සදාචාර විප්ලවයක් යෝජනා කරමින් සිමොන් ද බෝවා විසින් ලියන ලද The Second Sex නම් කෘතිය ස්ත්‍රීවාදී සාංදෘෂ්ඨිකවාදයක්

නියෝජනය කරන්නේ යැයි කිවහැකිය. සාංදෘෂ්ඨිකවාදිනියක ලෙස ඇයගේ විශ්වාසය වූයේ සාරය යනු පැවැත්ම විසින් නිර්මාණය වන්නක් බව ය.

ඒ අනුව ගැහැනියක උපත ලබන්නේ නැති බවත් ඉපදුණු මනුෂ්‍ය ප්‍රාණියකු ගැහැනියක බවට පත්කෙරෙන බවත් ඇය කියා සිටියාය.


ඇය සිය විශ්ලේෂණයට පදනම වශයෙන් යොදාගන්නේ හෙගල්ගේ අනෙකා (the Other) පිළිබද සංකල්පයයි. බෝවාට අනුව ස්ත්‍රී පීඩනයේ පදනම වන්නේ පරමාදර්ශී අනෙකා වශයෙන් ගැහැනිය පිළිබද ව (ගොඩනගා) ඇති දැක්ම යි.


මෙහි other යන්නෙහි O අකුර කැපිටල් ලෙස ලිවීමෙන් දක්වන්නේ මුලුමනින් ම අනෙකා වීම හෙවත් මුලුමනින් ම පිටස්තර ස්වභාවයයි. බෝවා පවසන පරිදි ගැහැනිය පිරිමියකු විසින් තෝරාගැනීම යනු ඇයට පවරා ඇති මෙම සහජ තත්ත්වයෙන් මිදිී තමා සහ අවට සමාජය පිළිබද වගකිව හැකි උසස් තත්ත්වයකට පත්වීමට දී ඇති අවස්ථාව ලෙස දකිනු ලැබෙන අතර ඒ අනුව ගැහැනියට සිය නිදහස ලබාගැනීමට සිදු වී ඇත්තේ පිරිමියකු මගින් ය .

 

 

A feminist constitutionalism 400 260



ද සෙකන්ඩ් සෙක්ස් කෘතියේ ගැහැනිය:

 

මිත්‍යාව සහ යථාර්ථය නමින් එන පරිච්ඡේදයේ බෝවා තර්ක කරන පරිදි පිරිමින් විසින් ගැහැනිය පිළිබද ව ව්‍යාජ ගුප්තතාවයක්(false aura of mystery ) ඇති කිරීමෙන් ගැහැනුන් ව වටහා ගත නොහැකි අනෙකකු බවට සමාජ මතයක් ඇති කර තිබේ. ඇයට අනුව ගැහැනුන් ව අවබෝධ කර නොගැනීමටත්, ගැහැනුන්ගේ ප්‍රශ්න අමතක කිරීමටත් නිදහසට කරුණක් වශයෙන් පිරිමින් යොදාගන්නේ ගැහැනිය සම්බන්ධයෙන් ගොඩනගා ඇති තේරුම් ගත නොහැකි යමක් බවට වන මතයයි.


තවදුරටත් ඇය පෙන්වා දෙන්නේ මේ ආකාරයේ රාමුගතකිරීම් (stereotyping) නිතර ම සමාජ ධූරාවලියේ ඉහළ සිටින ස්ථර වෙතින් පහළ ස්ථරයන් ව යටපත් කිරීමට යොදාගෙන ඇති බව යි. වාර්ගිකත්වය, පංතිය සහ ආගම වැනි පුද්ගල අනන්‍යතාවය හා සබැදි බොහෝ ක්ශේත්‍රවල මෙය සිදු වී ඇති බව පෙන්වා දෙන ඇය පවසන්නේ මෙය ඒ කිසිවකවත් ස්ත්‍රීන් ව නිශ්චිත රාමුගත අර්ථකතනයකට කොටුකර ඒ ආධාරයෙන් සමාජයතුළ පීතෘමූලිකත්වය සාධාරණීකරණය පිණිස යොදාගෙන ඇති ලිංගික අනන්‍යතාවය තුළ තරම් මුල්බැසගෙන නැති බවයි.

 


සාම්ප්‍රදායික ගෘහ ජීවිතයෙන් බැහැර ව වෙසෙන ගැහැනුන් සමාජය විසින් දකිනු ලබන්නේ අමුතු පුද්ගලයන් ලෙසිනි.

 

 

A feminist constitutionalism4

 



බෝවා පැහැදිලි කරන පරිදි මීට හේතුව වන්නේ ගැහැනිය අනෙකකු වශයෙන් හදුනා ගැනීමයි.


ඇය මෙසේ පවසයි, ගැහැනියක් යනු කුමක්ද? මා එසේ විමසීමට ඉතා වැදගත් හේතුවක් තිබේ. පොතක් ලියන පිරිමියකුට තමාගේ පිරිමිකම විශේෂයෙන් ඉස්මතු කිරීමට සිදු නොවේ. නමුත් මා ගැන පැවසීමේදී මම ගැහැනියක් බව සියල්ලට පෙර කියාසිටීමට මට සිදු වේ. මම ගැහැනියක් මි. ඉන් ඔබ්බට කෙරෙන මුළුමහත් සංවාදය ම මේ සුවිශේෂී තොරතුර සිත්හි තබාගනිමින් කටයුතු කෙරෙනු ඇත.


