දිනක් මා කිර්ගිස්තානයට යාමට ඉස්තාන්බුල් වලින් නගින ලද ගුවන් යානයේ යම් සුපුරුදු මුහුනක් දිස්විය.

ඒ සුසිල් ප්‍රේමජයන්ත ඇමතිතුමාය.

ඔහු සමග සෑහෙන වේලාවක් කතා කිරීමට මට අවස්තාව ලද අතර ඔහුත් මමත් එකගවූ කාරණයක් වුයේ ලංකාවේ මිනිසුන් ආර්ථික අහේනිවලදී එතරම් දුර්වල නොවී සිටියේ දේශපාලකයන්ගේ බල මහිමය හෝ එතෙක් පැවති ආන්ඩුවල දක්ශතාව  මත නොව ග්‍රාමීය ගොවිතැන හා ගෙවත්ත ඔවුන් ආරක්ෂා කල බැවිනි. ශ්‍රී ලංකාව වැනි කුඩා ග්‍රාමීය සමාජයක් ඇති බොහෝ රටවල් මිනිසුන් ජීවිතය හෝ ගැටගසා ගන්නේ ග්‍රාමීය කෘෂිකර්මාන්තයට පින් සිදුවන්නටය.අනාගතයේ ලෝකයේ ආහාර ප්‍රශ්නයට විසඳුම මහා පරිමාණ සමාගම් වල ආහාර නිශ්පාදනය නොව කුඩා බිම් කැබලි වල වගාවන් බව අපගේ විශ්වාසයයි.

 

හරිත් 7

 

1960 දශකයේ ඇති කළ හරිත විප්ලවය හරහා කෘමිනාශක වල් නාශක රසායනික පොහොර හා දෙමුහුන් බීජ රජය විසින් බෙදමින් දේශීය ගොවිතැන රසායනික ගොවිතැනක් බවට පරිවර්තනය කළේය. පිලිමතලාවේ ප්‍රේමරත්න වෙද මහතා මා සමග කීවේ 60 දශකයේ ඒවා බෙදුවේ රජයේ උත්සව පවත්වා බවයි. එය බහුජාතික සමාගම්වල ඕනෑකමට කල එකකි. 1971 බලයට පත්වූ සිරිමාවෝ රජය යටතේ දේශීය වගාව යම් ආකාරයක විශාල අවදිකිරීමක් ඇතිකළද, 1978 පත්වූ ජේ ආර් ජයවර්ධන රජය විවුර්ත ආර්ථිකය ගෙන ඒමත් සමගම අගාධයට වැටුණි. පිටරටින් ලාබයට ගෙනා ආහාර වලට වැඩිපුර නැඹුරුවක් ජනතාව තුළ ඇති වීම නිසා ගොවියා ‍ක්‍රමයෙන් අසරණභාවයට පත් විය. පසුගිය කාලය තුළ රසායනික පොහොර අධික ලෙස යොදන රටවල් අතර ශ්‍රී ලංකාව ප්‍රමුඛ තැනක් ගත්තේය.

 

Joel Ayco, a farmer in Barangay Midpapan in Pigcawayan, North Cotabato sprays pesticide in his ricefield on Wednesday, February 15, 2012. Farmers in Midpapan are forced to use pesticides due to the Philippine rice black bug infestation which damages the rice grains. Severe black bug infestation leads to decreased yield in harvest, or worst, crop failure. Ayco’s ricefield  is due for harvest in the first week of March. MindaNews Photo by Ruby Thursday More

 

දේශීය බීජ සහමුලින්ම පාහේ විනාශයට ලක් කොට පිටරටින් ගෙනෙන දෙමුහුන් බීජ වලට අප රට ගොවියන් හුරු කළේය. ලංකාවේ පැවති වී වර්ග 3000 ට අධික ප්‍රමාණයක් හා බඩඉරිඟු වර්ග තුන්සියයකට අධික ප්‍රමාණයක් විනාශ කොට ඒවා වෙනුවට දෙමුහුන් වී වර්ග සුලු ප්‍රමාණයක් ලංකාව තුළ පවත්වාගෙන යන්නට කටයුතු කළේය.

