ගෝඨාභය රාජපක්ෂ මේ රටේ ජනාධිපති ධුරයට පත් කරගන්නා ලද්දේ මෙරට දේශපාලන සංස්කෘතිය වෙනස් කරනු ඇතැයි විශාල බලාපොරොත්තුවකින් බව ජාතික ජන බලවේගය නායක අනුර දිසානායක සඳහන් කරයි.

නමුත් ගෝඨාභය රාජපක්ෂ මහතා ද පැවති දේශපාලන සංස්කෘතියම දිගුවක් ලෙස කටයුතු කරන විට ඔහු බලයට ගෙන ආ බලවේග විසින් පන්නා දැමූ බවත් ඔහු පැවසීය.

ඔහු පලවා හරින්නට ද මූලික වූයේ ඔහු බලයට ගෙන එන ලද බලවේග බවද පැවසූ ඔහු ගෝඨාභය බලයට පක් කිරීමේ අපේක්ෂාවම ඔහු බලයෙන් පන්නා හැරීමේ ප්‍රබලම සාධකය වූ බව ද පැවසීය.

අද වන විට ජාතික ජනබල වේගය කෙරෙහි එදා ගෝටාභය කෙරෙහි තැබූ බලාපොරොත්තුවට වඩා වැඩි බලාපොරොත්තුවක් තබා ඇති බව දන්නා බවත් කී ඔහු පෙර ලෙස පලවා හැරීමේ අනතුර ද හොඳින් දන්නා බවත් ඒ අනතුර දැනගෙන කටයුතු කරන බව ද සදහන් කලේය.

කොළඹ දී පැවැති සම්මන්ත්‍රණයක් අමතමිනි ජවිපෙ නායකයා මේ බව කියා සිටියේ.

 

@Lankacnews

නවතම ලිපි