පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ නීති පීඨයේ නවකවද සිද්ධියකට අදාලව වීඩියෝ දර්ශණයක් සමාජ ජාලාවල හුවමාරු වේ.

අදාල සිද්ධියට ආසන්න දිනයක එම විශ්ව විද්‍යාලයේම තවත් පීඨයක මනෝ විද්‍යාව හදාරන අවසන් වසරේ සිසුවෙක් සිය දිවි හානිකරගෙන ඇත.

 

මේ සිද්ධීන් දෙකට අදාලව අපට අසන්න ලැබෙන අදහස් දෙකකි.

එකක් නම් නවක වදය ක්‍රියාත්මක කල සිසුවන් හට නීතිය ක්‍රියාත්මක කිරීමය, ඔවුන්ගේ ශිෂ්‍ය භාවය ජීවිතාන්තය දක්වා අත් හිටුවන ලෙසත් දැඩි මර්ධනකාරී අණපනත් හරහා නවක වදය මර්ධනය කරන ලෙසත් ය.

අනෙක නම් සියදිවි නසාගත් සිසුවා සම්භන්දවය, ඔහු විශාදියෙන් පෙළුණු බවත් සමීපතමයන් මෙය හඳුනා ගෙන ඔහුව උපදේශණයට යොමු නොකිරීමත්, ඔහුව හුදකලා නොකර සිටීමට තිබූ බවත්‍ ය. ප්‍රශ්ණ වලට මුහුණ දී ජීවිතය ජය ගන්නා මිනිසෙක් වියයුතු බවත් ඇතමෙක්ගේ අදහස විය.

විශාදයෙන් පෙළෙන්නන් නිර්මාණය කොහෙන්ද ? කොහොමද ? යන්න ගැඹුරින් සාකච්ඡා නොකලත් එය සමාජ ආර්ථික ප්‍රශ්ණ නිසා නිර්මාණය වන්නක් ලෙස පොදු අදහසක් දෙවන සිද්ධිය සම්බන්ධව අදහස් දක්වන්නන් තුළ දක්නට ලැබිණි.

එහෙත් නවකවද සිද්ධීයට අදාලව ඔවුන් පෙන්වන්නේ වෙනස් අදහසකි. එනම් වැරදි නොකිරීමට හැකියාව තිබියදී එසේ නොකිරීම සම්බන්ධව එම සිසුන්ට දඬුවම් දිය යුතුබවය. එනම් ස්වයං සවිඥ්ඥාණික පුද්ගලයෙක් ඇති බවත් ඔහුව ශික්ෂණය කිරීමට අදාල නීති රීති ක්‍රියාත්මක කරන ලෙසත්‍ ය.

ලංකාවේ පවතින නීතිය අනුව සිය දිවි නසා ගැනීම වරදක් වන අතර එම වරද කිරීමේදී පෙර කී ස්ව‍යං සවිඥ්ඥාණිකත්වය අදාල පුද්ගලයා අතින් ගිලිහී යන බවත්‍ ය. මෙම ගිලිහී යාම විශාදය ලෙසින් ඔවුන් හඳුන්වන අතර ඊට වහා ප්‍රතිකාර කොට අදාල පුද්ගලයා ස්වයං සවිඥ්ඥාණිකත්වය කරා ගෙන ආ යුතු බවය.

සැබැවින්ම ස්වයං සවිඥ්ඥාණික මිනිසුන් සිටීද..?

ඔවුන්ව එසේ නීති මගින් ශික්ෂණය කල හැකිද ?

එසේත් නැතිනම් පුද්ගල චර්‍යාවන් යනු සමාජයක් විසින් පුද්ගලයන් තුල නිර්මාණය කරන්නක්ද? එසේ නම් ඊට පිළියම කුමක්ද?

smart, රටට වැඩදායී ( විපරීත ) මිනිසුන් නිර්මාණය කිරීමට හඳුන්වා දී ඇති අධ්‍යාපන ක්ෂේත්‍රයත් ඊට එක සිතින් පෙළගැසී සිටින ගුරුවරුනුත් මීට පිළියමක් වේද?.

@Bhathiya Priyankara

නවතම ලිපි