රට සංවර්ධනය කොට වඩා උසස් පාරිභෝජනවාදී ජීවන තත්වයක් පුරවැසියාට ලබාදීමට නම් රාජ්‍ය පාලනයට පිවිසිය යුත්තේ උගතුන්ය.

පහත දැක්වෙන වීඩියෝව ජවිපෙ සාමාජිකයින් සහ හිතවාදීන් විසින් දැඩි උනන්දුවකින් යුතුව ශෙයා කරමින් තිබේ.

එම වීඩියෝවේ දැක්වෙනුයේ ආණ්ඩුව විසින් පත්කරන ලද ආර්ථික උපදේශක මණ්ඩලයේ සංයුතිය පිළිබඳව කතා කිරීමට ගොස් ඇති වූ තත්වයයි.

මුලින්ම ප්‍රශ්නය මතුකරන නිවේදකයා විසින් සඳහන් කරන කාරණය වන්නේ තමිල්නාඩු ආර්ථික උපදේශක මණ්ඩලයේ සංයුතියේ තත්වයයි. ඔහුට අනුව එහි නොබෙල් තාග්‍ය ලාභී ආර්ථික විද්‍යා මහාචාර්යවරයෙකුද සිටී. එසේම අවශේෂ සාමාජිකයින් ද ආර්ථික විද්‍යාව පිළිබඳව මහාචාර්ය හෝ පශ්චාත් උපාධිදාරී විශිෂ්ටයින්ය. ඊට සාපේක්ෂව ලංකාවේ මණ්ඩලය මොන පුස්සක් ද නිර්මාල් වැනි අය යන්න ඔහු විමසයි.

නිවේදකයා මතු කල අනෙක් කාරණය වන්නේ ආර්ථික උපදේශක මණ්ඩලයේ දෙදෙනෙකුම කැබිනට් මණ්ඩලය නියෝජනය නොකරන බවය.

කරකියාගත හැකි දෙයක් නොමැති වූ Eranda Ginige වැල්වටාරම් උත්තරයක් දීමට යනවිට ලිහිණි නමැති සුරූපිනිය මැදිහත් වී දැඩිව කියා සිටින්නේ "වියත්මග හදාගෙන ඔබ ආවේ මේ රට විද්‍යාත්මක ක්‍රමයට පාලනය කරනවා කියාගෙන, නූගත් දේශපාලනඥයින් හට මේ රට පාලනය කරන්න ගන්න නෙවෙයි, කෝ වියත් මගේ උගතුන්? ඔබ පොරොන්දු උනා මහජනතාවට උගතුන්ගේ පාලනයක්... ඇය දිගින් දිගටම මතුකොට සිටින අයුරින් ලිහිනිට අනුව ප්‍රශ්නය වන්නේ වියත්මගේ උගතුන් විසින් රට පාලනය නොකිරීමයි. ඇය විමසා සිටිනුයේ 'වියත්මගේ' උගතුන් අද කොහිද යන්නයි. ඇය නිවැරදිය. ජනතාව ඡන්දය ලබා දුන්නේ උගතුන්ගේ පාලනයක් සඳහාය. නමුත් උගතුන්ට පාලනය භාර නොදී නූගතුන් රට පාලනය කරයි. දැන් සියලු දෙනාගේ ප්‍රශ්නය වී ඇත්තේ එයයි. ඔච්චර තරහකින් කෑගසන්නේ ඇයිදැයි එරන්ද විසින් විමසා සිටින විට ඇය පවසන්නේ මම පමණක් නොව පොදු ජනතාවද උගතුන්ට රටේ පාලනය භාර නොදීම පිළිබඳව තරහින් පසුවන බවය.

ලැසිල් ද සිල්වා ලිහිනිගේ ස්ථාවරය සනාත කරමින් ප්‍රකාශ කොට සිටියේ, අප සත්‍ය පිළිගත යුතු බවත් පාර්ලිමේන්තුවේ උගතුන් නොමැති වීම යථාර්තය බවත්ය.

