මම මහා විවේචකයෙකු නොවෙමි. මහා නිර්මානකරුවෙකුද නොවෙමි. ලේ මස් වලින් සැදුනු සාමාන්ය ගැහැනියක් පමණක්ම වෙමි.

රාගය, අනුරාගය, ශෘංගාරය විඳි ඉතා සාමාන්ය ගැහැනියක් වෙමි. ගින්නක් ඇවිලවීමට වඩා, ගින්නක් නිවා දැමීම උතුම් කොට සලකන ගැහැනියක් වෙමි.

කලාව යනු මිනිසුන් තිරිසනුන් කරන මෙවලමක් නොව, නොමිනිසුන් මිනිසුන් කළ හැකි, වටිනා, බලවත් මෙවලමක් බව තරයේ විශ්වාස කරන ගැහැණියක් වෙමි.

පැබ්ලෝ නෙරූදා නම් ප්‍රසිද්ධ කිවියාගේ නිර්මාණ කීපයක් රසවිඳ ඇත්තෙමි. එවායේ ශෘංගාරය දුටිමි, රස වින්දෙමි.

ඇල්බොරාදා සිනමා පටය, සිත්තමක්, කවියක් මෙන් රසවත් වේ යැයි අපේක්ෂා කලෙමි.

පිරිමින්, කාන්තාවකගේ රුවට, නුරාගී බවට, හැඩයට, ඡවි වර්නයට රාගයෙන් බැඳීම ද, ගැහැණුන් පිරිමින්ගේ, දේහයට, පෞරුශයට, රාගී බවට ආකර්ශනය වීම අද ඊයේ සිදු වූ දෙයක් නොවේ.

සෑම ගැහැනියක්ම පිරිමියෙකුගේ, බලය, තානාන්තර, මිල මුදල්, වලට මෙන්ම පෞරුෂය ට දේහධාරී බව සිරුරේ ඇලුම් කරන බව, ඉතිහාස කතා වලින් අපි දැක අත්තෙමු. මනමේ කතාවේද ද, සිංහබාහු කතාවේද හරය එයයි.

ලංකා ඉතිහාසයේ පෘතුගීසි, ලන්දේසි, ඉංග්රීසි යන විදේශිකයන් පමනක් නොව, අරාබි වෙළඳුන් පවා ලාංකික කාන්තාවන් අඹු කමට ගත්තේ බලහත්කාරයෙන් නොවන බව මගේ හැඟීමයි.

රදළ, පදු, හෝ සක්කිලි වේවා සියලු ගැහැණුන්ගේ සිරුරේ ගලන්නේ එකම රතු රුධිරයයි. එසේනම් නෙරූදාට රාග සිත් බඳින, ළදරුවකු නොවන, එම වැඩිහිටි සක්කිලි ගැහැණිය ද, නෙරූදාව දුටු දා පටන් ඔහුගේ සිතැඟි හඳුනාගත්තා වූ ද, අනිවාර්යයෙන්ම තම ගතෙහිද, නෙරූදාගේ දේහයෙන්, කඩවසම් පෙනුමෙන්, නෙරූදා කෙරෙහි රාග ගිනිදල් ඇවිලෙන්නා වූද, සාමාන්‍ය ගැහැණියකි.

ඇගේ හැඟීම්වලට, පලමු සහ එකම බාධකය සමාජයෙන් එල්ල වෙන පිලිකුල් කිරීම පමණක්ම වන බව තරයේ විශ්වාස කරමි. ඇගේ "පවු දෝවනය" කිරීම හුදෙක් සමාජයෙන් එල්ලවන පිළිකුලට පිලිතුරක් ලෙස දකිමි.

වෙනත් මිනිස්සුන් ගේ, හා සමාජයේ සීමා නොවන්නට බොහොමයක් "මිනිසුන්" සදාචාර රාමුවේ රඳවා ගන්නට අපහසුය. අප අවට සමාජයේ ද මෙවන් උදාහරණ අපමනය.

පසු දවසක - ඇයට පැබ්ලෝගේ පහස කෙතරම් සන්තෘප්තිය දනවන අත්දැකීමක් වූවාද යන්න කිසිවෙක් සඳහන් නොකරයි.

මහාචාර්ය සරත් චන්ද්රජීව පල කර ඇති පරිවර්තනයකට අනුව නෙරූදා ගේ වචනයෙන් කියන්නේ ඇය ඔහුගේ වචනයට, තෑගිබෝග වලට ප්රතිචාර නොදැක්වූ බවයි.

