ දේශපාලන වේසමඩමක් මේ රාජ්‍යය. පියවි සිහියෙන් සහ බුද්ධිමය භාවිතයෙන් යුතු දේශයට ස්වාධීන වූ රාජ්‍යයක් නැහැ තවමත්. ඒක ඉදිරියේදී හදාගන්න තියෙන එකක්. දැනට පවන්නේ භය, සැකය, ඉරිසියාව, තුශ්නිම්භූතකම වගේ වගේ ආවේගීය හැඟීම්වලින් දේශපාලනාර්ථිකය හඳුනගැනීමට හැදන පාලකයින් සහ ජනතාවක්. තවමත් හදෑරීමකින් ඇතිවන සබුද්ධික යොමුවක් පේන්න නැහැ. පියවිසිහිය මගහැරල, පාලකයන් සහ ජනයා යන කොයි කවුරුත් ගොඩදාල තියෙන්නේ ස්වාධීන ප්‍රගතිගාමී රජයක් නෙවෙයි. එවෙලෙට කටින් ගහල පුද්ගිලක ප්‍රේජෙක්ට්ස් සම්මත කරගන්න පුළුවන් මාළු අහිනක් විදිහටයි මේ හැමෝට ම රාජ්‍යය පෙනෙන්නේ. ඒ පෙනෙන රාජ්‍යය නිවැරදි ව්‍යවස්ථානුකූල මතයක් හරහා ගෙනයෑමයි කළ යුත්තේ. ඒක තවම වෙලා නැහැ.

ඉතිං මහජනතාව කවුරුහරි නොදන්න තක්කඩියෙක් ඇවිල්ල, “ඔන්න ඇමරිකානු කුමන්ත්‍රණයක්!” කිව්ව ගමං රෙද්ද උස්සන් ඒක පස්සෙං දුවනව. ආයෙමත් තව කෙනෙක් “මෙන්න චීන කුමන්ත්‍රණයක්!” කිව්වහම, රෙදි කඩාගෙන ඒක පස්සෙ දුවනව. ආයෙමත් කවුරුහරි “ඉන්දියානු ව්‍යාප්තවාදයක් ඇවිත්!”කිව්වහම රෙදි නැතිව දුවනව. සබුද්ධිකව ඒහි පස්සිකෝ ඥානයෙන් යලිවිමසල කරපු දිවීම් නෙවෙයි මේව. හිතට එන ආවේගෙට දුවපුව. වම්මුන්ට අනුව කවුරුහරි විප්ලවාදියෙක් හදවත් රෝගයක් හැදිල මැරුණත්, ඒකත් ඇමරිකන් කුමන්ත්‍රණයක්.

මෙහෙම අරාජික මතවාදයන් ශක්තිමත්වෙලා ඒවා පොදු මතයක් දක්වා ගොඩනැගී, ඒ හරහා ආණ්ඩු හදාගන්නට හේතුව මොකක්ද?

අපිට හරිහමං රාජ්‍ය පද්ධතියක් නැති නිසයි ඒ.

මැදමුලනයට ඩොලර් බිලියන ගණං ගහල අහු නොවන්නෙත්, නාමල් බේබි රාජ්‍ය මුදල් අවභාවිතය කරල අම්බානක බඩුගහල නෑ වගේ ඉනනෙත් හේතුව අපිට රජයක් නැති නිසයි. කොලවල ව්‍යවස්ථාවක් තිබුණට භාවිතයේ නැත්නම් ඒක රජයක් විදිහට පිළිගන්න බැහැ.

මේ හින්ද මිනිස්සු හිතන්නේ රජය සහ රාජ්‍ය නීතිය තියෙන්නෙ දුප්පත් කසිප්පුකාරයෝ, ත්‍රී වීල්කාරයෝ, කුඩුකාරයෝ අල්ලන්න සහ දේශපාලන විරුද්ධවාදීන් දඩයම් කරන්න විතරක් කියල. ඒ හින්ද තමයි නාමල්, යෝෂිත සහ රෝහිත බේබිලගෙන් හෝ වෙන දේශපාලුවෙකුගෙන් තමන්ට වරදක් වුනහම ආණ්ඩුවක් මාරුවෙනකං හිටහල්ලකො කියල කියන්නේ. අපිට ආන්ඩුවේ එකෙක්ගෙන් අසාධාරණයක් වුණහම, ආණ්ඩුවට ඉහළින් තියෙන රජය කියන ස්වාධීන ව්‍යුහයක් අපි හොයං යන්නේ නැත්තේ ඒ හින්දයි. ඒ හින්ද ජනතා බහුතරයකගේ හිත්වල රාජ්‍යය කියල එකක් නැහැ. රාජ්‍ය මෙහෙයවන නිළධාරීන්ට ආණුඩවකට ඉහළින් බලයක් නැහැ. ඒ නිසා රාජ්‍යය කියල එකක් නැහැ. තියෙන්නේ ආණ්ඩුවට පහසුකම් සලසන ආණ්ඩුවේ බත්බැල ව්‍යූහයක්.

 

ඒ හින්ද ආණ්ඩුවක් පත්වුණ ගමන් පත්වෙන හැම පක්ෂයක් ම ජනතාවට දුන් චන්ද පොරොන්දු එක්ක බිලියඩ් ගහන්නේ ඒ නිසයි.   

ඇමරිකන්කාරයො අපේ මේ නූගත්කම ඉදිරියේ සිනා සිසී ෆන් එකක් ගන්නව. අපේ හැඟීම් මුල්කරගත් ගෝත්‍රික ගති ඉදිරියේ මූණ ඉච්චාවට ලංකාවෙ උදවිය අමතල “ඔයාල තරම් මාර ඩයල්ටිකක් ලොවෙත් නැහැ” කියා අපිව පුම්බල උඩ ඇරල, හුලං බැහැල වැටෙනකං ඉඳල හොරාට හිනාවෙනව. මොකද එයාල රාජ්‍යය සහ ආණ්ඩුව අතර වෙනස දන්නව. ලංකාවෙ බහුතරයක් ඒ දෙක පටලවගෙන මඥ්ඤමෙන් ඉන්න බවත් දන්නව එයාල දන්නව.

ඒ හින්ද තමන්ගේ වැරදි සහ අත්වැරදි දිහා බලා නිවැරදි වෙනවා වෙනුවට, පිටරට ඉන්න කුවරුහරි නොදන්නා පුද්ගලයෙකුට හෝ සංවිධානයකට වරද පටවල, අපේ වැරැද්ද ඔඩුදුවන්න ඇරල පිස්සු කෙලින ජනතාවක් තමයි ලක් වැසියො.

ඉතිං යකාගෙ හැටියට තමයි විමානෙ.

