බිය හා අවධානම නුඹේ මනස අවුල් කලාද...

හරියට උරුහම් බාන සුළඟ උඹව බය කලා වගේ..

කෝප වූ බෝරියස් උගේ ඇහි බැම උස්සල

තරහින් උඹ දිහා බැලුව වගේ නෙවෙයිද..

මේ වගේ වචනෙන් වචනෙ ඇමිනූ..අපූරු ගැඹුරු කවිය දැකල සුසානා පුදුම වෙනව.

මේ තරම් සුමට වචන වලින් මේ වගේ ගැඹුරු අදහසක් දෙන්න කවි ලියන්න පුළුවන් කාටද.

“ෆිලිස් ඇත්ත කියපන් කෙල්ලෙ.. කොහෙන්ද උඹ මේක කොපි කරේ..?”

සුසානා වීට්ලි මේ ගෙදර ස්වාමි දුව.

මේ ගෙදර පුංචි මෙහෙ කාරිය ෆිලිස් වීට්ලි.

ෆිලිස්ට අවුරුදු දොලහයි.. ඇය අප්‍රිකානු වහලියක්.

“නෝනා මමයි ලීවෙ... වරදක් තියනව නම් සමාවෙන්න.. මං හිතල නෝනගෙ හිත රිද්දවන්නෙ නෑ කියල නෝන දන්නවනෙ”… පොඩි එකී බයෙන් උත්තර දෙනව.

සුසානා දන්නව පොඩි කෙලී බොරු කියන්නෙ නෑ කියල.

ඒත් මේ කවි පංතිය ග්‍රීක දේව සාහිත්‍යයේ ඉඳල ගැඹුරු ලතින් උදාහරණ දක්වා විහිදෙන කවියක්.

 

slave 3

කවුද මේ ෆිලිස්..?

මේ පුංචි කෙල්ල ඉපදෙන්නෙ දුප්පත් අප්‍රිකානු රටක් වූ ගැම්බියාවෙ. ඒ 1753 අවුරුද්දෙ ..

මේ කාලෙ වහල් වෙළඳාම ඉතාම ජනප්‍රිය ..ඒ වගේම මහා ලොකු මුදලක් පහසුවෙන් හම්බ කරගන්න පුළුවන් ව්‍යාපාරයක්. (හරියට අද දේශපාලනය වගේ ).

වයස අවුරුදු 8 දීම මේ දැරිවිගෙ අත් කකුල් වලට යකඩ දම්වැල් වැටෙනව.

ගෑනු පිරිමි සිය ගාණක් එක්ක අඳුරු නැව් කාමරේකට හිර කරනව.

බටහිර අප්‍රිකාවෙ ඉඳන් අළුත් ලෝකය.. එහෙමත් නැත්තං ඇමරිකාවට යන ගමණෙදි මේ අප්‍රිකානුවන්ගෙන් බාගයක්වත් දිවි බේරගන්නෙ නෑ. නමුත් මේ පුංචි එකීට ජීවත් වෙන්න පුළුවන් වෙනව.

1761 ජූලි 11 මේ නැව ලඟා වෙනව මැසචුසෙට් වරායට. ජීවත් වෙලා ඉන්න ලොකු මිනිස්සු මැද්දෙ මේ පොඩි එකීවත් විකුණන්න දානව වරායෙ ජැටියෙදිම.

සුසානා වීට්ලි ( Susana Wheatley) පොහොසත් ව්‍යාපාරිකයෙක්ගෙ බිරිඳක්.. තමන්ගෙ දරුවො දෙන්නට තනි රකින්නත්.. ගෙදර වැඩට උදව්වට ගන්නත් වහලියක් හොයමින් ඉන්න සුසානාට මේ අසරණ නිරුවත් කෙල්ල දැක්කම මිළදී ගන්න හිතෙන්නෙ දුක හිතුන නිසාමයි.

මේ අය ඇමරිකාවට කුදලන් ආපු නැවේ නම තමයි ෆිලිස්.. ඒ නිසයි මේ දැරිවිට ෆිලිස් කියන නම ලැබෙන්නෙ.

වීට්ලි නම ඇයට ලැබෙන්නෙ ඈව මිළදී ගත්තෙ වීට්ලි පවුල නිසයි.

බොස්ටන් නගරයේ සුවපහසු ජීවිතයක් ගත කරන ජෝන් වීට්ලි හා සුසානා වීට්ලිගෙ ගෙදර ෆිලිස්ගෙ ගෙදර බවට පත් වෙන්නෙ මේ විදිහටයි.

 

ිකැඩ්ර 1

 

මේ ගෙදර සුළු වැඩ පල කරන්න ගෙදර නෝනට උදව් වෙන එක .. නෝනගෙ දුවට තනි රකින එක.. කඩ පලට යන එක වගේ දේ තමා පොඩි එකීට පැවරෙන වැඩ.

