Thamalu Maliththa Piyadigamaගේ පහත සබැඳියාවේ ඇති සටහන ට විශාල පිරිසකගේ විරෝධයක් එල්ල වී ඇත.

ඊට හේතුව වන්නේ එය බුද්ධි විරෝධී ස්වභාවයක් ඉසිලීම නිසාවෙනි.

https://www.facebook.com/ThamaluMaliththa/posts/1747732045618145

 polpot3

චීනයේ මාවෝ පාලනය යටතේ සිදු වූ සිවිශේෂී ම සිද්ධිය වූයේ පාසල්, විශ්ව විද්‍යාල වසා දැමීමයි (එය මාවෝගේ මරණය දක්වාම එසේ විය). මාවෝ ගේ එම ස්ථාවරයට කොමියුනිස්ට් පක්ෂයේ අතිශය බහුතරයක් එරෙහි විය. නමුත් මාවෝ ට තිබූ භක්තිය හේතුවෙන් ඔවුන් ට කර කියා ගත හැකි දෙයක් නොමැති විය. මාවෝගේ මරණින් මතු ඩෙන් ෂියා ඕ පෙන් නැවත එය කණපිට හැරවීමට කටයුතු කළේය.

පාසල් විශ්ව විද්‍යාල වසා දමා (reeducation) ඒවායේ සිටි ගුරුවරුන්, කථිකාචාර්යවරුන්, සිසුන් ගොවි බිම් වෙත සහ හස්ත කර්මාන්ත වෙත යොමු කරන ලදී. නියමානුකූල අධ්‍යාපනය ඇත්තේ එවැනි ව්‍යවහාරයක් තුලය යන්න මාවෝගේ ස්ථාවරය විය.

එය එසේ සපුරාගත නොහැකි කල මාවෝ "සංස්කෘතික විප්ලවය" ට යොමු විය.

polpot 2

ඒවා සිදු කල, සිදු වූ ආකාරයන් පිළිගත නොහැකි වුවද මාක්ස්ගේ කොමියුනිස්ට් අභිප්‍රාය අවබෝධ කොට ගත්තේ ලෙනින් නොව මාවෝ බව හොඳින් පැහැදිලිය (ලෙනින් යනු හුදු ක්‍රියාකාරීත්වයක් පමණි ).

නමුත් මවෝගේ මරණින් මතු මවෝගේ කොමියුනිස්ට් ව්‍යාපෘතිය පරාජයට පත්විය. එහි විශාල අඩු පාඩු කම්, න්‍යාය විරෝධයන් තිබුන ද ඉතා හොඳම කොම්මුනිස්ට් ප්‍රවේශය වූයේ එයයි.

ඊට සමාන කොම්යුනිස්ට් ප්‍රවේශයකට එළඹුන අනෙක් සංවිධානය වූයේ "කැම රූෂ්" සංවිධානයයි. කැම රූෂ්" සුවිශේෂය වූයේ ඔවුන් හට පරමාදර්ශයන් නොමැති බව පැවසීමයි. එනම් ඔවුන් ගොඩනැගීමට යන සමාජය මිහි පිට කිසිඳු කාලයක නොතිබූ තත්වයක් බව ඔවුන් විසින් ප්‍රකාශ කිරීමයි. එවැනි තීරණයක් සඳහා බිය නොමැති විශ්වාසයක් ඔවුන් තුල විය.

