වර්තමාන ධනවාදයේ ස්වරූපය තමයි ඊනියා සංස්කෘතික ධනවාදය.

1968 සිදු වූ ධනවාදයේ රූපාන්තරණයට පෙර ධනවාදය කියල, පරණ අර්ථයෙන් ඉතාම නිශ්චිතව හඳුවනවා නම්... එනම් අපි සාමාන්‍යයෙන් කියන ධනවාදය.... වඩාත් සංස්කෘතික සහ ධනවාදය විසින් කරන පරිසර විද්‍යාවට අදාළ පශ්චාත් නූතන රැකබලා ගැනීම ඇතුළු ඒ සියල්ලට පෙර ධනවාදය තුල.... වෙනස් වී ඇති දේ තමයි, ඒ කාලයට පෙර, ඒ කියන්නේ 1968ට පෙර, මෙහි ප්‍රතිපක්ෂයේ සරල ආකෘතියක් තිබුනේ... ඒ තමයි පරිභෝජනය, එනම් ඔබ මිලදී ගන්නවා සහ ඔබ ලාභ අපේක්ෂිත ව්‍යාපාර කරනවා... අන්න එහෙමයි තමයි තිබුනේ. එවැනි සමාජයක මුදුනේ ජෝර්ජ් සොරෝස් වගේ අය හිටියා. අන්න ඒ, ඒ විදියට තමයි ඔබ විසින් යම් සමාජයක් වෙනුවෙන් යමක් කරන්න ඕන, යමක් කරන්න කියන දේ පැමිණුනේ. ජෝර්ජ් සොරෝස් කියන්නේ තවමත් මේ පැරණි වර්ගයට අයිති කෙනෙක්.

ඔහු උදේට ඉතාම නිර්ධය, මජර ලෙස මුදල් පැහැරගැන්නවා නම් හවස් කාලයේ ඔහු මුදල්වලින් අඩක් නැවත පුණ්‍යායතන වලට ලබා දෙනවා.

නමුත් වර්තමාන ධනවාදයේ වැඩි වැඩියෙන් පැමිණෙන ප්‍රවණතාවය තමයි එකම පොකුරක් තුළ මානයන් දෙක එකට ගෙන ඒම. එවිට ඔබ යමක් මිලට ගන්නා විට ඔබේ යුතු කම තමයි, සමාජය වෙනුවෙන්, අනිත් අය වෙනුවෙන්, සහ පරිසරය වෙනුවෙන් යමක් කිරීමට බැඳී සිටීම. ඒ කියන්නේ කෙනෙක් යමක් මිලදී ගන්නකොටම අදාළ යුතුකමේ මිල ඒකට ඇතුලත් වෙලා තියනවා. උදාහරණයකට ස්ටබක් කෝපි එකක් මිල දී ගන්න කෙනෙකුට දකින්න තියන දේ තමයි එම සමාගම ඒ මිලදී ගැනීම ගැන මොකක්ද කියන්නේ කියන එක.

 

Z 6

ස්ටබක් ව්‍යාපාරික ක්‍රියා මාලාවට අදාළ උදෘතය තමයි...

'එය ඔබ හුදෙක් මිලදී ගන්නා දේ පමණක් නොව ඔබ එය මිලදී ගැනීමෙන් අදාල සද්ක්‍රියාව තුලට ඇතුල් වෙනවා' යන්න.

ඒ කියන්නේ ඒ ස්ටබක් සමාගම විස්තර කරන විදියට... ගන්න කෙනා ඒක තේරුම් ගත්තත් නැතත් ඔහු ස්ටාර්බක්ස් මිලදී ගන්නා විට ඔහු විසින් කෝපි කෝප්පයකට වඩා විශාල දෙයක් මිලට ගන්නේ කියන එක තමයි එම සමාගමේ අවධාරණය.... ඔබ ඒ මිල දී ගැනීම තුලින් කෝපි වලට අදාළ ආචාර ධර්ම තුලට ඇතුල් වෙනවා. පෘථිවිය රැක ගැනීමේ ස්ටාර්බක්ස් ව්‍යාපෘතිය හරහා ඔවුන් වඩාත් සාධාරණ වෙළඳාමක් තුලින් කෝපි මිලදී ගනිමින් ලෝකයේ ඕනෑම සමාගමකට වඩා සාධාරණව කටයුතු කරනවා කියල එහි සඳහන් වෙනවා.

