අරගලකරුවන්ට අවිඥානිකව, රාජපක්ෂ ආණ්ඩුවෙන්, මෙහෙයවන අරගලය සහ

යූඇන්පියේ අනාගතය

පිවිසුම

අද මට ලක් ඉතිහාසය ගැන ලියන්ට වෙලා තියෙන්නේ ඇහෙන් කඳුළු පනින කතාවක්. එක පැත්තකින්, මේක ලක් ඉතිහාසය වැරදි කොනකින් රිපීට් වීමක්. අනෙක් පැත්තෙන්, තම අයාලකාමී (Vandalism) බව ගැන දැනුම් තේරුම් නැතිකමින් තරුණ ජීවිත මිලියනයක් විතර දේශපාලනිකව වල්මත්වීම පිළිබඳ කතාවක්. ඒ වගේ ම, වරිගවාදී බලකාමය නිසා මහා තරුණ ජීවිත සංහාරයක් වෙන්න ඔන්න මෙන්න හෝරාවකදී, එය නවතගන්නා ආදරවන්ත අරමුණින් ටයිප් කරන හිත රිදෙන කතාවක්. 

අද තරුණ පරපුරෙන් බොහෝ දෙනෙක්, සමාජ මාධ්‍යවල ඇති කෙටි පණිවුඩවලට ඇබ්බැහි වෙලා බව මම දන්නව. ඒක එදිනෙදා ජීවිතේ සාමාන්‍ය කටයුතු සම්බන්ධයෙන් ඒතරම් වරදක් නෙවෙන්න පුළුවන්. ඒත් තීරණාත්මක දේශපාලන අවදානමක් ඉදිරියේ මහා බරපතල අත්වරදක් සිදුවෙන්න පුළුවන්.

කෙටි පණ්වුඩ ඇබ්බැහිකම ඉදිරියේ මේ වගේ දිගු ලිපියක් කියන්නේ වාතයක් තමයි. ඒත් මේක ඉතිහාසයේ තවත් අවාසනාවන්ත ඇක්සිඩන්ට් එකක් වලකගන්න කරන සියුම් මගපෙන්වීමක් නිසා, මේ මුළු කතාව මගහැර යාම සමාජ අපරාධයක්. ඒ හින්ද අනේ, බාල මහළු, ලොකු පොඩි, දුප්පත් පෝසත්, දුබල බලවත්, කැත ලස්සන හැම කෙනෙක් ම වෙහෙස නොබලා අවසානය තෙක් කියවන්න!

පළමුකොට, ක්‍රියාකාරීත්වය පැත්තෙන් විපක්ෂයට පවා ඉදිරියෙන් ඉඳගෙන, පීඩකයා හමුවේ කොන්ද කෙලින් තියාගෙන, අද නගරයේ පාරට බැහැල ඉන්න ඉසෙඩ් ජෙනරේෂන් එකේ සහ ඇල්ෆා ජෙනරේෂන් එකේ තරුණ උදවිය මේ කරන මහා පරිමාණ සෘජු සමාජ මැදිහත්වීමට සියවරක් හිස නමා ආචාර කරනවා. 

ඒත් අරගලයකට ක්‍රියාකාරීත්වය කියන පැත්ත විතරක් මදි. ක්‍රියාකාරීත්වයත් සමඟ අවශ්‍ය වැදගත් ම දේ තමයි දේශපාලනාර්ථික දැක්ම. ඒ කියන්නේ රටේ ලෝකේ මෙතුවක් කල් සිද්ධ වෙච්ච අරගල ඉතිහාස හදාරල, ඒ අරගල කරපු හේතු සහ අත්දැකීම් සොයාබලා, මේ අරගලයේ ගැඹුරු හේතුව මත ගොඩනැගුණු දේශපාලනාර්ථික මතවාදයක් උවමනයි. ඔය අරගල භූමිය ඇතුළ නිවැරදි දේශපාලනාර්ථික මාතවාදයෙන් හිස්. ඒක හතුරාට වාසියක් සහ අරගලකරුවාට අවදානම් අවකාශයක්.

 unpp

මං දන්න තරමින්, මෙහෙම මතවාදයක් උවමනා බවවත් බොහෝ තරුණ පිරිස් දන්නේ නැහැ. දේශපාලනාර්ථික මතවාදය එයාලා දැනුවත් නැති අවිඥානික කලාපයක්. ඒක ඉගෙනගෙන පුරවගත යුතු හිතේ පවතින හිස් ඉඩක්. මේ හිස් ඉඩ පුරවන්න දැනුවතුන් සක්‍රියව මැදිහමත් වුණේ නැති තරම්. ඒත් මේ හිස් ඉඩ අරගලය මහා විනාශයකට අභිමුඛ කරල තියෙනව.

විනාශය වලකාගන්න මේ පෙන්වන දේ ඉගෙනගන්න. හොඳට මතක තියාගන්න, මං මේ කියන්නේ අරගලය නවත්වන්න කියල නෙවෙයි. ලඟ අනාගතයක දී එන්ට නියමිත විනාශයක් පෙරතියා හඳුනගන්න කියල යි. ඒ විනාශය ඔයාලට විතරක් නෙවෙයි, සමහර වැඩිහිටි උදවියටත් අවිඥානිකයි. හැබැයි, ඒ විනාශය සිද්දවෙන්නේ ඉතිහාස ක්‍රියාවලියක ප්‍රතිඵලයක් විදිහට. 

ඒ හින්ද මේ කියාදෙන යථාව හුදු පන්ඩිතමානී කතාවක් විදිහට බැහැර කරන්න එපා! මේ වෑයම හරියට නලපාන ජාතකයෙන් සපයන නායකත්වය වගේ. 

වඳුරු රැලට නායකත්වය දුන් වඳුරු නායකයා “අවදානම් විලෙන් වතුර බොන්න එපා” යැයි කිව්වේ නැහැ. විලට නොයා වතුර බොන්න කියල යි කිව්වේ. දේශපාලනාර්ථික මතවාදය කියන උණ බටය යොදාගෙන වතුර බොන්නයි මම කියන්නේ. සතුරු රකුසාගෙන් බේරෙන්න වෙන විදිහක් නැහැ. මින් පෙර දිය බොන්න විලට ගිය කිසිවෙක් ආපහු ආපු පාද සලකුණක්වත් නැහැ. ඊට හේතුව විශ්ලේෂනාත්මකව හොයල කීම තමයි නායකත්වය කියන්නේ. නැත්තං ඉතිහාසය ආයෙත් අවාසිසහගත දිසාවකට රිපීට් වේවි. 

unpp0

තරුණ ඔයාල මැදිහත් වී කරන මේ අරගලයෙන් රිපීට් වෙන්නේ මොකක්ද?

ඔයාල මේ කරන දේ ම, මීට තරමක් වෙනස් විදිහකට හෝ කලින් සිද්ධ වෙලා තියෙනවද? ඒ කලින් අරගලයට වෙච්ච සන්තෑසිය මොකක්ද? ඒ ගැන දැනගත්තොත්, ඒකේ දේශපාලනාර්ථික පදනම හැදෑරුවොත්, ඔය ගොල්ෆේස් අරගලයට මතවාදී ගයිඩ් ලයින් එකක් ලැබේවි. ක්‍රිකට් මැච් ගහන ක්‍රීඩකයින්, විශේෂයෙන් නායකයින්, කලින් ගහපු ක්‍රිකට් මැච් නරඹා හදාරනව. 

ඒ ඇයි? 

දැන් ගහන මැච් එක ඇකියුරේට් කරගන්න යි. 

ඉතිං සමාන අරගල ඉතිහාස හැදෑරවම තමන් කරන අරගලය ඇකියුරේට් වෙනව. ඇක්සිඩන්ට්ස් මගහැර යැවෙනව.  

1953නේ නූතනවාදී ආර්ථික අරගලයේ පසුබිම

unpp1

1953නේ අගොස්තු 12 දා ලක් දූපතේ ඉතිහාසයේ හැරවුම් ලක්ෂයක් ඇතිවුණා. ඒ දැනට අවුරුදු 69කට කලින්. එතකොට ආණ්ඩු පක්ෂයව හිටියේ එක්සත් ජාතික පක්ෂය යි. මුදල් ඇමති ජේ.ආර්. ජයවර්ධන යි. රටේ නායක අගමැති ඩඩ්ලි සේනානායක යි. මේ වෙලාවෙ ඒස්.ඩබ්ලිව්. ආර්.ඩී. බණ්ඩාරනායක හිටියේ යූඇන්පියෙන් පිට පැනල. මොකද, 1951දී ශ්‍රීලනිපය කියන සුළුතර පක්ෂය හදාගෙන එයා යූඇන්පියෙන් පිටමං වුණා. එදා ඒ ශ්‍රීලනිපය තමයි අද ඝෝඨාලගේ ප්‍රධාන පක්ෂය.

යූඇන්පියේ පළමු නායක ඩී. එස්, සේනානායක විසින් බන්ඩාරනායකට නොදී තම පුත් ඩඩ්ලිට ඊළඟ  නායකකම දෙන බව වහින් ඔරෝ දැනගත් බන්ඩාරනායක, එය වෙන්න කලින් ම යූඇන්පියෙන් පිටමං වුණා. 

unpp2

දැන් ඔයාලගෙ අරගලය සිදුවන ගෝල්ෆේස් පිට්ටනියට මුහුණලා තියෙන මහා ලොකු පිළිමය ඒ බංඩාරනායකගේ. පරණ පාර්ලිමේන්තු වැටට ඇතුළින් තියෙන පිලිමය ඩී. ඒස්. සේනානනායකගේ. ඒ පරණ පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ කොටසක තමයි, ඔය දැන් ජනාධිපති ලේකම් කාර්යාලය තියෙන්නේ.

ඩී. එස්. අනතුරකින් මැරුණ හින්ද 1952කේ මැතිවරණයක් තිබ්බා. ඒ  වෙනකොට මුළු පාර්ලිමේන්තුවට ම තිබුණේ මන්ත්‍රී ආසන 95යි. ඒකෙන් ආසන 54ක් ම දිනුවේ යූඇන්පිය. ශ්‍රීලනිපයට ලැබුණේ ආසන 09යි. ලංකා සමසමාජ පක්ෂයට ලැබුණෙත් ආසන 09යි. ඉතිරි ආසන 23න සුළුතර පක්ෂ සහ ස්වාධීන අපෙක්ෂකයන් අතරේ බෙදුන. බෞද්ධ රිපබ්ලිකන් පක්ෂය කියන ආගම්වාදී පක්ෂයට එක ආසනයක්වත් ලැබුණෙ නැහැ.

ව්‍යවස්ථාදායකය හෙවත් පාර්ලිමේන්තුවේ එකල දේශපාලන බල-සංයුතිය තමයි ඒ. 

එතකොට ඒ කාලෙ ආර්ථිකය මොන වගේ එකක්ද? 

ඒ කාලේ ආර්ථිකය එංගලන්තකයන් මේ රටට හඳුන්වා දුන් ඉංග්‍රීසි ආර්ථිකය. ඒ නිසා, 1953නේ තිබුණ ආර්ථික ව්‍යූහය තේරුම් ගන්න නම්, 1948ට කලින් අවුරුදු සීයක් තිස්සේ එංගලන්තකයින් අභ්‍යාසයෙන් අපිට ඉගැන් වූ බටහිර ආර්ථිකවිද්‍යා විෂය හදාරන්න වෙනවා. ඒක බටහිර උදවිය රට ආක්‍රමණය කරන්න කලින් (ඒ කියන්නේ 1505ට කලින්) රජ කාලෙ අපට තිබුණ සිංහල හේා දෙමල හෝ මුස්ලිම් ආර්ථික නියාම ධර්ම කියවා සහ තේරුම්ගන්නට බැහැ. එහෙම කියවන්න උත්සහයක් ගන්න පුළුවන්. හැබැයි එතකොට  ප්‍රතිඵල වෙන්නේ, ගැලපෙන්නේ නැති ආයුධ දෙකකින් සටන් කරන්නවා වගේ අපබ්‍රංස අවුලක්. ඒ නිසා ඉංග්‍රීසි ආර්ථිකයෙන් පැන නගින භාෂා ව්‍යුහයක් වන ඉංග්‍රීසි දේශපාලන ව්‍යූහයත් එංගලන්තකයින් ම යි අපිට හඳුන්වල දුන්නේ.

(1505ට කලින් රජ කාලේ ආර්ථිකය සහ දේශපාලනය ගැන අපට තිබුණේ කතන්දර ලෝකයක් විතරයි. ඒ ගැන තවමත් පූර්ණ පුරාවිද්‍යාත්මක සහ මානව-වංශ විද්‍යාත්මක ගවේශණයක් කෙරිල නැහැ. ඒ හින්ද පාසල් පොත් ඇතුළු බොහෝ අය ඒ ගැන හිතට එන ඒවයින් දමල අදිනව.) 

1953නේ කාලෙ, ඔය ගෝල්ෆේස් එක ඉස්සරහ තියෙන පාර්ලිමේන්තුවේ දේශපාලනික වාද-විවාද සිද්ධ වුණේ ඉංග්‍රීසි භාෂාවෙන්. රටේ බහුතර ජනයා අධ්‍යාපනය ලැබුවෙත් ඉංග්‍රීසි භාෂා මාධ්‍යයෙන්. ඒ හින්ද, ඒ කාලෙ කොළඹට ඈත පාසලක 5 ශ්‍රේණිය පාස් වුණ දරුවන් පවා හොඳට ඉංග්‍රීසි දැන හිටිය. අනික් පැත්තෙන් පාර්ලිමේන්තුව වගේ නාගරික ස්වාමිවරුන්ගේ ගෘහයකට නාගරිකයෙක් වීමේ පුහුණුව නොලද උදවියව වැද්දගත්තේ නැහැ. 

1505ට කලින් රජකාලෙ මේ වගේ පාසල් පද්ධතියක් තිබුණෙ නැහැ. මේ පාසල්වල උගන්වන විද්‍යා විෂයන් ඇතුළු කිසි ම විෂයක් රජ්ජුරුවො පොදු ජනයාට ඉගැන්නුවේ නැහැ. ඒ හින්ද එංගලන්තයෙන් අපේ රටට ආවෙ, අපේ රජකාලෙට වඩා විද්‍යාත්මකව දියුණු කාර්මික විප්ලවයට සමාන්තර ප්‍රජාතන්ත්‍රවාදී ආර්ථිකයක්, දේශපාලනයක්, අධ්‍යාපනයක් සහ විෂය ධාරාවක්. 

ඕනෑ ම දේශයක ක්ෂේත්‍ර දියුණුව මැනගන්නට මෙතෙක් ලෝකයේ බිහිවී තිබෙන සාර්ථක ම භෞතික මිනුම් දණ්ඩ වන්නේ, රටේ නිෂ්පාදන උපකරණවල (Means of Production) තත්වය. මේකට නිෂ්පාදන ක්‍රම කියලත් සමහරු කියනව. එංගලන්තකයො අපේ රට අල්ලාගන්නේ, එංගලන්තයේ නිෂ්පාදන උපකරණ විප්ලවීය ලෙස වෙනස්වී දියුණවක් අත්කරග්නනා යුගයක. 

ඒ කියන්නේ, එංගලන්තයේ කාර්මික විප්ලවය සිද්ධ වුණේ ඒ කාලයේ. එතෙක් එංගලන්තයේ අත්කම් භාණ්ඩ නිෂ්පාදනය කරපු නොදියුණු උපකරණ වෙනුවට ස්ටීම් එන්ජිම, රෙදි වියන ජෙනිය, වෝටර් ෆ්‍රේම් එක, වොට් ස්ටීම් එන්ජිම, ෆ්ලයිං ශට්ල් එක, රෙදි කටින කැරකෙන ස්පිනිං මියුල් එක, පවර් ලූම් එක, ස්පිනිං ෆ්‍රේම් එක වගේ නව කාර්මික නිෂ්පාදන උපකරණ අලුතින් ආදේශ වුනා. පරණ නොදියුණු නිස්පාදන උපකරණ බැහැර කෙරුනා හෝ භාවිතය අවම කෙරුණා. මම මේ ටික ඉංග්‍රීසියෙන් ම කිව්වෙ, මේ උපකරණවලට සිංහල හෝ දෙමල නම් නොතිබුණ නිසයි. මොකද ලංකාවෙ කාර්මික විප්ලවයක් නොසිදුවුණු නිසා. කාර්මික විප්ලවය අපේ රටේ මහපොළවෙන් බිහිවුණු දියුණවක් නෙවෙයි. 

