ශ්‍රිලාංකීය ප්‍රාථමික සමාජය ලිංගික තහංචි මිලිටරිකරණය කරන ලද එකක් නොවේ.

පැරණි පොත් පත, ජනගී, ජනකතා දෙස විමර්ශනාත්මකව බැලීමේදී පෙනීයන කරුණක් වන්නේ එකී සමාජය තුළ ලිංගිකත්වය පිළිබඳ දැඩි මත හෝ සම්මත නොපැවති බවයි. එහෙත් එම සමාජය තුළ අදට වඩා විශිෂ්ට අන්දමින් මානව හිතවාදී ගුණධර්ම ද සුරැකී තිබුණි.

එහෙත් මේ සමාජීය වටපිටාවේ ක්‍රමික වෙනසක් සිදුවීම් එක්තරා කාලසීමාවක් දී සිදුවිය. එනම් ශිෂ්ඨත්වය නැමති අඳුරු සළුවක් පොරවාගෙන අප සමාජය ආක්‍රමණය කළ අධිපතිවාදී මූළ ධර්මයයි. ඒවාට අනුව මිනිසාගේ මානව හැඟීම් සහ හැසිරිම් දැඩි පාලනයකට නතුකර සමාජය ඒවාට වහල් කර පාලනය කිරීමේ පරමාර්ථයෙන් සකස් කල මතවාදී අදහස්.

crash 5

ඉපැරණි බෞද්ධ සමාජයේ මුල් බැසගෙන තිබුණු බුදු දහම පදනම් වු සමාජය, බාහිර නීති රීති වලට වඩා තම සිතුවිලි, වචන සහ ක්‍රියාකාරකම් වල හොඳ නරක තමා විසින්ම විමර්ශනයට ලක්කිරීම වැදගත් ලෙස සලකන ලදී. ඒ අනුව තමයි 'සිහි නුවණින්' කටයුතු කිරීමේ අවවාදය හැම විටම අපට ලැබුණේ. එවන් අවවාද අපි එකහෙලා පිළිපදින්නේ නම් අපේ හිතේ ජනිත වන 'ක්‍රෂ්' වලින් අපට වගේම ක්‍රෂ් වලට අරමුණු වන පුද්ගලයින් ගේද මානසික තත්වය ගැන අප සැලකිලිමත් විය යුතුයි නේද?

හදවතක් ගොළු කිරීමට තරම් තීවෘ වූ ක්‍රෂ් එකක් පිළිබඳ කතාන්දර අප ඒමට අසා ඇත. ඒ මෑත කාලීන අතීතයේ ඉතා ජනප්‍රිය තලයට පත්වූ එවන් කතාන්දර ක් තමයි ගොළු හදවත. දම්මි තමාව තම මස්සිනාට විවාහ කරදීමට තම දෙමාපියන් පොරොන්දු වී තිබියදී ත් ඇය තම සිත සුගත් කෙරේ ඇදී ගොස් තිබුණු බවට ඉඟි කළා. ඒ ඉඟිය ඔස්සේ තම සිතුවිලි තුළ ස්ථාපනය කරගත් 'ක්‍රෂ්' එක ඔහුගේ ජීවිතයෙන් ඉවත් කිරීමට ඔහුට නොහැකි උනා. මේ සිද්ධිය නව කතාවක නිරූපනයක් වුවද මෙයට වස්තු බීජ සැබෑ ජීවිතයේ එදා එමට තිබුණා.

crash8

ඇත්තටම මේ මොකද්ද? වරද කාගෙද? කොතැනද? දෙමව්පියන්ගේ ද? සමාජයේ ද? තහංචි පැනවූයේ කවුද? සිතුවිලි වලට විලංගු දැමිය හැකිද? එදාට වඩා අද සන්නිවේදනය දියුණු යුගයක මෙවැනි සිදුවීම් තිබේද? ඒවා කොතරම් සංකීර්ණ ද ? සිතක උපදින සියුම් රාගික හැඟීම් නිසා තවත් ජීවිතයක් විනාශ වෙනවා නම් ඒ සියුම් හැගීමට නිදැල්ලේ සැරිසැරීමට දීම සුදුසු ද? එය කොටු කර තහංචි දැමීම කළ යුතු මද?

