පෙර-සටහනක් පමණි!

ලෝකයේ සංවාද සාර්ථක කරගන්නට වාගේ ම අවුල් කරගන්නට හෝ විනාශ කරගන්නට අදාළ භාවිත ප්‍රභේද පවතී.



1. නිරවුල් සංවාදයක් මුලක, මැදක හෝ අගක දී තවත් මනුෂ්‍යයෙකුගේ හිතේ අනිසි ප්‍රශ්නයක් (Needless Question) ඇතිවෙන විදිහට ඒ මනුෂ්‍යයාට උපහාස, අපහාස හෝ අගෞරව කරනට යොදාගත හැකි ලෙහෙසි ආයුධයක් තමයි, භාෂාවේ ඇති වචන අඩක් පොට්ටකර යොදාගන්නා මොට-වචන. එහිදී ඒ මොට වචන ඇමිණීම අනුගමනය කරමින් අනෙකාට පහර  දෙන්නට වෙරදැමීම ම එහි රචනා විධික්‍රමය(Writing Method) බවට පත්වෙයි.

මෙය කොතරම් අනදාළ භාවිතයක් වුවත්, සාමාන්‍යයෙන් එදිනෙදා ආගිය තැන් ගැන කරන හුදු කතබහක් නොවන, ඉන් එහා ගිය විධිමත් සංවාදයකදී පවා අනෙකාව(The Other) තමන්ට උවමනා තැනට පිකප් කරගන්නට හෝ මුළුමනින් නිහඬ කර දමන්නට හෝ උවමනා විට, සමහරුන් මෙලෙස  වචන පොට්ට කර ඒවා දෙපිට කැපෙනවා යැයි තමන් ම සිතාගෙන ප්‍රහාර එල්ලකරන්ට යත්න දරති.

බොහෝ සංවාද-සටන් හෝ සංවාද-හබ වලදී මෙය සාමාන්‍ය දෙයක් විදිහට සලකා, සංවාදයට සහභාගී වන දෙපාර්ශවය හෝ පාර්ශවයන් ඒවා ඒ තරම් ගණනකට නොගන්නා බවයි මා බොහෝවිට අත්දැක තිබෙන්නේ. මොකද, එවැනි අසංවාදී සංවාද අහවර වෙලත් මිනිස්සු යාළුවො වගේ එකට තේ කෝපි බී සාද-කතා ලතාවේ යෙදී හිඳ නික්ම යනව.


2. නිරවුල් සංවාදයක් මුලක, මැදක හෝ අගක දී තවත් මනුෂ්‍යයෙකුගේ හිතේ අනිසි ගැටළුක් ( Needless Problem) ඇතිවෙන විදිහට ඒ මනුෂ්‍යයාට උපහාස, අපහාස හෝ අගෞරව කරන්න පුළුවන් තවත් ලෙහෙසි ආයුධයක් තමයි, ඒ මනුස්සයව සමාජීය කෝණයකින් නොබලා, ඒ මනුෂ්‍යයා පුද්ගලයෙක් විදිහට හුදෙකලා කර, ඔහු හෝ ඇය “මෙන්න මෙබඳු ආකාර දුර්වල හෝ නිපුනතාවෙන් තොර චරිතයකැ” යි ස්ව-උපකල්න කර, ඊට අදාළව තොරගත්තු අදහස් ඇත්ත විදිහට හඟවමින් ඉවක් බවක් නැති වචන කර ලෝකෙට පරකාසෙ දමීම.



එහිදී නිර්දය වචන යොදාගනිමින්, තුන්වන පාර්ශවය වන සමාජයෙහි සිටින පාඨකයන් හෝ නරඹන්නන්ගේ සිත් සතන් තුළ තමන් හා සංවාදයේ සිටින මනුස්සයා නාභිගතකොට ඔහු හෝ ඇය කෙරෙහි තාවකාලිකව අපුලක් ඇතිවන විදිහට කටින් වචන නිකුත් කිරීම හෝ අතින් ලිවීම හෝ ටයිප් කිරීම සිදුවිය හැකියි.


එවැනි අදහස් මුණගැසීමක්, අවසානයේ දී විධිමත් සංවාද-සටනකට වෙනස් මගක් ගෙන සංවාද-ගෝරියක් බවට පත්වී නිමවෙන්නට යම් සම්භාවිතා ඉඩක් පවතී. මොකද, සටනකට වඩා ගෝරිය අවිධිමත් නිසා. (සටන බුද්ධි කේන්ද්‍රීය වන අතර, ගෝරිය හැඟීම් හෝ ආවේග කෙන්ද්‍රීය වීම මීට හේතුව යි.)  


මෙවන් සංවාද-ගෝරි නම් සංසිද්ධි ඇතිවන්නේ, අනිසි ලෙස තම පුද්ගලත්වය විවේචනය කරනවාට බොහෝ මිනිසුන් අකැමති නිසයි. ඊටත් වඩා, තමන් ගැන තමන් නොවන උපකල්පන මත පිහිටා අර්ථනිරූපන කරනවා දැනුන(Being) කල, මිනිසුන්ගේ හිත රිදී හෝ හෝ හැඟීම් අවේග ඇවිස්සී මල පනින තත්වයක් උදා වේ. එයින්, ඇවිස්සුනු අනෙකා ඉබේ ම සංවාදයට නුසුදුසු “සිටීමක් හෙවත් භවයක්”(Being) බවට තාවකාලිකව ආරෝපනය වෙයි.  මෙය, සංවාදය තුළ සිටින අනෙකාගේ සිටීම හිතාමතා අවුස්සන පාර්ශවයන් වෙත වැඩි වාසි ලබාගන්නට ඔවුන් විසින් ම ගොඩනංවනු ලබන කූට සාංසිද්ධිකත්වයකි(Incidentiality).


ඒ වගේ සංවාද දුරදිග ගියහම, සංවාදයට සහභාගි වන කුමන පාර්ශවයක හෝ හැඟීම් හෝ ආවේගවල රතු කට්ට පැන්නොතින්, ඒ සංවාදය නරඹනු ලබන කවුරුන් හෝ තුන්වෙනි පාර්ශවකරුවෙකුට හෝ ප්‍රේක්ෂකයෙකුට, මේ වචන හරඹකාර පාර්ශව අතරින් “කවුරුන් හරි ද? කවුරුන් වැරදි ද?” කියා වෙන්-කරගැනීමට (Differentiate) අවැසි නිස්කාංසු හිත හෙවත් සාමකාමී චෛතසික-ක්‍රියාවලිය (thought process of tranqulity) පවා අහිමි වී යයි.

මන්ද මෙවන් “සංවාද-ගෝරියක” සංවාදශීලී අර්ධය යටපත්වී ගෝරි අර්ධය අධිනිෂ්චය වී ඉස්මතු වුවහොත්, එය සුබුද්ධික සංවාදයකට වඩා හැඟීම් සහ ආවේග අවුස්සාගත් වලියක් බවට පත්වෙන නිසා යි. එනම්, සමස්ත ව්‍යූහ සංදර්භයෙන් කැඩී විසිරවුනු භාෂා සංකේතවලින් (Disorder of the Symbolic context of the Total Language Structure) එකිනෙකා වෙත දමා ගසා ගන්නා ව්‍යූහ-සංදර්භ විරෝධී අවුලක් බවට එය පත්වෙයි.

(තම ස්වයං-අවබෝධයෙන් ම ලක් කොදෙව්වේ බහුතර ජනයා දේශපාලනය තුළ අඳ බාලයින් බව පෙරතියා ම දැන සිටි, අනූව දශකයේ අග භාගයේ ඉඳන් ලකේ සිංහල-බෞද්ධ බහුතරයේ ආකර්ශණය කේන්ද්‍ර කරගන්නට වෙර දරා පසුකාලීනව ඒ උදෙසා ත්‍රස්තවිරෝධී ජාතික සංවිධානය වගේ අටමගල අටවගත් කාලයක, හිතා මතා සබුද්ධිකව ම මෙවැනි සංවාද-වලි ඇතිකරන කතිකාවන්ට මුලපිරූ සියුම් උගතෙක් තමයි චම්පික රණවක.

එයයි එයාගෙ ඒ කාලෙ කට්ටියයි, ප්‍රභාකරන්ගේ ත්‍රස්තවාදයට මුහණ දීමට කියා අටවගත් පැරාමිලිටරි ගණයේ අර්ධ-තග් සංවිධානයක නාමයෙන් දකුණු ලංකාවේ කලා සංස්කෘතික ක්ෂේත්‍රයට පවා තග දැමූු අවස්ථා තිබුණා. උදාහරණයක් විදිහට ප්‍රංශයේ පවතින ලෝක ප්‍රකට කෑන්ස් උළෙලේ “සිනමා දෝඕර්” ත්‍යාගය දිනාගත් විමුක්ති ජයසුන්දරගේ ලෝක සම්මානයට පාත්‍ර වූ “සුළඟ එනු පිණිස” සිනමා-කාව්‍යය තමන්ගේ ම රටේ පෙන්වන්නට බැරි වූයේ මෙන්න මේ ස්ටැලින් පන්නයේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ටේ‍රන්ඩ් එක නිසයි.  

ඒ කාලෙ චම්පිකගෙ කට්ටිය අවුස්සනකොට, එයාල ම ගින්න නිවන්න දැම්මෙ අතුරලියේ රතනගේ සිවුර. මේ දෙන්නා සහ ජවිපෙ විසින් දුරදිග නොහිතා තහවුරු කර දමන්නට උරදුන් මැදමුලනෙ අන්තදවාය  පාරාවලල්ලක් වෙලා ඇවිත් එයාලගේ ම සාමූහිකයන් තුළ සමාජිකයින් පාවාදෙන ජුදාස්ලා බවට පත්කර, ඒ සාමූහික දෙකඩ, තෙකඩ සහ චතුර්කඩ කරන්නට තරම් සැහැසි වූවා නොවේද හිසේ වැඩිමනත හිස්ව තබාගෙන ම වයසට යන සටකපට මහින්ද රාජපක්ෂ පියාණෙනි?)


ඉතිං මෙබඳු හැඟීම් සහ ආවේග අවුස්සගත්තු අසංවාදශීලී වලි අවස්ථා අවසන අදාළ දෙපාර්ශව හෝ පාර්ශවයන් පිටවී යන්නේ තේ කෝපි බොනව තියා අතට අත දී හෝ දෑත් එක්තු කොට ආයුබෝවන් කියා හෝ මුහුණු බලන්නේවත් නැතිව යි.  



3. නිරවුල් සංවාදයක් මුලක, මැදක හෝ අගක දී තවත් මනුෂ්‍යයෙකුගේ හිතේ අනිසි අර්බුදයක් (Needless Crsis) ඇතිවෙන විදිහට ඒ මනුෂ්‍යයාට උපහාස, අපහාස හෝ අගෞරව කරන්නට යොදාගන්න පුළුවන් තවත් සාහසික ආයුධයක් තමයි, සමාන්‍ය වහරේ වචන වෙනුවට අව-වහරේ වචන (හෙවත් කූණුහරුප) යොදා ගැනීම. එයින් සංවාදයේ අනෙක් පාර්ශවයේ ඇතුළ්-සිත අවුල් තත්වයට ගෙනැවිත් පෞර්ෂ-හීන කර හෝ හීනමානයට පත්කර හෝ හැඟීම් ආවේග අසමබර කර හෝ නිහඬ කරන්නට වෑයම් දැරීමේ පටු උපායන් ක්‍රියාත්මක වෙයි.