අපි සතුරා රටෙන් පිට ඉන්නව කියල හිතාගෙන, අපි අපේ අවධානය නොදන්න නොදුටු දුර ඈත රාජ්‍යයක් වෙතට යොමාගෙන ඉඳියා. ඒ අතරේ අපේ මේ ගොංකං හොඳට දන්න හතුරෙක් රට ඇතුළෙන් ම බිහිවුණා. ඒ තමයි අනාගතේ මතු යම් දවසක නාමල් බේබිව ඔටුනු පළඳින කුමාරයා කරන පාහර අභිලාශය පෙරටුකරගෙන බිහිවුණ මැදමුලනේ මිත්‍යාමතික “මහ රජා” දේශපාලනය. දැන් ඒ මහ රජාම “මහ හොරා වෙලා.”

ප්‍රශ්නය ව්‍යසනයක් වෙලා ඒක බඩට දැනෙනකං සත්‍ය අවබෝධ වෙන්නෙ නැති ජාතිය බුද්ධිමත් ජාතියක් නෙවෙයි.

බුද්ධිමත් ජාතියක් කියන්නේ ප්‍රශ්ණය එන්න කලින් ම දැන, එය රට කරා නොඒන්නට සිස්ටම් එක සංවිධානය කරගන්න ජාතිය.“මම එහෙම නොකර හිටියොත් ජනතා මාව ගෙදර යවාවි” කියල නායකයෙකුට හිතෙන්න ඕන. එතකොට තමයි නායකයත් බයවෙලා වෙන්න කලින් සොලියුෂන් හොයල දෙන සිස්ටම් එකක් හදන්නේ. මේ රටේ එහෙම හිතෙන්නේ නැහැ. මොකද මේ රටේ ජනයාට ඓන්ද්‍රීය රාජ්‍යයක් නැහැ. ඉතිං මේ ජනතාව දිහා බලනකොට, මහින්ද ඇතුළු මැදමුලනෙට තේරුණේ, “මුන් මරුණේ, නීතියකට යටත් විධායක ජනාධිපතිට මහ රජා කිව්වත් කමක් නැති මරු පොරවල් ටිකක්නෙ” කියල. ඉතිං එයාලා බාගෙන කන එකත් නතර කරල ඉහගෙන ම කන්න පටන් ගත්ත. මේ ගැන ජනතාවට වගකීමක් නැත්ද?

යකාගෙ හැටියට තමයි විමානෙ. ජනතාවගේ හැටියට තමයි නායකයෝ.  

රාජපක්ෂලා මිත්‍යා මත අදහගත්තා විතරක් නෙවෙයි, රජෙක් ඉල්ලා වසර 70ක් තිස්සේ මැරෙන්න හදපු වරිග සභාවලින් පැවත එන ග්‍රාම්‍ය ගැමියන්ට, ඒ මිත්‍යා මත කුඩුකරල දියකරල පෙව්වා. මැදමුලනෙ බලයට පත්වෙලා සෑහෙන්න කාලයක් යනකං ඡන්දෙකින් ප්‍රධාන නගර දිනාගන්න බැරිවෙලයි හිටියෙ. ඒත් කලක් යනකොට නගරවල උදවියටත් මිත්‍යා මත කොටල පොවන්න මැදමුලනයට හැකිවුණා. එජාපයේ නාගරික දේශපාලකයින්ට මහින්ද ඇරපු දේශපාලනික වරප්‍රසාද දන්සැල් හරහා මේ මිත්‍යාමත සංසරණය සිද්ධ වුනා. නාගරික ලුම්පන් පාංතිකයො, මිත්‍යාවන් ගෙඩි පිටින් ගිල්ලා. අන් අයටත් ගිල්ලවන්න දේශපාලනය ද කළා.

ra13

හැබැයි රාජපක්ෂලාත් ඒ මිත්‍යා අමෘතයෙන් ඩෝප්වෙලයි හිටියෙ. රටේ බහුතරයට ඒ ගැන වගක් තිබුණෙ නැහැ. අවසානයේ මහින්දගෙ මලය ගෝඨා රටේ ආර්ථිකය අර්බුදයෙනුත් එහාට ගෙනිච්චා. රාජ්‍ය ව්‍යවස්ථාදායකයට සහ විධායකයකට කාලි අම්මණ්ඩිගේ මතය කොටල පෙව්ව. ගෝලීය ආර්ථික ආයතන සහ අපිට ණය දුන් බැංකු සහ රටවල්වලට කාලි අම්මගෙන් වැඩක් නැහැ. ඒකෙන් ඇතිවුණේ ව්‍යසනය. ව්‍යසනය හරහා තමයි පූසා මල්ලෙන් එළියට පැන්නේ. එතකොට ගෝඨාට මල පහ හත්පොලේ ගාගගෙන ඉවරයි.

1988-1989 කාලෙ ආර්. ප්‍රේමදාස මලයාලම්කාරයෙක් ගේ උපදෙස් පිට රටේ මිනී මැරෙද්දිත් පිස්සු කෙලිනකොට කටවහගෙන හිටපු ජනතාවට, මේ ඥානක්කගෙ ප්‍රශ්නෙ එක්ක හැප්පෙන්න කැහිල්ලක් තිබුණේ නැහැ. එත් ආර්ථිකය තුළ වැඩේ දුරදිග ගිහින් බඩේ බඩවැල් වේලෙනකොට තමයි, ජනතාවගේ පඬුපුල් ආසනේ රත්වුනේ. ජනතාව හදිස්සියේ ම ශක්‍රයා ඉවට පත් වුණා. ගෝඨා බලු වුණා. මොකද මේ ජනයාගෙන බහුතරයක් තවමත් බුදුන්ට විරුද්ධව බුදුන්ව ෂේප් කරගෙන දකුනු ඉන්දියාවෙන් ණයට ගත්තු කාලි අම්මණ්ඩිව අදහනව. ඒ හැබෑවක් කියල විශ්වාස කරනව.

ලෝකයේ කලාප දෙකක් පවතිනව. ආර්ථිකය කියන්නේ මිනිසාගේ ශරීරයට සහ මනසට අදාළ විෂයක්. විෂය මැනිය හැක්කේ කාලය කියන ඒකකයෙන්. ඒක එක කලාපයක්. දර්ශණවාද ආගම් හෝ ඇදහිලි ජනයාගේ අධ්‍යාත්මයට අදාළ අවකාශයක්. අවකාශය කාලයෙන් මිනිහ නොහැකි මානයක්. එක් දෙවෙනි කලාපය. ඒ හින්දා මේ කලාප දෙක වෙන් වෙන්ව පවත්වාගෙන යාම තමයි නිරෝගී භාවිතාව. අධ්‍යාත්මය කියන්නේ පුද්ගලයා තනිව ම ප්‍රගුණ කළ යුතු කලාපයක්. ශරීරය සහ මනස මූලික ආර්ථිකය කියන්නේ පුද්ගලයින් එකතුවී පොදුවේ සංවර්ධනය කළ යුතු කලාපයක්. අවම තරමින් මේ රටේ ජනයා ආර්ථිකය ඇතුළු කාලයට(ශරීරයට සහ මනසට) අදාළ විෂයන් පොදු ජීවිතය (public life) ඇතුළේත්, ආගම් ඇදහිලි වගේ අධ්‍යාත්මයට අදාළ අවකාශය පුද්ගලික ජීවිතය ඇතුළේත්(public life) නඩත්තු කරගන්නවා නම්, ඇක්සිඩන්ට්ස් අඩුයි.

