ගැහැනියක උපත ලබන්නේ නැත, ඉපදුණු මනුෂ්‍ය ප්‍රාණියකු ගැහැනියක බවට පත්කෙරේ කියල සිමොන් ද බෝවා කිව්වෙ 1949 වගේ ඈත කාලෙක.

එදා ඉඳල අද දක්වා දශක කීයක් නම් ගෙවුනද? විද්‍යාව , තාක්ෂණය, මානව හිමිකම් ප්‍රඥප්ති, කාන්තා අයිතිවාසිකම් ප්‍රඥප්ති, කාන්තා ව්‍යාපාර, දේශපාලන ව්‍යාපාර කොතෙක් නම් පහල වන්නට ඇත්ද?

 

අපේ රටෙත් මේ හැම චලනයක්ම අඩු වැඩි වශයෙන් සිද්ධ උනා. විවිධ අධ්‍යයන අවස්ථාවන්, දේශපාලන සමාජ ව්‍යාපාර, නීති අණ පනත් සම්මත වීම් අනන්තවත් සිදු අනා. පහුගිය යහපාලන කාලය තුළ මැතිවරණ ඉතිහාසයෙත් කාන්තා නියෝජනයේ නව කෝටා එකක් සහිතව කාන්තාවන්ට නව පිටුවක් පෙරළුනේ බොහෝ විරෝධතා හා මඩ ගැසීම් මධ්‍යයේයි.

එහෙත් මේ සියල්ල තුළ ඇත්තේ යම් ආගමික, සංස්කෘතික පසුබැසීමක ලක්ෂණ නොවන්නේද? ස්ත්‍රිය ඉහලට ඔසවන අතින්ම ඇයව පහලට තල්ලු කරන සම්ප්‍රධායක් බිහිව ඇත්තේ ඒ නිසාය. 'ගැහැණියෙක් උනාම ගැහැණියක් විදියට ඉන්න ඔින' කියන සමාජයක පුරුෂයෙකුට තම පුරුෂත්වය, ගොඩනංවන ලද සංස්කෘතික නිර්මිතියක් ලෙස තම ජීවිතේ මුල් තුළින් අවබෝධ කරගැනීමට නොහැකිවා පමණක් නොව මේ පිළිබඳ හොඳින්ම කරුණු කාරණා වැටහෙන ස්ත්‍රියට හෝ පුරුෂයාටද එය සැබැවින්ම මහත් අරගලකාරී භාවිතාවක් නොවන්නේද? අවංකව මේ පිළිබඳව ඔබ සිතන්නේ නම් ගැහැණිය සහ පුරුෂයා අතර අසමානතාව තම ජීවිතය තුළ පදනමක් නොවූ එකදු පිරිමියෙක් ස්ත්‍රියක් හෝ අප සමාජයේ සොයා යෑම දුෂ්කර බව ඔබේ ජීවිතයම නිදසුන් නොසපයන්නේද? සංස්කෘතික වටිනාකම්, අගයන්, සම්ප්‍රධායන් මිත්‍යාවන් මත තබා කියවන සමාජයක සියල්ල වරදවා පටලවා ගෙන සිටීම තේරුම් ගන්නේ කවදාද? 

දැහැමි රණවීර ගෙන එන මෙම සටහන කියවන්න. ඔබේ අදහස් අවංකව ලියන්න. අපිට එය මේ මොහොතේ බොහෝ වැදගත්. මා යළිත් අවධාරණය කරන්නේ හෘද සාක්ෂියට එකගව අවංකව ලියන්න. ඇත්ත ලියන්න. ඔබ තුළත් මේ අසමානතාව ඵල දරනවා නොවේද?

gender 7

 

පුරුෂයන් 72.4% ට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ ශ්‍රම බලකායට කාන්තාවන්ගේ දායකත්වය 32.5% ක් පමණි. එසේම, කාන්තාවන්ගේ විරැකියා අනුපාතය 36.3% ක් වන අතර, පුරුෂයන් අතර එය 21.1% ක් පමණි.

කාන්තාවන්ට සහ පුරුෂයින්ට හිමි වන සමාන අවස්ථා අතර පරතරය පිළිබඳ වාර්ෂික වාර්තාවකට අනුව 2006 වසරේ සිට 2021 වන විට ශ්‍රී ලංකාව ස්ථාන 113ක් පහත වැටී තිබේ.

2021 ලෝක ආර්ථික සංසදය (WEF) නිකුත් කළ වාර්තාවට අනුව, 2006 වර්ෂය වන විට ශ්‍රී ලංකාවේ ස්ත්‍රී - පුරුෂ පරතරය අවම මට්ටමක තිබුණු අතර ලෝකයේ රටවල් 156ක් අතරින් 13 වෙනි ස්ථානයේ පසු විය.