මන්ද, කවුරුන්ව විසින් වුවත් යමෙකුව කුණුහරුපෙන් අමතයි නම්, අසන්නාගේ (Listner) හිත තුළ ඉස්මතු වෙන්නේ, සංවාදශීලීත්වයකට වඩා “තමන්ව පොදුජන සමාජය ඉදිරියේ නිග්‍රහවට පත්කරා” යි වැනි පෘතග්ජන ආවේගයක් (Emotion) හැඟීමක්  (Feeling) දැනීමක් (Sense)  හෝ හැඟවුමකි: (Signified)
නව-නූතන වාග්-විද්‍යාව අනුව නම් පිරිමියෙක් හෝ ගැහැනියක් තම නැණ පමණ අනුව මේ අවස්ථා තුනට ම හෝ ඉන් එකකට ගොදුරු විය හැකියි. ගොදුරු වන්නේ කොයි අවස්ථාවට ද යන්න රඳා පවතින්නේ එක එක්කෙනාගේ “සිටීම” හෙවත් “භවය” (Being)ට නිර්මාණය කළ ජීවන ඉතිහාසයේ පමණ සහ සංස්කෘතිකයේ ගුණය අනුව යි.

යමෙක් සමාජයක් ඉදිරියේ කුණුහරුප කියා අනෙක් පාර්ශවය තුශ්නිම්භූත කර වලකාලනු ලබන්නේ මොනවාද?


එසේ වලකනුයේ, සංවාදයේ සිටින අනෙකාගේ සිත තුළ සිතිවිල්ල පැහැදිලි හැඩතලයකට ඇවිත්, අනෙකා කෙරෙන් දියුණු නිස්කාංසු තර්කයක් බිහිවීමේ සම්භාවිතාමය ඉඩ හසර යි. (ඉදින් ශිෂ්ට ප්‍රමිතීන්ට අනුව කුණුහරුප යනු සංවාදයේ දෙපාර්ශවය ම සබුද්ධිකව වලකාගත යුතු භාවිතයකි.) මන්ද තම අනෙකා ලෙහෙසියෙන් ක්ෂණික හැඟීම් හෝ ආවේගවලට ගොදුරුවන පුද්ගලිකවාදී පෞර්ෂයක් නම්, ඉන් එහාට සංවාදය තුළින් ඒ පුද්ගලයා හෝ පුද්ගලිය කෙරෙන් නිරවුල්, වටිනාසහ තාර්කික කාරණු හෝ අදහස් ඉදිරිපත්වීම අපේක්ෂා කළ නොහැකි යි. එබඳු සංවාද සංදර්භයෙන් පිටපැන ගඟේ යැවෙන්නට ඇති ඉඩකඩ ද අතිවිශාල වෙයි.


අව-වහර හෙවත් කුණුහරුප අෂිශ්ට, ග්‍රාම්‍ය සහ අසැබි වන්නේ ඒවායේ ශබ්දාරුත් නිසා නෙවෙයි. ඒ ශබ්දාරුත මිනිසුන් බහුතරයක් භාරගන්නේ කුමන අගතියක් (Prejudice) ආවේගයක් (Emotion) හැඟීමක් (Feeling) දැනීමක්  (Sense)  හෝ හැඟවුමක් (Signified)  පදනම් කරගෙන ද යන්න මතයි.



කුණුහරුප භාවිත වාදයන් ශිෂ්ට ආකාරයෙන් පවත්වන සංවාද වලට වඩා එකිනෙකා වෙත හුදු-බැණ-හඬගසාගන්නා වචන හුවමාරු කෙරෙන ජරා-වලි විදිහට හෝ ජම්මන්ත-කොකු-කෝන්තර ලෙස අවසන් වන්නේ හෝ ශාරීරික රණ්ඩු දක්වා පවා දිගෑදී යන්නේ, අසන්නා ඒ වචන භාරගන්නා විදිහ අනුව යි.
අවලාදමය අව-වහර(කුණුහරුප) මිශ්‍රිතව අදහස් හුවමාරු කරගැනීමෙන්, වර්ධනීය සංවාදයක් ඇතිවීමට ඇති ඉඩකඩ අවම වී යයි. එයින් සිදුවන්නේ, දෙපාර්ශවය ම සංවාද-මාතෘකාවේ සංදර්භයෙන් පිට පැන, හැඟීමෙන් හෝ ආවේගයෙන් එකිනෙකා වෙත වියුක්ත-කුනුහරුප-සංකල්ප (Abstract-Filthy-Concepts) විසිකර ගැනීමේ කාල-නාස්තියකි.



ඊට හේතුව වන්නේ ඌන-සංවර්ධිත(Under-developed) රටක බහුතර ජනයා ම හෝ ලේඛක සහ පාඨක බහුතරය හෝ කුණුහරුපයක් ඉදිරියේ හැඟවුමකට (Signified)  වඩා දැනීමක් ද (Sense),  දැනීමකට (Sense)  වඩා හැඟීමක් (Feeling)  ද, හැඟීමකට (Feeling)  වඩා ආවේගයක් (Emotion)  ද ඇති කරගන්නට පෙළඹෙන බුද්ධියෙන් අවවර්ධිත නුඹුරුව නිස යි.


එබඳු අවස්ථාවල ලකේ පොදු-ජන මනුස්ස මනස සංජානනයක (පටිසෝතගාමීත්වයක) සිට සංවේදනයක් (අනුසෝතගාමීත්වයක) දක්වා පසුබැස බාල මිනිස් ගුණයක් කරා පොලාපනී. ඒ කියන්නේ, මනසේ ක්‍රියාවට මුල්තැන දෙනවාට වඩා, ශරීරයේ ඇඩි්‍රනලින් ස්‍රාවයවීමේ පැත්තට වැඩි නැඹූරුවක් දී වචන වලට ආවේග මිශ්‍ර කරගෙන එකිනෙකාගේ කතා හෝ ක්‍රියා දෙපැත්තටට විසිකර (Throwness)  ගැනීම වෙත පිවිසීම යි. මෙයින් සංවාදය සාමාන්‍ය සාමකාමීත්වයෙන් බැහැර පහත් අශිෂ්ට තත්වයකට ඇද වැටේ.  

මේ වගේ අසැබි කතාබහවල් වලින් සුළු ප්‍රයෝජනයක් හෝ නොගත හැකි තරම්!


ඒවා හුදු යටිහිත්වල එදිරිවාදිකම් සැමරීම් හෝ සඟවාගත් ඇජෙන්ඩා ඉටුකරගැනීම් හෝ බවට විතරක් පත්වී අවසානයේ “සංවාද මාතෘකාව” විසින් නියෝජනය කරන විෂය-පථයට (Subject track)  ද හානි පමුණුවාගෙන, සංවාදයට පැමිණි අනෙක් සගයාගේ හිත ද අනවශ්‍ය ලෙස රිද්දවාගෙන, විෂය-විරෝධී අශිෂ්ටත්වයක් කරා යාවී අනිසි ප්‍රතිඵල ඇතිකරවයි.


ශ්‍රී ලංකාවේ වසරකට නොගිණිය හැකි තරම් සංවාද නහුතයක් සිදුවුණත්, මෙතෙක් ඒවායින් වැඩි ප්‍රමාණයක් නිසි ඵල අත්කර නොදී ඇත්තේ, රටේ සමාජ-සැකැස්ම දිගුකාලීනව විෂය-විරෝධී අශිෂ්ට දිසාවක් කරා ගමන් කර ඇති නිසාවෙනි. ඊට ප්‍රධාන හේතුව බුද්ධිමතුන් සේම පොදු ජනයාව ද සංජානනය (පටිසෝතගාමීත්වය) තුළ අභ්‍යාස කරවන නිසි ආයතන පද්ධතියක් නොමැතිවීම නිසා අදාළ සංවාදී හික්මවීම අහිමි මිනිස් “සිටීම්” (Beings’ without Perception) බහුල වීම යි .


  1. 4) නිරවුල් සංවාදයක් මුලක, මැදක හෝ අගක දී තවත් මනුෂ්‍යයෙකුගේ හිතේ අනිසි ව්‍යසනයක් ( Needless Dissaster) ඇතිවෙන විදිහට ඒ මනුෂ්‍යයාට අපහාස හෝ අගෞරව කරන්න පුළුවන් ඊළඟ භයානක ආයුධය තමයි, සමාන්‍ය වහරේ වචන වෙනුවට මනුස්ස ලිංගේන්ද්‍රියන් හෝ වෙනත් රහස්-ශරීර-අවයව නම් කරන්නට යොදාගන්නා අව-වහරේ වචන (හෙවත් ලිංගාශ්‍රිත කූණුහරුප) සංවාදයට ඇතුළු කරගැනීම සහ අනෙක් සංවාදකයාගේ පුද්ගල අනන්‍යතාව එබඳු වචනවලින් නාමකරණය (Nomenclature)  කරන්නට යත්න දැරීම.


මේ මගින් වාදයට සම්බන්ධ අනෙක් පුද්ගලයා (the Other Personality) වචනයේ ග්‍රාම්‍ය ලිංගික ආධිපත්‍යයකට සහ ව්‍යභිචාරික භයකට හසුකර, ඒ අනෙක් පුද්ගලයාගේ ගේ කණ(සවන), වචනය ප්‍රකාශ කරන්නාගේ වාග්-මුඛයේ ග්‍රාම්‍ය පිටිසරවාදී ලිංගිකයකට (The Rural sex) නතුකර, අනෙක් පුද්ගලයාව අවමානයට තුඩු දෙන පරිදි ඔහු හෝ ඇය සංකල්පීය-අතවරයකට (Conceptual rape) ලක් කරනු ලැබෙයි. ඒ හරහා ඒ අනෙක් පුද්ගලයා අවුල් කරවන්නට හෝ බිරාන්තකොට නිහඬ කරවන්නට වෑයම් දැරීමේ අව-භාවිතාවක් අභ්‍යාස කෙරෙයි.


හැබැයි එබඳු භාෂා-රූපකීය (metaphors) අතවරයට හසුවන්නට නම්, ලිංගාශ්‍රිත කුණුහරුපයට කණ් දෙන්නා ද යටකී ග්‍රාම්‍ය ලිංගිකය (Rural sex) හෝ ලුම්පන් ලිංගිකය (Lumpan sex) තම භාෂිතය කරගත් කතිකා සංකල්ප භාවිතා කළ ජීවන ඉතිහාසයක හැදී වැඩුණු අයෙකු විය යුතු ය.


නමුත් අසන්නා එවන් ග්‍රාම්‍ය හෝ ලුම්පන් ලිංගිකයෙක් නොවන්නේ නම්, ඔහු හෝ ඇය තුළ තමන්ට අවැසි හැඟවුමක්වත් (signified) ඇතිකරවන්නට යටකී ග්‍රාම්‍ය වාචාලයාට ඉඩහසර නොලැබී යයි. ඒ නිසාම තමන් කියන කුණුහරුපයට අදාල  හැඟවුමෙන් (Signified)  දැනීම(Sense)  දල දැනීමෙන්  හැඟීම , හැඟීමෙන්  ආවේගය  වන පරිදි ඉදිරියට දැගෑදී යා හැකි ක්‍රියාවලිය ගත් තැනම ලෝප්වී ඇණ හිටියි. හරියට චීනෙකුට සිංහල කුණුහරුපෙන් බැන්නහම නොතේරී හිනා යනවාට ආසන්න සන්නිවේදන අක්‍රියත්වයක් එහි දී ඇතිවෙයි.


