පෙර-දැක්ම - (අනුර කුමාර දිසානායකට විවෘත සංවාදයකට ඇරයුම්.)

චෙස් බෝඩ් එකක චෙස් ක්‍රීඩාකරන්නට වෑයම් කරන ප්‍රාථමික අවදියේ දී අපි අවධානය යොමු කරන්නේ අදින ලද ඉත්තා සහ කැපෙන ඉත්තා දෙස විතරයි. ඒ මුල් අවදියේදී අපි චෙස්-බෝඩ් එක දිහා බලන්නේ කොහොමහරි “තව මොකෙක් හරි විරුද්ධ ඉත්තෙක් කපා ඉවත් කරන්නේ කොහොමද” කියන පටු අරමුණ ඇතිව විතරයි. ඒ කියන්නේ සමස්ත(Totality) චෙස් බෝඩ් එකෙන් අවයවක්(Part) ගැන විතරයි අපි අපේ හිත වෙහෙස කරවන්නේ. 

ඉතිං දෙපැත්තේ ම ක්‍රීඩා කරන්නේ “ගෙවෙන මොහොතේ අවයවය” ගැන විතරක් හිතා කටයුතු කරන “වන් ට්‍රැක් මයින්ඩ්” දෙන්නෙක් නම් එහි ගැටළුවක් ඇතිවන්නේ නැහැ. මොකද දෙන්න ම එක ම බෝට්ටුවේ නිසා. මොකද දෙන්න ම කොටුවක් ඇතුළෙ හිතන්න සහ ජීවත්වෙන්න පුරුදු වෙච්ච මනුසත්තු දෙන්නෙක් නිසා. අවයවයන් වන නිසා.

ඒත් දෙන්නගෙන් එකකෙනක් හරි මුළු බෝඩ් එකේ යථාව වන සමස්තය(Totality) දිහා බලල ගේම ගහන්න ගත්තොත්, අවයවය ගැන විතරක් හිතමින් ගේම ගහන කනා දිගින් දිගට ම පරදින්න ගන්නවා. හරියට 1994 ඉඳන් 2022 වෙනකම්  අවුරුදු 18ක් තිස්සේ ජවිපෙ පැරදි පැරදි කල්මැරුව වගේ. පැරදිච්චකම පැත්තක තියල, මං කැමතියි මං මේ කියන “සමස්තය” සහ “අවයවය” ගැන හිතේ කහටක් නැතුව අනුර කුමාර දිසානායකත් අදහසක් පලකරනව නම්. 

 

Anura Kumara Dissanayaka3

අනුර කුමාර දිසානායක

මොකද මගේ කල්පනාවෙ හැටියට, අද ලකේ තියෙන ප්‍රධාන දේශපාලන ප්‍රශ්නය වන්නේ, ලකේ සමහර දේශපාලන පක්ෂ, කල්ලි සහ කණ්ඩායම් විසින් “සමස්තය” තියෙන්නේ රට ඇතුළෙ විතරයි කියල හිතද්දී, ඉතා සුළුතරයක් වූ දේශපාලන පක්ෂ, කල්ලි සහ කන්ඩායම් කිහිපයක් සමස්තය තියෙන්නේ රටින් පිට සහ ලක ඒ සමස්තයේත් මාජිනල් වෙච්ච අවයවයක් විතරයි කියල හිතන්න තරම් බුද්ධිමත් වෙන එක. මේ ප්‍රතිපක්ෂය රටක් තුළ නිරෝගී දේශාපලනයකට අහිතකරයි. මොකද සමස්තය තියෙන්නේ රට ඇතුළෙ කියල හිතන එක අගතියක්. සමස්තය ගෝලීයයි කියා හිතන එක යථාව අවබෝධ කරගැනීමක්. යථාව අවබෝධ කරගත් පාර්ශවය බලවත් වෙනවා. එතකොට අර යථාව මිස් වෙච්ච ජාතික සෙට් එකට ඒක බලවත් අසාධාරණයක්. මගේ අනුදැනමුට අනුව අනුර කුමාර විහින් අසාධාරන්‍යට ලක් වෙච්ච නායකයෙක්.   

