අපි දැකපු අප්‍රේල් නවය, මැයි නවය,ජුනි නවය,  ජූලි නවය, සතියෙන් සතිය එන්න පුලුවන් ඉදිරි කාලයේදී. අපි ඒක තේරුම් ගන්න ඕනි.

 ඒ වගේම අපි අවධාරණය කරන්න ඕනි, මේ ප්‍රජාතන්ත්‍රවාදී රාමුවෙන් පිටත කවුරුන් හෝ බලය ස්ථාපිත කරන්න උත්සහ කරනවා නම් ඒක නතර කිරීමේ වගකීම ආරක්ෂක අංශවලට, රාජ්‍යයයට තියෙනවා.

නමුත් ඒ අතරේ අපේ සානුකම්පිතභාවය තියෙන්න ඕනි නියම වගකිවයුත්තන් එළියේ සිටියදී මේ ගැන හඬ නගන ජනතාව මර්දනය කිරීම සඳහා මේක යොදාගැනීම සාහසික අපරාධයක් බවයි මගේ හැඟීම.

තරුණයෙක් හැටියට අවුරුදු 25කට කලින් අපිත් විශ්වවිද්‍යාලයේ හිටියා. ඒ විශ්වවිද්‍යාලයේ ඉන්න අවස්ථාවේදී අපි දැක්කා මර්දනය කොහොමද එල්ල උනේ කියලා. අපි පිට කොටුවට ගියාම දර පොලුවලින් අපිට ගැහුවෙ පළවෙනි දවසෙ, දෙවෙනි දවසෙ, තුන්වෙනි දවසෙ ජයවර්ධන ජනාධිපතිවරයාගේ ආණ්ඩුවෙන්. මොකක්ද අපිට දීපු පණිවිඩය. මට මතකයි අද මේ හුඟක් කතා කරන ගුණරත්නම් චරිතය (රංජිතම් ගුණරත්නම්) අපිට කොළඹ විශ්වවිද්‍යාලයේ පිට්ටනියට එන්න කියලා කිව්වා. අපි නැවත අත් දෙක වන වනා උද්ඝෝෂණවලට එන්නෙ නෑ කියලා, ශිෂ්‍යයෝ මහා ආවේගයෙන් අත්පොඩි ගහලා පිළිගත්තා.

මොකක්ද ඉරණම?

ජයවර්ධන ජනාධිපතිවරයා නම් සාමකාමී ව මිය පරලොව ගියා.

නමුත් 66000ක් මහා පාරවල්වල ආදාහනය උනා.

මහා ඛේදවාචකයකට රට ගියා.

ඒ නිසා මං මතක් කරන්න ඕනි තුවක්කුවෙන් මර්දනයෙන් වෙඩි තබලා මේ ප්‍රශ්නය යටපත් කරන්න හදනවා නම් උතුරේ අත්දැකීමත් ඒකයි, දකුණේ අත්දැකීමත් ඒකයි, නැවත මේ රට ලේ විලක් කරා ගෙනියන්න ඉඩ තියන්න එපා. රංජිතම් ගුණරත්නම්ලා තව දහස් ගාණක් බිහිකරන්න ඉඩ තියන්න එපා. 

නවතම ලිපි