වෛරී ප්‍රකාශ ලංකාවේ ඉතිහාසය වෙනස් කරන්නත්

වර්ථමානයේ පවතින දේශපාලන තත්වයන් වෙනස් කරන්නත් විශාල වශයෙන් බලපාලා තියෙනවා. ඒ්කට ළඟම ඇති උදාහරණයක් විදිහට අපිට පෙන්වන්න පුළුවන් දිගන සිද්ධිය,  මාවනැල්ල, අම්පාර මේ වගේ සිද්ධීන්  වෛරී ප්‍රකාශයන් හේතුවෙන් ඇති වෙච්ච බව අපිට පෙන්නලා දෙන්න පුලුවන්.  

අපි ඉතිහාසයෙන් පාඩම් ඉගෙන ගත යුතුයි

ඉතිහාසය අරන් බලපුවහම සිංහල මුස්ලිම් කෝලහලය ගම්පොළ සිදුවුණයි කියන එක්දහස්  අටසිය ගණන්වල. ඒ් වගේම වෛරී ප්‍රකාශයන් නිසා 1959 ඇති වෙච්ච සිද්ධි විදිහට ඉතිහාස ගත වෙනවා. ඒ  වගේම කලු ජූලිය ගත්තම 1983 දී. ඒ වගේ කාල අරන් බලපුවාම මේ වෛරී ප්‍රකාශ  නිසා අපේ රටේ ජාතිවාදී කෝලහාල, වර්ගවාදී කෝලහාල, ආගම්වාදී කෝලහල ගණනාවක් තුළින්  අපේ රටේ විශාල ජීවිත ගණනාවක් නැති වෙලා තියෙනවා. ඒත් එක්කම රටක පාලනට අරගන්න. නැත්නම් පාලනය වෙනස් කරන්න ජාතීන් අතර ගැටුම් ඇති කරන්න, වර්ගයන් අතර, ආගම් අතර ගැටුම් ඇති කරන්න පෙළඹිච්ච අවස්ථාවන් මම හිතන්නේ අපේ රටේ ජනතාවට අමතක නැහැ ඒ වගේ සිද්ධීන් පහුගිය කාලය පුරාම අපට දැකගන්නටත් ලැබුණා.

උදාහරණයක් ගත්තොත් එම්සීසී ගිවිසුම සම්බන්ධයෙන් ඇති කරපු වෛරී ප්‍රකාශය රටක ජනමතයක් වෙනස් කරන්නට හැකියාව ලැබුණා. හැබැයි අපි පසුකාලීනව දකිනවා යුගදනවි බලාගාරය එහෙම ඒ එපා කියපු ඇමෙරිකාවට රෑ මැදියමේම ලියලා දෙන්න ගිය තත්වයක් අපි පහුගිය කාලයේ දැක්ක.  මේ විදියේ වෛරී ප්‍රකාශ පුද්ගලයන් අරබයා වෙන්න වෙන්න පුළුවන්, සමාජයක් අරබයා වෙන්න පුළුවන්,  ආණ්ඩුවක් අරබයා වෙන්න පුළුවන්, මේ වෛරී ප්‍රකාශ එල්ල කරගෙන කරන ලද ප්‍රකාශ අපේ රටේ ඉතිහාසය පුරාම අපිට දැකගන්නට ලැබිලා තියෙනවා.

 

ස්ත්‍රීන්ට එරෙහි වෛරී ප්‍රකාශන

ඒ වගේම අපි කවුරුත් කතා නොකරන එක පැත්තක් තියෙනවා, ස්ත්‍රීන් අරබයා සිදු කරන වෛරී ප්‍රකාශන, අසභ්‍ය ප්‍රකාශ, මේවා හේතුකොටගෙනත් සමාජය පුරාම යම් යම් කැළඹීම් අතීතයේත් වර්තමානයේදී සිදුවෙලා තියෙනවා. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය එල්ල කරගෙන, චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය එල්ල කරගෙන, ඒ වගේම පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් එල්ල කරගෙන, එහෙමත් නැත්නම් පාර්ලිමේන්තුව තුළ ගත්තම, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ බිරින්දෑවරුන් එල්ල කරගෙන, එහෙමත් නැත්නම් සමාජයේ ප්‍රසිද්ධ කැපී පෙනන කාන්තාවන් එල්ලකරගෙන විවිධ ආකාරයේ වෛරී ප්‍රකාශයන් එල්ල කිරීම තුළ අපි දන්නවා මේ වෙනකොට අපි උදාහරණ පෙන්වලා දෙන්න පුළුවන්, එවැනි ආකාරයේ සමාජ විපර්යාසයන් සිද්ධවෙලා තියෙනවා.

