අය වැයක් කියන්නේ රජයේ ඉදිරි මුදල් වර්ෂය සදහා ආදායම් හා වියදම් පිලිබඳව ඉදිරිපත් කෙරෙන ප්‍රතිපත්තිමය ලියවිල්ලක්.

මුලින්ම රාජ්‍ය වියදම් ගැනත් පසුව එම වියදම් පියවාගැනීම සඳහා ආදායම් හොයාගන්නා විදියත් පිළිබඳව ප්‍රතිපත්තිමය වශයෙන් ඉදිරිපත් කෙරෙනවා.

අයවැයක වියදම් කොටස් දෙකක් වෙනවා. එකක් පුනරාවර්තන වියදම්. අනෙක ප්‍රාග්ධන වියදම්. මෙහිදී වියදම් පියවීමට ඕනම රජයක් බදු අයකරනවා. බදු කියන්නේ මේ වියදම් පියවීමට ලබන ආදායම.

සිරා ටෝක් අපි මේ උත්සහ කරන්නේ රජයේ අයවැය ලේඛනය ගැන පාඩමක් කියා දෙන්න නෙවෙයි.

රටක අයවැය ලේඛනයක් නිවැරදිව විශ්ලේෂණය කිරීම මගින් එම රාජ්‍යයේ ඉදිරි ගමනේ දිසානතිය පෙන්නුම් කරන නිසාම අන්න ඒ දිසානතිය විමසීමටයි.පහුගිය දිනයේදී මුදල් කැබිනට් ඇමති බැසිල් රාජපක්ෂ විසින් පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කලේ නිදහස ලැබීමෙන් පසුව මුදල් අමාත්‍යවරයෙක් ඉදිරිපත් කල 76 වැනි අයවැය ලේඛනයයි.

මීට පෙර ඉදිරිපත් කල සියලූම අයවැය ලේඛන ඒ ඒ රජයන් ඉදිරිපත් කලේම රට සංවර්ධනයේ දිසාවට ගෙනයාම සඳහායි. එම කිසිදු අයවැයකින් රට විනාශ මුඛයට ගෙනයාම සඳහා කිසිදු යෝජනාවක් ගෙනා ආවේ නෑ. ඒ අයවැය බොහොමයක් පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රීවරුන්ගේ කැමැත්තෙන් සම්මත වූවේ ඒ හින්ද.

සෑම අයවැය ලේඛනයකම බලාපොරොත්තුව ඒක වුවත්,

  • රට දිගින් දිගටම විනාශ මුඛය කරා ඇද වැටුනේ කොහොමද?
  • රටේ මිනිසුන්ගේ ප්‍රශ්න දිගින් දිගටම වැඩි වූවේ ඇයි?
  • රට ණය බරින් පතුලටම ගිලුනෙ කොහොමද?
  • රටේ නිෂ්පාදන ක්‍රියාවලිය දිගින් දිගටම බිඳ වැටුනේ ඇයි?
  • ජනතාවගේ සාමූහික පැවැත්ම බිඳ වැටුනේ කෙසේද?
  • රටේ සෞඛ්‍ය, අධ්‍යාපනය, ගමනාගමනය, වගේපොදු සේවාවන් දවසින් දවස ඔවුන්ගේ සංඛ්‍යා ලේඛනවලට අනුව පහල යන්නේ ඇයි?
  • කොටින්ම කිව්වොත් ගෑස්, සිමෙන්ති, ඉන්දන, කිරිපිටි, වගේඅත්‍යාවශ්‍ය භාණ්ඩ සඳහා පෝලිම් බිහිවීමත්, සහල්, එලවලු, බෙහෙත්, ඇතුලු අත්‍යාවශ්‍ය භාණ්ඩ වල මිල මිනිසුන්ට දරාගැනීමට නොහැකි මට්ටමට ඉහල ගොස් අරාජික තත්වයක් නිර්මාණය වුනේ කොහොමද?

ඒ වගේම ප්‍රධාන මිනිස් මූලික අවශ්‍යතා අර්බුධයට ගිහිල්ල. ජලය මුදලට අරගෙන බොන්න සිද්ධ වෙලා තියෙනව. ජලයේ, ආහාර වල වස විස මිශ්‍ර වෙලා තියෙනව. ජල මූලාශ්‍ර බොහොමයක් දූෂණය වෙලා. පොලවට වස විස එකතු වෙලා. වාතය හුස්ම ගැනීමට නොසුදුසු තත්වයට ඇවිල්ල.

