රති දෙවොලේ ඇතුලාන්තය වෙත ගොස් ඉතිහාස රහස් දොර හැර බැලිය යුතුය.

සැබවින්ම රාගය ආලය සමග බැඳුණ දෙයක්ද?. නොවේ නම්, රාගය ආශාව සමග බැදී ඇත්තේද?. එසෙත් නැත්නම් රාගය කාමයේ ස්භාවය ද. මේ සියල්ලටත් වඩා රාගය සාමූහිකත්වයේ ප්‍රවේගය ද. 

මෙවන් දෑ ගැන ගැඹුරේම හිතූ බැලූ යුගයකට ලංකාව පත්ව තිබූ පසුබිමේ පණ්ඩුකාභය රජ වේ. ඒ පෙනීම දිශාගත කරන්නේ රති කෙළි දෙවොලය.                                                                                                                                            

රති දෙවොල ද මැදි කරගෙන අනුරාධපුර යුගය අරඹන විට බුදුන් වහන්සේගේ දහම ලංකාවට පැමිණ තිබුණි. ඒ සදහා ඇති සාක්ෂි අපමණය. 

බුදු දහම බුදුන් වහන්සේ විසින්ම රාජ්‍ය අනුහසින්ම පැතිර යන දහමක් නොවන සේ සංයුක්‌ත කොට තිබේ. දේව නිර්මාණවාදී ආගම් රාජ්‍ය බල අනුහසින්ම පැතිරේ. 

රාජ්‍ය බලය සදහා ආරෝපිත කර ගන්නට පෙර බුදු දහම පැතිර ගියේ අවබෝධය ඔස්සේය. එනම් ලෞකික සුඛස්වාදය විද ගත් සංතෘප්තයන් අතරය. මුල් බුදු සමය කියන්නේ සංතෘප්ත මිනිසුන් පමණක් දැහැන් ගත කරගත් දහමකි. මන්ද බුදු දහම කාමභෝගී ඉඳුරන් පිනවූ මිනිසුන්ට පමණක් ගෝචර දහමක්ය. බුදුදහම ආගමක් නොවන්නේ එබැවිනි. 

 

Wayama 4

 

ඒ අනුව බුදුන් වහන්සේගේ උපතින් සියවසකට පමණ පසුව අනුරාධපුර රාජධානිය බිහි වන්නේ ය. මෙලෙස අනුරාධපුර රාජධානිය බිහි වන්නේ බහු සරාගී ජීව ප්‍රබෝධයෙන් යුතු බහුජන ඒකාබද්ධතා වෙන් යුතු රාජ්‍යයක් ලෙස නැගී එමින් ය. 

මෙම බහුජන මුසුව සදහා හේතු වන්නේ ලංකාවේ පෙර තිබූ ස්වභාවයද?. නොවේ නම් සර්ව බලධාරී දේවත්වය බිඳ දමමින් බුදුන් වහන්සේ විසින් මිනිසා ස්වීය කල චින්තන ප්‍රවාහය ද. මේවා ගැන ගැඹුර සොයා බලන්න මගපාදන ලාංකික භූමිය රති කෙළි දෙවොලය. එය වඩාත් අපූරුවට ම දිස් වන්නේ රාග දෙවොලේ රති කෙළි තුළින්ය.

 රති කෙළි දෙවොල පිළිබද පුර්ණ විස්තරක්‌ අප සතුව නැත. උත්තරවිහාරවංශය සහ පරම්පරාපුස්තකය යන කෘති ද්විත්වයම අතුරුදහන් වීම නිසා එම ඉතිහාස වත අහිමි වී ගොස් ය. නමුත් මහාවංශය සහ දීපවංශය රති දෙවොල ගැන දක්වන තතු එම අඩුව පුරවාගෙන සිතීමට කරුණු ලබාදේ. 

මේ අනූව රාගය විපරිතයක්‌ නොව ජීව ක්‍රීඩාවක් බවටද පත්ව තිබූ එම යුගයේ පොදු සාමූහික වින්දනාත්මක ජීවිතය හමුවෙයි. ඒ ඔස්සේ රති සාමූහික විඥානය තුලින් රට තුළ ඇති කරගෙන තිබූ විවෘත භාවය ද පෙන්වයි. 

Wayama 1

 

රති කෙළි දෙවොල ගැන පස්වන සියවසේ ඉතිහාසඥයන් විසින් තබන වාර්තාවේ වටිනා තතු විත්තියක් ලේඛනගතව තිබේ. එනම් සමාන රාගමය හැඟීම්ය. සමාන රාගී හැඟීම් සහිත භාව චර්යාවන් ගැන කදිම තොරතුරක් මෙසේ මහාවංශය සහ දීපවංශයේ අනුරාධ නගරය සම්බන්ධ පරිච්ඡේදය ඔස්සේ අපට හමුවේ. 

එවිට හමුවන්නේ කිසිම භාව රාගයක් පිටමන් නොකල සමාජයකි. පිටමං කරන්නට කිසිවක් නැති විට ගැටුමක් නො වන බව සැබෑවක්ය. එසේ වූ සමාජයක් මහා සාර දැකීමකට සමීප විය ද හැකිය. 

බුදුන් වහන්සේගේ දහම පැතිරී යෑමට ලංකාව තෝතැන්නක් වන්නේ මෙම නිදහස්කාමී ස්වභාවය නිසා ද විය යුතුය. රාගය පහ කරගත් විට විරාගයේ අර්ථය මනාකොට වැටහේ. 

