කාන්තාව වෙළද භාණ්ඩයක් වෙනවට මම කැමතියි

කාන්තාව වෙළඳ භාණ්ඩයක් විදිහට පාවිච්චි වෙනවා කියන එක සෑහෙන කාලයක ඉඳන් තියෙනවා. ඇත්තටම බටහිර කාන්තාව ෆෙමින්ස්ට්ලත් ගෙනාව එක කොටසක්.

අනික ලංකාවෙත් අපිට නිකරම අහන්න ලැබෙන කතාවක්. අනික මේ කතාවේ මම ගන්න පැත්ත තමයි මට වෙළෙඳ භාණ්ඩ සම්බන්ධයෙන් විරෝධතාවයක් නෑ. වෙළඳ භාණ්ඩවලට මම කැමතියි සහ නිතරම ජීවත් වෙන්නේ මගේ ජීවිතය හැදිල තියෙන්නේ මම දත් මදින තැන ඉඳන් මුහුණ හෝදන අඳින පළඳින හැම දෙයක්ම මේ ඔක්කොම වෙළඳ භාණ්ඩ. කන බොන නිදාගන්න සියල්ල වෙළඳ භාණ්ඩ.

 ඉතින් මම වෙළඳ භාණ්ඩ සංස්කෘතියක් එක්ක ජීවත් වෙනවා නම් මමත් වෙළඳ භාණ්ඩයක්ම තමයි.

 තව දුරටත් කියනවා නම් ,උදාහරණයක් හැටියට මම ෆේස් බුක් එකේ ඉන්නවනම් මම ෆේස් බුක් එකේ වෙළඳ භාණ්ඩයක් මගේ පෝස්ට්, කන්ටෙන්ට් තමයි ෆේස්බුක් එකේ විකුණන්නේ.

එතකොට අපි දැනුවත්ව හෝ නොදැන්වත්ව වෙළඳ භාණ්ඩ වෙනවා ඒකෙන් අපිට ආදායමක් ලැබෙන්න හෝ නොලැබෙන්න පුළුවන්. අපි කොයිතරම් එකෙන් කරන වැඩේට අදාලව වටිනාකම ලබා ගන්නවද? කියන ප්‍රශ්නෙ වෙනම එකක්..  

මම කාන්තාවක් නම් මම කාන්තාවක් විදිහට ටයර් ඇඩ් එකකට පෙනී ඉන්නව නම් ඒ ටයර් ඇඩ් එකට මම කීයක් අය කරගන්නවද, ඒක එක එක්කෙනාගෙ පුද්ගල වටිනාකම සමාජයට එයාව බ්‍රෑන්ඩ් එකක් විදිහට ගේන ප්‍රමාණය අනුව තමයි තීරණය වෙන්නේ කියලා තමයි මම හිතන්නේ.

මේකට මම කැමතියි. මොකද හේතු අපි වෙළඳ භාණ්ඩයක් හරි මොකක් හරි දේකට ඔය කන්තාව සම්බන්ධයෙන් විශේෂයෙන් අපි පාවිච්චි කරන තර්කය පදනම් වෙන්නේ සෙඩියුසිං කියන.

 ඒ කියන්නේ අපි කාන්තාව පෙන්නලා අපි ඒ භාණ්ඩය ගන්න සෙඩියුස් කරනවා.

 මොකද කාන්තාවට තියෙනවා කියලා අපි විශ්වාස කරනවා සෙඩියුස් කිරීමේ මාර හැකියාවක් තියෙනවා. ඒවා සංස්කෘතිකව සිංදු ඇතුලේ ආට් ඇතුලේ, ඉතිහාසයක්

පුරා ඒ එක්කම කාන්තාවගේ කර්ව්ස් වෙන්න පුළුවන්  පුළුවන් එයාගේ ශරීර ස්වභාවයන් වෙන්න පුළුවන් මේක උත්කර්ෂවයට නංවලා නංවලා අපේ අවිඥානයට තැන්පත් කරවකා මේ සෙඩියුසිං කියන පවර් එක. සෙඩියුස් කියලා කියන්නේ අපි අනෙකාව අනුරාගයෙන් වෙලීම, අනුරාගයට පොළඹවා ගැනීමේ බලය කාන්තාව සතුයි. කාන්තාවට මේක විශේෂයෙන් තියෙන දෙයක්. මම පුළුවන්තරම් උත්හාස කරන්නේ පිරිමින්ටත් මේ අනුරාගයේ බලය අයිති කරලා දෙන්න පුළුවන් ප්‍රවේශයන් මොනවාද කියලා. මොකද මම හිතන්නේ මේක හැම මනුස්සයෙක්ම පාවිච්චි කරන්න ඕන දෙයක් කියලා.