ලංකාවෙ මේ කලාප දෙක පවතින්නේ මිශ්‍රවෙලා. වලාකුළු දෙකක් එකතුවුනහම ආයෙමත් තිබ්බ තත්වයට පත් කරන්න බැහැනේ. මේ කලාප දෙක වෙන් කරගන්නට නිවැරදි විෂය දැනුම සහ පුද්ගල විනය ඇතිවිය යුතුයි. ඒකට ජනයා ස්වයං-සංවිධානාත්මක බව ගොඩනගාගත යුතුයි. ඒකට ජනයාව මෙහෙයවන්න පුළුවන් රාජ්‍යයට විතරයි. රටට රාජ්‍යයක් ඇති බව බහුතර ජනයා දන්නේ නැහැ.

ra11

ලක් ජනයා විෂයන් වෙන්කරගත් ඉසියුම් ජීවින භාවිතයක සිටින බවට හාන්කවිසියක්වත් පේන්න නැහැ. අධ්‍යාත්මිකය කියන දේ ලෞකික වාද-විෂයන්ට අදාළ නැති බව දැන මේ දෙක හිතින් වෙන්කරගත්තු විධිමත් ජීවිතයක් මේ රටේ බහුතර ජනතාවට අදටත් නැහැ. ඥානක්කාගේ මතවාදය අනුව මිනීමරු කාලි අම්මන්ඩියි, වෛර කරන්නාටත් මෛත්‍රී කරන්න කියපු බුදුන්වහන්සේ කියන මහා-නිර්භවය යි එක වන්ගෙඩියෙ දාල කොටල අච්චාරු ඇදහිලි මාදිලියක් හදන්න පුළුවන්.  ඒ.ටී. කොවුර් සහ සෝම හාමුදුරුවන්ගෙන් පස්සෙ මේව ප්‍රශ්න කරන උදවිය ලොවෙත් නැහැ. ඒකෙන් බුදුන්ගේ මුළු ප්‍රෝජෙක්ට් එක ම ගඟේ යනව. ඝෝටා ඒකට අහුවුණ නිසා බහුතර ජනයා හිනාවෙනවද? නෑ! ඒ නාගරික තරුණ ජන කොටසක් විතරයි. එයාල බහුතරය ම නෙවෙයි.

බහුතරය ඉන්නේත්, ඝෝඨාටත් වැඩිය වූ තිස්තුන් කෝටියක් දේවාත්ම අදහගෙන බුදුන් දෙසූ දහමට විරුද්ධව.  ජනයාගේ අධ්‍යාත්මය තිස්තුන් කෝටියකට කැඩිල තියෙන්නේ. එක කැබැල්ලක් තව එකකට විරුද්ධවයි පවතින්නේ. ඒ හින්ද ජන මනස ද තිස්තුන්කෝටයකට කැඩිල. ඒ හින්ද තමන්ගේ ම ශරීරය ගැන ජනයාට තියෙන්නේ තිස්තුන්කෝටියකට බිඳුනු පැළුණු අදහසක්. සමස්ත අදහසක් නැහැ. ඒ හින්ද සමස්තමය ව්‍යූහයක් වන රාජ්‍යය, පොදුජනයාගේ පුද්ගලභාවට අහුවෙන්නේ නැහැ. ලිස්සා යනව. ඒක තමයි ලංකාවේ රාජ්‍ය පිලිබඳ ජන මනසට ඇති මනෝබාවය හා සම්බන්ධ මනෝ-විශ්ලේෂණය.

ra12

ඒ හින්ද ලංකාවේ මේ ඇදහිල්ලේ ඉන්න බහුතර ජනයා පසුවන්නේ දෙබින්න මනෝ-ව්‍යාධියකින්වත් (Schitzoprenia or dual-Split personality) නෙවෙයි. ලක් ජන බහුතරය ඉන්නේ තිස්තුන්කෝටික භින්නනෝන්මාදෙක.  මනස තිස්තුන් කෝටියකට පලාගෙන. ඒ හින්ද එයාල බහුතරයකට ඥානක්කා නිසා ඝෝඨා නරක් වුණා නෙවෙයි. එයාලට සුපිරි කාලි-කට්ටඩි ඥානක්කා හමුවෙන්න තරම් ආදායමක් තිබුණෙ නැහැ. ඥානක්කා සේවා සැපයූවේ, රටේ මුදල් හිමි පංතියක උදවියට විතරයි. නැත්තං ප්‍රාත්‍යාහාරාත්මකව කොහෙන් හරි ධනය කුට්ටියක් කඩාගන්න තියෙන චාන්ස් එක නැති කරගෙන ඥානක්කා හමු නොවී ඉන්නවද අපේ මේ වරිග ජනයා?     

රටේ ජනයාට පවා “අපි මේ ජීවත් වෙමින් ඉන්නේ ගෝලීයකරණය වූ ආර්ථික සිස්ටම් එකකනෙ අම්මපා” කියල සිහිය අවදි වුණේ බඩගින්න ඇවිත් බඩේ බඩවැල් ආක්‍රමණය කරනකොට විතරයි. එහෙම නැතුව අර්බුදය කල්තියා දැක්කෙ රටෙන් බොහොම සුළුතරයක් විතරයි. බහුතරය හිටියේ ඒ සුළුතරයව ජෝක් එකට අරන්.

ඒ හින්ද මේක මැදමුලනය කෙලපු පිස්සුවක් විතරක් නෙවෙයි. මැදමුලනය කළේ ජනයාට චම්පික රණවක හදල දීල තිබුණ ගල්කණු අතර රජ්ජුරු කෙනෙක් එනවාමයි කියූ බොරු පොරොන්දුවට අවශ්‍ය මිත්‍යාවන් ටික සප්ලයි කරන සපෝට් එක දීම විතරයි. ජනතාව ඒක ගෙඩි පිටින් ගිලිනව වගේ දැක්ක ම, මැදමුලනයටත් පමණ ඉක්මවා හිතූ මනාපෙට ධනය ගරන්න සහ බඩුගහන්න හිතුණා. ඒක ඕ පෘතග්ජනයෙකුට වෙන්න පුළුවන් මානසික ස්ථානමාරුවක්^Mental Dispalcemanet&.