ඉතින් මේක කියවන උදවිය හින්න ඕන දේවල් දෙකක් තියෙනව. එකක් මේ ගෙවෙන යුගයේ දේශපාලනයෙන් අවංකව සේවයක් කරන්න බලන් ඉන්න දේශපාලන නායකයෙකුට සමස්තය තියෙන්නේ ගෝලීයව කියල තෙරුම් යාම ඒ රටට ආශිර්වාදයක්. මොකද යථාව තේරුම් ගන්න හැකියාව තියෙන්න ඕනි අවංක නායකයෙකුට විතරයි. එයා අවංක යථාවාදී නායකයෙක්. 

එහෙම නායකයෙක් ගලක් වගේ දැඩි, වතුර වගේ පැහැදිලි, අහස වගේ විවෘත පෞර්ෂයක් කියල කියමනක් තියෙනව!

නැත්තං හිතන්නකෝ, දේශපාලනය තුළ වංක නායකයෙකුත් “සමස්තය තියෙන්නේ ගෝලීයවයි” කියන යථාව තේරුම් අරන් ඉන්නව කියල. එතකොට ඉතිං සතුරාට ආයුධය ලැබුණා වගේ වැඩක් තමයි වෙන්නේ.  මොකද එයා යථාවාදී වුණාට වංක නායකයෙක්. 

දැන් මේකෙ ප්‍රතිපක්ෂය හිතන්නකෝ ජනතාවෙනි. 

මේ ගෙවෙන මොහොතේ දේශපාලනයෙන් අවංකව සේවයක් කරන්න බලන් ඉන්න නායකයෙකු සමස්තය තියෙන්නේ රට ඇතුළෙ විතරයි, රටෙනුත් ගම ඇතුළෙ විතරයි කියල හිතීම රටට සාපයක්. මොකද ඉන්න එක ම  නායකයාත් යථාව තෙරුම් නොගත් තත්වයක නම් ඉන්නේ, එයා අවංක මෝඩ නායකයෙක්. නැත්තං හිතන්නකෝ, දේශපාලනය තුළ වංක නායකයෙකු සමස්තය තියෙන්නේ රට ඇතුළෙ විතරයි කියල තේරුම් අරන් ඉන්නව කියල. එතකොට ඒක අවංක නායකයට ලෙහෙසියක්. 

 

Anura Kumara Dissanayaka4

ඔයා කවුද අනුර කුමාර?

අවංක නායකයෙක් ද? වංක නායකයෙක්ද?

අවංක යථාවාදී නායකයෙක්ද?, වංක යථාවාදී නායකයෙක් ද?

අවංක මෝඩ නායකයෙක්ද?, වංක මෝඩ නායකයෙක්ද?

දැන් රනිල් සමස්තය(Totality) රටේ ඇතුළෙ නෑ කියල පිළිගන්න බව පැහැදිලියි. එයාගෙ වරද ලංකාව ඒකෙ අවයවයක්වත් නෙවෙයි කියන තරමට අන්තෙට ම ගිහින් පක්ෂේවත් හරියට සංවිධානය කරගන්නේ නැතිව ඉන්න එකයි. නමුත් මම කලින් ම කියන්නේ නැතුව ඔයාගෙන් අහන්නම් අනුර ඔයා මාක්ස් විසින් හෙගල් ගැන ලියපු විවේචන පොත්වත් කියවල දැනුවත් නම්, සමස්තය තියෙන්නේ රට ඇතුළෙ ද? ගෝලය ඇතුලෙ ද? නැත්තම් දෙකේ ම ද? නැත්නම් සමස්තය සහ අවයවය කියන ප්‍රතිපක්ෂය ගැන කතා කිරීම ලංකාවෙ දේශපාලනයට අදාල නැති අමුතු සහ අදිසි දෙයක්ද? මම මේව අහන්නේ ඔළුවෙ තියරි ඕවර්ෆ්ලෝ වෙන හින්ද මොනව හරි අහන්න ඕනවට ද? කියල ලියල එවන්නකො ..... අපිට පුළුවනි සංවාද කරන්න! කොක්කක් නෙවෙයි, සමාන්තර සංවාදයකට කරන ඇරයුමක් මේක ....