පිරිමියකුට සිය ලිංගිකත්වය පිළිබද ව විශේෂයෙන් කියාපෑමට සිදු නොවේ, ඔහු පිරිමියකු බව ඔහු පැවසිය යුතු නැත. ඔබට ඔවැනි සිතුවිල්ලක් පහළ වන්නේ ඔබ පිරිමියෙකු හෙයිනැ යි පැවසීම එවිට අතාර්කික ප්‍රතිචාරයක් වේ. පිරිමියකු වීම විශේෂයෙන් දැකිය යුතු තත්ත්වයක් නොවන බව ඒ විසින් ඇගවෙයි. මක්නිසාද යත් ඔවුන් තමන් ව පරිපූර්ණ තත්ත්වය ලෙසින් වටහා ගන්නා බැවිණි. පිරිමියා යනු විශිෂ්ට මෙන් ම සාමාන්‍ය ස්වභාවය ද වන බැවින් එය නිර්වචනය කිරීමට හෝ පැහැදිලි කිරීමට සිදු නොවේ.

 

 

A feminist constitutionalism 6



මේ අනුව මනුෂ්‍යත්වය යනු පිරිමියා වන අතර ගැහැනිය නිර්වචනය වන්නේ ඊට සාපේකෂ ව ය; ඇය ස්වාධීන මනුෂ්‍ය ජීවියෙක් ලෙස නොසැලකේ. Men are the default setting and women are considered a recessive gender. “He is the Subject, he is the Absolute—she is the Other. මෙය එක් තත්ත්වයක් විසින් තවත් තත්ත්වයක් මිනුම් කිරීමකි. නමුත් ස්ත්‍රී-පුරුෂභාවය යනු එක ම තලයක පිහිටන්නකි.


ද බෝවා ගැහැනිය ව නම් කරන්නේ දෙවැනි ලිංගිකයා වශයෙනි. මක්නිසා යත් ඔවුන් පුරුෂභාවය නම් සාමාන්‍ය තත්ත්වය මත පදනම් වූ නිර්වචනයකට හිමිකම් කියන බැවිනි.


නියත ගුණාංගමය හීනතාවක් විසින් ස්ත්‍රීත්වය හිමිවන බව ඇරිස්ටෝටල් කියා සිටියේ ය. සාන්ත තෝමස්තුමන්ද ගැහැනුන් ව අසම්පූර්ණ මනුෂ්‍යාකෘතියක් නැතහොත් "incidental” being ලෙස දැක ඇති බව බෝවා පෙන්වා දෙයි.


ඓතිහාසික ව බොහෝවිට ගැහැනුන් ව අපගමනයක්(deviant) නැතහොත් අසාමාන්‍ය(abnormal) තත්ත්වයක් වශයෙන් දැක ඇති බව බෝවා පවසයි. ඇය පවසන්නේ මේරි වොල්ස්ටන්ක්‍රාෆ්ට් වැනි ප්‍රමුඛ ස්ත්‍රීවාදිනියක් පවා මේ අදහස අනුමත වන ආකාරයේ මත දරා ඇති බවයි. මේරි වොල්ස්ටන්ක්‍රාෆ්ට් ගැහැනුන් විසින් ඉලක්ක කළ යුතු ආදර්ශය ලෙස පිරිමියා ව දැකීම නිදසුන් වශයෙන් බෝවා ගෙනහැර දක්වයි.


ගැහැනුන් ව සාමාන්‍ය ස්වභාවයෙන් බැහැර වු තත්ත්වයක් වශයෙන් සහ සෑම විට ම සාමාන්‍ය තත්ත්වය ළගා කරගැනීම වෙනුවෙන් ක්‍රියාකළ යුතු පිටස්තර ස්වභාවයකින් හදුනා ගැනීම විසින් ස්ත්‍රීන්ගේ සාර්ථකත්වය මේ ආකල්පය විසින් මැඩ පවත්වා ඇති බව බෝවා පවසයි. ඇය සිතන පරිදි මේ ආකල්පය පසෙක නොතබන තාක් ස්ත්‍රීවාදයට දුර ගමනක් නොමැත.

 

 

A feminist constitutionalism9




1970 ගණන්වල ඇති වූ ස්ත්‍රීවාදී ව්‍යාපාරයේ මූලික සංකල්පයන් ද බෝවාගේ සෙකන්ඩ් සෙක්ස් කෘතියේ එන ස්ත්‍රී-පුරුෂභාවය සමාජ නිර්මිතයක් වශයෙන් වු ප්‍රවාදයන් සමග බැදී තිබුණත් ද බෝවා තමන් ව ස්ත්‍රීවාදිනියක වශයෙන් හදුන්වා ගැනීමට මුල දී මැළි විය. නමුත් ස්ත්‍රීවාදී ව්‍යාපාරයට, විශේෂයෙන් ම ප්‍රංශ කාන්තා විමුක්ති අරගලයට සම අධ්‍යාපන අවස්ථා සහ කාන්තාවන්ගේ ආර්ථික විමුක්තිය සම්බන්ධයෙන් ඇය දැරූ මත හේතුවෙන් විශාල පෝෂණයක් ලැබුණි. කෙසේ නමුත් ස්ත්‍රීවාදී ව්‍යාපාරය ප්‍රබල ලෙස නැගී සිටීමත් සමග 1960 ගණන්වල අගභාගයේ දී සහ 1970 ගණන් මුල දී සමාජවාදී විප්ලවය තුළින් ස්ත්‍රී විමුක්තියක් ලබාගැනීමට හැකි බවක් තමන් විශ්වාස නොකරන බව ඇය කියා සිටියාය. 1972 වසරේ Le Nouvel Observateur සමග පැවති සංවාදයක දී තමන් ස්ත්‍රීවාදිනියක බව ඇය විවෘත ව පවසා සිටියා ය.

 


The Mandarins[සංස්කරණය]

නවතම ලිපි