මානව ප‍්‍රතිශක්තිය කඩා බිඳ දමන බටහිර ආහාර


හොදින් ක‍්‍රියාත්මක වන ප‍්‍රතිශක්තිකරණ පද්ධතියක පැවැත්ම මානව නීරෝගීභාවය සඳහා ඉතාවැදගත් වෙයි. ප‍්‍රතිශක්තිකරන පද්ධතිය නිරන්තරයෙන් අවදියෙන් සිටිය යුතුය. එය දුර්වල වීම, වැරදි ලෙස ක‍්‍රියාත්මක වීම, එසේත් නැතිනම් මංඥං වීම බරපතල විපාක සඳහා හේතු වෙයි. ප‍්‍රතිශක්තිකරණ පද්ධතියේ මනා පැවැත්ම තහවුරු කිරීම සඳහා නිසි පෝෂණයත්, නිවැරදි ආහාර සහ චර්යා රටාවනුත් බලපානු ලබයි. 

 

බටහිර ආහාරය, මානව ප‍්‍රතිශක්තිකරණ ක‍්‍රියාකාරිත්වයට බලපාන යාන්ත‍්‍රණයන් විස්තර කිරීම සඳහා සිදු කෙරුණු පර්යේෂණවල ප‍්‍රතිපල ඇත්තෙන්ම අප සංතාපයට මෙන්ම සංත‍්‍රාසයට ද පත් කරවන සුලූවෙයි. පිරිපහදු කළ තිරිගු පිටි, කිරිපිටි, සීනි, ලුණු සහ මේදය අධික ආහාර අධික ලෙස ගැනීමෙන් සිදු වන හානිය හා ඒවායේ යාන්ත‍්‍රණයන් මෙන්ම කෘතිම රසකාරක, වර්ණක, කල්තබා ගැනීමේ ද්‍රව්‍ය ඇතුළු කෘත‍්‍රිම ආහාර ආකලන සහ අධික ලෙස කෘෂි රසායනික ද්‍රව්‍ය යෙදූ ආහාර, ජානමය වශයෙන් වෙනස් කරන ලද ආහාරවල බලපෑම පිළිබඳව අධ්‍යයනයන් රාශියක් සිදු කර ඇත.


මෙම ආහාර වලින් මානව පෝෂණයට මෙන්ම, ප‍්‍රතිශක්තිකරණ පද්ධතියට සිදුවන බලපෑම් පිළිබඳ විද්‍යාත්මක සාහිත්‍යය තුළ බොහෝ දේ සාකච්ඡා කෙරී ඇත. සත්ව හෝ පෙට්රි දීසි මත සිදු කෙරුණු පර්යේෂණවලින් ඔබ්බට ගිය මිනිස් අත්හදා බැලීම් ඔස්සේ සිදු කෙරුණු පර්යේෂණ ද බොහෝ ප‍්‍රමාණයක් ඇත.

ආන්ත‍්‍රික ක්ෂුද්‍ර ජීවීන් කෙරෙහි ඇති කරන ආහාරමය බලපෑම සහ අපගේ දුර්වල ආහාර තේරීම් අපගේ ආහාර මාර්ග පද්ධතියට සහ ජාන තුළට කේතනය කර අපගේ අනාගත දරු පරපුරට ලබා දෙන මහ භයානක අපල උපද්‍රවයයන් පිළිබඳව විද්‍යාඥයින්ගේ පුළුල් අවධානය යොමු වී තිබෙනවා.  

 

corona 800 563


වර්තමාන අපගේ නවීන ආහාර වේලෙහි ක්ෂුද්‍ර හා සාර්ව පෝෂ්‍ය පධාර්ථවල ඌණතාවයන්, අධික කැලරිප‍්‍රමාණය සහ අපගේ ආහාර වේලට සංයුක්ත කරණු ලබන කෘත‍්‍රිම රසායනික සංගටක සියල්ලම පාහේප‍්‍රදාහය වැඩි කිරීමට, ඔක්ෂිකාරක ආතතිය වැඩි කිරීමට (මුක්ත ඛණ්ඩක ප‍්‍රහාර වැඩිකිරීමට*, වසංගත රෝග ආසාදන පාලනය අඩු කිරීමට, පිළිකා සහ අනිකුත්බෝ නොවන රෝග වැළදීමට සහ ආසාත්මිකතා රෝග අවදානම වැඩි කිරීමට හේතු විය හැකිබව විද්‍යාත්මක අධ්‍යයනයන් ඔස්සේ තහවුරු වෙයි.  


