රටක් ලෙස නැගිටීමට රාජපක්ෂ පාලනය අවසන් කල යුතු යයි ජනතාව මේවන විට අදිටන් කරගෙන ඇත.

නමුත් එවන් ප්‍රතිසංස්කරනවාදී ජන මනසක් තුල වර්ථමාන විපක්ෂයේ භුමිකාවද සැලකිල්ලට හා සාකච්ඡාවට නොගැනීම ඛේදයකි.

අතීයේදී රාජපක්ෂ පාලනයන්ට පාර කැපු විපක්ෂ කන්ඩායම් මෙන්ම රාජලපක්ෂ පාලනය ගෙදර යැවීමට හරයාත්මක කාර්යක් නොකරන වර්ථමාන ප්‍රධාතන විපක්ෂය අපට සිහිපත් කරන්නේ හිට්ලර් පාලනයට පෙර ජර්මනියේ වෛමාර් ජනරජයේ සිටි විපක්ෂයයි.

ඒ බව පැහැදිලි කර ගැනීමට නම් සජබය රටේ ප්‍රධාන විපක්ෂය ලෙස ජනදුකට ලබා දෙන විකල්ප විසඳුම් කොතරම් ප්‍රායෝගිකදැයි විස්තර කර ගතයුතුය.

සැබැවින්ම ඒවා අපට සිහිපත් කරන්නේ නොකෙරෙන දීගයක් සඳහා එක් කරන කෝඳුරු තෙල් හත්පට්ටයන් ලෙසටය:

1. ස්වාධීනවු ආන්ඩුපක්ෂ මන්ත්‍රීවරුන්ගෙ සහාය ලබාගත නොහැකි සහ පසු වැඩපිලිවලක් නැති විශවාසභංගය,

2. සම්මත කිරීමට අඩුම වශයෙන් මාස 6 කට වඩා ගතවන පෞද්ගලික මන්ත්‍රි යෝජනාවක් ලෙස ඉදිරිපත් කරන 21වන ව්‍යවස්තා සංශෝදනය,

3. මාස 12 කට එහා යන ජනාධිපතිවරයාට එරෙහි දෝශාභියෝගයක් ගෙන ඒමේ අදහස,

4. ජනදුකට හා ජන අරගලයට අවම වශයෙන් තාවකාලික විසඳුමක් ලබා දෙන බහු පක්ෂ අන්තර්කාලීන ආන්ඩුවක් පිහිටුවීමට එරෙහිවෙමින් එනමුදු ජනමතවිචාරනයකින් පමනක් සම්මත කල හැකි විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට යෝජනා කිරීම.

ඉහත කී විකල්ප විසඳම් අද අප මුහුනදෙමින් සිටින දැවැන්ත ආර්ථික හා දේශපාලන අරබුදයට විසඳුම් ලබා දෙන්නේදැයි මඳක් සිතා බැලිය යුතුව තිබේ.

නතාව ඉල්ලා සිටින්නේ ජනාධිපති ගෝඨාභය හා අගමැති මහින්ද ප්‍රමුඛ රාජපක්ෂ ආන්ඩුව ගෙදර යවන ලෙසටය.

ජනදුක කලමනාකරනය කරන ප්‍රජාතන්ත්‍රවාදී සහ පාරදෟෂ්‍ය පාලනයක් වහා පිහිටුවන ලෙසටය.

ඒ සඳහා ආර්ථික අරබුදය වහා කලමනාකරනය කරන ලෙසටය.

විපක්ෂය සැමදා සිදු කරන ලද ලෙසටම මෙවරද සිදු කරමින් සිටින්නේ ජනවහරේ එන අන්ධ මිනිසුන් කන්ඩායමක් අලියා හඳුනාගැනීනමට දැරු උත්සාහයට සමාන ක්‍රියාවකටය.

