මේ දවස්වල ගොඩාක් දෙනෙක් කලබල වෙලා ඉන්නේ ලමයි ව ඉස්කෝල් දාගන්න එක ගැන,

මොකද සමහර අය විවාහ වු දාම ඉඳලා ඒ ගැන හිතන නිසා. ඇත්තටම එහෙම නොහිතත් බෑ. ඒක එහෙම වෙන්නේ චක්‍රලේඛය අපට එහෙම කරන්න බල කරන නිසා. ඔන්න චක්‍රලේඛය මම දැම්ම ලින්ක් එක.

චක්‍රලේඛය මොනව කිව්වත් කවුරුත් ලෑස්ති වෙන්න ඔින දේවල් තියන නිසා මේක කියවන්න , හැම අවුරුද්දේම මැයී 30 මේ චක්‍රලේඛය දානවා හැම අවුරුද්දේම වාගේ වෙනස්කමුත් වෙනවා,

ඒ වගේම මුලික අයිතිවාසිකම් නඩු හා රිට් නඩු විශාල ප්‍රමාණයක් ශ්‍රේෂ්ඨාධිකරණයට හා අභියාචනාධීකරණයට එනවා ළමයින්ව සුදුසුකම් තිබියදී ඉස්කෝලෙට ගත්තේ නැති උනාම. එහෙම එන බොහෝ නඩු සාර්ථක වෙනවා. මොකද හේතුවක් නැතුව දෙමාපියන් නඩු දාන්නේ නෑනේ.

එහෙම දාන නඩු දාන්නෙ අසාධාරණ ලෙස සමහර විට අල්ලස් අරගෙන ආදී ශිෂ්‍ය සංගම්වල ඔිනෑවට සමහර ළමයින්ව කපා හැරියම සමහර ආගමික අනුපාත තියෙන්න ඔින ඉස්කෝලවල එහෙම නොතියා ලමයින්ව නොගෙන හිටියාම , දුර අතින් සුදුසුකම් තිබිල ඒත් ඈතීන් ඉන්න ළමයින් ගත්තම, ස්ථාන මාරු නිසා ආව රජයේ සේවකයගෙ ළමයින්ව ගත්තේ නැති උනාම වගේ ගොඩාක් හේතු වලට හැම නඩුවකම පාහේ තියෙන්නේ දුක් ගැනවිල්ලක් තමන්ට වුන අසාධාරණයට . ඒවගේම තමයි මුල්‍ය අල්ලස් සිට ලිංගික අල්ලස් දක්වා බලපෑම් සහිතව තමයි ලමයින්ව ඉස්කෝලේ දාන සටන කෙරෙන්නේ.

පළමු වසර 2

සටන කෙරෙනවා නම් සන්නද්ධ වෙන්න ඔින නේ, ඒ හින්දා අද ලිපිය එහෙම සන්නද්ධ වෙන්නේ කොහොමද කියන එක ගැන.

පලමු කොටම ඔබ චක්‍රලේඛය ගන්න එක සල්ලිවලට පොත් කඩවල තියනවා නැත්නම් අමාත්‍යාංශ වෙබ් අඩවියේ ති‌යෙනවා. ඒක හොඳට කියවන්න. පලමු කොටම එහි තියන අයදුම්පතේ ඔබ අයදුම්කරන කාංඩය තෝර ගන්න. ඒකට කියන්නේ ඝනය කියල , මේ චක්‍රලේඛය අනුව ඝන 6ක් තියෙනවා. ඉන් ප්‍රධානම එක තමයි,

1. ආසන්න පදිංචිය

2. ආදීශිෂ්‍ය පදනම්

3. වර්තමාන ශිෂ්‍ය අයගේ සහෝදර සහෝදරීයන්.

4. රජයේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ අයට දෙන කෝටාව,

5. ස්ථාන මාරු මෙහීදී අවශ්‍යතාව මත පමණක් ස්ථාන මාරු පිලිගන්නවා.