 

3

බෝංචි වගා කරන ගොවීන්ට වෙහෙස මහන්සි වී වැඩ කිරීම සඳහා සාධාරණ මිලක් ලැබෙන බව සහතික කිරීම සහ ලොව පුරා වැඩි දියුණු කරන ලද කෝපි වගා පිළිවෙත් හා ප්‍රජාවන් සඳහා ආයෝජනය කිරීම වැනි ආකාරයන් තමයි හොඳ යහපත් කෝපි කර්මාන්තය කියන්නේ... ඒ වගේම ස්ටාර්බක්ස් කෝපි කෝප්පයක මිලෙන් ටිකක් ලබා දීම මගින් අදාළ ස්ථානය සුවපහසු පුටු ඇති ස්ථානයක්, අල්ලාප සලාපයෙහි යෙදිය හැකි තැනක් වගේ විදියට පවත්වාගෙන යන්න පුළුවන්....

සංස්කෘතික ධනවාදය එහි සුපිරිසිදුම අර්ථයෙන් ඔය විදිය තමයි...

මේ ක්‍රියාවලියේ අවධාරණය කල යුතු වැදගත්‍ම කාරණය තමයි කෙනෙක් මිලදී ගන්නේ කෝපි එකක් නෙවෙයි පාරිභෝජනවාදී ක්‍රියාවක් කියන එක. ඒ කියන්නේ කෙනෙකුගේ පරිභෝජනවාදී ක්‍රියාවෙන් ඒ කෙනා කෝපි එකක් පමණක් මිලට ගන්නවා පමණක් නෙවෙයි.

වෙන විදියක කියනවා නම් වර්තමාන ධනවාදය පරණ ධනවාදය වගේ නෙවෙයි.... කෙනෙක් පාරිභෝජනවාදියෙක් වීමෙන්ම පමණක් ඔහුට ඔහුගේ මෝක්ෂයද මිලදී ගන්න පුළුවන් තත්වයක් උදා වෙලා තියනවා. ඒ කියන්නේ මිල දී ගැනීම සමගම තමන්ට පුද්ගලිකවම තමන්ගේ යුතුකම ඉෂ්ට කරන්නත් පුළුවන් වෙලා තියනවා.

එතකොට එම පුද්ගලයා දන්නවා ඔහු පරිසරය වෙනුවෙන් යමක් කරන බව... ඔහු ග්වාතමාලාවේ කුසගින්නෙන් පෙළෙන දරුවන්ට උදව් කිරීමට යමක් කරනවා කියල... ඔහුට පුළුවන් මෙහි ප්‍රජාව පිළිබඳ හැඟීමෙන් දේවල් යථා තත්වයට පත් කිරීමට යමක් කරන්න... මිලදී ගැනීම තුල අන්න ඒ විදියට ලෝකය වෙනුවෙන් තම යුතුකම ඉෂ්ට කරන්න පුළුවන්.