අපිට ප්‍රශ්නය මතු වෙන්නේ මෙතනින්‍. ඒ කියන්නේ රට ඉදිරියට ගෙනයාමට ජනතාවගේ නියෝජිතයින්ගෙන් බහුතරයකගේ කැමැත්ත මත සම්මත කරගත් අයවැය ක්‍රියාත්මක තලයේදී විනාශය ගෙන එන්නේ කුමන හේතුවක් නිසාද?.

අපට 2022 වසර සඳහා ඉදිරිපත් කල අයවැය ලේඛනය සඳහා ප්‍රවිෂ්ට වීමට වන්නේත් මේ ප්‍රශ්නය මත හිදිමින්. ඒ කියන්නෙ මෙහෙම ගෙනෙන අයවැය ක්‍රියාත්මක වීමේදී අතිශය අසාර්තක වී ඇති බවත්, එක්කෝ මේ අයවැය ලේඛන කියන්නේම සම්ප්‍රදායිකව ඉදිරිපත් කරන වැඩකට නැති ලියවිලි යන පදනමේ ඉඳලයි.

 2020 අයවැය කතාව කියන්නට කලින් අපට මේ පොදුජන පෙරමුණු  ආන්ඩුව බලයට ආපු ගමන් කල අඥාන වැඩක් මතක් කල යුතුයි.

අපි එහෙම කියන්නෙ ඔවුන් බලයට පැමිනි වහාම ඔවුන්ට උදව් කල ව්‍යාපාරික හිතවතුන්ට සැලකීම සඳහා ගත් උපායමාර්ගික සැලසුම ගැනයි.

එහිදී 2019 ආණ්ඩු බලය ගත් වහාම නිශ්පාදනය දිරිගැන්වීමට සහ ජනතාව මත පටවා තිබූ බදු බර අඩු කිරීම සඳහා යැයි කියමින් එවකට 15% පමණ අගයක තිබූ වැට් බද්ද (එකතුකල අගයන් මත පැනවූ බදු) 8% ක ප්‍රමාණයට අඩු කලා.

මෙතැනදි සිද්ධ උනේ තම හිතවතුන්ට සහන දීමයි. ඔවුන් ජනතාවට පැවති මිලටම ඔවුන්ගේ නිශ්පාදන අලෙවි කරමින් උපයාගත් බදු රජයට නොගෙවා මඩි ගහගත්‍තා. ගනනය කර ඇති ආකාරයට මේක රුපියල් මිලියන 800 ක් රජයට අහිමි කිරීමකි. රජය එම අහිමි වීම රුපියල් මිලියන 400 ක් යැයි කිව්වත් මේවයෙ ඇත්ත නැත්ත ගණනය කර ජනතාවට හෙලි කල යුත්තේ රාජ්‍ය ආදායම් බදු දෙපාර්තමේන්තුවයි. කොහොම වුනත් එම අහිමිකරගත් මුදල නිසා රාජ්‍ය ආදායම පහල ගිය බවනම් පැහැදිලිය. අපිට මේව මතක් කරන්න වෙන්නෙ මහා අතිශයෝක්තියක් එක්ක අයවැය ඉදිරිපත් කරන්නයි බැසිල් රාජපක්ෂ ආවෙ. ඒත්  තනි පුද්ගලයෙක්ට මේවට කරන්න පුළුවන් දෙයක් ඇත්තෙ නෑ.

ආණ්ඩුවේ බැසිල් පාර්ශ්වය පාරම් බෑව ඇමරිකානු පුරවැසිභාවය සහිත, සුපිරි ලිබරල් වාදියකු වන, තමන්ගේම අයියලාට වැඩේ කරන්න බෑ කියමින් මොල හතක් තියෙන සුපිරි ඔලුවක් පාර්ලිමේන්තුවේ නැතිව මේ රට ගොඩනගන්න බෑ කියමින් පාර්ලිමේන්තුවට ජාතික ලැයිස්තුවෙන් රිංගාගනිමින් මුදල් ඇමතිකම ලබාගත් බැසිල් රෝහණ රාජපක්ෂ මහතාගේ විශිෂ්ටත්වය පෙන්වන අයවැය  කොයිතරම් සුපිරිද යන්න බැලීමටයි. බැසිල් රාජපක්ෂ රටේ සියලු කටයුතු මෙහෙයවන්න පටන් ගන්නේම අද ඊයෙක නොවෙයි. එදා මහින්ද රාජපක්ෂ ජනාධිපතිගේ කාලයේදීත් ආණ්ඩුව මෙහෙයෙව්වේ ඔහු. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වූ පසුව අර වැට් බද්ද අඩු කරන විටත් මේ කටයුතු මෙහෙව්වේ ඔහුමයි. ඒ නිසා රටට රුපියල් මිලියන 800 ක් ආදායමක් අහිමි කිරීමට ඔහුගේ දායකත්වයක් නැතිවිය නොහැකියි.

