පුංචිම කාලේ කලු රොබින් ට (කොණ්ඩෙ කලු නිසයි එහෙම කිව්වෙ) වහ වැටිලා හිටියෙ.
ඔන්න ඒ අතරෙ ඊළඟ හෙණේ පාත් වුණා. "ටයිටැනික්". පාඩුවෙ ඉන්නෙ නැතුව කරුමෙට දිනුම් ඇදුණු ටිකට් එක අරන් ජැක් මොකට ඒ නැවට ගොඩ වුණාද මන්දා. ඒත් රෝස් එක්ක ලස්සනට ආදරෙන් බැඳෙනකොට මහ ලොකු දෙයක් නොතේරුණත් ඒ මිහිර හදවතට දැනුණා. ටයිටැනික් නැව මුහුදේ සැඟව ගියත් ජැක් - රෝස් දෙන්නා එකට ඉන්නවා දැක්කම යාන්තං හිත හැදුණා. ඒත් කරුමයක මහත. ජැක් අත්ලන්තික් සාගරේ සීතලට ගල් වෙලා. ඒක ඇති වුණා කාලයක් හිත ගල් ගහලා තියන්න.
 
ගල් ගැසුණු හිත හරියාගෙන එනකොට "දේව්දාස්" කියලා තව ගල් ගෙඩියක් ඔලුවට පත බෑවුණා. දේව් - පාරෝ ආදර කතාව හරිම සුන්දරයි. අහිංසකයි. ඒත් දේව්ගෙ දෙමාපියන්ගෙ උද්දච්චකම ඒක සුණු විසුණු කරලා දැම්මා. හුස්ම වැටෙද්දිම දේව් - පාරෝ මළවුන් වුණා. අන්තිමට බීමත්කමින් දේව් ගතිනුත් මිය යද්දි, අන්තිම වතාවටවත් පාරෝට බැරි වුණා ඒ ඇස් දිහා බලන්න. කොයිතරම් දරුණු වේදනාවක් ද?
 
 
දේව්1
 
කලා කෘතීන් ජීවිතේ සියුම් තැන් ඒ විදියට රිදවද්දි බජිරාවෝ මස්තානි කියලා චිත්‍රපටයක් එනවා. එකම මිනිහෙක් මත්තෙ නැහුණු කාන්තාවන් දෙන්නෙක්. ගෙදරට වෙලා ජීවිතේම සැමියා කරගත් කාශිට මහත් ප්‍රේමයෙන් සිටි බජිරාවෝ මස්තානිට වහ වැටෙන්නෙ ම ඇගේ පෞර්ෂයට. ස්වාධීනව මහත් බලයක් ගොඩනගා ගැනීමේ හැකියාව තිබියදීම කිණිස්සක් විවාහ පොරොන්දුවක් ලෙස තම සංස්කෘතියෙහි අර්ථ දැක්වූ මස්තානි කිසිවක් නොසිතාම බජිරාවෝ සොයා එනවා. ඒක මහ ඛේදවාචකයක් වෙන්නේ බජිරාවෝ, කාශි - මස්තානි දෙදෙනාටම ප්‍රේම කරන නිසා. අවසානයේ රැජිණක් විදියට නම ලියවෙන්න තිබුණු මස්තානි ආදරය නිසාම නොයෙකුත් අවලාද අසනවා. ඒක අවසන් වෙන්නෙ ම බජිරාවෝ සහ මස්තානි එක ළඟ නොසිටිය ද හුස්මත් දැනෙන තරමට ප්‍රේමයෙන් බැඳී හුස්මත් එකටම අත හරිමින්.
 
? අපි හදවතින් බැඳිලා සැබෑ හෝ කලා කෘතියක චරිතයකට පෙම් කරද්දි, එක්කො ඌ මැරෙනවා. නැත්තං ඒකා මරාගෙන මැරෙනවා.
? ඉතින් මොන හැඩතලය ගත්තත් ප්‍රේමය මාරාන්තිකයි. එනිසා සැබෑවට ප්‍රේමයෙන් බැඳන්නේ නම් එකවරක් නොවේ, සිය දහස් වාරයක් සිතා බලන්න ඕනෙ. ආදරය ගේම් එකක් කරගත් අයෙකුටනං මේක අදාළ නෑ. අනිත් ඉත්තා කපාගෙන තමන්ගෙ ඉත්තා හරියටම ස්ථානගත කරාවි. එහෙම නැති කෙනෙකුට තමන්ගෙ ජීවිතයම නැති වෙන්න එක ඇස් බැල්මකුත් ඇති.
? ආ... මේක ගැන ලොකුවට හිතන්න එපා. ඔය කතා ටික එක පෙලට මතක් වුණ නිසා මේක ලිව්වෙ. ඒක නිකං වයිනුයි කොත්තුයි වගේ කියලත් හිතෙනවා.
 

නවතම ලිපි