තවත් උදාහරණයකින් කියනවා නම්, ටොම්ස් සපත්තු කියන්නේ ඇමරිකානු සමාගමක් වන අතර එය පාරිභෝජනවාදය විධිමත් කරපු සමාගමක්... එම සමාගම විසින් කෙනෙක් මිලදී ගන්නා සෑම සපත්තු යුගලයක් සඳහාම අප්‍රිකානු රටවල් වගේ දිළිඳු රටවල ළමුන්ට සපත්තු යුගලයක් ලබා දෙනවා. දැන් පාරිභෝජනවාදය අන්න ඒ විධියයි. ඒ කියන්නේ කෙනෙක් සහභාගිවෙන පාරිභෝජනවාදයේ එක් ක්‍රියාවක් තුලට ඇතුළත් කරලා තියනවා පරිසරය වෙනුවෙන් යම් දෙයක් කිරීම සඳහා මිලක්.... තව විදියක කියනවා නම් පරිසරයෙන් යමක් උකහා ගැනීම වෙනුවෙන්, එහි අමුද්‍රව්‍යය සඳහා ඔබ ඔබේ යුතුකම වෙනුවෙන් ගෙවිය යුතුය කියන එක ඔබ අවධාරණයට ගත යුතුයි සහ ඔබ එසේ කල යුතුය කියන එක. එතකොට ඒක මේ හුදෙක් කෝපි කෝප්පයක්, සපත්තු කුට්ටමක් හරි වෙන ඕනෑම පාරිභෝගික භාණ්ඩයක් හෝ සේවාවක් මිලට ගැනීම පමණක් නොවන බව එම ක්‍රියාවට සහභාගී වෙන කෙනා දන්නවා. එතැනින්ම තමන්ගේ යුතු කම ඉටු කරලා ඉවර කිරීමේ හැකියාව පාරිභෝගිකයාට සමාගම විසින්ම හිමි කොට දෙනවා.

නිෂ්පාදනය නිසා ප්‍රජාවට සිදුවන සෞඛ්‍ය හානි පිළිබඳව පවා වාර්තා කරන ලද අර්ථකථනයක් ඊට ඇතුලත්. ඒ අනුව පාරිභෝගිකයා හට පරිසරය සහ සමාජය වෙනුවෙන් තම මිල ගෙවිය හැකි ක්‍රමයක් සකස් වෙලා තියනවා... ඒ සමඟම ඔබ, එහෙම නැත්තම් ඒ මිලදී ගන්න කෙනා නැවතත් ආචාර ධර්ම මාලාවක් සම්පූර්ණ කරනවා.

මේ තර්කය අද විශ්වීය වෙලා තියනවා.

සුපිරි වෙළඳ සැලකට යන කෙනෙක් බොහෝ විට කාබනික ඇපල් මිලදී ගැනීමට කැමතියි. ඇයි ඒ ? ඔබ ගැනම ගැඹුරින් බලන්න.... දෙගුණයක් මිලෙන් වැඩි අර්ධ වශයෙන් කුණු වූ ඇපල්, ජානමය වශයෙන් වෙනස් කරන ලද ඇපල් වලට වඩා හොඳ බවක් ඇත්තටම ඔබ සිතන්නේ නැහැ... එතැනදී අපි නරුමයි,

ඔවුන් සංශයවාදීන්..., නමුත් ඔබට එය උණුසුම් හැඟීමක් ඇති කරනවා... ඔබ දන්නවා මම අපේ පෘථිවි මාතාව වෙනුවෙන් යමක් කරනවා කියලා... මම මේ පොලවට යමක් කරනවා.... මම අපේ මිනිස් වර්ගයා වෙනුවෙන් යමක් කරනවා වගේ දැනෙනවා...

  

 

ඔබට ඒ සියල්ල ලැබෙනවා... ඒ නිසා මෙහෙම කියන්න පුළුවන්... මෙම ඉතා සිත්ගන්නා සුලු කෙටි පරිපථය යනු ආත්මාභිමානි අහංකාර පරිභෝජනයේ ක්‍රියාවේ ස්ථානය බව. මිලදී ගැනීමේදීම එහි ප්‍රතිවිරුද්ධ මිල මිලදීගන්නා භාණ්ඩයට හෝ සේවාවට ඇතුළත් කරලා තියෙන්නේ.

