ලංකාවේ වේදිකා නාට්‍ය කලාව තමා අලුත් අත්හදාබැලීම් අඩුවෙන්ම වෙන තැන කියලායි මට හිතෙන්නේ..

ඒක හොඳටම පෙනුනේ පහුගිය කාලේදී..

මිනිස්සු තමන්ගේ ජීවිතේ බේරගන්න වලි කනකොට, තවත් මිනිස්සු තැන් තැන්වල මැරිලා වැටෙනකොට වුනත් සමහර නාට්‍යකාරයෝ ට්‍රයි කලේ තමන්ගේ නාට්‍ය ටික පෙන්නගන්න හැටි.. රඟහලක් ඇතුලට මිනිස්සු රැස් කිරීමේ බරපතල කම ඔවුන්ගේ ඔලු ඇතුලේ අඳුරු කලාපයක්..

එහෙම නැතිනම් මේ වගේ වෙලාවක ජනතාව රඟහලකට එකතු කරලා අනතුරේ හෙලන්න බෑ කියලා හිතපු නාට්‍යකාරයෝ කලේ මේ සේරම ඉවර වෙන දවසක් ගැන පලාපොරොත්තු තියාගෙන බලන් හිටපු එක..

නමුත් මේ වගේ විශේෂිත වෙලාවකට විතරක් නෙමේ දිගු කාලීනවත් වේදිකාව පැත්තෙන් වෙනස් අත්හදා බැලීමක් විදිහට, අලුත් ප්‍රේක්ෂක අත්දැකීමක් විදිහට CYBER PLAY එක දැන් ලංකාවේ වේදිකාවට ආදරේ අයට විවෘතයි..

අනිත් අතට මෙවැනි වසංගත ආවත් නැතත් කවදාවත් රඟහලකට පය නොතියපු සංස්කෘතික ජීවිතයක් අඩුවෙන්ම ගතකරන කෙනෙකුට හෝ රඟහලකට යන්න ප්‍රායෝගික අපහසුතා තියෙන කෙනෙකුට වුනත් විකල්ප අවකාශයක්..

ඒ සේරටම වඩා මේ වගේ වැඩක් වැදගත් වෙන්නේ කොළඹට සංවාද කේන්ද්‍රීයගතවීම වලක්වන්න මේ වගේ වැඩකින් ලොකු දායකත්වයක් වෙයි කියන එකයි...

 

@ ලංකා බණ්ඩාරනායක