කාර්මික විප්ලවයෙන් බිහි කළේ කාර්මික නිෂ්පාදන උපකරණ. ඒ උපකරණ නිසා නිසා එංගලන්තයේ තිබුණ රජු ප්‍රධාන වැඩවසම් සමාජ ක්‍රමය ක්‍රමය වෙනස් වුණා. ඒක ඊට වඩා දියුණු ධනේෂ්වර සමාජ ක්‍රමයක් බවට පෙරලුනා. එංගලන්ත වෙලඳපොළත් ලාභ ලැබීම මුල් කරගත් ප්‍රාග්ධනය එක තැනකට ගොඩගහන හෙවත් සමුච්චකරණය කරදෙන නව-ධනවාදී වෙලඳපළක් බවට පත් වුණා. එංගලන්ත සමාජ ක්‍රම-පද්ධතියම වෙනස් වුණා. 

unpp4

මේකට තමයි කියන්නේ නූතන ක්‍රම-පද්ධතිය (Modern System) කියල. එත් අපිට දුන්න කාර්මික විප්ලවයේ ප්‍රතිලාභවත් එංගලන්තකයො අවට තිබුණු යුරෝපයේ අනික් රටවල් වලට වසර 50 යනතුරු දුන්නේ නැහැ. එයාල ඒවා අධිකාරියක් පවත්වගෙන ගියා. අපිට ඒව ලැබුණෙ, අපි එංගලන්තයේ යටත් විජිතයක් වෙලා හිටපු හින්දයි. ඉතිං ලොවපුරා මේ කාර්මික නිෂ්පාදන උපකරණ (Industrial Means of Production) ලබාගන්න මහා උනන්දුවක් ඇති වුණා. ලක් කොදෙව් වැසියන් හැබෑ බුද්ධිමත් මිනිස්සු නම්, 1948දී එංගලන්තකයො සිලෝන් එක දාල යනකොට අපිට කියන්න තිබුණෙ, “නොදුන්න නිෂ්පාදන උපකරණයක් තියෙනව නම්, ඒකත් දීල පලයල්ල කියන එකයි.” ඒත් බන්ඩාරනායක 1956දී, 1505ට පෙර තිබූ වෙනත් අතීත භාෂාවකින් කතා කරන්න පටන් ගත්තා.

මේ අනුව, 1953දී අපිට තිබුණෙ, කාර්මික විප්ලවානුකූල වූ එංගන්තක නිෂ්පාදන උපකරණ. ඒ නිසා අපේ ආර්ථිකය සහ දේශපාලනයත් කාර්මික විප්ලවානකූල වුණා. ඒ කියන්නේ නූතතනවාදී වුණා. එහෙම හැදුන ආර්ථික සහ දේශපාලන ව්‍යූහවලට අපි කියන්නේ නූතන ආර්ථික ව්‍යුහ සහ නූතන දේශපාලන ව්‍යූහ කියල. එංගලන්තකයො ඒ ව්‍යුහ දෙක පාලනය කිරීමේ වගකීම 1948දි භාරදීල ගියේ යූඇන්පියට. ඒ කාලෙ ලොකය පුරා හැම රටක ම තිබුණෙ, රට ඇතුළෙ ආර්ථික කටයුතුවලට වැඩි ඉඩක් සපයා දෙන, ජාතික රාජ්‍ය ව්‍යවස්ථාව මුල්කරගත්තු තනි රටේ නූතන ආර්ථික රටාවක්. තනි රටේ නූතන දේශපාලන රටාවක්.          

ඉතිං 1953දි මොකද වුණේ?

සිලෝන් එකේ ඒ නූතන ආර්ථිකය තාවකාලික අර්බුදයකට ගියා.

කොහොමද වුණේ?

ඇමරිකා එක්සත් ජනපදයේ මැදිහත්වීමෙන් 1950දි ඇතිවෙච් කොරියන් යුද්ධයේ ප්‍රතිඵලයක් විදිහට අපේ ප්‍රධාන අපනයනයන් දෙක වූ තේ සහ රබර්වලට ලැබෙන අපනයන ප්‍රමාණ ලෝක වෙළඳපලේ පහළට වැටුණා. ඒ කාලෙ ලක් රටේ මුළු ආදායමෙන් වැඩි ප්‍රමාණයක් රඳා පැවතුනේ මේ තේ සහ රබර් දෙක මත. ඉතිං රටේ ආදායම අඩුවුණා.  

ඊට පස්සේ රටේ මුදල් ඇමති සහල් සහනාධාරය ඉවත් කරල, සහල් මිල තුන් ගුණයකින් වැඩි කළා. සීනි සහ එවැනි වූ අනෙක් අත්‍යාවශ්‍ය භාණ්ඩවල මිල ද ඉහළ දැම්මා. පාසල් සිසුන්ගේ දිවා ආහාරය ඉවත් කරා. සෞඛ්‍ය සහ වෙනත් සමාජ සුභසාධනවලට වෙන්කළ වියදම් කපාහැරිය. දුම්රිය, ප්‍රවාහන, තැපැල්, දුරකථන සහ ටෙලිග්‍රාෆ් සේවා ගාස්තු වැඩි කළා. මහජනයාට තමංගේ ම වගා කටයුත්තක් කරගන්න කියා මුදල් ඇමති උපදෙස් දුන්නා.  ධනවතුන්ට බදු සහන ලබා දුන්නා. ඉන්දීය සම්භවයක් ඇති වතු කම්කරුවන් සියදහස් ගණනකගේ පුරවැසිභාවය අහෝසි කළා. 

මේකෙන් රටේ කම්කරුවන් සහ ගැමි දුප්පතුන් අමනාපයට පත්වුණා.

1953නේ ජූලි 23දා යූඇන්පියේ අයවැයට විරුද්ධව, අද තරම්ම ජන ගඟකින් ඔය ගෝල්ෆේස් පිට්ටනිය පිරී ගියා. හැබැයි ඒ, අද වගේ දේශපාලන නායකත්වයක් නැතුව ඕපපාතිකව නෙවෙයි. එන්. එම් පෙරේරා ප්‍රමුඛ ලංකා සමසමාජ පක්ෂය (LSSP) තමයි ඒ ජනරැලිය කැඳෙව්වේ. සමසමාජ පක්ෂයට කම්කරුවන් සහ ග්‍රාම්‍ය පළාත්වල සැලකිය යුතු ජන පදනමක් තිබුණා.

unpp3

ඒ ගෝල්ෆේස් මහරැලියේදී 1953නේ අගෝස්තු 12වෙනිදාට එක්දින විරෝධතාවක් කරන්නට යොදාගත්තා. විරෝධතාවයේ ධාරිතාව කොයිතරම් වේවිද කියන එක ගැන එන්. එම්ට නිවැරදි විද්‍යාත්මක දේශපාලනාර්ථික ඇනලයිස් එකක් හෝ මතවාදයක් තිබුණ බව පේන්න නැහැ. මේ රැස්වීමට ස්ටලින්වාදී කොමුයුනිස්ට් පක්ෂය ඇතුළු වාමාංශික පක්ෂ විතරක් නෙවෙයි, සමසමාජ පක්ෂයෙන් බිඳී ගිය දක්ෂිණාංශික ජාතිකවාදීන් සේ ම, දෙමල ජාතිකවාදි පක්ෂ පවා සහය දුන්නා. බන්ඩාරනායකගේ සුළුතර ශ්‍රීලනිපය මේ විරෝධතාවට සහභාගී වුණේ නැහැ, ආණ්ඩුවෙන් එන පීඩනය හෙලා දැක්කා විතරයි. බණ්ඩාරනායකට දේශපාලනිකව බහුතරයක් විදිහට තහවුරු වෙන්නට තිබුණ බාධකය ලංකා සමසමාජ පක්ෂය ඇතුළු පරණ වම.   

ඉතිං අගෝස්තු 12 වෙනිදා සිද්ධ වුණේ සමසමාජ පක්ෂය ඇතුළු වම නොහිතපු දෙයක්. රටේ සිංහල දෙමල මුස්ලිම් බර්ගර් කම්කරුවන්, ගොවියන් සහ තරුණයින් සමසමාජ පක්ෂයේ නායකත්වය ඉල්ලූ සීමිත විරෝදය පරයා යමින් විරෝධය තීව්ර කළා. විරෝධතාවයේ පාලනය සමසමාජ පක්ෂයෙන් ගිලිහෙන්න පටන් ගත්තා. අරගලකරුවන් කොළඹ අගනගරය වෙතට එන මාර්ග අවහිර කෙරුවා. කිරුලපනේ පාලම අසල මාර්ග බාධකයේ දී පොලිස් භටයන් 80 දෙනෙක් සමග ගැටුම් ඇති කරගත්තා. කොලඹ සහ අනෙකුත් පළාත් සම්බන්ධ කළ ටෙලිෆොන් වයර් සහ ටෙලිග්‍රාෆ් වයර් කපා විසංධි කළා. 

සමහර පළාත්වල තිබූ ලී පාලම් ගලවා දැම්මා. යකඩ පාලම් ඩයිනමයිට් දමා පුපුරුවා හැරියා. ප්‍රවාහනය සහ තැපැල් සේවා නැවතුනා. සමහර දුම්රිය පීලි සැතපුමක් පමණ දිගට තැනින් තැන ගලවා දැමුණා. දුම්රිය ගමනාගමනය ද නැවතුනා. 

බියටපත් යූඇන්පී කැබිනට් එක රැසුවුණේ පාර්ලිමේන්තුවෙන් පිට තිබුණ නිව්-ෆවුන්ඩ්ලන්ඩ් කියන බි්‍රතාන්‍ය යුධ නැව ඇතුළේ. ඊට පස්සේ ජේ. ආර්ගේ මැදිහත්වීම යටතේ ආණ්ඩුව වහාම ක්‍රියාත්මක වන පරිදි හදිසි අවස්ථාවක් පනවා, දුටු තැන වෙඩි තියන්න අණ දී, ඇඳිරි නීතිය දැම්මා. සියළු කම්කරු පක්ෂ කාර්යාල සහ මුද්‍රණාල සීල් තැබුවා . දේපල හානි කිරීමට එරෙහිව මරණ දඬුවම පැනෙව්වා. පොලීසියේ වෙඩි තැබීමෙන් කම්කරුවන් සහ තරුණයින් 09 දෙනෙකු මිය ගියා. උද්ඝෝෂකයින් 175 දෙනෙක් තුවාල ලැබුවා. හමුදාව මැදිහත් වී හර්තාලය මර්ධනය කළා. එන්. එම්. පෙරේරා තම අරගලය ප්‍රතිසංවිධානය කර ඉදිරියට ගෙනියනවා වෙනුවට, එය නවත්වනැයි නිවේදනයක් නිකුත් කර අරගලය පාවා දුන්නා. 

unpp6

මටසිලිටි හිතක් තිබුණ අගමැති ඩඩ්ලි සේනානායක මිනිස්සු මැරුණ බව අසා දැන හදවත් රෝගයකට ලක්වී අගමැතිකමින් අස්වුණා. බි්‍රතාන්‍ය හමුදාව තුළ හමුදා පුහුණුව ලැබූ දේශපාලනඥ සර් ජෝන් කොතලාවල ඊළඟ අගමැති බවට පත්වුණා. 

ආන්ඩුව ගෙදර ගියේ නැහැ !

කල දුටු කළ වල ඉහගන්න බලන් හිටපු බණ්ඩාරනායක තමන් හිටපු යූඇන්පිය සුද්දන්ට ගැති පක්ෂයක් බවට අඟවල, ජනතාවට ජාතිවාදී උඩගෙඩියක් දුන්නා. 1956දී “සිංහල පමණයි” කියන ජාතිවාදී ප්‍රතිපත්තිය අරන් චන්දයට ඇවිත් ආසන 51ක් ලබා යූඇන්පිය ආසන 08ට බැස්සුවා ජයගත්තා. 

“සිංහල පමණයි” ප්‍රතිපත්තිය යටතේ සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කළා. ඒකෙන් අවම වශයෙන් අනිසි ප්‍රතිඵල 03ක් ඇති වුණා. අධ්‍යාපනය සිංහල ඔන්ලි වීමෙන් සාමාන්‍ය පන්තියේ දරුවන්ට ඉංග්‍රීසි භාෂාව නැතිවීම එකක්. (ඒත් බන්ඩාරනායක තමන්ගෙ පුතා අනුරව එංලන්තයේ ඔක්ස්ෆෝඩ් යවල ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගැන්නුවා.) 

අන්තවාදීව “සිංහල පමණයි” ව්‍යවස්ථාපිත කිරීම අනෙකා කරග්තතු චෙල්වනායගම් හරහා දෙමල අන්තවාදයකට මුලපිරුවා. 953දි ආර්ථික ප්‍රශ්නවලට ජාති ආගම් බේද නොතකා පාරට බැස්ස උදවියම, ජාතිය සහ ආගම කරපින්නාගෙන පාරට බැස්සා. ආර්ථික අරගලය භාෂා දෙකක් අතර අරගලයක් බවට ලඝු වුණා.

“සිංහල පමණයි” ව්‍යවස්ථාපිත කිරීමෙන්, රටේ තිබුණ එංගලන්තක ආර්ථික ව්‍යුහයට බැඳී තිබුණ එංගලන්තක දේශපාලන ව්‍යූහය ගැලවී ඉවත් වුණා. ඒ වෙනුවට 1505ට කලින් රජකාලෙ ආර්ථික ව්‍යුහයේ දේශපාලන ව්‍යුහය යැයි උපකල්පනය කරපු දේශපාලනයක් කරලියට ආවා. එතැන් පටන් සිංහල ඔන්ලි දේශපාලන ව්‍යූහයට සම්බන්ධ ආර්ථික ව්‍යුහයක් තිබුණේ නැහැ. එතැන් පටන් එංගලන්තක ආර්ථික ව්‍යුහය සහ සිංහල දේශපාලන ව්‍යුහය එකිනෙකට සම්බන්ධයක් නැති වෙන් වුණු ව්‍යුහ දෙකක් බවට පත්වුණා. යූඇන්පිය ආර්ථික පක්ෂයක් බවට ලගුවුණා. ශ්‍රීලනිපය වරිගවාදී දේශපාලන පක්ෂයක් බවට පත්වුණා. 

එතනින් එහාට බල මාරුව සිද්ධ වුණේ මේ විකෘතිය මුල් කරගෙන. 

ශ්‍රීලනිපය ඇවිත් ලාභ ලැබීම පදනම් කරගත් ධනවාදී ආර්ථිකයට විරුද්ධව සුභසාදනවාදී දන්සැල් ආර්ථිකයක් ගෙනැවිත් එතෙක් සමුච්චරකරණය වූ ප්‍රාග්ධනය කා දැමුවා. එතකොට මිනිස්සුංට බඩගිනි ඇවිත් ආර්ථිකවාදී යූඇන්පියට රට දෙනවා. එයාල දන්සැල වහල, ලාභ ලැබීමේ ආර්ථිකය හදනව. එතකොට ආයෙත් කාල බීල ටික කලක් යනකොට භාෂාව උඩදාන වරිගවාද උවමනාව ආව. ආයෙමත් ශ්‍රිලනිපයට දෙනව. මේ හෙයියම් මාරුව හින්ද ආර්ථිකය අඛණ්ඩව රාජ්‍යයක් තුළ වර්ධනය වුණේ නැහැ. රාජයයේ බලය අඩුවෙලා ආන්ඩුවල බලය වැඩි වුණා. ඊටපස්සේ ආන්ඩු රාජ්‍යයෙ ස්වාධීනත්වය කෙලෙසල රාජ්‍ය බලය අනිසි විදිහට යොදාගගැනීම කෙමෙන් තීව්ර වුණා. මේ අනාර්ථික වූ විනයෙන් තොරවූ භාවිතයට ඉඩ නොදී තරමක් හෝ වැඩ කරන්න උත්සහ කලේ 1972න් පස්සේ ඒන්. එම් සහ 1978න් පස්සේ ජේ.ආර්.

 unpp5

දේශපාලනය තුළ ආර්ථිකයට ගයිඩ් ලයින් එකක් නැති වුණේ ඔහොමයි. 1956න් පස්සේ දේශපාලනය, කාර්මික විප්ලවානුකූළ ඉංග්‍රීසි ආර්ථික ව්‍යුහයෙන් ගැලවී අයාලේ යන භාෂා ව්‍යුහයක් වෙලා අහසේ පාවෙන්න පටන් ගත්තා. එදා පටන් අද දක්වා අවුරුදු 66ක් තිස්සේ රටේ දේශපාලන ව්‍යුහයට ආර්ථික ව්‍යූහයක සෘජු මැදිහත්වීම සිදුවුණේ නැහැ.  ඒ නිසා දේශපාලන ව්‍යුහය ඇතුළේ ඕනෑ ම ජාති ආල කතාවක් පවත්වල, ආර්ථිකය ඇතුළේ හොර මගඩි කෙලින්න පුළුවන්කම අවකාශයක් ඇති වුණා.  