දේශීය බඩඉරිගු සියල්ල වනසා පැසිපික් බඩඉරිඟු වර්ගය ප්‍රචලිත කළේය. වෙළෙඳපොළ තිබුණේ ඒවාට පමණක් බැවිනි ගොවියා තවදුරටත් පැරණි දේශීය බීජ වගා කිරීමට නැඹුරුවක් නොදැක්වීය. දේශීය බණ්ඩක්කා, වට්ටක්කා, දේශීය මෑ, කරවිල, පතෝල සියල්ල වෙනුවට මැලේසියාවෙන්, තායිලන්තයෙන් ලංකාවට ගෙන්වූ අතර ඒවා වවන්නට තවදුරටත් ගොම පොහොර හෝ කාබනික පොහොර වලට හැකියාවක් නොමැති බැවින් තවදුරටත් රසායනික පොහොර මත යැපෙන්නට ගොවියා හුරු කළේය.

 

හරිත් 6

 

එමගින් ලංකාවේ CIC, Hayleys, Crop Life වැනි සමාගම් පෝෂණය කිරීම මෙතෙක් පැවති රජයන් විසින් දිගින් දිගටම සිදු කරමින් පැවතුණි. දුක්ගන්නාරාලලා මනුස්සකම කියමින් ගොවියා රවටන්නට විය. ගොවියා විසින් කාබනික වගාවෙන් සකස් කරන ලද සුවඳැල් ඇතුළුව දේශීය හාල් වර්ග කාබනික නාමය ද සහිතව සමාගම් විසින් අත්පත් කර ගන්නා ලදී. අද වන විට දේශීය ගොවියාට කාබනික නාමය තවදුරටත් පවත්වාගෙන යාමට හැකියාවක් වෙළඳපොල තුළ ඔවුන් ලබා දී නැත. මෙසේ වුවද රසායනික ගොවිතැන නිසා ඇති වූ පිළිකාව වකුගඩු රෝගය ඇතුළු නොයෙකුත් රෝගාබාධ වලට අදටත් හේතුව සොයාගැනීමට ලංකාවේ විද්‍යාඥයන් අසමත්ව ඇත.

මේ නිසාම රට තුළ රසායනික පොහොර වෙනුවට කාබනික වගාව ප්‍රචලිත කිරීමේ අවශ්‍යතාවය පිළිබඳව අප බොහෝදෙනා කතා කර ඇත. එය හුදෙක් කාබනික වගා වෙනුවට පාරිසරික කෘෂි කර්මාන්තය වෙනුවෙන් අප කතා කර ඇත. වර්තමානයේ ඇමති පදවියක් දරන චන්න ජයසුමන සහ වෙනත් ආචාර්යවරුන්ගේ පර්යේෂණ මත පිහිටා පරිසර යුක්ති කේන්ද්‍රය අවස්ථා කීපයක දී අධිකරණයේ පිහිට පැතූවද අප විසින් තහනම් කරගන්නා ලද බැර ලෝහ සහිත රසායනික ද්‍රව්‍ය කන්ටේනර උසාවි හරහාම පිටමං කරගන්නට අධිකරණය මෙන්ම රජයේ ආයතන කටයුතු කළේය.

චන්නලාගේ ඉලක්කය වුයේ ගොවි ජනතාව බේරාගැනීම නොව දේශපාලනයයි.