අද අප මුහනදෙමින් සිටින්නේ ආර්ථික අරබුදයකටය. එය සැබවින්ම දීර්ඝ කාලයක් අප රටක් ලෙස සිදුකල වැරදි රාජ්‍ය කරනයේ (governance) ප්‍රතිපලයකි. රාජ්‍යකරනයේ අරබුදය වන්නේ රාජ්‍යයේ දේශපාලන හා ආර්ථික තීරන inclusive සහ පාරදෟෂ්‍ය ආකාරයට නොගැනීමයි.

නමුත් රාජ්‍යකරනයේ අරබුදය අපට එක රැයකින් පිලිසකර කල නොහැකි අරබුදයකි. එය පියවරෙන් පියවරට සිදු කල යුත්තකි.

ආර්ථික අර්බූධය විසින් දැන් දේශපාලනික අරබුදයක් නිර්මානය කොට තිබේ. එම අරබුදය නම් ලාංකික සමාජයේ අධෝව්‍යූහය නිර්මිත ආර්ථිකය ශූන්‍ය වීම හෝ ඊට ආසන්න වීම නිසා අප සමාජයේ උපරිව්‍යූහයේ නිර්මිතයක් වන දේශපාලනය (සම්ප්‍රදායික දේශපාලන සමාජයේ ව්‍යුහයන්, කාරකයන්) ශුන්‍ය හෝ අස්තාවරවීමයි.

අරබුදය ඉදිරියේ අපගේ දීර්ඝ කාලීන හා ගැඹූරු රාජ්‍යයේ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරන සිදු කිරීම අත්‍යවශ්‍ය නමුත් මේ අවස්තාවේදී අත්‍යවශ්‍යවී ඇත්තේ උදාහරනයක් ලෙස සැඩ පහරකට හසුවී වතුර පෙවී හුස්ම හිරවෙමින් ගසාගෙන යන මිනිසකු සැඩ පහරින් බේරාගෙන, කෟතිම ස්වසනය ලබාදී හදිසි රෝහල් ප්‍රතිකාර ලබාදීමය.

නමුත් විපක්ෂය කතා කරමින් සිටින්නේ සැඩ පහරට අසුවු පුදගලයාගේ අබලන්වු නිවස නැවත ප්‍රතිසංස්කරනය කොට ඔහුගේ විනාෂවු ජීවිකාව නැවත ලබා දෙන්නේ කෙලෙසද යන්න පිලිබඳවය.

එසේම දැනට තමන්ගේ දේශපාලන භූමිකාව ශුන්‍යවු අවකාශයක පවතින බව නොදැන විපක්ෂය උත්සාහ දරමින් සිටින්නේ එම ශූන්‍යවු අවකාශය තුල තම දේශපාලන බලය නැවත ගොඩනඟා ගැනීම සඳහා අනාගතයේදී පවත්වනු ලබන පාර්ලිමේන්තු මැතිවරනයක් තුලින් රට පාලනය කිරීමේ බලය ලබා ගැනීමටය.

වර්ථමාන විපක්ෂය අමතක කරමින් සිටින්නේ මේ රටේ අනාගතය මෙන්ම තමන්ගේ දේශපාලන අනාගතයද රඳා පවතින්නේ හෙට පිලිබඳව අප ගන්නා තීරන මත මිස කවදාක හෝ එලඹෙන අනාගතයක් තුල ලැබෙන්නාවු අවස්තාවක් තුලින් රටට ගෙන ආ හැකි සෙතක් මත නොවන බවයි.

මෙරටේ අනාගතය යනු හෙට මිස මධ්‍යම කාලීන හෝ දීර්ඝ කාලීන අනාගතයක් නොවේ.

මේ යථාර්තය පිලිනොගන්නේ නම් රාජපක්ෂ පාලනය පමනක් නොව ඊට ඇති දේශපාලන විකල්පයන්ද ජනතාව විසින් පිලිකෙව් කරනු ලබන දිනය වැඩි ඈතක නොවනු ඇත.

නවතම ලිපි