අපට අම්මා ගැන හැගීම ඇතිවන්නේ මව් කුසෙනි. නැලවිලි ගීය අම්මා ගයනවිට තරම් මිහිරක් නොමැත්තා සේ දැනේ..

කුසේ ගිනි අවුලවා රස මසවුලු දරුවන් වෙනුවෙන් සදන්නී අම්මාය. කයෙහි බර දරා මෙලොවට බිහිකර දරුවන් වෙනුවෙන් දුක් උහුලන්නීද අම්මාය.

 

තුෂා 5

අසස්වාමික වූ කළ ඇය කනවැන්දුම් ගැහැණියයි. සස්ස්වාමිකව සිට වෙනත් පුරුෂයකු හා ගිය කළ ඇය පර ස්ත්‍රියයි. ආදරය වෙනුවෙන් පාරිශුද්ධත්වය නැතිකර ගත් විට ඇය ගැහැණියයි. ගැහැණියකව සිට අනාතව දරුවන් වැදූකළ ඇය කණ ස්ත්‍රියයි. කන්‍යාවක්ව සිට එය අහිමිව අනාත වූ කළ පිරිමින් වෙනුවෙන් ලිංගික අවශ්‍යතා ඉටුකර මුදල් උපයන විට ඇය වෛශ්‍යාවයි. පිරිමින් සතුටුකර තාන්නමාන්න ලබා ගන්නාවිට ඇය බඩුවයි. මහමග තනිමන්සලව ගමන් ගන්නාවිට ඇය කෑල්ලයි. උස්හඩින් කථා කරනවිට බටකොළ ආච්චීය. හිස නමා හිඳින විට හිමිජීජීය. කෝප ගත්විට කාලි යකින්නීය. මේ සියල්ලට පුරුෂ පද නිර්මාණය කළ හැකි වූවද මෙතෙක් ලංකා සමාජය ඒ කිසිවක් නිර්මාණය කර නැත්තේය.

තුෂා 2

 

දරුවන් වරදක් කළ ඇසිල්ලක ඔහු හෝ ඇය වේසීගේ පුතාය. එහි පව මවටය..පීතෘ මුලික සමාජයක් ලෙස කීවද එය බැරවන්නේ අම්මාටය. ගහේ කටු උල් කරන්න ඕනියැ..කියන්නෙත් අම්මාටය. අහස සේ සෙවන ලන පොලව සේ දුක් විඳින අම්මා කාන්තාව ගැහැණිය ලිය තරුණිය කෙල්ල ගැටිස්සී මේ සියල්ලම ගැහැණියයි.

‘එවිටා’ චිත්‍රපටයට පදනම් වූයේ ආජන්ටිනා ජනතාවගේ හද පැහැරගත් නායිකාවක වූ ඊවා පෙරොන් ගේ ජීවිත කතාවයි. ඊවා ළමා කාලයේගතකළ දුශ්කරතා අභිබවමින් පිරිමින්ගේ සිත් පැහැරගත්තාය. එවිටාට පදනම වන්නේ ඇයි රුව ගුණ සහ දක්ෂතාව මත පිරිමින් අභිබවමින් නැගී සිටින්නේය. තම රුවින් වසගයට පත්වූ පුරුෂයින්ගේ ජීවිත ආලෝකවත් කරන්නට ඇය සමත් වන්නේය. සැගවුන එවිටාවන් (කාන්තාවන්) අදත් විරල නොවන්නේය. එහෙත් හිතා මතා පිරිමින් ඈ යටපත් කරන්නේ එවිටාටත් නොදැනෙනා පරිද්දෙනි. ඇතැම්විට වඩාත් දැනෙන්නටය.

 

තුෂා 7

ලොව හමන සියලු කුණාටු කාන්තා නම්වලින් නම් කෙරිණ. කැත්රිනා, රිටා විල්මා ෆිලීෂියා හිල්ඩා ජිමිනා ලින්ඩා පැමලා සීනා සෙල්ඩා ෆ්ලොරීන් ලොලා ජූලි එලිසා යසා යුරිලියා ඇනා ඉන් සමහරකි.