මං විශ්වාස කරනව, ඔයා මේ වගේ සීරියස් වාද-විෂයකදී(issue) පොකට් බිලියඩ් ගහන්නේ නැතිව, නෝන පොල්ල දාන්නේ නැතිව, ටි්‍රක්ස් නැතුව, චීටිං නැතුව කෙලින් ම සංවාදයට එන අවංක නායකයෙක් කියල. මගේ විශ්වාසය කඩන්න එපා. මොකද නායකයෙක් වුනහම ගලක් වගේ දැඩි වෙන්න ඕනි තමයි. හැබැයි වතුර වගේ පැහැදිලි වෙන්න ඕනි. අහස වගේ විවෘත වෙන්න ඕනි. 

බලමු ... 

 

චෙස් 2

දැන් ආයෙමත් හිතන්නකො අර චෙස් බෝඩ් එකේ එක ඉත්තෙක් විතරක් අදින “සීමාසහති බව”(ජාතික සීමාව)  තුළ විතරක් හිතන කෙනාට මොකද වෙන්නෙ කියල? 

පරදිනව!!!

කාටද???? 

අර සමස්තය චෙස් බෝඩ් එක(ගෝලීය සිස්ටම් එක) දන්න කෙනාට. 

අන්න එතකොට අනික් එකාටත් හදාරන්න වෙනවා. හදාරන්නේ නැතිව මුරන්ඩුකමට තම සංවිධානයේ හයිය ඇතුළෙ විතරක් විශ්වාස තබාගෙන හිටියොත් මොකද වෙන්නේ? දිගට ම පරදින්න වෙනව. අඩුම තරමින් විපක්ෂ නායකකමවත් ගන්න බැරි වෙනව. 

මොකක්ද හේතුව?

එයා දන්නේ නැහැ. 

ඒ නිසා අවිඥානිකයි. 

මෙහෙම යතාවක් තියෙනව කියල විශ්වාස කරන්නෙත් නැහැ. 

ඒ හින්ද අවිඥානිකයි.

මොකක්ද අවිඥානික?

සැබෑ යථා සමස්තය මොකක්ද කියන එක අවිඥානිකයි.

අවයවයක් සමස්තයක් විදිහට විශ්වාස කරන්නාට පේන්නේ නැති දෙයක් තියෙනව. ඒ තමයි ඒ අවයවය වෙතට “ඇත්ත සමස්තයෙන්” එන බලපෑම පේන්නේ නැහැ. අහුවෙන්නේ නැහැ. එතකොට නායකයෙක් විදිහට ගන්න තීන්දු තීරණවලට අර නොදන්නකම බලපානව. තීරණ භාග තීරණ වෙනව. 

ඉතිං පරදිනව තමයි. 

අනුර කුමාර තේරුම් ගන්න ඕනි දෙයක් තමයි, කාර්මික විප්ලවයේ නූතන නිෂ්පාද උපකරණ අහෝසි වී නූතන ධනවාදය කාර්මිකකරණයේ සිට අධි-තාක්ෂණය (high-technology) වෙත මාරුවී  නව-නූතන ගෝලීය නිෂ්පාදන උපකරණ (Neo-Modern Global means of production) බිහිවී ඇති බව ජවිපෙ විසින් හදාරා පිළිගෙන, ඊට අදාළ නව-නූතන ධනවාදයට මුහුණ දෙන න්‍යාය පත්‍රයක් හදාගන්නා තුරු ම ජවිපෙ පරදින බව. 

දිගින් දිගට ම පරදින බව.

එතකොට එක්කෝ එයාලට හදාරන්න සිද්ධ වෙනව. නනැත්තං තමන්ට වරදින එක වහගන්න බොරු ජාතික අර්ථකථන පටබැඳල කියන්න සිද්ධ වෙනව. ඒකෙන් අසන්නා විතරක් නෙවෙයි, තමනුත් ඒකෙ ම ගොදුරක් බවට පත්වෙනව. මොකද තමනුත් තමන් කියන පබැඳුමෙහි අසන්නෙකු බවට පත්වෙන හින්ද.

ඉතිං මේවයින් පරදින එක රිපීට්වීම නවතින්නේ නැහැ. 

