මහරගම නගර සභාවේ පොහොට්ටු පක්ෂේ මන්ත්‍රීවරු ඒ පක්ෂෙම ඉන්න ස්ත්‍රී මන්ත්‍රීවරියන්ට සිය කලිසම ඇතුලේ තියෙන තම ලිංගික අවයවය එළියට අරන් ඒක වනලා පෙන්වලා ස්ත්‍රී මන්ත්‍රීවරියන්ට තමන්ට තිබෙන විරෝධය දක්වනවා.

එහි මන්ත්‍රීවරියක් අදාළ මන්ත්‍රීවරයාට ගහනවා. මගේ අදහස ගොනු වෙන්නේ ඒ සිද්ධිය ගැන නෙමෙයි. ගම්වල ස්ත්‍රීන් ගැන. පවුල් ගැන.

මම දන්නා එක පවුලක එක කතාවක්. ඇය අවුරුදු  18න් විවාහ උනේ. දැන් අවුරුදු 31යි. අවුරුදු 16 ඉඳලා ගාමන්ට් ගිහිල්ලා තමයි හම්බ කරගන්නේ. අදටත් රැකියාව එක. ළමයි දෙන්නෙක් ඉන්නවා. දුවයි පුතයි. එයාගේ මහත්තයාගේ රස්සාව වැලි ගොඩ දැමීම. කුඩු ගහන්න ගත්තා මේ ලඟකදී ඉඳන්. අවුරුදු කාලේ පොරොන්දු වෙලා තිබුනා (ඇයගේ ඔලුවේ අත තියලා) නැවත කුඩු බොන්නේ නැති බව.

ඉතින් ඇය ගාමන්ට් එකෙන් නිවාඩු දාලා ගිහින් බෙහෙත් අරන් දුන්නා මහත්තයට. ඔහුට බෙහෙත් දිදී දවස් කිහිපයක් ගෙදර ඉඳලයි වැඩට ගියේ නැවත. ඒත් දැන් මහත්තයට හුඟක් බොන්න ඕනේ. කුඩු නවත්තන්නයි එය ඕනේ වෙනවා කියලා කියන්නේ. ඉතින් හම්බ කරන ඔක්කොම බොන්න තමයි යන්නේ. ඇය තමයි සියල්ල කරන්නේ ඕනේ; හම්බ කිරීම, කෑම ගෙනෙන එක, ඉවීම, ළමයි පාසල් යැවීම, ඔවුන්ව රැක බලාගන්න එක මේ සියල්ල. උදේ 3.30 ට අවදි වෙන්නේ කෑම හදලා, පාසලට ළමයි ලේස්ති කරලා, ගෙවල් අස්පස් කරලා, මිදුල අතුගාලා යන්න. එහෙම කරලා හම්බ කරලා ඇය පුංචි ලොරියකුත් අරන් දුන්නා මහත්තයට. මාළු වෙලදාම් කරන්න.

 

Violence 2

මේ සියල්ල කෙරුවත් පිරිමියා ඇයට කතා කරන්නේ හුඟක් වෙලාවට කුණුහරුපෙන්. කෑම හැදෙන්න පරක්කු නම් “මේ හුත්ති උයලා නැහැනේ” වගේ ඒවා තමයි ඇහෙන්නේ. තෝ, උඹ වගේ ඒවායෙන් තමයි එදිනෙදා කතා කරන්නෙත්. හුඟක් වෙලාවට ඇයගේ කුලය මහත්තයගේ මිත්‍රයන් ඉස්සරහ බයිට් එකට ගැනෙනවා බොන කන වෙලාවට, ප්‍රසිද්ධියේ ලජ්ජාවට පත් කිරීම නිරන්තරයෙන් කරනවා මිතුරන් ඉස්සරහ. (කුලය කියන්නේ ගමේ සමාජ ජීවිතයේ ප්‍රධාන දෙයක් ලංකා සමාජය තුල).

මේ ලඟදි දවසක ඇයගේ මහත්තයා ඇයගේ බෙල්ලට පිහිය තියලා තමන්ට බොන්න යන්න රුපියල් 500 ක් ඉල්ලනවා. ඉතින් රණ්ඩු වෙලා ඇය මහ ගෙදර එනවා ළමයි දෙන්නව දාලා. එයාගේ අම්මා කියනවා, “ගැහැණු මිනිස්සු රණ්ඩු වෙනවා තමයි, හැබැයි ඉතින් මෙයා පුරුද්දක් විදියට පොඩි දේටත් රණ්ඩු වෙලා මහගෙදර එනවා.”

