(අත්හැරීම)

නූතනයේ පන්සලේ ධර්මය ඉගැන්වීම හරිම අපූරුය.අත්හරින්න කියා ගිහියාට බණකියන භික්ෂුව සියල්ල ගොඩගසනු ලබයි.

භික්ෂුව වාහනයක් පාවිච්චි කරාට මොකුත් නොකියමි..බොහෝ භික්ෂූන්ගේ මූලිකම ආශාව එය බවද දනිමි.මා කියන්නෙ එසේ පාවිච්චි කරමින් ගිහියාට පයින් යන්නට කීම වැරදිය(අත්හැරීමට). භික්ෂුව අත්හැරීම ගිහියාට පුරුදු කිරීමට ප්‍රථමව ලාංකීය සමාජය ආර්ථික හා සාමාජීය අතින් ගොඩ නැගීමට උපදෙස් දිය යුතුය.එහෙත් සිදුවන්නේ කඩ වර්ජනය,බෞද්ධ සමාජය බලෙන් නිර්මාංශ කිරීමට උත්සහා කිරීම හා ඒ ආශ්‍රිත වෙළදාම් ප්‍රතික්ෂේප කිරීමය.

 

සුදස්ස හිමි 2

ආර්ථිකය යනු රුචිකත්වයන් අනුව පරිණාමය වෙන බලවේගයකි.ඒ ඒ යුගයන්ට අනුව ලාබ ලබන ආර්ථික ක්‍රමයන්ට මිනිසුන් හැඩගැසිය යුතුය.රටක ආර්ථිකය පිළිබඳව තීරණ ගන්නේ රජය මිස භික්ෂූන් නොවේ.රාජ්‍ය තීරණවලට භික්ෂුව අනුගත විය යුතු බව බුදුන්වදාළ ධර්මයයි."රාජානං අනුවත්තිතුං" සිය හොදම මිතුරන් දෙදෙනා "බිම්බිසාර හා කොසොල් සිය දරුවන් අතින් ඝාතනය වෙන විටවත් බුදුන්වහන්සේ ඒ කුමාරවරුන්ට විරුද්ධව පෙළපාලි ගියේ නැත.භික්ෂූන් යොදවා උද්ඝෝෂණ කළේ නැත.

 

සුදස්ස හිමි 4

රාජ්‍ය අරගල වෙනම එකක් බව දැන සිටි උන්වහන්සේ සිදුකළේ ධර්ම අරගලයකි.නූතනයේ කොන්ඩ වවන් රවුල් වවන් පෙළපාලි යන භික්ෂුව කොතරම් දුරට ධර්ම අරගලයේ සාර්ථකදැයි විමසිය යුතුය.බුදුන්වහන්සේ පෙනී සිටියෙ පාලිතයා උදෙසාය.පාලකයා උදෙසා නොවේ..

පන්සල් සංස්කෘතිය "හිගන්නාගේ තුවාල මෙනි.නොනවතින වැඩබිම පන්සලය.භික්ෂූන් වහන්සේලා කොන්ක්‍රීට් ගොඩවල් හදන නමුත් මිනිසුන්ගේ මනස හදන්නේ නැත.අප භික්ෂූන් ලෙස පරිභෝජනවාදී වී ගිහි පින්වතුන්ට අල්පේච්ඡ වීමට බණ කියන එක යුක්ති සහගත නොවේ.

 

සුදස්ස හිමි 5

 

බුදු දහම වැරදියට අල්ලා ගත් දෙවැනි තැන ඔතනය.පන්සල අධිපරිභෝනවාදී වී ගිහියා අල්පේච්ඡ කිරීමය.

සම්පත් ආගමික සංස්ථා යටතට නොව සමාජය වෙත බෙදී යා යුතුය..

සංසරණය විය යුතුය.

නියම දානය යනු එයයි..

 

සුදස්ස හිමි 6

පළතුරු කඳු ගනන්,අටපිරිකර කඳුගනන් අප්‍රාණිවාචී දේවල්වලට පූජා පිණිස කැපකළ බව කිසිම තැනක බුදු දහමේ සදහන් නොවේ...

එම පූජා එන්නේ බ්‍රාහ්මණ සංස්කෘතියේය.

සිතන්න විමසන්න..

දහම දැකිය හැක්කේ එවිටය..

"ඡන්නං විවරේථ"

වහලය ගලවන්න එවිට අහස දකිනු ඇත..

ලංකාවේ ගමන්මග කොයිබටද ?

 

සුදස්ස හිමි 1