ඒ කියන්නේ, සවන්දෙන්නා උස් නාගරිකයෙක් වුවහොත් හෝ වෙනත් උසස් සංස්කෘතික මිනිහෙක් වුවහොත්, යටකී ලිංගාශ්‍රිත කුණුහරුප සෙල්ලම හෙවත් අවවහරික-උපාය ගත් තැන ම වැරදී ලොප්වී  උදාසීන වී යනවා ඇත. මන්ද ඔහු හෝ ඇයගේ හැඟීම් ආවේග කුළුගැන්වෙන්නේ වෙනත් ශබ්ද සංකේතලෝකයක දී වන නිසා ය.


රනිල්ගෙන් එජාපයේ පොදු-අපේකෂක නොමිනේෂන් ගන්නට චම්පිකට බැරිවෙන්නෙත්, කුසලුන්ගේ ජුංඩා-රූපකය කේන්ද්‍ර කරගත් ලිපිය නිසා වියවුල්-හැඟවුමක්වත්  (signified of chaos)  ඇති කර නොගෙන අරවින්ද කලබල නොවන්නේත් “අනෙකා තුළ ඒ අව-හැඟවුම(mal-signified) ඇතිරීකිමට චම්පික හෝ කුසලුන් වැන්නවුන් අපොහසත්වීමට”(Inability to create ‘a Signified’ inside the mind of the Other) බැඳී සිටින නිසාවෙනි.


නැත්නම් සාගල රත්නායක කියන ගැමි ප්‍රභූවරයා යනු චම්පිකගේ බුද්ධිමය භාවිතයට සාපේක්ෂව ගත්කල දේශපාලනාර්ථික බුද්ධියෙන් හිස්-සිටීමකි (Empty Being) . නමුත් සාගල කියන දේවල් චම්පික කියනවාට වඩා හොඳට රනිල්ට හැඟවුම් වෙයි. (ඒකට හේතුව රනිල් සහ සාගල අතර ඇති පුද්ගලික සම්බන්ධය ම නෙවෙයි.) ඊට හේතුව චම්පික හා රනිල් අතර ඇති සංස්කෘතික වෙනස යි.


ලිංගිකත්වයෙහි විශාල පදාසයක් අවිඥානය හා සම්බන්ධ ප්‍රපංචයක් වන නිසා, මෙවන් විසංවාදී අවස්ථාවක දී, බොහෝ විට වචනයෙන් අපහාසයට ගොදුරුවන්නා හෙවත් අසන්නා (Listener) ලිංගික පෞර්ෂය හීන හෝ එම පෞර්ෂය තුළ ග්‍රාම්‍ය අයෙක් වන්නේ නම් තම කොන්ද පෙලාගෙන ද, ලිංගික පෞර්ෂය ප්‍රචන්ඩ අයෙක් වන්නේ නම් පොල්ල (Phallus) හරස් කරගෙන ද, ලිංගික පෞර්ශයෙන් දියුණු නාගරිකයෙක් වන්නේ නම් නොසලකා-හැරීමේ-චිකිත්සාව (Ignore therapy) හෙවත් බ්‍රහ්ම දණ්ඩනය යොදාගනිමින් ද ප්‍රතික්‍රියා දැකිවීමට නියමිත යි. කූණුහරුපය හේතුවෙන් අතිවන ඒ ප්‍රතිචාර තුනෙහිදී ම, පටංගත්තා වූ සංවාදය, සංවාදයක් නොවන වෙනත් යමක් (Other thing) බවට පත්වී කෙලවර වීමට නියමිත යි.

මන්ද ලිංගාශ්‍රිත කුණුහරුපය පතිත-කිරීමත්(Pitching) සමඟ භාෂාවෙන් කරන ඒ සංවාද ගැටුම, හුදු සමාජ-විද්‍යාත්මක සංදර්භයක සිට සමාජ-මනෝ-විශ්ලේෂනික සංදර්භයක් කරා ලිස්සා යයි (Slip). සංවාදයකින් යහපත් ඵල නෙලාගන්නට පුළුවන් වන්නේ, මෙන්න මේ සමාජවිද්‍යාත්මක සහ මනෝවිශ්ලේශණික විශ්වයන් දෙකේ දෙකොන් පටලවා නොගන්නට තරම් විනයකින් හික්මුණු සංභාෂකයින් (Inter-locutor)  වාදයකට සම්බන්ධ වෙනවානම් පමණයි. නැතිනම් අවිඥානිකව ම(නොදැනී ම) සංදර්භයකින් තවත් සංදර්යක් වෙත ලිස්සා යන හෙවත් පැන පැන යන තත්වයක් ඇතිවී මුළු සංවාදය ම හුදු වාචාල “කතාබහක්” බවට පෙරලෙයි.


තවද, මෙවන් ලිංගාශ්‍රිත-සංකල්පීය-අතවරයක් කරලියට ආ වහාම, වාද කරන දෙපාර්ශවයට හිමිව ඇති විශ්ලේෂනය කරගන්නාගේ භූමිකාව ද ඔවුන් කෙරෙන් ගිලිහී යයි. එයින් සංවාදයට සහභාගී වූ පාර්ශවයන්ගෙන් “පිටත සිටින්නා”(Outside Being) වන තුන්වැනි පුද්ගල පාර්ශවයකට සංවාදය විශ්ලේෂණය කිරීමේ අවස්ථාව උදාවෙයි.

එය දැන හෝ නොදැන සංවාදයේ විනිෂ්චය හබන් කුකුළන්ට පැවරීමකි.



මන්ද ලිංගාශ්‍රිත අතවර-වදන් යොදාගැනීමේ දී, එය සංවාදයක් හෝ වාදයක් නොවන වලියක් හෝ විරසකයක් හෝ කොන්තරයකත් හෝ බවට පත්වී, සංවාද පාර්ශවකරුවන්ගේ සංජානනික පියවි සිත බිඳවැටී, වාද-පාර්ශවයෝ අවිඥානිකව ම යටකී “ලිංගාශ්‍රිිත අව-වහරේ සංකල්ප-මිශ්‍රිත-භාෂා-තඨාකයේ (Conceptual Bath) ගිලී, එකී සංකල්ප ම ආරෝහණාත්මකව වැඩිකරගනිමින් එකිනෙකා වෙත විසිකරගන්නා අව-භාවිතයකට ගොදුරුවන බැවිනි.


මෙබඳු අව-වර්ධිත අයට සාධනීය ලෙස වර්ධනය වෙන්නට නාගරික උසස් සංස්කෘතියක් තුළ පවතින ශිෂ්ට බුද්ධිමය සමාජවල, උපදේශනායතනවල හෝ පුනරුත්ථාපනායතනවල උදව් අවශ්‍ය යි. එසේ කර පවා බේරුම් කරගන්ට අසීරු ප්‍රචන්ඩ තත්වයක් නම්, මනෝ-සායනික උදව් පවා ලබාදීම අවශ්‍ය වෙයි.


සංවාදයකදී පුද්ගලයින් දෙදෙනෙකුගේ පුද්ගල පෞර්ෂ සෘජුව ම ලිංගේන්ද්‍රික අව-වහර (කුණුහරුප) හරහා හැප්පීමෙන් සිදුවන්නේ දෙපාර්ශවයම හෝ එක් පාර්ෂවයක් සංවාදයට අදාළ සමාජ වාද-විෂයෙන් පිට පැනීම යි.  අනෙක් පැත්තෙන්, එහි අතුරුඵලයක් ලෙස, ලිංග කේන්ද්‍රික කුණුහරුප භාවිතා කරන්නාගේ පෞර්ෂයේ ඇති අව-වර්ධිත සහ අපරිණත (Undeveloped and Immature) පුද්ගලත්වය ද භාහිර සමාජයට නිරාවරණය වෙයි.
එපමණක් ද නොව, ඔහු හෝ ඇය විසින් සංවාදයෙහි සිටින තම අනෙකා තුළත් එවැනි අසැබි තත්වයක් පිකප් කරන්නට කැසකවන බව ද හෙළිදරව් වෙයි.


යමෙකු විසින් අදාළ සමාජීය වාද-විෂයෙන් පිටපැන අනෙකාව මනෝ-මූලික කර, හෝ හැඟීම්බර කර හෝ ආවේගශීලී කර හෝ අවුස්සා, සංවාදය තමන්ට වාසිදායක ආවේගකාරී ප්‍රචන්ඩ දිසාවකට හරවගැනීමට කැසකවන විට, මෙබඳු සංකල්පීය-අතවර-වදන් හෙවත් ලිංග-කේන්ද්‍රික කුණුහරුප සබුද්ධිකව(හිතාමතා ම) හෝ නොහිතා ම මුඛවලින් දොට්ට පැණීම සිදුවෙයි.


(නමුත් කුසලුන් තුළින් ප්‍රකට වන්නේ චම්පිකගේ පෙර-ප්‍රචන්ඩ දේශපාලනික ආවේගයටත් වඩා අශිෂ්ට භයානක ලිංගාශ්‍රිත හුදෙකලා මනෝභාවයකි. එහිදී චම්පික කිසිදු අව-වහරක් යොදා නොගන්නට තරම් ප්‍රවේශම් වෙයි. ඔහු විසින් භාවිතයට ගැනුණේ යටකී පළවන සහ දෙවන ප්‍රභේදයන්වල අවභාවිතයන් පමණකි. මේ වන විට ඔහු එයද උපායිකව අතහැර සන්සුන් පෞර්ෂයක් රඟදක්වමින් සිටී.)


ක්‍රිස්තු පුර්ව ගණන්වල පැවති ග්‍රීක දර්ශනවාදී සංවාද සංස්කෘතියේ තිබූ “මිතුරා” යන සංකල්පයෙහි අරුත වූ “සංදර්භයට සාපේක්ෂව ශිෂ්ටව කතා කරන්නා” යන අවබෝධය යටකී අවස්ථා ප්‍රභේද හතරේදී ම  විවිධ සියයට ප්‍රමාණවලින් මගහැරී ගිලිහී යයි.



එලෙසම නව-නූතන අරුතකින් කීවොත්, සංවාදයේ යටකී අපහාස සහ අගෞරව සහිත අවිඥානික හැඟීම් සහ ආවේග පදනම් කරගෙන, සංවාදයෙහි සිටින අනෙකාගේ හිත තුළ ප්‍රශ්න, ගැටළු, අර්බුද හෝ ව්‍යසන ඇති කරන හැමවිට ම සිදුවන්නේ, තමන් හා සංවාදයේ සිටින අන්තර්-සම්භාෂකයා(inter-locutor) තමා(Me) තුළින් සහ අනෙකා (Other) තුළින් අහිමි වී යාමයි. ඒ හරහා සංවාදය ම සංවාදයක් නොවන ඉමක් කරා වල්වදි යි.


ඒ නිසා සංවාදයකට ඇතුළුවෙත් දී ම අනෙකා තුළ සිටින අන්තර්-සම්භාෂකයා රැකගැනීම සහ නඩත්තු කිරීම සැබෑ සංවාදයක් පොරොත්තුවන වන සෑම සම්භාශකයෙකුගේ ම වගකීම වේ.  

