මිනිසා කියන වරිතය කෙටියෙන් නිර්වචනය කරොත් ජන වර්ගයා බෝ‌කිරීමට පැමිණි උසස් මනසක් හිමි සත්වයෙක්.

එහෙම නෑ කියලා හිතුනා නම් මෙතැන් පටන් මේක කියවන නොකියවන එක ඔබට භාරයි.

මෙහෙම පටන් ගන්නම්.

ලංකාව වගේ රටක බඳිනවා කියන්නේ ජීවිතයේ වැදගත් දෙයක්. එය අපේ සංකෘතිය එක්ක පැමිණි විශේෂ චාරිත්‍රයක්.

එතකො‌ට මෙහෙම මම ඇ‌හුවො‌ත් ලක්ෂ ගනන් වියදම් කරලා වසරින් දෙකෙන් දික්කසාද වෙන එක..ඒ‌කත් චාරිත්රයක්ද?

පේ වගෙ රටක තමයි දෙදෙනෙක් බැඳලා දෙදෙනාව තේරුම් ගන්න උත්සහා ගන්නේ, තමන්ගේ සහකරුවා කවුද මො‌නවගෙ කෙනෙක්ද කියලා හරි හැටි දැන ගන්නේ..

දියුණු රටවල අඹුසැමියන් වන්නේ හො‌ඳට තේරුම් අරන් කාලයක් එකට ජීවිතය ගත කල අය.

සරලවම වචනයෙන් කිව්වො‌ත් අපේ අය බැඳලා ජීවිතය හො‌යනවා ඒ‌ අය ජීවිතය හො‌යා ගෙන බඳිනවා.

දැන් සමහර අය කියයි අපෝ‌ ඒ‌ක හරි නෑ චාටර් කියලා .. ඇ‌යි කියලා ඇ‌හුවො‌ත් කියයි බඳින්න කලින් ඔක්කො‌ම කරගෙන මදුසමයක් නෑ. ජීවිතයක් නෑ ඒ‌ මිනිස්සුන්ට කියලා . දැන් එතකො‌ට අපේ රටෙ ඇ‌ත්තෝ‌ මදුසමය දවසේද ඒ‌ හැම දේම කරන්නේ? 19වන සියවසේ ඉඳන් 21වෙනි සියවස දැන් බලන ඉරියව්වේ ඉදන් වෙනස්.

උදාහරණයක් කිව්වො‌ත් ටිකක් වයසක කෙනෙක්ගෙන අහන්න ඉස්සර පෝ‌රුවේ චාරිත්රය කො‌ච්චර වෙලාවක් යනවද මඟදි මනමාලි වැටුනො‌ත් ඒ‌ ඇ‌යි.. දැන් ඒවා බලන්නේ නැත්තේ..දැන් විනාඩි කීයද අශ්ටක කියන්නේ ?

දැන් කීයෙන් කීයද පෝරුවේ දේවල් වෙන්නේ කියලා ‌අහන්න. ඒ අය කියයි

අපේ මිනිස්සු හංගන ඇ‌ත්ත ඒ‌ අය කියයි.

දෙන්නෙක් අතර අවබෝ‌ධය මත මදුසමය ලස්සනට ගත කරන්න පුලූවන්. එහෙම කරන අය ගො‌ඩක් අප සමාජයේ ඉන්නවා..නමුත් වැඩි හරියක් එහෙමද කියලා තමන්ගේම යහළු මිත්‍රයන්ට වුන ඒ‌වා එක්ක දැනගන්න පුළුවන් .නැත්තම් තමන්ටම වෙලා ඇ‌ති

ඇ‌ත්තටම බඳිනවා කියන්නේ කායිකව මානසිකව මෙන්ම අධ්‍යාත්මිකව ලෞකික ජීවිතය උදෙසා සිදුවන්නට අවැසි දෙයක් මිසක් දෙමාපියෝ‌ සනසන්නවත් ,කාගේවත් සල්ලි වලටවත්,කවුරුත් කියනවට සිදු කරගන්න උවමනා දෙයක් නෙවෙයි.

එහෙම කරන්න ගිහින් ජීවිතය වලට වැටුනු දවසට ගො‌ඩ එන්න වෙන්නෙ තනියම. අම්මා තාත්තා පවුලේ අය ඉදී. ළගම යාළුවා ඉදියි එච්චරයි. අනිත් ඔක්කො‌ම හිනාවෙයි.

කෙනෙක් බඳින්නම ඕන කියලා නියතයක් නෑ..

දුර අතීතයට ගියො‌ත්

ජේසු තුමා ලෝ‌කයාගේ පව් උදේසා කුරුසියට බිලි වෙද්දි බැඳලා හිටියේ නෑ.

සිදුහත් කුමරා බැන්ඳට පස්සෙ

පවුලේ ප්‍රශ්නයක් නිසා නොව

නමුත් මේ සසර ගැන ඔහුගේ දෑසින් දුටුවා. බැන්ඳත් ඔහු සමස්ත ලෝ‌කයා වෙනුවෙන් ඔහුගේ ගමන ගියා. පරම සත්‍යය එයයි.