ඇත්තම කියනවා නම් වෛරී ප්‍රකාශ තුළින් රටක් විනාශ කරන්න පුළුවන්. ඒ නිසා තමයි යුද්ධ ඇති වුණේ. ඒවගේම පුද්ගලයෙකුට එරෙහිව ගෙනයන වෛරී ප්‍රකාශයන් තුළ පුද්ගලයන් සිරගත කරන්න පුළුවන්.   එහෙම නැත්නම් අපි දකිනවා අද සමාජ මාධ්‍ය ජාලා වල යන වෛරී ප්‍රකාශ තුළින් සියදිවි නසාගැනිම් සිද්ධ වෙනවා. ඒ වගේම තව කෙනෙකුව මරණ දඹුවම දක්වා ගෙනියන්න පුළුවන් මේ වෛරී ප්‍රකාශ. ඒ වගේ ආයතන තුළ ඒ ආයතන ප්‍රධානීන් හා ඉන් පරිබාහිරව පහල මට්ටමේ සේවකයන් සමග ඇති වන වෛරී ප්‍රකාශ නිසා එම ආයතනයන් පවා කඩා වැටෙන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි සමාජය නොමඟ යන්නත් පුළුවන්. සමාජය තවත් පුද්ගලයෙකුට එරෙහිව නැගී සිටින්නත් වෛරී ප්‍රකාශ බලපාලා තියෙනවා කියන එකට මම අර මුලින් කිව්ව උදාහරණ පෙන්නලා දෙන්න පුළුවන්.

 

අවෛරී ප්‍රකාශන

ඒ වගේම අපි මෙතනදී මතක් කරන්න  ඕන මේ වෛරී ප්‍රකාශයන් නිසා රටවල් අතර සිදුවෙන්නට බරපතල තත්වයන් වළක්වා ගත්ත අවෛරී ප්‍රකාශයන් අපේ ඉතිහාසයේ තියෙනවා අපිට ඒවා ගෙනහැර දක්වන්න පුළුවන්. හොඳම උදාහරණයක් විදිහට මම දකිනවා ජපානයට නිදහස ලබා දීම සම්බන්ධයෙන් එක්සත්  ජාතීන්ගේ රටවල් එකතුවෙලා කරගත්ත කථිකාවත. ඒක හඳුන්වන්නේ එක්සත් ජාතීන්ගේ සැන්ෆ්‍රැන්සිස්කෝවල පැවති මහා මණ්ඩල රැස්වීම හැටියටය. එතනදී හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා, එතුමා ප්‍රකාශයක් කරනවා ධම්මපදයේ එන ගාථාවක් ගෙනැල්ල

නහීවේරේණ වේරාණි

සම්මන්ථීඡ කුදාඡනම්

අවේරේනේඡ සම්මන්ති

ඒස ධම්මෝ සනත්ථණෝ

වෛරයෙන් වෛරය නොසන්සිඳේ

අවෛයිරයෙන්ම වෛරය සන්සිඳේ

එය සනාථන ධර්මයකි

මේ විදිහට කියලා ඒ ජපානයට වෙන්න ගියපු ඒ බරපතල තත්වය නැති කරලා දෙන්නත් මේ ප්‍රකාශය හේතු වුණා. ඒක අවෛයිරී ප්‍රකාශයක්. මෙන්න මේ අවෛරී ප්‍රකාශය  ජපානය අද ඉන්න තත්වයට එන්න පාර හදලා දුන්නා.

 වචනයක් එළියට දානකොට ඒ වචනය තුළින් සමාජයට වෙන්න පුළුවන් බලපෑම කුමක් වෙයිද කියලා දෙතුන් වතාවක් හිතලා ඒ වචන පාවිච්චි කරන්න කියලා පණිවිඩයක් හැටියට මම ප්‍රකාශ කරන්න කැමතියි.

නවතම ලිපි