දින දහයකට වැඩි කාලයක් තිස්සේ ගිනි ඇවිලෙමින් පැවති එක්ස්ප්‍රස් පර්ල් නෞකාව මේ වනවිට ලංකාවේ නාවුක තීරය තුළදීම මුහුදේ ගිලෙමින් පවතී.

එය ගැඹුරු මුහුදට ඇදගෙන යෑමට ජනාධිපතිවරයාගේ උපදෙස් මත ගත් තීරණය ඉටුකිරීමට අවස්ථාවක් නැතිවම නෞකාව ගිලෙන්නේ මෙරට නාවුක ගමනාගමනය මෙන්ම පරිසරයද වෙරළාසන්න ජන ජීවිතයද ඉමහත් අවධානමකට හෙළමිනි.

රසායන ද්‍රව්‍ය මුහුදට මුසුවීම හේතුවෙන් මීගමුව ආශ්‍රිත මුහුදු කලාපයේ මත්ස්‍ය සම්පත දැඩි අවදානමකට ලක්ව ඇති බව ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිතායනතනය (නාරා) ද මීට ඉහතදී  තහවුරු කර තිබුනි.

මෙම  මතස්‍ය සම්පත අහිමිවීම අනාගතයටද බලපාන ආකාරයට විය හැක්කකි. මන්ද මතස්‍ය සතුන් බීජ දමන ස්ථාන ද මේ වනවිට මේ නිසා විනාශවි ගොස් තිබේනම් එය අනාගතයට බලපාන සාධකයක් වනු ඇත. එසේම මේ නැව නිසාම මියගිය කොරල් පර නිසා අපට වූ හානියට කවුරු නම් වග කියන්නේද?

ship 2

එහි ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ ආචාර්ය දීප්ත අමරතුංග අවධාරණය කර තිබුනේ සෑම රසායනික මූලද්‍රව්‍යක්ම එක් එක් ආකාරයෙන් සාගර පරිසරයට බලපෑම් කරන බවයි.

කෙසේවෙතත් පරිසර විද්‍යාව පිළිබඳව මෙරට පළමු ආචාර්ය උපාධිධාරීනිය ලෙස සැලකෙන ආචාර්ය අජන්තා පෙරේරා  මාධ්‍ය හමුවක් කැඳවමින් පසුගියදා  පෙන්වා දුන්නේ නෞකාවේ ගින්නෙන් ඇති වූ පරිසර හානිය කිසිසේත් සුළු කොට තැකිය නොහැකි බවයි.

අතිශය සංවේදී මෙරට මුහුදු කලාපයට ‘වන්දියක් හින්දා’ සිදුවන දැවැන්ත හානියට වගකිවයුත්තේ  ආණ්ඩුව බවට ඇය චෝදනා කරන්නීය.

 

නැව 5

 “නයිට්‍රික් අම්ලය මුහුදට වැටෙනවා සේම ඒ ප්‍රදේශයේ හිටපු කුඩා මතස්‍යයන් හා සියලු ජීවින් මැරුණා විතරක් නෙමෙයි දිය වෙලා ගියා. ඇටකටු දිය වෙලා යනවා. ඒ වගේම මතුපිට ඉන්න ඇල්ගී සියල්ල මැරිලා ගියා. කැල්සියම් කාබනේට් දියවෙලා ගිහිල්ලා, අපි අවුරුදු ගාණක් හදපු කොරල්පර ටික ඔක්කොම විනාශ වෙලා ගියා. කොරල් පරයක් හැදෙන්න අඟල් තුනක් හැදෙන්න අවුරුද්දක් යනවා. ඒකයි අපි පරිසර විද්‍යාඥවරුන් විදිහට කෑ ගහන්නේ. අපේ මත්ස්‍ය කළමනාකරණයට හදා ගත්ත සම්පත් එක මොහොතකින් නැති කර ගත්තා වන්දියක් හින්දා. මෙච්චර දුබල මෙච්චර දුප්පත් මානසිකත්වයක් අපේ කැබිනට් මණ්ඩලයට හා අපේ රටට රජයට කොහොමද ඇති වුණේ. මේකද මේ රජය කියලා කියන්නේ. එතකොට මේ ප්ලාස්ටික්වලට තියන හානිය. මාළු දන්නේ නෑ මේක ප්ලාස්ටික් පෙලට් කියලා. මේක ගිලිනවා. ඊට පස්සේ ඔවුන්ගේ බඩේ තියෙන්නේ ප්ලාස්ටික් පෙලට්. ඒ නිසා තමයි මැරිච්ච මාළුන්ගේ කට ඇරියම ඒ මාළුන්ගේ ඇගේ තියෙන්නේ ප්ලාස්ටික් පෙලට් සහ කරමල්වල හිර වෙලා තියෙන්නේ ප්ලාස්ටික් පෙලට්. මේක අපරාධයක්”