 

හරිත් 4

 

වරෙක නාමල්ඔය ගොවිජන සේවා දෙපාර්තමේන්තුව බෝඩ් ලෑල්ල පවා සකස් කර තිබුණේ ලංකාවට කෘෂි රසායන ගෙන්වන සමාගම් වල මුදලිනි. ඔවුන්ගේ මුදලින් ශිෂ්‍යත්ව ලැබ ඉගෙන ගත් ඇතැමුන් දිගින් දිගටම කෘෂිරසායන වෙනුවෙන් පෙනී සිටියේය. වරෙක කොළඹ ගාලු මුවදොර හෝටලයේ පැවැති පිළිබඳ සම්මන්ත්‍රණයකට ඒ ඉදිරිපිට වූ උද්ඝෝෂණය කරන්නට අප හට සිදුවිය. එකල අපට අවශ්‍ය වූයේ ක්‍රමානුකූලව රටේ කෘෂිකර්මාන්තය රසායනික ගොවිතැනින් ඉවත් කොට ක්‍රමයෙන් කාබනික වගාවට හුරුකර ගැනීමටය. එය රටේ ගොවි ජනතාව හා පාරිසරික හිතැති සහෘදයන්ගේ අවශ්‍යතාවයක් විය.

එහෙත් කරුමයකට මෙන් යහපාලන රජය මිලියන දෙසිය 250 ක් වැය කොට සෙමා ආයතනය හරහා රතන හිමියන් මගින් ආරම්භ කරන ලද කාබනික ව්‍යාපෘතිය එහෙම පිටින්ම ප්‍රෝඩාවක් විය. ඒ හරහා ජනතාවට කාබනික වගාව එපා කරවන්නට ඔවුන්ට හැකියාව ලැබුණි. අවසානයේ සෙමා ආයතනද වසා දැමින.

වර්තමාන රජයේ කමිටු සකස් කරමින් ජනාධිපති ලේකම් කාර්යාලයේ පිඹුරුපත් සකසන විට එයට සම්බන්ධ ඇතැමෙක් හදවතින්ම පාරිසරික කෘෂි කර්මාන්තය හෝ කාබනික කෘෂිකර්මාන්තය වෙනුවෙන් පෙනී සිටියද ඉන් කිහිප දෙනෙක් පෙනී සිටියේ ඒ හරහා ලබා ගන්නට හැකි වන වාසි සලකාගෙනය. කමිටුවට වරක් දෙවරක් සම්බන්ධ වූ පාහියන්ගල ආනන්ද සාගර හිමියන් මා සමඟ ප්‍රකාශ කළේ කමිටුවේ ඇතැමුන් උත්සාහ කරන්නේ කාබනික වගාව බිස්නස් එකක් බවට පත් කරගෙන ඒ හරහා තමන්ගේ මඩිය තර කර ගන්නට බවය. ඔවුන්ගේ පළමු උත්සාහය වූයේ ලංකාවේ යම් යම් ස්ථාන ස්ථානවල කර්මාන්ත පටන් ගෙන ඒ හරහා කැළිකසළ වලින් කොම්පෝස්ට් නිපදවීමය. එය එතරම් සරල කාරණයක් නොවූ තැන ඔවුන් ඇතමුන් පිටරටින් ගෙන්වන්නට කටයුතු කළේය.

 

හරිත් 2

ලංකාවේ කුනු ටොන් 7000 ක් පමන ඉවත දැම්මද ඉන් එකතු කරන්න්නේ කුනු ටොන් 2000ක් පමණය. ඒවා නාගරික කුනු නිසා ප්‍රමිතිගත කොම්පෝස්ට් සෑදීම උගහටය. ලංකවේ ඇති කොම්පෝස්ට්  හදන ව්‍යවසායකයන් 300ක් පමණ අයගෙන් ප්‍රමිතියකට ඇත්තේ 20කටත් අඩු ව්‍යවසායයන්ය. ඉන්දියාවට චීනයට කැලි කසල හෝ Biomass අඹරා කොම්පෝස්ට් හදන එක ටොයිස් වැඩකි. එහෙත් එවායේ නයිට්‍රජන් ඇත්තේ 4%කට අඩුවෙනි. එය 10%ක් බව කියන්නට චීන සමාගම මුහුදු පැලෑටි එකතුකල බවක් පවසයි.