මේ සියල්ලට එරෙහිව ස්ථානගත කරන්න, ඒ කියන්නේ මෙම පුණ්‍ය තර්කනයට එරෙහිව තවමත් හොඳම සූත්‍රගත කිරීම කරලා තියෙන්නේ පැරණි ඔස්කාර් වයිල්ඩ්... ඒ නිසා ඔහු වෙතින් මෙය ආපසු විමසා බැලිය යුතුයි. "සමාජවාදය යටතේ නූතන මිනිසාගේ ආත්මය" නමැති ඔස්කා වයිල්ඩ් ගේ ලේඛනයේ ආරම්භයේ ඇති පේළි කිහිපයක් උපුටා දැක්වමින් මෙහෙම කියන්න පුළුවන්. එහිදී ඔස්කා වයිල්ඩ් පෙන්වා දෙන්නේ දුක් වේදනා ගැන අනුකම්පාව දැක්වීම වඩා පහසු කාර්ය බවයි.

එවිට අනුකම්පාව හටගන්නේ අප්‍රසන්න, භයානක දිළිඳු කමෙන්, භයානක අසුන්දරත්වයෙන්, භායනක හාමත තුල, නිරාහාරය තුල ගිලී ඇති මිනිසුන් සිටිනා බවට ඇති සිතුවිල්ල සමගය.

මේ සියල්ලෙන් ඔවුන් දැඩි ලෙස චලනය වීම වලක්වන්න බැහැ. ඒ අනුව ප්‍රශංසනීය උනත්, නොමග ගිය චේතනාවන් සමඟ ඔවුන් ඉතා බැරෑරුම් ලෙස හා ඉතා හැඟීම්බරව තමන් දකින නපුරට පිළියම් යෙදීම සඳහා යොමු වෙලා තියනවා. නමුත් පිළියම් මගින් රෝගය සුව වෙන්නේ නැහැ. සිදුවෙන්නේ රෝගය හුදෙක් දිග්ගස්සන එක. ඇත්ත වශයෙන්ම ඔවුන්ගේ පිළියම් කියන්නේ රෝගයේම කොටසක්. ඔවුන් දුප්පත්කම පිළිබඳ ගැටලුව විසඳීමට උත්සාහ කරන්නේ දුප්පතුන් සදාතනිකව දුප්පත්ව ජීවත් කර තබා ගැනීමෙන්, හෝ එසේ දුප්පත් කම නැති කිරීමට පෙළඹෙන ඔවුන් ඉතා උසස් අය ලෙස විනෝද ජනක ලෙස සිතමින් ක්‍රියා කරන තත්ත්වයක් තුල. එබැවින් එවැනි අයගේ පුණ්‍ය කර්ම සහ අනුකම්පාව වෙනුවෙන් දුප්පත්කම සදාතනිකව පැවතිය යුතුයි. නමුත් මෙය විසඳුමක් නොවේ. එය දුෂ්කරතාවය උග්‍රවීමකි.

 

2

යථමය ඉලක්කය විය යුත්තේ දුපත් කම තිබිය නොහැකි, විය නොහැකි පදනමක් මත වන දේශපාලනයයි. නමුත් මෙම අරමුණු ඉටු කර ගැනීම සැබවින්ම වළක්වාලීම සිදු කරනුයේ පරාර්ථකාමී ගුණාංග විසිනි. නරකම වහල් හිමිකරුවන් වූයේ ඔවුන්ගේ වහලුන්ට කරුණාවන්ත වූ අයයි. එබැවින් ඒ තත්වය තුල සිද්ධ උන දේ තමයි එම ක්‍රියා පිළිවෙලෙහි තිබූන මිනිසුන් සඳහා වූ වෙනස් කම් සහ ස්වභාවය, එම ස්වභාවය තුල විඳ වූ අය විසින් අවබෝධ කරගැනීම වැළැක්වීම. ඒ වගේම ඒ තත්වය තේරුම් ගත්ත විඳවන්නන් ඒ ගැන මෙනෙහි කරමින් ඉන්න උනා. පුණ්‍ය ආධාර කටයුතු වලින් සිද්ධ වෙන්නේ තත්වය තව තවත් පහල යාම සහ පිරිහීමට හා අධෛර්යයට පත් වෙන එක....