ඔහු ලියා ඇත්තේ "ඇය ඔහුගේ ග්රහනයට නතුව අවනතව කැඳවාගෙන යාමට ඉඩ දුන්" බවයි. පසුව නිරුවතින් පිලිමයක් සේ, ඇස් අයාගෙන ඔහුගේ සයනයේ වැතිර සිටි බවයි. එසේම මෙම සිදුවීම නැවතත් සිදු නොවූ බවද නෙරූදා කියා සිටී.

ලංකාවේ ගැහැණුන් බොහොමයක් සිය පෙම්වතා, ස්වාමියා, සමගද පිලිම සේ වැතිර සිටින බව බොහෝ විට අසා ඇත්තෙමි. ලාංකික පිරිමින් විදෙස් ගැහැණුන් ඇසුරට ප්රිය වන්නේ එම ගැහැණුන් යහනේදී "පිලිම" සේ නො-හැසිරෙන නිසාවෙනි.

බොහෝ මිනිසුන් අනෙකාගේ හැඟීම්, හැසිරීම් හෝ අවංකකම පවා දුර්වලකමක්, පහත් කමක්, ලෙස දකින්නට කැමතිය. එක් අතකට නමක් තබාගත් මිනිසෙකුට "පාපතරයා" යැයි කීම "තමුන් එසේ නොවන" බව කියා පෑමක්ද වේ.

යථාර්තය මෙසේ තිබියදී, ඇල්බොරාදා සිනමා සිත්තමෙහි, නෙරූදා පාපතරයෙකු, සල්ලාලයෙකු, ස්ත්රී දූශකයෙකු, ලෙස හංවඩු ගසා ඇත.

නෙරූදා යනු මනඃකල්පිත චරිතයක් වූවානම් අපට සිත හදාගන්නට හැකිය. නොඑසේනම් අඩු කුලේ ගැහැණිය මෙන් "නොවැදගත්, නමවත් නොදන්නා" කෙනෙකු වූවානම් " , එය තවත් සිදුවීමක් බව සිතා අමතක කට හෑකිය. නමුත් පැබ්ලෝ නෙරූදා ලෝ පතල කවියෙකි, සාහිත්යධරයෙකි, රාජතාන්ත්රිකයෙකි.

ඇල්බොරාදා චිත්රපටය කලාත්මක කැමරාකරනයක්ට බඳුන් වූ පොර්න් (porn) චිත්රපටියකට සමානකම් කියන බව ඇතැම් විට මට සිතේ.

පරසතු මල් හි ගාමිණි ෆොන්සේකාද, බැද්දේගම හි විජය කුමාරතුන්ග ද මේ හා යම් සමාන චරිත වලට පන පොවා ඇත.

එම චරිත සිනමාවේ දිග හැරෙන්නේ ප්රෙක්ශකයා උපේක්ශාවෙන් ඒ චරිත දෙස බලන ලෙස පමනක් නොව ප්රේක්ශකයා එම චරිත වලට වෛර නොකරන ලෙසය.එපමනක් නොව එම චරිත ප්රේක්ශකයාගේ "සැඟවුනු තිරිසනා" මතු කිරීමට වෑයම් නොකරයි.

නමුත් බොහෝ නෙරූදා නරඹන්නන් ස්ත්රී දූශකයන් කරනු ඇති බවත් එයින් කුණු, තිරිසන් රසයක් මතු කර ඇතිවා පමණක් නොව කලාත්මක කැමරාකරනයටද අසාධාරණයක් කොට ඇති බව මගේ හැඟීමයි.

නෙරූදා යනු සාහිතය සඳහා නොබෙල් ත්යාග ලාභී නිර්මාණකරුවෙකි. ඔහුගේ මරණයෙන් පසු පනස් වසරක් ඉක්මවා තිබියදී, එම නිර්මනාකරුවාගේ චරිතය මරා දැමීමට, ම්ලේච්ච දූශකයෙකු ලෙස හංවඩු ගැසීමට අපට සදාචාරමය අයිතියක් තිබේද?

සාහිත්යමය විවේචනය මත පමණක් පදනම්ව ඔහු ම්ලේච්ඡ ස්ත්රී දූෂකයෙකු කිරීම සාධාරණ ද?

ඔහුගේ චරිතය ඝාතනය කොට මරා දැමීමට හඳගමට සදාචරාත්මක අයිතියක් තිබේද?

 

@ සිරිමල් විජේසිංහගේ වෝලයෙන් උපුටාගෙන පලකෙරේ.

නවතම ලිපි