කෙසේ වෙතත් එරන්ද විසින් මතුකොට සිටි තීරණාත්මක කාරණයක් වූයේ ලංකාවේ නොබෙල් තාග්‍යය ලාභී ආර්ථික විද්යාඥයින් නොමැති බවය. ඒ අනුව පැවසිය හැක්කේ එවැනි ආර්ථික විද්යාඥයින් සිටින රටවල් සමග ලංකාව වැනි එවැන්නන් නොමැති රටවලට තරංග කල නොහැකිය යන්නයි.

අධ්‍යාපනය වෙනුවෙන් 6%යේ අරගලය කරන සමයේ නිර්මාල්ගේ ෆේස්බුක් ප්රෝෆය්ලයේ දමාගෙන සිටි පින්තූරය වූයේ දිළිඳු පැල්පතක බිම වාඩි වී අමාරුවෙන් අකුරු ලියමින් සිටිනා කුඩා ළමයෙකුගේ ඡායා රූපයකි. ඉන් නිර්මාල් හඟවනුයේ රටට අවශ්‍ය නිසි උගතුන් බිහි කොට ගැනීම සඳහා අධ්‍යාපනයේ ඇති වැදගත්කමයි. එසේම දක්ෂයින් සඳහා ඉඩ සැලසිය යුතුය යන්නයි. නමුත් එසේ කියනා නිර්මාල් දේශපාලනය සඳහා අධ්‍යාපන සීමාවන් පැනවීමට එකග නැත.

නිර්මාල් Nirmal Dewasiri වැනි අය හැඳින්විය හැක්කේ ප්‍රජාතන්ත්‍රවාදය රැක ගෙන උගුරට හොරා බෙහෙත් බීමට කැමති කුහකයින් ලෙසය. ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් සියලු දෙනා මග හැරීමට උත්සාහ කරන සත්‍ය මෙම සංවාදය තුලින් පැහැදිලි වේ. දේශපාලනඥයා කවුරුන් වුවද ලොව සත්තකින්ම පාලනය කරනුයේ උගතුන්ය. ඒ අනුව ප්‍රජාතන්ත්‍රවාදය යනු ඔබ නූගතෙකු වුවද ඔබට ද ඔබේ ජීවිතය ගැන තීරණය ගැනීමේ අයිතියක් ඇත යන්න අවිඥානික කරන ස්වාමි හැඟවුම්කාරකයකි. නමුත් එය අමු ව්‍යාජයකි. ඒ සැබවින්ම ලෝකය අයිති උගතුන්ට බැවිනි. අපේ ජීවිත තීරණය කරනුයේ ඔවුන්ය.

නමුත් යුගයේ දෘෂ්ටිවාදය තුල උගතුන්ට ඇති එම අයිතිය පිලිගැනී ඇත. එය හරියටම සමාන වන්නේ ධනවාදයේ මුල් කාර්තුවේදී ධනපතියා සතුව තිබූ අයිතියටය. එසේම වහල් සමාජයේ වහල් හිමියාට තිබු අයිතියටය. දැන් එතනට උගතා ආදේශ වී ඇත. එහෙත් සියලු දෙනා භාරගෙන ඇත්තේ සුදුස්සා උගතා බවය (ඒ ඒ ක්ෂේස්ත්‍ර තුල).

ඇත්තටම ආර්ථික අර්බුධයෙන් ගොඩ ඒමට නම් සුදුසු වන්නේ තමිල්නාඩු ආර්ථික උපදේශක මණ්ඩලය වැනි මණ්ඩලයකි. සැබෑව එයයි. කොල්ලකාරී ධනවාදයේ තම කොටස කඩා ගැනීමේ අර්බුධය වෙනුවෙන් ඇති විද්‍යාව එයයි.

'ද ලීඩර් ටීවී' සංවාද වලදී Harini Amarasuriyaගෙන් සහ Dhamma Dissanayakeගෙන් Sirimalee Liyanagama ඍජුව විමසා සිටිනුයේ රටේ පාලනය ඒ, ඒ, ක්ෂේස්ත්රයන් සඳහා වන උගතුන් හටම භාර දීම කල යුතු නොවේද යන්නයි. නමුත් ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් ඔවුන් එයට විරුද්ධව ව්‍යාජ ලෙස අදහස් දක්වයි. එසේ අසන විට එසේ කීවද ඔවුන් විසින් ගොඩනගන සත්‍ය සිරසේ මෙම සංවාදය තුලින් එලියට පැමිණ ඇත.

