පකිස්තානයේ පෙෂාවෝර් නගරය මැදි වී ඇත්තේ ඇෆ්ඝනිස්තානය හා පකිස්තාන දේශසීමාවටය.
ඔවුන්ගේ ප්‍රධාන භාෂාව වුයේ පෂ්ටු නම් ඔවුනටම ආවේනික බසකි. පෙෂාවෝර් ප්‍රාන්තයේදී 1990 ජනවාරි 1 දා ස්‌වෑට්‌ ගඟ අසබඩ මින්ගෝරා ගමේ දුගී පවුලක රටක් නැලවූ කෝකිලාවක උපන්නේය. පෂ්ටු බසින් ගී ගයා ජනතාවගේ ආදරය දිනාගත් මේ යුවතිය නමින් ගාසලා ජාවඩ් විය.
 
කුඩා කල සිටම ගායනයට ඇති සහජ කුසලතාව නිසාම සංගීත ආශ්‍රමයකට ඇතුලත් වීමට ගසාලා සමත් විය. ඉන් පසුව ප්‍රදේශය පුරාම මෙන්ම පකිස්ථානයේද ජනාදරය දිනා ගැනීමට ඇයට වැඩි කලක් ගත නොවුනි. හුදු ඕලාරික අරුත් සුන් පදවැල් වෙනුවට පෂ්ටු කවියන්ගේ අරුත් බර කවි ඔවුන් ලවාම ගේය පද බවට හරවා ගායනා කළාය. එම ගී ජාතික හැඟීම් වඩවන හා ජීවිතයේ යථා ස්‌වභාවය දක්‌වන තේමාවන් ගෙන් පෝෂණය වී තිබුණි. මුලධර්මවාදී සමාජය, හණමිටි ආගමික සංකල්ප මෙන්ම කාන්තාව යටපත් කරමින් නැගී එන පුරුෂාධිපත්යට එරෙහිවද ඇයගේ ගී රාවය ගම් දනව් සිසාරා පැතිර ගියේය.
 
මේ කාලය තුල ප්‍රදේශයේ ඉතා ධනවත් මිනිසෙකු වූ ජන්ගීර් ඛාන් නැමැත්තා ගාසලා ජාවඩ් විවාහ කර ගැනීම පිණිස කුරුමානම් ඇල්ලුවේය.ඇයට වඩා බොහෝ සේ වියපත් මිනිසෙකු වූ ඔහු හා සරණපාවා ගැනීමට කොතෙක් බලපෑම් අතිවුද ඇය විසින් ප්‍රතික්ෂේප කළේය. එහෙත් දුගී බව පරයා නැගී සිටි කාසි බලයට තම පියාද , තම සොයුරන්ද බිලි විය. ඔවුන්ගේ සිතැඟි පරිදි 22 හැවිරිදි ගාසලා මහලු ව්‍යාපාරිකයා සමග විවාහ විය.
මෙම මූලධර්මවාදී සමාජ ක්‍රමය මිනිස්‌ සබඳතා අමු අමුවේ පොඩිපට්‌ටම් කරන බව තව දුරටත් සහතික කල දිනයක් ලෙස 2012 ජුනි 12 වෙනි දින ඉතිහාස නැවතත් කිලිටි කල සිදු වීමක් විය. . පෙෂාවෝර් ප්‍රාන්තය පුරා පැතිර ගිය තලේබාන් බලය හමුවේ බොහෝ දේ වාරණයට ලක් වෙමින් තිබුණි. එම සමාජය තුල කාන්තාව යනු සමාජයෙන් හුදකලා විය යුතු තැනැත්තියෙකි. ගායනය , නර්තනය වැනි මිනිස් සිත් සතන් ප්‍රබෝධමත් කරන සියලු දෑ ඔවුන්ට තහනම් විය. ගාසල ජාවඩ් තම පියා සමග වීදියේ ඇවිදගෙන යන අතර තුර , රටක් මෝහනය කල සුමිහිරි ගී හඬ නිහඬ කරමින් තම පපු කුහරය පසාරු කරමින් වෙඩි උණ්ඩ වරුසාවක් පිටවිය. දෙනෝ දාහක් දෙනා බලා සිටියදී ඇය මහ මග අවසන් සුසුම් පොද පිට කළේය. ඇයගේ පියාද එම ස්ථානයේදීම මිය ගියේය.
 
බොහෝ දෙනෙකුගේ අවධානය හා චෝදනාව එල්ල වුයේ තලේබාන් සංවිධානයට වුවද , අවසානයේ සත්‍ය හෙළි දරව් විය. දැඩි මුලධර්මවාදී පිළිවෙතක් අනුගමනය කල ඇයගේ මහලු සැමියා විසින් වෙස් වලාගෙන පැමිණ ඇය ඝාතනය කල බවය. ගාසලා මිය යාමට කල එකම වරද තම සහජ කුසලතාවයෙන් ඔප නැංවූ මියුරු හඬින් ලක්ෂ සංඛ්‍යාත ජනතාව නැලවීම හා පුරාෂාධිපති සමාජයට එරෙහිව හඬ නැගීමය.
 
ඇයට උපහාර පිණිස ඇ ගැයූ දුක්‌බර ගීයක කොටසක්‌ පහත දැක්‌වෙනවා
 
I call out your name like a prayer
Would you leave me alone with my
tears
Knowing I need you still turn and go
This time be diferent
Please stay don't go please
If I called out your name like a song
That was written for you alone
Would you still hurt my pride how I cried
 
Copied
@Nayana Sanjeewa පිටුවෙන්
 

නවතම ලිපි