මේක කියවන්න. ඉංග්‍රීසියෙන් තිබුනේ. මම සිංහලට දැම්මා. ඔයා කියවන්න ඕනේ නිසා.

"රණවිරු ගාය," "පොලිස් ගාය," "රට රකින ගාය" තියෙන අය මතක තියාගන්න ඕනේ, මේ රට සාපලත් කුඩා දුපතක් බව. ඒකෙන් ගොඩ එන්න, සසර කෙළවර වෙන තෙක් බැරි වෙයි කියලයි මට හිතෙන්නේ.

gota1

නෙළුව ටවුන් එකේ තියෙන බිත්තියක ඇඳලා තියෙන චිත්‍රයක්.

90 ගණන්වල ලංකාවේ හමුදාව ඇව්රෝ (AVRO) ප්‍රහාරක යානා භාවිතා කළා බෝම්බ දමන්න. එක දවසක් වන්නර්පන්නෙයි සිවන් කෝවිල ගාව එක බෝම්බයක් දැම්මා. ප්‍රහාරක යානයත් ඒ එක්කම කඩන් වැටුනා නාවට්කුලි වලදී. ඉතින් හැම නිතරම ඇව්රෝ එන සද්දෙ ඇහෙනකොට අපේ මිනිස්සු විහිළු කරා “ආහ්, එයා එනවද?” (අවර් කියන්නේ ඔහුට දෙමළ භාෂාවෙන්)

1990, මට අවුරුදු 10යි. මම හිතන්නේ ඔක්තෝබර් මාසේ දවසක් ඒක. වෙනදා වගේම ඇව්රෝ ආවා. සහ ඒක බෝම්බ දැම්මා. හැබැයි බෝම්බ වෙනදා වගේ සුදු දිලිසෙන පාටින් තිබුනේ නැහැ. ටිකක් අමුතු කළු පාටක් තිබුනේ. මම අම්මට කිව්වා ඒ ගැන. අපේ අම්මා කිව්වා, “මොන යකා දනන්වද ඕවා මොනවාද කියලා, අපි යමු බංකරේ ඇතුලට.” (ඒ දවස්වල අපි අපේ ගේ පිටි පස්සේ හරි ගේ ළඟ තියෙන පුංචි ඉඩම් කෑල්ලක බංකර් හැදුවා, ෂෙල් වෙඩි සහ බෝම්බ දාද්දි ආරක්ෂා වෙන්න) http://en.wikipedia.org/wiki/Bunker)

ඉතින් බෝම්බ වැටුනා. මේදවසේ හැබැයි එක බෝම්බයක්වත් පිපුරුවේ නැහැ. ඇව්රෝ යාපන අර්ධද්වීපයේ කැරකි කැරකි එක පිට එක බෝම්බ දැම්මා. ඉලක්කයක් නැතිව ඔන්න ඔහේ දාගෙන දාගෙන ගියා. එකක්වත් පිපුරුවේ නැහැ. අඩුම තරමේ මට පිපුරුණු සද්දේ ඇහුනේ නැහැ. පැය භාගෙකට පස්සේ ප්‍රහාරක යානය යන්න ගියා.

ටිකෙන් ටික ඉතාම දුගන්ධයක් පැතිරෙන්න ගත්තා. අපේ ලොකු අක්කා මට බනින්න ගත්තා, “තමුසේ හරියට වතුරු ගැහුවද ටොයිලට් එකට?.” අපේ ගෙදරින් විතරක් නෙමෙයි ගඳ ආවේ. මුළු ගම්මානෙම ගඳයි. කඩේට ගිය ලොකු අයියා නහය තද කරගෙන දුවගෙන ආවා. එයා වමනේ දැම්මා.

“මොන අපායක්ද, උන් අසූචි දාලා හැම තැනම.” අයියා කිව්වා.

“ප්‍රේමදාසගේ ගූ බෝම්බ”- ඊළඟ දවසේ උදයන් පත්තරේ ශීර්ශපාටය විදියට තිබුනා (උදයන් කියන්නේ නැගෙනහිර පළාතේ විශාල වශයෙන් කියවපු පත්තරයක්). එක කක්කා බෝම්බයක් අරියකුලම් ප්‍රදේශයේ බයිසිකලේක යමින් සිටි කෙනෙකුගේ ඔළුවට වැටිලා ඔහු එතැනම මැරිලා තිබුනා. ඊළඟ දවස් හතර පහ ඇතුලේ ඉවසන්න බැරි ගඳ හැමතැනම තිබුනා. ලෙඩ රෝග කිහිපෙකුත් පැතිරෙන්න ගත්තා. අව්රුදු 25කට පස්සෙත් ගියේ නැත්තේ ලෙඩ රෝග නෙමෙයි, අපිට කල අපහාසයයි ගියේ නැත්තේ.

අපිට ජීවිතයේ සමහර දේවල් අමතක කරන්න පුළුවන් උනත්, සමහර දේවල් අමතක කරන්න මේ කපේට බැරි වෙයි. මේ ඒ වගේ එකක්. මම මේක මගේ සිංහල යාලුවන්ටයි විදේශිකයන්ටයි කියලා තියෙනවා. මම එඩිතර නැහැ. දේශපාලනය පිළිබඳ මගේ දැනුම බින්දුවයි. ඒත් කව්රුහරි කෙනෙක් ඇවිත් මට උපදෙස් දෙන්න ගත්තොත් “සහෝදරත්වය, එක රටක්, එක්සත් බවක්, අරකද මේකද” කියලා. ඒ වෙලාවට උත්තර දෙන්නේ අර අව්රුදු 10 හිටිය මම. “උන් අපි මත කක්ක කරා”

~Excerpt from the book "En Kollaipurathu kaadhalikal" (my backyard loves) by JK

(පළමු පින්තූරේ ඊයේ රඹුක්කන ඝාතනයට එරෙහිව ගෝටාගෝගමදී කල සිහිපත් කිරීම.)

නවතම ලිපි