හිතවත් ලීඩර් පාඨකයනි,

මෙය ලියන මා උඩින් පාත්වී නැති බවත්, මෙකී ප‍්‍රභේදයන් හදාරා ඇති බවත්, ඒවා ගැන සවිඥානිකව දිවි ගෙවන බවත්, මා විසින් ගැඹුරු සංවාදයට බාධා කරන යටකී පෘතග්ජන ප‍්‍රභේදයන් හතර(4*) මෙලෙස ඉතා නිරවුල් ආකාරයෙන් ඔබ වෙත විග‍්‍රහ කිරීම අනුව ම ඔබට තේරුම්ගත හැකි විය යුතු යි.


මෙහිදී මා වෙත ලියන කුසල් පෙරේරා “තමන් විසින් කියවා නැතැයි තමන් ම කියන” බුකර් තෑග්ග දිනූ පොතක් වෙනුවෙන් ද, එහි හිමිකාර කතුවරයාට ලබා දෙන්නටය හදන අප නොදන්නා “සැබෑ ගෞරවයක්” වෙනුවෙන් ද පෙනී සිටීමට ගොස් විගඩම්කාරයෙකු බවට පත්වෙයි.


ඒ සඳහා ඔහු යොදාගන්නේ ලීඩර් වෙබ් පිටුවට මා ලියූ කෙටි-සටහන්ගත ලියවිල්ල (Short Write up) යි. එහිදී ඔහු මගේ ලියවිල්ලේ වියමන (Text) තම පරික්ලපනයෙන් මවාගත් භාෂා ව්‍යුහයකට අනුව විස්තාරණය කරමින්, එය තමන්ගේ හිතූමනාපෙට අදාළ අර්ථකන විශ්වයක් තුළ ගිල්වා, මගේ වියමන (Text) බුකර් ප්‍රයිස් හිමිකරුට අගෞරව කරන්නකැයි යන ස්ව-අර්තකථනික විනිෂ්චයකට එළඹෙයි. එහි ප්‍රතිඵලයක් ලෙස, මගේ වියමන තුළ ඇති බුකර් ප්‍රයිස් කතුවරයාට ගෞරව දැක්වූ සියළු වාක්‍යයන් කුසලුන් තුළ යටපත්වී යන අතර ඔහු එය පාඨක සිත් කෙරෙන්ද මකා දැමීමට වෙර දරයි.


එනයින් කුසලුන් තමන් නොකියවූ පොතක ගෞරවය වෙනුවෙන් පෙනී සිටීමට මේ හැටි වෑයම් දරන්නේ මන්ද යන සාධාරණ ප්‍රශ්නය, ඔහුගේ ලියවිල්ල පැහැදිලිව නිරීක්ශනය කරන ඕනෑ ම සාමාන්‍ය පාඨකයෙකුගේ හිතට පවා නැගිය යුත්තකි .


ඔහුගේ සත්‍යය යොමුව නම් අනෙකකි.  


එනම් කුසලුන්හට ඒ පොත හෝ කතුවරයා හෝ බුකර් ත්‍යාගය හෝ එය පාදක කොට ලක් රටේ සමාජ-සැකැස්ම (Social Formation) ගැන මා කළ විවරණය හෝ වෙත යොමුගත වූ විෂයානුබද්ධ ප්‍රවේශයක් නොමැති වීම යි. මා හදාරා ඇති මිනිස් විද්‍යාවනට අනුව නම්, යම් වියමනක (Text) “සමාජ-සැකැස්ම” නැමති සංකල්පය භාවිතා කර ඇත්නම්, අවම තරමින් නූතන(Modern) පදනමකින්වත් එහි සත්‍යාසත්‍යතාව විමසීමට අවැසි අයෙක් මුලින් ම ප්‍රශ්න කළ යුත්තේ, ඒ සමාජ-සැකැස්මට අදාළ දේශපානාර්ථිකය යි.


එය ලොව ප්‍රමිතිගත විෂය විනයිකි.


මෙහිදී කුසලුන් ලෝකය ද ඉක්මවා යන මහා පොරක්දැයි කියා අප සොයාගත යුතුය.



නව-නූතන(Neo-modern) විශ්ලේෂන සංදර්භයක දී නම්, දේශපාලනාර්ථිකයට අමතරව සංකල්ප සහ ප්‍රායෝගික භාවිත ප්‍රශ්න කළ හැකි නව-නූතන වාග්-විද්‍යාවන්, සමාජ-විද්‍යාවන්, මනෝ-විශ්ලේෂන විද්‍යාවන්, ග්‍රැමටලොජීය විද්‍යාවන් යනාදී නව-නූතන විශ්ලේෂන-විද්‍යා රැසක් ද මේ වන විට බිහිවී හැදෑරීමට විවෘතව පවතින නමුත් දැනට මා උපායිකව ඒවායේ විශ්ලේෂන අක්ෂයන් මොනවාදැයි කියා කුසලුන්ට උගන්වන්නට ඉක්මන් නොවෙමි.  


ඉතින් තමන් නොකියවූ පොතක් සහ කතු-වරයෙක් වෙනුවෙන් පෙනී සිටින කුසලුන්ගේ මේ ව්‍යාජ විචාර භාවිතයෙහි පසුබිම කුමක්ද?


මා ලියූ පාදක-සටහනේ ඇති දේශපාලනාර්ථික සංදර්භයවත් ප්‍රශ්න නොකර, කුසලුන් ම ගොඩනගාගත් දත්ත සහ තොරතුරු මූල්කරගත් ප්‍රශ්න කිහිපයකට උත්තර බඳින්නැයි මට බලකරන මේ මහදැනමුත්තාවාදී යොමුව කුමක්ද?


කුසලුන්ගේ ලිපිය තුළ අනිසි ප්‍රශ්න, ගැටළු සහ අර්බුද ඇතිකරන සුළු ස්වාර්ථකතන රැසක් යොදාගනිමින්, ඔහුට කිසිදා හමුනොවූ සහ නො දුටු මාගේ පුද්ගලත්වය ඔහු විසින් පාඨකයා වෙත නැවත-හඳුන්වා දෙන්නට යාම මගින් මාව ශිෂ්ට සංවාදයක් නොවන ගෝරියක් කරා පොළඹන්නට ඔහු අසාර්ථක උත්සහයක යෙදී ඇති බව පෙනේ. එය ඔහුගේ වියමන කියවන ඕනෑ ම සංවාදශීලී පාඨකයෙකුට වැටහෙන සරල කාරණාවකි.


ඒ සියළු අවලාද සංවාදයකට අනදාළ වන සංදර්භ විරෝධී ඒවායි.



මන්ද, කවුරුන් ලියූ ලිපියක වුවද, එහි කේන්ද්‍රී-තීසිසිය(Central Thesis) අවම තරමින් නූතනවාදී දේශපාලනාර්ථික පදනමකින්වත් ප්‍රශ්න නොකරන ලියිවිලිවලට උත්තර දීම සංදර්භ විරෝධී ය. එනයින් ඵල විරහිත ය. මම, මගේ විෂය විනයක් විදිහට, මා ලියන වියමන්(Text) වල කෙන්ද්‍රීය තීසිසය ප්‍රශ්න නොකරන විගඩම් වලට උත්තර නොසපයමි.


නමුත් ලීඩර් පාඨකයාට මා පිළිබඳ දුරාවබෝදයක් ඇති නොවීම උදෙසා, මාව අව-අර්ථකථනය කළ ඒ කුසල් පෙරේරාගේ වියමනේ මුළ් මාතෘකා පදය හරහා හෙළිදරව්වන ඔහුගේ අවිඥානික අගතියක් හෙළිදරව් කිරීමට දැනට තීරණය කළෙමි.


සෙස්ස පසුවට ය.  



කුසලුන් තම ලිපියේ මාතෘකාවෙන් මා අමතන්නට යොදාගන්නේ ලිංගාශ්‍රිිත සංකල්පීය-අතවරයනට යොදාගන්නා වදනකිනි. ඔහු මේ අතවර වදන යොදමින් වපුරන ආවේගයෙන් උත්සුක වන්නේ, මට අනවශ්‍ය අවමානයක් ඇතිකිරීම පමණක් නම්, ඔහුගේ වියමනේ පැටලී වරදෙහි බැඳෙනවාට වඩා ඔහුට බ්‍රහ්ම-දණ්ඩනය(Ignor theraphy) දී නිහඬ වීම වඩා යෝග්‍ය බුද්ධිමය භාවිතයක් වන්නේ ය.

නමුත් ඒ අතවර වදන හරහා ඔහු වපුරන ආවේගය සමස්ත ස්ත‍්‍රී මනුස්ස වර්ගයාට සහ දෙමල ජනවර්ගයට එරෙහි පොදු-ග‍්‍රාම්‍ය-සිංහල-ජන-අවිඥානික භාවිතාවක් ප‍්‍රකට කරන බැවින්, එය ලියන කුසලූන්ගේ සමාජ-අවිඥානය හෙළිදරව් කිරීම යනු තම රටේ ජනයා පිළිබඳ ඥාන භාවිත දකිනට වෙර දරන ප‍්‍රගතිශීලී පාඨකයාට දොරකවුළු විවර කිරීමක් වෙයි.

කුසලුන් මා ලියූ පාදක ලියවිල්ලේ සංකල්පීය පදනම කැබලිතිකොට(Scaterism) ලීඩර් පොදු-පාඨක-මනස තුළ විසුරුවාහරින්නට උත්සහ දරන මේ කුණුහරුපමය ආවේගයෙහි අවිඥානය කුමක්ද?



එයට කිසිදු සංජානනික-සමාජ-තර්කයක් (Percept of Social Logic) නොමැත. මා කවුදැයි කියා කුණුහරුප ස්ව-අර්ථයක් සැපයීමෙන් සංජානනික-සමාජ-තර්කයක් කෙසේ වෙතත් සංවේදනික-සමාජ-තර්කයක්වත්  ගොඩනැගෙන්නේ නැත. තනි පුද්ගලයෙකුට ලිංගාශ්‍රිත කුණුහරුමය ස්වාර්ථයකින් දමා ගසන ආරම්භක මොහොතේ ම සංවාදයක සමාජ-විද්‍යාත්මක තර්ක පදනම බිඳ වැටේ.


ඒනිසා එයින් සිදුවන්නේ, එම කුණුහරුපමය ස්වාර්ථය පවසන්නාගේ මනෝ-විශ්ලේෂනික වූ ග්‍රාම්‍ය අවිඥානයක් හෙළිදරව් වීම පමණකි. එහිදී කුසලුන්ට උත්තර දීම කෙසේ වෙතත් මාව මුළින් ම හඳුනගන්නා පාඨකයින්ට ඇතිවිය හැකි දුරවබෝදය නිවැරදි කිරීම ද මගේ බුද්ධිමය යුතුකම වේ.



කුසලුන් කිසිදා නොදුටු සහ නොදත් මා කෙරෙහි මෙලෙස කුණුහරුපයෙන් යොමුවන්නට ආසන්න වශයෙන් හේතු 04ක් තිබිය යුතුයි.



1. ඒක්කෝ මා සහ කුසලුන් එකිනෙකා දැන හඳුනන අතර කුසලුන් හා මා එකිනෙකා වෙත පුද්ගලික හැඟීම් හෝ ආවේගයක් හුවමාරුකරගත් ඉතිහාසයක් තිබිය යුතු ය. (එහෙම එකක් ඇතිවන්නට අප මෙතෙක් මේ ජීවිත කාලය පුරාවට ම තවම හමුවී නැත.)