මේ කාරනය අපට විශේෂයෙන්ම මතක් කිරීමට සිද්ද වෙන්නේ මෙවර අයවැයෙන් රාජ්‍ය ආදායම් පියවීමට බැසිල් රාජපක්ෂ සැලසුම් කල විදිය කියන්නටයි. එනම් අර පලමු මොහොතේම අහිමිකරගත් බදු ආදායම බැසිල් අය කරගැනීමට කටයුතු කරල තියෙනව.  ඒ සඳහා බැසිල් 2015 - 2016 වසර සඳහා රවී කරුනානායක මුදල් ඇමති වරයා විසින් ගෙන ආ සරදියෙල් පන්නයේ සැලසුමක් ඉදිරිපත් කරනවා. ඒක එදා රවී කරුණානායක ඉදිරිපත් කලත් රවීට ඒක කරගන්නට බැරි උනා. නමුත් බැසිල් මෙතනදී 2020 - 2021 කොවිඩ් කාලය තුලදී රුපියල් මිලියන 2000 කට අධික ලාභ ලබාගත් ආයතන සහ පුද්ගලයින් 62 ක් සඳහා 2.5% සුපර් ගේන් බද්දක් හදුන්වා දෙනවා.

ඒ මගින් රජයේ බදු ආදායම ඉහල ගියත් මෙසේ ආපස්සට බලපාන පරිදි බදු අයකිරීම (රෙටස්ප්‍රෙක්ටිව්) බදු කොන්දේසි වලට අනුව නොගැලපෙන බවට මැසිවිලි දැනටමත් මතුවෙලා. එනම් කලින් දැනුම් නොදී පසුආවර්තීව අයකරන බදු නිසා ආයෝජකයින් තුල අවිනිශ්චිතතාවයක් සහ රජයේ ප්‍රතිපත්ති පිලිබඳව ගැටලු සහගත  තත්වයක් ඇති කරනවා.

ඒ කොහොම වුවත් බැසිල් රාජපක්ෂට මේ මොහොතේ අවශ්‍ය වෙන්නේ අර කල මරිමෝඩ වැඩේ නිසා අහිමිවුන ආදායම කෙසේ හෝ උපයා ගැනීමට බවනම් පැහැදිලියි. මෙලෙස හිතුමනාපෙට බදු ආදායම් වැඩි කිරීම සුදුසුද යන්න වෙනම කතා කල යුතු මාතෘකාවක් වුනත්, රජයේ බදු ප්‍රතිපත්තියේනම් පැවති වසර 75 ලෙසම කිසිදු වෙනසක් සිදුවී නොමැති බව පැහැදිලිය. ඒ කියන්නෙ මේ ආණ්ඩුව බලයට එන්නේම දැනට පවතින බදු ප්‍රතිපත්තිය වෙනස් කරන පොරොන්දුව ඇතිවයි.

අපි දන්නවා ලංකාව තුල වක්‍ර බදු අය කරගැනීමේ යාන්ත්‍රණයක් තියෙනව. එහෙත් සෘජු බදු අයකරගැනීමට නිසි ක්‍රමවේදයක් නෑ. මෙතෙක් පැවති සෑම රජයකම බදු සැළසුමේ තිබුනේ 80% වක්‍ර බදු සහ 20% සෘජු බදු ලෙසයි. මෙහිදී වක්‍ර බදු කියන්නේම ජනතාව මත පටවන බද්ද. සෘජු බදු යනු ආදායම් ඉපයීම මත පනවන බද්දකි. මේ ආණ්ඩුව බලයට එන්නේම තමන්ගේ ප්‍රතිපත්තිය ජනතාව මත බර පටවන එක නොවෙයි යන්න කියමින්.

ඒ නිසා ඔවුන්ගේ දැක්ම වුනේ 60% දක්වා වක්‍ර බදු අඩු කිරීම හා 40 % දක්වා සෘජු බදු වැඩි කිරීමයි. එහෙත් මොල හතක් තිබෙනවායැයි පැවසූ බැසිල් රාජපක්ෂගේ අයවැයේත් සුපුරුදු පරිදි ඇත්තේ 80% සහ 20% ප්‍රමාණයන්මය. ඒ කියන්නේ ජනතාව තලා පෙලා බදු ලබාගැනීමේ ක්‍රමවේදයමයි.