හරිනිලා ධම්මලා යනු කුහකයින්ය. කුහක කමට වඩා ප්‍රශ්නය වන්නේ "ඔවුන් ඇත්තටම කරමින් ඉන්න දේ ඔවුන් නොදන්නා කමයි". නමුත් ප්‍රශ්න වලට පිළිතුරු දීමේදී මගහැර යන්නේ නම් එය කුහකත්වයයි.

ලෝකයේ කිසිඳු රටක දේශපාලනය සඳහා ප්‍රවේශ වීමේ අධ්‍යාපන මට්ටමක් තීරණය නොකරනුයේ ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙනි. නමුත් එය එය එසේ කළහොත් ධනවාදය අර්බුධයට යෑම නොවැලැක්විය හැකිය. කෙසේ කීවද උගතුන්ගේ පාලනයන් පිළිබඳව ලොව පුරා සංවාදයක් ගොඩනැගී ඇත. ඒ සංවාදය තුල 'සංවර්ධනය වෙමින් පවතින රටවල්' සම්බන්ධයෙන් ගත් කල නූගතුන් දේශපාලනයට පැමිණෙන බව සහ නූගතුන් එවැනි රටවල් පාලනය කරන බවට 'බුද්ධිමය සංවාදයක්' පවතී. දේශපාලනය සඳහා හෝ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා අධ්‍යාපන සීමා නොතිබුණද උගතුන් දේශපාලනඥන් වී ඇති සහ ආණ්ඩුව තෝරාගැනීමේදී ඡන්දදායකයාගේ අධ්‍යාපන මට්ටම ඉහල තලයක පවතින රටක් සඳහා ඉහලම උදාහරණය ලෙස බුද්ධිමය සංවාදකරුවන් විසින් සලකනුයේ ස්වීඩනයයි.

ඒ අනුව මෙම ප්‍රජාතන්ත්‍රවාදීන් පවසනුයේ අධ්‍යාපන සීමා දමා උගතුන්ගේ පාලනයක් බිහි කිරීම ප්‍රජාතන්ත්‍රවාදී නොවන බවත්, උගතුන් සිටිනා රටක් බිහිකොට උගතුන් දේශපාලනයට යැවිය යුතු බවට වන වන සංවාදයක් සමාජ ගතකොට 'ජනතාව' තුලින්ම උගතුන්ගේ දේශපාලනයක් බිහි කල යුතුය යන්නයි. 'ජනතාව වෙනස් කිරීම' (බර්ටෝල් බ්‍රෙෂ්ට් ගේ ජනප්‍රිය ප්‍රකාශය), එනම් ජනතාව තුල උගතුන් දේශපාලනය හෙබවිය යුතුය යන කතිකාව ස්ථාපිතකොට, ජනතාව තුලින්ම උගතුන්ගේ පාලනයක් ස්ථාපිත කොට ගැනීමයි...

මොනවා කීවද නිර්මාල් සිටිනුයේ එම ස්ථාවරයේය. ඔහු එසේ නැතැයි කියන්නේ නම් පට්ට කුහකයෙකි. එසේම හරිනි, ධම්ම ඇතුළු එම ස්ථාවරයේ සිටිනා සියලු දෙනා ද සිටිනුයේ එම ස්ථාවරයේය.

නිර්මාල් හට ජවිපෙ අවශ්‍ය වී ඇත්තේ එකී කාර්ය සඵල කොට ගැනීම සඳහාය. එරන්ද ගිනිගේ සංවාදයෙන් පැන දුවනුයේ ඔහුට ප්‍රජාතන්ත්‍රවාදයේ එම විරුද්ධාභාශය දරා ගත නොහැකි බැවිනි. නමුත් නිර්මාල් එහි සිටියේ නම් සිනා සෙමින් පිළිතුරු දෙනු ඇත.

@Spartacus.lk

නවතම ලිපි