සිරිලක ඇතුළේ දේශපාලකයෝ අනික් රටවල වගේ ආර්ථිකයට සහ රාජ්‍යයට වග කිව්වේ නැහැ. ඒක වෙන ම කරන ගනු දෙනුවක් හින්ද දේශපාලනය ඇතුලේ ආර්ථිකය නොතකා හිතූ මනාපයට කෙරෙන පිස්සු සංවාදවල යෙදෙන්න ගත්තා. දේශපාලකයො විතරක් නෙවෙයි, පොදු ජනයාත් මේ අප්‍රායෝගික සහ අද්‍රව්‍යවාදී කතිකා ලෝකවල ගිලිල තමයි හිටියේ. 

ඉතිං 1956න් පස්සෙ රටේ ජනතාව අරගලවලදී මුල් තැන දුන්නේ ආර්ථික අරගලවලට වඩා ජාතිකවාදී හෝ ජාතිවාදී හෝ ආගම්වාදී අරගල සටන් පාඨවලට. 1953න් පස්සෙ ආයෙමත් ආර්ථික හේතු පදනම් කරගෙන සිංහල දේමල මුස්ලිම් බර්ගර් එකතුවෙලා කරන පළමුවන අරගලය තමයි මේ 2022-2023 අරගලය. 

ඒ හින්දා මේකත් 1953දි වගේ අයාලේ ගියොත්, ආයෙමත් එන්නනේ දරුණු මිනීමරු ජාතිවාදී සහ වරිගවාදී දේශපාලනයක්. මා දන්නා තරමින් මේ අරගල තත්වය නිසි මගට ගන්නට වගකීම තියෙන පක්ෂ දෙකක් ඉන්නව. එකක් යූඇන්පිය සහ අනෙක ජවිපෙ. මේ අරගල තත්වය මහා සංහාරයක් වන්නඩ ඉඩ නොදී වලකා ගන්නට මේ පක්ෂ දෙකට දෙවිදිහක වගකීමක් තියෙනව. අනික් පක්ෂ මොනව කලත්, මේ පක්ෂ දෙක කර ඇරියොත් රට ලේවිලක් සහ මිනී කන්දක් බවට පත්වෙනව. 

මොකද අද තියෙන්නේ, 1956යේ ජාතිවාදය කරපින්නගත් ශ්‍රීලනිපය ම නෙවෙයි. අද තියෙන්නේ 1956දී ඇතිවුණු ජාතිවාදය වසර 66ක් පුරා වර්ධනය වී ගොඩනැගුණු මිලිටරිකාර අන්තවාදයක්.

unpp7

1953දි අරගලයට දේශපාලන නායකත්වය දෙන එක එන්. එම් පෙරේරා මගහැරපු නිසා, ඒක නැවතිලා ජාතිවාදය ඉදිරියට ආවා. 2022දී මේ අරගලයේ අරගලකරුවන් කිසිදු දේශපාලන නායකත්වයක් ලබාගැනීම ප්‍රතික්ෂේප කරනවා. ඒ මෙතෙක් දේශපාකයින් කෙලපු පිස්සු නිසා. ඒත් අවශ්‍යව පවතින්නේ ම දේශපාලන නායකත්වයක්. දේශපාලන නායකත්වයක් නැති තැන තියෙන්නේ සංහාරයක හදිසි අනතුරක්.      

ඒ හින්ද මේ අරගලයටවත් නිවැරදි ගයිඩ්ලියන් එකක් ලබාගමු. ඒකට මිනුම් දණ්ඩක් සොයා අපි ආපහු නිෂ්පාදන උපකරණ (Means of Production) වෙතට යමු. එදා 1953දි තිබුණෙ කාර්මික විප්ලවානුකූල නිෂ්පාදන උපකරණ (Industrial Meand of production). 

අද 2022දි තියෙන්නේ කොම්පියුටරය, ස්මාට් ෆෝන් එක, සැටලයිට් තාක්ෂණ උපකරණ සහ රොබෝටික් තාක්ෂණ උපකරණ දක්වා දියුණු වෙලා තියෙන නව-නූතන විප්ලවානුකූළ තාක්ෂණික නිෂ්පාදන උපකරණ (Neo-modern Technological Means of Production).

මේ නව-නූතන විප්ලවානුකූළ තාක්ෂණික නිෂ්පාදන උපකරණ  නිසා, අප රට නෙවෙයි මුළු ලෝකය ම ජාතික රාජ්‍යයන් පරයා ගෝලීය රාජ්‍යයක් කරා ගමනකට අවතීර්ණ වෙලා තියෙනව. ජාතික රාජ්‍ය ව්‍යවස්ථා පවතින්නේ දේශපාලනය කරන්න විතරයි. ආර්ථිකය සඳහා තියෙන්නේ ගෝලීය ව්‍යවසථාවක්. බලන්න, අද අපි ආර්ථික අර්බුදය විසඳගැනීමට යන්නේ රටෙන් පිට පවතින ගෝලීය හෝ කලාපීය ආයතන ව්‍යුහ දෙසටයි. දේශපාලනය කරන්නට අපි එන්නේ රට ඇතුළේ ජනාධිපති කාර්යාලය හෝ පාර්ලිමේන්තුව අසලට හෝ මහපාරට.       

එදා තිබුණේ රට ඇතුළට මුල් තැන දෙන රාජ්‍ය ව්‍යවස්ථානුකූළ ජාතික ආර්ථිකයක් (National Economy). අද තියෙන්නේ රටින් පිට පෘථිවියට ම මුල්තැන දෙන ගෝලීය ආර්ථිකයක් (Global Economy). එදා තිබුණෙ ජාතික සංස්ථා, සමාගම් හෝ කොම්පැනි(National Companies). අද තියෙන්නේ බහුජාතික කොම්පැනි (Multi-National Comanies) හෝ ඒවාද ඉක්මවා ගිය පාර-ජාතික කොම්පැනි (Trans-National Comapanies).

ඒ හින්ද ආර්ථිකය ගෝලීයකරණය කියන්නේ ඇමෙරි-යුරෝ රටවල කුමන්ත්‍රණයක් නෙවෙයි. නූතන යුගයේ තිබුණ කාර්මික නිෂ්පාදන උපකරණයන් නව-නූතන විප්ලවානුකූළ තාක්ෂණික නිෂ්පාදන උපකරණ සහ රොබෝවරු දක්වා දියුණු වීමේ භෞතික ප්‍රතිඵලයක් ඒක. නව-නූතන විප්ලවානුකූළ තාක්ෂණික නිෂ්පාදන උපකරණවල හිමිකාරීත්වයෙන් වැඩිමනත ඇමෙරි-යුරෝ රටවලට තියෙන නිසයි, ප්‍රාග්ධනය ඇමරි-යුරෝ කේන්ද්‍රයේ ගොඩගැහෙන්නේ හෙවත් සමුච්චකරණය වෙන්නේ. දැන් චීනය සහ අලුත් නැගෙහිර ආසියානු රටවල් ගෝලීය ආර්ථික කේන්ද්‍ර හදමින් ඉන්නව. ඉන්දියාව ඇමරිකාව පැත්තට හැරෙන්න මූලික හේතුව චීනය.   

තකොට මේ අරගලයේ මතවාදය සහ සංවිධානයත් නූතන එංගලන්තක ප්‍රමිතියක් අනුගමනය කිරීමේ සිට නව-නූතනවාදී ප්‍රමිතියක් අනුගමනය කිරීම දක්වා මාරු විය යුතුයි. දියුණු විය යුතුයි. ඒත් තරුණ අරගලකරුවනි! ඔයාලට නූතන අරගල මාතවාදයක් සහ සංවිධානයක්වත් නැහැ. ඔයාලට කිසිදු මතවාදයක් හෝ සංවිධානයක් නැහැ. “ගෝඨා ගෝ හෝම්” කියන මතවාදයකින් තොර ප්‍රතික්‍රියාත්මක සටන් පාඨය දැන් වර්ධනාත්මක විය යුතුයි. එය නව-නූතනවාදී ප්‍රමිතියකින් ගොඩනැගුනු දේශපාලනාර්ථික මතයකින් සහ සංවිධානයකින් නායකත්වය ලැබිය යුතුයි. ඒත් දැන් තියෙන “ගෝඨා ගෝ හෝම්” කියන සටන්පාඨය නූතනවාදී රාජ්‍ය ව්‍යස්ථාවවත් හදාරා නැතිවයි ඉදිරියට යන්නේ. 

මේ සටන් පාඨය අවම තරමින් නූතනවාදී රාජ්‍ය ව්‍යවස්ථාවේ 38, 39, 40 වගන්ති ප්‍රකාරවවත් ප්‍රතිසංවිධානය වෙලා නැහැ. අරගලය ඉල්ලා සිටින්නේ ඊට එහා ගිය කලාපීය සහ ගෝලීය යොමුවක්. අරගලකරුවන් ගෝලීය ආර්ථික දැනුම පැත්තකින් තිබ්බත්, කලාපීය බලවතා වූ ඉන්දියාවේ බහුජන සංවිධානවල උදව් ඉල්ලන්නවත් දන්නේ නැහැ. කලාපයන්වල සහ ලෝකය පුරා ඉන්න ලාංකිකයන් එළියට බැහැල වැඩක් නැහැ. කලාපය සහ ලෝකය පුරා තියෙන ලාංකික නොවන බහුජන සංවිධාන ඉදිරිපත් වෙලා “ඝෝඨා ගෝ හෝම්” වෙනුවෙන් දේශපාලනය කරන්න ඕන. 

1956දි එදා ආර්ථිකය තිබුණෙ රට ඇතුළේ. ඒ නිසා අරගලය සංවිධානය වුණේ රට ඇතුළේ ගොල්ෆේස් පිට්ටනියේ. අද අර ආර්ථිකය තියෙන්නේ මුළු පෘථිවියේ. ඒ හින්දා අරගලයත් රටින් ගෝල්ෆේස් පිට්ටනියේ මුහුදින් එපිට බහුජන සංවිධාන දක්වා ව්‍යාප්ත විය යුතුයි. ඒක කලාපීයව සහ ගෝලීයව සංවිධානය වීමක්. 

ඉතින් ඊට පෙර ජාතික සංවිධාන ව්‍යුහය දිහා බලමු!      

රටේ ජාතික දේශපාලන පක්ෂ නොගැලපෙනව නම්, ඒවායේ ඉතිහාසය හදාරා විවේචනය කර නව-පක්ෂ ව්‍යූහය මොකක්ද කියල අරගලකරුවන් කියන්න ඕන. එතනදී නූතනවාදී යූඇන්පිය නව-නූතනවාදී යූඇන්පියක් බවට ප්‍රතිසංවිධානය විය යුතුයි. නූතනවාදී සමසමාජ පක්ෂය වෙනුවට නූතනවාදී  ජවිපෙ නව-නූතන ජවිපෙයක් විදිහට ප්‍රතිසංවිධානය විය යුතුයි. දැනට පවතින්නේ ගෝලීය ආර්ථිකයක් තුළ ධනේෂ්වර අර්බුදයක් හින්ද, යූඇන්පිය නව-නූතන පක්ෂයක් විදිහට ප්‍රතිසංවිධානය වෙනකම් මේ අර්බුද කිසිවක් ආර්ථික වශයෙන් නිට්ටාවට සුව නොවී පවතීවි. 

එහෙම වෙලා නැති නිසා තමයි, අරගලකරුවන් අවිඥානිකව මේ සියළු පක්ෂ ප්‍රතික්ෂේප කරන්නේ. 

ඒත් ඒකට විසඳුම කිසිම දේශපාලන නායකත්වයක් නැතුව අහසේ පාවෙන එක නෙවෙයි. ඒක මර්ධනකරුවාට වාසියක්. බලන්න, මර්ධනකරුවා වරිගවාදීයි, ජාතිවාදීයි, ආගම්වාදීයි සහ ආර්ථික විරෝධී යි.   

බලන්න, ඉතිහාසය රිපීට් වෙන්නේ ඊළඟ දියුණ අදියරක් කරා. අපේ රටේ විතරක් ඉතිහාසය රිපීට් වෙද්දි, අනික් රටවල්වලට වඩා සුවිශේෂීයි. මොකද අපේ රටේ ඉතිහාසය රිපීට් වෙන්නේ සංවර්ධනාත්මක තත්වයක් අත්පත් නොකරගන්නා අවජාතක විදිහකට. මේ විකෘතිය වීමට සිංහල ඔන්ලි ප්‍රතිපත්තිය ගෙනා බන්ඩාරනායක වගේ ම, ඒ ප්‍රතිපත්තයේ ම දියුණු සිංහල ඔන්ලි මතයකින් මහින්දව චූන් කර ශ්‍රිලනිපය අන්තවාදයක් කරා දක්කපු 43 කන්ඩායමේ නායක චම්පික රණවකත් වගකිව යුතුයි. ඒත් වගඋත්තරකරුවන් සොයන මොහොතක් නෙවෙයි මේක.  

2022කේ අරගලකරුවන් කළ යුත්තේ කුමක්ද කියන එක මදකට පැත්තකින් තියල, මේ දක්වා අරගලට වෙන දේවල් ධනාත්මකව විමසා බලමු.   

2022කේ ලංකා සයිබර් අරගලකරුවාගේ අවිඥානය

අද ගෝල්ෆේස් පිට්ටනියේ සිදුවන “අරගලය” පටන් ගැනීම සහ පවත්වාගෙන යාම යන දෙපැත්ත නිරික්ෂා බලන්න. මේ ජන රැස්වීම පටන්ගන්නේ හරි ම අහඹු ප්‍රතික්‍රියාවක් විදිහට. ඒත් මේක පවත්වාගෙන යන්නේ සමාජ අරගලයක් එහි තාර්කික තීව්රතාව දක්වා ගෙනයන, කෙමෙන් සංවර්ධනය කෙරෙන අරගල ප්‍රමිතියකට අනුව නෙවෙයි. 

මේක පවත්වාගෙන යන්නේ වින්දනකාමී සැනකෙලිමය භාවිතාවක් විදිහට. ඒ වින්දනවාදී මත්වීම දෙසට යන්න යන්න, එහි සුළු හෝ සැබෑ අරගලකාරීකමක අංකුරයක්වත් තිබුණ නම්, ඒක ද කෙමෙන් ගිලිහී යමින් පවතිනව. හරියට අවදි සිතකින් හිටපු උද්ඝෝෂකයින් හෙරායින් හෝ අබිංකාල මත්වුණා වගේ ස්වභාවයක් මේක. නොදැනී ම (අවිඥානිකව) අරගලය අන් අතකට ඇදගෙන යන තත්වයක් ඇතිවෙලා. 

තවදුරටත් අරගලය තම අතින් ගිලිහී යනවාද නැතිද කියා හොයන්න උවමනාවක් එන්නේ නැහැ. දකින කෙනෙක් ඒ ගැන කිව්වොත්, පිළිගන්න හිතෙන්නෙත් නැහැ. 

එතකොට නොදැන ම අරගලයේ ඊළඟ මොහොත තීරණය කරන කෙනා රාජපක්ෂ ආන්ඩුව බවට පත්වෙනව. බලන්න අරගලකරුවා එක සටන් පාඨයක් ම බදාගෙන සිටිද්දී, රාජපක්ෂ ආණ්ඩුව පෙර-ව්‍යුහ මාරුකරගෙන වෙනස් වෙමින් ඉදිරියට යනවා. 

