බුද්ධික සේමසිංහ විසින් රචනා කොට තිබෙන මේ ගීතය ඉතාම ලස්සන පද පෙළක්. හිත ආලෝකවත් කරන පද පෙළක්.

අපේ තාත්තා මට කිව්වේ පුතේ කියලා. ඒ නිසා මේ ගීතයේ තියෙන “මගේ පුතේ,” “මගේ පුතා” කියද්දී ඒක මට දැනෙනවා. හැබැයි මේ අරගලවල ඉන්නේ පුත්තු විතරක් නෙමෙයි. දුවරුත් ඉන්නවා. පුත්තු විතරක් නෙමෙයි අරගලවල හිටියේ. අරගලවල ඉන්නේ. අරගලවල ඉන්න දුවරුන් ගැන කතා කරන්නේ අඩුවෙන් උනාට ඒ අයත් මේ අරගලයේ ඉන්නවා. අලංකාරය දරාගත් බොහෝ තැන්වල හිංසනයක ඉතිහාසය විසින් ගොඩ නංවපු අදහස් තියෙනවා. ඒක මග හැර නොයා ඉන්න බලන්න.

මම දැක්කා චීවරය දරාගත් පුද්ගලයෙක් අපේ දෙමළ සිංහල මිතුරන් එකතු වෙලා ගෝටාගෝගමදී දෙමළෙන් ජාතික ගීය ගයද්දී එතැනට ඇවිත් එය සාමයට බාධා වෙයි, පිටත සිටින අය වෙනස් විදියකට දකියි කියලා එම ක්‍රියාවට බාධා කරනවා. ජාතිවාදී නොවන, ලිංගවාදී නොවන පිරුණු මනුස්සයෙක් වෙන්න උත්සාහ කරන්න බැරිද ඔයාට?

අපිට සිහින දකින්න දෙන්න. ඒ සිහිනය ලොකු කරගන්න දෙන්න. ඔයා ඉගෙන ගන්න. ගෝටාගෝගමින්වත් ඉගෙන ගන්න. සිහින ලොකුවට දකින්න. ඒ මදිද ඔයාට මියැදෙනකම් අපිව මේ අතහැරලා දාලා තියෙන ජීවිතය තුල ජීවත් වෙන්න!!!

"දඩ බිමේ…

රතු කඳුළු මල් පිපේ

පරපුරේ විරු යශෝ අතරින්

නික්ම යන මගේ පුතේ

උමතු සැණකෙළි

මී වදුලේ

නුඹගේ රුහිරයි පිරුණේ

දැවෙන රතු වෙන

ඇස් අතරේ

නුඹගේ ස්වරයයි තිබුනේ

බිහිරි හදවත් දහස් අතරේ

කුමට සැමරුම් වැසී

අන්ධ මිනිසුන් පිරුණු අරණේ

කුමට මැයි මල් පිපී

රුදුරු රකුසන් සෙවණැලි ඇහැරී

තවම නර බිලි යදී

නුඹයි පෙරමුණ ගමනට යන්නේ

මගේ පුතා ණය නැතී

බන්දා පංචායුධ බැමි

කැන්දා සරසවි මියු ලැසී

සංග්‍රාමය මත ණය නැති

නින්දා නැති සුව නින්දකි" 

නවතම ලිපි