චම්පික මැදමුලනේට අඹරන්න දුන්නු සිංහල ජාතිවාදී සහ මිත්‍යාවාදී ගිණිගුලිය, ජනතාව තමන් හිතුවටත් වඩා වේගයකින් ගිලිනව දැක්කහම තමයි, මැදමුලනේ එළිපිට රාජ්‍ය දේපල කොල්ලකන්න ගත්තේ. මොකද බහුතර ජනයා ඉන්නේ වරිගවාදී මිත්‍යාවකින් ඩෝප් වෙලා කියල මහින්ද ඇතුළු මැදමුලන හැත්තට ම තේරුම් ගියා.      

අපිට සාර්ථක රාජ්‍ය යන්ත්‍රයක් නැහැ.

ඉතිං යකාගෙ හැටියට තමයි විමානෙ. ජනතාවගේ හැටියට තමයි පාලකයො. 

ඒ හින්දා මොකක් හරි අකටයුත්තක් වෙච්ච ගමන් තවත් ආණ්ඩුවක් එනකං ඇවුරුදු ගණං බලන් ඉන්න එකයි මේ රටේ ජනයා කළේ. මේ ආන්ඩුව පරද්දන්න ඊළඟ ආණුඩුවට කැහැල, වෙච්ච අසාධාරණය හරිගස්සවගන්නයි උත්සහ කළේ. එහෙමත් නැත්තං, සම්බන්ධතාවක් ඇතිකරගෙන සල්ලි කුට්ටියකුත් අරගෙන යනව ඇමතියව හෝ ඇමතිය පත්කරපු නිළධාරියකුව හම්බවෙන්න. එහෙමත් කරගන්න බැරි වුණහම, තනියම හරි කමක් නෑ කියල හිතං කාලි අම්මන්ඩ්ට හරි වෙනිං දකුනු ඉන්දියානු දෙවියෙකුට හෝ දේවතාවියකට පොල් ගහනව.

මේ අඥානකම දඩමීමා කරගත්තු නාමල් රාජපක්ෂ බේබි මහත්තයා, ජනතා මුදල්වලින් හෙලිකොප්ටරයෙන් පනින ක්‍රීඩා පවා කරනව. පාරවල් වහල මොටර් රේස් පදිනවා. නයිට් කල්බ් යනවා සහ නහුතයක් තරම් කාම මිත්‍යා සේවනයේ යෙදෙනව. පට්ට ආතල් එකක් ගන්නව. සමහර සමාජ මාධ්‍ය මේව වාර්තා කරද්දිත් නාමල් බේබි එළිපිට ම ඊට වෙනස් දෙයක් කළේ. නාමල් රාජ්‍ය යන්ත්‍රයත් එක්ක පිස්සු කෙලින්න ගත්තේ. 2022කේ අරගලය ඇතිවෙන කාලෙ නෙවෙයිනේ. ඊට කලින්. ඇයි ඊට කලින් අරගලය පාරට ආවෙ නැතුව ගෙදර හැංගිලා තිබුණේ?

තරුණ ජනයාට ඕන වුණේ නාමල් බේබිගේ පාහරකම් නවත්තනවට නෙවෙයි අනුගමනය කරන්න.තමන්ටත් එහෙම කරගන්න මාර්ගයක් පාදගන්න. ඒත් නාමල් බේබි ඇතුළු මැදමුලනයේ ගැහිලි කන්දරාවයි, ගෝඨාගේ අදේශපාලනික මිත්‍යාමතය සහ සයිකෝසීය මනෝව්‍යාධියයි එකතුවෙලා රටේ ආර්ථික සංදර්භය විනාශය දෙසට වෙනස් කළා. ඒකෙන් බඩුකාර නාමල් බේබි කුමාරයාට තමන්ගේ දුවල බන්දල දෙන්න බලන් හිටපු තාත්තලගෙ සිහිනය බොඳ වුනා. මේව රජකාලෙත් අන්තප්පුර ආශ්‍රිතව සිද්ධ වුණා. ඒත් දැන් සිහින විසිරිලා.

ඒ වෙනුවට යථාර්ථය රටේ හැමෝගෙ ම මූනට දමා ගැහුණා.

මොකක්ද මේ යථාර්ථය?

ආර්ථිකය ගෝලීයකරණය හරහා ප්‍රග්ධනය ගෝලීය කේන්ද්‍රයක් වෙතට ගොඩගැහීම හෙවත් සමුච්චකරණය වීම. යථාර්තය රුපියල්මය ජාතික සිහිනයක සිට ඩොලර්මය ගෝලීය අර්බුදයක් දක්වා මාරුවීම.

ඉතිං තරුණ ජනයාගේ ඥානවිභාගය ඛණ්ඩනය වුණා.

හිත් උඩුයටිකුරු වුණා!

ඉතිං ඒ ජනයා පාරට බැස්සා!

රාජ්‍ය කතියන්නේ මොකක්ද කියලවත් දන්නේ නැති අගතිගාමී ජනතාවක් එක් රැයකින් සයිබර් අරගලකරුවන් බවට පත්වුණා. ඛන්ඩනය වෙච්ච ඥාණවිභාගය අලුත් දැනුමකින් පංවිධානය වීම ඉල්ලා සිටියා. සිංහල ජාතිවාදයක් හෝ බුදුන්ට අවමන් කරන සිංහල බෞද්ධකමක් හෝ හෙල උරුමකරණයක් හෝ පිවිතුරු හෙල උරුමකරණයක් හෝ දෙසට හරවන්න බැරි නව-නූතන අරගල භවයක් පොළව පලාගෙන ඉපදුනා. ඒ නව තරුණ භවයන්ට අඩුවකට තියෙන්නේ, ඉසියුම් ගෝලීය දේශපාලනාර්ථික දැක්මක් විතරයි. ඒ නිසා මැදමුලනය තුෂ්නිම්භූත වුණා! රාජ්‍ය දේපල දැක්ක ගමන් කොන තෙfමිච්ච නාමල් බේබිගෙ කොන වේලුනා. 

මිත්‍යාමතයේ ඩෝප් හිඳිල අවදිවුණු ජනතාවක් ආයෙ ජාතිවාදයෙන් ඩෝප් කරන්න නාමල් තියා හෙල උරුමකාර ටේ‍රන්ඩ් එකට හෝ දෙමල ඩයස්පෝරාකාරයින්ට හෝ මුස්ලිම් කොන්ග්‍රස් එකට බැහැ. දැන් එයාලට පුළුවන් තිරය පිටිපස්සට වෙලා කුමන්ත්‍රණය කරන්න විතරයි. එළිපිට නටන්න ආපු ගමන් ඉසෙඩ් ජෙනරේෂන් එකෙන් අම්බානක කන්න වෙනව.