නැව් ගින්නෙන් දින කිහිපයකට පසුව හික්කඩුව වෙරළ තීරයේ දී මියගිය කැස්බෑවෙකු හමු වී තිබු අතර ශ්‍රී ලාංකික සාගර ජීව විද්‍යාඥවරියක වන ආශා ඩි වොස් අවධාරණය කර තිබුනේ ඒ සතා මිය ගියේ කෙසේද ගැටළුවක් බවයි.

 

නැව 2

"නමුත් සත්‍යය තත්වය නම්, ඒ හේතුව අපි දන්නේ නෑ”

නෞකාවේ අනතුර හේතුවෙන් සහ ප්ලාස්ටික් කැට සාගරයට එකතු වීම හේතුවෙන් මරණ සිදුවී ඇති බව සත්‍ය වුවත්, මෙම මරණයට හේතුව එයම දැයි නොදන්නා බව ඇය සදහන් කර තිබුනි.

ඇය තව දුරටත් අවධාරණය කර තිබුනේ මරණ පරීක්ෂණයක් සිදුකිරීමක් හෝ, ඉතා නිශ්චිත ලකුණු දක්නට නොලැබෙන්නේ නම්, මරණයට හේතුව උපකල්පනය කිරීම හෝ නෞකාවේ අනතුරට එය සම්බන්ධ කිරීම ඉතා අපහසු බවයි.

 

ship 6

“මෙතන තියෙන ප්‍රධානම දේ නම්, අප ඉක්මන් වී නිගමන වලට නොයා, විද්‍යාව දෙස බැලිය යුතුයැ,” යි ප්‍රකාශ කරන ආචාර්ය ඩි වොස්, රජයේ කණ්ඩායම් විසින් මෙම මරණ වලට හේතුව හැකිතාක් විද්‍යාත්මක ආකාරයකින් සොයා ගැනීම සඳහා කටයුතු කිරීමේ වැදගත්කම අවධාරණය කර තිබුනි.

 

 

මේ සියළු වාද විවාද හමුවේ සාගරයක් සේ බර උහුලා සිටින මහ මුහුද හැමදාමත් මිනිසා ගේ එදිරිවාදිකම් දරා සිටින්නේ, උහුලාගත නොහැකි තැන්හි සුනාමියන් කැන්දාගෙන විත් පාඩම්ද කියා දෙන්නේය. මිනිසාගේ සියළු නොහික්මුනු ක්‍රියාවන් දරා සිටින සාගරය නොඑසේනම් මහ මුහුද ගැනයි මෙහි පහත සටහන ලියැවෙන්නේ. මේ උපාලි ජයසිංහගේ මුහුණුපොත ඇසුරිනි.

සාගරය ඔබට කොතරම් ප්‍රමාණයක් ඔක්සිජන් දෙනවාද ?

 

sea 2

විද්‍යාඥයන් ගණන් බලා ඇති ආකාරයට පෘථිවියේ ඔක්සිජන් නිෂ්පාදනයෙන් 50-80% පැමිණෙන්නේ සාගරයෙන්. මෙම නිෂ්පාදනයේ වැඩි හරියක් සාගර ප්ලවාංග වලින් - ප්ලාවිත ශාක, ඇල්ගී සහ ප්‍රභාසංශ්ලේෂණය කළ හැකි සමහර බැක්ටීරියා වලින් වේ. සාගරයේ ජීවත්වන මෙම ශාක ප්‍රභාසංස්ලේෂණයේ අපද්‍රව්‍යයක් ලෙස අණුක ඔක්සිජන් නිකුත් කරයි. එක් විශේෂයක් වන Prochlorococcus යනු පෘථිවියේ ඇති කුඩාම ප්‍රභාසංස්ලේෂක ජීවියා වේ. නමුත් මෙම කුඩා බැක්ටීරියාව අපගේ සමස්ත ජෛවගෝලයේ ඔක්සිජන් වලින් 20% ක් පමණ නිපදවයි. එය භූමියේ ඇති සියලුම නිවර්තන වැසි වනාන්තරවලට වඩා ඉහළ ප්‍රතිශතයකි. Prochlorococcus පෘථිවියේ වඩාත්ම බහුල ප්‍රභාසංස්ලේෂක ජීවියා ලෙස කීර්තියක් අත්කර ගෙන ඇත. ජාතික භූගෝලීය ගවේෂකයෙකු වන වෛද්‍ය සිල්වියා ඒ. අර්ල් ඇස්තමේන්තු කර ඇත්තේ අප ගන්නා සෑම හුස්ම පහෙන් එකකටම මෙම ජීවියා ඔක්සිජන් ලබා දෙන බවයි.

