කාන්තාවන්ට එරෙහිව සිදුවන කායික මානසික ලිංගික හිංසනයන් පිළිබඳ වර්තමානයේ අරඹා ඇති කතිකාව

තවදුරටත් වර්ධනය වී ඇත්තේ මේ සම්බන්ධ සමාජ  භාවිතාවන් සියුම් ලෙස ප්‍රශ්න කිරීමේ අවකාශයන්ද විවෘත කරමින් වීම අතිශය සුභවාදී බව කිවයුතුය. එනයින්ම මෙම සිදුවීම් හරහා සමාජ සංවාදයක් ගොඩනැගීම ලේඩි ලීඩර් අපේ අරමුණයි. පිරිමින් විසින් අවුළුවන මහා දාර්ශනික සංවාද තලයට මෙවැනි හරවත් සංවාදයක් ගෙන එන්නට පිරිමි ඔබ පොහොසත් වන්නේ නම් එය මේ රටේ කුණු වී ඔිජස් ගලමින් රැකගන්නට මාන බලන බොරු සදාචාරයන් පරදවමින් ගැහැණු දරුවන්ට බිය සැක නැතිව ජීවත්විය හැකි සමාජයකට දොරගුළු විවර කළ හැකි අවකාශයන් උදා වනු ඇත.

 

Male fist attacing and female hand in defense against black isolated backgorund. Stop violence against women concept, copy space

 

මේ ලක්මාලි හේමචන්ද්‍ර විසින් ලියූ සටහනකි.

සති කිහිපයක් තිස්සේ අසංවිධිත දේශපාලන අවකාශ වල සිදු වන ලිංගික හිංසනය ගැන අපි කතා කරමින් සිටිනවා. මේ සාකච්ඡා වලට ප්‍රතිචාර දෙන ආචාරයවරු මහාචාර්යවරු පවා අපිට කියන්නේ මෙන්න මෙහෙම දෙයක්.

වින්දිතයිනට කියන්න පොලිසියට යන්න කියලා. විධිමත් පැමිණිල්ලක් කරන්න කියලා. එහෙම නොකර අපිට මොනවද කරන්න පුලුවන්?

ඇත්තටම හිංසනය ගැන කරන්න පුලුවන් එකම දේ පොලිසියට පැමිනිලි කරලා අධිකරණය මගින් දඩුවමක් ලබා දෙන එක විතරද? වෙනත් ආකරයකට අහනවා නම් ලිංගික හිංසනය සම්බන්ධයෙන් ඇත්තේ අපරාධ යුක්තිමය ප්‍රතිචාරයක් පමණද?

නැහැ. හිංසනය සම්බන්ධයෙන් අපරාධ යුක්තිමය ප්‍රතිචාරයකට මෙපිටින් කරන්න පුලුවන් බොහෝ දේවල් තියෙනවා.

lakmali 4

වැඩ කරනා ස්ථානවල සිදුවන හිංසනය සම්බන්ධයෙන් කම්කරු නීති මගින් ප්‍රතිචාර දැක්විය හැකියි. 2019 වර්ශයේදී ලෝක කම්කරු සංවිධානය මගින් සම්මත කරන ලද වැඩ ලෝකයේ හිංසනයට එරෙහි සම්මුතිය මෙයට ඉතාම හොඳ උදාහරණයක්. සේවා ස්ථානවල සිදු වන හිංසනය සම්බන්ධයෙන් සේව්‍යන්‍ට වගවීමක් මෙම සම්මුතිය මගින් නිර්මාණය කරනවා.

සේවා ස්ථානයේදී සේවකයින් හිංසනයට ලක් වුවහොත් පැමිණිලි කරන්නට අවශ්‍ය අභ්‍යන්තර පද්ධතීන් ඇති කිරීමට, වින්දිතයින් ආරක්ශා කිරීමට, හිංසනයින් පිලිබදව පරීක්ෂණ කර ඒවා සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගැනීමට මෙම සම්මුතිය මගින් සේව්‍යයන් මත වගකීමක් ඇති කරනවා.

අපේ අසල්වැසි ඉන්දියාවේ මේ ගැන වෙනම නීතියක් පවා තියෙනවා. ILO සම්මුතියට පෙර සිටම බොහෝ සේවා ස්ථානවල ලිංගික හිංසනයට එරෙහි අභ්‍යන්තර මානව සම්පත් ප්‍රතිපත්ති ක්‍රියාත්මක වෙනවා.

ආචාර්‍යවරුන්ට තේරෙන භාශාවෙන් කියනවා නම් විශ්වවිද්‍යාල තුල නවක වධයට එරෙහිව අභ්‍යන්තර පරීක්ෂණ කරනවා වගේ වැඩක් මේක.

 

lakmali 3

ඒ කියන්නේ ඇත්තටම පොලිසිය යන්න ඕන කියන එක අපිට වෙනස් කල හැකියි. ලංකාවේ සමහර ආයතන පවා නීතියක් නැති වුනත් මෙවැනි අභ්‍යන්තර ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරනවා. හිරේ දාන එකම නෙවෙයි හිංසනය සම්බන්ධයෙන් තියෙනව එකම විසදුම.

දැන් අපි අපගේ දේශපාලන අවකාශයෙන් ඉල්ලා සිටින්නේ ප්‍රාග්ධනය හිමි ධනපතීන් හා රාජ්‍යයන් විසින් පවා පවත්වාගෙන යන මෙන්න මේ වග විමයි.

තමන්ගේ සේවා ස්ථානයේදී සිදුවන හිංසනයට සේව්‍යන් නීති නැතිවත් වගවෙනවා නම්, ධනවාදයට එරෙහිව දේශපාලනය කරන අපිට මේක නොතේරෙනවා වෙන්න බැහැ නේද?”

 

@ලක්මාලි හේමචන්ද්‍ර

නවතම ලිපි