ලංකාවේ නූතන දේශපාලන පරිකල්පන මාදිලීන් දෙක දැන් තීරණාත්මක අවස්ථාවකට පැමිණි තිබේ.
 
දෙවැන්න 1930 ගණන්වල ආරම්භ වූ වාමාංශික දේශපාලනය සමඟ වර්ධනය වූ දේශපාලන පරිකල්පනයයි. එහි නිෂ්ඨාව වන්නේ කොමියුනිස්ට් තත්වය පිළිබඳ අදහසයි.
 
එහි අවසාන බුද්ධිමය අග්‍රඵලය ලෙස සැලකිය හැකි නලින් ද සිල්වා එම දේශපාලන පරිකල්පනයේ නිෂ්ඨාව පිළිබඳ අවසාන විනිෂ්චය ලබා දී ඇත. ඔහුට අනුව දේශපාලනයේ නිෂ්ඨාව විය යුත්තේ නිවන සාක්ෂාත් කරගැනීමයි.
දෙවැන්න 1930 ගණන්වල ආරම්භ වූ වාමාංශික දේශපාලනය සමඟ වර්ධනය වූ දේශපාලන පරිකල්පනයයි. එහි නිෂ්ඨාව වන්නේ කොමියුස්ට්තත්වය පිළිබඳ අදහසයි. ඒ අනුව දේශපාලන ක්‍රියාවේ නිෂ්ඨාව වන්නේ කොමියුනිස්ට් යනුවෙන් නම්කළ හැකි සාමූහික සමාජයක් ඇතිකර ගැනීමයි.
 
දැන් කළ යුතුවන්නේ මේ යෝජිත නිෂ්ඨාවන් දෙක කිරා මැන බැලීමයි. නිවන සාක්ෂාත් කරගැනීම පිළිබඳ යෝජනාවේ ගැටලු දෙකක් තිබේ. එක් නම් නිවන සාක්ෂාත් කරගැනීම යන්නෙන් සංයුක්තව අදහස් වන්නේ කුමක්දැයි පැහැදිළි කිරීමට නොහැකි වීමයි. මේ නිසාම එය සම්බන්ධ වී ඇත්තේ මනුෂ්‍යයාගේ ආගමික ජීවිතය සමඟයි. දෙවැන්න දැනට නිවන පිළිබඳ ඇති අර්ථකථන ඕනෑම එකක් අනුව නිවන සාක්ෂාත් කරගැනීම යනු සාමූහික කටයුත්තක් නොවේ.
 
ඊට වෙනස් ලෙස කොමියුනිස්ට්වාදය සංයුක්ත වශයෙන් පැහැදිළි කළ හැකිවාක් මෙන්ම එය සාක්ෂාත් කරගත හැක්කේ සාමූහිකවයි. දේශපාලනය යනු ආගමික නොවනවා මෙන්ම සාමූහික ක්‍රියාවකි.
 
@Nirmal Devasiri fb

නවතම ලිපි