අරගලකරුවන් ගෙදර යන්නේ නැතිකොට, කැබිනට් එක විසුරුවාහැර ඊට අරගලකරුවන්ට ප්‍රතික්‍රියා දක්වන්නට දී අනාගතය වෙනුවෙන් කල්ගන්නවා. ඊට පස්සේ ආයෙමත් කැබිනට් මණ්ඩලයක් පත්කරල ඒකට අරගලකරුවන්ගේ ප්‍රතික්‍රියාවට ඉඩ දී කල් ගන්නවා. 

unpp9

අරගලය සාමකාමීයි කියන මතය රටපුරා සහ ලොව පුරා පැතිරී ඇති නිසා, අරගලයට නගර සීමාව තුළ ප්‍රහාර එල්ල කරන්න බැරි බව දැක, ගම්වල පහළ මධ්‍යම-පංතිය වෙත යොමුවී ඔවුන්ට බලපාන පරිදි තෙල් මිල වැඩි කර ගැමියන් සාමකාමීත්වය ඉක්මවා යන මොහොතක් එනතුරු කල්බලා, එය පැමිණි විගස මිනියක් මරා තුරුම්පුවක් පාවිච්චි කරනව

නාගරික මධ්‍යම-පංතිය සහ උසස්-මධ්‍යම පංතිය හෝ පහළ-මධ්‍යම පංතියට වඩා ඉක්මනින් ග්‍රාම්‍ය ගොවි පංතිය ප්‍රකෝප වෙනව කියල සතුරා දැනුවත්. ගැමි ප්‍රකෝපය ඉස්මතු වෙන තැනකදී වෙඩි තියල මරන්නේ, නාගරිකයාටත් වෙඩි තියන්න පාර කපා ගන්නයි. අවිඥානය විශාල කරගෙන ඉන්න නාගරික අරගලකරුවා ප්‍රතික්‍රියා දක්වනව විතරයි. රමුක්කන සිද්ධිය රිහර්සල් එකක් බව දැනගත යුතුයි. ගොල්ෆේස් එකේ ගම්මාන අටවගන්න එක පැත්තකින් තියල, ඉන්දියාවේ නාගරික බහුජන සංවිධානවලින් උදව් ගැනීම දක්වා අරගලය වර්ධනය වියයුතු ගෝලීය මොහොතක් මේක. 

දකුනු ආසියානු නගරවල පුරවැසියන් අරගලකරුවන්ට සහය පලකර පාරට බැසිය යුතුයි. 

ඒත් වෙන්නේ වෙන දෙයක්.

අරගලකරුවාට අවිඥානිකව(නොදැනීම) අරගලකරුවා ආණ්ඩුව කරන දේවල් වලට ප්‍රතික්‍රියා දක්වන පාර්ශවයක් බවට පත්වෙලා. හරිනම් වෙන්න ඕන මොකක්ද? අරගලකරුවා කරන දේවල් වලට ආණ්ඩුව ප්‍රතික්‍රියා දක්වන තැනට තත්වය හරවා ගැනීම. 

මේකෙන් තහවුරු වෙන්නේ මොකක්ද? අරගලකරුවා අරගලයේ ඉම් පෙදෙස් පිලිබඳ සබුද්ධික නැහැ. අරගලකරුවා ජයගන්නා විදිහ ගැන අවිඥානිකයි. මොකක් නමුත් මගහැරිල තියෙනව නේද? අරගලකරුවාට දැනෙන්නේ නැතිද? සිහිනයෙන් අවදිවෙන්න!

අරගලකරුවා අවිධිමත්. ගැලපෙන දේශපාලනාර්ථික මතයකින් හික්මවී නැහැ. ඒ නිසා සංවිධානය ද මහපොළවේ නැහැ. අරගලකරුවා සයිබර් අවකාශයේ “ගෝටා ගෝ” සිහිනය කරපින්නාගෙන පාවෙන භාෂාමය සිතිවිලි රොත්තක් විතරයි. ඒ හින්දා අරගලකරුවන් විශාල සංඛ්‍යාවක් තම තමන්ව නොදැන එක බිමක හඳුනන උදවිය විදිහට Pretend කරමින් හැසිරෙනව. ඒ අතරෙ සතුරා සබුද්ධිකව ගේමක් ගහගෙන යනවා.   

අරගලකරුවා පසුගාමී ඇයි? ඊළඟට කළ යුතුදේ ඝෝඨා කරන තෙක් ඉන්නේ ඇයි?

අරගලකරුවා 1953 අරගලකරුවන්ටත් වඩා සුවිශේෂී බුද්ධියක ඉන්න නිසාද? 

නැහැ!

නූතනවාදී සජබෙට, යූඇන්පියට, ජවිපෙට සංවිධානය කරගන්නට බැරි වූ ප්‍රමාණයක් රැස්කරගන්නට තමන්ට නව-නූතන නිෂ්පාදන උපකරණවල (Neo-Modern Means of prduction) තාක්ෂණය යොදාගන්න පුළුවන් වුනත්, නව-නූතන තියා නූතන දේශපානාර්ථික මතවාදයක්වත් අරගලකරුවාට නැහැ. 

බලන්න!    

තනියම බොරුවක් කියන කරන මිනිසා බොරුවත් එක්ක ම තනිවෙනව. ඒත් දහස් ගණනක් එක්වෙලා දැන හෝ නොදැන බොරුවක් කරනකොට, බොරුව ඇත්තක් වගේ දැනෙනවා. කරන කියන ඕන දෙයක් හරියි වගේ දැනෙනව. 

මෙතෙක් “අරගල කරනව නම් ඒකට දේශපාලනික සංවිධානමය නායකත්වයක් තියෙන්න ඕන” කියල සම්මතයක් තිබුණ. අසංවිධානාත්මක රොක්වීමක් තින අරමුණක් දක්වා ගෙනයෑම අසීරුයි. පාලනය ගිලිහුණු ගමං අදේශපාලනය සහ ව්‍යසනය සිදුවෙනව. දයාන් ජයතිලක ඇසුරු කරන ඝෝඨා මේ බව දැනගෙනයි ඉන්නේ. 1953 නූතන අරගලය කරපු සංවිධාන හෝ දේශපාලන පක්ෂවලට යම් මතයක් තිබුණා. එතනිදී වුණේ මතය දියුණු මදිකම විතරයි. මෙතන වෙලා තියෙන්නේ, නව-නූතන මතයක් තියා නුථන පමතයක්වත් නැති සටන් පාඨයක් විතරක් පැවතීම.    

නූතන යුගයේදී අරගලය ලෝකේ කොහේ තිබුණත්, අරගලය සාර්ථක නම්, පාලක පක්ෂය අරලයට නායකත්වය දෙන කෙනාට මුදල් දී හෝ ගෑනියෙක් යැවීම වගේ වසඟකාර ආතල් දී අරගලයට කෙලවනව. ඒ කාලේ කෙලවීම සිදුකරේ අරගල භූමියෙන් පිට තැනකදී. දැන් මේ ගෙවෙන නව-නූතන (Neo-Modern) ජන රොක්වීම දී ආතල් එක දෙන්නේ අරගලභූමිය ඇතුළෙම යි.      

හිතූ මනාපෙට ජනයා රොක් වුණ පලියට ඒ රොක්වීම කෙරෙහි ම වසඟ වෙන්නේ ඇයි?

ඒකට දේශපාලනික හේතුව පසුවට කියන්නම්. දැන් මනෝවිද්‍යාත්මක හේතුව හොයමු.

වසඟය සිද්ද වෙන්න සුබුද්ධික දේශපාලන හේතු ඕන නැහැ. දේශපාලන දැක්මක් නොතිබුණත්, මිනිස් සහජාසයේ රොක්වීමේ තෘප්තිය කියල ස්වභාවික තල්ලුවක් පවතිනව. 

මිනිස්සු කරන කියන දේවල් සියල්ලේ ම දෙකොටසක් පවතිනව. 

එකක් දැනගෙන කරන කොටස. (සවිඥානය) 

අනික නොදැන කරන කොටස.(අවිඥානය) 

මිනිසාගේ සවිඥානික කොටසට වඩා අවිඥානික කොටස 09ව ගුණයකින් විශාලයි සහ 09ව ගුණයකින් බලවත්. මනෝවිශ්ලේශනයට අනුව, අපි කරන දේ ගැන අපි දන්න දේවලට වඩා නවගුණයක් ම තියෙන්නේ නොදන්නා දේ.

අරගලකරුවා කියන මිනිසා සේ ම හතුරා කියන මිනිසාත් මේ තත්වයට යටත්. 

ජන රැස්වීමක් ගැන අපි දන්න දේ තුළ නොදන්නදේවල් 09ව ගුණයක් තියෙනව. අපි කරන දේ ගැන අපි නොදන්න 09ව ගුණය ම හෝ ඉන් කොටසක් අපේ සතුරා දන්නව නම්? ... එයාගේ ප්ලේ ග්‍රව්න්ඩ් එක තියෙන්නේ වින් සිටුවේශන් එකක.

අවිඥානයට අහුනොවී ඉන්න නම්, නිරීක්ෂණකාමය, හැෑරීම සහ අවදි සිත තිබිය යුතුයි. 

ඒක අසීරු සහ දුලභ භාවිතයක්. 

ගෝල්ෆේස් අරගලකරුවා, තම අවිඥානික බලපැවැත්මට අහුවෙලා ඉන්නේ ඇයි? දේශපාලනාර්ථික මතවාදයක් සහ සංවිධානයක් නොමැතිකමින්. ඔවුන් පරදිනවා නම්, පරදින්නේ ඇයි?

ඒ මතවාදය හෝ සංවිධානය නව-නූතනවාදී ප්‍රමිතියක නොතිබීම නිසයි. 

දැන් කවුද අරගලය ඇත්තට ම මෙහෙයවන්නේ? 

අරගලකරුවාද, නැත්තං රාපක්ෂලාද?   

අරගලකරුවා අරගලය  අවසාන වශයෙන් ඉලක්කගත වෙලා තියෙන්නේ කොතනට ද කියන එක දන්නේ නැහැ. ඒක ගෝඨාව ගෙදර යවන සිහිනයක් විතරයි. ගෝඨා ඒක දන්න නිසා, අරගලකරුවාට ප්‍රතික්‍රියා දක්වන්නට ඉලක්ක සපයා දෙනව. මුදල් ඇමති ඉවත් කිරීම, මහ බැංකුවේ අධිපති මාරු කරවීම, ඔහුගේ විදෙස් ගමන් තහනම් කිරීම, නාමල් දම්මවා තමන්ට ම බැනවීම, කැබිනෙට්ටුව විසරවීම, යලි කැබිනෙට්ටුව පත්කිරීම, මුදල් ඇමති අයිඑම්එෆ් යෑම,  ඉඳහිට ජාතිය ඇමතීම, අගමැති දමා සාකච්චාවට අඬගැසීම, අරගලයේ වට්ස්අප් ගෲප්වලට තම පාක්ෂිකයින් දමා අරගලය ප්‍රශ්න කිරීම, මරාදැමීම යනාදිය තමයි ඒ ඉලක්ක. අරගලකරුවා ඒවායේ ඇතුළ් අරමුණ ගැන අවිඥානිකයි සහ නූගත්.

ජනයා සංවිධානයක් නැතිව පාරට බහින්නේ නිසඟයෙන්. ඒත් හතුරු පාලක උදවිය සංවිධනාත්මක නම්, ජනයා පාලකයාටත් වඩා විධිමත්ව සංවිධානය විය යුතුයි. නිසඟය ඉක්මවා පියවි සිහියට සහ බුද්ධියට පැමිණිය යුතුයි. එතකොට නව ගුණයක් තරම් අවිඥානයට ගොදුරුවීම අවම කරගත හැකියි. හතුරාගේ නවගුණයක් තරම් අවිඥානය තුළ ගේමක් ගැසිය හැකියි. අරගලය තමන්ට ම විරුද්ධ භූමරෑන්ග් එකක් වන්නේ ඉලක්කය පාලකයා සපයා දෙන එකක් වුනහමයි. 

මේ නිමේෂයේ අරගලකරුවා තනි සටන්පාටයක හිරවෙලා. සංවිදානාත්මක චලනය ඇනහිටලා. හතුරු පාලකයාගේ මගපෙන්වීමට අහුවෙලා. 

අගමැතිට “සාකච්චාවට එන්න බැහැ ගෙදර යන්න!” කියනකොට ම පාලකයා දැනගන්නව මේක දේශපාලන මතයකින් තියා ආණුඩුක්‍රම ව්‍යවස්ථාවේ වගන්තිවත් දන්නැතිව සංවිධානය වුණු අරගලයක් බව. ඉතිං එක පාරක් අඬගහල, ටෙස් කරගත්තට පස්සේ, අරගලයට ඔහේ තියෙන්න ඇරල එයාලා ඊළඟ ව්‍යුහ හදන්න පටන්ගන්නව. 

රාජපක්ෂලා ආර්ථිකයේදී අවිධිමත් වුණත්, තක්කඩිකමෙහිදී විධිමත්. ඉතිං ජනාධිපති තම අරගලකාර හතුරාගේ පැත්ත අරන් “ඔයාලගෙ අරගලය සාධාරණයි” කියත්දී මොනව කරන්නද?

unpp10

 

සාමාන්‍ය මිනිසා සහ අරගලකරුවා

සාමාන්‍ය මිනිස්සු අරගල කරන විදිහයි, දේශපාලන පක්ෂ අරගල කරන විදිහයි දෙකක්.  

නූතන සමාජයක සාමාන්‍ය මිනිසුන්ගේ දේශපාලන මත හැදෙන්නේ මහපාරෙන්. නිවසින් බැහැරව හමුවන කරන කියන දේවල් ඇසුරෙන්. සාමාන්‍ය මිනිසුන්ගේ දේශපාලන මතය සහ ක්‍රියාව අවිධිමත්. මේ නව-නූතන සමාජයේ මිනිසුන්ගේ මතය හැදෙන්නේ සමාජ-මාධ්‍යවලින්. එයාලගෙ මතයත් විධිමත් නැහැ හෝ අවමයි. පාරෙ කතා කරපු ඒ ස්ටයිල් එකට ම, සමහරවිට ඊටත් වඩා අවිධිමත්වයි සමාජ මාධ්‍යවල දේශපාලනය ගැන කතා කරන්නනේ.

“ගෝඨා ගෝ හෝම්!” 

“කපුටු කාක් කාක්!”

පිස්සෙක්!

unpp17

මේවා මොන විධිමත් දේශපාලන සංවාදයකින් පසුව සාදාගත් සටන් පාඨද? 

මේවා තමයි මූලික සංකල්ප. 

මේ පිටුපස දේශපාලනාර්ථික විග්‍රහයක් නැහැ.

අරගලකරුවා සහ පක්ෂ දේශපාලනය

දේශපාලන පක්ෂයක් ඇතුළේ මොනවද වෙන්නේ? පාක්ෂිකයින් දේශපාලන දැනුම හුවමාරු කෙරෙන සාකච්චාවලින් දේශපාලන මතය ශක්තිමත් කරගෙන සංවිධානය වෙනවා සහ සංවිධානය කරනවා. දේශපාලන පක්ෂ විතරක් නෙවෙයි, සිවිල් සංවිධාන හෝ වෙනත් ඕනෑම දේශපාලන සංවිධානයක් ඒ වගේ. ඒ නිසා අරගලකරුවන් දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන, රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීත්ව තමන්ට බලපාන විදිහ දැනගත යුතුයි. 

ගෝල්ෆේස් පිට්ටනියේ ඉන්න කොළඹ නාගරික රැකියා කරන නව-නූතන මධ්‍යම පංතිය සහ ඉහළ මධ්‍යම පංතියේ තරුණ අරගලකරුවන් මෙතෙක් ලංකාවේ පැවති සම්ප්‍රදායික සහ නූතන දේශපාලන අරගල හදාරා නැහැ. එයාලගේ ආර්ථික උවමනා එපාකම්, නගරයෙන් එපිට දරුණු ආර්ථික අඟ හිඟකම් එක්ක බැලුවහම අහසට පොළව වගේ. රටේ එන්.ජී.ඕ. ප්‍රොටෙස්ට් සහ ප්‍රධාන පක්ෂ දෙකේ සුළු ප්‍රොටෙස්ට් හැරුනහම, මෙයාලට මහා පරිමාණයෙන් පාරට බැහැපු පෙර-අත්දැකීම් නැහැ.