පුද්ගලික දේපළ සංස්ථාපිතය වෙතින් ඇති වන බිහිසුණු නපුරුකම් සමනය කිරීම සඳහා පුද්ගලික දේපළ භාවිතා කිරීම දුරාචාරයක්. මෙම රේඛාවන් වෙන කවරදාටත් වඩා විද්‍යාමානව පෙනෙන්නේ, මූලික ආදායමක් ලෙස කියවෙන හෝ ධනවතුන් සමඟ කරන මේ ආකාරයේ වෙළඳාම කියන්නේ විසඳුමක් නොවන නිසා. මොකද පවතින්නේ සමස්ත ගැටළු මාලාවක් නිසා.

මේ තමයි ධනවාදය සමාජවාදය සඳහා වැඩ කරවීමේ අවසාන මංමුලා සහගත උත්සාහය. යහපත උදෙසා නපුරම ක්‍රියා කරවීම. නමුත් එම උත්සාහය විසින් නපුර ඉවත් කරන්නේ නැහැ. අපි මීට අවුරුදු 30,40 කට පෙර මානුෂීය මුහුණුවරක් සහිත සමාජවාදය ගැන සිහින මැව්වා. එසේම අද අපගේ පරිකල්පනයේ අතිශයින්ම රැඩිකල් ක්ෂිතිජය වෙන්නේ මානුෂීය මුහුණක් සහිත ගෝලීය ධනවාදය. අපට ක්‍රීඩාවේ මූලික නීති ඇතත් අද බොහෝ දෙනෙකුගේ උවමනාව එය තව ටිකක් මානවීය, තව ටිකක් සුභසාධනය සමඟ, තව ටිකක් ඉවසිලිවන්ත කරගන්නේ කොහොමද කියන එක.

මෙහිදී කිව යුතු දේ තමයි යක්ෂයාට අයත් දේ ඔහුට ලබා දිය යුතුයි යන්න. පසුගිය දශක කිහිපය තුළ අවම වශයෙන් බටහිර යුරෝපයේ මෑතක් වන තුරුම එය හඳුනා ගත්තා. මෙතන මෝඩ වැඩක් නැහැ. මානව ඉතිහාසයේ කිසිම මොහොතක ජනගහනයෙන් එතරම් විශාල ප්‍රතිශතයක් එවැනි සාපේක්ෂ නිදහස්, සුභසාධන සහිත සුරක්‍ෂිතතාවයක ජීවත් උනා කියල හිතන්න බැහැ.

මෙය ක්‍රමයෙන් වැඩි වෙන බව පේනවා. නමුත් ඒ කෙසේ වෙතත් බරපතල තර්ජනයක් ඉහල යමින් තියනවා. ඊයේ සම්මුඛ සාකච්ඡාවකදී එහි ප්‍රශ්න විචාරන්නා මට කියපු දේ තමයි ඔබ මූලික වශයෙන් 'මිනිස් සංහතිය'ට අකමැති සහ 'මිනිස් සමාජය' යන්න මග හරින කෙනෙක් කියල. මම ඔහුට ඔව් කියා පැවසූවා... එසේම ඔවුන් බ්‍රිතාන්‍ය ජාතියට හොඳින් ප්‍රශංසා කරනවා කියල ඔබ හොඳින් දන්නවා කියලත් මම ඒ සමගම කිව්වා. මෙම ලාභ පුණ්‍ය, සර්ව ශුභවාදී, ආකල්පයට වඩා හොඳ, 'මිනිස් සංහතිය' යන්නට අකමැති සහ 'මිනිස් සමාජය' යන්න මග හරින නිශ්චිත ආකාරයක සමාජ ඉරියව්වක් තියනවා. මම හිතන්නේ එය සුළු මිශ්‍රණයක්. මම ලෝක විනාශය පිළිබඳව දෘඩ රේඛීය එළිදරව්කරුවෙක් නෙවෙයි. නමුත් ඔබත් දන්නා පරිදි අපි කියන විධියට මෘදු හෙළිදරව්වක් කියල මට ඒකට කියන්න දෙන්න. නමුත් ග්ලේනි වට්ටිමෝගේ මෘදු චින්තනය පිළිබඳව කථනයක් නොවේ. මම ඔහු සමග එකඟ නැහැ. නමුත් මම කියන්න කැමතියි ඔහු ලෝක විනාශය පිළිබඳව මෘදු හෙළිදරව්කරන්නෙක් කියල.

