ඉහත දැක්වෙන මාතෘකාගත පැනය ලංකාවේ මානසිකව සිදුකළ ලිංගික හිංසනයක් සම්බන්ධයෙන්,

ඒ පිළිබඳ වින්දිතයාගේ පාර්ශ්වයෙන් කරුණු දක්වාලූ කාන්තාවන් විසින් ලියන ලද වියමනක පැනයකි. එම ලිපිය පළකිරීමට මත්තෙන් මෙම සංසිද්ධිය පිළිබඳ අපි මෙසේ ගොනුකර දක්වමු.

ලිංගික හිංසනය පිළිබඳව පසුගිය වකවානුවේ සිට අද දක්වාම සමාජ මාධ්‍ය තුළ ඇවිලෙන කතාබහ අද කුඩා දැරියක ලිංගිකව අපයෝජනය කිරීම යන තැනට ගොනුවෙලා. එහෙත් එම සිද්ධිය සමග යළිත් පෙර සිදුවීමක්ද අදාළ චූදිතයා විසින්ම යළිත් කරලියට ගෙනවිත් තම අඳබාල භාවිතය හෙළිදරව් කරන්නට පටන් ගෙන ඇත. වංගීස සුමනසේකර පසුගියදා තම මුහුණු පොතේ සටහන් කරන ලද පෝස්ටුව පහත පරිදිය.

“මා අතිබිහිසුනු ලිංගික අපරාධකරුවෙක් කියා ලේබල් ගැසීමේ ව්‍යාපෘතියට පිළිවෙලින් පෙළ ගැසුනු ජාතිකවාදී හිතවතුන් 15 හැවිරිදි දැරිය අපයෝජනය කිරීමේ සිද්ධිය මගින් අනාගත සිංහල බෞද්ධ රාජ්‍යය සම්බන්ධයෙන් හෙළිදරව් වෙමින් තිබෙනා තොරතුරු වෙනුවෙන්ද එලෙසම උනන්දු වනු ඇත කියා ප්‍රර්ථනා කරමි”

එය එක්තරා ආකාරයකට ලිංගික හිංසනය වංගීස විසින් වර්ගීකරණය කර අඩු වැඩි කුමක්ද යන්න පෙන්නුම් කරන්නට ගන්නා උත්සාහයක් වැනිය. හිංසනය යනු හිංසනයම බව ඔහු දර්ශනවාදය තුළ නම් අපූරුවට පට්ට ගසනු ඇත. එහෙත් ස්වකීය මමත්වය පාදක වන තැනෙහිදී ඔහු, ඔහුගේ සෙළුව මෙසේ පෙන්වන්නේය.

වංගීසගේ මෙම පෝස්ටුව පිළිබඳව චින්තන ධර්මදාස ඔහුගේ අදහස මෙසේ සඳහන් කර ඇත.

“පහලොවේ සිද්ධියට සාපේක්ෂව ගත්විට වංගීස මහා ලිංගික අපරාධකාරයෙක්ද කියන ප්‍රශ්නෙ එයා අහලා තියෙනවා. ඒක අහලා තියෙන්නෙ ජාතිකවාදීන්ගෙන් වුනත් ඒක හරි ඉන්ටරෙස්ටින් ප්‍රශ්නයක්. දැන් අවුරුදු පහලොවේ ළමයාගේ සිද්ධිය ගත්තම එතන ඍජු බලහත්කාරයක් සිද්ද වෙලා නෑ. එතන වැඩිපුරම තියෙන්නෙ පොදු සමාජ බලහත්කාරයක්. ඒ කියන්නෙ ඒ දැරිය කරගෙන ගිහින් තියෙන්නෙ වෘත්තියක්. ඒ වෘත්තිය නීතික එකක් නොවීම වෙනම ප්‍රශ්නයක්. ඇය ඒ වෘත්තිය යම් කායික මානසික ආරක්ෂාවක් යටතේ කරගෙන ගිහින් තියෙනවා. දැන් මේ දැරිය ඇගේ පියාගෙන් අතවරයට ලක්වුනා කියන සිද්ධිය ගත්තොත් ඒ සිද්ධිය එක්කයි වංගීසගෙ සෙක්ස්ට් එක සාපේක්ෂව ගන්න වෙන්නෙ. පැහැදිලිවම පියා අතින් අතවරයට ලක්වීමේ තිගැස්ම සහ ආතතිය පැත්තෙන් වංගීසගෙ සෙක්ස්ට් එක තනුකයි. රියල් සහ වර්චුවල් වෙනසකුත් තියෙනවා. හැබැයි ඒ දැරිය එක්ක මිළක් ගෙවා ලිංගිකව හැසිරුනු අනෙක් අය එක්ක බැලුවොත් වංගීසගෙ සිද්ධියෙ බලහත්කාරයක් සහ පීඩාවක් පුද්ගලිකව ඍජුව එල්ලවෙනවා කියලයි මං හිතන්නෙ. අවුරුදු පහලොවේ ලිංගික අවසරය කියන කාරණය සංවාදයට විවෘත එකක්. ඒක අපි විසින් පනවන සම්මුතියක් මිස ස්වභාවික හෝ විද්‍යාත්මක එකක් නෙමෙයි. එතනදි මං හිතන්නෙ වංගීස දරුවාට අතවර කරන පියෙකුට සාපේක්ෂව අහිංසක වෙන අතර මුදලක් ගෙවා කැමැත්තෙන් ලිංගික ඇසුරක් ලබන්නාට වඩා ප්‍රචණ්ඩයි කියන එකයි.”