මෙදාපාර එන ජනාධිපතිවරණ චන්දයෙනුත් සීයට 03 තුනකට වැඩිය චුට්ටක් අරන්, සියට 10ටත් අඩුවෙලා පරදින්න සිද්ධ වුණොත්, විපක්ෂ නායකකමවත් නොලැබී පෙරටුගාමීන් බලවත් වෙන්නට නියමිත බව අනුර කුමාර දන්නවාද? මම නම් හිතන්නේ මේ ගෙවෙන මොහොතේ පෙරටුගාමීන්ගේ කල්බැලීම පිටුපස ඔයාගේ පරාජයත් ඉලක්කයක් කියලයි. 

ඔයා මේ රටේ මිනිස්සු ඔයාට චන්දෙ දෙයි කියල විශ්වාස කරනවද අනුර?

බොරුවට මාධ්‍ය සංවාදවල “බුද්ධිමත් ජනතාව” කියල බයිල කියන්න එපා. 

පාර වැරදුන ජනතාවකට බයවෙලා දේශපාලනය කරන්න බෑ අනුර.

කවුද මේ ලකේ ජනතාව? 

කතන්දර ලෝක නහුතයක් ඇත්ත කියල විශ්වාස කරන මායාමතික බහුතර ජනතාවක් ඔයා මේ උඩදාන්නේ. 

ගෝලීය දේශපාලනාර්ථික යථාව ජයගන්නට ජාතික මට්ටමේ මායා කතන්දර විශ්වාස කරන ලක් කොදෙව් වැසියන්ට පුළුවන් කියලද ඔයා හිතන්නේ?

බලන්න, රටේ බහුතර මිනිස්සු ඉන්නේ පන්සිය පනස් ජාතක කතන්තර ඇතුළු අනෙකුත් කටපාඩමින් කියවන ආගමික කතන්තදර ද, කුකකුළ කොටන සේ පොත පතින් එහෙන් මෙහෙන් අහුලාගන්නා කතන්දර ද, රාම රාවණා ගැන හිතූ මනාපේ ගොඩනගන කතන්දර ද, එපිසෝඩ් දාහ දෙදාහ ඉක්මවා යන ටෙලි කතන්දර ද, ලෙනින්ගේ වෙළුම් දොලහ අනුව කටපාඩමින් ගොතාගත් සැබෑ සමාජවාදය නොවන සමාජවාදී කතන්දර ද,  යුරෝපේ හෝ වෙනයම් ඕනෑ ම රටක විද්වතෙකුගේ න්‍යායන් කටපාඩමෙන් හදාගන්නා කතන්දර ද, පරිවර්තන සාහිත්‍යය කියවීමෙන් පසුව ඒ රටවල දේ මේ රටට ඈඳා පුද්ගලික පරිකල්පනයෙන් හිතේ ඇඳගන්නා මනෝ කතන්දර ද, දේශපාලන වේදිකා, මාධ්‍ය හමු සහ යූටියුබ් වීඩියෝවල කරන කියන කිව්ව නාහන කතන්දර ද, පාර්ලිමේන්තුවේ, අමාත්‍යාංශයේ, දෙපාර්තමේන්තුවේ, සංස්ථාවේ සහ රැකියා ස්ථාන සහ ආගමික ස්ථානවල කතන්දර ද, බස් එකේ, කෝච්චියේ, මහපාරේ හෝ වෙනත් ඕනෑ ම කාණුවක් බොක්කුවක් ගාණේ කිය කියා යන අවලං කතන්දර ද, හිතූ මනාපෙට එවලෙට ගොත ගොතා ෆේස්බුක් එකේ ඔඩුදුවවන වැල්වටාරම් කතන්දර ද යනාදී මෙකී නොකී විෂය-විරෝධී සහ ප්‍රායෝගික විරෝධී කතාවලින් ගොඩනගා දෙන සිතිවිලි මළ-නහුතයකින් හිත් පුරවගත්තු ආතුර මිනිසුන් බහුතරයක් ඉන්න රටකුයි මේක.

මේ සිතිවිලිවලින් ගෝලීය ප්‍රාග්ෂධන තර්කය කියවන්න බැහැ. 