 ඒ වගේම සමහර බදු ගැන කිසිම පැහැදිලි කිරීමක් නෑ. ඒවා අය කරගන්නේ කොහොමද නියන එක අවිනිශ්චිතයි.

උදාහරණයක් විදිහට ගත්තොත් GST බදු ( ගුඩ්ස් ඇන්ඩ් සර්විසස් ටැක්ස්) මේක ගිය අවුරුද්දේ යෝජනා කරල මේ වසරේ ජනවාරි සිට අය කරනවා යැයි පැවසුවද මෙතෙක් ඒ බදු අයකරන්නේ කාගෙන්ද සහ එහි ප්‍රමාණයන් ගැන පැහැදිලි නැත.

ඒ වගේම රාජ්‍ය ආරක්ෂන බද්දක් 2.5% අය කරනවා කියල කිව්වට ඒ සඳහා අයත්වන ආයතන හෝ පුද්ගලයින් නම් කරලත් නෑ.

ඒ නිසාම මෙම අයවැයෙන් පිලිබිඹු වෙන්නේ නිශ්චිත බදු ප්‍රතිපත්තියක් නොමැති කමයි.

කෙසේ වෙතත් අර අහිමි කරගත් බදු මුදල අයකරගැනීමට නම් උත්සාහයක් දරා ඇති බව පේනවා.

ඒ වගේම කොවිඩ් හේතුවෙන් සහ මූල්‍ය අර්බූදය හේතුවෙන් සීමා කරන ලද ආනයනය සහ එමගින් අහිමිවූ ආදායම ගැන සැලකිල්ලක් දක්වා නෑ.

එපමනක් නොවෙයි.

අයවැය කියන්නේම රාජ්‍ය ප්‍රතිපත්තිය නිසාම මේ වනවිට රට මුහුන දී ඇති අරාජික තත්වයෙන් ගොඩ ඒමක් ගැන යම් පිළිබිඹුවක් අය වැය තුල තිබිය යුතුය.

මෙහි මූලික සාධකයක් වන්නේ ව්‍යසනය හේතුවෙන් බිඳවැටී ඇති ජන ජීවිත නගා සිටුවීමයි.

වෙනත් රටවල එක දිගට දින 100 ක් වැඩ කාලයක් සැපයීම, ඔවුන්ගේ අත්‍යාවශ්‍ය භාන්ඩ සඳහා යම් මිල කපා හැරීමක් කිරීම වැනි යෝජනා ක්‍රියාත්මක වෙනවා. සමහර බරවල් ජනතාවගෙන් නිදහස් කරල ති‌යෙනව. එමගින් ජන ජීවිතය අවුල් වීම ඒ මගින් යම් පමණකට සමනය කරන්න පුළුවන්. ඒ වගේ දේවල් වලට ආණ්ඩුවක් විදිහට පොදුජන පෙරමුණට ප්‍රවේශයක් නෑ. ඒ නිසා මෙම අයවැය තුල එවැනි යෝජනා නෑ.

එමෙන්ම විදේශ විනිමය හිගය නිසා පැන නැගී ඇති ගැටලුව සදහා කෙටිකාලීන, මධ්‍ය කාලීන සහ දිගුකාලීන ක්‍රමවේදයක් අවශ්‍යය.

ඒ නිසාම එදිනෙදා ජනතාවට බලපාන මූලික අවශ්‍යතාවයන් වන පොහොර ඉන්දන ගෑස් වැනි දේවල් විසදීම සදහා කිසිදු යෝජනාවක් සඳහන් කර නෑ.

ඒ විතරක් නෙවෙයි වරාය වෙත පැමිනි නැව් වලින් භාණ්ඩ මිලදී ගැනීමට නොහැකිව පවතිනවා

විනිමය අනුපාතය ඉහල යෑම නිසා භාණ්ඩ වල මිල වැඩිවීම සහ නැව් ගාස්තු ඉහල යෑම නිසා භාණ්ඩ මිල ඉහල යාම ගැන සහ එම තත්වයන් පාලනය කිරීමේ යෝජනා ඇතුලත් වෙලා නෑ.