අද වෙන විට චීනයේ අසූචි පොහොර මෙන්ම ඉන්දියාවෙන් ගෙන්වන potassium chloride හා නැනෝ නයිට්‍රිජන් එම බිස්නස් වල කොටස්ය. මුල සිටම මගේ අදහස් වූයේ කාබනික කෘෂිකර්මාන්තය සඳහා අවශ්‍ය කොම්පෝස්ට් සකස් කරග ගැනීම ගොවියාගේ කාර්යයක් මිස සමාගම් වල කාර්යයක් නොවන බවය. පසුගිය මාස හය තුල ගොවියාට අවශ්‍ය දැනුම ලබා දුන්නේ නම් පහසුකම් ලබා දුන්නේ නම් මේ වන විට රටට අවශ්‍යය කොම්පෝස්ට් රට තුළ නිපදවන්නට හොඳටම ඉඩ තිබුනි. යාල විල්පත්තු, උඩවලව ඇතුළු වන වනාන්තර වලට රිංගවා සිටින දේශපාලකයින්ගේ හා බලපුළුවන්කාරයන්ගේ හරකුන් සියල්ල එළියට ගෙන ඔවුන්ගේ ගොම ටික, මුත්‍රා එකතු කරගන්නට කටයුතු කරයේ නම් චීනයේ මිනිසුන්ගේ අසූචි ගෙන්නන්නට අපට හේතුවක් නැත. ඉන්දියාවෙන් නැනෝ නයිට්‍රිජන් කියා වතුර ගෙන්නන්නට හේතුවක් නැත. මා මිත්‍ර එල් සැල්වඩෝරයේ ආචාර්‍ය රිකාඩෝ මිනිස් මුත්‍රා වලින් තම ගොවිපලේ නයිට්‍රජන් අවශ්‍යතාවය සපුරාලයි. පසුගිය දිනක මට කතාකල කෙනෙකු කීවේ ගමේ කට්ටිය අත්තමට මුත්‍රා කලානම් මීට වඩා නයිට්‍රජන් කුඹුරට සපයාගත හැකි බවයි.

 

 හරිත් 8

 

එමෙන්ම සීයට සීයක් කාබනික වූ රටක් ලෝකයේ නැත. 80% ක් කාබනික වගාවකට 2020වන විට යන්නට සැලසුම් කළ භූතානය අද වන විට සියයට 80% කාබනික වගාව සඳහා ඉලක්කගත වර්ෂය වී ඇත්තේ 2035 ය. රසායනික පොහොර වලට ඇබ්බැහි වී ඇති ජාතියක් මාස කීපයක් ඇතුළත කාබනික වගාවකට හුරු කරන්නට පුළුවන් වෙයි යැයි සිතීමම මෝඩකම් ප්‍රදර්ශනය කිරීමකි. දේශපාලකයෙකුට ඇත්තේ උපරිම අවුරුදු පහක ඉලක්කයකි. ඉන් අවුරුදු තුනක් නිකං සිටින ඔවුන් ඉදිරියේ අවුරුදු දෙකේ සියලු වැඩ පෙන්වන්නට උත්සාහ කරයි. අවුරුදු පහක ඉලක්කයකට කාබනික පොහොර වලට හුරු කරන්නට හැකියාවක් නැති බව මේවට උපදෙස් දුන් විශ්වවිද්‍යාල ඇදුරන් හා අනෙකුත් මෝඩ රැල සිතිය යුතුව තිබුණි.

 

හරිත් 10

 

අද වන විට ලංකාවේ කෘෂිකර්මාන්තය වල්ගෙන් ගෙන පොලවේ ගසා ඇත. මෙය ගොඩ ගන්නට නම් මොළයක් ඇති උන්ට එය කරගෙන යන්නට ඉඩ දිය යුතුයි. දේශපාලකයන් කෘෂිකර්මාන්තය පිළිබඳ ප්‍රාඥයන් මෙන් හැසිරෙන්නට පටන් ගැනීම මෙන්ම නමට ඉදිරියෙන් උපාධි අකුරු එල්ලාගත් දේශපාලනය කරපින්නා ගත් වියතුන්ට ද මෙය නොකළ හැකි බව පසක් කොට ඇත. උපාධි නැතත් හැමදාම පොලොවත් සමග හැප්පෙන ගොවියාට මීට වඩා දැනුමක් ඇත.