අනුර ඔයා මේක පිළිගන්නේ නැත්තං ලියල එවන්න. මං කැමතියි උත්තර දෙන්න. 

පැහැදිලිව හිතන්නේ නැති රටකට පරාජය උරුම වීම සාමාන්‍ය දෙයක්!

කවුද මේ ලකේ ජනතාව?

චන්දෙ දාන්න ඔන්න මෙන්න තියලත් කටින් හරිම ප්‍රගතිශීලී යි. ඒත් චන්දෙ දාන මොහොතෙ ම මෙයාලට දිස්ටියක් වැහනව. ඒ තමයි කැපුවත් කොල, කැපුවත් නිල් සහ කැපුවත් රතු කියන එක. ඉතිං හැමදාම චන්දෙකින් පස්සේ චන්ද ප්‍රතිඵල බැලුවහම එකම සිතියම. ජනතාවගෙ වැරදක් හින්ද නෙවෙයි. එයාලට දිස්ටියක් වැහෙනවනේ. එයාල හරි ප්‍රගතිශීලීයි. හරිම බුද්ධිමත්. ඒත් සුළු මොහොතක චන්දෙ කතිරෙ ගහනකොට හරියට අර සුරතාන්තයෙන් රජස් චලනය වෙලා පිටවී යන මොහොත වගේ එයාලව හරි ම අවිඥානික වෙලා යනව. ඒ කතිරය ගහන්නට ගෙවෙන සුළු සුරතාන්ත නිමේෂය යනු පූර්ණ මුල්‍ය-කෑදරවාදී සහ ලිංගකි කේන්ද්‍රවාදී නිමේෂයක්. ඉතිං ආයෙමත් තිබුණ චන්ද ප්‍රතිඵල සිතයම ම යි එන්නේ. මං මේකට කියන්නේ සල්ලි කොලේ සහ ලිංගේන්ද්‍රියේ දුෂ්ට චක්‍රය කියල යි.  

 

චෙස් 4

 

ගෝලීය කොම්පියුටර් සිස්ටම් එකක් කියන්නෙත් සමස්තයක්. ඒක ක්‍රියාත්මක වෙන්නේ ගෝලීයව. ඒත් සිස්ටම් එකේ ගෝලීය සමස්තය විදිහට පොදුජනතාවට නිරාවරණය කර දෙන තොරතුරු ප්‍රමාණයට අමතරව, යම් කිසි ගෝලීය ඇල්ගෝ-රිදම් ප්‍රමාණයක තොරතුරු ගුරු මුෂ්ටිය වගේ සඟවල යි තියෙන්නේ. යම් කිසි අයිටී වැඩ්ඩෙකු සාමාන්‍ය ජනයාට හසුකරගත හැකි ප්‍රමාණයට වඩා ඔබ්බට ගිහින් හැකර් කෙනෙක් හෝ ක්‍රිමිනල් කෙනෙක් වුණොත්, එයාට සුළු කාලයකට වීරයෙක් වෙලා ඉන්න පුළුවනි. ඒත් එයාටත් හසුකරගන්න බැරි ඇල්ගෝ-රිදමික කලාපයන් තියෙනව. ඒ කියන්නේ සමස්තය තුළ සියළු තාක්ෂණික ඇල්ගෝ-රිදමික තොරතුරු ලබාගැනීමේ නිදහසක් ඇමෙරි-යුරෝ ගෝලීය පුරවැසියන්ට පවා නෑ කියන එකයි.

ඇල්ගෝ-රිදම් නැමති සිනමාපටයේ ප්‍රධාන කථානායකයා වන තරුණ හැකර්ට අත්වෙන්නේත් මෙන්න මේ ඉරණම යි. සමස්තය කියා සමස්තය නොවන කොටස් කිහිපයක් විතරක් දැන හිඳීමේ ඉරණම යි. 