මේ ආකාරයට ගනිද්දී විශාල පෙරලියක් කිරීමට පැමිනි බැසිල් රාජපක්ෂගෙ අයවැය පුස් වෙඩිල්ලක් විතරයි.

මේ අර්බූදය තවත් බරපතලයි.

ඒ වර්තමානයේ විදේශ සංචිත ගැටලුව මෙන්ම ණය ගැටලුවද උත්සන්න වෙලා.

මෙම ගැටලු දෙකම විසදීමට ඩොලර් සෙවිය යුතුය.

එසේනම් මෙම සංචිත ගැටලුව විසදන්නේ කෙහොමද කියන එකට  යෝජනා ඉදිරිපත් විය යුතුයි.

සංචිත සෙවීමට කෙටි මාර්ග අපට නෑ.

ඇත්තේ මාර්ග කිහිපයයි.

ඒකෙ පලමු වැන්න වෙන්නේ රටේ නිශ්පාදනය වැඩිකර අපනයනය වැඩි කිරීමයි.

සාම්ප්‍රදායිකව කල නිශ්පාදන හැරුනුකොට නිශ්පාදන දිරිගැන්වීමේ දශකය වැන්නක් යොජනා කරමින් කඩිනම්වත්, මධ්‍ය කාලීන හා දිගුකාලීන ලෙස එය වර්ධනය කිරීමේ දිසාවට යෝජනා ඉදිරිපත් විය යුතුයි.

අපනයන නොමැති තත්වයක් තුල කිසි සේත් විදේශ සංචිත අපට ලැබෙන්නේ නෑ.

දෙවනුව විදේශ විනිමය ඉපයිය හැක්කේ සංචාරක කර්මාන්තය හරහායි.

එහෙත් ලෝක සංචාරක කර්මාන්තකරුවන්ගේ සංගමය කියන විදිහට සංචාරක කර්මාන්තය 2025 පමන වෙන තෙක් යතා තත්වයට පත් වෙන්නෙ නෑ.

ඒ මගින් අපට ලැබෙන පනිවිඩය වෙන්නේ ඒ කර්මාන්තය මගින් විදේශ විනිමය ඉපයීමට නොහැකි බවයි.

එමෙන්ම සේවා සැපයීම හා සේවා සැපයීම වර්ධනය කරමින් වැටුප් හරහා විදේශ විනිමය ඉපයීම සදහා හෝ කිසිදු යෝජනාවක් මෙහි ඉදිරිපත් කර නෑ.

එසේනම් අපට විදේශ විනිමය ලැබෙන්නේ කෙසේද

එහි අනියම් හැගවීමක් තියෙනවා.

එනම් විදේශ විනිමය ඉපයීම අයවැයකින් ඉදිරිපත් කිරීමේ උවමනාව ආණ්ඩුවට නෑ.

එහිදී කාරනා දෙකක් ඇත

එකක් ඒ සදහා කිසිදු සැලසුමක් ආණ්ඩුවට නොමැති කමයි

අනෙක සැලසුම් ඇතත් අයවැයට ඒවා ඇතුලත් කිරීමට උවමනාවක් නොමැති කමත ඇතුලත් කරන්න බැරිකම.

එසේ විදේශ විනිමය ඉපයීමේ වෙනත් ක්‍රම මොනවාද?

වනාන්තර සහ ඉඩම් විකිනීම හරහා මුදල් ඉපයීම වැනි රටේ සම්පත් විකිනීමේ සැලසුමක් තියෙනවා නම් අයවැයකින් ඒවා ඉදිරිපත් කිරීමට බෑ.

ඒ නොකියන ඒවා තමයි ඉඩම් විකිනීම හා සම්පත් විකිනීම

හන්ගලා කරන සැලසුම්

මේ අයවැය තුළ රාජ්‍ය ණය ගෙවීමට අදාල යෝජනා නෑ

තව කොපමන කාලයක් ආනයන සීමා පනවගෙන සිටින්නේද සහ එයට විසදුමක් නෑ

විදේශ විනිමය අනුපාතය හරහා මහ බැංකුව කෙරෙහීත් රජය කෙරෙහීත් ඇතිවී ඇති අවිනිශ්චිතතාවයට කිසිදු යෝජනාවක් නෑ