ඉස්සර ඉතාම සුරූපී කාන්තාවන් නගරශෝභිනී තනතුරට පත් කරලාත් තිබුණා. ඉතාම සුන්දර කාන්තාවක් එක් අයෙකුට පමණක් හිමිවීම අනෙක් අයගේ වරප්‍රසාද අහිමි කිරීමක් ලෙස සැලකුවා විය හැකියි. එනිසා එවැනි අයගේ කැමැත්ත නොකමැත්ත නොසලකා එම එවන් තනතුරු ලබා දී තිබෙනවා. තේරී ගාථා වල ගණිකා වෘත්තියේ යෙදී මෙහෙණි සසුනට අවතීර්ණ ය කතාන්දර බොහෝ තිබෙනවා.

මේවායින් පෙනී යන්නේ එදා සමාජය මේ ලිංගිකත්වය නැමති ජෛව විද්‍යාත්මක අවශ්‍යතාවය පිළිබඳව ඉතා ලිහිල් ප්‍රතිපත්ති අනුගමනය කළ බවයි. ලිංගිකත්වය අපරාධයක් නොවන එකක් ලෙස එදා සමාජය සැලකූ බවයි.

crash 7

ඒ වගේම ඉස්සර කාලේ හැම ගමකම වාගේ අර සේනක පණ්ඩිතයා ගිය තැන් වලට ටිකක් සමාන සේවා මධ්‍යස්ථාන තිබුණා. අපිට ඒවාට ගණිකා නිවාසම කියලා කියන්න අමාරුයි, හේතුව ඒවායේ සමහර විට මුදල් ගනුදෙනු අතික්‍රමණය කළ දේවල් ක්‍රියාත්මක උණා.

බොහෝ වේලාවට මේ සේවා මධ්‍යස්ථාන වල ප්‍රධාන සේවාව කසිප්පු වෙළදාම. කසිප්පු පෙරන එක බොහෝ විට කලේ පිරිමියා. භාර්යාව කළේ බොහෝ විට කසිප්පු විකුණන එක. ඉතින් ස්වාමියා කසිප්පු පෙරන අතරේ ගෙදර වෙළදාම කරේ එයාගෙ බිරිඳ. කසිප්පු වීදුරුව අතට දෙන ගමන් ඇගිල්ලක් මිරිකීම වැනි දේවල් වලින් පටන් ගන්න ගැණුම් කරුවො ඇගිලි මිරිකන එක අතික්‍රමණය කරමින් වෙනත් සේවාවන් ලබා ගත්තා. ඒක සේවා සැපයුම පිළිබඳ ප්‍රවෘත්තිය ගෙදර ස්වාමියා සමහර විට නොදැන සිටියාට ගමට ඒක රහසක්ව තිබුණේ නෑ.

ඒ වගේම ස්වාමියා මිය ගිය කාන්තාවන් සමහර විට එවැනි සේවා මධ්‍යස්ථාන පවත්වාගෙන ගියා, වෙනත් ජීවන මාර්ගයක් නැති උනාම. කොහොම වුණත් එවන් කාන්තාවන්ගේ රූපශ්‍රීය අනෙක් අයට වඩා වැඩියි. එයට එක් හේතුවක් තමයි ඇය ගමේ අනෙක් කාන්තාවන් වගේ හේන් වල කුඹුරු වල වැඩට යන්නේ නෑ. ගෙදර තමයි ඉන්නේ, ඉතිං වැඩිය වැඩ නැති නිසා ඒ වගේ අය හොඳ පුෂ්ටිමත් සිරුරකට හිමිකම් කියනවා.

crash 9

හැබැයි එවැනි ස්ථාන වලට කාමයෙහි වරදවා හැසිරීම බලන්න පොලිසිය ආවෙ නැහැ. පොලිසිය ආවෙ කසිප්පු ජාවාරම් හෝ වෙනත් අකටයුතු පිරික්සීමට මිස, ලිංගික හැසිරීම් අධීක්ෂණය කිරීමට නොවේ. ඒවගේම ගම් වල රණ්ඩු සරුවල් ඇති උවද, ඒවා මැඩලීමට නීති රීති ක්‍රියාත්මක කිරීම සිදු වුනේ නැහැ. සමාජ සංස්ථා වල ප්‍රාථමික තත්වයක් එකල පෙන්නුම් කළද, පවුල කියන සංස්ථාවේ කාර්ය භාරය සුරැකී තිබුණා.

හැබැයි ඒ තත්ත්වය අද වෙනකොට සම්පූර්ණයෙන්ම වෙනස් මුහුණුවරක් අරගෙන තියෙන්නේ කොහොමද?