වැරදි ආහාර පුරුදු

 

බටහිර ආහාර වේලට අපගේ ප‍්‍රතිශක්තිකරණ පද්ධතිය දක්වන ප‍්‍රතිචාරය, භයානක බැක්ටීරියා ආසාදනයට එරෙහිව ප‍්‍රතික‍්‍රියා කරන ආකාරය හා සමාන වන බව, පර්යේෂණ මගින් සනාථ වී තිබෙනවා. ජර්මනියේ බොන් විශ්ව විද්‍යාලය විසින් මෙහෙයවන ලද එවැනි පුලූල් පර්යේෂණයක වාර්ථාවක් සෙල් සඟරාවේමෑතක දී පළ කෙරී තිබිණ.

 

corona 3 800 563



ව්‍යාධිජනක ක්ෂද්‍රජීවියකු අපගේ ශරීරයට ඇතුලූ වූ වහාම ඒ බව අපගේ ශරීරය තුළ ආරක්ෂක යාන්ත‍්‍රණයවන ප‍්‍රතිශක්තිකරණ පද්ධතිය විසින් හදුනා ගනු ලබනවා. ඉන් අනතුරුව එකී විෂබීජවලට එරෙහිව අපගේ ප‍්‍රතිශක්තිකරණ පද්ධතිය සුවිශේෂි ක‍්‍රියාදාමයක් ඔස්සේ සටන් කර අදාල විෂබීජය විනාශකර දමනු ලබයි. 


ඉහළ නරක මේද හා අධික කැලරි සහිත, අඩු කෙදි අන්තර්ගතයක් සහිත සහ ක්ෂණික කෘත‍්‍රිම ආහාරයකට අපගේ ප‍්‍රතිශක්තිකරණ පද්ධතිය බැක්ටීරියා ආසාදනයකට සමාන ලෙස ප‍්‍රතික‍්‍රියා කරන බව මෙම අධ්‍යයනයන් මගින් පෙන්නුම් කර තිබෙනවා.  සෞඛ්‍ය සම්පන්න නොවන ආහාර දිගු කාලීනව ශරීරයේ ආරක්ෂාව වඩාත් ආක‍්‍රමණශීලී ලෙස වෙනස් කරන බවත්, දුර්වල කරන බවත් පෙන්නුම් කර ඇත.

මෙම බලපෑම,කෙනෙකු සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් වෙත මාරු වීමෙන් බොහෝ කලකට පසුව වුව ද වෙනසක් නොවි පවතින බව සොයා ගෙන තිබෙනවා. මෙම තත්ත්වය නිතර නිතර ආසාදන රෝගවලට ගොදුරුවීමසහ කල්යාමේදී හෘදවාහිණී පද්ධතිය ආශ‍්‍රිත රෝග, දියවැඩියාව සහ පිළිකා වැනිබරපතල රෝගාබාධ අඩු වයසින් වැළදීම සදහා ද හේතු වෙයි.

 

corona 4 800 563

මහා බ්‍රිතාන්‍යයේ කීර්තිමත් ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයකු වන ස්ටිව් රයන් මහතා (Pediatrician, Dr. Steve Rayan) වරෙක පැවසුවේ ”වර්ථමාන පරම්පරාව වනාහි තම දරුවන්ගේ සොහොන් කොත්වල පහන් දල්වන පරම්පරාව” බව ය.  කණගාටුවට කරුණ නම්, බටහිර රටවල්වල මෙන්ම මේ වන විට ලංකාවේ දෙමවුපියන් ද ඒ බිහිසුණු, ශෝචනීය අත්දැකීම අත් දකිමින් සිටීමය. 


අධ්‍යාපනයෙන් නිසිපෝෂණය පිටමන් නොකළ යුතුය.


විශේෂයෙන් මනුෂ්‍යය ජීවිතයේ වැදගත් සංවර්ධනකවුළු වන ළමා සහ නව යොවුන් වියේ දී ඔවුන්ට ලබාදෙනු ලබන ආහාරවල බලපෑමේ විෂය පථය මානව, සමාජ ආර්ථික සහ අනාගත පරම්පරාවේ තිරසර පැවැත්ම උදෙසා කරනු ලබන අති විශාල කාර්යභාරය සුලූකොට තැකිය නොහැක. එහෙත් වැරදි ආහාරවලින් වැළකී සිටීම සහ ඒවා ලබා ගැනීම සීමා කිරීම පිළිබදව බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වන්නේ හෘද රෝගයක් හෝ දියවැඩියාව වැනි බරපතල රෝගාබාධයකින් මණුෂ්‍ය ජීවිතය මුලූමනින්ම බිද දැමුණු පසුවය. නමුත්, වැරදි ආහාර සහ පෝෂණය පිළිබද මනුෂ්‍ය අවදානය ඊට බොහෝ කාලයකට පෙරාතුව එනම් අපගේ දරු පැටවුන්ගේ අවදියේදීම යොමු විය යුතු කාරණාවක් බව අවධාරණය කළ යුතුව ඇත.

සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක අත්තිවාරම දැමිය හැක්කේ කුඩා අවදියේ දීය. එබැවින් වර්ථමාන අධ්‍යාපන ක‍්‍රමය තුළ සෞඛ්‍ය සම්පන්න ආහාර සහ නිසි පෝෂණය සදහා ලබා දී තිබෙන අඩු තැන වෙනුවට අතිශයින්ම ප‍්‍රමුඛ ස්ථානයක් ලබා දිය යුතුව තිබෙන බව, ඉහත කී අධ්‍යයනයට සහභාගි වූ බොන් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය අයිකේ ලැට්ස් (Prof. Eicke Latz) අවධාරණය කර තිබෙනවා.

 

 corona 5

 

 

හිරු, සඳු, තාරකා, මහ පොළොව, ගස්-වැල්, මී මැස්සන්ගේ පහස නොලද, ස්වභාවිකත්වය මුලිනපුටා දැමූ ආහාර රටාවක් වසංගතයක්ව මිනිසා ගිළ ගෙන පැතිර යමින් තිබේ. මේ විෂම ආහාර රටාව දෛනිකව උග‍්‍රවෙමින් පවතින,හීන් සීරුවේ අපව මරණය කරා ගෙන යන,බත් කනවාට වඩා බෙහෙත් පෙති ගිල දමන තත්ත්වයකට අපව පත් කර ඇත.


පෝෂණ විෂමතාවයන්ගෙන් සහ ඌණතාවයන්ගෙන් යුතු, අපගේ ජාන නොහඳුනන බටහිර පන්නයේ වැරදි ආහාර ජනතාව බදා වැළඳගෙන ඇත්තේ ඒවායේ අවදානම පිළිබඳ නොදන්නා කම නිසාවෙනි.

අපගේ ජාන වලටම පත්තියම් වූ ස්වභාවික ආහාර වල වටිනාකම,ගුණ මහිමය සහ ඒවාට ආවේනික නිසි සුරක්ෂිත ඉහුම් පිහුම් ක‍්‍රම පිළිබඳ නොදන්නා කම නිසාවෙනි. අනෙක් අතට එවැනි යහපත් ආහාර පහසුවෙන් ලබා ගැනීමට ක‍්‍රම නොමැති වීම නිසාය.

එක් අතකට වැරදි ආහාර පරිභෝජන රටාවත්, ඒවායේ ආදීනව පිළිබඳවත් පුළුල් සාකච්ඡාවක් රට තුල ඇති කර ගත යුතුව ඇත. අප ඇබ්බැහිවී තිබෙන නාස්තිකාර සහ වැරදි ආහාර සඳහා ගෙවත්තෙන් සපයා ගත හැකි විකල්ප ආහාර පානාදිය සහ එම ආහාර පානාදියෙහි මාහැගි පෝෂණ සහ රෝග නිවාරණීය ගුණයන් පිළිබඳව පුළුල් සාකච්ඡාවක් ඇති කිරීම තවත් අතකින් සිදු විය යුතුව ඇත.

එමෙන්ම හිතකර ආහාර සුලභ කිරීම සහ ඒවා නව්‍ය සහ පහසු ක‍්‍රම ඔස්සේ ජනතාවට සැපයීම සදහා වන ක‍්‍රමවේධයන්ද රට තුල ස්ථාපනය කළ යුතු වෙනවා.

 

corona 6 800 563

 


පරිසර හිතකාමි සහ යහපත් වගා ක‍්‍රමවේදයන් සඳහා වන නවීන ක‍්‍රම ශිල්ප සහ තාක්ෂණික දැණුමින් ගොවීන් ඇතුලූ ජනතාව දැණුම්වත් කිරීම සහ එවැනි භාවිතාවන් සඳහා ක‍්‍රමවේද සකස් කොට ඒ ඔස්සේ් අපේ ගොවියාත්, ගොවිතැනත් ක‍්‍රමාණුකූලව වස විසෙන් ගලවා ගැනීම තවත් අතකින් සිදු විය යුතුව ඇත. අපේ දරුවන් අඩුවයසින් රෝගීන් , අබලයින්, දුබලයින් වීම වළක්වා ගැනීම සඳහා අන් විකල්ප නැත.



ගැමුණුසාලිය පෙරේරා
මහජන සෞඛ්‍ය පරීක්ෂක
දෙහිවල ගල්කිස්ස මහා නගර සභාව

නවතම ලිපි