මං මහාවංසය කියවමින් හිටියෙ. මට සිංහල ජාතියෙ සම්භවය ගැන තියෙන පරිච්ඡේදය අවිශ්වාසයි.

මේකෙ ඇත්ත හොයා ගන්න ඕන කියල මට හිතුණ. මං මට තියෙන කුණ්ඩලණී ශක්තිය උපයෝගී කරගෙන අවුරුදු දෙදහස් හයසියයක් ඉතිහාසෙට ඇවිද ගියා.

මං දැන් ලාට රටේ වන මැදින් වැටුණු පාරක ඇවිද යනව. මට සිංහයෙක් කෙඳිරි ගානව ඇහුණ.

මං ඒ හඬ ඇහුණ පැත්තට ඇවිද ගියා. පපුවට වැදුණු හී තලයක් ඉස්සරහ ගාතෙන් අල්ලා ගෙන සිංහයෙක් කෙඳරි ගානව.

සිංහයගෙ පපුව පුරා ලේ ගලනව. මං හිතුව සිංහයට අවශ්‍ය හීය ගලව ගන්න කියල. "මං ඕක ගලවන්න ද " මං සිංහයගෙන් ඇහුව. "එපා මේක ගැලෙව්වොත් මට උත්තරීතර දරු සෙනෙහස විඳින්න බෑ". සිංහයා කිව්ව.

මට සිංහයා ගැන දුකයි ඒත් මොනව කරන්න ද සිංහයා උදව්ව ප්‍රතික්ෂේප කළාට.

ඉන් පස්සෙ අපි අතරවූ සංවාදය..

"මට පේන්න බැරි උඹල" සිංහය කිව්ව.

මං ඇහුව "මනුස්සයො ද" කියල.

"නෑ යකෝ මනුස්සයො නෙවෙයි සිංහලයො" සිංහයා කිව්ව.

"ඒ ඇයි" මං ඇහුව.

"මේ හී පාර තොපේ මුත්තගෙ" සිංහය කිව්ව.

මට මහාවංසෙ කතාන්දරය හරි වගේ කියල දැනුණ.

"මං ඔයා හොයාගෙන ආවෙ"

"මොකට ද?'

"මට අපේ ඉතිහාසෙ ගැටලු නිරාකරණය කරගන්න ඕන

"මොකක්ද උඹේ ගැටලුව ??"

"ඇත්තටම සුප්පා දේවි ඔයාට මුණ ගැහුණෙ කොහොමද ???"

"මං එදා වනන්තරයෙ දඩයම් හොයල දඩයමක් නැතුව හොඳටම මහන්සි වෙලා පාර අද්දරට ආව. මිනිහෙක් හරි හරකෙක් හරි කන්න ඕන කියල. ඇවිත් ඉන්නකොට ගැල් සාත්තුවක් එනව."

"ගැල් සාත්තුවක ඉස්සෙල්ල එන හරකෙකුට හරි මිනිහෙකුට පනින එක මෝඩ වැඩක් විහින් නැහීමක්. අවසාන ගැල තමයි ඉලක්ක කරන්න ඕන. මං ගැල් හාරසිය අනූ නවයක් යන තුරු බලං හිටිය. පන් සිය වෙනි ගැලේ පස්සෙ බැඳපු හරක තමයි මගේ ඉලක්කය වුණේ."

"මං ඒ ගැල පස්සට ඇහැ දෑව. ඒකෙ පස්සෙ ගොනෙක් එක්ක පුෂ්ටිමත් ළඳක් යනව. මං ගොනා අත් ඇරල ළඳට ඉලක්කෙ ගත්ත ."

"පිම්මට පැන්න ගමන් ඒකි ඩැහැ ගත්ත. හොඳ මාංශෙක රහට කට පුරා කෙල උනන්න ගත්ත. මං පිම්මෙ කැලේට පැන්න."

"දඩයමක් ලැබුණ ම එක සැරේ නොමර දඩයමත් එක්ක හුරතල් වෙන එක බිළාල කුලේ සතුන්ගෙ පුරුද්ද. මටත් ඕන වුණේ දඩයම එක්ක හුරතල් වෙලා පස්සෙ බුදින්න. ඒකට නිදහසේ අවස්ථාව හදා ගන්න මං කැලේ ඈතට යනව."

"ඒ අතරෙ මගේ වෘෂණ කෝෂ දෙකට මාර සැපක් දැනෙනව මං දඩයම බිමින් තිව්ව. කවදාවත් සිංහ ධේනුවක් නොදුන් සැපක් දඩයම මට දෙනව. මට බඩගින්න අමතක වෙලා රාග ගින්න දැනෙනව. මං මේ ළඳ එක්ක හැමිනෙනව කවදාවත් නොලබපු සැපක් සතුටක් මට දැනෙනව.මං දඩයම මගේ අඹුව කර ගන්නෙ ඒ නිසා.'

"ඊට පස්සෙ මොකද වෙන්නෙ ??"

"මං මේ ගෑනි කැලේට අරං ගිහින් රැහෙන් වෙන් වෙලා ඒකි එක්ක ජීවත් වෙනව. ළමයි දෙන්නෙකුත් හදනව"

"එදා මේ කාන්තාව ඔබ පැහැර නොගත්ත නම් මොකද වෙන්නෙ"

"එහෙනම් උඹලයි ජාතියේ සීයට තාත්තල පන්සීයක් වෙනව."

"මට තේරුණේ නෑ"

"යකෝ එහෙනං ගැල්කාරයො පන්සීයම රාත්තිරි පෝලිමක් දානව.ඒකිට ඒ තරමට ඇම්ම."

"ඔබ ඔහොම අපිට අපහාස වන විදියට කතා කළාට අපේ ජාතිය ඔබට තාම ගෞරව කරනව."

"කොහොම ද??"

"අපි තාම හැම තැනම "සිංහ ලේ" කියල ලියනව."

"උඹල හොයන්නෙ ම ලේ. මගේ ලේ හෙලෙව්වෙ උඹලගෙ සීය. ඒ ලේ තාම ගලනව. අපි ලේ හෙලෙව්වෙ බඩගින්නට. තොපි ලේ හොලවන්නෙ බලයට. උමතුවට."

"ඔබ ඔහොම කිව්වට අපි ඔබට ගෞරව කරනව. ඔබේ රුව තමයි අපේ කොඩියට දාල තියෙන්නෙත්"

"ඒක තමයි මට කරපු ලොකම අපහාසෙ.මට හැමදාම තාම පපුවට හී වදින්නෙ ඒක නිසා.යකෝ "

"ඒකෙ ඉන්නෙ මම ද?? මං කවදාවත් ආයුධ අතට ගත්තෙ නෑ බාහු බලය දන්ත බලය ගැන විතරයි විශ්වාස කළේ. මං දන්නව කවදාවත් අඩියක්වත් කකුල් තුනෙන් යන්න බෑ. අනික බලපං මගේ ලිංගෙයි වෘෂණ කෝෂ දෙකයි තාම තියෙනව.උඹලගෙ එකාගෙ ඒ දෙකම නෑ. අනික ඕන එහෙකුට ඇරල යන්න මං වලිගෙ උස්සන් ඉන්නෙත් නෑ "

සුප්පා දේවි ද, සිංහබාහු ද. සිංහ සීවලී ද හමු වී ය.

ඒ විස්තර පසුව ලියමි.

නවතම ලිපි