රුසියාවේ ප්‍රකට කියමනක් තිබේ. “කාන්තාව කාළගුණය වගේ” එම කියමනයි. එයින් ඇගවෙන්නේ රුසියාව පුරා පැතිරුණ භූ විෂමතා නිසා විටින් විට කාලගුණ විපර්යාස සිදුවේ. රුසියන් සාහිත්‍යයට එය එකතුවීමත් සමග ලෝකය පුරා එම අදහස සමාජගත විය. එහෙත් රුසියාවේ විප්ලවයට තුඩු දෙන්නේද එහි සාහිත්‍යයයි. එයට මැක්සිම් ගොර්කිගේ අම්මා කෘතිය ඉමහත් පිටුබලයක් සැපයිනි.

 

තුෂා 8

අම්මා දරුවන් වෙනුවෙන් වෙහෙසෙන අතරේ චිත්ත අභයන්තරයට කිදා බැස මානවවාදී විප්ලවයක් වෙනුවෙන් උර දෙන්නේ ඇයයි. මාරියා නොහිටින්නට ඔහුගේ පොත් වියමනේ සංවේදීතා ඇතැම්විට පහවන්නට තිබිණ.

ලංකාවේ කාන්තාවගේ ධෛර්යයව විඩාව පීඩාව ගැන ලියන්නට ඇතැම් ලේකඛයෝ මැලි වූහ. ගීත සාහිතයයේ, ආදරයේ අල්පත අම්මා, දුනු කෙයියා මලක් වගේ, අම්මා බුදු වේවා , කඳුළු පෙරා නෑඹිලියට හාල් ගරන අම්මා, ගායෙන් මා මුදවලා, අම්මලා දුක් ගන්නේ, පෙම්බර මාතා මා වැඩු මාතා, අම්මා කියා කෙනෙකු ඇති... අම්මා ගැන ලියවී ඇතත් ලාංකික ගැහැණිය පෙළෙන දැවෙන තැවෙන ප්‍රශ්න පිළිබඳ ඔවුන්ගේ ආත්මීය සන්වේදනා සහ ඇගේ ශක්තිය ගැන ලියවුන අවස්ථා නොමැති තරම්ය. පිරිමියා සහ කාන්තාව දෙදෙනා අතර වරදක් විෂමාචාරයක් වූ සැමවිට ගෑනි දැනගන්න එපැයි කියන්නට ගැහැණිය මෙන්ම පිරිමිද පෙළඹෙති.

 

තුෂා 6

ගැහැණිය දුක් ගැහැට විඳිමින් පවුල රැකිය යුතුමය. නැන්දම්මාගේ අවලාද විඳිය යුතුමය. ඉවුම් පිහුම් සියල්ල ඉටු කළ යුතුමය. හිංසනය විඳිය යුතුමය යන්න සම්මත වෙමින් දීර්ඝකාලයක් ගැහැට විඳිති. සියලු කරදර පැමිණිවිට එය පටවන්නේ අම්මාටය. අප මාතෘභූමිය...එය හොඳ යෙදුමකි. එහෙත් මාතෘභූමියට පීතෘ මූලිකව සිදුවන ගැහැට විඳින්නී ඇයයි.