හේතුව අනුරාගය කියන්නෙ නරක දෙයක් නෙවෙයි. සෙඩියුසිං කියන්නේ නරක දෙයක් නෙවෙයි.

කවුරුහරි මාව සෙඩියුස් කරනවා නම් ඒක ආර්ට් එකක්. ගෑණු කෙනෙක්ට පිරිමියෙක්ව අනුරාගයෙන් මත් කරන්න තියෙන හැකියාව ඒක කලාවක් ඒක දැනගන්න ඕන ඒක මොනවයින්ද කරන්න පුළුවන්, ඒක කොයිතරම් ගැඹුරට කරන්න පුළුවන්ද, කොයිතරම් ආයිත් අත්නොහරින පරිදි කරන්න පුළුවන්ද,

 ඒ වගේම ඒකේ අනික් පැත්ත තමයි සෙඩියුස් වෙන්න තියෙන හැකියාව.කවුරුහරි කෙනෙක් මාව සෙඩියුස් කරනවා නම් අපෝ මම මේකට සෙඩියුස් වෙන්නේ නැහැ මම මේකට අහු වෙන්නේ නැහැ කියන එක ගොන් පාට් එකක්. ඒ කියන්නේ මම කිසිම ආර්ට් එකක් කිසිම රසයක් දන්නේ නැති මනුස්සයෙක්.

 මේ නර්ථනය සම්පූර්ණවෙන්නේ කෙනෙක් අනුරාගය පතුරවනවා, අනුරාගය විකසිත කරනවා අනිත් එක්කකෙනා අනුරාගයෙන් වෙළෙනවා.

මේ සම්බන්ධය තමයි මිනිස්සුන්ගේ අතර තියෙන සුන්දරම සම්බන්ධයක් වෙන්නේ. ඉතින් මේ සෙඩියුසිං කියන එක ආර්ට් එකක් විදිහට අපිට ප්‍රගුණ කරගන්න පුළුවන් නම්, පොළිටික්ස් වෙනුවට, ඒ කියන්නේ බලය හරි, පීඩනය හරි යොදවලට අනිකා යටත් කරගන්නවා වෙනුවට, අපි සෙඩියුසිං නම් පාවිච්චි කරන්නේ, අපේ තියෙන අනුරාගය නම් අපි පාවිච්චර කරන්නේ අපේ බලය විදියට ඒක ඉතාම ලස්සන සුන්දර මනුස්ස සම්බන්ධයක් විදියටයි මම දකින්නේ.

අපිට ලංකාවේ තියෙන ප්‍රශ්නයක් තමයි ලංකාවේ මිනිස්සු සල්ලිවලට විරුද්ධයි, බිස්නස් කරනවට විරුද්ධයි, කවුරු හරි මනුස්සයෙක් දියුණු වෙනවට විරුද්ධයි. මේ හැම දෙයක් එක්කම තමයි මේ සෙඩියුසිං පවර්, ඒ කියන්නේ

ගැහැණියකට තියෙන පිරිමියෙක්ව මත් කිරීමේ බලය, පොළඹවා ගැනීමේ බලයත් අපි හිලව් කරන්න පටන් අරගෙන තියෙනවා. මේ ඉතාම ලස්සන මිනිස්සුන්ට තියෙන ඉතාම හොඳ ශක්‍යතාවයක්.

 අපි මේක කොයිතරම් හොඳතැන්වලට දියුණු තැන්වලට පාවිච්චි කරනවාද කියන එක තමයි මම හිතන්නේ ගැටළුවක් විදියට සලකලා බලන්න වෙන්නේ

චින්තන ධර්මදාස

නවතම ලිපි