දැන් හිතන්න ඇමෙරි-යුරෝ රටක ගම්වැසියෙකුට වඩා නගරවැසියෙකුට මෙම ගෝලීය තාක්ෂණික සිස්ටම් එකේ සමස්තයෙන් වැඩි කොටසක තොරතුරු සහ දත්ත අත්පත් කරගත හැකියි. ඒ වගේ ම ඉන්දියාව හැරුණුකොට, ලක වගේ දුප්පත් දකුණු ආසියානු රටක නාගරිකයෙකුට ගෝලීය තාක්ෂණික සිස්ටම් එකේ ඇමෙරි-යුරෝ නගරවැසියෙකුට වඩා අඩු ප්‍රමාණයක් තමයි තොරතුරු සහ දත්ත අත්පත් කරගන්න පුළුවන්. එතකොට අපේ ගැමියෙකුට අර යුරෝපයේ ගැමියෙක් තරම්වත් සමස්තයේ තියෙන දත්ත සහ තොරතුරු අත්පත්කරගන්න තියෙන හැකියාව අඩුයි. 

ඒක තමයි ගැමි පදනමකින් ආපු රාජපක්ෂලාගේ ඇදවැටීමට හේතුව. එතකොට රාජපක්ෂලා කලින් දිගට ම දිනපු හේතුව ලංකාවෙ ගැමි-පදනම හින්ද කියල උපකල්නය කරල, දැන් හේතුවත් ඒකමයි කියල කල්පිතව හිතාගෙන, දේශපාලනය රාජපක්ෂ බිහිකරපු ගැමි සංස්කෘතිය පැත්තෙන් පටන්න ඕනයි කියල ඔයා ඔයාගේ ඔය ශ්‍රී මුඛයෙන් ඊයෙ පෙරේදා කියනකොට ඔයා කොහෙද අනුර කුමාර ඉන්නේ?

ඔයාගේ දේශපාලන අනෙකා රාජපක්ෂලාගේ සංස්කෘතියද?

ඔයාගේ දේශපාලන අනෙකා ගෝලීය ප්‍රාග්ධන තර්කයද?      

 

 ඇල්ගෝ-රිදම් සිනමා පටයෙන්

 

ඇල්ගෝ රිදම් චිත්‍රපටයේ කථානායකයා දිහා බැලුවොත් අහුවෙන්නේ අනුර කුමාරටත් වඩා අති-නාගරික ඇමෙරි-යුරෝ තරුනයෙකුත් සිස්ටම් එකේ අවිඥානික ඉම් පෙදෙසෙක් නිසා පරාජයට පත්වෙන අකාරය යි. ඒ හින්ද සිස්ටම් එකෙන් කොටසක් ඇතුළෙ විතරක් ගේමක් ගහන්න පුළුවන් වුනහම ඒකෙන් තමන්ගේ මමත්වය ඇවිස්සිලා තමන් දෙවියන් වගේ හිතාගෙන දිගටම ගේම් ගහගෙන ගියොත්, සමස්තය මෙහෙය වන සැඟවුණු ඔත්තුකාර ඇල්ගෝ-රිදම් මැදිහත්වෙලා ඔයාව නිරීක්ෂණය කරන්න පටන් ගන්නවා. ඊට පස්සේ ඔයාගේ මුළු තාක්ෂණික ජීවිතය සේ ම සාමාන්‍ය ජීවිතය ම ඇනලයිස් කරගන්නවා. ඊට පස්සේ ඔයාට ටොපිය දෙනවා. අත්අඩංගු-වට ගන්නවා. ඔයා දැනට හසුකරගත හැකි සමස්තය ම දන්න ගොඩක් හොඳ වැඩ්ඩෙක් හෙවත් ප්ලේයර් කෙනෙක් වුණත්, ඒ සමස්තය තුළ ඔයා නොදන්න සැඟවි අවයවයන් ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ ඔයා සමස්තය දන්වා කියල හිතං හිටපු එක මායාවක් හෙවත් පසු-ව්‍යුහයක්. ඔයා සමස්තය කියල දැනං ඉඳල තියෙන්නේ ඒකේ කොටසක් විතරයි. ඒ කියන්නේ ඔයා මුළු ගොලීය කොම්යුටර් සිස්ටම් එකේ සමස්තය කියා දැනං ඉඳල තියෙන්නේ එකේ කොටස් කිහිපයක් විතරයි. ඔයා හැක් කරපු කොටස් ඇරුණහම තවත් කොටස් තිබිල. ඉතිං ඔයාව අහුවෙනවා ම තමයි. අහු නොවෙන්න නම් සමස්තයේ තමන් නොදන්න(තමන්ට අවිඥානික) කොටස් ගැන දැනගෙන ම ඉන්න වෙනව. 