 

ship 00

 

ෆයිටොප්ලැන්ක්ටන්ට සයනොබැක්ටීරියා, කොළ ඇල්ගී, ඩයැටම් සහ ඩයිනෝෆ්ලැජැලේට් මීට අමතරව ඔක්සිජන් නිපදවීමට සහායදේ.. මේවා මිනිස් ඇසට නොපෙනෙන තරම් කුඩා වුවද, බොහෝ ඇල්ගී එකට එකතු වූ විට ඒවා හරිත සාගර බෑවුමක් සේ පෙනේ. අපට නොපෙනෙන හුස්ම සහ අප යැපෙන ඔක්සිජන් බොහෝ දුරට සපයනු ලබන්නේ මේ නොපෙනෙන මුහුදු ජීවීන්ගේ විශාල හමුදාවක් විසිනි.

සාගරයේ නිපදවන ඔක්සිජන් ප්‍රතිශතය ගණනය කිරීම දුෂ්කර වන්නේ එම ප්‍රමාණය නිරන්තරයෙන් වෙනස් වන බැවිනි.

ප්‍රභාසංශ්ලේෂණ ප්ලවාංග සොයා ගැනීමට සහ සාගරයේ සිදුවන ප්‍රභාසංශ්ලේෂණ ප්‍රමාණය තක්සේරු කිරීමට විද්‍යාඥයින්ට චන්ද්‍රිකා නිරූපණ භාවිතා කළ හැකි නමුත් චන්ද්‍රිකා නිරූපණයට සම්පූර්ණ කතාවම කිව නොහැක. කාලානුරූපව හා ජලයේ පෝෂක බර, උෂ්ණත්වය සහ වෙනත් සාධකවල වෙනස්වීම් වලට ප්‍රතිචාර වශයෙන් ප්ලවාංග ප්‍රමාණය වෙනස් වේ. අධ්‍යයනවලින් හෙළි වී ඇත්තේ නිශ්චිත ස්ථානවල ඇති ඔක්සිජන් ප්‍රමාණය දවසේ වේලාව හා වඩදිය බාදිය සමඟ වෙනස් වන බවයි.

 

1090649

හැබැයි ඔබ මතකතියා ගන්නම ඔින කාරනය තමයි සාගරය, පෘථිවියේ අවම වශයෙන් 80% ක් ඔක්සිජන් නිපදවුවද, දළ වශයෙන් එම ප්‍රමාණයෙන් අඩක් සමුද්‍ර ජීවීන් විසින් පරිභෝජනය කරනවයි කියන එක. ගොඩබිම සිටින සතුන් මෙන්, සමුද්‍ර සතුන් ද හුස්ම ගැනීමට ඔක්සිජන් භාවිතා කරන අතර ශාක හා සතුන් යන දෙකම සෛලීය ශ්වසනය සඳහා ඔක්සිජන් භාවිතා කරති.

"ඉතිං මේ අනර්ඝ හා මිනිසාව ජීවත් කරවන මහමුහුද එක එක රටවල මෝඩ හෙට ගැන නොහිතන අමන දේශපාලකයො විනාශ කරනවනම් ඒකෙ වගකීම ගන්න ඔින ඒ මිනිස්සු නෙවෙයි. ඒ මිනිස්සුන්ව පත්කරපු හෙටක් ගැන නොහිතන ඒ රටේ ජනතාව"

 

https://www.nationalgeographic.org/.../save-the-plankton.../

https://oceanservice.noaa.gov/facts/ocean-oxygen.html

නවතම ලිපි

Entertainment

රන්ජනී !!!