polpot4

"කැම රූෂ්" පාලනය සඳහා අවම වශයෙන් ප්‍රමුඛ කරුණු දෙකකින් සුවිශේෂී විය. පළමුව ඔවුන් විසින් ඉඩම්වල පෞද්ගලික අයිතිය අහෝසි කළේය. නව ආන්ඩුව යටතේ කාම්බෝජය "පරිපූර්ණ සහජීවනයෙන්" පන්ති විරහිත සමාජයක් ඇති විය යුතු බවත්, පුද්ගලික දේපල අයිතිය "ඊගොයික හැඟීම්වල උල්පත බවත්, ඒ අනුව සමාජ අසාධාරණයන් ඇතිවන" බවත් "කැම රූෂ්" ස්ථාවරය විය. දෙවනුව, කාම්බෝජය මුදල් නැති ජාතියක් විය යුතු බව ප්‍රකාශයට පත්විය. එනම් "කැම රූෂ්" විසින් ජනරජ යුගයේ සියලු මුදල් රාජසන්තක කළේය. කඩසාප්පු වැසී ගිය අතර, මුදල් සංසරණයේ නොතිබූ නිසා බඩු වලට සහ ශ්‍රමයට බඩු හුවමාරු වන ක්‍රමයක් ඇති විය. එසේම සමූපකාර ක්‍රමය ස්ථාපිත කළේය. එය මාක්ස් විසින් බලාපොරොත්තු වූ කොම්යුනිස්ට් තත්වයේ මූලික කොන්දේසියකි.

ඔවුන්ගේ සටන් පාඨ වූයේ "අපට වැව් තිබේ නම් අපට ජලය ඇත, අපට ජලය තිබේ නම් අපට බත් ඇතුළු ආහාර ඇත, අපට සහල් සහ අනෙකුත් ආහාර ද්‍රව්‍ය වවා ගත හැකි නම්, අපට නියත වශයෙන්ම සියල්ල තිබිය හැකිය." යන්නයි.

Irving Kristol (standing, far right) at City College c.1940 as seen in Joseph Dorman’s ARGUING THE WORLD.  Courtesy of First Run Features.

"කැම රූෂ්" පාලනය ඔවුන්ගේ අගනුවර වූ නොම් පෙන් වල සිටි මිනිසුන් ගම්මාන වෙත යවන ලදී. ඉන් පසුව එහි 10000කට වඩා පිරිසක් එහි ඉතුරු නොවිණි. අනෙකුත් නගර වලද මිනිසුන් ගම්මාන වෙත විසුරුවා හරින ලදී. පාසල්, විශ්ව විද්‍යාල වසා දැමුණි.

"කැම රූෂ්" ට අනුව ප්‍රශ්නය වූයේ බුද්ධිමතුන්ය. ඔවුන් පැතුවේ බුද්ධිමතුන් නොමැති සමාජයකි (මාක්ස්ගේ කොම්මුනිස්ට් තත්වයේ අනෙක් ප්‍රධාන කොන්දේසිය).

අපට මෙසේ පැවසිය හැකිය...

කැලේ ඉන්න සතෙක්... උදාහරණයකට හාවා ගනිමු... ඌට ඕන හුස්ම ගන්න පිරිසිදු වාතය, කන්න, රෙන්න, ලිංගික කටයුතු... ඌට ඒ ටික කරගන්න පුළුවන් පරිසරයක් තියනවා නම් උගේ ජීවිතය අර්බුධයට යන්නේ නැහැ. රංචු වශයෙන් ජීවත් වන සතුන් ගත්තත් එහෙමයි.

බොහෝ උගතුන් පවසනුයේ මිනිසුන්ට ඊට වඩා දේවල් අවශ්‍ය බවය. එසේ අවශ්‍ය වීමට ගොස් දැන් කන්න, බොන්න, හුස්ම ගන්න, රෙන්න, ලිංගික කටයුතු කිරීමට අපහසු වී, රෝගාතුර වී, කාලයක් නොමැති වීම හෝ බැරිව ගොස් ඇත. එසේම ඊට වඩා ඔනෑ දේවල් ද ලබා ගත හැක්කේ අමාරුවෙනි. එනම් ඒ සඳහා විශාල පරිශ්‍රමයක් දැරිය යුතුව ඇත. සුළු බිඳ වැටීමකින් සියල්ල අර්බුධය ට යයි (උදාහරණයකට පොසිල ඉන්ධන සැපයුම අඩාල වුවහොත් ඉහත සඳහන් කල අවශ්‍යතා සියල්ල අර්බුධයට යයි).