 

ඒ කියන්නේ සමස්තයේ අපි දන්නා ව්‍යූහය පහුකර ගිහින් තියෙන පසු-ව්‍යූහය හොයාගන්න ම වෙනව. නැත්තං ටොපිය හම්බ වෙනව ම තමයි. 

ඔයා පරදිනව ම තමයි! ඒ විතරක් නෙවෙයි අත්අඩංගුවටත් ගන්නව ම තමයි! 

ඔයා මාර වැඩකාරයෙක් නම්, සිස්ටම් එකනේ ඔයාට දෙන්න පුළුවන් සියුම්තම දඬුවම තමයි ඔයාවත් සිස්ටම් එකේ(සමස්තයේ)  ම කොටසක් බවට පත් කරගැනීම. ඔයාවත් සමස්තයේ ම අවයවයක් බවට පත් කරගගැනීම.

 

චෙස් 3  

ඒ හින්ද හැකර්ල වර්ග දෙකක් ඉන්නවා.

එකක් සමස්තය කියල එහි කොටස් කිහිපයක් විතරක් දැනගෙන ඉන්න අය. ඒයාල සමස්තයේ රහස් තොරතුරු උස්සන්න ආසන්න වෙච්ච ගමන් දැලට අහුවෙන්න නියමිතයි. 

අනික් කට්ටිය තමයි සමස්තයේ අන් පොදු ජනයා නොදන්න කොටසුත් දැනගෙන ගේමට බහින උදවිය. ඒ අය ගැන තොරතුරු නිරාවරණය වෙලා නැති හින්දා(එයාල අහුවෙලා නැති හින්දා) කවුරුත් එයාල ඉන්නව ද නැතිද කියලවත් දන්නේත් නැහැ.   

ඇල්ගෝ-රිදම් චිත්‍රපටය අවසන් වෙන්නේ සංවර්ධිත ඇමෙරි-යුරෝ රටවල  පුරවැසියන්ට සිස්ටම් එකේ සමස්තය තුළ සැබෑ තොරතුරු සියල් දැනගැනීමේ නිදහස හොවත් “තොරතුරු දැනගැනීමේ නිදහස” නැති බවත්, කවුරුන් හෝ ඊට එරෙහිව හැකර්මය හුදෙකලා කැරලිගහනව නම්, එක්කෝ එයාට ජීවිතය නැතිවෙන බවත්. නැතිනම් එයාට තියෙන සිස්ටම් එකට සේවය කරන්නෙක් හෙවත් තමන්ගේ කලින් ව්‍යෘපෘතිය ම පවාදෙන්නෙක බවට පත් වෙන්න සිද්ධ වෙන බවත් ය. 

ඉතිං අනුර කුමාර වැනි විකල්ප නායකයින් කතා කරන්නේ, කරුණාරත්න පරණවිතානලා පවා මැදිහත්වෙලා අරන් ජාතික ව්‍යවස්ථාවේ තොරතුර දැනගැනීමේ අයිතිය පිළිබඳ පනත සීමාව ගැන විතරක් නම් ප්‍රශ්නය බරපතලයි. 

 

චෙස් 2.1

 

2016 වසරේ ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 2016යේ 12වන පනත ලෙස අලුතින් ඇතුළත් කළ තොරතුරු දැනගැනීමේ පනත ප්‍රකාරව ජනයාට විවෘත ආන්ඩුවක් ද, සහ ජනතාව ආණුඩුවේ සක්‍රීය සහභාගීකරුවන් කරගැනීම ද, ජනතාවට ආනුඩුව තොරතුරුවලින් උත්තර බැඳිය යුතු බවද සහතික කරයි. 