අපට හැකි උපරිමයෙන් අයුරින් ලංකාවට විවිධ ක්ශුද්‍ර ජීවීන් පිරී බැර ලෝහයන් පිරි පිටරටවල කුනු සහ අසූචි මිශ්‍ර ව්‍යාජ පොහොර ලංකාවට ගෙන්වීම නතර කරන්නට අප උත්සාහ ගන්නෙමු. එහෙත් ලංකාව වැනි ඉතාමත් අදුරදර්ශී ලෙස සිතන දේශපාලකයන්, උගතුන්, නිලධාරීන් සහ පොදු ජනතාව සිටින රටක ඇත්ත වටහා ගන්නට, වටහා දෙන්නට එතරම් ලේසි පහසු නැත.

 

හරිත් 9

 

අඩුම ගණනේ පිටරටින් කොම්පෝස්ට් ආනයනය කිරීම සම්බන්ධයෙන් මේ වන විට රටේ ප්‍රාමාණික උගතුන් ගේ විශාල විරෝධයක් මතුව ඇත. ඔවුන්ට මගේ ආචාරය හිමිකරමි.කෘෂිකර්ම දෙපාර්තමේන්තුවද මේ සටනේ ඉදිරියෙන් සිටී. එම විරෝධයට සම්බන්ධ සියලු දෙනා ඒකරාශි කොට මේ රට අද වැටී සිටින අගාධයෙන් ගොඩ ගන්නට යමකු දේශපාලක නායකත්වයක් ගත යුතුව ඇත. එහෙත් තවමත් එහෙයියන් ලෙස කටයුතු කරන්න උන්ගෙන් මේ රට බේරා ගැනීම් එතරම් පහසු නොවේ.

මේ රජය බලයට පත්වීමෙන් පසුව සිදු කළේ පරිසර හානිමය. අපට කරුමයකට ලැබී ඇත්තේ කෘෂිකර්මාන්තය වලපල්ලට ඇද දමන, වනාන්තර වනසන, වැලි ජාවාරම් කරන, එක්ස්ප්‍රස් පර්ල් නැවෙන් පවා හැකිනම් යම් මුදලක් ලබා ගන්නට දත කන නායකයන් හා ඉහළ නිලධාරීන් රොත්තකි. ඔවුන් අද වන විට රටේ ආර්ථිකය වලපල්ලට යවා, දූෂණය රජ කරවා රට අන්ත අසරණ තත්ත්වයකට පත්කොට ඇත.

 

හරිත් 5

 

අඩුම ගණනේ අප එකතු විය යුත්තේ මේ රටේ පස, ජීවයේ විවිධත්වය, ජලය සහ පරිසරය වැනසීම හරහා මේ රටේ අනාගත පරපුරට අඩියක් බිම තබන්නට නොහැකි වන තරමට විනාශ වූ දේශයක් දායාද කර නොදෙන්නට ය. මොවුන් මේ කරන්නේ කුඩා ගොවියා වනසා, පිටරටින් ආහාර ගෙන්වන්නට සමාගම් වලට ඉඩ ලැබෙන ආහාර ස්වෛරීභාවය බිද දමීමේ කුමන්ත්‍රනයයි. මෙතෙක් ගොවියා සතුව තිබූ කොම්පෝස්ට් සෑදීමේ අයිතියද චීනයට හෝ ඉන්දියාවට ලබාදෙන කුමන්ත්‍රනයකි. එය වලකන්නට සියලුදෙනා එකතු විය යුතුය.

 

ලිපිය සොයාදුන් Harith Nuradha ට ස්තූතියි. 

නවතම ලිපි