විවෘත ආර්ථිකය සහ ලිංගිකත්වය

අපේ රටේ පැවති සාමාන්‍ය ජන ජීවිතය ආක්‍රමණය කළ බටහිර සංස්කෘතික අංග ලක්ෂණ වල අනිසි ප්‍රතිඵල මහා සමාජයට දැනෙන්නට පටන් ගත්තේ දැනට දශක තුනකට ආසන්න කාල සීමාවක් තුළදී ය. මේ තත්ත්වය ට මූලික වශයෙන්ම හේතු වුණු සාධකය වන්නේ විවෘත ආර්ථික ප්‍රතිපත්ති යටතේ රටේ සමාජ ආර්ථික තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස් පැත්තකට පෙරලීම යි.

එයින් ප්‍රධානම ස්ථානය ගන්නේ මැද පෙරදිග සේවය සදහා ගෘහ සේවිකාවන් සංක්‍රමණය වීමයි. මෙම තත්වය සමාජය තුළ කරනලද බලපෑම් අතරින් ප්‍රධාන වන්නේ ම බලපෑම එල්ල කළේ ලිංගික ක්‍රියාකාරකම් සහ ඒ ආශ්‍රිතව සංකීර්ණ සහ සංකූලතා ඇති කිරීමට ය. මෙයින් ප්‍රධානම ව්‍යවසනය ලෙස අද සමාජයේ ඉදිරියට එන්නේ අම්මා ගේ ආදරය අහිමිව අසරණව පියවරු අතින් දූෂණය වන ගැහැණු දරුවන් සහ මත්කුඩු වලට ඇබ්බැහි වන පිරිමි දරුවන් ය. මෙහි බැරෑරුම්ම අවස්ථාව වන්නේ, බිරිඳ ගෙන් වියෝවන සැමියන් විසින් තමාගේම දියණිය දූෂණය කිරීම හෝ තම ළඟම ඥාතීන් විසින් එවැනි දරුවන් දූෂණය වීම හේතුවෙන් ළමාවියේදීම දරුවන් ගැබ් ගැනීම නිසා, දිගින් දිගටම ව්‍යාභිචාරයෙහි යෙදීමයි. එසේම ළමුන් ගණිකා වෘත්තියේ යෙදවීම සදහා ද පෙළඹීම් බොහෝ විට සිදු වෙයි. මේ තත්ත්වය, ග්‍රාමීය මෙන්ම නාගරික අඩු ආදායම්ලාභී පවුල්වල ඉතා තදින් ක්‍රියාත්මක වේ.

crash10

එදා ගම්වල තිබූ සරල සහ නිදහස් ආකෘතිය වෙනුවට අද මධ්‍යම පන්තියේ පවුල් වලටද මේ තත්ත්වය වෙනස් ආකාරයකින් සංකූල බලපෑම් එල්ල කරමින් සිටි. පහල සහ ඉහළ මධ්‍යම පාන්තික පවුල් වල දරුවන් නිවාස නැමති ඒකකය තුළ වැඩෙන්නේ දැඩි නීති රීති යටතේ වන අතර, ඒ අයට ලෝක දෙකක්ම අහිමි වේ. ඒ ලෝක දෙක වන්නේ අතීත ගම්බදව තිබුණු ස්වාභාවික පරිසරයට සමීප සබඳතා පවත්වාගෙන යන්න තිබුණු අවකාශය වගේම නවීන ලෝකයේ දරුවන්ට තිබෙන නිදහස් ලෝකය යි. මේ නිසාම ඔවුන් දිරවන්නේ දෙමව්පියන්ගේ දැඩි පාලනයකට යටත්ව ඇති අමුතුම සීමාන්තික ලෝකයකටයි.

මේ දෙයාකාරයෙන්ම තනිවන දරුවන් ඩැහැ ගන්නේ අද නවීන ලෝකය වසාගෙන සිටින අන්තර්ජාල මගඩි සහ මත්කුඩු වැනි දරුවන් බිලී බා ගැනීම සදහා ම වෙන්වූ ජාවාරම් ය. මේන්න මේක තේරුම් ගැනීම පතමයි අද අපේ අම්මලාගේ එකම අභියෝග ය. යෞවන දිවියට පිවිසෙන දරුවන්ට ආදරය සහ ලිංගිකත්වය පිළිබඳව පාඩම් කියා නොදී සමාජයට මුදා හරිමු ද?

crash 6

නවතම ලිපි