මේ දිනවල පාර ට බැස සිිටින්නේ - රුසියානු විප්ලව සමයෙ හි සිටි පීඩිත කම්කරු ගොවි ජනතාව නම් නො වේ.

තාවකාලික භාණ්ඩ සහ සේවා හි`ගය නිසා පීඩාව ට පත් ආත්මාර්ථකාමී පාරිභෝගිකයින් ය (මේ නිවැරදි ‘පාරිභෝගික’ යන වචනය මගේ නො ව සම්පත් සුසන්තයන්ගේ ය)

නිසි පරිදි ඒ පාරිභෝගික භාණ්ඩ ලැබේ නම් - ගෝඨා නො ව මොන යකා සිටියත් මුන් රොත්ත සනීපෙ ට ගෙදර ය.

(කොහොමත් - එන සිංහල අවුරුද්ද ට - මේ විනෝද සටන නවත්වා - මුන් ගමේ ගොස් කිරිබත් කන්නේ ගෝඨා යකා අමතක කර වීම අමතර විහිලූවකි)

පවතින ක‍්‍රමය වෙනස් කිරීම ට - මේ හැත්ත ට කිසිම ඕනෑ කමක් නැත. ඇවැසි වන්නේ තෙල් - ගෑස් - විදිලිය - කිරිපිටි ආදී දේ අඩුවකින් තොර ව ලබා ගැනීම පමණි.

මේ අවස්ථාවාදී ජනතාව සත පහ ක ට විශ්වාස කළ යුතු නො වේ. 69 ලක්ෂය ක ගොන් හැත්ත පමණක් නො ව - විරුද්ධ පක්ෂ නාම්බන් ද ඉන්නේ එකම කරත්තය ක ය.

මා මිත‍්‍ර කලාකාර සමාජය ද - මුන ට රැවටීම විසින් තේරුම් යන්නේ - උනගේ මොළ ගෙඩියෙ හි තරම විනා අන් යමක් නොවේ.

මේ කලාකාර හැත්ත සේ ම - හුදී මහජනයා ද - මේ ගන්නේ තනිකර ම අදේශපාලනික විනෝදයකි. (‘විනෝදය’ නැමැති මේ දේශපාලනික වචනයෙ හි අයිතිකරුවා දීප්ති කුමාර ගුණරත්ණ ය)

ලංකාවෙ හි පමණක් නො ව - මුලු ලෝකයෙ හි ම කලාකරුවන් වනාහි - සිය පුද්ගලික සතුට අහිමි ව - අනුන් වෙතින් සිය විනෝදය සොයනා අන්ත අසරණයින් ය. ( කරුණාකර ඔිෂෝ හදාරන්න )

මේ 'විනෝදය' - අවසන කෙළවර වන්නේ කපටි - පළපුරුදු රාජපක්ෂවරුන ට ජය අත් කර දෙමිනි.

‘විනෝදය’ සහ ‘ඇත්ත දේශපාලනය’ අතර මහ පරතරයක් ඇත.

පසුගිය 03 වෙනි දා - ඊනියා මධ්‍යම පංතික හුදී මහජනතා ව - ඉබේ සංවිධානය වූ කල - ජවිපෙ - පෙරටුගාමී - වාමාංශික පක්ෂ - විමල් නඩය ඇතුලූ ධනපති පක්ෂ විසින් ප‍්‍රසිද්ධ නිවේදන නිකුත් කරමින් කියා සිටිනු ලැබූ යේ - නායකත්වයක් නැති අරාජික ජනතා සටනක වගකීම - කිසිසේත් තමන ට භාර ගත නො හැකි බව ය. එය කඩාකල්පල්කාරී ක්‍රියාවක් විය හැකි බව ය.

දැන් මුන් කියන්නේ වෙන බයිලාවකි.

එනම් ජනතාව ට - දිගට ම මේ අයුරින් සටන් කරනා ලෙස ය.

අද - අනුර කුමාර පාර්ලිමේතුවෙ හි දී ද - ඉන් පිටත ද කී වේ ඒ ටික ය.

එහෙත් - ඒ සටනෙ හි නායකත්වය ගන්න ට මුන් සූදානම් නැත (පෙරටුගාමී සොක්කන් ද ඇතුලූ ව)

මුන් ට ඕනෑ කරන්නේ - ඊනියා ජනතාව බිල්ල ට දී - තම දේශපාලන අවස්ථාවාදය රැක ගැනීම පමණි.

ගෝඨා විසින් මුන ට - කදිම ළනුවක් ද දුන් සේක.

එනම් - පාර්ලිමේන්තුවෙ හි බහුතර බලය පෙන්වා - හැකි නම් ආණ්ඩුවක් පිහිටුවා රට ගොඩ ගන්නා ලෙස ය.