2. නැතිනම් මට එරෙහිව කුසලුන් වෙනත් ව්‍යූහයක ඇජෙන්ඩාවක් ක්‍රියාත්මක කරමින් සිටිනවා විය යුතු ය.


3. එසේත් නැතිනම් මොහු රටට ඉංග්‍රීසි භාෂා පදනම අහිමි කළ බණ්ඩාරනායකගේ එහෙයියෙක් විය යුතු ය.


4. එසේත් නැතිනම් කුසලුන් රචනයේ දී පුද්ගලාමන්ත්‍රණ භාවිතය හා සම්බන්ධව මනෝ-ව්‍යාධියකින් පෙළෙමින් සිටිනවා විය යුතු ය.


කුසලුන් හා මා කිසිදා හමුවී නැති නිසා මා දන්නා තරමින්, කුසලුන්ගේ ලිපිය මෙහෙයවා ඇති අයුරු අනුව ඔහුට මනෝ-ව්‍යාධියක් තිබීමට ඉඩක් තිබෙනවාදැයි පිළිබඳ මට තොරතුරු නැත. එහිදී ඔහු වෙනත් ව්‍යූහයක ඇජෙන්ඩාවක් කරතබාගෙන ඇතැයි හෝ බණ්ඩාගේ එහෙයියෙක් වනවා ඇතැයි හෝ මට අනුමාන කළ හැකි වුවත්, අනුමානයන් මත පමණක් පිහිටමින් විනිෂ්චයන් ගොඩනැගුවහොත් මා ද ඔහුගේ තත්වයට ම ඇද වැටෙනවා ඇත. ඒ නිසා, ඊට ඉක්මන් නොවී ආරම්භයක් ලෙස කුසලුන් කළ මේ පුද්ගල ආමන්ත්‍රණය විශ්ලේෂනය කරගැනීම අප කාටත් ප්‍රගතිගාමී ප්‍රවේශයකි.  


තම ලිපියේ ප්‍රධාන ආරම්භක මාතෘකාවට ම දමිල කුණුහරුපයක් භාවිතා කර මා ඇමතීමත්, තමන් නොකියවූ බව තමන් ම පවසන ඉංග්‍රීසි නවකතා පොතකට සහ එහි “බුකර් ප්‍රයිස් හිමිකරුට සාධාරණය හිමිකර දීම” යන අපබ්‍රංසයක් වෙනුවෙන් පෙනී  සිටීමත් නිසා කුසලුන්ගේ ලිපියෙහි අරමුණ(Objective) සංදර්භයෙන් පිට පනී. එනම් එය  “බුකර් ප්‍රයිස් හිමිකරුට හෝ පොතට ද සාධාරණය හිමිකර දීම” යන සමාජ-විද්‍යාත්මක සංදර්භයේ නොපවතින බව මොනවට පැහැදිලි වේ.


අදහස් ප්‍රකාශ කිරීමේ දී යමෙකු සංදර්භ විරෝධී ප්‍රවේශයක් ගැනීමෙන් ප්‍රකට කරන්නේ සැඟවුණ ඇජෙන්ඩාවක් හෝ අවිඥානික පුද්ගල දෝෂයකි.
එහිදී අප කුසලුන් කියන දේ තුළ පවතින නොකියන දේ කුමක්දැයි සොයාගත යුතුව පවතී.


මන්ද ලක් කොදෙව්වේ සමාජ-සැකැස්ම පිළිබඳ මා කළ විවරණය දේශපාලනාර්ථිකව ප්‍රශ්න කිරීම නැමැති සැබෑ සංදර්භික යොමුවේ අහලකටවත් ඔහු පැමිණෙන්නේ නැත.


කුසලුන්ගේ මනෝභාවය යටකී සියළු සමාජ-විද්‍යාත්මක සංදර්භයන්ගෙන් පිටතට ලිස්සා ගොස්, “අරවින්දව ග්‍රාම්‍ය ලිංගික නාමකරණයකට (Nomenclature) යටකර සංකල්පීය-අතවරයකට ලක් කිරීම නැමති සමාජ-මනෝ-විශ්ලේෂණික සංදර්භයක් කරා මාරු වූයේ කිනම් අරුමයකින්ද මහින්ද රාජපක්ෂ ගම්මුලාදෑනී පියාණෙනි?


ඒ නිසා අපි කුසලුන් කියන දෙයහි යට ඇති නොකියවෙන දේ ගැවසෙන ඔහුගේ කුණුහබ්බ අවිඥානයෙහි පවතින ඉම් පෙදෙස් කියවමු!  
 


ඊට පෙර, මා විසින් යට කී භාවිත-වාද-ප්‍රවර්ග 04ක් සංකේතීයව (Symbolically)  හඳුන්වාදීම මගින් ම කුසලුන්ගේ ලිංගාශ්‍රිත කුණුහබ්බය හරහා ඔහු හෝ ඔහු පිටුපස ව්‍යූහවල සිටින උදවිය පතිත කිරීමට යත්න දැරූ ඒ පරිකල්පනීය (Imaginary)  අව-වහරික වියවුල, මතක වස්ත්‍ර පූජාත්‍ර ද සමග පතිතවූ තැන ම ලෝප්වී ඇති බව සාතීශය සංවේගයෙන් දැනුම් දෙමි. ඒ නිසා මින් ඉදිරියට ඇත්තේ ලිංගම් විරෝධී සාහසිකයකු ඉදිරියේ මා පවත්වාගත් ඒ සංවාද විනය ඔහුගේ අවිඥානය හෙළිදරව් කිරීම සඳහා යොදාගැනීම පමණි.

මේ ලිපියේ අරමුණ(මෙවර ප‍්‍රවේශය) කුසලූන්ගේ ලිංගම් විරෝධී අවවහරික අවිඥානය කියවීම වන නිසා මගේ පාදක ලිපියේ ඇති කෙන්ද්‍රීය තීසිසය ලීඩර් පාඨකයාට සවිස්තරාත්මකව විග‍්‍රහ කිරීම දැනට තාවකාලිකව කල් දමමි.

බලන්න!

කුසලූන් මා අමතා ඇත්තේ ”පුණ්ඩෙකු” ලෙස යි.

පුන්ඬේ යනු දමිල භාෂාවෙන් ස්ත‍්‍රී ලිංගයට යොදන අවවහරික(කුණුහරුප) වචනය යි.

මේ වචනය ලංකාවේ නාගරික ලූම්පන් ප‍්‍රජාව කෙරෙන් ග‍්‍රාම්‍ය ප‍්‍රජා අතරටත් ගොස් සිංහල වහරට ද යොදාගෙන බොහෝ කල්ගතවී ඇත.

වත්මන් සිංහල වහරෙහි ”අප්සෙට් වෙන්න එපා බං” කියත්දී ”අප්සෙට්” යන්න ඉංග‍්‍රීසි භාෂාවෙන් උපුටාගත් පදයක් වන වන නමුත් දැන් එය භාවිත භාෂා දැළ තුළ සිංහල වචනයක සථානය ම අත්පත් කරගෙන ඇත. සිංහල අව-වහරේ දී ”පුණ්ඩෙ වැඩ කරන්න එපා බං” කියත්දී එයින් අදහස් වන්නේ සිංහලෙන් ”හුත්තෙ වැඩ කරන්න එපා බං” කියන අරුතයි. එනම් ”පුණ්ඩෙකු” යනුවෙන් යමෙකුව අමතද්දී එයින් අදහස් වන්නේ ”හුත්තෙකු” යන අරුතයි. මෙහිදී පුණ්ඩෙ යනු දෙමල අවවහරේ භාෂාවෙන් උපුටගත් පදයක් වන නමුත් දැන් ඊට සිංහල වචනයක ස්ථානය ලැබී ඇත. ඒ නිසා එය තවදුරටත් දෙමල භාෂා ව්‍යුහයට පමණක් අයිති සංකල්පයක් නොව සිංහල භාෂාව්‍යුහයට ද අයිති සංකල්පයක් වේ.

ෆර්ඩිනැන්ඞ් දි සෝසියර් නැමති වාග්-විද්‍යාඥ්ඥයාට අනුව ”ලොන්ග්”( Langue) සහ ”පරෝල්” (Parole) අතර  වෙනස දක්වන විග‍්‍රහය තුළ මෙය හැදෑරිය හැකිය. එහිදී ”ලොන්ග්” යනු පවතින සංකේත-දැල හෙවත් භාෂා තඨාකය වන අතර, ”පරෝල්” යනු වෙනත් භාෂා තඨාකයින් ගැලවී(වියුක්ත වී) ඇවිත් තවත් භාෂා තඨාකයක ගිලෙන නව-ශබ්ද සංකේතය යි. නව ශබ්ධ සංකෙක්තය හෙවත් පරොල් එක යම් ශබ්ද-සංකේත-තඨාකයක ගිලී යම් කාලයක් ගතවෙත් ම එය එහි මුල් අරුත හෝ ඊට තරමක් වෙනස් අරුතක් හෝ බවට පත් වී නව භාෂා තඨාකයට හිමි වේ.

සිංහල සහ දෙමල භාෂා දෙක ගැටීම සහ සම්මිශ‍්‍රණය වීම වසර දහස් ගණනක් පසුපසට දිව යන නිසා ”පුණ්ඬේ” යන අවවහරික වචනය ද අද වන විට නොනිළ සිංහළ අවවහරේ භාෂා තඨාකය තුළ එහි දෙමල අරුත සේම ස්ථාපිත වී පවතී. (අවවහරක් හැම විටම පවතින්නේ නිළ භාවිතයෙන් බැහැරව වුවත් පොදු භාවිතයේ ය.*  

ඒ අනුව කුසලූන් මට දමා  ගසන්නේ ”ස්ත‍්‍රී ලිංගය” නැමති අරුත හඟවන පදයකිනි.

එපමණක් නොව එය ”දෙමලි ස්ත‍්‍රී ලිංගය”ක් ය.

එපමණක් ද නොව එය අව-වහරික (හෙවත් කුණුහරුපමය) දෙමලි ස්ත‍්‍රී ලිංගයක ශබ්ධ-අරුත ය.

එනම් දෙමල ස්ත‍්‍රී-ලිංගය කුණු වූ හරුපයක් හෙවත් පාච්චල් කිරීමට යොදන සංකල්පයක් බවට ගනිකා වෘත්තියේ යොදවා ඇත. 

ඔහු මා හඳුන්වන්නට මේ වචනය සමාජයට මුදාහරින මොහොතේ ම එහි අපහාසය මා විසින් භාරගෙන ඔහුගේ ග‍්‍රාම්‍ය ලිංගික භාෂා භාවිතය ඉදිරියේ කොන්ද පෙලාගෙන නිහඬ වී හෝ පොල්ල(Phallus) හරස් කරගෙන වාචාල වී හෝ ඊට මුහුණ දේවි යැයි බලාපොරොත්තු වන්නට ඇත. ඒ ඔහු මාගේ සංස්කෘතික සහ බුද්ධිමය ඉතිහාසයේ අත්දැකීම් සහ තොරතුරු සම්බන්ධයෙන් නූගත්(Ignorant) බැවිනි. සාමාන්‍යයෙන් මෙවැන්නන්ට මුහණ දිය යුතු ශිෂ්ට අකාරය වන්නේ නොසලකා-හැරීම හෙවත් බ‍්‍රහ්ම දණ්ඩනය යි. ඒහෙත් කුසලූන්ගේ අවවහර මට අපහාස සහ අගෞරව කිරීම කෙරෙනුත් ඔබ්බට ගොස් වර්ග-විරෝධී සහ ස්ත‍්‍රී-විරෝධී ලෙස මානව විරෝධයක් අවිඥානිකව ගම්‍ය කරන බැවින්, ඒ ගම්‍යාර්ථයේ යට ඇති නියමාර්තීය අවිඥානය ලීඩර් පාඨකයින් වෙත හෙළිදරව් කරන ආස්ථානය ගැනීමට තීරණය කළෙමි.