6. පිටරට සිට ආව පවුල් වලට ඒ වගේම සෑම පන්තියකටම ත්‍රිවිධ හමුදාවේ හා පොලීසියේ ක්‍රියාන්විත වල ඉන්න අයට හැම පන්තියකටම 5ක් ලැබෙනවා. ඒවා සකස් වෙන්නේ ආරක්ෂක අමාත්‍යාංශයෙන්,

එතකොට ඔබට අයත් වන්නේ කුමක්ද කියල ඔබම තක්සේරු කර ගන්න.

ඒවගේම සමහර පාසල් තියනවා 1960 පාසල් රජයට පවරා ගන්නකොට ඒ කාලයේ තිබුනු ආගමික පදනම පවත්වාගෙන යා යුතුයි. එහෙම වෙලාවට ඒ පාසල අයත්ව තිබු ආගමේ නම් ඔබ ඒ ආගමික අනුපාතයට ඔබට ළමයා දාගන්න පුලුවන්.

දැන් උපදෙස්.

අයදුම් පත ඉදිරිපත් කරන්න වඩාමත්ම සුදුසුකම් තියෙන්නේ අම්මට ද තාත්තටද කියල ඔබල දෙන්න තෝර ගන්න ඔින. එතැනදි අම්ම හෝ තාත්ත අයදුම්කරු වෙන්න පුලුවන්.

අයදුම්කරුගේ නමට ගෙදර අයිති නම් මුලු ලකුණු ලැබෙනවා ඒ අයිතිය අවුරුදු 5ක් වෙන්න ඔින.

ජනවාරි 31 ට ළමයට අවුරුදු 5ක් වෙන්න ඔින.

ළමයගෙ ගෙදර දොරේ සිට ඉස්කෝලෙ කාර්යාලයේ දොර දකවා අහස් දුර තමයි මනින්නේ, ඒ අතර තියන සෑම පාසලකටම ලකුනු 5ක් කැපෙනවා.

ආදී ශිෂ්‍ය පදනම නම් ඔය ලකුනු වෙනස් වෙනවා .

ඒ පාසල් කිව්වම ලමයට යන්න සුදුසුකම් තියෙන පාසල් වෙන්න ඔින. තමන්ගේ ආගම ඉගෙන ගන්න සිසුන් 10ක් වත් ඉන්න ඔින, භාශාව එකම වෙන්න ඔින, ගංගා ඇල දොල මග හැරුනු දුරක් වෙන්න ඔින. මේවගේ සුදුසුකම් තියනවා.

අම්මයි තාත්තයි දෙන්නම අවුරුදු 5 කට එම ඉල්ලුම් කරන නිවසේ ඡන්දය හිමි නාම ලේඛණයට ලියාපදිංචි වී ඉන්න ඔින. නැත්නම් අවුරුද්දකට ලකුනු 5ක් කපනවා.

ආදී ශිෂ්‍ය නම් එතකොට ආදී ශිෂ්‍ය සංගමයේ වැඩ කරල තියෙන්න ඔින. පාසලේ වැඩට උදව් කරල තියෙන්න ඔින. ඒවගේම පාසැල් කාලේදී දක්ෂතා පෙන්වු අයට ලකුනු ලැබෙනවා.

වර්තමාන ශිෂ්‍ය අයටත් ලකුණු ලැබෙන හැටි චක්‍රලේඛයේ තියනවා.

අයදුම් පත ඉදිරිපත් කරන කොට තමන්ගේ පදිංචිය සහතික කරන්න ඔප්පු , උකස් ඔප්පු බදු ඔප්පු කුටුම්භ සහතික රජයේ ඉඩම් බලපත්‍රය වගේ ඔිනෑම දෙයක් විතරක් නෙමෙයි, තමන් ඡන්දය හිමි නාමලේඛනයේ හිටියා කියන එකම පදිංචිය තහවුරු කිරීමක් හැටියට චක්‍රලේඛය සලකනවා.

සියල්ල පුරවන්න , ඒ වගෙම තමන්ගේ භාවිතාවන බිල් ඒ කියන්නේ රක්ෂන වාරික බිල් ටෙලිෆෝන් බිල් , වතුර බිල්, ලයිට් බිල් වගේ දේවලුත් ඉදිරිපත් කරාම ලකුනු 5ක් ලැබෙනවා.

