ලංකාවේ පුරවැසියන්, ආණ්ඩුවට වඩා පොහොසත්. දකුණු ආසියාවේ වැඩිම ඒක පුද්ගල ආදායම තියෙන්නෙ ලංකාවේ.

ඒ කියන්නෙ අපේ ජීවන මට්ටම (living standard) අනෙත් රටවලට වඩා වැඩියි. අවුරුදු 73ක් මොකද කළේ කියන එකට හොඳ පිළිතුරත් මෙතන තියෙනව.

මිනිස්සුන්ගෙ ජීවන මට්ටම ඉහළ නැංවීම තමා ඒ කාලය පුරා අපි කරල තියෙන්නෙ. ඉන්දියාව, බංග්ලාදේශය වගේ රටවල ආණ්ඩු පොහොසත්, හැබැයි මිනිස්සු දුප්පත්. මිනිස්සු දුප්පත් වෙනකොට ශ්‍රමය එහෙමත් ලාභ වෙනව. අපේ ජීවන මට්ටම හොඳ නිසා ශ්‍රමය ලාභ නැහැ. දැන් ඔය බංග්ලාදේශයෙන් ණය ගත්ත කියල ලංකාව දිහා අපහාසයෙන් බලන අයට මේ ගැඹුරු කරුණ වැටහෙන්නෙ නැ.

ඉහත තත්වය ඇතුළෙ අපේ අර්බුදයට හේතු තියෙනව කියලත් කියන්න පුළුවන්. ඒ කියන්නෙ අපි හම්බ කරනවට වඩා වියදම් කරන රටක්. ඒ දෙක අතර පරතරය නැති කරගන්නේ ණය අරගෙන. අපි ගොඩක් ගෙවල් හදල හොඳ ගෙවල්වල ජීවත් වුනාට, නිවාස ණය බැංකුවට ගෙවනව. වාහනයටත් ලිසිං ගෙවනව. රටකුත් එහෙම තමා. හොඳ ජීවන මට්ටමක් පුරවැසියන්ට දෙන්න ණය අරගෙන තියෙනව. අපේ මාර්ග, පොදු යටිතලපහසුකම්, රෝහල්, පාසැල් මේ සේරම සාපේක්ෂ හොඳ මට්ටමක තියෙනව.

අපි අද ඩොලර් අර්බුදයකට මුහුණ දීල තියෙන්නෙ සුවිශේෂී අවස්ථාවකට මුහුණ දුන්න නිසා. ඒ කියන්නෙ මේ ජීවන මට්ටම පවත්වාගෙන යන්න අවශ්‍ය ආදායම් අපට වසංගතය නිසා එක පාරම අහිමි වුණා. හරියට ගෙදර ගෘහමූලිකයගෙ රස්සාව නැති වුනා වගේ. එතකොට අපි කෙටිකාලීන ප්‍රශ්න ගොඩකට මුහුණ දෙනව.

දැන් මේකට විසඳුම අපේ ජීවන මට්ටම අර බංග්ලාදේශය, ඉන්දියාව වගෙ පහළ දාගන්න එක නෙමෙයි, කෙටිකාලීන අර්බුදයට දුෂ්කර වුනත් මුහුණ දීම. මේක ඇතුලෙ අපට විසඳුමත් තියෙන බව අමතක කරන්න එපා. ඒ තමා, වසංගතය වගෙ ෂොක්වලට මුහුණ දෙන්න පුළුවන් අමතර ආදායම් මාර්ග නිර්මාණය කර ගැනීම. රස්සාව නැති වෙනකොට තේ කෑල්ලක් හරි රබර් කෑල්ලක් හරි තිබුණ නම් අපට ජීවිතය ගැට ගහගන්න පුළුවන්. දැන් අපි කරන්නෙ, අර නැති වුණ ආදායම් එනකල් විකල්ප ආදායම් සොයා ගැනීම.

යම් කිසි දවසක මේ ආදායම් දෙකම අපට ලැබෙනව. එතකොට අපි වසංගතය පෙර සිටි තැනටත් වඩා ඉහළට ගිහිං තමා නවතින්නෙ.

@Mahinda Pathirana

නවතම ලිපි