 

vangi 2

 

ගීතිකා ධර්මසිංහ විසින් “අප මේ තරම් අසමත්ද?” යනුවෙන් අසමින් ලියා ඇති ලිපිය පහතින් දැක්වේ. ගීතිකාලාගේ ප්‍රශ්නයට පිළිතුරු දීම දාර්ශනික මහත්වරුන්ගේ වගකීමක් වනු ඇත.

 

vangi 1

 

ඉහතින් දක්වා ඇති තිරසහටහන දැනට අව්රුදු හතක් අටක් තිස්සේ තමන් උගන්වන විශ්වවිද්‍යාල තුල (ඒවායෙන් නෙරපා හැරීමට පෙර), දේශපාලන අවකාශයන්වල හමුවන ස්ත්‍රීන්ට ඇයගේ පස්ස පැත්ත පෙන්වන ලෙසත් ඇයගේ යටි ඇඳුමේ වර්ගය පෙන්වන ලෙසත් ඉල්ලා සිටින වංගීස සුමනසේකරගේය.

15 හැවිරිදි දැරිවියක් දුෂණය කළා යයි, ඇයව අපහරණයට ලක් කළා යැයි කරන ලද විවේචනයකට සමාජ මාධ්‍ය අඩවිය හා අනෙකුත් මාධ්‍ය තුල පැතිර යන සංවාදයකට ඔහු දෙන පිළිතුරයි මේ. වංගීසගේ උපකල්පනය වී ඇත්තේ ස්ත්‍රියකගේ අකමැත්තෙන් පස්සක් බැලීම, ඇයගේ යට ඇඳුමේ වර්ගය පෙන්වීමට ඉල්ලීම වැනි කාරණා දැරිවියක් දුෂණය කිරීම හා සසදන කල එතරම් නොවටිනා කරුණු බවය.

කෙසේ වුවත් අපගේ අවධානය ඔහු පිළිබඳව නොව ඔහුගේ අදහසට කැමැත්ත පලකොට ඇති සියක් පිරිස් පිළිබඳවය. ඒ අතරිනුත් අපගේ දේශපාලන අවකාශවල අප සහෝදරාත්මක දේශපාලනය අපේක්ෂා කරන පිරිස් පිළිබඳවය. ඊට හේතුව නම් ඔවුන්ද එම උපකල්පනය විශ්වාස කරන බවක් එම ‘කැමැත්තෙන්’ පෙනී යාමයි. (එසේ නොවේනම් මා නිවැරදි කල හැකිය). මේ යට ඇති තර්කණය හරක් මැරීමට, හරක් මස් කෑමට එරෙහිවන පිරිස් ඌරන් හෝ කුකුල්ලු මැරීම එතරම් පාපයක් නොවේ යැයි කරනා අප සමාජයේ ඇති අදහසට සමානය.

ස්ත්‍රීන්ට එරෙහිව සිදු කරන අපචාරයන්, ළමුන්ට එරෙහිව කරන අපරාධයන් මේ තරම් සරල මතික කාරණා වී ඇත. ස්ත්‍රීන්ගේ පස්ස ඇල්ලීම, පස්ස පෙන්වීමට ඉල්ලීම, යට ඇඳුමේ වර්ගය ඇසීම, අනවසරයෙන් ස්ත්‍රීන්ගේ ශරීරය ඇල්ලීම, ඇයව බලහත්කාරයෙන් ලිංගික එක්වීමට යොදා ගැනීම ආදිය එකිනෙකින් වෙනස් වන්නේ කෙසේදැයි අපිට කියා දෙන ලෙස අපගේ මිත්‍රයන්ගෙන් ඉල්ලා සිටීමට කැමතිය.

සමාජයක් පවතින්නේ අප ශිෂ්ටාචාරමය ලෙස ගොඩ නගා ගත් සාමුහික අගනාකම් සමුහයක් සමගය. එය සමාජ සම්මුතිය නම් වේ. ළමුන් සමග ලිංගිකව එක්වීම හෝ ස්ත්‍රීන්ට බලහත්කාරකම් කිරීමෙහි එනයින්ම වූ සාරමය වූ අගතියක් ඇත්තේ නැත. එහෙත් ඒවා ගුණගරුක මිනිස් සමාජයක නොපැවතිය යුතුය. බලහත්කාරය නොපැවතිය යුතුය. අවම වශයෙන් එසේ නොවිය යුතු බව ඊට අදාළ වින්දිතයන් පවසන විට ඊට ඇහුම්කන් දීම ශිෂ්ටවත් ගුණයකි.

එහෙත් පෙනෙන විදියට ස්ත්‍රීන්ගේ හෝ ළමුන්ගේ පස්ස ඇල්ලීම හෝ යට ඇඳුම බැලීමට ඉල්ලුවාට කමක් නැත. ළමුන් දුෂණය කිරීම වැරදිය. ඇත්තටම මෙම කිරා බැලීම්වලට ඇති පදනම අපට පවසන්නේ නම් කරුණු සරල වනු ඇති.

මේවා තමන්ගේ ළමුන්ට සිදු උවත්, තමන්ගේ බිරිඳට සිදු වුවත්, තමන්ගේ අම්මාට සිදු වුවත් මේ පිරිස් හැසිරෙනු ඇත්තේ මෙසේද? කෙටියෙන් ඇසුවහොත් පීඩනයට එරෙහිවීමට අර්ථයක් ඇත්තේ පීඩකයා ‘තමන් අකැමැති’ අයෙක් වුවහොත් පමණක්ද?

ලයික් දැමු මිත්‍රවරුනි, ඔබගේ පිළිතුර දක්වන්නේ නම් අපට නොතේරෙන ඔබට තේරෙන බොහෝ දේ සරලව විසදා ගත හැකිය.

 

@ ගීතිකා ධර්මසිංහ

නවතම ලිපි