අයදුම් පත සමග ඉදිරිපත් කරන සෑම ලියවිල්ලක්ම ෆොටෝ කොපි කරල තියා ගන්න

අයදුම්පත දෙපාරක් බලල අත්සන් කරල ලියාපදිංචි තැපෑලෙන් යවන්න.

පිරවිය හැකි ගාන වගේ හතර ගුණයක් අයදුම්පත් භාර ගන්නවා, ඊට වැඩි සුදුසුකම් අඩු ඒවා ප්‍රතික්ෂේප කරනවා. ප්‍රතික්ෂේප කිරීම ලිඛිතව දන්වන්න ඔින. විදුහල්පති විසින් හේතු සහිතව නැත්නම් නීති විරෝධීයි.

අනෙක් අයදුම්පත් සම්මුඛ පරීක්ෂනයට ගන්න ඔින. එතැනින් සුදුසුකම් තියෙන අයව තෝරගෙන තාවකාලීක ලේඛනය ප්‍රදර්ශනය කරන්න ඔින. ඊට පස්සෙ නොතේරුනු අය ඇපීල් කරන්න ඔින.

අභියාචන මණ්ඩලයට විදුහල්පතිට හෝ උප විදුහල්පතිට එන්න බෑ.

ඒකෙන් රිජෙක්ට් උනොත් එතකොට නඩු දාන්න ඔින.

පුලුවන් නම් වහාම මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් දාන්න ඔින.

අවසානයේ අවසාන ලෙඛණය දැම්මාම එකේ නැත්නම් තමයි නඩු දාන්න ඔින. පොරොත්තු ලේඛණයෙ ඉන්න නුසුදුසු අය ඉන්නවා නම් පෙත්සම දාන්න පුලුවන් ඒ තෝරා ගැනීමට විරුද්ධව.

මේකෙදී බොහෝම අවධානයෙන් ඉන්න ඔින අනෙක් අයදුම් කරුවන් ගැනත්. සමහර අය බොරු බදු ඔප්පු ගේනව. බදු ඔප්පුවක් නම ඉදිරි අවුරුද්දකටි වලංගු වෙන්න ඔින.

පදිංචිය සනාථ කිරීම තමයි වඩාත් වැදගත් දේ.

ග්‍රාමසේවක සහතික වගේ ගන්න පුළුවන් හැම ලියුමක්ම ගන්න.

ආදී ශිෂ්‍ය  සංගම් හෝ විදුහල්පතීලට පගා නම් දෙන්න යන්න එපා . ඒ වගෙම එහෙම කරන අයව අල්ලල දෙන්න, අයුතු යෝජනා ගෙනාවෝතීන් ඒව රෙකෝර්ඩ් කරගන්න.

තොරතුරු දැන ගැනීමේ පනත යටතේ ළමයින්ගේ නම්, ගත්ත ගාන හා සියලු විස්තර පාසැලෙන් හා අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් ගන්න පුලුවන්. බෑ කිව්වෝත් කියන්න ඒක ඔබේ අයිතියක් කියලා.

අසාධාරණනම් නඩු යන්න. අභීයාචනාධිකරණය හා පළාත්බද මාහාධීකරණවලත් පුලුවන් රීට් නඩු දාන්න. ශ්‍රේෂ්ඨාධිකරණයට නම් මුලික අයිතිවාසිකම් නඩුවක් හැටියට දාන්නත් පුලුවන්.

දිස්ත්‍රික්කය පුරාම අයදුම් කරන්න පුලුවන් පාසල් 6ක් තමයි උපරිමය. භාර කරුවන්ටත් අයදුම් කරන්න පුලුවන්, හැම දේම ලියන්න අමාරුයි, අවශ්‍ය ඔිනෑම දෙයක් අහන්න.

 

නීතීඥ ලක්ෂාන් ඩයස්

නවතම ලිපි

Entertainment

රන්ජනී !!!