එය 2012 චිත්‍රපටය වැනි දෙයක් නොවේ. නමුත් අපි දන්නවා, අපි යම් ශුන්‍ය ලක්ෂ්‍යයකට ආසන්න වෙමින් සිටින් වග. දේවල් අවාසනාවන්ත ලෙස සිදුවෙනවා. ඔබ අයිතිවාසිකම් පිළිගන්නා ගමන් අපි අලුත් සමාජ භේදයකට ඇතුල් වෙමින් සිටිනවා. එසේම ඒ ගැන දැන සිටීම සමඟ පාරිසරික වශයෙන්, සමාජයීය වශයෙන් සිදුවන දේ වලට ඔබ එකඟ නොවිය හැකියි. අපි ජෛව ජාන විද්‍යාව තුල නිශ්චිත ස්ථානයක් කරා ලඟා වෙමින් සිටින්නෙමු. එවැනි තවත් බොහොමයක් ක්ෂේස්ත්‍ර තියනවා.

මම මෙහිදී ඇත්ත වශයෙන්ම කියන්නේ නැහැ නැවත කිසි දිනෙක පරණ ලෙනින්වාදී පක්ෂයට ආපසු යා යුතුයි කියල. මම එහෙම කියන මෝඩයෙක් නොවේ. කොහෙත්ම එහෙම නෙවෙයි. මම මෙතැනදී ඉතා පැහැදිලිව නිශ්චිතයි. විසිවන සියවසේ කොමියුනිස්ට් අත්දැකීම යනු අතිශය මහා සදාචාරාත්මක දේශපාලන ආර්ථිකයක් වගේම මහත් ව්‍යසනයක් බව පෙන්නුම් කළා.

ලිබරල්වාදයේ සියලු සත්කාරක වටිනාකම් තිබේ නම් මම ඒවාට කැමතියි.

4

නමුත් ඒවා බේරා ගැනීමට ඇති එකම ක්‍රමය නම් ඊට වඩා යමක් කිරීම පමණයි. ඔබ දන්නවද මම කියන දේ? මම පුණ්‍ය ආදාර කටයුතු වලට විරුද්ධ නැහැ. වියුක්ත අර්ථයකින්, එය කිසිවක් නැති කමට වඩා හොඳයි. එහි කුහකත්වයේ මූලදාතුවක් ඇති බව පිළිබඳව අපි සාවදාන වෙන්න ඕන. එය මගේ තර්කය මෙන්ම ඔබ දන්නා ආකාරයක් වගේම මම සැක කරන්නේ නැහැ, සොරෝස් හමුවෙච්ච කිසි කෙනෙක් ඔහු අවංක පුද්ගලයෙක් කියල කියන එක ගැන. මට ඒ ගැන කිසි සැකයක් නැහැ. නමුත් එතන විරුද්ධභාශයක් තියනවා. ඔහු වමතින් විනාශ කල දෙය දකුණතින් අලුත්වැඩියාකරමින් ඉන්නවා. මම කියන්නේ එපමණයි. උදාහරණයක් වශයෙන් ඇත්ත වශයෙන්ම අපි දරුවන්ට උදව් කළ යුතුයි, ඩොලර් විස්සක වියදමක් වැයවන ශල්‍යකර්මයක් හේතුවෙන් ජීවිතය විනාශ වන ළමයෙකු දැකීම භයානකයි.

නමුත් දිගු කාලීන වශයෙන් ගතහොත්, ඔස්කා වයිල්ඩ් කියා ඇති ලෙස, ඔබ දරුවන් මෙහෙයවන්නේ නම් ඔවුන් ටිකක් හොඳට ජීවත් වනු ඇත. නමුත් ඒ ඔවුන්ව නිෂ්පාදනය වූ සමාන තත්වය තුලමය.

@Spartacus.lk