සුසානගෙ දුව මාරියා තමයි ෆිලිස්ට අකුරු උගන්වන්නෙ.. මාස කීපයකින්ම ලියන්න කියන්න ඉගෙන ගන්න පොඩි කෙල්ල... ඉංග්‍රීසි.. ලතින් යන භාශා දෙකම කතා කරන්න පුරුදු වෙනව විතරක් නෙවේ මාරියාට වඩා හොඳින් හැම දේම මතක තියා ගන්නව.

අවුරුදු එකොලහ වෙදිදි බයිබලයේ ඔනෑම පරිච්චේදයක් මතකයෙන් කියන්නත්.. ගෙදර තියන ඉංග්‍රීසි සාහිත්‍ය පොත් එකක් නෑර කියවන්නත් එයාට පුළුවන් වෙනව.

ග්‍රීක හා රෝම ශිෂ්ඨාචාර ගැන මේ ලමය බොහොම උනන්දුයි. ප්‍රංශ ලිපි ගැට ගගහ කියවනව විතරක් නෙවේ මාරියාටත් උදව් කරනව ඒව තේරුම් ගන්න .

මෙන්න මේ අතරෙයි සුසානා දකින්නෙ මේ කෙල්ල ලියපු පලවෙනි කවි පංතිය.

ජෝන් ගෙදර එනකල් නොඉවසිල්ලෙන් ඉන්න සුසානා මේ කවි ජෝන්ට පෙන්වනව. බොස්ටන් නගරයේ බොහෝ උගතුන් ඇසුරු කරන් ජෝන්ට එක්වරම වැටහෙනව මේ කවි වල තියන වටිනාකම.

ඒ නිසාමයි එයා පහුවදා තමංගෙ මිත්‍රයන් එක්ක මේ ගැන කතා කරන්නෙ.

සුසානා උනන්දු කරනව මේ පොඩි කෙල්ලව කවි ලියන්න. මෙන්න මෙහෙමයි මේ අපූරු කවි කාරිය බිහි වෙන්නෙ.

නමුත් මේ වහල් කෙල්ලෙක්.. ලියන්න කියන්න අයිතියක් තියන කෙනෙක් නෙවේ.

මේ ගැන නගරෙ හැම තැනම කට කතා හැදුනත් ජෝන් සහ සුසානා උදව් කරනව ෆිලිස්ට ඉගෙන ගන්න.

අවුරුදු කීපෙකින් මේ කෙල්ලගෙ කවි හා අදහස් මැසචුසෙට් පුරාම ප්‍රසිද්ධ වෙනව.

මේ ගැන කෝප වුණු සුදු ජාතික අන්තවාදීන් පූජකයන්ටත්.. ඉහල නිළධාරීන්ටත් වාර්ථා කරනව ෆිලිස් කරන්නෙ කොපි කරන එක බවත් එයාගෙ මුළු කතාවම වංචාවක් බවත්.

එක් තැනකදි පූජකයන් හා දේශපාලකයින්ගේ නඩු විභාගයකට පෙනී සිටින්න මේ දැරිවිට සිද්ධ වෙනව.

අහන ප්‍රශ්ණ වලට සාහිත්‍යයෙන්ම උදාහරණ සහිතව උත්තර දෙන මේ ලමය විභාග මඩුල්ල පුදුම කරනව.

අන්තිමේදි මේ තරුණ දැරිවිගෙ ඇඳුම් ප්‍රසිද්ධියේ ගලවල නිරුවත් කරාට පස්සෙ තමයි මේ මිනිස්සු සෑහීමකට පත් වෙන්නෙත් .. මේ ඉන්නෙ දුප්පත් කළු කෙල්ලෙක් මිස මායාකාරියක් නොවන බවත් තේරුම් ගන්නෙත්.

 

slave 2

 

1772 වෙද්දි මේ තරුණ කෙල්ල කවි පංති විශාල ගාණක් ලියනව. ඇමරිකාවෙ අමුතු සමාජය මේ කවිකාරියට ඔළුව උස්සන්න දෙන්නෙ නැති බව තේරුම් ගන්න ජෝන් හා සුසානා එයාව ලන්ඩන් නුවරට පිටත් කරන්නෙ තමංගෙ පුතා වූ නතානියෙල් එක්කයි.

ස්වසන රෝගයකින් පෙළුනු ෆිලිස්ට ප්‍රථිකාර ලබාදීම මේ ගමනෙ තවත් අරමුණක්.

ඇගේ කවි ලන්ඩනයෙත් ජනප්‍රියයි.. ඒ නිසාමයි ලන්ඩන් සාහිත්‍ය සංගමය ජෝර්ජ් රජ්ජුරුවන්වත් මුණ ගැහෙන විදිහට උත්සවයක් සංවිධානය කරන්නත් ..එතනදි ෆිලිස්ගෙ පලවෙනි කවි පොත ප්‍රකාශයට පත් කරන්නත් කටයුතු කරන්නෙ.