දැන් ප්‍රශ්නය වන්නේ මිනිසෙකුට ජීවත් වීමට අවශ්‍ය මොනවා ද යන්නයි. එසේ ජීවත් වීමට බැරිව ඇති ප්‍රශ්නය ජනගහනය බව බොහෝ දෙනෙකු පවසයි (master signifier ) නමුත් එය එසේද ? ජනගහනය ප්‍රශ්නයක් වනවා නම් එසේ වන්නෙම එය ප්‍රශ්නයක් නොවී තිබූ තත්වය තුලිනි.

polpot6

කනවා, බොනවා, හුස්ම ගන්නවා, රෙනවා, ලිංගික කටයුතු කරනවා වැනි දේවල් වලට වඩා දේවල් අවශ්‍ය බව පැවසීම ම දෘෂ්ටිවාදයයි.

මිනිසුන්ට ඊට වඩා දේවල් අවශ්‍ය බව දන්නේ කවුද සහ කෙසේද ? මෙදියත වසනා අනෙක් සියලු සතුන් ට නොමැති තත්වයක් මිනිසාට ඇතිව ඇත. එය අනෙක් සත්වයින්ට ද බලාපමින් තිබේ.

සමකාලීන ජීවිතය අර්ථවත් වී ඇත්තේ අවශ්‍ය, අවසර ලත් ('සංකේත නීතිය' ක්‍රියාත්මක නොවන තත්වය) හෝ අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩි යමක් වෙතින් හෝ "කැමැත්ත" ඇතිකරන තත්වය තුලය.

මේ තත්වය ක්‍රියාත්මක වන්නේ අවශ්‍යතා සපුරා ඇති විට වැඩිමනත් නිෂ්පාදනයේ අතිරික්තයක් හෝ ඉල්ලුමට වඩා සැපයුමක් ක්‍රියාත්මක වීම තුල වැඩිමනත් දේ සඳහා අවශ්‍යතා නිර්මාණය කිරීම, සෞදර්යකරණය, සහ දයලෙක්තිකව නැවත නැවත සමාජ සංකීර්ණතා ඇති වීම තුලය. එය 'ප්රෝමෝදාත්මකය' (enjoyable).

DO NOT COPY, STORE, OR REPRODUCE THIS IMAGE WITHOUT WRITTEN PERMISSION!

අතිරික්තය කුමක් ද යන්න පිළිබඳව අදහස අපගේ අවශ්‍යතා වෙතට අතිරික්ත වන දේ එහි ස්වභාවයෙන්ම පදනම් විරහිත හා අනවශ්‍ය බව තර්ක කිරීමෙන් ආරම්භ වේ. එහෙත්, විපරීතමය වශයෙන්, මෙම අතිරික්තය නොමැතිව, අප හට සත්තාවත් හා අවශ්‍ය දේ භුක්ති විඳීමට නොහැකි වී ඇති තත්වයක් නිර්මාණය වී ඇත. මේ තත්වය තුල ඇත්ත වශයෙන්ම, අතිරික්තය නොමැතිව අපට පරිපූර්ණ වටිනාකම කුමක්දැයි හඳුනා ගැනීමට නොහැකිය.

'අතිරික්ත ප්‍රමෝදයේ' දුෂ්ට, සාවද්‍ය චක්‍රයෙන් ගැලවීමක් තිබේද? නැතහොත් අපට තව තවත් අවශ්‍ය වීම සඳහා සදහටම ඉරණම් සහගත වී තිබේද?

උගතුන්-බුද්ධිමතුන් යනු ඉහත ප්‍රශ්නය අදාළ නොවන අයයි. පොල්පොට් යනු දෘෂ්ටිවාදය පිළිබඳව හොඳ අවබෝධයක් තිබූ අයෙකු සේ සැලකිය හැකිය. නමුත් ඔහු දෘෂ්ටිවාදය අවසන් කිරීමට යොදා ගත් ක්‍රමවේදය වූයේ එය දරා සිටින මිනිසුන් මරා දැමීමයි.

@Spartacus.lk

නවතම ලිපි