පුණ්ඬේ යනු කුසලූන් ”දන්නා දෙය” සහ ”කියන දේ” ය.

නමුත් පුණ්ඬේ යන්න ගැන කුසලූන් ”නොදන්නා දෙය” සහ ”නොකියාකියන දෙය” හෙවත් පුණ්ඬේ සංකල්පය පිළිබඳ ඔහුගේ අවිඥානය කුමක් ද?

සමාජ-මනෝවිශ්ලේෂණයට අනුව යමෙක් විසින් යමක් සවිඥානිකව ආවේගයෙන් හෝ හැඟීමෙන් ප‍්‍රකාශ කරත්දී, එසේ සවිඥානිකව ප‍්‍රකාශ කරන්නේ, ප‍්‍රකාශිත වදනේ ම ප‍්‍රතිවිරුද්ධ-අරුත තම අවිඥානික පදනමෙහි තබාගෙන යි.

උදහරණයක් විදිහට ගැහැනියක් පිරිමියෙකුට ”මම තමුසෙට ආදරේ නැහැ, මං තමුසෙට වෛර කරනවා” කියා ඉතා  ඕනෑකමින් අවධාරණය කරත්දී, ඇයට එසේ සවිඥානිකව කියන්නට ඇගේ ඇතුළාන්ත පදනම සලසන්නේ, එහි ප‍්‍රතිවිරුද්ධ අරුත වන ”මං ඔයාට ආදරෙයි, මට ඔයා නැතුව බැහැ” යන ඇගේ අවිඥානය විසිනි. මන්ද ඇයව පිකප් කරන්නේ එතනින් වන නිසා ය. එනම් වෛරය ප‍්‍රකාශ කරන්නට හේතු වී ඇති අවිඥානික පදනම අසීමිත ආදරය යි.

මන්ද ඇත්තට ම ඇය තුළ ආදරයක් නැතිනම්, එය නැති බවක් ආවේගයෙන් කියන්නට උවමනා නැත. එනම් ඇයට ඒ සම්බන්ධයෙන් ධනාත්මක හෝ සෘණාත්මක හැඟීමක් හෝ ආවේගයක් ඇති කරගන්නට උවමනාවක් නැත. ඇත්තට ම ආදරේ නැතිනම් ඇය ධනාත්මක හෝ සෘනාත්මක නොවී උදාසීනව ම පසුවෙනවා ඇත.

දැන් අපි මේ අයුරින් ම කුසලූන්ගේ දෙමල-සිංහල කුණුහරුපයය දෙස ද බලමු!  

කුසලූන් මා හඳුන්වනන්ට දෙමල-ස්ත‍්‍රී-ලිංගයට යොදන කුණුහබ්බ නාමයක් වන ”පුණ්ඬේ” කියා කියද්දීම එහි ”නොකියන දෙය” වන කුමකින් ඔහුගේ අවිඥානය සැකසී පවතී ද?

එහිදී කුසලූන් නොකිියන දෙය නම්(අවිඥානය නම්) දමිල ස්ත‍්‍රී ලිංගාශිත කුණුහබ්බයට ප‍්‍රතිපක්ෂ වන සිංහල පුරුෂ ලිංගාශ‍්‍රිතය යි.

එනම් කුසලූන් දමිලෙන් අරවින්ද ස්ත‍්‍රී පාර්ශවික ”පුණඩෙකු” හෙවත් හුත්තෙකු හෝ කිම්බෙකු යැයි අමතා සවිඥානිකව ”කියන දේ” ට පාදක වන සහ එය පිකප් කරවන ඔහුගේ අවිඥානයේ ඇති ”නොකියවෙන දේ” වන්නේ, ඊට ප‍්‍රතිපක්ෂව කුසලූන් සිංහල-පිරිමි පකෙකු, පයියෙකු, පොල්ලෙකු හෝ ජුන්ඩෙකු වන බවයි.

මෙය මා සමාජයක් ඉදිරියක් ඔහු අමතන්නට යොදා ගන්නට කැමති වචන නොවන නමුත් විෂයික විශ්ලේෂණයේ දී කුසලූන් සවිඥානිකව මාව ”පුණඩෙකු” යයි පොදු සමාජය ඉදිරියේ හඳුන්වාදීම පසුබිමෙහි පවතින ඔහුගේ ම කුණුහරුපමය අවිඥානය මෙය යි. මා මෙහි කළේ ඔහුව පිකප් කරවන ”නොකියවෙන දෙය” හෙළිදරව් කිරීම පමණි.

එහිදී සිංහල මහජාතික ”පයියෙකු” ඉදිරියේ දෙමල සුළු ජාතික පුණ්ඩෙකු යනු පයියා කියන දේ කුමක් වුවත් හරියැයි පිළිගෙන කට වසාගෙන සිටින දමිල ආසියානු ස්ත‍්‍රී සිත් ඇත්තෙක් විය යුතුය. ඒ නිසා ම දෙමල ආසියානු සම්ප‍්‍රදායික ගැමි ස්ත්‍රී සිතක් සිංහල ආසියානු පිරිමියා ඉදිරියේ කොඳු පෙළොගෙන නිහඬවිය යුතු බව කුසලූන්ගේ අවිඥානය අපේක්ෂා කරයි.

නමුත් අවිඥානිකව(නොදැන) කුසලූන් මා මත්තේ පවරන්නට යෙදුන එකී දෙමල ගැමි ස්ත‍්‍රී කුනුහරුපමය අනන්‍යතාවට මා අනදාළ ය. මන්ද මා තුළ සිටිනුය් නාගරික බුද්ධිමය සංස්කෘතිය නියෝජනය කරන ශිෂ්ට පිරිමියෙකි. ඒ කවුද? ඒ ඔහුගේ අසැබි භාවිතය විශ්ලේෂනය කරන මේ වියමන(Text) ලියන්නට මා භාවිතා කරන විෂයික භාෂා සංකේත දැළයි. ඒ මාගේ මනසයි.

මෙහිදී ඔහුගේ අවිඥානික ලිංග-රූපකය නියෝජනය කරන අරුත් සංඝටක 03ක් පැහැදිලිව හෙළිදරව් වේ.

1. කුසලූන්ගේ සිංහල මහ ජාතික ලිංගාරුත.

2. කුසලූන්ගේ පුරුෂෝත්මාවාදී ලිංගාරුත.

3. කුසලූන්ගේ අසැබි ලිංගාරුත.

මේ ලිපිය සම්බන්ධයෙන් කුසලූන්ගේ ලිංග-රූපකයේ මහජාතිය, පුරුෂෝත්තමවාදය සහ ග‍්‍රාම්‍ය අසැබිබව යන අවගුණ තුන ම එකවිට පිළිබිඹු කරයි.

ඒ නිසා සවිඥානිකව තමන් මෙවැන්නෙකු යැයි කුසලයා මොනවා කිව්වත්, අවිඥානිකව ගත්කල කුසලයා යනු ”දෙමලා හෝ දෙමලිය” සහ ”හුත්ත හෙවත් පුණ්ඬේ” අවමානයට යොදාගන්නා පෞර්ෂ රූපක ලෙස සලකන, දෙමලා සිංහලයාටත් ස්ත‍්‍රිය පිරිමියාටත් වඩා පහත් බව හඟවන අවිඥානයක් හිමි පූර්ව-ධනේෂවර ගම් මුලාදෑනියෙකි.

ඒ නිසා ම මේ අවභාවිතයට තුඩු දෙන ඔහුගේ ඇතුලාන්තමය තල්ලූව ගෝලීය ධනවාදය නොතේරෙන සම්ප‍්‍රදායික සිංහල-බෞද්ධ-ගැමි-පුරුෂ-ලිංග-රූපක ආත්මයකින් මෙහෙයවනු ලබන අකුසල ශරීරයකින් දොට්ට පනින්නක් බව විෂය දන්නෝ දනිති.        

කුසලූන්ගේ සිංහලවාදී-පුරුෂවාදී-ලිංග-රූපකය හෙවත් සිංහල-ජුන්ඩාවාදී-චිත්ත රූපකයේ ස්වභාව දිහා තවදුරටත් විශ්ලේෂනාත්මකව හැරී බලමු!

දෙමල ස්ත‍්‍රී ලිංගය නම් කිරීම සඳහා කුසලූන් විසින් ඊට අදාළ දමිල ශිෂ්ට වහරේ වදනක් යොදා නොගෙන කුණුහරුපයක් ම යොදාගැනීමෙන්, ඔහු තම අවිඥානයේ ඇති සිංහලවාදී-පුරුෂ-ලිංග-රූපකය ද ග‍්‍රාම්‍ය අශිෂ්ට කුණුහරුපයක් ම වන බව සමාජ-මනෝවිශ්ලේෂණය හදාරා ඇත්තන්ට නිරුවත් කරයිි. කුසලූන් ද ලක් කොදෙව්ව තුළ දිවි ගෙවූ සහ අධ්‍යාපනය ලැබූ ජීවන ඉතිහාසයක් ඇති අයෙක් නිසා ඔහුගේ අවිඥානික පෞර්ෂය 1956න් බිහිකරන සිංහල ඔන්ලි බයියවාදී බැල මානසිකත්වයක පැවතීමට බොහෝ ඉඩකඩ ප‍්‍රකට කෙරෙයිි.

ඉතිං කුසලූන් තම ලිංගවාදී සහ වරිගවාදී ග‍්‍රාම්‍ය පුරුෂ-ලිංග-රූපකය හෙවත් ජුන්ඩා-රූපකය ලෙලදෙවා, එය දකින්නටත් කලින් ම මා ඊට භය බිරාන්ත වේය යන මතිභ‍්‍රමයට ද ලක්ව, ඔහු විසින් ම ලකුණු කරන සංදර්භයක් පරිදි ඔහුට උත්තර බඳින්නටැයි මට අණ දෙයි.

මෙය ප‍්‍රශ්න කිරීමේ ශිෂ්ට ප‍්‍රවේශයක් නොවේ.

දෙමල-ස්ත‍්‍රී-ලිංගම් රූපකයකින් සංවාදයේ අනෙකාව වරිගය සහ ලිංගය අනුව පහළ දමා පිරිමි සිංහල පුරුෂ ලිංගිකයකින් මුදුනා වීමට හදනා ග‍්‍රාම්‍ය හැසිරීමක් ඇත්තෙකු මට පුද්ගලික ජීවිතයේ දී හමුවුවහොත්, මම ඊට ලබාදෙන සෘජු භාෂිත උත්තරය නම්, ”මා ඔය වැනි ගං-කබරයින්  ඕනෑ තරම් අත්දැක ඇත” යන්න යි. කරුණු නොදැන සංවාද විනයක් නොමැතිව නන්දොඩවන ගම්මුලාදෑනියෙකු විසින් කබරයා දමන මතිභ‍්‍රමික ස්වාර්ථකථනික වචන සුද්ද පවිත‍්‍ර කරන හාදයෙක් නෙවී මම. නමුත් කුසලූන් මා පුණ්ඩෙකු යැයි නම් කර එය සමාජ මාධ්‍ය වේදිකාවක් මත පතිත කරත්දී ඔහුගේ කබරයා දැමීමට හේතුවන පසුබිම පාඨකයාට ගැඹුරින් එළිදරව් කිරීම මගේ සමාජ වගකීම වේ.