දැන් ඉන්න ජනයා අතර නූතන ලෝකයට අයිති වැඩිහිටියෝ, මේ ගෙවෙන යුගයේ තරුණ විය ගෙවන ඉසෙඩ් ජෙනරේෂන් එකේ තරුණ තරුණියො, ඉදිරියට තරුණ වියට පිය මනින්න බලන් ඉන්න දැනට නව-යොවුන් වියේ (Tean-age tfla) ඉන්න ඇල්ෆා ජෙනරේෂන් එකේ උදවිය යන මේ කවුරුත් තමන්ට හොඳ පැත්තට බලපෑ හැකි චරිත සහ ඉතිහාසයන් ගැන තවම දන්නේ නැහැ. රට වෙනස් කරන්න නම් ඒ ගැන දැනගන්න හදාරන්න වෙනව.

මේ අරගලකරුවන්ගෙන් බොහෝ දෙනෙක් ලෝ පතල හවර්ඩ් විශ්වවිද්‍යාලයේ සේවය කරන, ලොව බුද්ධිමය ක්ෂේත්‍රයේ උස්වූ වෘත්තිකයෙක් විදිහට ගරුත්වයට පත් මහාචාර්ය ගනනාත ඔබේසේකර ව දන්නේ නැහැ. ලංකාවේ බිතුසිතුවම් කලාවේ නූතනවාදී චරිත වුණු සෝලියස් මැන්දිස් හෝ සෝමබන්දු විද්‍යාපතිව දන්නේ නැහැ, ජෝර්ජ් කීට්ව, ශ්‍රී ජයනව, ජල විදුලිය ලොවට හොයා දී ලෝක විද්‍යාඥ ලැයිස්තතුවට ඇතුළත් වුණු විමලසුරේනද්‍රව දන්නේ නැහැ. ලංකාවට ආවේනික ඝර්මකලාපික බවට ගැලපෙන ගෘහ නිර්මාණ ශිල්පයක් හොයාගැන්න සාර්ථක අත්හදා බැලීම් කරපු ජෙෆ්රි බාවාව දන්නේ නැහැ. ආර්ථිකය ගැන ගෝලීය න්‍යායන් සහ දත්තකරණයන් දන්නා වෘත්තීක ශාස්ත්‍රඥයින් ගැන දන්නේ නැහැ. මේ උදවියට ජනයා ඉදිරියේ පොරවල් වෙන්න උවමනාවක් නොතිබුණ නිසා, බොහෝ උදවිය මෙයාල ගැන දන්නේ නැහැ තමයි. මේ වගේ හැදෑරිය යුතු චරිත ලැයිස්තුව තව දිගයි. ලොව ප්‍රමිතිගත විද්‍යාත්මක කෂේත්‍ර 22ට අදාළ ඉහළ පෙළෙන් සීයට 02ක් ඉන්නේ මේ රටේ උදවිය කියල බහුතර දේශපාලකයො පවා දන්නේ නැහැ. අපේ අධ්‍යාපන පද්ධතිය ම මේව දන්නේ නැහැ. දන්නේ කොළඹ කේන්ද්‍රීය උසස්-මධ්‍යම පංතිය හෝ ඒ පංතියේ සංස්කෘතියට ඇතුළු වෙච්ච අති-සුළුතරයක් විතරයි.

ඒත් අපි නාමල් රාජපක්ෂව දන්නව.

එයා ආවොත්, එයාට හේත්තුවෙලා වැඩකරන්න කැමති උදවිය නව වමේ ව්‍යාපාරයේ පවා ඉන්නව.

මොකක්ද මේ කරුමය?  

තමන්ගේ දේශයට උපන් වටිනා විෂය දත් මිනිස් භවයන් ගැන නොදන්නා රාජ්‍යයක් මොන එහෙකටද?

ඒ හින්ද ආණ්ඩුව නෙවෙයි රාජ්‍ය පද්ධතිය ම විසුරුවා හැරිය යුතුයි. නව රාජ්‍ය ව්‍යවස්ථාවක් බිහිකර, මොන ආණ්ඩුව ආවත් ඒ නව රාජ්‍ය නීති රෙගුලාසි යටත්ව පමණක් පවතින විදිහට රාජ්‍යය නව-ප්‍රතිව්‍යුහගත කළ යුතුයි. රටට අවශ්‍යව තියෙන්නේ රාජ්‍ය ව්‍යූහය ම ප්‍රතිව්‍යුගත (Restructuring& කිරීම නෙවෙයි, නව-ප්‍රතිව්‍යුහගත කිරීම යි ^Neo-restructuration&' එහිදි ප්‍රාග්ධනය ගෝලීයකරණය වීම කියන ලෝක ආර්ථික සංසිද්ධියට අදාළ සියළු දැනුම අනුසාර කරගත් රාජ්‍ය-ක්‍රම-පද්ධතියක් නිමවාගැනීම සිදුකරගත යුතුයි.

දැන් ප්‍රංශය වගේ යුරෝපියානු රටක් නම්, ප්‍රංශයේ බිහිවූ උස්වූ දේශීය ශාස්ත්‍රඥයින් සහ බුද්ධිමතුන් අති-නාගරි සුළුතරයකට විතරක් දැනගැනීමට සීමාවන්නට නොදී, සියළු ජනයාට දැනගන්න සිද්ධ වෙන පරිදි පෙළ-පොත්වලට දැනුම ඇතුළු කරනව. අපේ රටේ පෙළ පොත්වල ඉන්න අය ගැන බලන්න. ඒ හැම එකක් ම යොමුගතවෙගලා තියෙන්නෙ අසිංහල බන්ඩාරනායකගේ සින්හල ඔන්ලි පොලිසියට ගැලපෙන උදවිය විතරයි. නැත්නං කිසිම පුරාවිද්‍යාත්ම හෝ මානව-වංශ විදශාත්මක රිසර්ච් එකක් නොකර ම අපි හාන්කවිසියක් නොදන්න රජවරු ගැන ගොතපු කතා දානව. දරුවන්ගේ මොළේට රජවරු වාතයක් වෙලා යන්න ම දෙනව වැඩේ. එතකොට රජවරු ගැන ඉගෙන ගන්න ඕන ටිකත් එපාවෙලා යනව.

 

ඒ හින්ද මේ කියූ අවාසනාවන්ත යථාර්තය තුළ අපේ රටේ බොහෝ උදවිය රවි ජයවර්ධනව දන්නේ නැහැ.

 

ඒත් නාමල් රාජපක්ෂව දන්නව.   

 

නාමල් රාජපක්ෂ කියන්නේ කවුද කියන එක පැහැදිලිවට දැනගන්න අපි රවි ජයවර්ධන හදාරමු.

 

කවුද රවි ජයවර්ධන කියන්නේ?