ඒත් අවුරුදු විස්සක් වූ මේ වහල් කෙල්ල බය වෙනව ලන්ඩන් සමාජයට.. ඒ බය හා තැති ගැනීම හින්දම උත්සවය පවත්වන්න කලින් එයා ආපහු ඇමරිකාවට යනව කාටවත් නොකියාම.

දෙවනි වතාවටත් නොදන්න රටක .. අමුතු සමාජෙක තනිවීමේ වේදනාව දරාගන්න එයාට අමාරු වෙන්නෙ ඇති.

කොහොම හරි ඒ අවුරුද්දෙම නොවැම්බර් මාසෙ ෆිලිස් එයාගෙ පලවෙනි කවි පොත නිකුත් කරනව ඇමරිකාවෙදිම.

ඉතිහාසය.. විශ්වාසය.. හැඟීම් .. දේව සාහිත්‍ය වගේ බොහෝ විශයන් කැටිවුණු මේ කවි පොත බොහොම වටිනා නිර්මාණයක්.

මේ තමයි පලවෙනි කළු ජාතික කාන්තාව පොතක් ලියා පල කරපු.

දේශපාලකයන්.. කවීන්.. සාහිත්‍ය විචාරකයන් වගේ බොහෝ අයගෙන් ෆිලිස්ට සුභ පැතුම් ලැබෙනව..

ජෝජ් වොශින්ග්ටන් මහත්තයත් මේ අතර ඉන්නව.

නමුත් දුප්පත් කවියන් හා රචකයන් විතරයි දන්නෙ සුභ පැතුම් වලින් විතරක් ජීවත් වෙන්න බැරි බව.

“මේ අවස්ථාව එනකල් මං ජීවත් වීම ..මට ලැබුනු ලොකුම සතුට”.. මෙහෙම කියන්නෙ සුසානා. ඊට මාස කීපෙකට පස්සෙ සුසානා මිය යනව.

ඊටත් වසර දෙක තුනකට පස්සෙ ජෝන් මිය යනව. මේ දෙන්න නැතුව.. ෆිලිස්ගෙ පොත කොයිතරම් ජනප්‍රිය වුනත් ජීවත් වෙන එක ලේසි වැඩක් නෙවේ.

1779 දි ෆිලිස් විවාහ වෙනව ජෝන් පීටර් එක්ක.. එයත් බොහොම දුප්පත් කළු ජාතික කම්කරුවෙක්. බොහෝම අමාරුවෙන් ජීවත් වෙන මේ දෙන්නට ඉපදෙන දරුවො දෙන්නම මිය යන්නෙ මන්ද පෝශණය හා ඊට එක්වුණු ලෙඩ රෝග නිසා.

1784 දී පීටර් හොරකමට අහුවෙලා හිරේ වැටෙනව.

ඒ අවුරුද්දෙම .. ඒ කියන්නෙ 1784 දෙසැම්බර් පස් වෙනිද මේ අපූරු කිවිඳිය මේ ලෝකෙ අතෑරල යන්නෙ දුප්පත් කමත් බඩගින්නත් හින්දමයි.

ඒ වෙද්දි එයාට යන්තම් අවුරුදු 31 වුනා විතරයි.

Phillis Wheatley 1753- 1784

අදටත් මේ පුදුමාකාර ගැහැණියගේ කවි ලෝකය පුරාම ජනප්‍රියයි.

අප්‍රිකාවේ සිට ඇමරිකාවට..

ඇමරිකාවට සමුදීම..

චිත්ත රූප ... වගේ කවි පංති ඉතාම විශිෂ්ඨයි...

මේ දුප්පත් කෙල්ල බඩගින්නෙ මිය ගිය බව ඇත්ත.. නමුත් එයාගෙ කවි අමරණීයයි.. අදත් කවියන්ගෙ ලෝකෙ ෆිලිස් වීට්ලිගෙ නම ඇහෙනව.. එදත් හිටිය .. අදත් ඉන්න කපටි හා කටමැත දොඩවන දේශපාලකයන්ගෙ නම් ඉතිහාසයෙන් අතු ගෑවිලා යනව. නමුත් ෆිලිස් වගේ අය ගැන කවුරු හරි.. කවද හරි.. ආයෙත් දවසක ආදරයෙන් කතා කරනව.

ෆිලිස් වගේ කවියොත් එක්ක අහ්නාෆ් ජසීම් වගේ කවියො ගැනත් මිනිස්සු දවසක කතා කරාවි.

ෆිලිස්ගෙ පලමු කවි පංති වලින් එකක් ඉංග්‍රීසියෙන්ම පල කරන්නෙ මුල් නිර්මාණයට වෙන හානිය වලක්ව ගන්නයි.

විල්මා.. ටෙස්ලා.. රිචර්ඩ් විලියම්ස්.. ඕද්‍රෙ වගේ නම් අතරට තවත් නමක් එකතු වුනා.

On Virtue

O thou bright jewels in my own I strive…

To comprehend thee.

Thine own words declare..

Wisdom is higher than a fool can

reach.

I cease to wonder, and no more

attempt

Thine height t’explore, or fathom thy

 

@Malcolm Sang