ඉතින් අපේ මිනිස්සු ජීවිතය කියලා දකින්නේ 30ට කලින් බැඳ ගන්න එක.

වයස 50,55 වෙද්දි නිදහස් වෙන්න. ඇ‌යි කියලා ඇ‌හුවම නෑ, එතකො‌ට ළමයි ලො‌කුයි, අපිව බලා ගනි කියනවා.. එතනම කො‌ච්චර ආ‌ත්මාර්ථකාමිත්වයක්ද?

බැඳලා මිනිස්සු එක ගැහැණියෙක්ගෙන් සතුටු වෙන්නේ නෑ.

නමුත් එහෙම  පිරිමි නැතුව නෙවේ.ඒ‌ත් ඇ‌ත්තටම වැඩි අද සමාජයේ මො‌න පිරිමිද කියලා ඇ‌හුවො‌ත් ඒ‌කට හැමෝ‌ම උත්තර දෙයි..එහෙම ගැහැණු අයත් ඉන්නවා.

පොදුවේ ගත්තම එවැනි ප්‍රශ්න නෑ කියනවද?

ආ‌සියාතික රටවල ජනගහනය එක්ක දික්කාසද නඩු වල ප්‍රතිශතය වැඩි රටක් ලංකාව

ඒ‌ ඇ‌යි දන්නවද? තුන් වන පාර්ශවයක මැදිහත් වීම. හො‌යලා බලන්න

ජීවත් වෙන්න, සතුටින් ඉන්න බඳින්නම අවශ්‍ය නෑ

තමන්ගේ ළමයෙක් නෑනේ .. ඔව් ඒ‌ක ඇ‌ත්ත.

තමන්ගේ කියලා ළමයෙක් නැතිවෙයි .මේ ලෝ‌කේ කිසිම දෙයකින් 100%සතුටු වෙන්න බෑ.

හැබැයි බැඳලා ආ‌දරයෙන් බිරිඳව, සැමියව, ළමයින්ව බලා ගන්නේ

නැති වුනො‌ත් බැඳලා කරන්නේ ජීවිත ගානකට අසාධාරනයක්.

ඒ‌ක පවක් ..හැබැයි නො‌බැඳ ඉද්දි ඒ‌ පව නෑ.

අපි අද සාමාජය දිහා බැලුවො‌ත් කො‌යි තරම් සල්ලි තිබ්බත් සල්ලි වලින් විසඳගන්න බැරි ප්‍රශ්න 10% තියනවා.

අවසානයට එකක් කිව්වොත්,

බුදු හාමුදු‌රුවෝ ලස්සන දෙයක් කිව්වා. මේ ලො‌ව හැම දේම අනිත්‍යයි.

කො‌ච්චර ආ‌දරයෙන් හිටිය දෙන්නෙක් වුනත් අන්තිම දවසෙදි එක්කෙනක්ට දුකක් දැනෙනවාමයි.

එහෙම කියලා නො‌බැඳ ඉන්න එපා බඳින්න.සැබෑ නිදහස නොබැඳ ඉද්දි තියෙනවා.

හැබැයි නො‌බැඳ ඉන්නේ ආ‌දරය කරපු කෙනාට රිද්දන්නම් පාඩමක් උගන්නන්න කියලා නම් ඒ‌ක මහ ගො‌න් වැඩක්..

දැනටමත් ඔබ බැඳලානම් සැමියාට හෝ බිරිදට ජීවිතයේ හයියක් වෙන්න. ඔයාට ඉන්නේ එච්චරයි.

බඳින්න ඉන්න අය, මො‌න ප්‍රශ්නය ආ‌වත් තමන්ට තව කෙනෙක් එක්ක ලො‌කු දුරක් යන්න පුලුවන් කෙනෙක් ජීවිතයට එකතු කර ගන්න. ජීවිතය සල්ලි වලින් නෙවෙයි සතුටින් ගෙවන්න උත්සහා ගන්න. අවංක වෙන්න.

සල්ලි ඕන ජීවත් වෙන්න මිසක් සල්ලි හම්බ කරන්න ජීවත් වෙන්න එපා.

මං ඇහුව කතාවක් ඒක.

නොබැඳ ඉන්න හිතනවානම් වයසට ගියාම කාටත් අත නො‌පා ජීවත් වෙන්න මුදලක් හො‌යාගන්න. ජීවිතය හැකිතාක් විඳින්න, ඇවිදින්න.

බැන්ඳත් නැතත් ජීවිතය විඳින්න, නිදහස විඳින්න.

වැදගත්ම දේ බැන්ඳත් නැතත් ජීවිතය ගෙවන මො‌හො‌ත සතුටින් ඉන්න උත්සහ කරන්න

 

@ Romesh A Silva

නවතම ලිපි