එයාගේ අම්මා රණ්ඩු වේවි තමයි ගැහැණු පිරිමි ඉන්නේ කියන එක ඉගෙන ගන්නේ එයාගේ ජීවිත අත්දැකීම්වලින්. එයාගෙත් ජීවිතේ ඒ තරම් සතුටක් නැහැ. එයා කියන්නේ තමන්ගේ දුව ජීවත් වන පළාතේම බහුතරයක් පවුල්වල තත්වය එහෙමයි කියලා. ඒ කියන්නේ පිරිමි බොනවා, කතා කරගන්නේ කුණුහරුපෙන්, කුලය මලය මුලික වෙනවා පහත් කොට කතා කරන්න ඕනේ උනාම. ඒ නිසා එසේ නොවන පවුල් ජීවිතයක් ගැන හිතන්න දන්නේ නැතිව ඇති කියලා.

හැබැයි ඉතින් අම්මා පිළිගන්නවා මේ වතාවේ නම් එහෙම නෙමෙයි බව. ඇයගේ යෝජනාව ඔහුගෙන් අයින් වෙන්න කියන එක. එහෙම අයින් වෙන එක ලේසි නැහැ මොකද දුව ගෙවල් හදලා තියෙන්නේ මහත්තයාගේ මහා ඉඩමේ, එයාට ඕනේ අනෙක් අය වගේ ලොකු ගෙයක් හදන්, වාහනයක් අරන් “හොඳින්” ඉන්න. එයාලට ඊට එපිට ජීවිතය පිළිබඳ අදහසක් නැහැ. ඉතින් ඒවා දාලා එන්න එයාට අමාරුයි. කා ගෙන ඉන්න එක තමයි ජීවත් වීම කියලා දැනට එයා දන්නා එක. ඉතින් වෙන්ව යාම එතරම් පහසු නැහැ. නැවතත් ඇය ඒ ගෙදරට ගියා. ඉතින් ආයෙත් මේ කතාවම කියන්න පුළුවන් තව මාසෙකින් වගේ. මොකද දැන් අව්රුදු 14කට වැඩිය ඒක තමයි ජීවිතය.

 

Violence 3

දුප්පත්කම කියන්නේ ප්‍රශ්නයක් නෙමෙයි. මිනිස්සුන්ට ජීවත් වීම පිළිබඳ අදාළ අගනාකම් ටිකක් නැති කමයි මම හිතන්නේ අපිට තියෙන මුලිකම ප්‍රශ්නේ.

ඇත්තටම කුණුහරුප කියලා කතා කරන එක, පොඩ්ඩ බැරි වෙනකොට ගහන එක මේ පුතුන් ඉගෙන ගන්නේ කොහෙන්ද? පිරිමියාට ස්ත්‍රියට ගහන්න පුළුවන් කියන අදහස ඉගෙන ගන්නේ කොහෙන්ද? දෙන්නා සමානයෝ නෙමෙයි කියලා ඉගෙන ගන්නේ කොහෙන්ද? කොහෙන්ද මේවා මේ පුතුන් ඉගෙන ගන්නේ?

 

Violence 4

 

මගේ අදහස පවුල් සම්ප්‍රදායෙන් කියන එක. ප්‍රශ්නේ තියෙන්නේ ඒක නෙමෙයි, වෙනත් කිසිදු ආයතනයකින්, ආගම, පාසල, රාජ්‍ය වැනි කිසිම දේකින් මේවා එසේ නොවිය යුතුයි කියලා උගන්වන්නේ නැති එක. කාන්තා ව්‍යාපාර හා වාමාංශික දේශපාලනය හරිම අසමත් ගම්වල. අවම තරමේ ජීවත් වීම පිළිබඳ අගනාකම් ටිකක් අරන් ගමට යන්න ක්‍රමයක් අපි හදා ගත යුතුයි.

ගීතිකා ධර්මසිංහගේ මුහුණු පොතෙන්

නවතම ලිපි