 

රවීන්ද්‍ර විමල් ජයවර්ධන කියනනේ,  එක පැත්තකින් ලංකාව ඇතුළෙ හරිම සරල සාමාන්‍ය ජීවිතයක් ගෙවපු නිරහංකාර මනුස්සයෙක්. කිසිදාක මහා ගාඩ් එකක් දාගෙන ගමන් බිමන් නොගියපු, වාහනය පැදවීමේදී අත්වැරැද්ක වුණා යැයි පොලිසිය කිව්වොත්, තාත්තගෙ නම කියන්නට නොගොස් ඊට අදාළ දඩ මුදල තම පසුම්බියෙන් ම ගෙවා දාපු, කොටුවෙ සාමාන්‍ය මධ්‍යම පංතික මිනිස්සු කාපු බීපු පැගෝඩා එකෙන් සවසට කාපු බීපු, තමන් පොර හෝ තමන්ගෙ තාත්ත පොර හෝ නොකියා ජීවිතය අවසානය දක්වා ම ගෙවෙන්නට හැරිය ඇතුළතින් නිවුනු මිනිසෙක්.

 

හැබැයි තව පැත්තකින් රවී ලාංකීය ගුවන් නියමුවකුවෙක්. 1964රේ ඔලිම්පික් තරඟාවලියට රයිෆල් ෂුටිං අංශය නියෝජන කරපු අතිනුපුන ක්‍රීඩකයෙක්. හමුදා පුහුණුවෙන් සෙකන්ඩ් ලෙෆ්ටිනන් කෙනෙක්. කැප්ටන් කෙනෙකු ලෙස මිලිටරි සේවයෙන් ඉවත් වූ යුධ-විද්‍යාව අතින් අති දක්ෂයෙක්. ලංකාවේ ඒස්ටීඑෆ් බලකායේ නිර්මාතෘවරයා.

 

තවත් පැතතකින් රවි කියන්නේ, රටේ හිටපු බුද්ධිමත් ම ජනාධිපතිවරයාගේ සහ ආසියාවේ හිටපු ප්‍රශස්ත රාජ්‍යතාන්ත්‍රිකයාගේ නිරහංකාර පුතා.

 

රවී කවදාවත් තාත්තගේ දේශපාලන ප්‍රතිරූපයේ එල්ලිලා තාතතගේ ඊළඟ අනුප්‍රාප්තිකයා විදිහට ගොඩයන්න හෝ හොද්ද බොරකරගන්න හැදුවෙ නැහැ. හැම වෙලාවට ම තමන්ගේ තාත්තගේ දේශපාලන ප්‍රතිරූපයට හානියක් නොවෙන්න ජීවත් වුණා. හිතල මතල එහෙම කළා නෙවෙයි, රවී කුඩාකල සිට හැදුනු වැඩුණු ජීවන පැවැත්මේ හරය ම එහෙම එකක්. ඒ හින්ද රවි තාත්තගේ දේශපාලනයට වාතයක් වුණේ නැහැ. අනික් පැත්තෙන් රවි තාත්තගෙ කරේ එල්ලිලා දේශපාලනයට ඇවිත් ජනතාවට වාතයක් වුණෙත් නැහැ. රවී කියන්නේ, පරම්පරාවෙන් පරාම්පරාවට තාත්තගෙන් පුතාට වගකීම බාරදෙන ලංකාවේ කැත සම්ප්‍රදායක පොදු ගුණාකාරයට එරෙහිව ගිය වෙනස් මිනිස් භවයක්. ඒ හින්දා රටේ මිනිස්සුන්ට කරදරයක් නොවෙච්ච මිනිසෙක්. ඒ හින්ද ම රටේ මිනිසුන්ගෙන් භාගෙකට වඩා හඳුනන්නේ නැති මිනිසෙක්.

 

ඒ මේ රටේ ජනතාව හොඳ හින්ද නෙවෙයි. රවි ජයවර්ධන හොඳ හින්ද. නැත්තං බලන්න ජනතාවගෙන් බහුතරයක් ම මීට වෙනස්නේ. ජනතාවගෙන් බහුතරයක් ම මලගේකට මගුල් ගේකට කොටහලු ගේකට ගියහම තමන්ගෙ දරුවට විතරක් කන්න බැරි තරමට පිඟාන පුරවල බෙදල දෙන ජාතියේ උදවියනේ. ඒකනේ තාත්තගෙ සිංදු කියන්න පුතා ඇවිත්, කියන සිංදු අජූත වුණත් රට ම පිළිගන්නේ. මොකද පුතාල දන්නව තාත්තගෙ සිංදු අජූවට කිව්වත් ජනතාව එයාලව පිලිගන්නව කියල.

 

ඒ හින්ද ඒ වගේ ජනතාවකට නම්, රවි කියන්නෙ මහ පිලිගන්න බැරි පිස්සු චරිතයක්. ඒත් රටක් හදන්න ඕන නායකයෙකුට නම් තමන්ගෙ දරුවන්ට තම දේශපාලනය ඔළුවට ගන්නේ නැතුව ජීවත් වෙන් කියල දෙන්න යොදාගතහැකි හොඳ ආදර්ශ පෞර්ෂයක්.

 

ඒ හින්ද රටක් දියුණු වෙන්නෙ මැදමුලනය රටින් පිටවෙලා ගිය දවසට විතරක් නෙවෙයි. තමන්ට චාන්ස් එකක් හම්බ වුණ ගමං මැදමුලනයින් වගේම වෙන්න ආසාවෙන් ඉන්න ජනයා අතරින් බහුතරයක් අය වෙනස් වෙච්ච දවසට යි. ඔය හැම කෙනෙක්ගෙම ඇඟ ඇතුළෙ ඉන්නව තාත්තගෙ දේ තමන්ගෙ වගේ පෙන්නගෙන සහ උඩදමාගෙන සාමාන්‍ය ජනයාට පාට් එක දාන්න කැමති ඒලියන් කෙනෙක්. තමන් විතරක් පොර වීමේ ආසාවෙන් නලියන මැදමුලනයේ නාමල් බේබි පන්නයේ ම අවතාරයක්. ගැලවෙන්න ඕන ඒ අවතාරයෙනුයි. 

 

ජනයාගේ ආත්මය අරක්ගන්න බලා ඉන්න මැදමුලනයාගේ පුත්‍ර අවතාරය වූ නාමල් බේබි මොන වගේ එකෙක්ද?.

 

මහින්ද රාජපක්ෂයා යක්ෂයා සේ ජනාධිපති පුටුවට වාඩි වෙනකං නාමල් බේබි කියන්නේ රටේ උදවියට බේබි කෙනෙක් නෙවෙයි.

 

නිකංම නිකං නාමලා.

 

මහින්ද ජනපති වෙන්න කලින්, ශ්‍රීලනිපයේ කිසිම ක්‍රියාකාරී දේශපාලයක නියැලුනු ඉතිහාසයක්වත් නාමලාට තිබුණේ නැහැ. නාමලා ආවේම තාත්ත ජනාධිපති වෙච්ච හින්ද.

