මේ එරන්ද ගිනිගේ විසින් චින්තනගේ ලිපියකට ලියන ලද පිලිතුරකි.

මෙහි එරන්ද විසින් චින්තනගේ චින්තනයේ සීමාව සලකුණු කරන අතර, අපට ඔහුගේ චින්තනයේ සීමාව තබා චින්තනයක් ඇද්ද නැද්ද යන්න වත් අදාළ නොවේ. එහෙත් චින්තන වැන්නවුන්ගෙන් සුලභ මේ සමාජය, උනු වැන්නන්ව පුම්බනු ලදුව ඉහලට ඔසවන්නට වැර වෑයම් කරන්නන්ගෙන්ද අඩුවක් නොවන්නේය. චින්තනගේ මානසික උවමනාව හරිම සරලය. ගිනිගේගේ සහ පාඨකයින්ගේ දැනගැනීම පිණිස එක් උදාහරණයක් පමණක් දිය හැකිය.

එක් මොහොතක චින්තනට අවශ්‍ය වූයේ කෙසේ හෝ එක්ස් කණ්ඩායමෙන් නැතහොත් දීප්ති කුමාර ගුණරත්න මගින් ඔහුට නිර්ධය ලෙස පහරදෙමින් හෝ  විවේචනයක් එල්ල කරගැනීමටය. එය, ඒ මොහොතේ මාර්කට් වැලිව් එක වෙනුවෙනි. ඔහු දීප්තිට සම්බන්ධ සාමාජිකයින් ලවා මෙය කරවා ගන්නට උත්සාහ දැරූ අතර ලෝක අණ්ඩයෙක් ව සිටි දීප්ති චින්තාගේ මේ වැල්පෙනෙල අවශ්‍යතාව හඳුනාගැනීම නිසා ඒ මොහොතේ කිසිදු ප්‍රතිචාරයක් නොදක්වා සිටි බව සැලය. (මේ ‌මොහොතේදී නම් ඔවුන් එකට කරේ අතදා ගනිමින් රනිල්ගේ දේශපාලන ව්‍යාපෘතිය වෙනුවෙන් හෝල්සේල් කඩේ යන්නෝය. එහිදී වික්ටර් අයිවන් ශූරීන්ගේ කරටද අතදා ගැනීමට සිදුවන බව සිහිවන විට අපට දැනෙනුයේ මහත් ආහ්ලාදයකි. දේශපාලනයේදී නොව ලිබරල් වෙළඳපොල තුළ සතුරන් හෝ මිතුරන් නැති බවත් සියල්ලෝම ගනුදෙනු කාරයින් බවත් තේරුම්ගන්නට එය හොඳටෝම ප්‍රමාණවත්ය.)

 -------------------------------------------------------

ධර්මදාසගේ ජංගිවාදයේ අතාර්කික හිල් (එරන්ද ගිනිගේ)

චින්තන යනු මෙකල සමාජ මාධ්‍ය දේශපාලනයේ ප්‍රබල චරිතයකි.
ගෝටාගෝගම ක්‍රියාකාරී අරගලකරුවෙකුව සිට ජංගිය ගලවා පෙන්වන්නට ගොස් කාන්තා විමුක්තිකාමීන්ගේ උදහසට ලක්ව අරගලයෙන් ප්‍රතික්ෂේප වූ අයෙකි. චින්තන දැන් අරගලය පතුරු ගසයි.
 
අරගලයේ ජයග්‍රහණයක් ලෙස මේ වනවිට ක්‍රියාත්මක වෙමින් තිබෙන පූර්ණ ආර්ථික ලිබරල්කරණය වෙනුවෙන් සක්‍රීයව දායක වෙන බව කියන චින්තන මාගේ ලිපියකට ප්‍රතිචාරයක් දක්වා ඇත. එහි ඔහු විසින් මා හඳුන්වනු ලබන්නේ “ජාතිකවාදියා” ලෙසිණි. එය සිත් ගන්නා සුලු නාමකරණයක් වන්නේ මෙරට සම්මත “ජාතිකවාදී” කඳවුරේ ඇතැම් අධිපතීන් විසින් මාගේ “ජාතිකවාදී” බව ඇතැම් අවස්ථාවල ප්‍රශ්න කර ඇති බැවිණි. නමුත් එම හැඳින්වීම දැනට මම බාර ගනිමි.
 