දේශපාලනාර්ථික නායකත්වයක් නොමැති සයිබර් අරගලය

අරගලයේ සංයුක්ත මතයක් නැහැ. විරෝධතාවට සටන්පාඨ හැදෙන්නේ මහපාරෙන්. මහපාරේ දේශපාලන සටන් පාඨ කියන්නේ මොනවාද? බොහෝවිට දේශපාලකයින් ගැන තියෙන තම අමනාපය ප්‍රකාශ කරන වැකි. හැබැයි ඒ සියල්ල තනි “ගෝඨා ගෝ හෝම්” පාඨය දක්වා සංයුක්ත වීම සුළු දියුණුවක්.

මහපාරේ සටන් පාඨ හැදෙන්නේ දේශපාලන කයියවල් ඔස්සේ. ඒවා බස් නැවතුම් පොලේ, ඉරිදා පොලේ, බාර් එකේ, බස් එකේ, එහෙමත් නැත්තං මලගෙවල්, මගුල් ගෙවල්, කොටහළු ගෙවල්, දානෙ ගෙවල්, බර්ත්දේ පාටි, විනෝද චාරිකා, පංසලේ, පල්ලියේ, කෝවිලේ දරුවගෙ ඉස්කෝලේ, ඔෆිස් එකේ, ස්පෝට් මීට් එකේ සහ ජිම් එකේ හමු වුනාම කරන අවිධිමත් කෙටි දේශපාලන කතා ඇසුරින් නිදහසේ ගෙතෙන කෙටි-පණිවුඩ පාඨ. 

මේ සටන් පාඨවලට විධිමත් විෂයානුබද්ධ දේශපාලන යොමුවක්, අරමුණක්, දැක්මක් හෝ මගපෙන්වීමක් නැහැ. ඒවා එවෙලෙට නිවි නිවී පත්තුවෙන නිදිකුම්බා කොල වගේ. 

පහුගිය දශක 02 ඇතුළත මේවා සමාජ මාධ්‍යවලටත් ඇතුළු වුණා. සමාජ මාධ්‍යවලට සිංහල සහ දෙමල ෆොන්ට් අකුරින් පණිවිඩ ලියන්න පටන්ගත්තට පස්සෙ, වේගයෙන් පැතීරී ගියා. ෆොටෝ සහ වීඩියෝ දාන්න පුළුවන් වුණා ම තරමක් නිර්මාණශීළීව ජනගත වුණා.

කලින් පත්තරේ, රේඩියෝ එකේ හෝ රූපවාහිනියේ වාගේ වෘත්තිකයෙක් හෝ විද්වතෙක් උවමනා වුණේ නැහැ. ඒවා බහුතරයක් සාමාන්‍ය ජනයා වගකීමක් හෝ විෂය හැදෑරීමක් නැතුව කරන කියුම්, ගයන ගැයුම් සහ නටන නැටුම්. ඒ අතරේ අර විද්වතුන් පරදන තරමේ ඒවාත් ඉඳහිට කරලියට ආවා තමයි. ඒත් පොදු ගුණාකාරය ඒක නෙවෙයි. විශේෂයෙන් දේශපාලනයට අදාළ වැකි තුළ සීයට අනූවක් තිබුණේ දැනුමට වඩා නොදැනුම.

මෙන්න මේ මහපාරේ දේශපාලන සටන් පාඨ නහුතයක්, සමාජ මාධය තුළ එවෙලට දාල දෙන ටේස් කඩල වගේ පැතිරී ඉතිරී ගියා. ඒවා හැදුවේ, අප්ලෝඩ් කළේ, ලයික් දැම්මේ, උත්තර බැන්දේ එවෙලෙට හිතට එන දෙයින්. ඒවා කලේ පොදු බහුතර මිනිසා හෙවත් කොමනර්ස්ලා. මෙයාලට විෂය විනයක් නැහැ. ඒක මොකක්ද කියල දන්නෙත් නැහැ. ඒක එයාලගේ වරදක් නෙවෙයි. 

ඒත් විෂය විනය නැතිවුනොත්, අනතුරු සිද්ධ වෙන්න නියමිතයි. එතැනදී මේ සටන් පාඨ අසරණ යි. ඔපරේෂන් එකක් කරන්න පුළුවන් වෛද්‍ය විද්‍යා විෂය දන්න දොස්තර කෙනෙකුට විතරයි. ඉතිං රටේ නායකයා පන්නා දමන්නට කරන පොදු විරෝධතාවක් වැනි සමාජ මැදිහත්වීමක දී මේ දේශපාලනාර්ථික විෂය දැනුම සහ විනය අනිවාර්යයි. එහෙම නැතිවුනොත්, ගන්නා ක්ෂණික තීන්දු තීරණවලින් ප්‍රතිඵල වෙන්නේ ඇක්සිඩන්ට්ස්.

සමාජ මාධ්‍ය ඇතුළේ දේශපාලනය විනයගත විෂයක් නෙවෙයි. මහපාරේ සංකල්ප විෂය අභ්‍යාසයකින් පැන නගින ඒවා නෙවෙයි. අරගලකරුවන්ට අවැසි බුද්ධිමය නායකත්වය මගහැරී ඇත්තේ ඔය විදිහට යි. 

න්න ඒ හින්දයි, ඝෝටා ඇතුළු මැදමුලනය බලයට ගේන්න කටයුතු කරපු සහ මැදමුලනයෙන් වරප්‍රසාද ලැබූ කලාකාරයෝ සහ අනෙකුත් මුදල් සහ තනතුරු ලෝල්ලෝ ටිකත් විධිමත් පාපොච්චාරණයකින් සහ හිරිකිතයකින් තොරව අරගලභූමියට ඇවිත් පව් හෝදගන්නේ. 

unpp18

ඒ පොරවල් සමාජ මාධ්‍ය සහ ඉලෙක්ට්‍රොනික් මාධ්‍ය ඇතුළේ පොරවල් නිසා අරගලකරුවන් ම ඔවුන්ට ජයවේවා කියල කෑ ගහනව. මේ තක්කඩින්ට ජනාධිපතිකම ලැබුණොත් ඝෝටාටත් හපන් වෙනව. ඒ ගැන පැහැදිළි මතයක් අරගලකරුවන්ට නැතිකමත් අරගලයට විෂය නායකත්වයක් නැති බවට සාධකයක්. 

 සමහර එන්ජීඕකාර බුද්ධිමතුන් සහ ඒ ආශ්‍රිත අයාලකාමී විකල්ප කලාකරුවනුත් අරගලකරුවන්ට කට ඇරන් බලං ඉන්න කතා පැවත්තුව. ඒත් විධිමත් සංයුක්ත නායකත්වයක් දෙන්න කාලය සහ ශ්‍රමය කැප කළේ නැහැ. පස්සේ කලාකාරයො කියාගත්තු උදවිය, ක්‍රිඩකයෝ, සමහර වෘත්තිකයෝ  එතනට එන එක ෆැෂන් එකක් වෙන්න පටන්ගත්තා. එයාල බොහෝ විට ආවෙ සමාජ මාධ්‍ය ඇතුළේ සහ ඉලෙක්ට්‍රොනික් මාධය ඇතුළේ තමංගෙ ප්‍රොෆයිල් එක අරගලය පාවිච්චි කරල උඩදාගන්න. එයාල මහා පොර ටෝක් හැටහුටාමාරක් දෙන්න පටන් ගත්ත. සමහරු ඩියුටියට දවසක් ගතකරල එක දාගෙන ප්‍රොෆයිල් එක පුම්බංගෙන අරගලය කිළුටු කළා.

මේ මහපාරේ දේශපාලන සටන් පාඨ අරගලයට යොදා ගැනීම වරදක් නොවේ. ඒත් වැඩිවර්ධනය වී ඉදිරියට යා යුතුයි. ඒක වෙන්නේ අරගලය විෂයක් ලෙස හදාරපු අයගේ නායකත්වයක් ලැබුනොත් විතරයි. 

මේ අවදානම් තත්වයට විපක්ෂය ඇතුළු සියළු දේශපාලන පක්ෂ වගකිව යුතුයි. විපක්ෂයක් කියන්නේ ජනතාවට කලින් මිනිසුන්ගේ ජීවන තත්වය සහ ජනමතය අඳුනගෙන, ජනතාව තනියම නැගිටින්න පෙර ඉදිරිය දැක, සමස්ත මහපාරේ සටන් පාඨවලට දේශපාලනාර්ථික නායකත්වයක් දෙන පාර්ශවකට යි. දැන් වෙලා තියෙන්නේ ඒකෙ අනික් පැත්ත.  

225 ම එපා කියන මහපාරේ මහපාරේ සටන් පාඨය මතුවෙන්න හේතුව ඒක. 

සයිබර් අරගලයේ දේශපාලන උපාය

ආණ්ඩුවට වඩා අරගලකරුවන්ව බයවෙලා තියෙන්නේ විපක්ෂය. විපක්ෂය අරගලකරුවන්ට මතවාදී නායකත්වයක් නොදී අරගලකරුවන්ව තොඳොල් කරන තැනකට වැටිල. අරගලකරුවන්ට  නායකත්වය දෙන්න විපක්ෂයට ඕන නම්, අරගලකරුවන්ගේ දුර්වල තැන්වලින් ගැලවීමට උදව් කළ යුතුයිනේ. අරගලකරුවන්ගේ අදේශපාලනික, අප්‍රායෝගික සහ බුද්ධි විරෝධී තැන් හෘදයාංගමව විවේචනය කරල හරිපාරට ගත යුතුයිනේ.   

පසුගිය දශකය පුරාවට දේශපාලන පක්ෂ හෝ සංවිධාන බහුතරයක් ක්‍රියාකරල තියෙන්නෙ අවස්ථාවාදී අරගල. ඒත් පක්ෂ හෝ සංවිධාන වැරදි කළ පලියට දේශාපලනය කියන විෂයේ මූලික හරයන්වත් අරගලයට වැද්දගන්නේ නැතුව, මගහැරල යන්න අරගලකරුවාට බැහැ. ඒක විපක්ෂයෙන් අරගලකරුවන්ට කෙලින් ම කියන්නට තිබුණ දෙයක්. අවංක දේශපාලන නායකත්වයක් කියන්නේ ඒකට. අරගලභූමියේ ඉන්නෙ බබ්බු නෙවෙයිනේ. ඒ අපේ ම මිනිස්සු බහුතරය.  

තම පක්ෂවල අරමුණුවලට අවාසි වෙයි කියන බයෙන්, අරගලකරුවාගේ අත්වැරැද්ද ඔහේ පවතින්න හරින එක ඊට වැඩි වරදක්. මැදමුලනය සබුද්ධිකව ඒකෙන් ප්‍රයෝජනය ගන්න දන්නවා.

දැන් එහෙම වෙලා නෑ කියලද විපක්ෂය කියන්නේ?  

රටේ ව්‍යවස්ථාවක් තියෙන බව අරගලකරුවන්ට ප්‍රතික්ෂේප කරන්න බැහැනේ. ගෝඨා නොගිහින් ඉන්න හේතු දෙකක් තියෙනව. එකක් තමයි, ඔයගොල්ලොත් දන්නා ඝෝඨාගේ විලි ලජ්ජා නැතිකම. එයාට 1953නේ ඩඩ්ලි වගේ අයින් වෙන්න තරම් ශිෂ්ටකමක් නැහැ. දෙවැන්න තමයි අරගලකරුවා හදාරා නැති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ජනාධිපති ඉවත් කළහැකි විදිවිධාන (38,39, 40) ඝෝඨා උපදේශකයෙකුගෙන් හෝ අහගෙන තියෙනව.

අරගලකරුවන්ගේ “ගොඨා ගෝ හෝම්” කියන මහපාරේ සටන් පාඨය විතරක් අරගලයේ ජය ගෙනත් දෙන්නේ නැහැ. අවමතරමින් උපදේශමය නායකත්වයක්වත් ලබාගන්න ඕන. ඔතන කරක්ගහන සෙලිබි්‍රටි කලාකාරයන්ට, ක්‍රිඩකයින්ට, එන්ජීඕකාරයින්ට සහ යූටියුබ්කාරයින්ට ඒක නායකත්වය දෙන්න බැහැ. එයාල වීඩියෝ මයික් එක ඉදිරියේ බක පන්ඩිත වෙලා ආපහු තමන්ගේ මධ්‍යම පංතික ගෙවල් වලට යනවා. මොකද, ඔය බහුතරයකට බැංකුවේ සැලකිය යුතු මුදල් සංචිත තියෙනව. එයාලා පොදු බහුතර දුක්විඳින ජනයා නෙවෙයි. ඒයාලා සුළුතර සෙලිබි්‍රටිලා ටිකක්. 

අනතුරක් වෙලාවකදි මේ අයාලකාමීන් මාධ්‍ය නිවේදන නිකුත් කරමින් බොරු කඳුළු සලා අත හෝදගනීවි. නන්දා මාලිනී සහ සුනිල් ආරියරත්න 1988-1989 කාලේ ජවිපෙ කැරැල්ලට සමාන්තරව විරෝධාකල්ප ගී කියල සල්ලි හොයාගෙන මර්ධනය ඇවිත් මරා දැමෙන ප්‍රමාණ දාහ පනිනකොට ඉන්දියාවට පැනගොස් පසුව අතහෝදගත්තු චරිත.  

ඝෝඨා ස්වකැමැත්තෙන් යන්නැති නිසා, ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 38, 39 සහ 40 වගන්ති හදාරා ජනපති ඝෝටාව ගෙදර යවන්න පුළුවන් දීර්ඝ ක්‍රියා පටිපාටිය අනගමනය කරන්න ම වෙනව. නැතිනම් 19වන සංහෝධනය ගෙනත් ජනාධිපති බලතල අඩුකරන්න පුළුවන්. “ඝෝඨා ගෝ හෝම්” කියන මහපාරේ සටන් පාඨය ව්‍යවස්ථානුකූලව ජයගන්න හැකි යතාර්ථය තියෙන්නේ එවැනි විෂයානුබද්ධ කලාපයක. අධිෂ්ඨානය, කැපවීම වගේ හැඟීම් විතරක් යොදල අරගලය ජයගන්න බැහැ. 

සයිබර් අරගලයේ ඉරණම සහ කරුමය

එක්කෝ අරගලකරුවා ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 38, 39 සහ 40 වගන්ති කියවපු නීතිඥයෙකුවත් ඉස්සරහට දාගෙන “මෙන්න මේ ටික කරල දෙනවල ඕයි කියල” විධිමත් භාෂාවකින් විරුද්ධ පක්ෂයට සහ සිවිල් සමාජයේ වෘත්තිකයින්ට කියන්න ඕන.

එහෙම නැත්තං යුධ ශක්තියක් නැතිව පොලීසිය, ත්‍රිවිධ හමුදා එක්ක සටන් කරන්න වෙනව. ඒකට මේ අරගලකරුවන්ට මොන ම සුදුසුකමක්වත් නැහැ. අනික ඒකෙන් කිසි ම ප්‍රයෝජනයක් වෙන්නෙත් නැහැ. ජයක් ලැබෙන්නේත් නැහැ. 

එහෙමත් නැත්තං අරගලකරුවාට සිද්ධවෙන්නේ එකම ස්ලෝගන් එක ගිරව් වගේ කිය කිය කාලෙ කන්න. ඒ ගෙවෙන කාල-අවකාශයේදි සතුරාට ශක්තිමත් වෙන්න පාර කැපෙනව. දැන් අරගලකරුවා අවිඥානිකව ඉන්නේ කාගේ පැත්තේ ද? අවිඥානිකව  ඝෝඨාට දේශපාලන අවකාශයක් හදල දෙන පැත්තේ. අරගලය කියන්නේ ආර්ථික පීඩාවට සමනය කරගන්න තියෙන ස්වයං-වින්දන උපකරණයක් නෙවෙයිනේ. ඒක විධිමත් දැනුම්වත් බුද්ධිමය ක්‍රියාවලියක්. 