 

බැරි වෙලාවත් බැසිල් රාජපක්ෂ එමිල්කාන්දන් හරහා ඒල්ටීටීයට බෝට්ටු ගන්න රුපියල් මිලියන 180ක් බර අම්බානක ලොකු ට්‍රැවලිං බෑග් දෙකක් පිරෙන්න සල්ලි දුන්නේ නැත්තං, උතුරු නැගෙනහිර චන්දය වර්ජනය වෙන්නේ නැහැ. එහෙම වුනා නම් ජනපති වෙන්නේ රනිල්. එහෙම වුණා නම්, මහින්ද ජනාධිපතියෙක් නෙවෙයි වගේ ම. මහින්ද ජනාධිපතිට දා වූ නාමලා බේබි කෙනෙකුත් නෙවෙයි.

 

ඒ හින්ද එමිල්කාන්දන් හරහා ඒල්ටීටී එකට රුපියල් මිලියන 180ක් දීපු හින්ද තමයි, නාමල්ට මේ වගේ බේබි කෙනෙක් වෙන්න අවකාශය පෑදුනේ. නිකංම නිකං නාමලා විදිහට හිටපු නාමලා, හදිසියේ බේබි කෙනෙක් වුණේ එහෙමයි. බේබිකම යොදාගෙන මගඩිගහපු නහුතයක් තරං රජයේ මුදල් සහ දේපල සහ ගහපු බඩු? ජනයා තුළ තිබූ බන්ඩාරනායකවාදී සිංහල ඔන්ලි ගොන්කම පාවිච්චි කරල,  මන්ත්‍රී කෙනෙකුගේ සහ ඇමති කෙනෙකුගේ බලය ගත්තතු හැටි? ඊටත් පස්සෙ “මම තමයි යකෝ තාත්තගේ පුතා” කියමින් රටේ ඊළඟට නායකකම දීහල්ලා කියමින් ජනයාට වක්‍රව තග දාන හැටි? මේ ඔක්කොම පුළුවන් වුණේ, බැසිල් මාමා ඒල්ටීටී එකට සල්ලි දීල උතුරෙ චන්දෙ වර්ජනය කරවල, දිනන්න හිටපු රනිල්ව පරද්දගත්තු හින්දා.

 

ඒ හින්දා නාමලා එල්ටීටීයට ණය ගැතියි.

 

ඩයස්පෝරාව දැනගන්න ඕන දෙයක් තමයි, නිකංම නිකං හිටුපු නාමලා නාමල් බේබි වෙලා අපේ ආර්ථිකයට කෙලවන්න පාර කපපු එකට එල්ටීටී එකත් සම්බන්ධ බව.

 

නාමලා විසින් නාමල් බේබි විදිහට වැලිව් එක හදාගත්තට පස්සෙ ඉහත කියපු පසුබිම් කතාව කාටත් වැඩක් නැහැ. රටේ මිනිස්සු හොයන්නේ බල්ලො මරල හරි පෝසත්කම, බලය සහ ලස්සන. එතෙන්දි පෝසත්කම ලස්සන සහ බලය තියෙන අය කොඳු කෙලින් කරගෙනද, දුප්පත්කම, දුර්වලකම සහ අවලස්සන අය කොඳු පෙලාගෙන ද ජීවත් වෙනවා.

 

ඉතිං නාමලා කියන පුද්ගලයා නාමල් බේබි වුණේ එමිල්කාන්දන් හරහා එල්ටීටී එකට දුන්නු මිලිය 180 නිසාද කියන එක කාටවත් අදාළ නැහැ. හැමෝම බැලුවෙ තමන්ගෙ කෙනෙක්ට නාමල්ට බන්දල දෙන්න. මොකද එයාලගේ මිත්‍යා ලෝකය ඇතුළේ මහින්ද තමයි රජා සහ නාමල් එයාගෙ කුමාරයා. රටේ කාටවත් අදාළ නැහැ සල්ලි හෝ සැපපහසුකම් එන්නේ රජ්‍ය භාණ්ඩාරයෙන් හොරාකාපු ඒවද නැතිද කියන එක. කාටවත් අදාළ නැහැ, නාමල් බඩු කීයක් ගැහල මාරු වුනාද කියන එක. නයිට් කල්බ් කීයක ගිහින් වලත්තකමින් චොර වුනාද කියන එක.

ra15

 

ජැක්සන් ඇන්තනී තමන්ගේ දුව වූ මාධවී නාමල්ට බන්දල දෙන්න මාර ට්‍රයි එකක් දුන්නා. ඒ හින්ද ජැක්සන් දුවට නාමල් එක්ක සුඛෝපභෝගී ලෙස දඩාවතේ යන්න ඉඩ හැරියා. ඒත් නාමල් කොටල මාරු වුණා. ජැක්සන් තාත්ත නාමල්ට පිම්පියා වුණා. බන්දුල පද්මකුමාර ලේක්හවුස් එකේ සභාපතිවෙලා, ලේක්හවුස් එක කාගෙන කාගෙන යනකොට, හැමෝම ගිහින් මහින්දට ගිහින් කිව්ව මෙයා එපා කියල. මහින්ද ක්‍රියාත්මක වෙන්න හදනකොට බන්දුල තරයේ ම කිව්වා, “කාගෙ කාගෙත් රෙදි ගැලවෙන දේවල් කියනව ඕං” කියල. මහින්ද තුන්පාරක් ම බන්දුලට ඉඩදීල කරබාගත්ත. ඒ පිටුපස කවුරුත් දන්න ප්‍රසිද්ධ රහස වුණේ, ඉංග්‍රීසියෙන් මහින්ද ගැන චරිතාපදානයක් ලියන්න ආපු බන්දුල පද්මකුමාරගේ දුවණිය වූ මුතූ ඉදිරියේ මහින්දගේ කොන තෙමුණ නිසා මහින්දට දුව වාහෙ කමට දී බන්දුල ලේකහවුස් සභාපති තනතුර ගත් බවයි. දුව මුතූ බලු වුණා. තාත්ත පිම්පියා වුණා.

 

මේ විදිහට රටේ කී දාහක් තාත්තලා හැමෝම වේස ගෑණූ හොයාදෙන පිම්පියො බවට පත්වී දේශපාලනයේ පිම්පිකරණයට ගොදුරු වුණාද මන්ද.