“කාන්තා යටඇඳුමක්” ඈඳාගත් ධර්මෙගෙ ජංගි විප්ලවය -‍
 
චින්තනගේ ජංගි විප්ලවය ඔහු සමාන කරන්නේ ගැමුණු කුමාරයා විසින් සිය පිය රජු කාවන්තිස්සට “කාන්තා අබරණ” යැව්වාය කියා මහාවංශයේ එන අන්දරයටය. “නන්දෙට ජංගියක්” යන පාඨය සහිතව කාන්තා යටඇඳුමක පින්තූරයක් සමාජ මාධ්‍යයට මුදාහැරියේ චින්තන විසිනි. ඔහු කියන්නේ ගෝඨාභය හෝ මහින්ද වැනි ප්‍රබල පිරිමි චරිතයකට “කාන්තා යටඇඳුමක්” යැවීම ඔවුන්ට පහරක් බවත් එයින් පෙන්වන්නේ එම චරිත විසින් සමාජය මත පවත්වනු ලබන කිසියම් ලිංගික අවරෝධනයක් ඇති බවත්ය. දැන් මේ සංසන්දනය සහ නිගමනය අපි තාර්කිකව විමසා බලමු.
 
ගැමුණු විසින් කාවන්තිස්සට කාන්තා අබරණ යවන්නේ ඇයි? එළාර සමග යුද්ධයට යාමට කාවන්තිස්ස පසුබට වෙයි. ගැමුණු විසින් තුන්වරක් ඇහුවත් කාවන්තිස්ස කියන්නේ “ගඟින් මෙතෙර පමණයි” යනුවෙනි. එනම් මහවැලි ගඟෙන් දකුණු ප්‍රදේශය හෙවත් එකල රුහුණු රාජධානිය තමන්ට ප්‍රමාණවත් බවයි. තරුණ ගැමුණු කිපේ. “පිරිමියෙක් නම් ඔබ ඔහොම කියන්නේ නැහැ” කියා ස්ත්‍රී ආභරණ කට්ටලයක් පියාට යවයි.
ඒවා දකින කාවන්තිස්ස “රන් හැකිල්ලක් තනව්!” කියා “රත්තරන් දම්වැලකින් බඳින්නේ නැතුව මිසක් මේකව බේරගන්න බැහැ” යනුවෙන් සරදම් කරයි. පියාණන් සමග උරණ වෙන ගැමුණු කුමාරයා කඳුරටට පලා ගොස් රජු මැරෙන තෙක්ම එහි වාසය කරයි.
 
මේ කථාව සහ ඔටොමන් අධිරාජ්‍යයේ මෙහෙමඩ් කුමරු සහ ඔහුගේ පියා අතර ඇතිවන බල අරගලය අතර කිසියම් සමානකමක් තිබේ. කොන්ස්තන්තිනෝපලය අල්ලා ගැනීමට මෙහෙමඩ්ට තිබෙන තදියමත් අනුරාධපුරය අල්ලා ගැනීමට ගැමුණුට තිබෙන තදියමත් සමානයි. ගැමුණු වගේම වෙන පළාතක ඉඳලා තමන්ගේ පිය සුල්තාන් මැරුණම තමයි මෙහෙමඩ් ඇවිල්ලා යුද්ධය පටන් ගන්නේ. ඉතිහාසයේ වෙන්නේ එකම දේ.
 
දැන් අපට මෙයින් තේරුම්ගත හැක්කේ චින්තන ධර්මදාසට ලක්දිව ඉතිහාසය පිළිබඳව එතරම් චින්තනයක් නැති බවයි. මන්ද ඔහුගේ සංසන්දනයට පාදක වෙන කථාවේ ඔහු වර නගන වඩාත් "ප්‍රබල පිරිමියා" වන්නේ ගැමුණු මිසක් කාවන්තිස්ස නොවේ. එනම් ඔහුම කියන “Alpha Male” ලක්ෂණ පෙන්වන්නේ කාත්නා අබරණ “යවන” එකා මිස “ලබන” එකා නොවේ. කාවන්තිස්ස යනු තම වැසියන්ගේ සුබසිද්ධිය ගැන දුර දක්නා නුවණින් කල්පනා කළ පරිණත පීතෘ චරිතයකි. "පිරිමිකම" ගැන ධර්මදාසගේ චින්තන සීමාව පටුය.
 
“කට බොරු කීවාට දිව බොරු නොකියයි” කියන්නේ මේ නිසාය. චින්තනගෙන් මේ දිවෙන් ලිස්සන කථාව සත්‍යයකි. ගෝඨාභය යනු කාවන්තිස්ස වැනි චරිතයකි. වසර දෙකක මාරක වසංගතයකින් තම රටවැසියන් ගලවාගෙන, එම වසංගතය නිසා ඇතිවුණ විදේශ විනිමය අර්බුදය තිරසාරව විසඳාගැනීමට පැය විසිහතරේම මහන්සි වෙමින් සිටි ගෝඨාභයට චින්තනගේ ජංගි ගැන හිතන්නවත් වේලාවක් තිබුණේ නැත.
 