ලංකාවේ දුම්රිය කාන්තාවන් නමින් නම් කර ඇත. උඩරට මැණිකේ උඩරට දුම්රිය මාර්ගයේ ධාවනය වන්නේ යාල් දේවි දුම්රියයි. කොටුවේ සිට කොළඹ දක්වා ගමන් ගන්නා දුම්රියයි. රුහුණු කුමාරි කොටුවේ සිට මාතර දක්වා ධාවනයවන දුම්රියයි. නයනා කුමාරි නම්න් දුම්රියක් පහත රට දුම්රිය මාර්ගයේ ධාවනයවන බවද සඳහන් වේ. දුම්රියට දේවි සහ කුමාරි යන නම් යෙදුවා සේම ඇතැම් බස්රථවලට රැජින යන නම් භාවිතයට යොදාගෙන තිබිණ. දම් රැජින නීල කුමාරි නිල් රැජින කහ කිරිල්ලි ඉන් ප්‍රමුඛයි. පීඩා ගැහැට විදිමන් මරුවා පෙනි පෙනී තරගයට යන මගී ජනතාව සැනසීමට මෙන් රැජින යන නම් බස් හිමිකරුවන් යොදා ඇතැයි මෙහි සදය උපහාසයක් තිබේ. ලංකාවේ කාන්තාවන් ඇදීමට සමත් පිරිසකැයි මාකටින් කරන්නවුන් සිතා සිටියී. එය ඇතැම්විට සත්‍යයක් වන්නේ ඇඳගැනීමටද ඇතැමුන් වෙහෙසෙන නිසාය.

 

තුෂා 9

පාලක ජයග්‍රහණවලදී රබන් වයන්නේ සහ කිරිබත් පිසින්නේද කාන්තාවෝය. බඩගින්නට අඹගෙඩියක් කඩාගත් සෙරටත් මුදල් මුද්‍රණයකර සෙරටත් අයථා මුදල් බිලියන ගණනින් පරිහරණය කරන සෙරටත් ලැබෙන දඩුවම් සැසැදීමෙන් මුදල් සියල්ලම අභිබවන බවනම් සත්‍යයක්මය. නීිතියේ අධිපති දෙවගනකි. අතේ තරාදියකි. මුදලටත් අසරණකමටත් තරාදිය එකම මිම්මකින් එකම පඩියකින් මිනුම තීරණය කරද යන්න විමසිම වටී.

 

තුෂා 14

 කාන්තාවට එතනද ඇත්තේ පුදුමාකාර සැලකිල්ලකි. ප්‍රකෝපය දනවන්නටද අම්මාව මතකකොට සලකන රටවල් අතර ලංකාව ප්‍රමුඛයෙකි. නිවෙසක පෙර සිටම බර දරන්නී අම්මාය. ඉවුම් පිහුම් මැහුම් ගෙතුම් දරු මුණුපුරන් බලා ගැනීම ආදි සියලු කාරණා සේම ඉනට පලා නෙලා එන්නේද අම්මාය.බෞද්ධ සාහිත්‍යයේද අම්මා නමින් බොහෝ දේ ලියවි ඇත. නළන්දක ජාතකයේ තම පැටවුන් මුහුදට වැටෙද්දී ලෙහෙණිය සිය වලිගයෙන් මුහුදු දිය සින්දාය. එතැන ලේන පියකු ගැන සඳහන් නොවේ. එතැන ලේන පියකුද සිටිය යුතුමය.

 

තුෂා 13

මාතු පෝසක ජාතකයේ තම මව කරපිට රදවා මුහුද තරණය කළ දා පුතේ නුඹ බුදුවේවායි අම්මා ප්‍රාර්ථනා කළාය. එනිසා බෝසතුන් බුද්ධත්වයට පැමිණිබවට බෞද්ධ ෆැන්ටසියක් ගොඩ නැගිණ. යථාර්ථය එය නොවේ. දීපංකර බුදුන් දවස නියත විවිරණ ලැබූයෙන් ලොව්තුරා බුදුබව සිදුහත් බෝසතාණෝ පසක් කර ගත් සේක.

අම්මා බුදු වේවායි අපි නිතර ප්‍රාර්ථනා කරන්නෙමු එහෙත් කිසි කළෙක ගැහැණියක බුදුබව නොලබන බවද අපි දන්නෙමු. සදාකාලික මෙම ෆැන්ටසියේ කාන්තාව රඳවමුද? 225ක් ඇති පාර්ලිමේන්තුවක කාන්තාවන් 25ක් පත් කරගන්නට අපොහොසත් රටක අපි කුමට ස්ත්‍රීවාදි කෝණයකින් අනෙක් සියලු දේ මනිමුද?