අරගලකරුවා ගෝඨාගේ නිහඬතාවය හදාරන්නේ නැහැ. ඒ පසුපස ඇති කුමන්ත්‍රණය සොයා බලන්නේ නැහැ. ඒක ගෝඨාගේ දුර්වලකමක් කියල හිතහදාගන්නව. නමුත් අලුත් කැබිනට් එකක් පත් කරල, විධිමත්ව අනතුරු ඇඟවීමේ කතාවක් කරල, රඹුක්කනින් දෙදෙරු පියෙක් මැරෙන්න ඇරල එයා තමන්ගේ ඇත්ත තත්වය පෙන්නල තියෙනව. ඒ නිසා අධ්‍යාත්මික දුර්වලතාවක් නිසා ගෝඨා ඥානක්කාගේ උපදෙස් ගන්නවා විතරක් නෙවෙයි. 1988-1889 කාලෙ යූඇන්පියෙන් ලලිත් ගාමිණී ඉවත් වුනාම ප්‍රේමදාසට මතවාදී උදව් කරමින් නිතර රූපවාහිනයේ පෙනී හිටි උසස්-මධ්‍යම පංතික හොර විප්ලවාදී සහ ජවිපෙ විරෝධී දයාන් ජයතිලකගේ ගුරුහරුකම් ලැබෙන බවට දූසමාන ආරංචියක් තියෙනව.

අරගලකරුවාගේ ඊළඟ කරුමය කුමක්ද? එළඹෙන කාල-අවකාශය තුළ ඝෝඨා ප්‍රමුඛ මැදමුලනයේ දේශපාලනය අරගලකරුවෙකු සේ අවතාර වෙස්ගෙන අරගල භූමිය පුරා වෛරසයක් සේ පැතිරීම. ඒක එන්නේ, අතේ පැලවෙන විදිහට පහුගිය දවස්වල ආපු ගෝඨාගේ කට්ටිය වගේ නෙවෙයි. අරගලය මේ වෙනකොටත් ප්‍රධාන සමාජ මාධ්‍යකරුවන් 04 දෙනෙක් සහ තව සුළු එකවුන්ට්ස් 200කට ආසන්න ප්‍රමාණයකින් මෙහෙයවන බව සොයා දැනගෙන පුහුණු වූ උදවිය.

ඉදිරියේදී අරගලකරුවාට අවිඥානිකව බොහෝ දෙ සිදුවිය හැකියි. මතුපිටින් පේන්නට සවිඥානිකව වෙන්නේ අරගලකරුවන්නට පහරදීම, අත්අඩංගුවට ගැනීම හෝ මරා දැමීම වගේ ක්‍රියා. ඒවායේදී අරගලකරුවාට සතුරාව පැහැදිලිව පේනව. ඒත් ප්‍රධාන ප්‍රහාරය ඒක වෙන්න බැහැ. ප්‍රධාන ප්‍රහාරය සතුරු ලෙසකින් දියත්වෙන එකක් නෙවි. එය එන්නේ මිතුරු වෙසින්, ද්‍රෝහියෙකු විදිහට. බලන් ඉන්නැද්දි, අරගලය නූල්බෝලයක් වගේ ගැලවී දිගහැරිල, දියාරුවෙලා අරගලකරුවාගේ එකක් නෙවෙයි වගේ දැනෙන මොහොතක් ඒවි. එතකොට පමා වැඩියි. පෙම්වතා හෝ පෙම්වතිය පාවාදුන්නා වගේ කඩාවැටීමකින් පස්සෙ යලි සංවිධානය වෙන්න අසීරුයි. එතකොට මර්ධනයට මුහුණ දෙන්න විදිහක් හොයාගන්නයි තියෙන්නේ.    

දැනටමත් ඔය වට්ස්අප් කණ්ඩායම් ඇතුළේ වෙනත් දේශපාලන සටන් පාඨ දිනවන්න නහුතයක් වාද ඇතිවෙනවා. හැම ව්‍යූහයක් ම පහුකර යන ව්‍යුහය මොකක්ද? මේ මොහොතේ ඔයාලට අවිඥානිකව ඔයාලව නරඹන ඊළඟ අයිටී එකස්පර්ට් තමයි ඔයාලගේ සැබෑ කරුමය. එයා තමන්ගේ ක්‍රියාකාරීත්වය පටන් අරන්, ඔයාලගෙ ඔය අරගල ව්‍යුහයේ ඊළඟ පසු-ව්‍යුහය (Post-structure) හෙවත් පසුකර යන ව්‍යූහය හැදුවහම ඔය සටන ඉවරයි. සටනක් ඒ සටන ම පසුකර ගියහම තියෙන්නේ තවත් සටනක් නෙවෙයි, වෙනින් දෙයක්.  

ඉතිං අරගලය දැනටමත් ඉවරද නැතිද කියන්නට තියෙන සහතිකය මොකක්ද? 

විෂය නායකත්වයක් නැතිවුණහම, අවතාරය අරගලය අස්සට රිංගන එක ප්‍රතික්ෂේප කළත් නවත්වගන්න බැහැ.  

මේ අවදානම පෙරතියා හඳුනගෙන අයාලකාමී අරගලකරුවා ප්‍රතික්ෂේප කරත්දීත්, ජනතා විමුක්ති පෙරමුණ පා ගමනක් යන්න ගත්තු තීරණයටයි, යූඑන්පී පාක්ෂික රැඩිකල් සෙන්ටර් එක සත්‍යක්‍රියාවක් සංවිධානය කරන්න ගත්තු තීරණයටයි මේ අනතුර ඉව වැටිල තියෙන බවක් පේනව. ඒ මේ ගෙවෙන මොහොතේ දේශපාලනය නෙවෙයි. ඒක දේශපාලනය වෙන්නේ අනාගතයේ දී. 

අරගලකරුවා දේශපාලන පක්ෂවලට එන්න එපා කියනව. වෙනත් සංවිධානවලට එන්න එපා කියනව. හැබැයි හතුරා එනකොට එන්නේ විපක්ෂයේ ඉන්න පක්ෂ වගේ අවසර ඉල්ලල නෙවෙයි. සතුරා එන්නේ නොකියා, නොහිතන වෙහෙසටපත් දුර්වල මොහොතක.

ලක් ආර්ථික ව්‍යසනය ඉදිරියේ ඉන්දියානු භූමිකාව

unpp14

ඉන්දියාව 1987දි අන්තර් ජාතික නීතිය උල්ලංඝනය කරමින් ශ්‍රී ලංකා ගුවන් පථයට තම ගුවන් හමුදා යාන එවා ආක්‍රමණය කලහැකි බව පෙන්නුවා. දැන් එහෙම කරන්නේ නැහැ. ලෝක දේශපාලනය තුළ ඉන්දාවේ භූමිකාව අද වෙනස්. කලාපීය දේශපානාර්ථික බලය ගැන උනන්දුව දක්වන ඉන්දියාව නිකමට හෝ ඝෙෘ්ටාට යන්න එක ෆෝන් කොල් එකක් දුන්නොත්, ඔහු අකුලාගෙන යනවා ම යි. මොකද ඒ “ගෝඨා ගෝ හෝම්” කියන එක පිටුපස්සේ මීට වඩා වේට් එකක්, බරක් විධිමත් රාජ්‍ය සංවිධාන ව්‍යුහයක් තියෙන නිසා.

ඒත් ඉන්දියානු සමාජ-මාධ්‍ය සහ ඉලේකට්‍රොනික් මාධ්‍ය රාජපක්ෂ පවුල් පාලනය විවේචනය කළාට, ඉන්දියානු රාජ්‍ය පරිපාලනය ව්‍යුහය එහෙම දෙයක් කියන්නට ඉක්මන් වන්නේ නැහ. ලඟදී ලංකාවට පොකට් මනී ටිකක් ඉල්ල ගන්න ඉන්දියාවට ගිය මහින්ද රාජපක්ෂ ඉන්දියාවට ආර්ථිකව වාසිදායක පණිවුඩය දී ඇති බව අනුමාන කරන්න පුළුවන්. ඒක එළිදරව් වන්නේ මේ කැළඹුන තත්වය රටතුලින් පහව ගියහම ඉන්දියාවට අපේ දේපලෙන් ගිලිහී යන කොටස දෙස බලලයි. 

පවතින ආර්ථික නෝන්ඩියෙන් ගැලවෙන්න අයිඑම්එෆ් එකට ගිය අලුත් මුදල් ඇමති අලි සබි්‍ර අයිඑම්එෆ් එකෙන් කඩිනම් මුදල් ආධාරයක්(Rapid Finance Instrument එකක්) ඉල්ලා තිබෙනව. ඒත් අයිඑම්එෆ් එක එහෙම එකක් දීමට අදිමදි කරල. ඒ වෙලාවේ ඉන්දියානු මුදල් ඇමතිනී නිර්මලා සීතාරාමන් ඉදිරිපත් වී ඒ RFI එක ලබාගන්න ඉන්දියාව ඇපකරුවෙක් වෙන බව පවසල තියෙනව. ඊට පස්සේ තමයි අයිඑම්එෆ් එක ඒ ගැන සලකා බලන තත්වයට පත්වෙලා තියෙනව. 

unpp15

ඒක අලි සබ්රිහ ඉන්දීය මුදල් ඇමතිනිය අතර සංවාදයක ප්‍රතිඵලයක් විතරක් වෙන්න බැහැ. ඒක මහින්ද සහ නරේන්ද්‍ර මෝඩි අතර සංවාදයක ප්‍රතිඵලයක් විය යුතුයි. ඒක වරදක් කියනව නෙවෙයි මේ. මොකද තුන්වෙනි පාර්ශවයක් සිටීම මේ අසීරු මොහොතේ හොඳ දෙයක්. හැබැයි ඉන්දියාව කියන දේට අයිඑම්එෆ් එක නම්‍යශීලී වන්නේ, ශ්‍රී ලංකාවේ ජනපති ඝෝඨා සම්බන්ධයෙන් ඇමරි-යුරෝ මතය ද ඉන්දියාවේ මතයට වෙනස් නොවන නිසයි. 

ඒ හින්දා ගෝඨාම හිතල ගියොත් මිසක,  අන්තර්ජාතික රාජ්‍යතාන්ත්‍රික ප්‍රජාවට දැනට ගෝඨාව යැවීමේ උවමනාවක් නැතිබව පැහැදිලියි. මෙච්චර දරුණු විරෝධයක් තිබියදී ඝෝටා නැවත නැවත ප්‍රතිසංවිධානය වෙමින් ඉදිරියට යන්නේ ඒ නිසයි.  

ඒ නිසා අරගලකරුවා පවතින දේශපාලනාර්ථික අර්බුදයට සාපෙක්ෂව ලංකාවේ දේශපාලන පක්ෂ පිහිටන සිතියම සහ ඉන්දියාවේ බහුජන සංවිධාන වග විභාග කරගැනීම ඇඟට ගුණයි. ඒත් අරගලකරුවා තවම කරන්නේ හැඟීම් මුල්කරගත්තු මැදිහත්වීමක්. 

බලන්න, ජනාධිපති නව-කැබිනට් ඇමතිවරු හඳුන්වා දීල කළ කතාව. ඒක අනලයිස් කරගන්න! ගෝඨාභය විසින්, “මම හැමවෙලාවෙම කටයුතු කරන්නේ ව්‍යවස්ථානුකූලව” කියා ද, “තරුණයින්ගේ සාමකාමී අරගලය හොඳ දෙයක්” කියාද, “සාමකාමී අරගලය ඉදිරියේ ත්‍රිවිධ හමුදා සහ පොලිසියේ ඉවසීම පැසසිය යුතුයි” කියාද අරගලකරුවන්ට කිව්වා. අරගලකරුවාගේ හොඳ කියමින් එයාලට සියුම් අනාගත අනතුරු ඇඟවීමක් කරපු බව තමයි බුද්ධිමතුන්ගේ හැඟීම. මොකද ඒ එක්කම සිද්ධ වුණේ කොළඹින් බැහැර රමුක්කන මරා දැමීම.

අරගලකරුවා ජනාධිපතිගේ කතාවට ප්‍රතික්‍රියා පෑවේ කොහොමද? ජනාධිපතිගේ කතාව යූටියුබ් එකේ විකාශණය වෙත්දී, පසෙකින් ගිය කමෙන්ට්ස්වල අරගලකරුවන් ජනාධිපතිව කිවයන බවක සේයාවක්වත් පේන්නවත් තිබුණෙ නැහැ. ඒ කොමෙන්ට් අතරින් කේන්ද්‍රීය කොමෙන්ට් එකකින් කියල තිබුණේ,

“තොගේ තාත්ත කොන්ඩම් එකක් පාවිච්චි කලා නම්, අද රට හොඳ තැනක. මේ විදිහට තොපේ අවුලක් අපිට විඳින්න වෙන්නේ නැහැ එහෙනම්” කියලයි. 

ඒ නිසා අරගලකරුවන් බොළඳ නොවී කොන්දේසි සහිතව විපක්ෂයේ දේශපාලන පක්ෂවල රැකවරණය පැතිය යුතුමයි.

pra4

අරගලය තුළ ලක් විපක්ෂයේ පක්ෂ සිතියම

දේශයේ දේශපාලන පක්ෂ සිතියම විමසුවොත්, ලියාපදිංචි කරල තියෙන පක්ෂ හැටහුටහමාරක් තඅතර ප්‍රායෝගිකව බලය ලබාගැනීමේ කේන්ද්‍ර කරගත් පක්ෂ තියෙන්නේ අතලොස්සයි. ඒ අතරිනුත් අරගලකරුවාට වාසිදායක පක්ෂ දෙක ගැන කතාව සීමා කරගන්න වෙනව. 

පක්ෂ සිතියම හැදෙන්නේ, එක්සත් ජාතික පක්ෂයේ රනිල්, මැදමුලනය ප්‍රමුඛ ශ්‍රිලනිපය, එක්සත් ජාතික පක්ෂයෙන් කැඩුණු සජිත් ප්‍රමුඛ සජබෙ, අනුර සහ ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගය, ජවිපෙ පළමු පෙළන් සහ එක්ස් කණ්ඩායමේ දෙවෙනි පෙළෙන් කැඩී ගොස් හැදුනු පෙරටුගාමී පක්ෂය, එක්ස් කන්ඩායමේ පළවෙනි පෙලෙන් කැඩී ගොස් හැදුනු සමබිම පක්ෂය සහ හෙල උරුමයෙන් කැඩී අවප්‍රමාණ වී ඇති 43නේ කණ්ඩායම සහ දෙමල භාෂාව පදනම් කරගෙන බිහිවුණ පක්ෂ වලින්. 

මේ අතරින් අරගලකරුවාට ඓතිහාසිකව වැදගත් පක්ෂ දෙකයි තියෙන්නේ. ඒ යූඇන්පිය සහ ජවිපෙ. එකක් ගොලීය ධනවාදී ආර්ථික ආයතන ඇමතිය හැකි නායකත්වයක්. අනික දේශීය නිර්ධනයින් ඇමතිය හැකි පොළව මට්ටමේ නායකත්වයක්.

තරුණ අරගලකරුවන් බහුතරයක් අවංක උදවිය නිසා මේ පක්ෂ දෙක දිසාවට කොන්දේසි සහිතව විවෘත වෙන්න ඕන. මේ ගෙවෙන මොහොතේ අර්බුදය සහ ව්‍යසනය නවත්වා ගැනීමට කළ යුත්තේ ගෝලීය ධනවාදී ආර්ථිකය ස්ථාවර ලෙස රටතුළ ස්ථාපිත කරගැනීම යි. අරගලකරුවන් එය ඉල්ලා මේ පක්ෂ දෙකට බලකළ යුතුයි. අනික් පක්ෂ ඊට සහය පලකළ යුතුයි.

ආර්ථිකයට ඉක්මන් විසඳුමක් උදෙසා ඉතිරි බොහෝ පක්ෂ පරිවාරයට වී උදව් කිරීමේ භාවිතාව තෝරාගත යුතුයි. අරගලකරුවා මේ පක්ෂ දෙක හැදෑරිය යුතුයි. යූඇන්පිය සහ ජවිපේ වත්මන් ඉරණම රටේ ඉදිරි සංවර්ධන අනාගගතය කෙරෙහි බලපාන බව තේරුම්ගත යුතුයි. 