නමුත් 2021 වාර්තාවේ ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ 116 වෙනි ස්ථානයයි. වසර පහළොවක් ඇතුළත ස්ථාන 113ක් ශ්‍රී ලංකාව පහත බැස තිබේ. එමෙන්ම, වසරක් තුළ ස්ථාන 14ක් පහත වැටීම ද අවධානයට ලක් විය යුතු කරුණකි.

 

වාර්තාවේ සඳහන් වන පරිදි මෙයට ප්‍රධානතම හේතුව වන්නේ ශ්‍රී ලංකාවේ දේශපාලනය සහ ආර්ථිකයට කාන්තාවන්ගේ ඇති අවම සහභාගිත්වයයි.

 

කෙසේනමුත්, පසුගිය අවුරුදුවල පහළ ස්ථානවල සිටි රුවන්ඩාව, බංග්ලාදේශය සහ පිලිපීනය වැනි රටවල් මෙම වසරේ දී ශ්‍රී ලංකාව පසු කර ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව අතින් ඉහළට ගොස් තිබේ.

ශ්‍රම බලකාය

පුරුෂයන් 72.4% ට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ ශ්‍රම බලකායට කාන්තාවන්ගේ දායකත්වය 32.5% ක් පමණි. එසේම, කාන්තාවන්ගේ විරැකියා අනුපාතය 36.3% ක් වන අතර, පුරුෂයන් අතර එය 21.1% ක් පමණි.

එක්සත් ජාතීන්ගේ කාන්තා සංවිධානය 2020 දී නිකුත් කළ වාර්තාවකට අනුව, දැරිය හැකි මුදලකට ගුණාත්මක දිවාසුරැකුම් මධ්‍යස්ථාන සහ ළමාරක්ෂක සේවා නොමැතිකම, නිවසේ රාජකාරි බෙදා ගැනීමට සහාය නොලැබීම සහ සේවිකාවන්ට අවශ්‍ය සහාය නොදක්වන සමහර සේවා ස්ථාන සංස්කෘතීන් වැනි බොහෝ සාධක නිසා රට තුළ ශ්‍රම බලකායට කාන්තා සහභාගීත්වය අවම වී තිබේ.

gender 6

 

"නිවසේ රාජකාරි බෙදාගෙන සිදු කිරීමක් නැහැ"

 

බොහෝ කාන්තාවන් ස්ථීර ආදායමක් නොලැබෙන රැකියාවල නිරත වන බැවින්, කොවිඩ්-19 වැනි අර්බුද ශ්‍රී ලංකාවේ පවුල් 1/4 වැඩි ප්‍රමාණයකට අයත් කාන්තාවන්ට දැඩි ලෙස බලපා ඇතැයි වාර්තාවේ දැක්වේ.

ගෘහ මූලිකයා කාන්තාව වූ විට ඔවුන්ගේ පවුලට සහයෝගය දැක්වීමේදී තුන් ගුණයක බරක් දැරීමට මෙම කාලය තුළ සිදුව ඇතැයි එම වාර්තාවේ තවදුරටත් දැක්වේ.

 

"මම දරුවන් දෙදෙනෙක්ගේ තනි මවක්. දික්කසාද වුණාට පස්සේ, දරුවන් බලාගන්න, ගෙදර කටයුතු වගේම රස්සාවත් මට තනියම කරන්න සිද්ධ වෙලා තියෙන්නේ. මම දිනකට කරන වැඩකොටස පිරිමි කෙනෙකුට හිතා ගන්නවත් බැහැ. දරුවෝ බලන්න නැනී කෙනෙක්ගේ සහය ලබාගන්නවා, නමුත් ඒ මොනවා තිබුණත් දවසට පැය විස්සක්වත් මම වැඩ. ඒ කියන්නේ වැඩි වැඩ ප්‍රමාණයක් කරන්නේ පඩි නැතිව," මිනූ යැයි තමන් හඳුන්වන ලෙස ඉල්ලීමක් කළ කාන්තාවක බීබීසී සිංහල සේවයට පැවසීය.

 

කාන්තාවන්ගේ අධ්‍යාපන මට්ටම ක්‍රමයෙන් ඉහළ යමින් තිබියදීත්, තවමත් ඔවුන්ගේ ශ්‍රමය බොහෝවිට වැයවන්නේ නිවසේ එදිනෙදා වැඩකටයුතුවලටය.

කාන්තාවන්ගේ සමාජ භූමිකාව පිළිබඳ පූර්ව නිගමනවලට එළැඹීම හේතුවෙන් අදටත් ඔවුන්ට බොහෝ අවස්ථා මග හැරෙන අතර, විවිධ තහංචි මධ්‍යයේ දිවි ගෙවීමට සිදුව තිබේ.

