"සාමුහික මැදුම් පිළිවෙතක් කරා එළඹෙන්න පුළුවන් සංවාදයක් තමයි 

බුද්ධිමය සංවාදයක් කියලා කියන්නේ" මෙය තමයි මම උකහා ගත්තේ පණිවුඩය.

ස්පාර්ටකස් කණ්ඩායම සහ නිර්මාල් දේවසිරි අතර ඇතිවූ බුද්ධිමය සංවාදයක් යනු කුමක්ද යන්න සම්බන්ධයෙන් ඇතිවු සාකච්ජාවට ඉතා සාවධානව සවන් දුන් මගේ අදහස තමයි මම ඔය මුලින්ම ලීවේ. හැබැයි මේ සාකච්ඡාව සඳහා ඇද ගන්න හදපු 'සාමුහික මැදුම් පිළිවෙත' කියන මාධවට ඇද ගන්නම උවමනා වුනේ, නිර්මාල්ට අමතක යි කියන සාකච්ඡාවෙන් (1 කොටසින්) පැත්තකට කරපු එක තමයි මගෙ හිතට මාර විදියට වැදුනෙ. මම කියන්නම් මොකද්ද මේ සාමුහික මැදුම් පිළිවෙත කියලා කියන්නේ කියන එක.

මේකට බුදු හාමුදුරුවෝ කියපු මැදුම් පිළිවෙත අදාළ නැහැ. මේ සංදර්භයෙ 'සාමුහික මැදුම් පිළිවෙත' කියන සම්පූර්ණ එකම ගන්න වෙනවා, පද බෙදන්නෙ නැතුව.

සංවාද ප්‍රවාද සාකච්ඡා වලට යන්නෙ විවිධාකාර දැනුම් පද්ධතීන් වලින් පෝෂණය වුණු, විවිධාකාර මත වාද වල එල්බ ගත්ත උදවිය. මෙතෙන්දි මගේ මූලික තර්කයක් වන 6 වසරේ ඉද්දි ගුරුවරුන්ගේ සාකච්ඡාවකට කට දාලා මම කියපු 'ලෝකයා භින්න රුචිකය' කියන වචනය හෙවත් මිනිසුන් ගේ 'අනනතා' සංකල්පය පිළිගන්න ඕනෑ. මේ අනන්‍යතාවය නිසාම තමයි අපි එකිනෙකා එකම දෙය විවිධාකාරයෙන් උකහා ගන්නෙ සහ විවිධාකාර මතවාද වල එල්බ ගන්නෙ. සංවාද කරන්නෙ අපි සාමුහික එකඟතාවයකට එන්න. දේශපාලනික අපි හැසිරෙනවා කියන්නෙම මෙන්න මේ සාමුහික මැදුම් පිළිවෙතට ප්‍රවිෂ්ට වෙන එක. සබුද්ධික සංවාදයක දී සිහිවිය යුත්තේ මේ විවිධාකාර මතවාද ගැටී තම තමන්ගේ අදහස් වල ඒකාත්මික තීවෘර තාවය මන්ද ගාමී වෙමින්, යම් යම් අලාභ ලබමින් සාමුහික එකඟතාවයකට ඒම. මේක නොවෙන තාක් වෙන්නෙ තමුන්ගෙ ආධිපත්‍යයට අනුන් යට කර ගැනීමට උත්සාහ දැරීමක්.

හැබැයි මේකට අත්‍යවශ්‍යයම දෙය තමයි 'සාවධානව සවන් දීම'. බුද්ධිමය සංවාදයක තිබිය යුතු මූලික ලක්ෂණය තමයි සාවධානව කියන දෙයට සවන් දීම; කියන දෙය උකහා ගැනීම. ඇහෙන දෙය වෙනුවට කියන දෙය ඇසීම. අන්න එහෙම අහපුවම තමයි පුලුවන් වෙන්න සාමුහික මැදුම් පිළිවෙත ගොඩනගන්න. අන්න ඒ සාමුහික මැදුම් පිළිවෙතට එන්න පුළුවන් සංවාදයක් කොතැනක හරි කවුරු හරි කරනවා නම් ඒක බුද්ධිමය සංවාදයක්. ඒකට අවශ්‍යය නෑ ආචාර්ය උපාධි, ඒකට දාර්ශනික පොත් කියවන්නම අවශ්‍යය නැහැ. ඒකට තප්පූ ලන්න අවශ්‍යයත් නෑ. එකිනෙකාට හොඳින් සවන් දී ඔවුන් කියන දෙය, අදහස් කරන දෙය මෙවන් වාග් විඥ්ඤප්තිය තේරුම් ගන්න ඕනෑ. එතකොට පුළුවන් සාමුහික මැදුම් පිළිවෙත නිර්මාණය කර ගන්න. කැත්තට පොල්ල නොයා. හැබැයි සංවාදයෙ යෙදෙන හැමෝම මේක කරන්න ඕනෑ. එහෙම නැති උනොත් එතන ගොඩ නැගෙන්නෙ ආධිපත්‍යයවාදය.

