ලංකාවේ මුල්කාලෙ කුල භේදයක් තිබුනෙ නෑ.

කුල ක්‍රමයක් තිබුනෙ.

ඒක එහෙම තිබුනෙ ශ්‍රම විභජනය අනුව එක එක වෘත්තීන්ට අදාළවයි.

සමාජය පවත්වගෙන යන්න ඒ් ඒ් වෘත්තීන් හරහා තමයි රටේ සමාජ ආර්ථික ව්‍යූහය සකස් වෙලා තිබුනෙ.

අපි උදාහරණයකට ගියොත්. දුටුගැමුණු රජු ගැන මහාවංශය ලියපු හාමුදුරුවරු ලොකු පර්ච්ඡේදයක් වෙන් කරල තියෙනවා. ඒත් ඒකට සමහර වැදගත් විවාද සම්පන්න  කරුණු උවමනාවෙන්ම ඇතුලත් කරල නෑ.

ඔබ දන්නව එදා අපේ රටේ තිබුනු කුල ක්‍රමයේ එක කුලයක් තමයි. ගාඩි කියන්නෙ. ගාඩි මිනිස්සුන්ගෙ පූජනීය වෘක්ෂයක් තෙළිඹු ගහ.

මේ ගහට අරක්ගත්ත රත්නවල්ලි දෙවගනට තමයි ඔවුන් පුද පූජා කලේ.

මහා විහාරයේ භික්ෂූන් වහන්සේලා  විහාර මහා දේවියට ගතු කියල මේ ජාඩි මිනිස්සුන්ගේ තෙලිඹු ගහ ඉවත් කරල එතන චෛත්‍යයක් හදවන්න දුටුගැමුණු රජුට බල කරවනවා.

මෙතැනදි දුටුගැමුණු රජු කියනව ඒක කරන්න බෑ. ඒක ඒ මිනිස්සුන්ගෙ පූජනීය වස්තුවක්.

ඒත් තමන්ගෙ අම්ම වුනු විහාරමහා දේවියට එරෙහිව තව දුරටත් ඉන්නට දුටු ගැමුණුට බැරි වෙනව. එයා මොකද කරන්නෙ. එයා කියනව හරි ඒක ඉවත්කරල එතන චෛත්‍යක් හදන්න අවසර දෙන්නම්. හැබැයි ඒ චෛත්‍යය නම් කරන්න ඔින රත්නවල්ලි දෙවගනගෙ නමින්. ඒ ගාඩි කුලයෙ දෙවගනක්.

බටහිර අර්ථයෙන් ස්ත්‍රීවාදයන් නැති යුගයක ලංකා ඉතිහාසයෙ ගැහැනියෙක්ගෙ නමින් චෛත්‍යක් ඉදිවෙනව. රත්නවල්ලි එහෙමත් නැත්තම් රත්නමාලී, අද වෙද්දි ස්වර්ණමාලී චෛත්‍යය බවට පත්වෙන්නෙ අන්න ඒක.

ඒ අතින් අද අපේ නායකයොත් එක්ක බැලුවම දුටුගැමුණු කියන්නෙ ලිබරල්වාදී රජෙක්.

 

 

“කුල අසමානතාව පිළිබද මාතෘකාව ආරම්භයේ සිට අද දක්වාම දේශපාලන ප්‍ර‍තිසංස්කරණ පිළිබද න්‍යාය පත්‍ර‍ට ඇතුළත් කිරීමට පීඩකයා පමණක් නොව පීඩිතයාද කැමති නැත. කුල ක්‍ර‍මය ඇති කර තිබෙන උස් පහත් භේදයෙන් පීඩා ලබන අය පවා ඊට එරෙහිව අනියම් ලෙස මිස සෘජු ලෙස සටන් නොකරති.”

 - වික්ටර් අයිවන් -

ආචාර්ය මිරැන්ඩෝ කියන්නේ කුල ක්‍රමය ලංකාවේ ස්ථාපිත වන්නට ප්‍රධාන හේතුව වූයේ මහින්දාගමනය කියල. ඔහු කියන්නේ ඉන්දියානු ශිෂ්ටාචාරය සහ කලා ශිල්ප ශ්‍රී ලංකාවට මහින්දාගමනය නිසා හිමි උනා කියල.

“පවුල්වාදයෙන් තොරව ලංකාවේ කුලය ආරක්ෂා කළ නොහැකිව තිබින. පවුල් බලය ආරක්ෂා කරගැනීමට එදා මෙන්ම අදත් විවාහ කටයුතු වලදී කුල රීති දැඩිව ක්‍රියාත්මක වෙයි. සිය කුලයෙන් බැහැරව හිර ගනුදෙනු තහනම් වන අතර කුලහීනයෙකු සමග විවාහවීම පවුලෙන් නෙරපීමට තරම් හේතුවකි. වර්ථමානයේ මෙවැනි සිදුවීම් සුලබ නොවුනද කුල පීඩනය හේතුවෙන් විවාහ පත්වීම ප්‍ර‍මාද වු සහ කුල ගැටලුව හේතුවෙන් අසරණ වු පවුල් විශාල ප්‍ර‍මාණයක් ඇත.”

 - කුමාරි ජයවර්ධන -

“පහළ කුල යැයි කියන වාසගම් ව්‍යවස්ථාපිත නීතියක් මගින් වෙනස් කිරීම මෙම කුල ගැටලුව අවසන් කිරීමට ගත හැකි වේගවත් සහ පහසු පියවරක්

 - දීප්ති කුමාර ගුණරත්න -