බෞද්ධ සදාර්ශනිකයන් දෙදෙනෙකු වූ ආචාර්ය පණ්ඩුල සහ අනුර ශාක්‍යසිංහ මුනිවරයා පණ්ඩුකාභයගේ ලාංකික රාජ්‍යයේ රාජ දාර්ශනිකයන් දෙදෙනා ය. මෙම දෙදෙනා විසින් ද එවකට රති දෙවොල අනුමත කළ බව පැහැදිලිය. මන්ද අනුරාධපුර නුවර නගර යාය අනුර ශාක්‍යසිංහගේ වාස්තුවිද්‍යා සැලැස්ම ය. 

අනුර ශාක්‍යසිංහ යනු බුදුන් වහන්සේ උපත ලැබූ ශාක්‍ය වංශයේ සාමාජිකයෙකි. එනම් බුදුන් වහන්සේගේ සුළු පියා වූ අමිතෝදන ශාක්‍ය සිංහයන්ගේ මුණුපුරා ය. 

මේ අනුව රති කෙළි දෙවොල දක්වා සබැදි බෞද්ධ චින්තනයේ නෑකම පැහැදිලිය. ඒ වාගේම පණ්ඩුකාභයගේ රාජ්‍යයේ ප්‍රායෝගික න්‍යායාචාර්ය වන්නේ චිත්‍රරාජ සේනාධි ය. චිත්‍රරාජ සොබාදහම පොදු මානව දැනීම් මත චිත්‍රණය කළ චරිතයකි.     

     Wayama 3         

මෙහිදී වඩාත් වැදගත් වන්නේ පණ්ඩුකාභය රජු ද චිත්‍රරාජ ද අතර බැඳීමය. මෙම දෙදෙනාගේ බැඳීම පිළිබඳ මූල වංශ ඉතිහාසඥයන් දක්වන නිරවුල් තතු විත්තිය ය . එනම් පණ්ඩුකාභය රජු ද චිත්‍රරාජ සෙනවි ද සමාන රාග බැඳීමෙන් අනුරාධපුර රති කෙළි දෙවොලේ සිදුකළ රති කෙළි චාරිත්‍රයන් ය.

 රාගය කාමුකත්වයක් නොව සරාගීම ය නිවීමක් කර ගැනීමට බෞද්ධත්වය විසින් මගපෙන්වා දේ. මේ සඳහා යටපත් කිරීම නොව අවබෝධමය දැක්ම බුදුදහමෙහි පෙන්වා දෙන මාර්ගය  ය. මෙම මාර්ගයට මාර්ග සිතියම ලෙස රති කෙළි දෙවොල භාවිතා වූවා ද විය හැකි ය. මෙය මහා සංස්කෘතිකමය ජනතා ආදර්ශයක් සේ මතු කිරීමට ගත් උත්සාහයක් මේ තුළින් පෙන්වයි. 

අනුරාධපුර රති කෙළි දෙවොලේ කාම සැණකෙළියේ සමසුන් දරන්නේ පණ්ඩුකාභය සහ චිත්‍රරාජ ය. පණ්ඩුකාභය ද චිත්‍රරාජ ද රති දෙවොලේ සමසුනේ රාග පහන් සුව විඳ ගත් බවට ඇති මූල සාක්ෂිය මෙය ඔප්පු කිරීමට ඇති කදිම මූලාශ්‍රය යි. සැබැවින්ම පුරුෂයන් දෙදෙනෙකු රාග පහන් සුව සමසුන් දරන්නේ කෙසේද.

මහාවංශය දීපවංශය එම මුල් කෘති ලෙස ම භාවිතාවට ගැනීමක් නැති තරම්ය. පාලි භාෂාවෙන් රචිත මෙම කෘති දෙකම අද භාවිතාවට ගන්නේ එහි මුල් කතුවරුන්ගේ භාෂිතයෙන් නොවෙයි. එම කෘති මත ලියන ලද අර්ථකථන අටුවා හෝ අනුවර්තන පරිවර්තන ඔස්සේය. 

එම සියලු පසු කියවීම් වලින් රති කෙළි දෙවොල වගේම පණ්ඩුකාභය රජුගෙත් චිත්‍රරාජ සේනාධි ගෙත් සමසුන් පහන් රාගය යටපත් කොට ඇත. දන්නා බොහෝ අය ද මෙය නොදන්නා සේ සිටි. මන්ද රාග විරෝධියකු සරාග විරෝධියකු වීම සැබෑ සිංහලයෙකු බෞද්ධයෙකු වීම බවට අද පත්කොට ගෙන ඇති නිසාය.

 මෙතරම් ශාස්ත්‍රීය දත්තයක් පවා අශාස්ත්‍රීය ලෙස යටපත් වී යන්නේ මෙතරම් නූතනවාදී සමාජයකය. ගැටලුව කියන්නේ නූතනවාදය කියමින් නූතනවාදීන් තනන්නේ  ඉතිහාසය අතීතකාමී කියන්නටය. 

මේ සියල්ලට ම නූතන වන්නට රති දෙවොලේ කෙළි සෙල්ලම් අතරට යා යුතුය.

 පණ්ඩුකාභය, චිත්‍රරාජ රති කෙළි දෙවොලේ රති සැණකෙළියහි සමසුන දරමින් ගොතා ඇත්තේ ඒ ඓතිහාසික භාව රාග වියමනය.                                            

    

@ Theleader.lk