ඕක මාතෘකා කරගෙනම කරපු ඉහතකී සංවාදය ඇතුළෙ මේක උනාද කියන එක මම හොඳින් අධ්‍යයනය කළා. ඒක උනේ නැහැ. දෙපැත්තෙන්ම. මුල්ම එක, නිර්මාල්ට මතක නෑනේ මාධව මුලින්ම කීවෙ මොනවාද කියලා. ඒ ඇයි? නිර්මාල් ඇහුවෙ නෑනෙ මාධව කියන දේ, එයාට ඇහුනෙ මාධව ගැන තිබුණු පූර්වාදර්ශණීය සංකල්පය විතරයි. මාධව අහන්නෙම වැඩක් නැති දේවල් කියන preconception එක. එතකොට තමයි ඇහෙන්නෙ නැත්තෙ. (ඕක වෙනවා, මටත්)

ඊළඟට මාධව, ඔයාම හොඳින් අහන්න නිර්මාල්ගේ බුද්ධිමය සංවාදය කියන්නේ මොකක්ද කියන එක විග්‍රහ කරන්න එයා ගත්ත උදාහරණය 'රූපකයක්'. එයාගෙ අදහස කියන්න එයා ගත්ත උදාහරණය හරිම තාත්වික දෙයක්. එයා කීවේ මේසන් බාස් උන්නැහේ කෙනෙක් බාස් උන්නැහේ වෙන්නෙ බාස් වැඩේ කරන වෙලාවට විතරයි. එයා සිගරැට් බොන වෙලාවට හෝ බත් කන වෙලාවට එයා බාස් නොවෙයි. හැබැයි මේක උදාහරණයක් විතරයි. එතකොට මාධව ඒක තේරුම් ගන්තෙ නෑ. ඇයි ඒ? ඒකට හේතුව නිර්මාල්ගේ අර 'බුද්ධිමත් යැයි කියන පිරිසකට විතරක් සීමා කරන' අදහස මාධව පූර්වාදර්ශයක් විදිහට ගත්තා. නිර්මාල් කියන එක ඇහුවෙ නෑ. මාධව හොඳ සවන් දෙන්නෙක් උනේ නෑ මේ වෙලාවෙදි.

(මම මේකට උදාහරණයක් වශයෙන් ගන්නවා නම් ගන්නෙ වංගීස, ඒ කියන්නේ අර ලිංගිකත්වය කළමණාකරණය කරගැනීමේ ප්‍රශ්නය නිසා වංගීස බුද්ධිමය සංවාදය වලින් ඈත් කිරීම සාධාරණ ද? මේකට හොට දාන්න ගිහින් මමත් ලේබල් වුණා වංගීස ලවර් කෙනෙක් විදියට. දැං අර ගොඩයන සෙට් එකේ ඉන්න සෙක්ස් පකීර් ලියන ඒවා මොන තරම් විකාර ද ? ඒවා libertines ලටත් එහා ගිය වල් බූරු තුප්පහි දේවල්. ඒත් ඌ යෙහෙන් වැජඹෙනවා එතන. බුද්ධිමය සංවාද වලට ගන්නවා. වංගීස පව් කීවෙ ඒකයි)

නිර්මාල්ට අනුව බුද්ධිමය සංවාදය යනු 'ලේබල් බුද්ධිමත්' යැයි සම්මත අය අතර තාර්කිකව, න්‍යායාත්මකව, සිදු වන සංවාද කියන එක කියලා තමයි මම තේරුම් ගත්තෙ. එයාගෙ ඒ තර්කය මම නම් පිළිගන්නේ නැහැ, නමුත් එයාගෙ දායක සභාව පිළිගන්නවා නෙ. හැබැයි එයාට මතක නැති එයාගෙ වචනය අරගෙන මම කියවනවා 'යම් සංවාදයකදී විරුද්ධ මත ධාරීන් සියලු දෙනාට පුළුවන් නම් තම තමන්ගේ මතවාද වලින් ටික ටික පහළට බැහැලා සම්මුතියකට එන්න, එතන බුද්ධිමය සංවාදයක් තියෙනවා' කියන එක. ඒක තමයි 'සාමුහික මැදුම් පිළිවෙත' කියන්නෙ. අදේශපාලනික නොවී දේශපාලනික වෙනවා කියන්නෙත් ඒකයි.

(ඕක ඉතින් අර ආධ්‍යාත්මික මධ්‍යම ප්‍රතිපදාවටත් ටිකක් කිට්ටුයි. 'කැනඩාවේ ස්වදේශීය අයගේ තිබිලා තියෙනවා ඔය ක්‍රමය, බුදු දහමේත් කියවෙනවාලු එක්ව හිඳිමු එක්ව නැගිටිමු වගේ එකක්. ජීසස් ගෙත් තිබුණාලු ඒවගේ එකක්.)

සාකච්ඡාවෙ ඇදුනු අර දාර්ශනිකයන් ගෙ කරපිටින් යාම කියන කතාවත් මරු, අද මරාගන්නෙ ඕකටනෙ. ඒ ගැන කතා කරන්න ආසයි. ඒක හොඳ topic එකක්.

(සංවාදයට)

@ Sumana Wijerathne fb page

වීඩියෝව -

 

නවතම ලිපි