 

රටට එතනෝල් දීල ජනයාගේ උගුරුදණ්ඩ ගිනි තියන ජොන්ස්ටන් ප්‍රනාන්දු කියන්නේ නාමලාට සහ නාමලාගේ තාත්තට ගජ මිතුරෙක් වෙන්නේත් මෙන්න මේ ක්ලබ් සංස්කෘතියත් බඩු කේස් නිසාත් ය. එතෙන්දී ජොනී කියන්නේ හොඳ මාස්ටර් මයින්ඩ් පිම්පියෙක්. එහෙම පිම්පිකමක් කෙරුවට පස්සේ ජනතාව මොන අමාරුවේ වැටිල “ගෝඨා ගෝ” කියල කිව්වත්, “නෑ යන්නෑ” කියල ජනතාවට ආපස්සට තග ධාන්න පුළුවන්. 

 

දකුණු ඉන්දියාවෙ විවාහක නිළියක් වෙච්ච ද්‍රවිඩ ජාතික සමීරා රෙඩ්ඩි නාමල්ව හම්බවෙනකොට එයාව හඳුනගන්නේ ලක් රටේ නායකයාගේ පුතා වූ නාමල් බේබි වෙච්ච නාමලාවයි. නාමල්ට සමීරාව දැක්ක ගමං කොන තෙමෙනව. නාමල් බේබිට ඉඩ ලැබෙන සමීරාව එයාගෙ බබා කරගන්න.

 

මේ විදිහට කියාගෙන ගියොත්, ලැයිස්තුව ගොඩක් තියෙනව. ඒත් මේ ලියමනේ අරමුණ කාගෙවත් ප්‍රේම හෝ ලිංගික ජීවිතය ඇසුරෙන් බ්ලූ ෆිල්ම් ස්ක්‍රිප්ට් එකක් ලිවීම නෙවෙයි. අනික දෙන්නෙක් කැමති නම්, ඒ දෙන්නට එක් වෙන්න තියෙන අයිතියට කාටවත් ඇඟිලි ගහන්න බැහැනේ. නමුත් නාමලාට තමන්ගෙ කොන තෙමෙන පලියට ඕන ගෑණීයෙක් හෝ දුවණියකට කොටල මාරුවෙන්න පුළුවන් ඉඩකඩ සහ සපයගත්තු සුපිරි පහසුකම් මහින්ද ජනපති වෙන්න කලිනුත් තිබුණද කියන එක තමයි සොයා බැලිය යුතුයි.

 

රාජ්‍යය කියන්නේ මොකක්ද කියල නොදන්න බුහුතරයක් ඉන්න රටක, ඒ රාජ්‍ය දේපල හොරාකාපු ලංකාවේ වර්තමාන අලිබබා සහ හොරු හතලිහ බඩු ගැහුවේ, රාජ්‍ය දේපලවලට කෙලවලා නම්, මේ ගෙවෙන මොහොතේ දරුවන්ට කිරිපිටි ටික, බෙහෙත්ටික, කෑම ටික, ගෑස් ටික සරල ප්‍රවාහනය ඇතුළු මූලික අවශ්‍යතා ද නැතිවී රටේ මධ්‍යම පංතික ජනයා පවා පාරවල්වල රහසින් හිඟාකන තත්වයට පත්වී තියෙන්නේ නාමල් ඇතුළු මැදමුලනයේ කොන තෙමෙන එකට ද පහසුකම් සලසන්න ගිහින් නම්, රටේ ජනතාවගේ දුගීකමේ දෘෂ්ටිකෝණයෙන් නාමල්ගේ කොන තෙමුන එකත් රටට මරාගෙන මැරෙන කෙලියක්.  

 

දැන් තමන්ගේ පසුබිමේ මෙතරම් වූ කළු පැලප්ලම් හැටහුටාමාරක් තියාගෙනත්, නාමල් රාජපක්ෂ මහින්දගේ කුමාරයා විදිහට ආපහු ජනපති වෙන්න ඉල්ලන්න ප්ලෑන් එක ගහමින් තම බාප්පා වූ ගෝඨාට පවා ගේම් අදිමින් ඉදිරිපත් වෙන්නට හදන්නේ විලි ලජ්ජාවේ ස්නායුව කපාගෙන වෙන්න ඕන.

 

ඒ හින්ද තවමත් මැදමුලනයට පෙම්බඳිමින් අවස්ථාව එනතුරු කටපියාගෙන සහ සිත සඟවාගෙන යටිකූට්ටු නූල් සූත්තර අදිමින් ඉන්න දේශපාලනිකව පිම්පිකරණය වූ මැදමුලනේ උදව්කරුවෝ වෙත්නම්, ඒකත් කරගෙන යන්න පුළුවන්! බාධා පුමණුවන්න පිටකොන්දක් තියෙන රාජ්‍යයක් නෑනේ. හැබැයි ඒක කෙලවර වෙන්නේ ආර්ථික සමෘධියකින් නෙවෙයි. නාමල් බේබිට සහ ඉදිරියේ එයාගෙ තුරුලට එන්න ඉන්න ගෑනු බබ්බුන්ට කරන ආතල් දීමක් හැටියට ය. ඒහෙම වුණොත් රාජ්‍ය දේපල තියා රාජ්‍යය කියල ව්‍යූහයක් ද නැතිවී පාර්ලිමේන්තුව සහ ජනාධිපති මන්දිරය කියන දෙක ම නම්බුකාර වේසමඩම් බවට පත්වෙනවා නියත ය.

 

ඒ නිසා දැන් අරගලකරුවා දියුණු වී සංවර්ධන විය යුතුය. “ඝෝටා ගෝ හෝම්” කියන සටන් පාඨයට සමාන්තරව “නාමලෝ, තොලොංචි වෙයං!” කියන සටන් පාඨය ද එක්කකර ගන්න! එහෙම කළොත් නාමල් බේබිගේ ඇඟෙ ඉන්න ඒලියන්ව දුරුවෙලා ගිහිං නිකංම නිකං නාමලා බවට පත්වේවි.

 

නැත්තං අරගලය භූමිය යටින් හාරගෙන ඇවිත් නාමල් බේබි පොළව පලාගෙන අරගලයේ බලය තමන් අතට ගත්තොත්, අපට සිද්ධ වෙන්නේ විනාශයටත් වඩා එහා ගිය හැඳිගෑවිලා සහ අතුගෑවිලා යෑමක්. අනික මෙච්චර කෙලවිලත් නෑ, “නාමල් බේබි ආවොත් වැඩේ හෝඳවෙයි අප්පා!” කියල හිතෙන පිම්පිකරණයට බඳුන්වූ නොන්ජල් වාහෙලා ඉන්නව නම්, කියන්න තියෙන්නේ මෙච්චරයි.      

 

නාමල්ට රට දෙන්න! රජකම දෙන්න! එතකොට හොර කුමාරයා හොර රජෙක් වනු ඇත. නාමල් රජු කාමෝත්සවය පවත්වන කාලවලදී එළඹෙන්නේ රටේ මල්වර දැරියන්ගේ භීෂණ සමය යි.

  

නවතම ලිපි