මේ සියළු වැකි පොරොන්දු ලෙස සහතික කරන මුත් ඒවා බලාත්මක කිරීමට විශාල බාදා පවතී. එකක් නම් ජාතික මට්ටමේ ම පවතින ආයතන පද්ධතියේ හරයම තොරතුරු වසන් කිරීම මත පදනම් වීම යි. ඒත් ප්‍රධාන බාධාව වන්නේ, රටේ ජාතික පද්ධතිය වන “ජාතික සමස්තයේ” තොරතුරු යනු සිස්සටම් එකේ සමස්තයෙන් ඉතා ඇබිති කොටසක් වීම යි. මොකද හැබෑ සිස්ටම් එක කියන සමස්තය ජාතික නොවේ. හැබෑ සිස්ටම් එක කියන සමස්තය ගෝලීය වේ. 21වන ශතවර්ශය පසුවෙත්දී ම ජාතික සිස්ටම් එක යනු ගෝලීය සිස්ටම් එකේ අවයවයකි. ඒ නිසා ජාතික ව්‍යවස්ථාව ගෝලීය ව්‍යවස්ථාවේ සෘජු සහ වක්‍ර බලපෑමට ලක්වූ අවයවයකි. 

 

“කැච් මී ඉෆ් යූ කැන්”

ඔත්තු සේවයක් ගඟේ යවමින් මූළ්‍ය චෙක්පත් වංචාවක නියැලී ධනපතියෙක් බවට පත්වන තරුණයෙක් ගැන කියැවුණ “කැච් මී ඉෆ් යූ කැන්” යනු නුතන(නව-නූතන නොවේ) ඇමරිකා එක්සත් ජනපදයේ හුදෙකලාව සිස්ටම් එකට එරෙහිව යෑමක් පිළිබඳ සිනමාපටයෙකි. නව-නූතන පරිගණක තාක්ෂය දියුණු වී නැති ඒ යුගයේ  පවා ඒ තරුණයා එෆ්.බී.අයි නිළධාරියෙකු විසින් නීතියට හසුකරගන්නා අතර, ඔහුගේ දක්ෂතා විමසා බලා පසුව ඒෆ්.බී.අයි එකේ ම ජොබ් එකක් ඔහුට ලබාදීමට කටුයතු කරනවා. ඒ කියන්නේ සිස්ටම් එකට එරෙහිව හුදෙකලා කැරලි ගසන්නා සිස්ටම් එක තුළට ම උරාගත් බවයි. 

“ඇල්ගෝ-රිදම්” නැමති චිත්‍රපටයේ එන්නේ නූතන අවදිය ඉක්මවා ගොස් නව-නූතන තාක්ෂණය අනුසාරී නව-නූතන ඇල්ගෝ-රිදමික සමාජයේ ජීවත්වන හුදකෙලා කැරලිකරුවා හෙවත් හැකර්ව සහ ඔහුගේ මිතුරන් නීතියේ රැහැනට හසුකර ගැනීමෙනි. එහිදී ඔහුගේ සහෝදර මිතුරු සගයෙක් මිය යන අතර ඔහුට ජීවිත බේරගන්නට දෙන ඔප්ෂන් එක වන්නේ සිස්සටම් එකට ඇතුළු වී වැඩ ඉකරන්නට කියා ඒෆ්බීඅයි නියෝජිතයින් කරන අනියත බලපෑමෙනි. ඒ කියන්නේ සිස්ටම් එකට එරෙහිව කැරලි ගසන්නා, එක්කෝ මිය යන බවය. නැති නම් සිස්ටම් එකට ම උරාගන්නා බව ය.     

දකුණු ආසියානු කලාපයේ ප්‍රභලත ම ඔත්තු සේවය අභිබවා යන්න ට බැරි ඕනෑම වාම හෝ ධනේෂ්වර පක්ෂයකට වන්නේ ද මේ ඉරණම ම ය. එනම් පක්ෂය මිය යන්නට හෝ සිස්ටම් එකට සෙට් වෙන්නට ය. 

ඔයා කොහෙට සෙට්වෙලාද කියල කියන්න අනුර?

පෙරැට්ටො වන ඔහෙලත් ඊට වෙනස් කියලද කියන්නෙ?

 

@ අරවින්ද හෙට්ටිආරච්චි

නවතම ලිපි