මන්ද, කුසලූන්ගේ මේ ලිංගාත්මක-සංකල්පීය-අතවර වෑයම ඔහු විසින් පතිත කරවන්නේ, මා සමඟ වන පුද්ගලික කතාබහක දී නොවේ. ඔහු එය පතිත කරන්නේ පොදු පාඨකයින් පිරිසකට විවෘත පොදුජන-රඟදැක්වීමක් විලසට ය. ඒ නිසා කුසලූන් ”කියන දෙයහි” ඇති කුසලූන්වත් නොදන්නා ”නොකියවෙන දෙය” හෙවත් ඔහුගේ අවිඥානය පාඨකයාට හෙළිදරව් කළෙමි. එයින් කුසලූන්ගේ වාග්-විද්‍යාත්මක සංවාද ඥාන භාවිතය 19 ශතවර්ෂයෙනුත් පසුපස පවතින්නක් බව පාඨක ඔබට පැහැදිළි ඇති.


කුසලුන්ට මගහැරී යන්නේ කුමක්ද?


එයනම් බුකර් ප්‍රයිස් එක පාදක කරගත් මගේ මුල් කෙටි-සටහන්ගත ලියවිල්ලෙහි (Short Writeup) යටිපෙළ රඳන කේන්ද්‍රීය-තීසිසය (Central Thesis) යි. එනම් ලක් කොදෙව්වේ සමාජ සැකැස්මට හේතුපාදක වන දේශපාලනාර්ථිකය යි.


මා ලියූ කෙටි-සටහන්ගත වියමන (Text) තුළ එවන් සංදර්භයක් තියෙනවාද කියාවත් නිරීක්ෂණය නොකොට, මගේ වියමනේ සාරයෙන් පිටතට පැන, මගේ පුද්ගලත්වයෙන් අල්ලා කලඹන්නට අසාර්ථක උත්සහයක් කර ඇත. එහිදී මා පිළිබඳ නිවැරදි දත්ත හා තොරතුරු නොදැන ඒවා ස්වපරිකල්පනය කරගෙන, මම මගේ වියමනට සඳහා වෙනත් කෙනෙකුගෙන් කරුනු අසාගත් ඕපාදූපකාරයෙකු යැයි ටක්කෙට ම ටොම්පචයක් ද පවසයි. එයින් මගේ පුද්ගලභාවය පිලිබඳ ඔහුගේ මතිභ්‍රමයේ තරම හෙළිවෙයි. හරියට මා විසින් කාගෙන් හෝ ඕපාදූපමය දත්ත හෝ තොරතුරු අසා දැගන්නා මොහොතේ කුසලුන් හෝ ඔහුගේ ඔත්තු සේවකයෙකු හෝ එතැන සිටියා වනි බොළඳ නියතාර්ථයක් එයින් හඟවයි.


එතනින්ද නොනවතින කුසලුන් මගේ පාදක කෙටි-සටහන්ගත ලියවිල්ල, ලීඩර් වෙබ් අඩවියේ පළවන අනෙක් ලිපිවල තරාතිරමට නොහොබින්නේ යැයි ද පවසයි. ඔහු එසේ පවසන්නේ, හරියට ලිඩර් වෙබ් අඩවියේ මෙතුවක් පලවුනා වු ලියවිලි සියල්ල පිලිබඳ සාධාරණ සමීක්ෂණයක් කළ අයෙකු විලසට ය.



තවද එයින් ඔහු ලීඩර් වෙබ් අඩවියේ සියළු ලිපි කියවන බවටත්, ඒ සියළු ලිපිවලට වඩා  මා ලියූ මෙම පාදක-කෙටි-සටහන තරාතිරමෙන් බාල සහ නොහොබිනා එකක් බවටත් පාඨකයා තුළ හැඟවුමක්(Signified) ඇති කරන්නට යත්න දරයි.


සත්‍යය නම්, කුසලුන් ප්‍රශ්ණ කරනු ලබන මගේ පාදක-කෙටි-සටහනහි අන්තර්ගතයට සමාන්තර සහ එහි සංදර්භය ම සවිස්තරාත්මකව හෙලිදරව් කරන ලිපි ගණනාවක් ම ඒ වන විටත් ලීඩර් වෙබ් අඩවියේ පලවී තිබීම යි. කුසලුන්ට ඒ කිසිවක් නොපෙනී මේ නිෂ්චිත කෙටි-සටහන්ගත් ලියවිල්ල පමණක් ම පෙනී ගියේ කුමන නම් අරුමයකින්ද?

අනෙක් අතින් ලීඩර් වෙබ් අඩවියේ පලවන විධිමත් සහ අවිධිමත් ලිවීම් නිරීක්ෂණකාමීව පරිශීලණය කිරීමේ දී පෙනී යන්නේ, මෙය ලීඩර් වෙබ් අඩවියේ කතෘ-මණ්ඩලයේ අනුගමනය කළ ප‍්‍රමිතියක් හෝ විනයක් අනුව කරන ප‍්‍රකාශයක් නොවන බවයි. එහිදී කුසලූන් විසින් තමන් ම හරි යැයි කියාගන්නා ස්වයං-විනිෂ්චයක් ලීඩර් වෙබ් පිටුවේ කතෘමන්ඩල ප‍්‍රමිතියක් ලෙස ලීඩර් කතෘ-මණ්ඩලයේ බෙල්ලේ එල්ලන්නට වෑයම් දරයි. ලීඩර් වෙබ් පිටුව තුළ මා ජනමාධ්‍ය වේදියෙකු හෝ සමාජ-විශ්ලේෂකයෙකු ලෙෂ හඳුන්වනු ලැබුවේ මා විසින් නොවන අතර එය ලීඩර් කතෘ මන්ඩලය මට දුන් නාමකරණයකි. මා ඉල්ලා සිටියේ මගේ ලිවීම් වලට මගේ නම පමණක් යොදන ලෙස යි. ඡුායරෙෑපයක්පවා නොයදන ලෙයසි. ඒත් කුසලූන් ඒ සියල්ල මා විසින් කරගන්නා නම් කිරීම් ලෙෂ පවසා ජනමාධ්‍ය වේදියෙකු හෝ සමාජ-විශ්ලේෂකයෙකු තරම් නොවන බවට දොස් පවරා ඇත. (ඉතිං ඒ සියල්ල පිළිබඳ කතා කළ යුත්තේ ලීඩර් වෙබ් අඩවියේ කතුමඩුල්ල මිස කුසලූන් නොවේ.)

මෙලෙස මා මෙතෙක් උපුටා දැක්වූ කුසලූන් මගේ පුද්ගලත්වය ගැන කියන සියල්ල ඔහුගේ ම සිතිවිලි සයුරින් පිලිපන් ප‍්‍රභන්ධයන් පමණක් බවට හෙළිදරව් වෙයි.

සමාජ-මනෝ-විශ්ලේෂනික භාෂාවකින් කීවොත්, කුසලූන්ගේ ඇතුලාන්තයට අනුව මම දෙමල පුණ්ඩෙක් හෙවත් සුළු-ජාතික ස්ත‍්‍රී-ලිංග රූපකයක් (a Vagina of the minority) වන අතර, ඔහු ඊට ඉහළින් ආධිපත්‍ය දරාගෙන සිටින ජුන්ඩා හෙවත් සිංහල පුරුෂ ලිංග-රූපකාධිපත්‍යය (Metaphoric Authority of phallus)   බවට තමන්ව ම පත්පත් කරගෙන භාෂා වියමන මුදාහරින්නා ය.


එයින් ම ඔහුට මා වැනි ඔහු නාඳුනන අප්‍රසිද්ධ පුද්ගලත්වයන් කෙරෙහි ඇති අධිමානී සංකීර්ණතාවෙහි(Superiority Complex) පමණ එළිදරව් වන නමුත්  දැනට මා උපායිකව කුසලුන්ගේ මේ සංකීර්ණතාව සමාජගත නොකරමි. කුසලුන් මේ වියමන කෙරෙහි දක්වන ප්‍රතිචාරවලට සමාන්තරව එය ක්‍රමාන්විතව හෙළිදරව් කිරීමට අපේකෂා කරමි. එසේ කරනුයේ ද මින් ඉදිරියට ඔහු හා සංවාදයකට පැටලෙන්න නියමිත පාත්‍ර වර්ගයෙකු වේ නම්, ඔවුන්ට මොහු සමඟ අගතියක පැටලීමෙන් මිදීමට සපයන සාධනීය උපකාරකයක් ලෙස පමණි.  


කුසලුන්ගේ ලිපියේ මාතෘකාවෙන් ම මාව අමාන්ත්‍රණය කර ඇත්තේ, සංවාදයකදී තවත් මනුෂ්‍යයෙකුගේ හිතේ ව්‍යසනයක් ( Dissaster) ඇතිවෙන විදිහට ඒ මනුෂ්‍යයාට අපහාස හෝ අගෞරව කරන්න පුළුවන් ලේසි ආයුධයක් වන මනුෂ්‍ය ලිංගේන්ද්‍රියකට අදාළ දෙමල අව-වහරේ වචනයක් (හෙවත් කූණුහරුපයක්) යොදාගැනීමනුයි.


ඒ නිසා ම මේක සන්සුන් මිත්‍රශීලීව සංවාදයකට කැඳවීමක් නොවේ.



මෙය කුසල් පෙරේරාගේ ලිංගම්-විරෝධී සිංහල ලිංගික පෞර්ෂයේ ඇති අව-වර්ධිත හෝ අපරිණත (undeveloped or immature) තත්වයක් පිටතට ප්‍රකාශ වීමකි. එනම් පටන් ගත්දී ම සංවාදයේ අන්තර්-සම්භාෂකයා (inter-locutor) අහිමි කරගනිමින් අශිෂ්ට වූ ලිංගාශ්‍රිත කොඳු පෙලීමකට හෝ පොලු(Pahalusses) හරස් කරගැනීමකට මුලපිරීමකි. මේ හයිරංකාර පාට් දැමීමට ලෙහෙසි උත්තරය නොසලකා හැරීමේ චිකිත්සාව හෙවත් බ්‍රහ්ම දණ්ඩනය වුවත්, මා ඒ වෙනුවට හෙළිදරව් කිරීම තෝරාගත්තෙමි.


යට සඳහන් සංකේතීය විශ්ලේෂනය පරිදි කුසල් පෙරේරාගේ ලිංග-රූපකය(Ruralized-pahllus) පැහැදිලිව ම ජේ.ආර්. ජයවර්ධන වැනි අතිනාගරිකයෙකුගේ(Metropolitant) ශිෂ්ට ලිංග-රූපකය(Ruralized-pahllus) නියෝජනය නොකරයි. ඊට ගෑවෙන්නටවත් බැරි වරිසභා සාමාජිකයෙකුගේ ග්‍රාම්‍ය අශ්ලීලත්වය ඔහු කෙරෙන් පිළිබිඹු කරයි. එනම් රාජපක්ෂවාදී මැදමුලන පන්නයේ ග්‍රාම්‍ය-ලිංගරූපකයක්(Ruralized-pahllus) ඔහු කෙරෙන් අවිඥානිකව දොට්ට පනී. එහි අතුරුඵලයක් ලෙස අපහාසය හෝ අගෞරව කිරීමට පුන්ඩේ යන වචනය දිවෙන්-ලිස්සා-පැනීම(Slip of the Tongue) කුසලුන් අවිඥානිකව (ඇතුළාන්ත අරුතින්) යෝනි-විරෝධී සහ දෙමල විරෝධියෙකු බව ප්‍රකට කරයි.