කපටි රාජපක්ෂවරුන් එය කී වේ - කට කසනවා ට නොවේ.

ඩොලර් - තෙල් - ගෑස් - විදිලිය - කිරිපිටි නැති මේ කුණ්ඩවාලය ට කර ගසන්න ට - ඊනියා පාර්ලිමේන්තු වීරයින් කිිසිවකු සූදානම් නැති බව හො`දාකාර ව ම දන්නා හෙයිනි.

ඊනියා මහජනතා ව ද - සැම දා පාරවල් ගණේ සටන් නො කරනු ඇත. උන් ද සිය රස්සා සහ බිස්නෙස් වෙත ආපසු යා යුතු ව තිබේ. නැතිනම් සිය බොක්ක ට කෙළ වනු නි සැක ය.

ඒ හෙයින් උන් - හෙට අනිද්දා වන විට ඉබේ ම සන්සුන් වනු ඇත.

රාජපක්ෂලා මේ යතාර්තය දනී. ‘අපි මලා ට මේක දාලා යන්නේ නැහැ’ වැනි චන්ඩි පාට් දාන්නේ ඒ හෙයිනි.

ඉදිරියෙ හි දී - වැඩි මර්ධනයකින් තොර ව ම - රාජපක්ෂලාගේ ජයග‍්‍රහණය සිකුරු ය.

මේ යථ ගැන - මා කලින් කි යූ කල - ෆේස් බුකි වැසියන් විසින් - මා රාජපක්ෂවාදියෙකු ලෙස හංවඩු ගැසී ය.

දේශපාලන විශ්ලේශකයකු ලෙස මා - ඊනියා ජනතා උද්ඝෝෂණ වෙතින් ඇස් නිලංකාර කර ගන්නා අඳ බාලයකු නොවේ.

මම ආඩම්බරකාර මාක්ස්වාදියෙක්මි.

එහෙත් එක විට - චේ ගුවේරාවාදියකු ද වන මම - මේ යෝජනාවන් කරමි.

1. සියලූ වැඩ කරන ජනතාව සමස්ත වැඩ වර්වර්ජනයක් කළ යුතු ය.

2. ඉක්බිති සියලූ පාරවල් පුරා වාඩි ලා ගත යුතු ය.

3. ආණුඩුව ගෙදර යන තුරු - තමන ද ගෙදර නො යා යුතු ය. දරු මල්ලන් සම`ග එ තැන ම උයා පිහා ගෙන කෑ යුතු ය.

4. වාමාංශික හෝ ධනපති පක්ෂයක් මේ සටන ට නායකත්වය දිය යුතු ය.

5. ඉන්පසු ඇති වන ආණ්ඩුව - වහා ධනේශ්වර ප‍්‍රතිසංස්කරණයන් කළ යුතු ය.

6 ලෝක ය ට ම රට විකුණා හෝ ඩොලර් සොයා ගත යුතු ය.

මෙ වැනි වීර විප්ලවයන් ට නායකත්වය දීම ට - ජවිපෙ සහ පෙරෙට්ටන් අම්බ බිය ය. රිස්ක් එකක් ගෙන හිරේ විලංගුවෙ වැටී - ඇ`ග රිදවා ගැනීම උන් ට අසීරු ය. මන්ද උන් - සුලු ධනේෂ්වර මධ්‍යම පංතිකයින් ය.

වැඩ වර්ජන පිළිබඳ ව නරක ඉතිහාසයක් ද අපට ඇත.

1980 හි දී - සියලු රාජ්‍ය සේවකයින් වැඩ වර්ජනය කළ අතර - ගෝඨා ට වඩා භයානක ජේ ආර් විසින් - ඒ සියලු වර්ජකයින්ගේ රස්සාව අහිමි කරන ලදි. 500 ක් පමණ හැර - සියලු වර්ජකයින් සමාව ඉල්ලා යළි සේවය ට ගියේ - විජේවීර ඇතුලු බොහෝ කම්කරු නායකයින් ඒ සටන පවා දුන් හෙයිනි. කම්කරු නායකයකු වන මාගේ පියා ද ඒ ද්‍රෝහීන් ට ඇතුලත් ය.

කෙසේ වු ව - ගෝඨා - ජේ ආර් කෙනෙකු වනවා ට නම් - මා බොහෝ කැමති ය.

විප්ලවය ඇත්තේ එතැන ය.

(මාගේ මේ දේශපාලන මතය ට - සමීප මතයක් දරන්නේ දීප්ති කුමාර ගුණරත්ණයන්ගේ ‘‘සමබිම පක්ෂය’’ පමණි)

@සිරිමල් විජේසිංහගේ මුහුණුපොතෙනි.

නවතම ලිපි