අරගලකරුවා ජවිපෙ සහ යූඇන්පිය දිහා ඇස් පාදගෙන බලන්න!

ජවිපෙ ඉරණම

ජනතා විමුක්ති පෙරමුණ තේරුම් ගතයුතු දේශපාලන යථාවක් තියෙනව. ඒ යාථාවට අනුකූල දේශපාලන දයලෙක්තිය වැඩකරන දිසාව අනුව අවම තරමින් ප්‍රතිඵල ඉදිරියේ දී 02ක් සිද්ධවිය හැකියි. 

1.) ශ්‍රීලනිපය ප්‍රමුඛ පොහොට්ටු දේශපාලනය හුදු මළභාෂා ව්‍යුහයක් විතරක් බවට හැරී විසංකාර වී හැඳිගෑවිලා ගිහිං, යූඇන්පිය බලයට පත්වෙන රටක ජවිපෙ ප්‍රධාන විපක්ෂය බවට පත්වීම.

2.) අදිසි දේශපාලන ජිල්මාට්කරණයකින් සහ මර්ධනය හරහා ශ්‍රීලනිපය ප්‍රමුඛ පොහොට්ටුව නැවත බලය තහවුරු කරගෙන, යූඇන්පිය මළභාෂා ව්‍යුහයක් විතරක් බවට විසංකාර වී හැඳිගෑවිලා ගිහින්, ශ්‍රීලනිපය ප්‍රමුඛ පොහොට්ටුවේ මර්ධනකාරී ආන්ඩු පක්ෂය, විපක්ෂයේ සාමූහිකත්වය සීසීකඩ කර, ජවිපෙ පක්ෂයන්ත්‍රය රහස් අවතාර දමා මර්ධනය කිරීම.

මේ ගෙවී යන්නේ, ශ්‍රීලනිපය ප්‍රමුඛ ජාතිවාදී පොහොට්ටු වරිග පූට්ටුව වෙතින් ගෝලීය ආර්ථිකවාදී රනිල් අතට බලය මාරුකරගත හැකිද නැතිද කියන උභතෝකෝටිකය පවතින අවදානම් සහ අසීරු දේශපාලන මොහොතක්. 

ආර්ථික යොමුවකින් කිව්වොත්, ගෝලීය ධනවාදී ක්‍රමය තුළ පවතින නව-නූතන ධනවාදයේ දියුණු ගෝලීය නිෂ්පාදන උපකරණ (Global Means of Production) ශ්‍රී ලංකාවට කැන්දාගත හැකි නියමිත ගෝලීය ධනේෂවර පාලනයක් රට තුළට කැඳවා ගැනීමට හැකිද නැතිද කියා උරගාන මොහොතක්. එහෙම නැතු මේක නව-නූතනවාදී (රනිල්වාදී) ගෝලීය ධනේෂ්වර දේශපාලනයක සිට නව-නූතනවාදී ගෝලීය සමාජවාදී පක්ෂයක් වෙත බලය මාරුවෙන මොහොතක් නෙවෙයි. 

මේ ගෙවෙන මොහොතේ ජවිපෙය බලය ඉල්ලා අරගල කරොත්, පක්ෂයක් විදිහට අකර්මණ්‍ය සහ දුර්වල යූඇන්පිය පරාජය වෙලා, දීර්ඝකාලීනව කෙමෙන් ජවිපෙ වෙතට මර්ධනය පැමිණීම යි සිදුවන්නේ. ඒ නිසා මම මේ කියන්න යන්නේ, මේ මෙහොතේ ජවිපෙ පහළ මට්ටමේ සාමාජිකයන් අහන්න අකමැති දෙයක්. 

ඒ තමයි ජවිපෙය මේ මොහොතේ ගෝලීය ධනේෂ්වර උපකරණ රට තුළට ගෙන්වා දෙන බවට කොන්දේසි සහිතව, යූඇන්පිය බලයට ඒමට ඉඩදීමේ උපායික දේශපාලනයකට යා යුතුයි. ලෙනින් පවා අවශ්‍ය මොහොතවල් වලදී ධනේෂ්වර සංවිධාන සමඟ සන්ධානගතව වැඩකරල තියෙනව. ඒ හින්ද ගෝලීය ධනවාදය පිලිබඳ නව-නූතන දැනුමින් ජවිපෙ උපරි-ව්‍යූහය සංවිධානය කරගන්න ඔයාලට තව කාලය උවමනයි. 

unpp12

ඒ කාලය ගන්න ගමන් කොන්දේසිසහිතව යූඇන්පියට උදව් කරන්නට ජවිපෙ විසින් රටේ ධනේෂ්වර සංවර්ධනය සඳහා අත්‍යාවෂ්‍ය ගෝලීය නිෂ්පාදන උපකරණ ලැයිස්තුවක් සහිත කේන්ද්‍රීය න්‍යාය පත්‍රයක් රනිල්ට භාරදෙන්න. එහෙම නොකලොත්, ගෝලීය ධනවාදයේ දැනුමින් ජවිපෙ උපරි-ව්‍යුහය සංවිධානය කරගන්න පුළුවන් සම-බිම පක්ෂයට. සමබිම පක්ෂය මේ වෙනකොටත් ජවිපෙ විරෝධී ස්ථාවරයක ඉන්නෙ. අනික ප්‍රායෝගිකව හැමදේට ම කාලය මදි. කොහොමත් රනිල් යොදා නොගතහොත්, ගෝලීය ආර්ථික ව්‍යූයෙන් පරිවාරයට විසිවී ජවිපෙ දේශපාලනිකව තනි වෙනව. හුදෙකලාවීම අනාගත මර්ධනයකට හොඳ ගතිකත්වයක්. 

හොඳට මතක තියාගන්න, මේ වෙනතෙකාට නව-නූතන ගෝලීය තාක්ෂණ උපකරණ විසින් පෘථිවිය වෙනස් කරල හමාරයි. ඒ නිසා මින්මතුවට පරිසරයට අදාළ වාද-විෂයන්(Ecological issues), විද්‍යාත්මක සොයාගැනීම් වලට අදාළ වාද-විෂයන්(Scientific issues) සහ ආර්ථික විෂය ලෝකයට අදාළ වාද-විෂයන් (Economic issuess) වලට විසඳුම් තියෙන්නේ ගෝලීය ක්‍රම-පද්ධතියක් ඇතුළේ විතරයි. 

ජාතික ව්‍යවස්ථා සීමාව තුළ පවතින්නේ දේශපාලනය විතරයි. ඒවා ද ගෝලීයකරණය වීම කාලය පිලිබඳ ප්‍රශ්නයක් විතරයි. සමබිම පක්ෂය හෝ සමාජවාදී සමානතා පක්ෂයේ ගෝලීය දේශපානාර්ථික දැක්ම බහුතර දේශපාලනයක් බවට පත්වීම ද කාලය පිලිබඳ ප්‍රශ්නයක් විතරයි. (ජවිපෙ විනාශ වුණොත් එයාලත් තනිවෙනව. ඒ නිසා එයාලා මේ මොහොතේ ජවිපෙට ප්‍රහාරක අස්ථානයක් ගැනීම අදේශපාලනිකයි.) 

ලෝකයේ දේශපාලනය තවමත් ජාතික රාජ්‍යය තුළ පවතින නිසා තමයි, ඒ පක්ෂ සුළුතර ඒවා වෙලා තියෙන්නේ. ඒ නිසා ආර්ථිකය ජාතික රාජ්‍යය තුළ පවතින බවට වරදවා වටහාගන්න එපා! ආර්ථිකය දේශපාලනයට වඩා භෞතික නිසා ආර්ථිකය විසින් දේශපාලන ව්‍යූහයත් ගෝලීයකරණය දෙසට ඇදගෙන යනවා ඉදිරි දශකය තුළදී. 

ඒ නිසා මේ මොහොතේ යූඇන්පිය පරාජය වීම යනු ජවිපෙ දේශපාලන පක්ෂ-ව්‍යුහයේ ස්ථාවරබව ප්‍රශ්නයකට යනවා. නොසලකා උඩ බලන් හිටියොත්, ප්‍රශ්නය ගැටළුවක් වී, ගැටළුව අර්බුදයක් වී අර්බුධය ව්‍යසනයක් වෙනවා. ඒ හින්දා කලාපීය දේශපාලනයෙන් විමල් වීරවංශ යොදාගෙන ජවිපෙට ඇතිකළ යේ ද්‍රෝහී තත්වයට එහා වරිගවාදී ද්‍රෝහීත්වයක් එන්නට නියමිතයි. ඒ දෙවෙනි අදියර ක්‍රියාත්මක වෙන්න ඉඩදෙන්න එපා!        

යූඇන්පියේ අනාගතය

යූඇන්පීකාරයනි බලන්න!

1953-1956 කාලයේ වුණේ, යුරෝ ආර්ථිකවාදී පක්ෂයක් වූ නූතනවාදී යූඇන්පියේ ඉඳන් ජාතිවාදී සහ වරිගවාදී ශ්‍රීලනිපය කරා බලය මාරුවීම. වෙනත් විදිහකින් කිව්වොත් ඩඩ්ලි-ජේ.ආර් කියන දේශපාලනය එංගලන්ත ආර්ථික පද්ධතිය තුළ අව-ජනප්‍රිය වීම නිසා බණ්ඩාරනායක-දහනායක කියන සිංහල ඔන්ලි වරිග පූට්ටු දේශපාලනය බලයට පත්වීම. 

ඉතිහාසය රිපීට් වීම නිවැරදි නම්, 2022-2023 ගෙවෙන මේ යුගයේ සිද්ධ වෙන්නට කියා ඉතිහාස ක5ියාවලිය ඉල්ලා සිටින්නේ 1953-1956 කාලෙ වෙච්ච එකේ අනික් පැත්ත.

ඒ කියන්නේ, ශ්‍රීලිනිපය ප්‍රමුඛ ජාතිවාදී සහ ආගම්වාදී වරිගවාදී පූට්ටු පොහොට්ටු සංධානයේ ඉඳන් ගෝලීය ආර්ථිකවාදී යූඇන්පිය වෙතට බලය මාරු කරගැනීම. වෙනත් විදිහකින් කිව්වොත් ගෝඨා-මහින්ද මැදමුලනය ජාතික දේශපාලන පද්ධතිය තුළ අවජනප්‍රිය වීම නිසා, ගෝලීය ආර්ථිකවේදී රනිල් වික්‍රමසිංහ වෙතට බලය ගෙනඒම. (එතන ඩඩ්ලිට වගේ සහයක ජේ. ආර් කෙනෙවත් රනිල්ට නැත්තේ සජිත්ගේ බල ලෝභය නිසයි.)

මේ ගෙවෙන මොහොතේ යූඇන්පිය පාර්ලිමේන්තු විපක්ෂයේ ප්‍රධාන බලවේගය වෙලා ඉඳිය නම්, ඒ බලමාරුව පහුසවෙන් කරගන්නට තිබුණ. 

ඒත් මේ ගෙවෙන මොහොතේ යූඇන්පිය ඇතුළේ සබුද්ධික දේශපාලනාර්ථික යොමුව නියෝජනය කරන්නේ රනිල් වික්‍රමසිංහ තනිව ම යි. ඊට අමතරව තියෙන්නේ සයිබර් ප්‍රචාරක ව්‍යුහයන් ටිකක් විතරයි. පොළෝ මට්ටමේ පක්ෂ සංවිධානය ඇණ හිටලයි තියෙන්නේ. ඒ දුර්වලතා කලාපය පක්ෂයේ බහුතර ක්‍රියාකාරීන්ට පවා අවිඥානිකවයි පවතින්නේ.  

ඒ නිසා යූඇන්පිය මේ ගෙවෙන මොහොතේ ගෝලීය ආර්ථිකවාදී මතයකින් නව-නූතන පක්ෂයක් (Neo Modern Political Party) විදිහට ප්‍රතිසංවිධානය විය යුතුයි. ඒ කියන්නේ නව-නූතන යූඇන්පියක් (Neo Modern UNP) ගොඩනගාගත යුතුයි. පේන විදිහට තිබුණ නූතන පක්ෂයවත් දැන් ක්‍රියාන්විත නැහැ.

unpp11  

ගෝලීය දේශපාලනාර්ථිකවේදී රනිල් වෙතට බලය මාරු නොවෙන්නට නියමිත ලොකු බග් දෙකක් හෙවත් දේශපාලන වයිරස් තත්වයන් දෙකක් පවතිනව. 

1.) යූඇන්පියෙන් කැඩිල ගිය සජබෙ. එයාල යට කියපු ඉතිහාසය නොදන්නකමින් වැඩේ අලකරගන්නව. එයාල ඉන්නේ ගම හදා රට හදන්න පුළුවන් කියන සජිත්ගේ ප්‍රේමදාසවාදී, නගර විරෝධී සහ ආර්ථික විරෝධී මතයක. හර්ෂ ද සිල්වයි, ඉරාන්වයි, කබීර් හසීම් අතරින් කෙනෙක් හෝ තුන්දෙනාවම දාල පවතින තත්වය අටවගෙන තම ප්‍රේමදාසවාදී අරමුණට යන්න පුළුවන් කියල තමයි සජිත් හිතන්නේ. ඒයා දන්න මල ඉලව් ගෝලීයකරණයක්වත් නීෂ්පාදන උපකරණයක්වත් නැහැ. 

2.) දෙවෙනි වෛරස් තත්වය තියෙන්නේ යූඇන්පිය ඇතුළේ ම යි. ඒ තමයි පොළව මට්ටම දක්වා යූඇන්පී පක්ෂ යාන්ත්‍රණය පනගන්වන හැකි නිලතල දරන ජාතික සංවිධායක සාගල රත්නායක, උපනායක රුවන් විජේවර්ධන, මහලේකම් රංගෙ බන්ඩාරනාරනායක සහ සභාපති වජිර අබේවර්ධන යන අය පක්ෂය යන්ත්‍රය පනගන්වන්නේ නැතුව කල් බැලීම. ඉතිං සක්‍රිය නායකත්වක් නැතිව එක්සත් ජාතික පක්ෂ යන්ත්‍රය එකතැන පල්වෙමින් පවතිනව. ඒකට නව-නූතන ව්‍යුහයක් තියා අවමතරමින්  නූතන ව්‍යුහයක්වත් ගොඩනැගෙන බව පේන්න නැහැ. ඉතිං බහුජන වැඩක් ආපු ගමං තරමක් හෝ සක්‍රිය අකිල විරාජ්ට අඬ ගහන්නට රනිල්ට සිද්ධ වෙනව.

එක්කො මේ ඔක්කොමලා මේක හරියට කරන්නේ නැහැ. නැත්තං අදාළ අවදානම සමීකරණය කරගන්න අවශ්‍ය ගෝලීය දේශපාලනාර්ථික ඥානය නැහැ. එහෙමත් නැතිනම් මේ අය එකිනෙකාගේ කකුලෙන් අදින ආන්ඩුවේ දිරච්ච ආයතනික න්‍යාය අනුගමනය කරනවා. ඒකත් නෙවෙයි නම්, මේ ලිපියෙන් පනේවා දෙන මොහොත වෙනකං මේ කියන ගෝලීය ආර්ථිකවාදී වෙනසක් ගැන එයාල හිතලවත් නැහැ. 

රාජපක්ෂලාගේ 69ලක්ෂයේ සංවිධාන යන්ත්‍රය තමන්ට ඈඳගන්න පුළුවන් කියන එක සිහිනයක්. ඒක පවතින දේශපාලනාර්ථික යථාර්තයට ප්‍රතිපක්ෂ මායා-මතයක්. ඒත් ඒ 69ල්කෂයේ ඡන්ද යූඇන්පියට දිනාගන්න පුළුවන් කියන එක සිහිනයක් නෙවෙයි.  

unpp13

යූඇන්පියේ උපරි-ව්‍යූහයෙන් (Super-studcture) විතරක් ජය අත්පත් වෙන්නේ නැහැ. ඒකට පක්ෂයේ අධෝ-ව්‍යුහයත්(Infra-structure) සංවිධානය විය යුතුයි. නැත්තං යූඇන්පියට පොළව මට්ටමේ යථාව ගැන ගයිඩ් ලයින් එකක් සහ සපෝට් එකක් නැතුව යොමුව වෙනතකට හැරෙනව. රනිල් උපරි-ව්‍යුහයේ වැඩ වෙහෙස නොබලා කරනව තමයි. ඒ අතර අනික් අය අධෝ-ව්‍යුහය හදන්න කඩිමුඩි විය යුතුයි.