අපනයන දිරිගැන්වීම සදහා වැඩපිළිවෙලක් නෑ

සේවා සැපයීම මගින් සංචිත ආදායම වැඩි කර ගැනීමේ ක්‍රමවේදයක් නොමැති කම

සංචාරක කර්මාන්තයේ කඩා වැටීම මත විදේශ මුදල් නොලැබීම සහ එයට විසදුමක් යෝජනා වෙලා නෑ

බොරතෙල්, පොහොර, ගෑස්, වරායෙන් මුදවාගැනීමට ඇති භාණ්ඩ මුදවා නොගැනීම,බෙහෙත්, සිමෙන්ති, වැනි අත්‍යාවශ්‍ය භාණ්ඩ සැපයීම සදහා ක්‍රමවෙව්දයක් පෙන්වල නෑ

මේවා අය වැයෙන් ඉදිරිපත් කරන්නේ නැත්තේ එක්කෝ ‍‍රජයට මේ සදහා ක්‍රමවේදයක් නැතිකම, නැතිනම් ක්‍රමයක් ඉදිරිපත් නොකිරීම

එසේ ඉදිරිපත් නොකරන්නේම රටේ සම්පත් විකිනීම හරහා ලැබෙන විදේශ විනිමය හරහා ඉහත ගැටලුවලට විසදුම් සැලසුම් කිරීම

එනම් මේ අයවැය කියන්නේ අදායම උපයන හෝ පවතින ගැටලු වලට ස්තීර විසදුම් යෝජනා කරන අයවැයක් නොවන බව හා මෙතෙක් පැවති රජයන් සේම සම්පත් විකිනීම හා ණය මතින් යැපෙන ආණ්ඩුවක් බව අය වැය තුලින් පෙන්වීම

එසේ සම්පත් විකුනා හෝ නය අරගෙන කොතෙක් මේකට දැම්මද ආදායම් උපයන්නේ නැතිනම් ඒ සියල්ල විසින් තව තවත් රට අරාජික වීම හැර වෙන යමක් ඇත්තේ නෑ

ඉතිං මේ අයවැය වසර 75 ක් සේම බොරු ලියවිල්ලක් ඉදිරිපත් කිරීම

මොකකටද මේ දැන් මුදල් වෙන් කරල තියෙන්නෙ?

රට සංවර්ධනය කරනවා කියා ග්‍රාමීය ප්‍රදේශ සඳහා මුදල් වැය කිරීම

ග්‍රාමීය ප්‍රදේශවල නිෂ්පාදනය දියුණු කරන්න පුළුවන් වෙන්නෙ ජාතික ප්‍රවාහයක් එක්ක මුසු කිරීමෙන්. ඒත් ජාතික සැලැස්මක් නැතිව ගමට කොයිතරම් සංවර්ධන වැඩ කළත් වැඩක් නෑ ගමේ නිෂ්පාදනයන් ජාතික ප්‍රවාහයට සම්බන්ධ නොකර.

එතකොට මේ ගමට දෙන සල්ලි දීමේ අරමුණ තමයි ගමේ තමයි පොහොට්ටු ඡන්ද මැසිම ක්‍රියාත්මක වෙන්නෙ. දැන් බැසිල් දන්නව මේ මැෂින් ටික ක්‍රියාත්මක කරන්න තමයි සල්ලි ඒ තැන් වලට පම්ප් කරන්න ඔින කියල. ඔික තමයි බැසිල්ගෙ අවශ්‍යතාවය මේ අයවැය හරහා මීලග ඡන්දය දිනවන්න පොහොට්ටුවට. ඉතිං මේ අයවැය කියන්නෙම දේශපාලන ප්‍රොජෙක්ට් එකක්.

ගමට මුදල් සැපයීම හරහා ගම් මට්ටමේ පොහොට්ටුවේ කලකිරී ඇති ප්‍රාද්ශීය සභා මන්ත්‍රී වරුන්ට සහ සභාපති වරුන්ට මුදල් ඉපයීමට ක්‍රමයක් සකසල තියෙනව.

ඒ මගින් එලැබෙන ප්‍රාදේශීය සභා මැතිවරනය ජයගෙන ඉදිරි මහ මැතිවරනයත් ජනාධිපති මැතිවරනයත් ජය ගැනීම තමයි බැසිල්ගේ අපේක්ෂාව.

ඒ කියන්නේ මෙතෙක් ලංකාව තුල ඉදිරිපත් කල අය වැය කියන්නේ තම දේශපාලන පැවැත්ම වෙනුවෙන් ඉදිරිපත් කල අයවැයවල් පමනයි. එවැනි තත්වයකදී රට හැදෙයිද අරාජික වෙයිද යන්න විශ්ලේෂණය හරහා තීරනය කල හැකියි.