වහල්භාවය කියන්නෙ ලෝකයේ පැවති අතිශය පීඩාකාරී ක්‍රමවේදයක්.

පුද්ගල දේපල අයිතිය වෙනුවෙන් හා නිෂ්පාදන අතිරික්තය වෙනුවෙන් තමයි වහල් ක්‍රමය ගොඩ නැගෙන්නෙ. බොහෝ වෙලාවට සිද්ධ වුණේ පවුලේ නොවන පිටස්තරයකුගේ ශ්‍රමය කැමැත්තෙන් හෝ බලහත්කාරයෙන් ලබා ගැනීම. මේ වෙනුවෙන් පාලක පැලැන්තිය, පීඩිත ජනතාව බලහත්කාරයෙන් යොදා ගත්ත. වහල හා වහල් හිමියා නමින් දෙකොටසක් ඇතිවෙනව.

පාලකයන් වගේම ඉඩම් හිමියන්, ධනපතීන් වහල් හිමියො බවට පත් වෙනව. දරිද්‍රතාවයෙන් පෙලුණු දුප්පතුන් වහලුන් බවට. වහලෙකුට සාමාන්‍ය නිදහස් පුද්ගලයක් සතුව පැවති කිසිම ඓතිවාසිකමක් නිදහසක් හිමිවුණේ නෑ. අතීතයේ වහල නිකන්ම වෙළඳ භාණ්ඩයක්. වහල් හිමියාට වහලෙකුගේ ශ්‍රමය වගේම ඔහුගේ ශරීරය පවා තමන් කැමති ආකාරයට භාවිතා කිරීමට අවස්ථාව තිබුණ. යුරෝපය, ඇමරිකාව නව ලෝකය තුල යටත්විජිත පිහිටුවීමට වගේම පවත්වාගෙන යෑම උදෙසා බහුල වශයෙන් වහල්ලු භාවිතා කලා. ඔවුන් මහා අධිරාජ්‍යන් ගොඩ නැංවූයේ වහලුන්ගේ රුධිරය මහ පොළොව මත විසුරුවල.

අතීතයේ පැවති මේ රාජාණ්ඩු පාලනයන්ට විරුද්ධව ජනතාව හුදෙකලාවත් සාමූහිකවත් අරගල කලේ එහි පැවති ඒකාධිපති ස්වරූපයටත් වහල්භාවයටත් විරුද්ධව. 18 වන සියවස ආරම්භයත් එක්ක මේ අරගල ලෝකය පුරා ව්‍යාප්ත වෙනව. පවුලක් පවුල් සංස්ථාවක් තුලට පාලන බලය කේන්ද්‍රගත වීමට විරුද්ධව. අරගල වල ප්‍රථිඵලයන් විදිහට තමයි දහනමවන සියවස වනවිට ලෝකය පුරා රාජාණ්ඩු පාලනයන් බිඳ වැටෙන්නෙ. රාජ්‍ය පාලනය උදෙසා ජනතා සහභාගිත්වය ලබාගන්න පටන් ගැනෙන්නේ. වහල්ලු වහල්භාවයෙන් මිදෙන්නෙ. වහල් වෙළඳාම ලොව පුරා බොහෝ රටවල තහනම් වෙන්නෙ. ශිෂ්ඨ සම්පන්න පාලන තන්ත්‍රයන් බිහි වෙන්න පටන් ගන්නෙ.

අධිරාජ්‍යවාදීන් පාලන තන්ත්‍රය ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයට හැරවීමත්, 1931 සර්වජන ඡන්ද බලය ලැබීමත් , ඒවගේම නිදහස් අරගලයත් එක්ක පක්ෂ දේශපාලනය අපේ රට තුලත් ස්ථාපිත වෙනව. අවුරුදු 70 ක 80 කාලයක් තිස්සෙ අපි හුරුවෙල ඉන්නෙ මේ පක්ෂ දේශපාලනය ඇතුලෙ ඉඳන් අරගල කරන්න. ඉල්ලීම් දිනා ගන්න.

ඇත්තටම මේ පක්ෂ දේශපාලනය තුල අරගල කරපු කරන සාමාන්‍ය ජනතා පැතුම් බලාපොරොත්තු කෙතරම් දුරට සාක්ෂාත් වෙලා තියෙනවද. හැමදාමත් සිද්ධ වුනේ ජනතාව, දේශපාලන නායකත්වයන් විසින් ඔවුන්ගේ සුඛ විහරණයන් වෙනුවෙන් භාවිතා කිරීම නෙමෙයිද. අපි කීගමනක් අපි වෙනුවෙන් පාලකයන් මාරු කලාද. අපි ලාබාගත් දිනාගත් දේ මොනවාද. සමාජ සාධාරණය, සමානාත්මතාවය, සංහිඳියාව තබා නීතියේ සාධාරණත්වයවත් අපට දිනා ගන්නට පුළුවන් වෙල තියෙනවද. ලෝකයේ බොහෝ රටවල් සංවර්ධණ කඩ ඉම් පසු කරමින් ඉදිරියට යද්දි රටක් විදිහට අපි ඉස්සරහට ගියාද. සිංගප්පූරුවක් කරන්න බලය ලබාගත්තු පාලකයො රට ඉතියෝපියාවක්, සෝමාලියාවක් තත්ත්වයට පත් කරමින් නෙමෙයි ද ඉන්නෙ.

ජනතාව කැපුවත් නිල් කැපුවත් කොළ කැපුවත් රතු කියන මතවාදයන්ගෙන් එළියට ගත යුතුව ඇත. දේශපාලකයන් පසුපස ඉබාගාතේ යන ගමන නතර කල යුතුව ඇත. රාජ්‍ය දේපල අසීමිතව සොරාකෑ හොරුන් වෙනුවෙන් ලේ දහදිය වැගිරීම නතර කළ යුතුය. ඔවුන් දූෂිත දේශපාලනඥයින්ගේ වහලුන් බවට පත්වෙමින් ඇත. ඔවුන් අද ගමන් කරමින් සිටින්නේ වහල්භාවය ඉල්ලා සිටින තැනකටය. දහඅටවන දහනමවන සියවසේ මිනිස්සු දහදියෙන්, රුධිරයෙන් දිනාගත් නිදහස පාවාදෙන තැනකටය. රජෙක් රාජාණ්ඩුවක් ලබා ගන්නා තැනකටය.

මහත්මා ගාන්ධි කිව්වෙ...

වහල්භාවය කියන්නෙ, පාලකයා විසින් ඔබ සම්පූර්ණයෙන් විපතට හෙලා ඇති විට පවා ඔබ විසින් පාලකයාගේ ගුණ ගායනා කිරීම බවයි.....

බර්ට්‍රෝල් බ්‍රෙෂ්ට් පැවසුවේ .....

ඔබ අරගල කල යුත්තේ පාලකයා වෙනස් කිරීමට නොව ජනතාව වෙනස් කිරීමටය. අමන ජනතාවක් කිසි දිනක පාදඩ පාලකයන් ට එරෙහි වන්නේ නැත.......

මේ..... ජනතාව වෙනස් කල යුතු කාලයයි...

පක්ෂ දේශපාලනයෙන් ප්‍රථිපත්තිමය දේශපාලනය ට සීරුමාරු විය යුතු කාලයයි....

@ චන්ද්‍ර මඩල..... 22 SLRC

(ඡායාරූපය අන්තර්ජාලයෙන්)

නවතම ලිපි