 

"ඇත්තටම බැලුවොත් රටෙන් 52%කින් හරිහැටි වැඩක් ගන්නේ නැහැ"

 

"ලංකාවේ ගැහැණු කෙනෙක් රස්සාවකට යන්න නම් බඳින්න කලින් යන්න ඕනේ. නැත්නම් ඉන්ටර්වීව් එකකින්වත් පාස් වෙන්න බැහැ. බැඳලා ළමයි ලැබෙනකොට රැකියාව මඟ හැරෙනවා කියලා කොම්පැණිවලින් බඳවා ගන්නේ නැහැ. මම පෞද්ගලිකව මෙය අත්වින්ඳා. ඉහළට ඉගෙනගෙන ඒ හැමදේම නිවසේ වැඩකටයුතුවලට විතරක් දිය කරලා දානවා වගේ හැගීමක් මට තියෙන්නේ," උපාධිධාරිණියක වන බුද්ධිකා පෙරේරා පැවසීය.

 

"ඉගෙනගත්ත දේ තමයි වටින්නේ වගේ දේවල් අපේ සමාජයේ නිතර ඇහුණත්, විශේෂයෙන්ම කාන්තාවන්ගේ ඉගෙනීමට නිසි වටිනාකමක්, ගෞරවයක් ලබා දීලා එයින් ප්‍රයෝජන අරගෙන නිසි රැකියාවක නිදහසේ නිරත වෙන්න බැහැ තවමත්. ඇත්තටම බැලුවොත් රටෙන් 52%කින් හරිහැටි වැඩක් ගන්නේ නැහැ. ඉතින් 2021 දීත් හැමෝම ඉදිරියට යද්දී අපි රටක් හැටියට පස්සට යන එක අරුමයක් නොවෙයි," ඇය තවදුරටත් පැවසුවාය.

 

 

කාන්තා 1

 

ඈන් ටී කුරියාකෝස්, ජෝර්ජ් ජෝසෆ් සහ ජෙනිෆර් එල් සොලොටරොෆ් රචිත 'Getting to Work: Unlocking Women's Potential in Sri Lanka's Labor Force' නම් කෘතියෙහි ශ්‍රී ලංකාවේ කාන්තාවන් ආර්ථිකයට සම්බන්ධ නොවන හේතු මෙන්ම ඔවුන් සම්බන්ධ කරගත හැකි ක්‍රම ද දක්වා තිබේ.

කාන්තාවන්ගේ අධ්‍යාපනයේ ප්‍ර‍ගතිය හා යහපත් සෞඛ්‍ය ‍ප්‍ර‍තිලාභයන්ගේ ප්‍රගතිය ශ්‍රී ලාංකික කාන්තාවන්ට, වඩා ඉහළ රැකියා අවස්ථා නිර්මාණය කිරීම සඳහා පරිවර්තනය වී නොමැති බව මෙම කෘතියේ සඳහන් වේ.

ජනගහනයෙන් 52%ක් වූ කාන්තාවන්ගේ කුසලතාවන් ප්‍රයෝජනයට නොගැනීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට සිය පූර්ණ සාර්ථකත්වය කරා ළඟා වීමට නොහැකි වන බව ද එහි වැඩි දුරටත් සඳහන් වේ.

 

"කාන්තාවන්ට රැකියා ලබා දීම යනු මානව අයිතීන්ට ගරු කිරීමක් පමණක් නොව ආර්ථික දියුණුවේ පෙරදැක්මක්. ශ්‍රම බලකාය තුළ කාන්තාවන්ගේ සහභාගිත්වය සඳහා ඇති බාධක ඉවත් කිරීම මගින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය ඉහළ නංවා, ඉහළ මැදි ආදායම් ලබන රටක් බවට පත්වීමට ඉඩ සැලසෙනවා."

 

මෙම තත්වය මඟ හරවා ගැනීමට නම් අදාළ රාජ්‍ය අමාත්‍යාංශ, අධ්‍යාපනය සඳහා වන සැපයුම්කරුවන්, රාජ්‍ය අංශයේ සහ පෞද්ගලික අංශයේ සේවා යෝජකයන් ඇතුළු පාර්ශ්වකරුවන් ඵලදායී, ආරක්ෂිත හා සාධාරණ වැටුපක් සහිතව කාන්තාවන් සේවයේ යෙදවිය හැකි අවස්ථා පුළුල් කිරීම සිදු කළ යුතු බව ලෝක බැංකුවේ ජ්‍යෙෂ්ඨ සමාජ සංවර්ධන විශේෂඥවරියක සහ කතුවරියක වන ජෙනිෆර් එල් සොලොටරොෆ් මෙම කෘතියේ සඳහන් කර ඇත.