කාවන්තිස්සගේ පියාගේ නමත් "ගෝඨාභය" වීම මේ කථාවේ තවත් අපූර්වත්වයකි. ගෝඨාභය රාජපක්ෂට ඒ අවස්ථාවේ තිබුණේ මේ ධර්මදාස කියන විදිහේ කෙහෙල්මල් මැස්කියුලයින් අර්බුදයක් නොවේ. රාජපක්ෂලාගේ මැස්කියුලිනිටිය ධර්මදාසට මේසා ප්‍රශ්නයක් වීම තුළ කිසියම් ලිංගික පෞරුෂ අනන්‍යතා අර්බුදයක් තිබේ යැයි මා කියන්නේ නැත.
 
ප්‍රථම උපාධියට මා උගත්තේ ජාන විද්‍යාව (Genetics) නිසා මෙවැනි කාරණා පිළිබඳව විද්‍යාත්මකව කතා කරන හැටි සහ ඒවායේ බුද්ධිමය සදාචාර සීමාවන් පිළිබඳව මා විෂයයක් ලෙස හදාරා ඇත.
 
එහෙව් චින්තනලා ලකේ තරුණ සමාජයට සෙක්ස් එඩියුකේෂන් දීම කොමඩියකි. එහෙව් ධර්මදාසලා අපට ලිබරල් ආර්ථික එඩියුකේෂන් දීම ට්‍රැජිකොමඩියකි. “ජංගි අරගලයට” ස්ත්‍රීවාදීන්ගෙන් විරෝධයක් ඒම චින්තන කියන ආකාරයේ පසුගාමී හැසිරීමක් පමණක් නොවේ. “අසම්මත” වූ පළියට ඕන මගුලක් විප්ලවකාරී වන්නේ නැත.
 
ජනතාවගේ සමාජ ගිවිසුම හෙවත් ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් බලය අල්ලන්නට උත්සාහ කළ චින්තන ධර්මදාස “ජනරජය - ව්‍යවස්ථාමාලාව සරල බසින්” ලියූ මට “ප්‍රජාතන්ත්‍රය” උගන්වන්නට ඒම සිත් ගන්නා සුලුය.
සැබෑ විප්ලවය කළේ ගෝඨාභය රාජපක්ෂයි. උඩුගං බලා පිහිණුවේ ඔහුයි. සිස්ටම් එක චේන්ජ් එක කළේ ඔහුයි. එය සාහසික ලෙස මැදින් නැවැත්තුවේ පරණ සිස්ටම් එක පවත්වාගෙන යාමට කැමති ව්‍යාපාරික කල්ලියයි. ඔවුන්ගේ අල්ලේ නැටවෙන චින්තන ධර්මදාස සහ ඊනියා අරගලකරුවන් කළේ එතෙක් පැවති සිස්ටම් එකම ඉල්ලීමයි. දැන් එය වඩාත් ශක්තිමත්ව නැවත ස්ථාපිත වෙමින් තිබේ. දක්ෂිණාංශිකය සහ ජාතිකවාදය ගැන අවශ්‍ය නම් කතා කරමු.
2008 වසරේ සිට ලංකාවේ විශ්වවිද්‍යාලවලට “Graduate Entrepreneurship” හඳුන්වා දුන් මට, ලංකාවේ පළමු “ජාතික ව්‍යවසායකත්ව සතිය” සංවිධානය කළ මට, ලංකාවේ පළමු ව්‍යවසායකත්ව රූපවාහිනී රියැලිටි වැඩසටහන වන “IDEATORS - Next Generation Entrepreneurs” කළ මට, ලංකාවේ පළමු නේවාසික Hackathon එක වන “Graduate Enterprise Challenge” එක කළ මට, 2013 වසරේ සිට ලංකාවට “Social Entrepreneurship” හඳුන්වා දුන් මට, “ඇත් පවුර - සමාජ ව්‍යවසායකයන්ගේ ජයබිම” රූපවාහිනී වැඩසටහන නිර්මාණය කළ මට, “සමාජ ව්‍යවසායකත්වය” පිළිබඳ ප්‍රථම සිංහල පොත ලියා එය දෙමළ බසිනුත් ප්‍රකාශ කළ මට… චින්තන ධර්මදාසගෙන් නව ලිබරල් ආර්ථික පාඩම් ඉගෙනගන්නට වීම අනුකම්පාවෙන් ඉවසන්න පුළුවන්. ධර්මය අපට මග වේවා!
 
@එරන්ද ගිනිගේ
2022 නොවැම්බර් 20

නවතම ලිපි