21වන ශතවර්ෂයේ ගෝලීය අකාබනික ඇල්ගෝ-රිදමයන් ගැන මුළින් ම ලකට හෙළිකරනට නිර්භය වූ මා වැනි අග-නාගරිකයෙකුට නිස්කාරණේ අවලාද කිරීමට යොදන ග්‍රාම්‍ය-ලිංගරූපකයක්(Rural-pahllus)  ඉවසීමට හෝ එබඳු අශිෂ්ට යෝනි-ලිංගම්-විරෝධී සහ දෙමල විරෝධී ජුන්ඩා-රූපකය ලෙළවන කුසලුන් වැන්නන්ට උත්තර බඳින්නට හෝ තරම් මට කලබලයක් නැත.


තමන්ට මෙලොව උපත ලබන්නට උපකාර කළ ජීව-විද්‍යාත්මක මනුස්ස අවයවයක්වූ යෝනිය සහ 1956යේ සිට ව්‍යවස්ථානුකූලව සුළුජාතියක් ලෙස අතවරයට ලක්වූ සහෝදර දෙමල ප්‍රජාවන් අවිඥානිකව හෝ පහත්කොට සලකන වරිගවාදී සහ පුරුෂවාදී ජුන්ඩාත්මයක් සමඟ ග්‍රීක සංවාද පන්නයේ “මිත්‍ර” සංවාදයක් හෝ නව-නූතන පන්නයේ අන්තර්-සම්භාෂක සංවාදයක් හෝ අපේක්ෂා කළ නොහැක.


ඒ නිසා පාඨකයිනි,


මට කුසලුන්ට කියන්නට ඇත්තේ, “මුළින් ම ශිෂ්ට ආමන්ත්‍රණයකින් ආයෙමත් ලිපිය ලිවීමට උත්සහ කරපන්න,” කියා යි.


ඒ නිසා මේ සටහන කුසලුන්ගේ ග්‍රාම්‍ය වරිගවාදී ලිංගාධිපත්‍යයට භයවී කරන ප්‍රති-පිළිතුරු සැපයීමක් නොවේ. කොටින්ම මේ සටහන කුසල් පෙරේරා විසින් කියවාවි යන පොරොත්තුවෙන් ලියන්නක් ද නොවේ. මේ කෙටි සටහන ලීඩර් පාඨකයින්ට ඇතිවිය හැකි දුරාවෝබෝධය අවම කරන්නට පමණි. (ඕන ම නම් කුසලුන්ට ද මෙය කියවාගත හැකිය.) මන්ද ලිංගාශ්‍රිත කුණුහරුපයකින් සංවාදයේ අනෙකා අමතන්නට තරම් මාන්නක්කාර වූ අධිමානී අශිෂ්ට හැසිරීමක් පකට කරද්දී එය තමන් විසින් ම නිවැරදි කරගත යුතු දුර්වලතාවක් ලෙෂ මා දකින නිසා ය.


“පුන්ඩා” යන සිංහල වචනයක් ඇති අතර එය රචනයහිදී යොදාගන්නේ ඇත්තේ “න”යන්න මිස “ණ”යන්න නොවේ. එහි අරුත “තගා” හෙවත් “හයිකරංකාරයා” යන අරුතයි. අනික් කුසලුන්ගේ ලිපිය පුරා මා විසින් තග දමා හෝ හයිරංකාරකම් පා ඇත්තේ කුමණ පාර්ශවකටදැයි කියා ද ලියා නැත. එසේ හෙයින් කුසලුන් විසින් ලීඩර් ප්‍රේක්ෂක සමාජයට ගම්‍ය කර ඇත්තේ මැදට “ණ” යන්නක් යොදන එහි දෙමල අරුත ය. එනම් ස්ත්‍රී ලිංගයේ කුණුහරුපමය දෙමල අරුතය.


ස්ත්‍රී-ලිංගයට දෙමල භාෂොවෙන් කියන ශිෂ්ට වචනය පිරප්පුරුප්පු (பிறப்புறுப்பு) යන දෙමල වචනය යි. පුණ්ඩේ යනු ස්ත්‍රී-ලිංගයට දෙමල භාෂාවේ කියන අව-වහරේ වචනය හෙවත් කුණුහරුපය යි.


ස්ත්‍රී ලිංගය කුණුහරුපයක් කොට අපහාසය හෝ අගෞරවය සඳහා උච්චාරණ කිරීමත් සමඟ මුළින් ම අපහාසයට හෝ අගෞරවයට පත්වෙන්නේ කුසලුන්ට පවා මෙලොව එළිය දකින්නට ජීව-විද්‍යාත්මක ආධාරය දුන් ස්ත්‍රී-ලිංගය සහ එය ජීව-විද්‍යාත්මකව දරාගෙන සිටින සමස්ත ස්ත්‍රී වර්ගයා යි.


එක අතකින් ලිංගයක් අසභ්‍ය කුණුහරපයක් හරහා දකින පුදගලයාට හෝ පුද්ගලියට ඇති ආදර සංස්කෘතියේ සහ ලිංගික සංස්කෘතියේ (less-cultured) ප්‍රාමාණිකත්වය ද අපට හෙලිදරව් වේ. අනික් අකින් පිරිමියෙකු විසින් පුරුෂ-ලිංගයට අදාළ කණුහරුපයක් නොවන ස්ත්‍රී ලිංගියට අදාළ කුණුහරුපයක් ම තෝරාගැනීමෙන්, පහරට ලක්වන්නා ස්ත්‍රියක් තරමට පහත් හෝ දුර්වල යන අරුත හඟවයි. එහි අවිඥානය නම් තමන් පුරුෂයෙක් නිසා ස්ත්‍රියට වඩා උසස් යන්න යි.  


ස්ත්‍රියගේ කන්‍යාභාවය පයිසෙකටවත් ගණන් නොගන්නා වත්මන් නාගරික ඉසෙඩ් ජනෙරේෂන් එකේ තරුණ පරපුර ද, කන්‍යාභාවය කෞතුක මොනුයුමන්ට් එකක් ලෙස සලකන්නට නියමිත ඉදිරියේදී එන ඇල්ෆා ජනෙරේෂන් එකේ තරුණ පරපුර ද කුසලුන්ගේ මේ අවභාවිතය පයිසෙකටවත් ගණන් නොගෙන කොක්හඬලා සිනාසෙන්නට නියමිත ඊළඟ පරපුරයි.


දැනට ෆේස් බුක් එකේ මිතුරන් 13 දෙනෙකුට වඩා නැතිව මාජිනල් වී සිටින කුසලුන්, ලියූ කියූ දේවල් ඇත්දැයි හොයන්නට මේ ජෙනරේෂන් දෙකෙන් එකක උදවිය ගූගල් සර්ච් කළොත්, ගූගල් නැමති මහා-සයිබර්-සංකේත-සමස්තය විසින් ඔවුන්ට සංඥා කරන්නේ කුසල් පෙරේරා නැමති ක්‍රිකට් ක්‍රීඩකයාව පමණි. ඒ නිසා මෙලෙස නුදුරු අනාගතයේ ෆොසිල වීමට නියමිත සිංහල ජුන්ඩාත්මික පුරුෂෝත්තමවාදී සහ ජාතිවාදී අවිඥානයක් දරාගත් මේ කුසල් පෙරේරාව වත්මන් තරුණ පරපුර සහ ඉදිරි තරුණ පුරපුරවල් වල සිත් සතන් තුළ කෞතුකාගාරගත වනවා ඇත.


ඔවුන් කුසලුන්ට වඩා ප්‍රගතිශීලී වන්නේ, ස්වයං-අධ්‍යයනයක් කළ දැනුමකින් ම නොවන, නව-නූතන තාක්ෂණයේ (Neo-Modern technology) ගාමක නියෝජනයක් වන ඇල්ගෝ-රිදමයන් විසින් ඔවුන්ව නියමිත සංකේතීය ගමනාන්තය දක්වා මෙහෙයවන නිසා ය.


නව-නූතන ධනවාදයේ කතිකාමය කැටලොග් එක එහි හරයෙන්ම ස්ත්‍රී-යෝනි-විරෝධය හෝ ස්ත්‍රිය පහත්කොට සැලකීම හෝ වරිගවිරෝධය හෝ ජාතිවිරෝධය කෙසේ වෙතත් ජාතිකත්වයට අදාළ භාෂා සංකේත-පද්ධතීන් පවා අවප්‍රමාණ කර, ප්‍රාග්ධනය ගෝලීයකරණයේ තර්කය භෞතිකව ම ප්‍රකාශයට පත්කර හමාරය. තව ඇත්තේ එය මුළුමනින් ම ගෝලය පුරා බලපැවැත්වෙන ගෝලීය ව්‍යවස්ථාවකට අදාළ  දේශපාලනයක් ලෙස ප්‍රචලිතකොට ස්ථාපිත කිරීමේ ඊළඟ අදියරට පිවිසීම පමණි. එය ස්ථාපිත වීම එළඹෙන දශකය තරම් වූ කෙටි කාලීන ප්‍රශ්නයක් පමණි.


නව-නූතන පාරජාතික සමාගම් විසින් ජාතිය පසුකරන වාස්තවික තත්වයන් (Objective Conditions) පරිදි ආර්ථිකය මෙයෙවත් දී, තවකෙකුට පරිභව කිරීම සඳහා ලිංගයක් කුණුහරුපයක් ලෙස යොදාගැනීම නැමති පූර්ව-නූතන (Pre-modern) සහ පූර්ව ධනේෂ්වර ග්‍රාම්‍ය සංස්කෘතික භාවිතා හැඳිගෑවිලා යනවා ඇත. එසේ ම රටක ජාතික පරිපාලන ව්‍යූහය එහෙන් මෙහන් ඇජස් කිරීමෙන් ජාතිකවාදීව නගරයට ගමේ සංස්කෘතිය ගෙනැවිත් සංවර්ධනය සිදුවේයැයි සිතන මැදමුලනය වන් පවුල්වාදයන් ද, සිංහල-බෞද්ධ හෝ දෙමල-හින්දු වැනි වරිගවාදයන් ද දකුණු ආසියානු සිතියමේ නගර තුළින් මැකී ගොස් ඒවා ක්‍රමාණුකූළව ඉතිහාසයේ සයිබර් රීසයිකල් ඩස්බින් එකට වැටනවා ඇත.


ඒ නිසා පූර්ව පරම්පරාවක් නියෝජනය කරන කුසලුන් වැන්නවුන්ගේ තාවකාලික ග්‍රාමීය ජුන්ඩාවාදී අගතීන් දෛනික නව-නූතන නාගරික ජන ජීවිතයේ සිතුම් පැතුම් අතර අවමවී පරිවාරගත වී දියවී යාම ඉදිරි දශකයකට අඩු කාලය තුළ සිදුවෙන්නට නියමත දෙයක් පමණි.      
 

(මෙය අවසානය නොවේ)


@අරවින්ද හෙට්ටිආරච්චි 

නවතම ලිපි