 

කෘෂිකර්මයට කාන්තා දායකත්වය

 

 

කාන්තා 4

 

 

ශ්‍රී ලංකාවේ මිලියන 2.1ක් වන කෘෂිකාර්මික යැපුම් මාර්ගයක් ඇති නිවෙස් අතරින් 19%ක්ම කාන්තා ගෘහ මූලිකත්වයකින් යුතු පවුල් වීම විශේෂත්වයකි.

 

ශ්‍රී ලංකාවේ කාන්තාවන් හා සම්බන්ධ සමීක්ෂණ පවත්වන මධ්‍යස්ථානය (Centre for Women's Research/ CENWOR) මඟින් සිදුකළ 'ස්ත්‍රීපුරුෂ සමානාත්මතාවයෙන් යුත් කෘෂිකර්ම ප්‍රතිපත්ති' (Gender Equitable Agricultural Policies) සහ යුරෝපා සංගමය මගින් සිදුකළ 2018 කෘෂිකාර්මික ප්‍රතිපාදනවල ස්ත්‍රීපුරුෂ සමාජභාවීය සාධකය (Gender Responsiveness of 2018 Agriculture Sector Budget) යන අධ්‍යයන දෙකෙන් හෙළි වී ඇති කරුණු අනුව කෘෂිකර්මාන්තයට අදාළ සෑම අංශයකම සේවයේ නියුතු කාන්තාවෝ, පුරුෂ පාර්ශ්වය හා සමානව කැපවී කටයුතු කරන බව හෙළි වී තිබේ.

එම අධ්‍යයනවලට අනුව ශ්‍රී ලංකාවේ දළ ජාතික නිෂ්පාදිතයෙන් 7.7%ක කොටසක් හිමි කෘෂි ක්ෂේත්‍රය තුළ සමස්ත ජනගහනයෙන් 27%ක් සේවයේ නියුතුව සිටිති. ඉන් 38%ක්ම කාන්තාවෝ වෙති.

 

තව ද ශ්‍රී ලංකාවේ මිලියන 2.1ක් වන කෘෂිකාර්මික යැපුම් මාර්ගයක් ඇති නිවෙස් අතරින් 19%ක්ම කාන්තා ගෘහ මූලිකත්වයකින් යුතු පවුල් වීම විශේෂත්වයකි. මූලිකව කෘෂිකර්මාන්තයේ යෙදෙන්නන් අතුරින් 75%ක් පුරුෂයින් ද 25% ස්ත්‍රීන් ද වන නමුත් ගෘහ මූලිකයාට අමතරව පවුලේ ආර්ථිකයට දායක වන සේවා නියුක්තිකයින් අතුරින් 78.9%ක්ම කාන්තාවන් වීම (පිරිමි 21.1%) තවත් කැපී පෙනෙන කරුණකි.

 

කෙසේනමුත්, කෘෂිකාර්මික කටයුතුවල නියුතු කාන්තාවන්ගෙන් බහුතරයක් යැපුම් කෘෂි කටයුතුවල නිරත වේ. එය කුඩා ආර්ථික ලාභයක් සහිත සේවා නියුක්තියක් ලෙස සැලකෙන අතර ඇස්තමේන්තුගත කාන්තා පිරිමි ආදායම් ඉපැයීමේ අනුපාතය 0.31%කි.

එමෙන්ම ඉඩම් ලබාගැනීම හා වගා ව්‍යාපෘති සම්බන්ධයෙන් කාන්තාවන් අභියෝග රැසකට මුහුණ දෙන අතර, කෘෂි බෝග අලෙවිකරණයේදී මතුවන ගැටලු සහ වාණිජ කෘෂි වගාව, ඔවුන් අතර ප්‍රවර්ධනය නොකිරීම ද ඔවුන් මුහුණපාන ප්‍රධාන ගැටලුවකි.

මේ අතර කාන්තාවන් බොහෝවිට කෘෂිකර්මාන්ත අංශය තුළ නුපුහුණු ශ්‍රමිකයින් වීම ද ගැටලුවක්ව පවතී. එහෙයින් කාන්තා සහ පිරිමි දෙපාර්ශ්වයම එක සමාන අයුරින් සුහුරු වගා භාවිතා සහ ඩිජිටල්කරණය වූ කෘෂිකාර්මික භාවිතාවක් සඳහා පුහුණු කිරීමේ කාලීන අවශ්‍යතාවක් පවතින බව ද මෙම අධ්‍යනයවලින් හෙළි වී තිබේ.

දැහැමි රණවීර

BBC

 

 

නවතම ලිපි