මේක තමයි සංවිධානය වෙන්න වාසිදායක ම මොහොත. මේ මොහොත ආයේ එන්නේ නැහැ.

ගෝල්ෆේස් එකේ ස්වාධීන ජන-අරගලය පටන් ගන්නිද්දී යූඇන්පියේ පහළ මට්ටමේ සාමාජිකයින් සහ හිතවතුන් අතර දූසමාන මතයක් තිබුණා, ඝෝඨා ජනාධිපති පදවිය අතහැරලා මහින්ද රනිල්ට ජනාධිපතිකම අරන්දේවි කියල. ඒ වගේ දේශපාලනය පික් පොකට් ගහගන්න ඉඩ නොදී ඉන්න තරමට මැදමුලනය තක්කඩියි. ඒ නිසා ඒක එහෙම වුණේ නැහැ. 69 ලක්ෂය දුන් බලය දාල ඝෝඨා ගෙදර ගියේ නැහැ. ස්වේච්ඡාවෙන් යන්නෙත් නැහැ. ගෝඨා කියන්නේ ඩඩ්ලි සේනානායක නෙවෙයි.

අයිඑම්එෆ් එක ණය දෙන්න එකඟවෙන්නේ, රට කලින් ණය ගත්තු පාර්ශවයන් ප්‍රතිව්‍යුහගත කරගත්තොත් විතරයි. ඉන්දියාවෙත් මැදිහත්වීමෙන් පසුව තිබුණ ණයකාරයන් ප්‍රතිව්‍යුගත කරගන්න පුළුවන් වුණොත්, පොහොට්ටුවට අයිඑම්එෆ් එකේ ණය ලැබෙන්න නියමිතයි. ණය ලැබුණොත් ගෝඨා ලැබෙන තාවකාලික ස්ථාවරබව දඩමීමා කරගෙන තම සතුරාට පහර දෙනවා.

ගෝඨා නායකයෙක් හැටියට අහිංසකව නෑසූ කන්ව ඉන්නේ ආර්ථික විසඳුමක් දීමට නොහැකියාව තුළයි. අයිඑම්එෆ් ණය ලැබුණ ගමං, ජනයාගේ මූලික අවශ්‍යතා යාන්තමට පිරිමසා, ආර්ථිකය තාවකාලිකව අටවල, “ඔන්න අපි ප්‍රශ්නෙ විසඳුව, ගෙදර යන්න” කියල අරගලය මර්ධනය කරන්න ඉඩක් තියෙනව. දැනටමත් ඒ සඳහා වන රිහර්සල් කිහිපයක් කරලනේ තියෙන්නෙ. ඝෝටා-මහින්ද ආණ්ඩුව මේ ගෙවෙන මොහොතේ උපායිකව රනිල් වික්‍රමසිංහට දීල තියෙන දේශපාලනික ඉඩක් වෙත්නම් එය ඉවත් කර දොර වසා දැමෙනව. 

ගෝලීය ධනවාදය නොදත් වරිග චින්තනයෙන් රට පාලනය කර පහුගිය වසර 20 පුරා ගොඩනැගුනු ආර්ථික අහේනියේ දුෂ්ට චක්‍රයට වෙනත් සංහාරක මුහුනුවරකින් කරලියට පැමිණිය හැකි ඉඩක් තියෙනව. දේශපාලනය තුළ යූඇන්පිය පරාජය වීමෙන්, රටේ ආර්ථිකයට ගෝලීය ධනේෂ්වර ගයිඩ්ලයින් එක අහිමව රට කා මරා ගන්නා තැනක් බවට පත්වෙනව.

69 ලක්ෂයයෙන් බහුතරය යූඇන්පියට හරවගන්න තියෙන එකම විකල්පය, යූඇන්පිය නව-නූතන සංවිධාන ව්‍යූහයක් විදිහට ප්‍රතිසංවිධානය කිරීම විතරයි. එතකොට තමයි ග්‍රාමීය අරගලකාරී තත්වය තුළ පැන නගින ආවේග සාමකාමී අරගලයක් දක්වා පාලනය කරගන්නට කොළඹින් ගම්වලට නාගරික සංවිධාකයින් යවා නායකත්වය දෙන්න පුළුවන්. එහෙම නැතුව ප්‍රචන්ඩ අරගලකරුවෙක් මැරුණහම මීඩියාවලට වොයිස් කට් දීල ප්‍රධාන වැඩේ අතපසු කරල හරියන්නේ නැහැ රුවන් විජේවර්ධන.   

දැන් ඔය 69 ලක්ෂයේ බහුතර තරුණයින් ඝෝටා-මහින්දගේ ජාතිවාදී දෙශපාලනයෙන් ඉවත් වෙමින් ඉන්නේ. ඔවුන් හිතුවේ, නව-ගෝලීය-තාක්ෂණ-විප්ලවයේ උපකරණ භාවිත වෘත්තීය අවකාශයක් ගෝඨා හදල දෙයි කියල. ගෝඨාගේ අවිධිමත් කොම්පියුටර්වාදී ටෝක් නිසයි එයාල එහෙම හිතුවේ. මූලික අවශ්‍යතාවත් දෙන්න බැරිවුණ ගමන් ඒ පරම්පාරාව පාරට බැස්සා.    

යූඇන්පියට තියෙන එකම උත්තරය බිම් මට්ටමින් පක්ෂය ප්‍රතිසංවිධානය කිරීම. එහෙම නොකලොත් රනිල් වික්‍රමසිංහ නැවත වරක් ජාතික දේශපාලනය තුළ තනි වෙනව. පරාජය වෙනව.

මෙතෙක් පැවතුන කාර්මික විප්ලවානුකූළ නූතනවාදී පක්ෂ ව්‍යූහය, තාක්ෂණ විප්ලවානුකූළ නව-නූතන පක්ෂයක් දක්වා ප්‍රතිසංවිධානය කරගතහැකි ඉඩක් තියෙනව. මේ විදිහට දැනුම්වත් කළාට පස්සෙත්, සාගල, රංගෙ, රුවන්, වජිර සහ අනෙකුත් ජ්‍යෙෂ්ට යූඇන්පී සාමාජිකයන් නෑසූ කන්ව සිටියොත්, ඔයාලට කවදාහරි මැරෙන්න වෙන්නේ දුක්බර හෘදසාක්ෂිකයක් පුරවගත්තු මිනිස්සු විදිහට යි. මොකද මේක යූුඇන්පිය ප්‍රතිසංවිධානය වෙනවාද නැතිද කියන ප්‍රශ්නයක් විතරක් නෙවෙයි. රටේ තරුණ පරපුර දේශපාලන නායකත්වයක් තුළ සංවිධානය කර රට විනාශයට යන එක වලකගන්නවද කියන ප්‍රශ්නය යි.      

යූඇන්පිය 69 ලක්ෂය හොයද්දී පොහොට්ටුව කුමන්ත්‍රණයක

ක්‍රි.පූර්ව 12වන සහ 11වන ශතවර්ෂවල වසර සියයක් පුරා දිගෑදුන ට්‍රෝජන් යුද්ධය පාදක කරගෙන ග්‍රීක්, ලතින් සාහිතයය පුරා මහා කතන්දර ලියවිලා තියෙනව.

ක්‍රි.පූර්ව 415දී ඉයුරුපිඩීස් කියන නාට්‍ය රචකයා ලියූ “ඉන්වෙයිකා ත්‍රොයියාස්” හෙවත් ට්‍රෝජන් ගැහැනු කියන නාටකයට හේතුවූ ට්‍රෝජන් අශ්වයාගේ කතාව යූඇන්පිය සහ ජවිපෙට වැදගත්. මොකද නව-නූතන-තත්වයක් (භැද ඵදාැරබ ක්‍දබාසඑසදබ) මගහැරියොත් දෙපක්ෂය ම දේශපාලනික ව ෆොසිල වෙන්නට නියමිතයි.

රනිල්ගේ ක්‍රියාකාරීත්වය ගෝලීය සහ කලාපීය දේශපාලනාර්ථික සබඳතා සහ පාර්ලිමේන්තුවේ පමණි. ජවිපෙ පවතින්නේ බිම්මට්ටමේ සහ පාර්ලිමේන්තුවේ පමණි. 

යූඇන්පියේ ජාතික පොළව මට්ටම දුර්වල අතර ජේවීපියේ ගෝලීය මට්ටම දුර්වලය. 

 

unpp16

ක්‍රිස්තුස් ඉපදෙන්නට දහස් වසරකට පෙර ග්‍රීසිය සහ ට්‍රෝයි කියන දේශ අතර තරඟකාරී යුද්ධයක් තිබුනා. තරඟකාරීත්වය පැත්තෙන් හරියට ඇමරිකාවයි සෝවියට් රුසියාවයි වගේ. යූඇන්පියයි ශ්‍රිලනිපයයි අතර වසර 66ක තරඟකාරීත්වය වගේ. 

මේකට හේතුව ට්‍රෝයි නගරයේ තඹ සස්‍රීකත්වය. ග්‍රීසිය ට්‍රෝජන් යුද්ධය මෙහෙයවූයේ ග්‍රීසියේ මෙනලෙයස්ගේ බිරිඳ වූ හෙලන්ව ට්‍රෝජන් කුමාරයකු වූ පැරිස් විසින් පැහැර ගැනම නිසා කියලයි කියවෙන්නේ. හරියට රාවනා සීතාව පැහැරගත්ත නිසා රාමා රාවනාව පැරැද්දුව වගේ ප්‍රබන්ධ කතාවක් මේක. ඒත් ග්‍රීසියට වැදගත් ඇත්ත ආර්ථික හේතුව තඹ. ඉන්දියාවට වැදගත් වූ ආර්ථික හේතුව රාවනාගේ ගුවන් තාක්ශණය. ගෑනු හුටපට පසුකාලීන ප්‍රබන්ධ.

ට්‍රෝයි දේශය වටලන්න අසීරු වුණේ, ඒ වටා තිබුණ බලසම්පන්න තාප්පය නිසයි. ඒක ලාමඩන්(ඛ්දපැාදබ) කියන ට්‍රෝජන් රජුට හදාදුන්නේ පොසෙයිඩන් සහ ඇපලෝ දෙවිවරුන්ලු.

ග්‍රීක යුධ නැව් කිහිප වතාවක් ම ට්‍රෝයි නගරය අල්ලාගැනීමට ඇවිත් අසාර්ථකවුණා. හේතුව අර තාප්පය. (කලක් යූඇන්පිය ඇතුළට හෝ ජවිපෙ පක්ෂ ව්‍යුහය ඇතුළට කිසිදු බන්ඩාරනායකවාදියෙකු නොපැමිණයේ ඒ දෙක වටා තිබුණ නූතන බුද්ධියේ තාප්ප නිසයි.)

පැරිස් කුමාරයා ග්‍රීසියට කළ අවනම්බුව පිරිමහගන්න අවුරුදු 10ක් ග්‍රීසිය ට්‍රෝයි රජුගෙන් හෙලන් කුමරියව ඉල්ලා යුධ වැදුනා.  ඒ හැමවිටම ග්‍රීක නැව් පරදී ආපහු ගෙදර ගියා. ඒ නිසා තාප්පය සම්බන්දයෙන් උපායක් උවමනා වුණා. ඔඩිසියස් ශූර යුධ ප්‍රාඥයා ග්‍රීසියේ ඇගමෙම්නොන් රජුට කූට උපායක් කියා දුන්නා. 

මෙවර යුද්ධය පරදුන බව බොරුවට අඟවා ග්‍රීක හමුදාව අසල වූ ටෙනඩෝ කියන දූපතේ නැංගුරම් ලාගෙන අති-නිපුන වඩුවෙකු වූ ඊපියස්ට කියා ඇතුළ හිස් කුහරයක් සහිත මහා ලී අශ්වයෙක් හදාගත්තා. ඉන්පසුව ඒ අශ්වයා සහිති හිස් නැවක් ට්‍රෝයි වෙරළ තීරයේ දමා ගියා. 

මිත්‍යාවට අනුව, ලී අශ්වයෙකු ට්‍රෝයිවරු අදහන ඇතීනාට කරන ශාන්ති පූජාවක්. 

ඉතිං මේ ට්‍රෝජන් අශ්වයා රට ඇතුළට ගන්නවද තැනිද කියල ට්‍රෝයි දේශය ඇතුළේ සංවාදයක් ඇති වුණා. (හරියට 69 ලක්ෂයේ චන්ද යූඇන්පිය වෙතට ජදබඩැරඑ කරගන්නැතුව, 69 ලක්ෂය නියෝජනය කරන ශ්‍රීලනිප උපාය යූඇන්පිය හෝ ජවිපෙතුළට වැද්දගන්නවද කියන සංවාදය වගේ.) 

ට්‍රෝජන් රජුගේ මස්සිනා වූ තයිමයිට්ස් අශ්වයා රටේ තාප්පයෙන් ඇතුළට ගන්නැයි තරයේ කියා සිටියා. බොහෝ උදවිය ඒකට කැමති වුණා. මේක සතුරාගෙන් එන තෑග්ගක්ද කියනඑක  එයාලට අමතක වුණා.   

ප්‍රයම් නැමති ට්‍රෝජන් රජුට දුවණිය වූ කැසාන්ඩ්‍රා කුමාරියට ආශිර්වාදයක් සහ සාපයක් තිබුණා. ආශීර්වාදය තමයි එයාට අනාගත වාක්‍ය කියන්න පුළුවන් වීම. සාපය තමයි එයා කියන අනාගත වාක්‍ය කවුරුවත් නොපිළිගැනීම. (හරියට මේ පවතින අරගලය හමුවේ, යූඇන්පිය සහ ජවිපෙ ගැන මම මේ ටයිප් කරන ලිපිය වගේ.)

කැසැන්ඩ්‍රා කුමරිය ට්‍රෝජන් අශ්වයා ඇතුළට ගන්න එපා කිව්වා!

ඒත් යුද ජයග්‍රහණය සැමරමින් සාදයක් මැද ට්‍රෝජන් අශ්වයා ඇතුළට ගත්තා. 

ට්‍රෝයි රට නිදිගත් රෑ යාමයේ දී, මේ අශ්වයාගේ ඇතුළේ සැඟවී සිටි ග්‍රීක යුධකාමීන් එළියට ඇවිත්, තාප්පයේ නගර දොර විවර කර ග්‍රීක හමුදාවට රට ඇතුළට ගත්තා. එක ට්‍රෝයි පිරිමියෙක්වත් ඉතුරු නොවෙන්න මරා දැමුණා. ඉතුරුවුණ ගැහැනුන් වහල්කමට ගියා.

දැන් ට්‍රෝයි කියල නගරයක් ලොවෙත් නැහැ. දැන් තුර්කියේ තියෙන හිසාලක්(Hisarlak) කියන්නේ ඒ ප්‍රදේශයට. 

නව-නූතන ප්‍රතිසංවිධාන වීම මගහැරියොත්, ට්‍රෝයි නාමය සේ යූඇන්පිය නාමය ද ඇතුරුදහන්වී යන ජාතික අවදානම වගේ. මේ වගේ ඌන-සංවර්ධිත රටවල දේශපාලන මතය පස්සට තල්ලු වී තක්කඩි උපායක් ජයගන්න පුළුවන් වාස්තවික තත්වයක් පවතිනව. යූඇන්පියට එහෙම වුනොත් සුභසාධනවාදී  සජිත් ඇතුළු සජබෙට වෙන්නේ අඬන්න. ඒ යූඇන්පිය නැතිකළ නිසා නෙවෙයි.  යූඇන්පිය නැතිකිරීම හරහා රට ලේ විලක් සහ මිනී කන්දක් බවට පත්වන නිසාය. රටට සුභවාදී පණිවුඩයක් ගේන්න නම්, යූඇන්පිය සහ ජවිපෙ ඇතුළු සියළු පක්ෂ කැපවීමක් කළ යුතු ම වෙනව.            

නවතම ලිපි